30/09/2023
දැනගෙන හිටියද ලංකාවෙ මෙහෙම තැනක් තියනවා කියලා ? 😲😲
දකුණු ආසියාවේ සාගරයේ පිහිටවූ ප්‍රථම වානිජමය ජලජීවී වගා ගොවිපල ත්‍රිකුණාමලයේ පිහිටා ඇති අතර එය දැනට ශ්‍රී ලංකාවේ ඇති එකම සාගරයේ පිහිටුවා ඇති ජලජීවී වගා මෙහෙයුම වේ.ස්කොට්ලන්ත සමාගමක් වන Oceanpick විසින් ඩොලර් මිලියන 2.5 ක ආයෝජනයෙන් මෝදා(Sea Bass ) වගාව 2012 වර්ෂයේ ත්‍රිකුණාමලය මුහුදේදී ආරම්භ කරන ලදී.
සාගර උෂ්නත්වය ඉහල යාම සහ කාබන් ඩයොක්සයිඩ් වායුව හමුවේ මුහුදු ආම්ලිකතාව ඉහල යාමෙන් මත්ස්‍යයන් වදවීමෙන් වත්මන් පරපුර ස්වාභාවික මුහුදු මාලු අනුභවය කරන අවසාන පරපුර ලෙස සැලකේ.ඒබැවින් සාගර ජලජීවී වගාව කෙරේ ඉහල ප්‍රවණතාවයක් ලෝකයේ දක්නට ඇත.
සාගර මත්ස්‍ය වගාවට ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ ඉහල විභවයක් පවතී."ත්‍රිකුණාමලය ලෝකයේ දෙවන විශාලතම ස්වාභාවික වරාය වන අතර ලෝකයේ වෙනත් ස්ථාන වලට සමාන මහා පරිමාණ කාර්මික ක්‍රියාකාරකම් වලින් තොර වීම නිසා බැර ලෝහ පරිමාණය අවම මට්ටමක ඇත.මෙම සමාගම ඉදිරි වර්ෂ කිහිපයේදී ත්‍රිකුණාමල මුහුදේදී අපනයනය සදහා මසුන් ටොන් 1000 ක් නිපදවීමට කටයුතු කරමින් පවතී.
-----------------------------------------------
-----------------------------------------------
DM or Email for Credit or removal.
Credits always goes to respective owner 💙
-----------------------------------------------