![අපි photos ඇතුළෙ මතක හිර කරන මිනිස්සු..! 💜අපේ phone ඇතුළෙ තියෙන්නෙ නිකන්ම නිකන් photos ගොඩක් විතරයි කියලා කවදා හරි හිතිල...](https://img4.medioq.com/474/060/376372184740608.jpg)
15/11/2023
අපි photos ඇතුළෙ මතක හිර කරන මිනිස්සු..! 💜
අපේ phone ඇතුළෙ තියෙන්නෙ නිකන්ම නිකන් photos ගොඩක් විතරයි කියලා කවදා හරි හිතිලා තියෙනවද?
නෑ..ඒවා නිකං photos ගොඩක් විතරක් නෙමෙයි. ඒ අපි ළඟ නතර වුණ මතක ගොඩක්. පරණ මතක වලට, පරණ තැන් වලට අපිට ආපහු යන්න ලැබෙන ටිකට් එකක් වගේ දෙයක්.
ඒ වගෙම ඒ මොහොතෙ අපි ළඟ තිබුණු සතුට, අපිට දැනුණු හැඟීම් ආයෙ අපිට මතක් කරලා දෙන දෙයක්.
මං හිතන්නෙ මිනිස්සු මෙච්චර photos ගන්න කැමති ඒකයි. Photos පරිස්සම් කරන්නෙ ඒකයි. අපිට දැනුණු ලස්සන හැඟීම්, අපි ඇස් දෙකෙන් දැකපු ලස්සන දේවල්, අපේ ඇස් ඇතුළෙ තිබ්බ ආදරය, හැමතිස්සෙම photos ඇතුළෙදි පරිස්සම් වෙලා තියෙන නිසයි.
කාලයක් යද්දි වියැකිලා යන, නැතිවෙලා යන දේවල් පවා photos ඇතුළෙදි හැමතිස්සෙම පරිස්සම් වෙලා තියෙනවා.
අපි නිතරම photos ඇතුළෙ මතක හිර කරලා තියන්නෙ අන්න ඒ හින්දයි..! 💜
✍️ Purple Vibes by Mekala - මේකලා දහනායක