Saviru සවිරූ

Saviru සවිරූ ඕනෑම කෙනෙක්ට media solution එකක් ඕනෙ නම් ඒ අවශ්? 1. Facebook marketing by managing FB accounts and FB pages of any Company or any person on any subject.

2.
(10)

Enhancing and building digital and social media image of your company , product or important person.

3. Building developing and managing Web Sites. Updating and managing existing websites.

4. Planning and managing online marketing campaigns on any product or any person.

5. Managing Youtube channels by content building , video creation.

6.Cross social media platforms marketing (Whatsapp , Tick

tock etc.)

7. Top qulity video production and videography.

8. Professional photography and product photography.

9. Computer Animation

10. Marketing campaigns by bulk sms on any network

11. Creative custom made media solutions for any requirement.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
13/04/2024

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

❤️🙏
01/01/2024

❤️🙏

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️ ූ
14/04/2023

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️

“අන් අයට නින්දා අපහාස නොකිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැනගෙන වැළඳීමත්...
16/02/2022

“අන් අයට නින්දා අපහාස නොකිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැනගෙන වැළඳීමත්, දුර ඈත සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන මේ කරුණු තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ!”

අලුත් බලාපොරොත්තු අලුත් සිහින ඉටුවන සුබ නව වසරක් වේවා. Saviru සවිරූ
01/01/2022

අලුත් බලාපොරොත්තු අලුත් සිහින ඉටුවන සුබ නව වසරක් වේවා.

Saviru සවිරූ

මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස පිළියෙළ වීම, බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම, පසු ...
18/11/2021

මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස පිළියෙළ වීම, බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම, පසු වස්‌ විසූ භික්‍ෂූන් වහන්සේලා පවාරනය කිරීම, අනුබුදු සැරියුත් මාහිමි පිරි නිවීම යනාදී, ශාසනික කරුණු රැසක්‌ම සිදු වුණ දිනයක්‌ ලෙස ඉල්පුර පසළොස්‌වක්‌ පොහෝ දිනය සලකනු ලැබේ.

වප් පොහෝදා සංකස්‌ස පුරයේ වූ දේවාවරෝහණයෙන් පසු අප බුදු රජාණන් වහන්සේ හා සැරියුත් මහා රහතන් වහන්සේ අතර කෙරුණු ධර්ම සාකච්ඡාවට සවන් දීමෙන් පසු මහත් ප්‍රීතියෙන් ඔද වැඩී ගිය එනුවර වැසි සිරිවර්ධන කෙළෙඕයාණන්ට පුත්ව ඉපිද සිටි මෛත්‍රීය බෝසතුන් උතුම් පැවිද්ද ලබා ගත් සේක. එවැනි දිනක පැවිදි භූමියට පත් මෙත් බෝසතාණෝ සීලාදී ගුණ ධර්මවල යෙදෙමින් කුසල් දහම් සිදුකර ගන්නේ චීවර මාසයෙහි අවසානයෙහි වස්‌සග්ගයෙන් ලද වස්‌ත්‍ර දෙකක්‌ හිමි විය.

තමන් වහන්සේ වෙත ලැබුණු චීවර දානයේ මහාර්ඝත්වය තේරුම් ගත් බෝධි සත්වයෝ එක්‌ වස්‌ත්‍රයක්‌ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ස්‌ථානයෙහි උඩුවියනක්‌ කොට බැඳ අනෙක්‌ වස්‌ත්‍රය කඩ කොට ඉරා වියන් කෙළවර එල්ලා බැඳ බුදු රදුන්ට පූජා කොට රැස්‌ වූ මහා සංඝයා ඉදිරියේ එකත් පස්‌ව වැඩ හුන්හ. මෙත් බෝසතාණන් වහන්සේගේ මේ මහා පූජාව බුදු ඇසින් දැක ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධි සත්වයන් අමතා ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී බුදුන් නමින් බුදු වන්නේ යයි නියත විවරණ දී වදාළ සේක. එය අද වන් පොහෝ දිනක සිදු විය.

ඇසළ පොහෝ දින ඉසිපතන මිගදායේ දී දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා එහිම වස්‌ වසා තථාගතයන් වහන්සේ වස්‌ පවාරණය කොට තවත් මාසයක්‌ එහිම වැඩ සිටිමින් දිනක්‌ පස්‌වග මහණුන් ප්‍රමුඛ යස සුභාහු පුණ්‌නජි ගවම්පති ආදි කොට සෑම දෙනා අමතා "චරත භික්‌කවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය" යනාදී වශයෙන් මහණෙනි බොහෝ ජනයාට හිත සුව පිණිස ලෝකානුකම්පාවෙන් චාරිකාවෙහි හැසිරෙන්න. එක්‌ මගකින් දෙදෙනෙක්‌ නොයා එක්‌ මගකින් එක්‌ කෙනෙක්‌ වැඩම කොට "ආදි කල්‍යානේ මෙච්ඡ කල්‍යානේ පිරිසොසාන කල්‍යානේ" ආදි වශයෙන් දක්‌වා ඇති මුල යහපත් වූද මැද යහපත් වූද, අග යහපත් වූද, ධර්මය ලෝකයාට ප්‍රකාශ කරව් යයි අභීත ප්‍රකාශනයක්‌ කර සැට දිසාවකට ඔවුන් යවා තමන් වහන්සේ ධර්ම දේශනා පිණිස උරුවෙල් ජනපදයට වැඩම කළ සේක.

මේ ආරම්භ කරන ලද ධර්මදූත ව්‍යාපාරය ඉතිහාසගත සිද්ධියකි. මේ වැදගත් ක්‍රියාදාමයෙහි පරමාර්ථ අවබෝධ කරගත් ඒ අනුව යමින් ක්‍රියා කළ අශෝක අධිරාජයා ධර්මදූත වහන්සේලා එතෙර මෙතෙර පිටත් කර හැරීම නිසා දේශ දේශාන්තරවල ඉතා ශීඝ්‍රයෙන් බුදු දහම පැතිරී ගියේ මෙසේ ලොව පළමු වරට දියත් කළ ධර්මදූත ව්‍යාපාරය ද අද වැනි දිනක ආරම්භ වූවකි.

මේ අවස්‌ථාව වන විට උරුවෙල් කාශ්‍යප, නදී නාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරෝ තිදෙනා කණ්‌ඩායම් වශයෙන් ගෙන තපස්‌ ක්‍රම කියා දෙමින් සිටියහ. බුදුරදහු එහි වැඩ නොයෙක්‌ විදියේ ප්‍රාතිහාර්ය දක්‌වා ඔවුන් දමනය කොට බුද්ධ ශ්‍රාවකයන් බවට පත් කළ සේක. ඔවුන් දමනය කොට වදාළේ ද ඉල් පුර පසළොස්‌වක්‌ පොහෝදාය.

බුද්ධ නියමය පරිදි පෙර වස්‌ විසීමට නොහැකි භික්‍ෂූන්ට පසු වස්‌ විසුමට නොහැකි භික්‍ෂූන්ට පසු වස්‌ සමාදන්ව අවසානයෙහි පවාරණ කිරීම අද වැනි ඉල් පොහෝ දිනට යෙදේ.

බුදුන් දවස සම්බුද්ධ ශාසනයෙහි වගකිව යුතු උත්තමයකු වූ සැරියුත් මහ රහතන් වහන්සේ ඉතා ගුණවත් උතුමෙකි. මුන් වහන්සේට චුන්ද, උපසේන, රේවත යයි සහෝදරයන් තුන් දෙනෙක්‌ හා චාලා, උප චාලා, සිසුපචාලා යන සහෝදරියන් තිදෙනෙක්‌ ද සිටියහ. ඔවුහු භික්‍ෂු ශාසනයෙහි භික්‍ෂුණී ශාසනයෙහි පැවිදිව තම ජීවිත වාසනාවන්ත කරගත් අතර සම්බුදු සසුනෙහි උන්නතියට මහඟු සේවයක්‌ කළා. එහෙත් සැරියුත් මාතාව "සාරි බැමිණිය" මිසදිටු තැනැත්තියකි. ඇයද බෞද්ධ උපාසිකාවක්‌ බවට පත් කළාය. සැරියුත් මහ රහතන් වහන්සේ සිය ගෙදරදීම පිරිනිවන් පා වදාළසේක.

වැඩේ සිද්ධ උනේ මෙහෙමයි 😁🤠📷 copied
07/11/2021

වැඩේ සිද්ධ උනේ මෙහෙමයි 😁🤠

📷 copied

04/11/2021

පින්බර පොසොන් පොහොය මංගල්‍යක් වේවා 🙏www.saviru.lk
24/06/2021

පින්බර පොසොන් පොහොය මංගල්‍යක් වේවා 🙏

www.saviru.lk

ඔබේ post වලට අහල පහලින් යන කවුරුන් වත් like එකක් comment එකක් දාන්නෙ නැද්ද ? කොච්චර comment reactions ආවත් ඔබට අවශ්‍ය co...
01/06/2021

ඔබේ post වලට අහල පහලින් යන කවුරුන් වත් like එකක් comment එකක් දාන්නෙ නැද්ද ?

කොච්චර comment reactions ආවත් ඔබට අවශ්‍ය comment reaction එන්නෙ නැද්ද ?

සැබෑ ජනතා ප්‍රතිචාර මැන ගැනීමට ඔබගේ පණිවිඩය සමාජ ගත කිරීම සඳහා ක්‍රමවේදයක් නැද්ද ?

ඔබ බලාපොරොත්තුවන ප්‍රතිචාර ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලබාගන්න

මේ පැත්තට එන්න. 👇

www.saviru.lk
Saviru සවිරූ

// 2021 වසර සඳහා ව්ශ්ව විද්‍යාල අයදුම්පත online ක්‍රම දෙකක් සහ ලියාපදින්චි තැපෑලෙන් ජුනි 11 රාත්‍රී 11.59 ට පෙර විශ්ව වි...
01/06/2021

// 2021 වසර සඳහා ව්ශ්ව විද්‍යාල අයදුම්පත online ක්‍රම දෙකක් සහ ලියාපදින්චි තැපෑලෙන් ජුනි 11 රාත්‍රී 11.59 ට පෙර විශ්ව විද්‍යාල ප්‍රථිපාදන කොමිසමට ලැබීමට සලස්වා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි විය යුතුයි. //

Covid 19 හේතුවෙන් හෝ පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබා ඇති ඔබට අයදුම්පත නිකුත් කිරීමේ කිසියම් හෝ ගැටලුවක්ද ?

www.saviru.lk #අපි_උදවු_කරන්නම්_ඔබට.

Saviru සවිරූ 👈 පිටුවට ඔබේ දුරකතන අංකය සමගින් පණිවිඩයක් තබන්න.

අපි සම්බන්ධ කරගන්නම් ඔබව.

සැ.යු. - මෙම පණිවිඩය වැදගත්වන අයෙකුට දකින්න ශෙයාර් කරන්න. 🙏

නිරෝගිමත් පිංබර වෙසක් මංගල්‍යක් වේවා 🙏www.saviru.lk
26/05/2021

නිරෝගිමත් පිංබර වෙසක් මංගල්‍යක් වේවා 🙏
www.saviru.lk

ප්‍රීතිමත් ඊද්-දුල්-ෆිතර් උත්සවයක් වේවා. අනෙකාගේ දුක වේදනාව හඳුනාගනිමින් එයට පිහිටක් වෙමින් ආරක්ෂාකාරීව සෞඛ්‍ය ආරක්ෂිතව ...
13/05/2021

ප්‍රීතිමත් ඊද්-දුල්-ෆිතර් උත්සවයක් වේවා.

අනෙකාගේ දුක වේදනාව හඳුනාගනිමින් එයට පිහිටක් වෙමින් ආරක්ෂාකාරීව සෞඛ්‍ය ආරක්ෂිතව ඊද්-උල්-ෆිතර් උත්සවය සමරමු.

www.Saviru.lk

පෑනට Keyboard එකට මහජනතාවට නිවැරදි තොරතුරු සැපයීමට හැකි නිදහස ලැබේවා.නිදහස් මාධ්‍ය දිනය  ූ
03/05/2021

පෑනට Keyboard එකට මහජනතාවට නිවැරදි තොරතුරු සැපයීමට හැකි නිදහස ලැබේවා.

නිදහස් මාධ්‍ය දිනය ූ

ඔබ සැමට පින්බර සෞඛ්‍ය සම්පන්න බක් පුර පසලොස්වක පොහොය දිනයක් වේවා. #සවිරූ
26/04/2021

ඔබ සැමට පින්බර සෞඛ්‍ය සම්පන්න බක් පුර පසලොස්වක පොහොය දිනයක් වේවා.

#සවිරූ

ඔබ සැමට සතුට සාමය පිරි සුබ සිංහල සහ දමිල අලුත් අවුරුද්දක් වේවා !! உங்கள் அனைவருக்கும் சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு வா...
14/04/2021

ඔබ සැමට සතුට සාමය පිරි සුබ සිංහල සහ දමිල අලුත් අවුරුද්දක් වේවා !!

உங்கள் அனைவருக்கும் சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள் !!

Wishing you a Happy Sinhala & Tamil New Year 2021 with hope that you will have many blessing in the year to come.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2021
12/04/2021

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2021

hope that this Easter brings you new aspirations and new hope.Have a blessed and meaningful Easter! #සවිරූ
04/04/2021

hope that this Easter brings you new aspirations and new hope.
Have a blessed and meaningful Easter!

#සවිරූ

Here's wishing you good health, wealth, peace, joy and prosperity ahead of Maha Shivratri.     #සවිරූ
11/03/2021

Here's wishing you good health, wealth, peace, joy and prosperity ahead of Maha Shivratri.


#සවිරූ

මවක්, සොහොයුරියක්, මිතුරියක්, පෙම්වතියක්, බිරිඳක්, දියණියක්, මිණිබිරියක් ලෙසින් සැමදා මනුලොව වර්ණවත් කරන කාන්තා ඔබ සැමට ...
08/03/2021

මවක්, සොහොයුරියක්, මිතුරියක්, පෙම්වතියක්, බිරිඳක්, දියණියක්, මිණිබිරියක් ලෙසින් සැමදා මනුලොව වර්ණවත් කරන කාන්තා ඔබ සැමට ප්‍රීතිමත් කාන්තා දියක් වේවා.

ඔබේ නිශ්පාදනය අනෙක් නිෂ්පාදනයන් අතරින් විශේෂිතව හොඳම තැන තියන්නකතා කරන්න අපිට 0777 65 65 44
01/03/2021

ඔබේ නිශ්පාදනය අනෙක් නිෂ්පාදනයන් අතරින් විශේෂිතව හොඳම තැන තියන්න

කතා කරන්න අපිට

0777 65 65 44

ඔබ සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා. සැරියුත් මුගලන් අගසවු දෙනමට මෙන් කළ්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා.
26/02/2021

ඔබ සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා.
සැරියුත් මුගලන් අගසවු දෙනමට මෙන් කළ්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා.

We Can Highlight Your Brand 🤩Call or Message us +94 777 65 65 44
26/02/2021

We Can Highlight Your Brand 🤩

Call or Message us +94 777 65 65 44

ලංකාවේ අතිශය ජනප්‍රිය කාන්තා චරිතයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරන විඩියෝවක සිටින්නේ ඇය නොවන බව කියමින් සිටින්නීය....එහ...
19/02/2021

ලංකාවේ අතිශය ජනප්‍රිය කාන්තා චරිතයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරන විඩියෝවක සිටින්නේ ඇය නොවන බව කියමින් සිටින්නීය....එහිදී සිදුව ඇති දේ බොහෝ දෙනාට පැහැදිලි විය යුතුය....එනම්, ඇයගේ රුවට ආසන්න රුවක් සහිත වෙනත් විදේශික කාන්තාවකගේ විඩියෝවක්, ප්‍රසිද්ධිය ලබන අටියෙන් කූඨ ලෙස සමාජ මාධ්‍යයන්ට එක් කර තිබීමය.....ඒ සිටින්නේ තමා නොවන බව කියමින් ඇය යූ ටියුබ් චැනලයක හඬා වැටෙන විඩියෝවක්ද සංසරණය වෙමින් තිබේ....

කෙනෙකුට නිරුවත් විඩියෝවක් හෝ ඡායාරූපයක් පෙන්වා ඒ සිටින්නේ තමා නොවන බවට හගිස්සවමින් හඬා වැටෙන්නට සිදුවන තරමට සරාගී බව සහ ශෘංගාර සමීපනය ( ඉන්ටිමසි ) භයානක දෙයක් වී තිබීම වෙනම සාකච්ඡාවට ගත යුතුය..... එම කාන්තාවට සමාන රුවක් ඇති කවර හෝ තැනැත්තියක් යුද හමුදා කැළෑ ඇඳුම ( කැමෆ්ලාජ් ) ඇඳ, ගිනි අවියක් අත දරාගෙන, යුද්ද ටැංකියක් පිට ඉන්නා සේයාරුවක් හෝ විඩියෝවක් "ඇගේය" කියා සමාජගත වූවා නම්, ඇයට ඒ ඉන්නේ තමා නොවන බව කියමින් සමාජය ඉදිරියේ දණින් වැටී හඬන්නට සිදු නොවනු ඇත.....

නමුත්, කිව යුතු දේ එය නොවේ.....ජනප්‍රිය චරිත වල මුහුණු වලට සමරුව ඇති අයගේ විඩියෝ, අදාළ පුද්ගලයන්ගේ යැයි කියමින් යැවීම මෙතරම් භයානක නම්, තාක්ෂණය සමඟ ඉදිරිය බොහෝ සෙයින් අඳුරු විය හැක.....

කෘත්‍රිම බුද්ධිය හෙවත් "ආටිෆිෂල් ඉන්ටෙලිජන්සි " නිර්මාණකරණයට ඈඳා ගැනීමත් සමඟ බිහිවූ විෂය පථයකි : කෘත්‍රිම පරිකල්පනය හෙවත් "ආටිෆිෂල් ඉමැජිනේෂන්"

මේ කෘත්‍රිම පරිකල්පනය යටතේ එන විෂය ක්ෂේත්‍රයක් වන්නේ "සින්තටික් මීඩියා" ය....කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින්, කෘත්‍රිම බුද්ධියේ සියුම් හඳුනා ගැනීමේ සහ වෙනස් කිරීමේ ඥාණයන් මෙන්ම, අතිශය සංකීර්ණ ලෙස යමක් විශ්ලේෂණය කිරීමේ ඥාණය යොදාගනිමින් රූපයන් පමණක් නොව, විඩියෝ පවා "අන්‍ය ආකාර" කිරීම "ඩීප් ෆේක්" නමින් හැඳින්වේ.....

මේ ඩීප්ෆේක් ගැන කථාව මුලින්ම කරළියට එන්නේ 2017 වසර ආශ්‍රිතවය....රුසියාව කේන්ද්‍ර කරගනිමින් බිහිවූ මෘදුකාංග නිමැවුම්කරුවන් ජාලයක් විසින් "ඩීප් නියුඩ්" යන සන්නාමය සහිතව, ඕනෑම කෙනෙකුගේ ඕනෑම ආකාරයක ඡායාරූපයක්, විනාඩි කිහිපයකින්, ඉතාම ස්වභාවික ලෙස නිරුවත් කර දීම සමඟ ඒ අයට බොහෝ ඉල්ලීම් ගලා එන්නට විය....

එයින් නොනැවතුනු තවත් කණ්ඩායම් කිහිපයක් 2019 වසර අගභාගය වනවිට "ඩීප් නියුඩ්" යන නම සහිතව ස්මාට්ෆෝන් ඇප් එකක්ද නිර්මාණය කරන ලදී..... කාන්තා රූප වලට පමණක් ක්‍රියාත්මක වන එම ඇප් එක, ඕනෑම කාන්තා රූපයක ඇඳුම් විනාඩි 12 ක උපරිමයක් තුළ ඉවත් කර, ඇයගේ සමට සහ ශරීරයේ හැඩතල වලට ගැලපෙන පරිදි එම සේයාරුව නිරුවත් කර දෙයි....පසුව ලොවපුරා නැගී ආ විරෝධයත් සමඟ එම ඇප් එක අන්තර්ජාලයෙන් ඉවත් කරගන්නට එහි නිර්මාතෘවරු කටයුතු කර තිබිණි....නමුත් ඒ වනවිට රටවල් ගණනාවක පුද්ගලයන් කාන්තා සේයාරූ මිලියන 2 ක් පමණ ඒ ඇප් එක යොදාගෙන නිරුවත් කරගෙන තිබිණි....

මේවා ඔබ මෙතෙක් දන්නා "ෆොටෝ එඩිටින් " නොවේ.....කිසි ලෙසකින් වත් ව්‍යාජයැයි කිව නොහැකි තරම් මනාව කෘත්‍රිම බුද්ධිය මඟින් සකසන ලද රූපය.....ඒවා අදාළ රූපයේ හිමිකාරියට "අන්‍ය යථාර්තයක" නිරුවතක් ( නියුඩිටි ඉන් ඇන් ඕල්ටර්නේටිව් රියැලිටි ) මවන තරම් සූක්ෂමය.....

එයින් පසුව එම ක්ෂේත්‍රයේ පැමිණ තිබෙන නවතම අභියෝගය වන්නේ "ඩීප් ෆේක් ඉන් මෝෂන් ඉමේජස්" හෙවත් "ඩීප් ෆේක් විඩියෝස්" ය.....

බිල් ගේට්ස් අමු තිත්ත කුණුහරුප කියමින් කෑ ගසන ආකාරය, චීන ජනාධිපතිවරයා ඇමරිකාවට එරෙහිව යුද්ද ප්‍රකාශ කරන ආකාරය ( සී.එන්.එන් බ්‍රේකින් නිව්ස් පසුතලයක් සහිතව ), පාප් වහන්සේ දෙවියන් නොමැති බව ප්‍රකාශ කරන ආකාරය, හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිටසක්වළ ජීවීන් තවත් ස්වල්ප මොහොතකින් පෘතුවියට පහර දෙන බව පවසන ආකාරය, යනාදී වශයෙන් විඩියෝ රාශියක් මේ වනවිට ඔබට අන්තර්ජාලයේ සොයාගත හැක.... ඒවායින් සමහරක් ව්‍යාජයක් යැයි කිව නොහැකි තරම් දක්ෂ ලෙස මුහුණු බද්ධ කරවා තිබෙන අතර, සමහර ඒවායේ පසුතලය සහ පුද්ගලයාගේ ශරීරය පවා ව්‍යාජව සකසා තිබේ....

මේ වනාහි අනාගතයේදී ඔබ පුද්ගලිකත්වය විෂයෙහි මුහුණ දෙන අභියෝගයයි....

මෑතකදී ඔබ අප සියලු දෙනා ඉමහත් ආශාවෙන් යුතුව අපගේ මුහුණු ලිංග විපර්යාසයකට ලක් වූ පසු කෙබඳුද යන්න බලාගත් ඇප් එක, අප ගැහැණුන් වූවා නම්, පිරිමින් වූවා නම්, බිළිඳුන් වූවා නම්, මහල්ලන් වූවා නම් කෙසේදැයි ඉතාම විශිෂ්ඨ ලෙස පෙන්වා දුන්නා නොවේද.....?..... එහිම ඊළඟ මට්ටම වූයේ චිත්‍රපටි වල විවිධ ජවනිකා සඳහා ජනප්‍රිය නලුවන් හෝ නිළියන් වෙනුවට අපේ මුහුණු වලට බද්ධ කරන ලද කඳක් රඟන ඇප් එකකි.....එයද මාත් ඇතුලුව බොහෝ දෙනෙකු භාවිතා කළ බව ඔබ දකින්නට ඇති....

ඒ වනාහි අනාගතයේ එන්නට යන තාක්ෂණයේ ඉතාම සුළු, ප්‍රාථමික අදියරක් පමණි.....

ඉතින් අදාළ ජනප්‍රිය චරිතයට මේ මොහොතේ හිනැහෙන, "එයා එහෙම නෑ බන්" කියමින් සමච්චල් කරන ඔබ සැමට, තම තමන්ගේ නමට කැපවුනු විඩියෝ පටවල ඉන්නේ තමන් නොවන බව කියමින් දස අතේ දිවුරන්නට වෙන දිනය ඉතාම ආසන්නය....ඒ තාක්ෂණය දැනටමත් භාවිතාවේ ඇත......ඔබේ නොවන සිරුරක් සමඟ, යථාවේ නොපවතින ඇඳක, ඔබව නිරුවත් කර යහන් ගත කරන "ඩීප් ෆේක්" දැනටමත් පවතින බැවින්, අන් අයගේ පෞද්ගලිකත්වයට එල්ලවන ප්‍රහාර වල රස විඳින්නේ සහ හිනාවෙන්නේ පරිස්සමින්..... ;)

ලිපිය - දමිත් කේතකගෙන්.

සැබෑ නිදහස ලැබෙන නිදහසක් උදාවේවා.73
04/02/2021

සැබෑ නිදහස ලැබෙන නිදහසක් උදාවේවා.

73

Address

34 , Perera Mawatha , Palawaththa , Baththaramulla
Colombo

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Telephone

+94777656544

Alerts

Be the first to know and let us send you an email when Saviru සවිරූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saviru සවිරූ:

Share

Category


Other Media Agencies in Colombo

Show All