Teleview

Teleview Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Teleview, Broadcasting & media production company, No 466/1/1 Carlton House, Galle Road, Colombo.

17/09/2024
11/09/2024
04/09/2024
Teleview plus vacancy for Executive CoordinatorLocation: Kollupitiya, PannipitiyaJob Type: Full-timePosition Summary:We ...
20/06/2024

Teleview plus vacancy for Executive Coordinator

Location: Kollupitiya, Pannipitiya

Job Type: Full-time

Position Summary:
We are seeking an enthusiastic A/L graduate or undergraduate student to join our team as an Administrative Assistant. The ideal candidate should be pursuing a degree in Business Administration, Customer Service, or a related field and possess strong organizational and multitasking abilities. Exceptional communication skills and a customer-focused mindset are essential.

Responsibilities:
-Manage administrative tasks efficiently.
-Provide outstanding customer support and resolve inquiries.
-Coordinate office operations and assist customers with service information.
-Maintain records and assist in inventory management.

Requirements:
-A/L graduate or undergraduate student in Business Administration, Customer Service, or a related field.
-Strong organizational and multitasking abilities.
-Exceptional communication skills.
-Customer-focused mindset.

Opportunity to gain practical experience in a professional setting.
Supportive work environment with growth potential.
Competitive compensation package.
How to Apply:
Interested candidates should submit their resume and a cover letter detailing their qualifications and interest in the position to [email protected] by 23rd June 2024

මේ අපේ Tree Nature Resort  නවාතැන්පොළේ තැන් කීපයක්. මහ ගහක් උඩ නිදාගෙන පාන්දරින් ඇහැඇරෙන්න, ගහ කොල සතා සිව්පාවුන්, පක්ෂී...
11/06/2024

මේ අපේ Tree Nature Resort නවාතැන්පොළේ තැන් කීපයක්. මහ ගහක් උඩ නිදාගෙන පාන්දරින් ඇහැඇරෙන්න, ගහ කොල සතා සිව්පාවුන්, පක්ෂීන්,ගහ උඩ ඉඳන්ම එකතුවෙන්න, බදුලුඔය විඳගන්න, කැලෑ ගමනක්, නැත්නම් කඳු අතර තියෙන කෝච්චි පාර දිගේ නිදහසේ ඇවිදින්න, හැමෝම වර්ණනාකරන ගමේ රසවත් කෑම ටිකක් රසවිඳින්න මෙතැනට දවසක ඇවිත් යන්න එන්න. ආ අයගෙන් විස්තර අහගෙන එන්න. නැත්නම් සමීර 07777033603 ගෙන් විස්තර අහගන්න.

Teleview plus OTT content streaming platform ,හී සමාරම්භක නව Subscriber සාමාජිකයන් බඳවා ගැනීම හා එම පුරෝගාමී සාමාජිකයන් ...
31/05/2024

Teleview plus OTT content streaming platform ,හී සමාරම්භක නව Subscriber සාමාජිකයන් බඳවා ගැනීම හා එම පුරෝගාමී සාමාජිකයන් වෙත පුරෝගාමී සාමාජික සහතික පත් ප්‍රධානය ගරු ජනාධිපති ලේකම්තුමා අතින් පසුගියදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී සිද්ධවුනා.

අලුත් සoකල්පයක් මතින් ලොවපුරා විකාශය කිරීම සඳහා චිත්‍රපටි,ටෙලි ප්‍රාශාo ගික වාර්තා චිත්‍රපටි, ගී, සoගීත අඩ0ගු TELEVIEW plus OTT Platform හී founder subscriber Memberships ගැනීම සඳහා ජනාධිපති නීතිඥ හා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ සභාපති රොනල්ඩ් පෙරේරා, ආසියා ශාන්තිකර නීතිඥ සංගමයේ විධායක සභික උපුල් ජයසූරිය , ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති , මහාචාර්ය ජයන්ත බලවර්ධන, ශ්‍රී ලංකා මෞත්‍ර ලිංගික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නෙවිල් පෙරේරා , ශ්‍රී ලංකාවේ වැඩිම තේ කර්මාන්ත ශාලා ප්‍රමාණයක් හිමි Dr W. ජිනදාස , ජාත්‍යන්තර Mortivation දේශක නාලක හේවාමද්දුම, කැනඩාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න, ජපානයේ ශ්‍රී ලංකා කොන්සල්වර සුනිල් ගමගේ , තරුණ රංගන වේදිනී උමාලි තිලකරත්න, තරුණ ගායක ශිල්පී රිද්ම වීරවර්ධන , ආදිත්‍යා වැලිවත්ත හා ලක්මිනි උඩවත්ත යන මහත්ම මහත්මීන් තමන්ගේ founder subscriber membership certttificates ගරු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ලබා ගත්තා.
🌿 මේ එම අවස්ථාවෙදී ගත් චායාරූප පෙළක් මේ

Our web site with payment gateway is https://dewathaeli.live  its very easy to using for buying Tickets.
14/05/2024

Our web site with payment gateway is https://dewathaeli.live its very easy to using for buying Tickets.

13/05/2024

කලු සුදු ටෙලි තිරය රන් හුයෙන් හැඩ කළ සිතුවම්කරු ඔහුමැයි...!

ඉස්සර අපේ ගමේටම තිබුනේ එකම එක ටීවි එකයි.පොල් කොළ වලින් වියාපු හීනි පාට පාට තීරු තියෙන පැදුරත් එලාගෙන අපි ඉතින් ඕක දිහා ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා.

ඒ කාලේ අද වගේ ස්මාර්ට් නොවුන ලෝකෙක ,ලෝකෙ තියෙන දේවල් හරි ස්මාර්ට් විදිහට අපිට පෙන්නුවේ ජාතික රූපවාහිනිය තමයි.

ඒ තේමා නාදය අදටත් ඇහෙනකොට පොඩි කාලෙට හිත දුවගෙන යනවා..ඒ වෙලාවට කොහේ හිටියත් මොන වැඩේ තිබ්බත් කුඹුරේ නියර උඩින් දුවගෙන ගිහින් එක හැල්මෙ නතර වෙන්නේ ටීවි එක ඉස්සරහා.

මහ කැළේ මැද්දෙන් අමුඩ කොටයක් ගහගෙන එන රණාව අදටත් අපිට එක්තරා වීරයෙක්.රූප පෙට්ටිය ඇතුළට අපිටත් යාගන්න පුලුවන් වුනානම් අපි ඉන්නෙත් රණාගේ පැත්තෙමයි කියලා ඕන තරම් අපේ හිත කියනවා...බර සාර ප්‍රශ්න නොතිබ්බ ඒ වගේ දවස්වලට අපේ ජීවිතේ ගෙවෙන්නෙත් රණා-පාලි ආදර අන්දරයත් එක්කමයි.

ඒ තරමටම ඒ චරිත පොඩි කාලේ අපේ ජීවිත එක්ක යා වෙලා තිබ්බා.

දඬුබස්නමානය පටන් ගන්න හැම වෙලාවකම ටීවි එකේ ඉස්සරහ පෙන්නන ටිකක් වෙනස් විදිහේ ලාංජනයක් දිහා අපි ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා.

ටෙලිවිව්...ඒ මොකක්ද ඒ..

ඒක එතනින් නතර වෙන්නේ නෑ..ඊට පස්සේ පවුලේ හැමෝම හරි ආසාවෙන් බලන හැම නාට්‍යකම ඔය ලාංජනය පේන්න තියෙනවා.

ඒත් එක්කම යටින් පෙන්නන තව නමක් තියෙනවා..සුනිල් රත්නායක කියලා..අපිට දැනුම් තේරුම් එනකොට ටිකෙන් ටික තේරෙනවා ,ආ..ටෙලිවිව් කියන්නෙත් ,සුනිල් රත්නායක කියන්නෙත් දෙන්නෙක් නෙවෙයි,එක්කෙනෙක් කියලා..

ටෙලිවිව් හදපු ටෙලි කතා හරි අපූරුයි..ඒ වෙනුවෙන් අපේ රටේ ඉන්න දැවැන්ත අධ්‍යක්ෂකවරු සම්බන්ධ වෙලා තිබුනා.

ඒ කාලේ මට තිබුන රහසක් තමයි ,වෙනස් රහකට ටෙලි නාට්‍ය හදන්න තරම් සුනිල් රත්නායකයන්ගේ ටෙලි රහ වෙනස් එකක් නේද කියන එක.පස්සේ ඒ රහසත් හෙළිවුනා.

එතුමගේ බාල කාලය ගෙවිලා තියෙන්නේ බදුල්ල බණ්ඩාරවෙල මුල් කරගත්ත වෙල්ලස්සේ..ඉතින් වෙල්ලස්සේ මිනිස්සුන්ගේ ඒ ගැමි රසය , සුරසක් වෙලා ටෙලි රසිකයින්ව රසවත් කරන්න ඔහු සමත් වෙලා තියෙනවා.

අපිට හරි රහට විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍ය හදපු සුනිල් රත්නායකයන්ගේ ටෙලිවිව් සම්ප්‍රාප්තියට මේ අවුරුද්දට දශක හතරයි.පොඩි දරුවෙක් හරි පරිස්සමට ආදරෙන් බලාගෙන අවුරුදු හතළිහක ලොකු මිනිහෙක් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.ටෙලිවිව් සන්නාමය අද ඉන්න තැන දැක්කම සුනිල් රත්නායක ඒ කටයුත්ත හරි අපූරුවට පරිස්සමට කරලා තියෙන වගට තවත් කතා කුමට ?

ඉතින්..දේවතා එළි මේ සතියෙදි දිග හැරෙන්නෙත් ඒ වෙනුවෙන්මයි.

මන් හිතන්නේ එදා කලු සුදු රූප තිරයෙන් ටෙලි නාට්‍ය බලපු අනූව දශකයේ අපි වගේම ,ඊට උඩ දශකවල අපි හැමෝටමත් එදාට නෙළුම් පොකුණේ වාඩිවෙලා ඉන්න පුලුවන්නම්,පොඩි කාලේ සාලෙට වෙලා ටීවි එක දිහා ඇස් විසල් කරන් බලන් හිටපු සුන්දර අතීතයට හෝරා කිහිපයකට අපිව අනිවාර්යයෙන්ම අරගෙන යාවි..! ජීවිතේ ඒ තරම් මිහිරකින් අපිව ආපස්සට කැටුව යන දවස වෙනුවෙන් ඔබේ අසුනත් වෙන් කරගන්න ,මේ අංකවලට ඔබේ දුරකථනයෙත් ඉඩක් වෙන් කරන්න.
075 7334401 / 0777033603 /0759497130

-ලක්ෂිත දිල්රුක්ෂණ -

Address

No 466/1/1 Carlton House, Galle Road
Colombo
00300

Website

Alerts

Be the first to know and let us send you an email when Teleview posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Teleview:

Videos

Share


Other Broadcasting & media production in Colombo

Show All