HG Spice Product's

HG Spice Product's HG SPICE PRODUCT'S
Best Quality Spices Products Items & Traditional Spice Product's

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය….ලෝහ නිස්සාරණය 18 වන සියවසේ එංගලන්තයෙන් සොයා ගත් බවට පැවසුවද ඉතා පුරාණ කාලයේ සිට මෙරට ...
13/07/2024

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය….

ලෝහ නිස්සාරණය 18 වන සියවසේ එංගලන්තයෙන් සොයා ගත් බවට පැවසුවද ඉතා පුරාණ කාලයේ සිට මෙරට වැසියෝ යකඩ නිස්සාරණ තාක්ෂණය දැන සිටි බවට සාධක හමු වී ඇත. අතීතයේ ඩමස්කස් කඩු සෑදීමට මෙරටින් වානේ ලබා ගත් බවට ලිඛිත සාක්ෂි ද හමු වී ඇත. මේ සම්බන්ධව ප්‍රබල පුරා විද්‍යාත්මක සාධකයක් හමු වන්නේ සීගිරිය අලකොළවැව දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් (යකඩ නිස්සාරණ උදුන් 139ක් සොයා ගත් අතර ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 200 පමණ දක්වා කාලය තුළ මයිනහමක ආධාරයෙන් සුළං බලය යොදා එහි යකඩ නිස්සාරණය කර තිබේ) හා බලංගොඩ,සමනල වැව ප්‍රදේශයෙනි. සමනලවැව දී මෙහිදී මැටි කල,යබොර,යපස් නිධි හා යකඩ උදුන් හතරක් හමු විය.මෙම මැටි කල ක්‍රි.ව.7-10 කාලයට අයත් බව කාබන් කාල නිර්ණයෙන් සොයා ගෙන ඇති අතර කුඹල්ගම, මුත්තෙට්ටුවේගම, අලුත්නුවර, ඉඹුල්පේ, හතරබාගෙ, පඹහින්න යන ප්‍රදේශවල මෙම කර්මාන්තය තිබී ඇති බවට සාධක ඇත.
ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතු අතර යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අත්‍යවශ්‍යවේ.

සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං (නිරිතදිග මෝසම් සුළං) බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන වියළි සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ. වර්තමානයේදී ද වසරේ නිරිතදිග මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යන බව අත්විඳිය හැක.
මෙම උදුන් දැල්වීම සදහා යොදා ගෙන ඇත්තේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරු වන අතර අදත් මෙම පළාතේ මරං ගස් (මෙම ගස් වර්ගය 'යකඩමරං' ලෙසද හැඳින්වේ) දක්නට ලැබේ. උදුන මැටි වලින් සාදා ඇති අතර එහි ඉදිරිපස බිත්තිය බටහිර දෙසින් එන සුළඟට මුහුණලාත් පසුපස බිත්තිය කඳු මුදුන දෙසට මුහුණලාත් සාදා තිබේ.

ඉදිරි බිත්තියේ දිග මීටර 2ක් පමණ වන අතර ගැඹුර අඩි දෙකකට ආසන්න වන සේ සාදා ඒ අනුව උදුන පතුලේ වර්ගඵලය සකසා ඇත. උදුන තුළට වාතය ඇතුළු වීම සඳහා කුඩා වෘත්තාකාර බට එහි ඉදිරිපස බිත්තියේ සාදා තිබේ. එම බට රවුම් හැඩයට නිර්මාණය කර ඇති බැවින් ඇතුළත සහ පිටත පීඩන අන්තරය මගින් ඒවාට සිදු වන හානිය අවම වේ. යකඩ නිස්සාරණයේදී සෑදෙන ලෝ බොර පිටතට ගලා ඒම සඳහා සිදුරක් උදුනේ පහළින්ම සාදා තිබේ.

සමනළවැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ග යැයි සැලකේ. උදුනේ පතුළේ පිදුරු සහ දහයියා තැන්පත් කර ඊට උඩින් ප්‍රධාන ඉන්ධනය ලෙස භාවිතා කරන දර අඟුරු දමා (මරං දර අඟුරු) ඉහළින්ම නිස්සාරණයට ලක් කරන යපස් තැන්පත් කරයි. ඉන්පසු උදුනට ගිනි දැල්වූ පසු දහනයට අවශ්‍ය වාතය උදුනේ ඉදිරිපස බිත්තියේ මධ්‍ය කොටසේ ඇති කුඩා වෘත්තාකාර සිදුරු හරහා උදුන තුළට ගැනේ. උදුනේ හැඩය නිසා එම වායු ධාරාව අනාකූලව ගලා යෑමෙන් එහි පහළ වාතය ඇතුල් වන ස්ථානයේ සහ ඉහළ දහනය සිදු වන ස්ථානයේ පීඩන අනුක්‍රමණයක් ඇති වීම නිසා වාතය, දහනය සඳහා ඔක්සිජන් සපයමින් උදුන තුළින් ඉහළට ගමන් කරයි. උදුන තුළ දහනය සිදුවන්නේ 1500`C ට පමණ වන අධික උෂ්නත්වයක් යටතේ වන අතර ඉහළින් පිටවන විට වාතය 925`C කට පමණ රත් වී පිටව යන අපවාතයෙන් කොටසක් උදුන උඩින් හමා යන සුළං ප්‍රවාහය සමග එක්ව බැහැර වේ. උදුන තුළට පහළ සිදුරු ඔස්සේ ඔක්සිජන් සහිත අලුත් වාතය ඇතුළු වීම සඳහා එම පියවර වැදගත් වන අතර එමගින් උදුන් තුළට අඛන්ඩ වාත සැපයුමක් පවත්වා ගෙන යයි. එමෙන්ම අපවායු වලින් යම් කොටසක් නැවත උදුනේ ඉහළ ඇති යපස් වෙත සංසරණය වන අතර 850`C පමණ රත් වී ඇති එම අප වායු උදුනේ ඉහළ ඇති යපස් දහනයට රුකුළක් වේ.
උදුන පැය 5ක් පමණ දැල් වෙද්දී එහි ඇති යපස් දිය වී යකඩ ලෝහය වෙන් වන අතර ඒ නිස්සාරණය වුණු යකඩ හා යපස් වල තිබූ අනෙකුත් අපද්‍රව්‍ය නිසා සෑදෙන ලෝ බොර දර අඟුරු මැදින් උදුනේ පහළට ගමන් කරයි. ලෝ බොර සහ වානේ වල ඝනත්ව වෙනස් නිසා ඒවා උදුනේ වෙනස් මට්ටම් වල රැඳෙන අතර මෙහිදී ලෝ බොර සහ වානේ යම් ප්‍රමාණයකට මිශ්‍ර වීමක් සිදු වේ.

ලෝ බොර වලින් යම් ප්‍රමාණයක් උදුනේ පහළ ඇති සිදුරෙන් පිටවී යන අතර උදුනේ දර අඟුරු තුළින් අධික උණුසුම්ක් සමග පහළට බසින විට ඒවායේ ඇති කාබන්, යකඩ සමග මිශ්‍ර වේ. එමගින් කාබන් ප්‍රතිශතය ඉහළ වානේ උදුන තුළ නිර්මාණය වන අතර ක්‍රියාවලිය අවසන් වූ පසු උදුන කඩා දමා එය සිසිල් වූ පසු වානේ කුට්ටි පිටතට ගැනේ. එබැවින් මෙම උදුනක් භාවිතා වන්නේ එක් වරක් පමණක් වන අතර නැවත නිස්සාරණයට නව උදුනක් නිර්මාණය කළ යුතුය.

මීට වසර කිහිපයකට පෙර දෙස් විදෙස් විද්වතුන් රැසකගේම සහභාගීත්වයෙන් මෙම නිස්සාරණ ක්‍රියාවලිය ආදර්ශනය කිරීම සඳහා ආකෘතියක් නිර්මාණය කෙරුණ අතර එහිදී ඉහත පැවසූ පරිදිම කාබන් ඉහළ වානේ නිශ්පාදනය කිරීමට හැකි විය. වසර 2000කට පෙර ශ්‍රී ලංකාවේ වානේ තාක්ෂණයේ විද්‍යාත්මක නිරවද්‍යතාවත්, මෙරට වානේ එකල අනෙක් රටවල් වල පවා ප්‍රකටව තිබූ බවට වූ පුරාවෘත්තයත් (ඉපැරණි සිරියානු ඉතිහාස වාර්තාවල ලංකාවෙන් (සිව්හෙලය ) එරටට අනර්ඝ තත්වයේ වානේ අපනයනය කළ බව සඳහන් වේ) එයින් යළි යළිත් තහවුරු විය. මෙලෙස ස්වාභාවික සුළං බලයත්, භූ පිහිටීමත් හා පාරිසරික සාධකත් මූලික කර ගෙන යකඩ නිස්සාරණය කිරීමේ ක්‍රමයක් ලොව වෙනත් කිසිදු රටක කිසිදු ශිෂ්ටාචාරයකින් වාර්තා වී නොමැති අතර මෙයින් පසක් වන්නේ අතීතයේ පටන් මෙරට වැසියන් තාක්ෂණික දැනුමෙන් පොහොසත් බවයි.

1988 දී රත්නපුර දිස්ත්‍රික්කයේ සමනලවැව ප්‍රදේශයේ ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා ක්ෂේත්‍ර අධ්‍යනයක් කරමින් සිටි නිලධාරීන් පිරිසකට ඒ ආශිත කඳු ගැටයක් මත මෙම නටඹුන් හමු වූ අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසු එම නටඹුන් පුරාවිද්‍යා නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය. පසුව කළ කැණීම් වලින් සමනලවැව සහ සීගිරිය අවට ප්‍රදේශ වලින් මේ වර්ගයේ උදුන් 139ක්ම සොයාගැනීමට හැකිවූ අතර කාබන් කාල නිර්ණයට අනුව මෙ උදුන් වසර 2000ක් පමණ පැරණි බව සොයාගෙන ඇත. මෙරට වානේ තාක්ෂණය පිළිබදව පැහැදිලිව සාක්ෂි හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දින නිර්ණය කර තිබෙන සොහොන් ගැබක තිබී යබොර කැබැල්ලක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එය ඒ කාලයේ යකඩ උණු කළ බව පෙන්වන සාක්ෂියකි.

ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබඳු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ. එයින් පලමුවැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන් ය.

දෙවැන්න මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.

ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍ය ය.

සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ.

අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අඟුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ ඉවත් වේ. සමනළ වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ගයි.

මෙම උදුන් දැල්වීම සදහා යොදාගෙන තිබෙන්නේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරුය. අදත් ඒ පළාතේ මෙම ගස් වැවී තිබේ. මෙම ගස් වර්ග හැදින්වීමට 'යකඩමරං' යන වචනයද භාවිතා කෙරේ.

දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් යකඩ උදුන් දැල්වීමට අවශ්‍ය කරන සුළං බලය ලබාගෙන තිබෙන්නේ මයිනහමක ආධාරයෙනි. ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 200 පමණ දක්වා කාලය තුළ එහි යකඩ නිස්සාරණය කර තිබේ.
මෙය අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.

සබ්බිතියෝ විවජ්ජන්තූ...සබ්බරෝගෝ විනස්සතූ...මා තේ භවත්වන්තරායෝ...සුඛි දීඝායුකෝ භව...!!!
13/04/2024

සබ්බිතියෝ විවජ්ජන්තූ...
සබ්බරෝගෝ විනස්සතූ...
මා තේ භවත්වන්තරායෝ...
සුඛි දීඝායුකෝ භව...!!!

15/07/2023
28/06/2023
අප අවට වටපිටාවේ   ඉබේ හැදේ පැළෑටි හැම එකක්ම වල් පැළෑටි නෙවෙයි. ඒත් අපි බොහෝ දෙනෙක් මේ වටිනා ඔසු පැල ගැන නොදන්නාකම නිසාම ...
14/12/2022

අප අවට වටපිටාවේ ඉබේ හැදේ පැළෑටි හැම එකක්ම වල් පැළෑටි නෙවෙයි. ඒත් අපි බොහෝ දෙනෙක් මේ වටිනා ඔසු පැල ගැන නොදන්නාකම නිසාම මේවා වල් පැලෑටි විදිහට සලකා විනාශ කරනවා. ඉතින් අපේ ශරීරයට ඕන කරන ඔමේගා ත්‍රී ඇතුළු පෝෂණ කොටස් නොඅඩුව කිසිම අපහසුවක් වියදමක් නැතුව සපයා ගන්නට ස්වභාදහමෙන් අපූරු පැළෑටියක් දායාද කරල තියෙනවා. අපි අද කතා කරන්නේ විශේෂ ගුණ සහිත ඒ පැලෑටිය ගැනයි . ඒ තමයි ගෙද පලා.

ගෙඳ පලා ශාකය ගෙවත්තේ ඉබේම වැවෙන පැළෑටියක්. නමුත් බොහෝ අය මෙය වල් පැලෑටියක් විදිහට තමයි සළකන්නේ. මේ පලාවල ස්වභාවය සලකා බැලුවොත් මෙහි කඳ රතු පැහැයකින් යුක්තයි. මෙහි පෙති පහකින් යුත් කහ පැහැති කුඩා මලක් හට ගන්නවා. අතු බෙදී වර්ධනය වෙන මේ ශාකයේ පත්‍ර මාංසල ස්වභාවයක් ගන්නවා. ඒවා ඒකාන්තරවයි පිහිටා තියෙන්නේ. වෙළදපොලේ වර්ණයෙන් මේ ගෙද ශාකයට සමාන විවිධ විසිතුරු පැල තියෙන නිසා මෙය ඔබට හඳුනාගන්නට අපහසු වෙන්න පුළුවන්.

කොහොම වුණත් ඉතාම ගුණදායක වෙන මේ පැළැටිය අපිට විවිධ ක්‍රමවලට ආහාරයට එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පරිප්පුවලට හෝ වෙනත් ධාන්‍ය වර්ගවකට එකතු කරගෙන ගෙද ව්‍යංජනය පිළියෙල කරගන්න පුළුවන්. ඒ වගේම සුප් වර්ග, කැඳ ආදිය පවා මේ ගෙදවලින් සකසා ගන්න හැකියාව තියෙනවා.

ඒ විතරක්ම නෙවෙයි ගෙද දඬු ටිකක් නටන ජලයට එකතු කරලා විනාඩි තුන හතරකින් ඉවතට අරගෙන භාජනයකට තෙල් පොඩ්ඩක් රත් කරලා ඒකට ලූණු, සුදු ලූණු, ගම්මිරිස් ටිකක් එකතු කරල ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේම ගෙඳ පලා කුඩා කොටස්වලට කපා වියළාගෙන රසවත් ඖෂධීය තේ එකක් පිළියෙල කරගන්නත් පුළුවන්.

ගෙඳ පලා කියන්නේ විදේශ රටවල බොහෝ දෙනෙක් ආහාරයට ගන්නා හරි අපූරු පෝෂණීය පලාවක්. මේවායේ අඩංගු වෙන පෝෂණ සංඝටක ගැන කතා කළොත් විටමින් ඒ, විටමින් බී සහ විටමින් ඊ ආදියත් මැග්නීසියම්, මැංගනීස්, යකඩ පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, සින්ක් වගේ ඛනිජ ලවණත් අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගෙඳ පලාවල ඔමේගා 3 සැලකිය යුතු මට්ටමින් අන්තර්ගත වෙන නිසා එය අපේ ශරීරයට වඩාත්ම වාසිදායක සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙනවා. මේවායේ ප්‍රතිඔක්සිකාරක ගුණයත් ඉතාම ඉහළ නිසා එයින් දේහයට ලැබෙන ආරක්ෂාව ඉතා ඉහළයි.

ගෙද පලා ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

ඔමේගා 3 මේද අම්ල සැලකිය යුතු මට්ටමකින් අන්තර්ගත වෙන නිසා හදවත් රෝගවලින් ආරක්ෂාව සලසනවා. ඒ වගේම කුඩා දරුවන් තුළ ADHD ඔටිසම් තත්ව ඇතිවීම වළක්වන්නත් උපකාරී වෙනවා.

ඇස් පෙනීම වර්ධනය කරනවා.
පිළිකා ඇති වීමේ අවදානම අඩු කරනවා.
ශරීර බර අඩු කර ගන්නට උපකාරී වෙනවා. විශේෂයෙන්ම කැලරි අඩුවෙන් අන්තර්ගත තන්තු සහ පෝෂණ ගුණයෙන් ඉහළ නිසා ශරීර බර අඩු කරගන්නට මෙය උපකාරී වෙනවා.
අස්ථි ශක්තිමත් කරනවා.
සමේ රෝග වලින් ආරක්ෂාව සලසනවා.
ආහාර මාර්ගය ආශ්‍රිත රෝග දුරු කරනනවා.
රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වාගෙන යාමට දායක වෙනවා.
ආහාර රුචිය වර්ධනය කරමින් කුසගිනි වඩවනවා.
හිසේ කැක්කුම් සහ උදරයේ ඇතිවන කැක්කුම් සුවපත් කරනවා.
අක්මාවමට ඉතාම ගුණදායකයි.අක්මාවේ එන්සයිම ස්‍රාවය උත්තේජනය කිරීම, අක්මාව ආශ්‍රිතව එකතු වී ඇති විෂ ඉවත්කර අක්මාව ආරක්ෂා කිරීමත් මේ ගෙඳ පලාවල සුවිශේෂීත්වයක් .

වණ සහ තුවාල සුව කිරීමේ හැකියාවෙන් යුක්තයි.
රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව පවතිනවා.
අධි රුධිර පීඩනය පාලනය කරනවා. රුධිර කැටි ඇතිවීමේ හැකියාව වළක්වනවා.
තන්තු බහුල ආහාරයක් වන නිසා ආහාර ජීර්ණය හොඳින් සිදු කිරීමෙන් මලබද්ධය සහ අර්ශස් ආදී රෝග වලින් ආරක්ෂාව සලසනවා.
ඇස් ආශ්‍රිත ඉදිමුම් සුව කිරීම සඳහා ගෙඳ භාවිතයට ගැනෙනවා. ගෙඳ කොළ සියඹලා දළු එළකිරෙන් තම්බා අඹරා ඇස්වල ගැල්වීමෙන් සිදුවෙනවා
අභ්‍යන්තර රුධිර වහනය වැළැක්වීමේ ඔසුවක් ලෙස භාවිතයට ගැනෙනවා.
අතීසාරය, පාචනය, කෘමි විෂ නැසීමට, පණු රෝග සමනයට, වකුගඩු රෝග සදහා, මුත්‍රා සමග ලේ පිටවීමට, ශරීරය නොයෙකුත් ඉදිමුම් සඳහා රක්ත වාතය සමනය සඳහාත් මුත්‍රා අඩිස්සිය සඳහාත් චර්ම රෝග සඳහාත් ඖෂධයක් විදිහට මේ ගෙඳ පලා භාවිතයට ගැනෙනවා.

මුත්‍රා වඩන ආහාරයක් විදිහටත්, හදවතට ගුණදායක සුවිශේෂී පලාවක් විදිහටත් සැලකෙන මේ ගෙද පලා ඔබේ ගෙවත්තේත් ඕනෑතරම් දකින්නට ඇති. ඉතින් ඒවා විනාශ කරන්නෙ නැතිව ඔබේ ආහාරයට එකතු කර ගත්තොත් ඔබටත් ඔබේ දරුවන්ටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා නිසැකයෙන්ම.

27/07/2022

✔️ කෝපිකුඩු මේසහැන්දක් තියෙනව නම් පවුලෙ හැමෝටම රස විදින්න පුලුවන් ලාබ අත...

23/07/2022
20/07/2022
19/02/2022
15/02/2022
25/12/2021

No opyright infringement intended. Fair use.Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purpos...

Address

HG Spice & Food Product's, Yudaganawa
Buttala
91100

Alerts

Be the first to know and let us send you an email when HG Spice Product's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HG Spice Product's:

Videos

Share