Venasa MEDIA - වෙනස මීඩියා.

Venasa MEDIA - වෙනස මීඩියා. වෙනස් වන සමාජයේ මාධ්‍ය කරණය
social media business promotion, program and video 0772226670

"Nisansala Curtain House" ❤️  පොලොන්නරුව24 කණුව,  බැදිවැව..🌟බැදිවැව  ශෙඩ් එක ඉදිරිපිට.❤️ තොග මිලට ඔබ අතට...පොලොන්නරුවේ අ...
29/04/2024

"Nisansala Curtain House" ❤️ පොලොන්නරුව

24 කණුව, බැදිවැව..
🌟බැදිවැව ශෙඩ් එක ඉදිරිපිට.

❤️ තොග මිලට ඔබ අතට...පොලොන්නරුවේ අඩුම මිළ අපෙන්..💪❤️
✅මසා නිම කරන ලද කර්ටන් ( අඩි 9ක් උස, අඩි 9ක් පළල )

🌟Rs 4000/= සිට.

✅ඔබේ නිවසටම පැමිණ නිවසේ අවශ්‍යතාවය අනූව ඔබට අවශ්‍ය පරිදි මසා දිය හැක..

දුර: 077 3758479

ඔයා දන්නවාද.. ඔයාගේ වටේ ඉන්න යම් පිරිසක් ඉන්නවා ඔයාට කැමති නෑ.🤔⬇️හැබැයි කැමතියි වගේ පෙන්වගෙන ඉන්නවා.⬇️ඔයාට කොහෙන් හරි වි...
22/03/2024

ඔයා දන්නවාද.. ඔයාගේ වටේ ඉන්න යම් පිරිසක් ඉන්නවා ඔයාට කැමති නෑ.🤔

⬇️හැබැයි කැමතියි වගේ පෙන්වගෙන ඉන්නවා.

⬇️ඔයාට කොහෙන් හරි විරුද්ධ මතයක් එනවා නම් හරිම කැමතියි.

⬇️ඔයාව නිහඩ වෙලා නැති වෙලා යනවා නම් හරිම කැමතියි.

⬇️ඔයා ටිකක් එයාලට වඩා පහලින් ඉන්නවා නම් හරිම කැමතියි.

⬇️ඔයාට වඩා ලොකු සමාජ සම්බන්ධතා එයාලට තියනවා කියලා පෙන්වගන්න හරිම කැමති.

⬇️දවස දුරකථන යෙ ඉදලත්, ලගපාතම ඉදලත් සමහර විට ඔයාට ප්‍රතිචාර දක්වන්නේ ඔයා වටේ ඉන්න සෙනග දැකලා බොරු මවාපෑමකට විතරයි.

⬇️එහෙම නැත්නම් ඔයාව හොදට කියවලා ඔයාව අනුකරණය කරලා ඔයා විදිහම වෙන්න උත්සහත් කරලා සද්ද නැතුව ඉන්න පිරිසකුත් ඉන්නවා.

⬇️හැකි සෑම විටම තව කෙනෙක් එක්ක ඔයාව විවේචනය කරනවා.නැති කතන්දර කියනවා.

⬇️ඒ වගේ කෙනෙක්ව ඔයාට සිහියට ආවොත් නිකමට ගිහින් ඒ වගේ කෙනෙකුගේ profile එකක් බලන්නකෝ..ඒවා හරිම හුදෙකලායි.ගුප්තයි.විදීමකට වඩා විඳීවීමක් වගේ දෙයක් ඒක ඇතුලේ තියෙන්නේ..

⬇️එහෙම මිනිස්සු පව්.එයාලා ඉන්නේ ජීවිතේ නරක අත්දැකීම් වලින් දුක හිතෙන කනගාටු දැනෙන සිද්ධි වලින් පීඩාවට පත් වෙලා.පොරොන්දු කඩ වෙලා.හීන බොද වෙලා..

⬇️එතකොට ඇත්තටම ඒ වගේ මිනිස්සු ලග ජීවිත දෙකක් තියනවා.හැබෑ ජීවිතේ මාරම කුහකයි නපුරුයි පෙන්වගෙන ඉන්න ජීවිතේ හරි දාර්ශනිකයි.සමාජ හිතකාමියි එයාලා පව්.

⬇️ඒ වගේ මිනිස්සුව ඔයා අදුරගෙන හිටියත් මෙයා නයා හෝ හැපින්නක් කියලා දැනගෙන හිටියත් එයාගේ පිංතූරයක් හරි දැකපු ගමන් එයාට ප්‍රතිචාර දක්වන්න.එයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න.

💜අනෙ ඔයා හරි ලස්සනයි හරි කියන්න.

⬇️ඒ ප්‍රතිචාරය ඒ වගේ පීඩාවෙන් ඉන්න අයට හොද ප්‍රතිකාරයක්.ඒ පිං කුසල් ඔයාට සොබා දහම දෙනවා.

⬇️කාට නැතත් ඔයාට එරෙහිව ඉන්න ඒත් ඔයාට පේන්න රගපාගෙන ඉන්න හැමොටම මුලින්ම හරි ආදරනීය ප්‍රතිචාරයක් දෙන්න.. එතකොට එයාගේ මනස සන්සුන් වෙනවා.අපට වයිර කරන එක නිකරුනේ අපිට නපුරු කම් කරන එක ඉරිසියා කරන එක එයාගෙන් ටික ටික අඩු වෙනවා..

⬇️කෙනෙක් යහපත් මානසික මට්ටමකට ගන්න එක තරහව නිවන එක කුහක සහා ඊර්ෂ්‍යා සිතින් මුදවා ගන්න එක ඔයා කරගන්න සංසාරගත පිනක්...

⬇️ඉවත් කල යුතුම කෙනෙක් ඉවත් කරන්න.ඒත් හිතෙනවා නම් මම ගෙවන ජීවිතේට මෙයා ඉරිසියා නිසයි මෙයා මට කැමති නැත්තේ කියලා ඒ වගේ අයට අනුකම්පා කරන්න.එයාලට ලස්සන ප්‍රතිචාරයක් දකින හැම මොහොතකම දක්වන්න.

⬇️මිනිස්සුන්ට අපි එක්ක ඒකපාර්ෂිකව අමනාප වෙන්න මහා හේතු ඕනේ නෑ.පුංචිම පුංචි ඉරිසියාවකුත් ඇති.සමහර විට සමහර මිනිස්සු අපි එක්ක තරහා වෙලා නිහඩ වෙලා අමනාප වෙලා අපි දන්නෙත් නෑ.වැරදි වැටහීම් වලත් ඉන්නවා.ඒවා නම් කමකුත් නෑ අහන්න ප්‍රශ්න කරන්න ගියාම තවත් ප්‍රශ්න වෙනවා ඕවා...ඒ වගේ ඒවා කාලය හරි අපූරුවට විසදනවා...

❤️හැබැයි අර වගේ ඉරිසියා කාරයින්ට නම් අඩුම ගානේ ❤️ මෙහෙම එකක් වත් දාගෙන යන්න.එතකොට එයාගේ තරහව වයිරය ඉරිසියාව තුනී වෙනවා.

✍️ ජනාලි මදුරසිංහ.

සමහර මිනිස්සු ඉන්නවා, දරුවට අවුරුද්දක්වත් වෙනකං ඉන්නෑ. ඉපදිලා මාසයක් වෙද්දි ඒ සතුටටත් පුංචි කේක් එකක් කපනවා. සමහර අය ඉන්...
22/03/2024

සමහර මිනිස්සු ඉන්නවා, දරුවට අවුරුද්දක්වත් වෙනකං ඉන්නෑ. ඉපදිලා මාසයක් වෙද්දි ඒ සතුටටත් පුංචි කේක් එකක් කපනවා. සමහර අය ඉන්නවා, කවදාවත් තමන්ගෙ තියා දරුවෙක්ගෙ උපන්දිනයකවත් විශේෂත්වයක් නැති. " අනේ මොකටද, මේකත් තව එක දවසක් නෙ " කියලා හෝ.න්.දු මා.න්.දු උත්තර තියෙන. ජීවිතයෙ කිසිම දෙයක් කිසිම දවසක් එයාලට විශේෂ නෑ. අවසානයේ කිසිම තේරුමක් නෑ තමයි. ඒත් ඒක එහෙමයි කියලා සතුට ගේන දේවල් කරන්න එපා කියලා කවුරුවත් කියලා නෑනෙ. සමහර අය ඉන්නවා ලස්සනකට පිළිවෙළකට අඳින්නෙ නෑ . " ඇයි බං ඕම ? " කියලා ඇහුවොත් කියනවා " අනේ මං දිහා කවුරු බලන්න ද " කියලා.

🌼 සතුටක් ලැබෙන හැමදෙයක්ම සමරන්න ඕන ( fb එකට ෆොටෝ දාගෙන නෙමේ )

🌼 පුංචි පුංචි හේතු හොයාගෙන සමරන්න ඕන ( බී.ලා ම ත් වෙ.න්න නෙමේ )

🌼 ගෙදර කට්ටිය එකතු වෙන වෙලාවට සතුට වැඩියෙන් සමරන්න ඕන ( රොටියක් හරි හදාගෙන කාලා )

🌼 වැස්ස දිහා බලාගෙන ඉන්න එක සතුටක්නම්, ඒක කරන්නම ඕන ( ප්ලේන්ටියක් බිබී හරි කමක් නෑ )

🌼 කෙ.ල්.ල.ගෙ කොංඩෙට මලක් ගහලා හරි සතුටු වෙන්න

🌼 කො.ල්.ල.ට හාද්දක් දීලා හරි සතුටු වෙන්න

🌼 තමන්ගෙ නිදන ඇඳට හෝදලා පිරිසිදු කරපු ඇඳ ඇතිරිල්ලක් දාලා, ඒකෙ වැතිරෙද්දි සතුටු වෙන්න

🌼 නාද්දි ඇඟට දැනෙන සනීපෙන් සතුටු වෙන්න

🌼 පර්ෆියුම් ටිකක් ඇඟට හලාගෙන සතුටු වෙන්න

🌼 චූටි බබෙක්ගෙ හිනාව දැකලා සතුටු වෙන්න

🌼 බලු පැටව් පූස් පැටව්ගෙ හුරතලේ දැකල සතුටු වෙන්න

🌼 සතුට තියෙන්නෙ කොතැනටද, එතනට එකතු වෙන්න

🌼 සතුට දෙන්නෙ කව්ද, එයා එක්ක සතුටින් ඉන්න

දුක හිතෙන දේවල් හිත හිතා දවස් ගණන් හූල්ලන්න පුළුවන්නම් ඇයි සතුට සමරන්න පරක්කු වෙන්නෙ ?

අපි සතුටු හිතෙන දේට ආකර්ෂණය වෙනවා වගේම, සතුටත්, සතුට හොයන මිනිස්සුන්ට ආකර්ෂණය වෙනවා.

සතුටට ඇබ්බැහි වෙන්න. ඒකට තව දවස් තියෙනවා කියලා කල් ගන්නෙපා

ඕනවට වඩා යථාර්ථවාදී, හැමදේම අනිත්‍යයි, අපි කොහොමත් මැ රෙ.න.ව.නෙ කියන බ.ක පංඩිතයන්ගෙන් ඈත්වෙලා, ජීවිතය දිහා විවෘත මනසකින් බලන සැහැල්ලුවෙන් ජිවත් වෙන සරල මිනිස්සු එක්ක එකතු වෙන්න. එයාලත් දන්නවා අන්තිමට මැ.රෙ.න.වා තමයි කියලා. හැබැයි එයාලා මැ.රෙ.න දවස එනකං සතුටින් ජීවත් වෙන්න දන්නවා ♥️

© Manohari Weerasinghe

උපුටාගැනීමකි ❤

මම අදුරන කරවල මුදලාලි කෙනෙක් ඉන්නව..මිනිහ කියනව ජීවිතේට කරවල කන්නෑ කියල..ඒ මොකද?මෝටීන් ගහනවලු. මැස්සො වහනවට..!ඒ විතරක් ...
20/03/2024

මම අදුරන කරවල මුදලාලි කෙනෙක් ඉන්නව..
මිනිහ කියනව ජීවිතේට කරවල කන්නෑ කියල..
ඒ මොකද?
මෝටීන් ගහනවලු. මැස්සො වහනවට..!
ඒ විතරක් නෙවෙයි.. මිනිහ අසල්වැසියාට ප්‍රේම කරමු සංගමයෙ ලොකුම sponsor.
ගෙවල් පැත්තෙ මීකිරි මුදලාලි කෙනෙක් ඉන්නව.
රබර් ඇසිඩ් දානවලු කිරි මිදෙන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවලු ඇඹුල් නොවෙන්න.ඔය පව්කාර වැඩේ කරන්න බෑ කියල අයින් වුනා..
ගොඩක් තැන් වල මීකිරි කියල විකුණන්නෙ තුන්කිරි.
තුන්කිරි කියන්නෙ මොනවද?
එලකිරි මීකිරි පිටිකිරි කලවම් කරල මිදෙව්වම.
මම දන්න පැණි මුදලාලි කෙනෙක් ඉන්නව.
පැණි බෝතල් කඩ වලට දාල සීනි මිටියක් බයික් එකේ තියාගෙන ගෙදර යනව. ඊළග දවසට කිතුල් පැණි හදන්න.
හකුරු මුදලාලිල කියන හැටියට උක් පැණිවලට කොකෝව පොඩ්ඩක් දැම්ම ගමන් කිතුල් පැණි රහයිලු.
එලවලු මුදලාලි කෙනෙක් මට කියනව ජීවිතේට එලවලු කන්නෙ නැහැලු. මොකද ඒ?
කැඩුවට පස්සෙත් වසබේත් ගහනවලු නරක් නොවෙන්න.හැමදාම උදේට
කෙසෙල් කඩේ මුදලාලි
කෙසෙල් කැන් සේරම වසබේත් වලින් නාවනව.කෙසෙල් කැන ඉදෙන්නෙ නැට්ටත් එක්කම..!
ඉස්පිරිතාල වල පිළිකා වාට්ටු පිරිල ඉතිරිල. ඇදන් යටත් ලෙඩ්ඩු.
ඒකට හේතුව ඔය විදියට වස විස කැවීම..
අන්තිමේදි බැලින්නම්
කිරි මුදලාලිත් රැවටිල. හකුරු මුදලාලිත් රැවටිල. කෙසෙල් මුදලාලිත් රැවටිල..
මුදලාලිලත් පාරිභෝගිකයොත් දෙගොල්ලොම දැන් පිළිකා වාට්ටුවෙදි එකිනෙනොට මුණ ගැහෙනව.
හැමෝගෙම පවුල්වල පිලිකා ලෙඩ්ඩු..!
බලාගෙන ගියාම කවුරු කවුරුත් කරල තියෙන්නෙතමුන් වස නොකා අනුන්ට වස කවපු එක.අනිතිමේදි බැලින්නම් හැමෝම කාල තියෙන්නෙ වස!
ඔන්න මම දවසක් ඉමදුව පැත්තෙ තේ වත්තක් අද්දර ගෙවල් පේලියකට ගියා..
ගෙදර තාත්ත නෑ…පිළිකාවක් නිසා කරාපිටිය පිලික වාට්ටුවෙ. අල්ලපු ගදර මනුස්සයත් Testing.ඊලග ගෙදර මනුස්සය cancer clinic ගිහින් ගෙදර ආපු ගමන්!
හැම ගෙදරම පිලිකා ලෙඩ්ඩු..
තේ වලට ගහන ග්ලයිපොසෙට් කියන්නෙ පිලිකාකාරකයක්.
අපි තුන්වේලම රසකළ තේ කියල බොන්නෙ පිලිකාකාරක ග්ලිපොසෙට් මිශ්‍ර “වසකළ” තේ.!
ගෙවල් පැත්තෙ වී ගොවිතැන් කරන කෙනෙක් ඉන්නව.මිනිහ තමන්ගෙ ගෙදර කෑමට වෙනම ලියැදි කීපයක බෙහෙත් නොගහ කුඹුරු කරනව. බෙහෙත් ගහපු වී සේරම මෝලට විකුණනව..
බෙහෙත් ගහපු වී කොටල කෑවොත් පිලිකා හැදිල මැරෙයිලු.
හැමෝම බොරු කරන හැමෝම රැවටෙන අමුතු රටක් මේක..!
හැමදාම බාර්වල ලගින
තුන් වේලම පව් කරන
කරපු පව් වහගන්න බැරිව
දර්මයට ගරහ ගරහ රට වටේ දුවන
මළ පෙරේතයන් ඉන්න රටක් මේක.

ඉස්කෝලේ යාලුවොත් එක්ක ෂොපිං මෝල් එකකට ගිහින් ඉන්න මේ කොල්ලා කොහේ බලන් ඉන්නවා ඇත් ද? මේ ෆොටෝ එක ගන්න වෙලේ එයා මොනා කල්පනා...
19/03/2024

ඉස්කෝලේ යාලුවොත් එක්ක ෂොපිං මෝල් එකකට ගිහින් ඉන්න මේ කොල්ලා කොහේ බලන් ඉන්නවා ඇත් ද? මේ ෆොටෝ එක ගන්න වෙලේ එයා මොනා කල්පනා කරනවා ඇත් ද?

සමහරවිට ඒ කිසිම දෙයක් නැතුව හිස්ම හිස් බැල්මක් විතරක් වෙන්නත් පුළුවන් මේ ෆොටෝ එකේ වැදිලා තියෙන්නේ. නමුත් මේ ෆොටෝ එකේ ලස්සන සිද්ධියක් තියෙනවා. ජේන විදිහට මේ බැක්ක්‍රවුන්ඩ් එක ෆිල්ම් ෂොප් එකක්. ඩෙක් පීස්වලින් ෆිල්ම් බලපු කාලේ. ඔය පිටිපස්සෙන් ජේන්නේ 1987 දී රිලීස් වුණු 'Steel Dawn' ෆිල්ම් එකේ පෝස්ටරේක උඩ කෑල්ල. ඔය පේන නළල අයිති පැට්‍රික් ස්වේස් ට. ලෝකෙම පිස්සු වට්ටපු කල්ට් ෆිල්ම් එක, 'Dirty Dancing' එකේ නළුවා. ඒ කාලේ හෙනම හිට්. ඒක සහ ඔය පිටිපස්සේ රාක්කවල තියෙන අයිටම්ස් ටික බැලුවහම, ඔව්, මේක ෆිල්ම් ෂොප් එකක් කියලා හිතාගන්න පුළුවන්. මුම්බායිවල රවුමක් දාන්න ආව ළමයි සෙට් එකක් ෂොපිං මෝල් එකකට ගිහිල්ලා, එතන තිබ්බ ෆිල්ම් ෂොප් එකකටත් ගොඩ වුණු වෙලේ ගත්ත ෆොටෝ එකක්.

ලස්සනම වැඩේ, මේ ෆොටෝ එකේ සිරික්කිය දාගෙන සංතෝසෙන් ඉන්න එකෙක්වත් හිතන්නේ නැතුව ඇති, තමන් මැද්දේ ඔහේ හිටන් බුම්මගෙන ඉන්න මේ හීන්දෑරි කොල්ලා අනාගතයේ දවසක මුළු ලෝකයටම ඉන්දියාව ගෙනියයි කියලා.

ඒ වගේම මුළු ලෝකයම ඉන්දියාවට අරන් එයි කියලා. තමන් මේ ළඟ ළඟ වැදි වැදී හිටගෙන ඉන්නේ තව අවුරුදු ගානක් ගිය තැන ලෝකයෙන් බාගෙකටත් වඩා වැඩි ප්‍රමාණයක් මිනිස්සු පොර කකා කිට්ටු වෙන්න දඟලන ප'සනෑලිටි එකක් කියලා. ඒක අඩුතරමේ ඒ කොල්ලාවත් ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති. එදා, තවත් එක ටීනේජ' කෙනෙක් විදිහට ෆිල්ම් ෂොප් එකක් අස්සට මේ කොල්ලා යනවා. අද, මේ කොල්ලා ඉන්න ෆිල්ම් එකක් නැති ෆිල්ම් ෂොප් එකක් හොයාගන්න නැති තරම්. මං මෙච්චර වෙලා කිව්වේ නෑ, මේ කොල්ලා කවුද කියලා. කියන්න ඕනත් නෑ. ඒ තමයි, ඒ කොල්ලාගේ සාර්ථකත්වයේ සයිස් එක.

ඉතින් ඔයාලටත් පුලුවන් ඔයා ආස දෙයින් ඉස්සරහට යන ගමන් ඒ පැත්තෙන් ඔයාගෙ සාර්ථකත්වය ළගා කර ගන්න..✨

Good luck ❤

Copied

#උසස්පෙළ

18/03/2024
පොලොන්නරුව
17/03/2024

පොලොන්නරුව

සමහරවිට අපි දැනන් ඉන්න එකක් නැහැ ඒ ගෙවුනෙ ඒ මිනිස්සු එක්ක ගෙවුනු අවසාන තත්පර ටික කියලා 💔මොකද එක නිමේශයකින් හැමදේම වෙනස් ...
11/03/2024

සමහරවිට අපි දැනන් ඉන්න එකක් නැහැ
ඒ ගෙවුනෙ ඒ මිනිස්සු එක්ක ගෙවුනු අවසාන තත්පර
ටික කියලා 💔

මොකද එක නිමේශයකින් හැමදේම
වෙනස් වෙන්න පුලුවන්,

මිනිහෙක් කලකිරීම් , දුක්, අහිමිවීම් , එක්ක
තනිවෙනවා කියන්නෙ.
ඒ හැම වේදනාවක්ම දරාගන්න පුලුවන් උපරිම
සීමාවක් තියනවා.

ඒ වගේම " මරණය " දරාගැනීමේ අවසානයද
වෙන්න පුලුවන්.

මොකද ඒ මනුස්සයා විතරයි දන්නෙ ජීවිතේ ඒ තරම් කාලයක්
හැමදේම දරාගෙන අල්ලන් ඉදපු විදිය.

🥀😔💔

නිල් චිත්‍රපට තාරකාවිය🌟🌟සොෆියා අපිව අවදියෙන් තබා ඔබ නිදන්නMarch 10, 2024සොෆියා ලියොන් මාර්තු 1 දා එයාගෙ අපාර්ට්මන්ට් එකේ...
10/03/2024

නිල් චිත්‍රපට තාරකාවිය🌟🌟

සොෆියා අපිව අවදියෙන් තබා ඔබ නිදන්න
March 10, 2024

සොෆියා ලියොන් මාර්තු 1 දා එයාගෙ අපාර්ට්මන්ට් එකේ මැරිලා ඉඳලා හොයාගන්නවා. එතකොට එයාගෙ වයස අවුරුදු 26. එයාගෙ කුඩප්පච්චි නැත්තං ස්ටෙප් ෆාදර් මේ ගැන සටහනක් දානවා.

ඇය ආදරනීය දියණියක්, සහෝදරියක්, මිනිපිරියක්‍, ලේලියක් වගේම සත්තුන්ට දැඩිව ආදරය කළ කෙනෙක්, හැමෝම සතුටෙන් තියන්න වෙහෙස වූ කෙනෙක් බවත් ඒ තාත්තා එහි සටහන් තබනවා.

මේක කොල්ලකෑමක් හෝ මිනීමරුමක් විය හැකියි කියන එක ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා

ඇගේ පවුලේ අය සහ වෛද්‍යවරුන් කියන විදිහට කිසිම විදිහක මත්ද්‍රව්‍ය ශරීරගත වීමක් රෝහල්ගත කිරීමේදී වාර්තා වෙලා නෑ. ඒ වගේම ඇය මත්ද්‍රව්‍යවලින් පුනරුත්ථාපනය වන වැඩසටහනක තමයි ඉඳලා තියෙන්නෙ. ඒත් ලංකාවෙ මාධ්‍යවල උවමනාව වෙන්නෙ මේක ඩ්‍රග් ඕවර්ඩෝස් එකක් බව සහතික කරන්න. එහෙම තමයි අපේ හැටි.

අපිට ඕන සියලු නරකෙහි ප්‍රතිඵලයක් ලෙස ඇය විපතට පත් වුනා කියන්න. ඇය පව් කළ නිසා මිය ගිය බවටත් අපි පව් නොකරන නිසා ජීවත් වෙන බවටත් සහතික වෙන්න.

කවුරු හරි මැරු‍නොත් අපි මුලින්ම අහන්නෙ බොනවද කියල. බීලා නම් ඒ හේතුවම ඇති ඒ මරණයට. බොන්නෙත් දුම් බොන්නෙත් නැත්තං අපිට මරණය ටිකක් ප්‍රහේලිකාවක් වෙනවා.

මිනිස්සු මැරෙනවා. බොන අයත් නොබොන අයත්, ඩ්‍රග්ස් ගන්න අයත් ඩ්‍රග්ස් නොගන්න අයත්, වාහන එලවන අයත් පයින් යන අයත්, එලියෙ ඉන්න අයත් ගෙදර ඇඳ උඩ ඉන්න අයත්, පෝර්න් වල රඟපාන අයත් පෝය නාට්ටිවල රඟපාන අයත් මැරෙනවා. ඒකට ලිංග, වයස්, ජාති ආගම් බේද වගේම සදාචාර බේදයකුත් නෑ.

කොහොම වුනත් අපිව රසවත් කළ, ඇගේ සිරුරෙහි ශෘංගාරය උපරිමයෙන් ආස්වාදය වෙනුවෙන් කැප කළ, අපේ රහස් ජීවිතේ ඉතා සමීපතම කෙනෙක් වුනු සොෆියා ගැන මෙනෙහි කරන්න මේක හොඳ වෙලාවක්. සොෆියා කිසිම වෙලාවක එයාගෙ පුද්ගලික ජීවිතය ගැන කතා කලේ නෑ. එයා නිතරම උත්සාහ කලේ පුද්ගලික ජීවිතය සහ වෘත්තිමය ජීවිතය වෙන් වෙන්ව පවත්වාගෙන යන්න. පෝර්න් නිළියක් විදිහට ඒක අමාරුම වැඩක්. තමන්ගේ ශරීරයත් පොදු ආස්වාදය වෙනුවෙන් විවෘත කරන අතර පුද්ගලික යැයි සංවෘත සීමාවක් තමන් විසින්ම නිර්මාණය කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි.

සොෆියා ඉපදෙන්නෙ 1997දි මියාමි ෆ්ලොරිඩාවල. මෙක්සිකෝවෙ කොහෙන් හෝ තමන්ගේ පවුල එන්න ඇති කියල එයා කියනවා. එයා ශරීරය අත්හරිද්දි වීඩියෝ 230ට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. අවුරුදු 26ක් වෙද්දි සොෆියා පෝර්න් සඳහා ඉතාම වැඩි මිළක් අය කරන නිළියක් වගේම සම්මාන දිනූ නිළියක් වුනා.

මං අවුරුදු 18දි මේ ක්ෂේත්‍රයට ආවෙ. මට සල්ලි හොයන්න ඕනකම තිබුනා. මට මුලින්ම හම්බුනෙ කැම් ගර්ල් කෙනෙක් විදිහට කැමරාව ඉස්සරහ ස්ට්‍රිප් කරන්න. ඒක හරිම පර්සනල් දෙයක්. අපි එක එක්කෙනාගෙ උවමනාවන් අඳුරගෙන ඒ අනුවයි ඒක කරන්න ඕන.

සොෆියා එයාගෙ අතීතය ගැන කියනවා.

මං කොහොමත් ගොඩක් සෙක්ස්වලට කැමති කෙනෙක්. ගොඩක් පිරිමි එක්ක මං සෙක්ස් කරලා තියෙනවා. ඒත් මං ගැන්ග්බැන්ග් එහෙම කරලා නෑ. හැබැයි මං කැමරාව ඉස්සරහ වගේම කැමරාව පිටුපසත් ත්‍රීසම් එහෙම කරලා තියෙනවා. ගොඩක් ඉන්ටෙන්ස් ඒවා. හැබැයි මේ දෙක වෙනස්. මං කැමරාව ඉස්සරහ කරන දේවල් කවදාවත් ඕෆ් කැමරාවෙන් පිටිපස්සෙ කරන්නෙවත් පිටිපස්සෙ කරන දේවල් ඉස්සරහ කරන්නෙවත් නෑ.

සොෆියා තමන්ගේ සම්බන්ධතාවල ස්වරූපයන් හඳුනා ගනිමින් ඒවා පැහැදිලිව නිර්ණය කරගත්ත බවක් පේනවා. තමන්ගේ ලිංගික නැඹුරුව වගේම ආශාවත් සීමාවත් ඒ වයසට එයා අදුරගනිමින් හිටියා.

මං කිසි දවසක ඒනල් කරන්නෙ නෑ. හාර්ඩ්කොර් යන්නෙ නෑ. මං කැමතියි වැනිලා සෙක්ස් විදිහට මගේ නිරූපණය තියාගන්න. මං අර දේවල් කවදා හරි කරයි. ඒත් පුළුවන් තරම් ඒවා කල්දාන්න මං කැමතියි.

ඒනල්වලට මං අකමැති වුනේ මං ඒක මුලින්ම ට්‍රයි කරපු පිරිමියා නිසා. එයා දැනගෙන හිටියෙ නෑ එයා මොනවද කරන්නෙ කියල. ඒක වේදනාවක් වුනා. ඒක ඒනල්වලදි වෙන්න තියෙන නරකම දෙයක්. මාත් ගොඩක් ‍ස්ට්‍රෙස් වෙලා හිටියෙ.

සොෆියා තමන්ගේ අතීත සම්බන්ධතා ඇතුලෙ ඇති වුනු ලිංගික බාධකයන් ගැන කතා කරනවා.

‘මං ජීවිතේ හැම දෙයක්ම එකපාරක් හරි කරලා බලන්නයි හිතන්නෙ’

එයාට තිබුනෙ ඇඩ්වෙන්චරස් මනසක්.

ෆ්ලොරිඩාවලදි මට ඒජන්ට් කෙනෙක් හම්බුනා. ඒ මාර්ගෙන් තමයි මං පෝර්න් වලට ආවෙ. මං තාමත් වැඩ කරන්නෙ එයත් එක්ක. මං හරිම වාසනාවන්තයි මට එහෙම ඒජන්ට් කෙනෙක් හම්බුන එකට.

මගේ ඔන්ලි ෆෑන්ස් මැනේජ් කරපු කෙනාම තමයි මගේ පළවෙනි ඩිරෙක්ටර් වුනෙත්.

එයා මට දැකපු ගමන් කිව්වා ඔය මේකප් එක්ක ඔයා හරි මෝඩ පාටයි කියල. ඒක මට රිදුනා ඒ වෙලාවෙදි හරියට මං මෝඩයි කිව්වා වගේ.

ඒක එයා මේකප් කරන කෙනාට කියන්න ඕන කතාවක්. එයා මගෙන් සමාව ඉල්ලුවා. කවදාවත් ඒ වැරැද්ද අමතක කරන්නෙ නෑ කිව්වා. මාත් කිව්වා මගේ පලවෙනි දවසෙම මට මෝඩයි කියපු එක මං අමතක කරන්නෙත් නෑ කියල.

සෙට් එකකදි මුලින්ම කොහොම වුනත් කෙල්ලෙකුට කියන්න ඕන ඔයා මොනතරම් හොට්ද සෙක්සිද කියල. ඇත්තටම එහෙම නොවුනත්. මොකද ඒ කන්ෆිඩන්ස් එක හරිම වැදගත්.

සොෆියා එයාගෙ නළි ජීවිතේ පටන් ගැන්ම ගැන මතක් කරනවා.

මට මුල් කාලෙ රිලේෂන්ෂිප් එකක් තිබුනා. බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඒ හින්ද සෙට් එකට ආවම මට ඕන වුනේ ආවා වැඩේ කළා චෙක් එක ගත්තා ගියා කියන ටික විතරයි. ඒක හරිම ඩිස්රෙස්පෙක්ට්ෆුල් දෙයක්. මාත් එක්ක වැඩ කරපු අනිත් අය එක්ක කතා කරන්නෙ, ඒ අය ගැන හිතන්නෙවත් නැතුව සල්ලි විතරක් අරගෙන යන එක.

ආදරය සහ රැකියාව අතර සීමාවන් අඳුරගත්ත හැටි සොෆියා කියනවා.

එයා මාත් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තෙ මං කරපු වැඩ ගැන දැනගෙනමයි. ඒත් ඒ අතරෙදි මං එයාව චීට් කළා තව කෙනෙක් එක්ක. වැරැද්ද මගේ. ඒත් ඒ මගේ හැටි. ඒකෙන් අපි තරහ වුනේ නෑ. දැනුත් අපි හරි ‍කිට්ටු යාලුවො. ඒත් අපි පෙම්වතුන් නෙමෙයි.

තමන්ගේ ආශාව සහ ආදරය එක්ක සම්බන්දතාවල ස්වරූපය තීරණය කරගන්න අමාරු වුනු හැටි ගැන සොෆියා සවිඥානකයි.

‘’පෝර්න් ස්ටාර් කෙනෙක් විදිහට ආදරේ කරන එක හරිම අමාරුයි. මේ සම්බන්දෙට පස්සෙ මං කිසි කෙනෙක් එක්ක ආදරයක් පටන් ගත්තෙ නැත්තෙ ඒකයි.

එහෙම සම්බන්දෙකදි එක්කො ඒ පෙම්වතා අපි ගැන ඕනවටත් වඩා ඔබ්සෙස් වෙලා කරදරයක් වෙනවා. නැත්තං ඔයා යාලුවෙක් එක්ක කතා කළත් විශ්වාස කරන්නෙ නැති තත්වෙකට එනවා’’

තමන්ගේ ශරීරය ගැන, හැගීම් ගැන, වෘත්තිය ගැන ඉතාම හොඳ අවලෝකනයක් තිබුනු සොෆියා හදිස්සියෙ මිය ගියා. ඇය ජීවිතේ කෙටි කාලයක් වුනත් ඒ කෙටි කාලයේ ‍ගිනි සිළුවක් වගේ දැල්වුනා. බිම වැටී තිබුණු පුරුෂ ලිංගයන් දහස් ගණනක් ඍජු කළා. මනස් තෘප්තිමත් කළා.

ඇය මහළු වී වැහැරී යනවා වෙනුවට තාරුණ්‍යයේදීම අනුරාගය බිඳකුදු ‍නොසි‍දෙන පරිදි මරණය වැළඳගත්තා. දෙවඟනක් බඳු ඇයට ගෞරව කරනවා මිස වෙන මොනවා කරන්නද?

මේ ගැන චාමර ගුරුගේ ෆේස්බුක් සටහනක් දාලා තිබුන මෙහෙම.

නිල් චිත්‍රපටි නිලියො බොහෝ විට අකාලයේ මිය යනවා…සුයිසයිඩ්…ඩ්‍රග්ස් ඕවර්ඩෝස් … ඇක්සිඩන්ට් වැනි හේතුන් මත…අති ධාවනකාරී ජීවිතය කොහේහරි ගිහිල්ලා හැප්පිච්ච ගතියක් තමයි ඒ මරණවල තියෙන්නෙ …එහෙම කෙනෙක් මැරුනාම බොහෝ දුරට මම දැකලා තියෙනවා දෙඅකාරයක ප්‍රතිචාර …එක වර්ගයක් තමයි….ඒ අවසනාවන්ත ජීවිතය දෙස බලන අනුකම්පාශීලි ප්‍රතිචාර…පෝර්න් ඉන්ඩස්‍ට්‍රිය ගැන ඇති විරෝධය…මත්ද්‍රව්‍ය පිළිබඳ විරෝධය…වැනි දේවල් ඒ ප්‍රතිචාර අතරේ තියෙන්න පුළුවන් ….ප්‍රශ්නේ තියෙන්නෙ අපි මේ කොනේ ඉඳන් අනං මනං හිතුවාට…ඒ කොනේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවිත ගැන අපි මුකුත් දන්නෙ නෑ…

🌟🌟🌟🌟

දෙවෙනි වෙනස ඊට වඩා ලස්සනයි
10/03/2024

දෙවෙනි වෙනස ඊට වඩා ලස්සනයි

ලස්සනයි ඒ වෙනස...
10/03/2024

ලස්සනයි ඒ වෙනස...

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය...❤️
06/03/2024

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය...❤️

KAYAK Boat safari  පොලොන්නරුව  මින්නේරිය
06/03/2024

KAYAK Boat safari පොලොන්නරුව මින්නේරිය

04/03/2024

#දේශීය වෛද්‍ය විද්‍යාව හා #බටහිර වෛද්‍ය විද්‍යාවටද අනුව #සන්ධි රෝග සඳහා වෙදකම් කරන නන්ද වෙද මහතා..දේශීය හෙළ වෛද්‍ය ....

03/03/2024

වෙනස ........👍

2024.03.03
03/03/2024

2024.03.03

26/02/2024

කෝලම❤️🌺

⭕ පොළොන්නරුවේ සිට දිවයින පුරා අඩුම මිල ගණන් යටතේ ඔබට අවශ්‍ය ඕනෑම  ගමනක්  ඔබ කැමති විදියට ගිහින් එන්න දැන්ම අප හා එක්වන්න...
21/01/2024

⭕ පොළොන්නරුවේ සිට දිවයින පුරා අඩුම මිල ගණන් යටතේ ඔබට අවශ්‍ය ඕනෑම ගමනක් ඔබ කැමති විදියට ගිහින් එන්න දැන්ම අප හා එක්වන්න
කොළඹ සහ ගුවන්තොටුපළට යෑමට අඩුම මිල

🔻 𝐔𝐩 & 𝐃𝐨𝐰𝐧 හයර් සදහා මිල අඩුම පැකේජයන් ( සැඟවුණු ගාස්තු නොමැත )

🔻 𝗔𝗹𝘁𝗼 කාර් රථ ( Budget Taxi ) wagon R පළපුරුදු රියදුරන් සහ ඉන්ධන සමග, සුවිශේෂී මිල ගණන් යටතේ ඔබට අවශ්‍ය ඕනෑම ගමනක් හිතේ හැටියට ගිහින් එන්න අදම අපිට කතාකරන්න

🔻 ඔබ දිවයිනේ කුමන ප්‍රදේශයේ සිටියත් ඔබ ඉන්න ස්ථානයට ඉක්මනින් වාහනයක් ගෙන්නවා ගැනීමේ පහසුකම් ඇත

🔻 සුවපහසු ගමනාන්තයක් සදහා ඔබ භාවිතා කල යුතුම විශ්වාසනීය සුහදශීලි ප්‍රවාහන සේවය රජරට taxi service

🔻 පැය 24 ම සේවාව

🔻 පරිස්සමෙන් ආරක්ෂාකාරීව හිතේ හැටියට ඔබට අවශ්‍ය ඕනෑම ගමනක් ගිහින් එන්න අදම කතාකරන්න 📞

077 85 500 25
රජරට taxi service" 🇱🇰

20/01/2024

පොළොන්නරුව.....

😒😔
13/10/2023

😒😔

විවාහයේදි තනතුරු බලන්න තරම් මෝඩයෙක් වෙන්න එපා...බැන්දෙ ටීච කෙනෙක් උනත්ඩොක්ට කෙනෙක් උනත්කෝකියෙක් උනත්ලෝයර් කෙනෙක් උනත්කවි...
26/09/2023

විවාහයේදි තනතුරු බලන්න තරම් මෝඩයෙක් වෙන්න එපා...
බැන්දෙ ටීච කෙනෙක් උනත්
ඩොක්ට කෙනෙක් උනත්
කෝකියෙක් උනත්
ලෝයර් කෙනෙක් උනත්
කවියෙක් උනත්
බිස්නස්මන් කෙනෙක් උනත්
අපි තුරුල් වෙන්නෙ ඒ තනතුරට නෙමේ ,
ඒ මනුස්සයගෙ පපුවට...
ඉතින් ,
ආදරණීය පපුවක් තෝරනවා වෙනුවට කෝටි ගණ්නන් හම්බ කරන තනතුරක් හොයන්න එපා🥺
දවසක,
ඔයාට පුලුවන් වෙන්න ඕන එයාට හැමදේම නැති වුණොත් එදාට එයා එක්ක පැදුරෙ හරි නිදාගන්න...
ඒකයි කියන්නෙ එදාට ඉතුරු වෙන්නෙ ඒ ආදරණීය පපුව!

මේ වචන අයිති මම ආසම උණුහුමේ අයිතිකාරයට!
මතක තියාගන්න ඔයා දෙන ආදරේ අපි දෙන්නට කල්පගාණකටම ඇති!
ඔයා එනකල් මම ඉන්නව...
ඒක මගේ පොරොන්දුවක් 🥺❣️
අයියෙ , ඔයා දන්නවා මම දිවුරන්නෙනෙ නෑ
ඒත් දිවුරලා කියන්නම්
ඔයා කොයි තත්වෙ හිටියත් මම ඔයාට ආදරේ කරන එක නවත්වන්නෙ නෑ ❤️

😂😂😂
24/09/2023

😂😂😂

Address

Colombo
Colombo

Telephone

+94772226670

Website

Alerts

Be the first to know and let us send you an email when Venasa MEDIA - වෙනස මීඩියා. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Venasa MEDIA - වෙනස මීඩියා.:

Videos

Share

Nearby media companies


Other Social Media Companies in Colombo

Show All