Lalith Warnakumara Media Unit

Lalith Warnakumara Media Unit M.P Lalith Warnakumara Media Unit Official page
(1)

ඊද්- උල්- අල්හා හජ් උත්සවය සමරන සියළුම දෙනාට සුබපැතුම් එක්කරමි.
17/06/2024

ඊද්- උල්- අල්හා හජ් උත්සවය සමරන සියළුම දෙනාට සුබපැතුම් එක්කරමි.

සුබ උපන්දිනයක් වේවා...! 🥰🙏
07/10/2023

සුබ උපන්දිනයක් වේවා...! 🥰🙏

මදුරාවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කෙරේ.මදුරාවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව තෙමහල...
24/06/2023

මදුරාවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කෙරේ.

මදුරාවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කිරීම කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (21) දා සිදුකෙරිණි.

එයට සමගාමීව මදුරාවල, බුලත්සිංහල සහ මිල්ලනිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල 170 දෙනෙකු සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා , දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, ප්‍රාදේශිය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

ස්මාර්ට් ජංගම දුරකථන, සමාජ මාධ්‍ය භාවිතය සහ දරුවන්ගේ සුරක්ෂිතතාවය පාසල් දරුවන්, දෙමාපියන් සහ තරුණ ප්‍රජාව දැනුම්වත් කිරී...
09/06/2023

ස්මාර්ට් ජංගම දුරකථන, සමාජ මාධ්‍ය භාවිතය සහ දරුවන්ගේ සුරක්ෂිතතාවය

පාසල් දරුවන්, දෙමාපියන් සහ තරුණ ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන 2023 ජුනි මස 10 වන සෙනසුරාදා දින උදෑසන 8:30 ට පාරුතල්විල පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්වේ.

පාසල් යන දරුවන් සිටින දෙමාපියන් සියලුදෙනා තම දරුවාත් සමඟ මෙම අවස්ථාවට සහභාගිවන්න.

දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරනු වස් ඔබේ වගකීම් සහගත යුතුකම ඉටුකරන්න.

මෝල්කාව ග්‍රාමීය රෝහලේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ.දැනට ක්‍රියාත්මකව පවතින මෝල්කාව මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රා...
25/05/2023

මෝල්කාව ග්‍රාමීය රෝහලේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ.

දැනට ක්‍රියාත්මකව පවතින මෝල්කාව මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත් කිරීමේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු පසුගිය (20) දා ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ කළුතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, බුලත්සිංහල /මදුරාවල සම්බන්ධීකරණ කමිටු සභාපති ලලිත් වර්ණකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ග්‍රාමීය රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමෙන් පසු කෙලින්කන්ද, කොස්ගුලන, මෝල්කාව, ගලහිටිය, වලකඩ, පරගොඩ ඇතුළු ප්‍රදේශවල රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ලැබේ.

දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර රෝගී ජනතාවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස මන්ත්‍රීතුමන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

මෙම අවස්ථාවට පරගොඩ කොට්ඨාසයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රනිල් ප්‍රසන්න මහතා, පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුගත් හේවාපතිරණ මහතා, පාලින්දනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීනි බන්දුලා මල්කාන්ති මහත්මිය ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටියහ.

වෘත්තීය තරුණ නියාමක සංගමයේ නියෝජිතයින් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා අතර සාකච්ඡාවක් පස...
25/05/2023

වෘත්තීය තරුණ නියාමක සංගමයේ නියෝජිතයින් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා අතර සාකච්ඡාවක් පසුගිය (24) දා බත්තරමුල්ල මොනාර්ක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි.

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නව පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරයා ලෙස මෙම අවස්ථාවට මන්ත්‍රීතුමන් සහභාගි වූ අතර මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ද සාකච්ඡාවට එක්විය.

මෙහිදී තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළු, සමාජයීය සංවර්ධනයේදී ඔවුන්ගේ දායකත්වයන්, සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යන මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ ප්‍රජාව ආරක්ෂා කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග, විද්‍යුත් මාධ්‍ය හා නව මාධ්‍යය භාවිතාවය, එහි සමාජයීය බලපෑම ආදී කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතයට අ...
28/04/2023

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතයට අදාළව අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම සිදු විය.

එහිදී ඊට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 25ක් හිමි විය.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

බුලත්සිංහල බහුකාර්ය ගොඩනැගිල්ලෙහි ආරම්භවීමට නියමිත නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලාවන් ආරම්භ කිරීම.අභ්‍යාසලාභීන් ල...
27/04/2023

බුලත්සිංහල බහුකාර්ය ගොඩනැගිල්ලෙහි ආරම්භවීමට නියමිත නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලාවන් ආරම්භ කිරීම.

අභ්‍යාසලාභීන් ලියාපදිංචි කිරීම හා සම්මුඛ පරීක්ෂණ 2023 අප්‍රේල් මස 28 වන දින පෙ.ව 09:00 සිට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරේ.

මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින්,

✅භාෂා අධ්‍යයනය

01.ජපන් භාෂාව - Japanese Language
02.කොරියන් භාෂාව - Korean Language
03.ඉංග්‍රීසි භාෂාව - English Language

✅සූර්‍ය පැනල පද්ධති සවිකිරීම (Solar Pv System Installer)

✅වැඩිහිටි සත්කාරක (Care Giver)

යන පාඨමාලාවන් හැදෑරීමට අභ්‍යාසලාභීන් හට අවස්ථාව හිමිවේ.

07/03/2023
වසා දැමුණු නිග්ගහ උපතැපැල් කාර්යාලය යළි විවෘතයි. 😍✌
22/02/2023

වසා දැමුණු නිග්ගහ උපතැපැල් කාර්යාලය යළි විවෘතයි. 😍✌

වසා දැමුණු නිග්ගහ උපතැපැල් කාර්යාලය ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඊයේ (21) දින නැවත විවෘත කෙරුණි.

නිග්ගහ අලුතකන්ද ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් තිබූ නිග්ගහ උපතැපැල් කාර්යාලය පසුගිය දින කිහිපයක සිට වසා දැමීමට තීරණය කර තිබීම නිසා ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්විය. ඒ පිළිබඳව කොට්ඨාසය භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රනිල් ප්‍රසන්න මහතා මා වෙත දැනුම්දීමට කටයුතු කළ අතර තැපැල්පතිතුමන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසු වසා දැමූ නිග්ගහ උපතැපැල් කාර්‍යාලය නැවත විවෘත කිරීමට හැකිවිය.

මේ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කළ තැපැල්පතිතුමා, නියෝජ්‍ය තැපැල්පතිතුමා ඇතුළු කළුතර දිස්ත්‍රික් තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන්ටත්, කොට්ඨාසය භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රනිල් ප්‍රසන්න මහතා, කුමුදුනී මංගලිකා මහත්මිය, තැපැල් කාර්යාලය අසල කුමාර මහතා ඇතුළු දැනුවත් කළ ප්‍රදේශවාසීන් සියළුදෙනාටම මාගේ ස්තූතිය පුදකර සිටිමි.

බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ නාරගල ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටා තිබෙන ආදදොළ රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශය ඉතා ස...
04/02/2023

බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ නාරගල ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටා තිබෙන ආදදොළ රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශය ඉතා සුන්දර පරිසර පද්ධතියකින් සමන්විතව ඇත.

පසුගිය කාලය පුරාවටම මෙම ස්ථානයට විනෝද වීමට පැමිණෙන ඇතැම් පුද්ගලයින් ගෙන විත් දමන පොලිතීන්, මත්පැන් බෝතල් ආදියත්, ඇල දෙපස ජීවත්වන ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු අවිධිමත් ලෙස නිවාස වලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ඇළ ආසන්නයට ගෙනවිත් දැමීම නිසා ආදදොළ අවට පරිසර පද්ධතිය දැඩිලෙස හානි වෙමින් පැවතුණි.

විනාශ වෙමින් පැවති ආදාදොළ පරිසර පද්ධතිය පිළිබඳව කඩිනමින් අවධානය යොමුකර එය සංරක්ෂණය කිරීමට කිරීමට කටයුතු කළ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතාටත්, 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව හරිත ශ්‍රී ලංකාවක් - තාරුණ්‍යයේ ආදර්ශය මැයෙන් සංවිධානය කරනු ලැබූ වැඩසටහන යටතේ ඊයේ (03) දින ආදදොළ ඇල සහ රක්ෂිත ප්‍රදේශය අවට අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය හරිත කවයේ නිලධාරීන් සියළු දෙනාටම අපගේ ස්තූතිය පුදකර සිටින්නෙමු.

✅ එන්න.
✅ වැරදි නොකර සොඳුරු සුව විඳින්න.

ඡායාරූප :- DSB Media Unit

#ආදදොළ

26/01/2023

ආදරණීය දුවේ පුතේ,

පාසල් ජීවිතයේ පළමු කඩයිම් විභාගය වන ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලැබූ, අපේක්ෂිත ප්‍රතිඵල ලඟාකරගැනීමට නොහැකි වූ ඔබ සැමට ජීවිතය ජයගැනීම මෙතැන් පටන් ආරම්භ කරන්න උණුසුම් සුබ පැතුම්...!

ශිෂ්‍යත්ව විභාගය යනු එක් කඩයිම් විභාගයක් පමණි. ජීවිතය රැඳී පවතින්නේ ශිෂ්‍යත්ව විභාගය මත නොවේ.

🔴දිවයින පුවත්පත | 2023.01.19උපුටාගැනීම. චන්දන පෙරේරා - ගල්පාත2022 සාහිත්‍ය කලා මහෝත්සවය ගල්පාත නව මහජන ක්‍රීඩාංගණයේ දී ප...
19/01/2023

🔴දිවයින පුවත්පත | 2023.01.19

උපුටාගැනීම.

චන්දන පෙරේරා - ගල්පාත

2022 සාහිත්‍ය කලා මහෝත්සවය ගල්පාත නව මහජන ක්‍රීඩාංගණයේ දී පසුගියදා පවත්වන ලදී. එම අවස්ථාවේදී මිල්ලනිය ප්‍රදේශයේ උන්නතිය උදෙසා තම ශ්‍රමය කාලය වැය කළ මහත්ම මහත්මීන් උදෙසා උපහාර, සම්මාන පුදකරන ලදි.

මිල්ලනිය ප්‍රාදේශීය සභාවට අලුතෙන් අක්කර 15 ක් ලබාදෙමින් හරිත නගර සංකල්පය ක්‍රියාත්මක කිරිමට සහයෝගය ලබාදුන් හොරණ වැවිලි සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂක මනෝජ් කාරියප්පෙරුම, ගල්පාත ගොවිපොළ සංකල්පයට සැන්දෑ කතිකාවත හරහා අර්ථවත් වැඩසටහනක් බවට පරිවර්තනය කරන්නට අතහිත දීම වෙනුවෙන් සම්පත් දායකත්වය ලබාදුන් ලබාදුන් දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක සුභාෂ් ජයනෙත්ති, දේශීය වෙදකම ජනතාවට ලබා දෙමින් දශක දෙකකට ආසන්න කාලයක් ගල්පාත රෝහල් කමිටුවේ සභාපතීත්වය උසුලමින් හදිසි මරණ පරීක්ෂකයෙකු ලෙස ජනතාවට කළ උත්තුංග සේවාව වෙනුවෙන් වෛද්‍ය දීපාල් ඖෂධරත්න
ප්‍රදේශයේ ජනතාව සුවපත් කරමින් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද ආරෝග්‍ය ශාලාව බස්නාහිර පළාතේ හොඳම සිව්වැනි ආරෝග්‍ය ශාලාව බවට පත්කිරීමට උපදෙස් හා විශේෂ දායකත්වය වෙනුවෙන් ඒ.එම්.ආර්.වී. අධිකාරි
යන මහත්ම මහත්මීන්‍ට පසුගිය නියං කාලය පුරාවට ප්‍රදේශයේ සුවහසක් ජනතාවගේ සාපිපාසා දුරු කිරීමට තම ධනය හා ජල සම්පත නිර්ලෝභීව ලබා දෙමින් සිදුකළ මානුෂීය සත්කාරය වෙනුවෙන් නිලන්ත පුලසිංහ, ගල්පාත හරිත නගර භූමිය වගා බිමක් ලෙස පරිවර්තනය කිරීමට මාර්ගෝපදේශකත්වය ලබාදුන් කෘෂිකර්ම උපදේශක පී.ඩී.ආර් සම්පත් මිල්ලනිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිරෝගිමත් ළමා පරපුරක් බිහි කිරීමටත් ප්‍රාදේශීය සභාවේ සැදෑ කතිකාවත වැඩසටහන යටතේ අර්ථවත් දේශන පැවැත්වීම වෙනුවෙන් වෛද්‍යාචාරිණී එරන්දි කුලරත්න යන මහත්ම මහත්මීන් හත්දෙනෙකු උපහාර සමරු තිළිණ ලබා ගත් අතර සාහිත්‍ය තරඟවලින් ජය ලබා ගත් සිසු දරු දැරියෝ ජයග්‍රහණ තිළිණ සහ සහතිකපත් ලබා ගත්තහ.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව කුලතිලක, ප්‍රාදේශීය සභාවේ උප සභාපති නිලන්ත ජයතිලක, රයිගම්පුර කලා කීර්ති ජනක් ප්‍රේමලාල් යන මහතා මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.

Sunday Observer January 8, 2023By Sureka Nilmini IllangakoonMy home was attacked, vandalized and burgled – Kalutara Dist...
09/01/2023

Sunday Observer January 8, 2023
By Sureka Nilmini Illangakoon

My home was attacked, vandalized and burgled – Kalutara District SLPP MP

The fateful May 9, 2022, will go down in history as a dark day in this country’s political history. The reputation of the country has also been severely tarnished as a result of the actions of some people who took to the streets in the name of Aragalaya and abused citizens’ democratic rights while terrorism n the country. There is no doubt that that day harmed not only the private properties of public representatives but also many public properties. There was a disturbance in the political morality of the country, even in the mind of a small child. The destruction of the homes and properties of over 70 people’s representatives and the death of one Member of Parliament in a brutal manner on the road is sure to cause grief in the hearts of every citizen who respects democracy in this country for a long time to come. Lalith Varna Kumara, a member of the Sri Lanka Podujana Peramuna (SLPP) Kalutara District Parliament, joined us this time to reflect on the fateful event that occurred on May 9.

“As former Prime Minister Mahinda Rajapaksa announced his resignation on May 9, I went to Temple Trees around 9.00 that morning to congratulate him.” After that, I left that place and went to attend a wedding ceremony in the afternoon. By that time, it was past 8:00 p.m. From around 8:45 p.m. to 9 p.m., I was called by a group of people around my house, who told me that a group of people was coming and attacking my house. Shortly before that, a few people near Agaloya Denikade called me and told me that a group of people came towards my house shouting my name.

The thugs attacked the MP’s house and caused a lot of damage. The MP said that, luckily, none of his family members were at home when the mob attacked the house.

“Luckily, when the group came and attacked the house that night, nobody was in our house. I went home two or three days after that incident. I thought about my safety. I don’t know who carried out the attack. But my neighbors and the party members were not among them. I came to know that among the people who came, there were people from Botalegama, Denikade, and Bulathsinhala. Those people had broken about 15 of my house’s windows and doors. Not only that, but they also stole all the belongings in the house. They stole two laptops, a big camera, and two smartphones from my office room. After assessing the loss, the amount was estimated at Rs. 150 000. It was a very unfair assessment. That’s why I didn’t look into it further.” Regarding the incident on May 9, Member of Parliament Lalith Varankumara does not regret the loss of his house and property. Regarding the failure of any responsible officer to take responsibility for his own security as a Member of Parliament.

“When I found out that a group of people was coming to attack my house that day, I informed General Pussella of the Army in charge of this province about an hour before the incident, but no safety measures had been taken anywhere.” After that, I called the official phone number of the police station OIC and informed him about this. Then they said that a group of officers had been sent in a jeep, but no one had come. After knowing that the group had come and attacked the house when I called the official number of the OIC again, the acting officer said that there was no way for the police officers to even come out of the jeep. Many people accuse the members of Janatha Vimukthi Peramuna (JVP) and the Front-line Socialist Party (FLSP) of igniting the fire of the violence that broke out all over the country. MP Lalith Varankumara expressed his opinion about it.

“As far as I have come to know, people from the JVP and the Front-Line Socialist Party have come to attack my house.”

But I did not go to find out more about it because I did not want to hear about it. My house has been damaged. The loss cannot be reversed by knowing who did it. It will not be lost. That’s why I somehow repaired the broken house as much as I could. I still couldn’t fix the broken windows. The pain I have is that this is not a house that I built after becoming a politician. Before joining politics, I did good business. That’s why I don’t want to do politics by stealing public money. But the people were misled because of the illusion that the violent people had created that all 225 public representatives were thieves. That’s why our property was also destroyed in this way. When asked if that event was strong enough for him to give up politics, he said: “It must be said clearly that there was no such boredom or frustration because these are not unfamiliar things to us. We faced this kind of terror in 1988 and 1989.

The life of one of my brothers was also taken by that terror. I have been in politics since the beginning. We have the strength to bear things like that. When we were young, our mother was abroad for a long time. Therefore, we are used to the strength and endurance required to face difficulties in life. Therefore, we do not make these kinds of problems, worries, and challenges a bane in life, but we should give up politics because of those things.” “I am happy to be appointed as a Member of Parliament. But under the current situation in the country, I am sorry that I did not get to do something significant for the people as a Member of Parliament. Looking at it from that point of view, I had the opportunity to do a lot of service during my time as a member of the Provincial Council. Some people say that the Provincial Council is a white elephant.
Despite the fact that my name was implicated, I was able to do a lot of work for the Bulathsinghala electorate while serving in the Provincial Council. Looking back on my political life, I feel great happiness and self-satisfaction about those things. The greatest wealth is the self-satisfaction obtained through public service.
“Many people accuse the politicians, but no one talks about corrupt officials.” Even when politicians are accused of stealing, they refuse to sign a voucher or a cheque. All of that is done by the officials. If you expect a country and government free from corruption, fraud, and theft, politicians and officials should also be honest. “People should understand this reality.”

Member of Parliament Lalith Varna Kumara also emphasized the responsibility of the citizen who respects democracy. “The habit of most people in our country is to oppose anything, whether it is good or not.” They accept any lie that someone tells about it. Furthermore, no matter how much we have done for the people over the years if one of their requests cannot be fulfilled at the same time. After that, they not only get angry with that public representative but also vote for someone who broke into poli tics and send him to Parliament. This thing is like a cycle; it goes round and round. The same thing happened on May 9. But we don’t switch parties for our personal gains. “I will continue to serve the people as much as possible and engage in politics.”

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු නව බස් රථ 75ක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදා දීම පසුගියදා බත්තරමුල්ල ජපන් මිත්‍ර...
06/01/2023

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු නව බස් රථ 75ක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදා දීම පසුගියදා බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාවතේදී සිදුකෙරිණි.

අද දින ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටින දැයේ අනාගත උරුමකරුවන් වන ආදරණීය දුවේ පුතේ...ඔබ සියළු දෙනාට විශිෂ්ට ජයක් ලබාගැනීමට...
18/12/2022

අද දින ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටින දැයේ අනාගත උරුමකරුවන් වන ආදරණීය දුවේ පුතේ...

ඔබ සියළු දෙනාට විශිෂ්ට ජයක් ලබාගැනීමට උණුසුම් සුබපැතුම් එක්කරමි.

බුලත්සිංහල ආසනයේ පරගොඩ පාරුතල්විල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර ...
14/12/2022

බුලත්සිංහල ආසනයේ පරගොඩ පාරුතල්විල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා පසුගිය (12) දා සහභාගි විය.

කිලෝමීටර් 5.5 ක දුරකින් යුත් මෙම මාර්ගය ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක I Road ව්‍යාපෘතිය‍ මඟින් සංවර්ධනය කෙරේ.

ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවන් නිසා ඉදිකෙරෙමින් පවතින මෙම මාර්ගය දෙපස නිවෙස් වෙත ජලය ගලා යෑම් සිදුවීමත්, මාර්ගයේ ඇතැම් ස්ථාන වල ප්‍රමිතිය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් පැනනැඟී ඇති නිසාත් මාර්ගය නිසි ප්‍රමිතියකින් යුතුව ඉදිකිරීම සඳහා මන්ත්‍රීතුමන් විසින් අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමට කටයුතු කර ඇත.

බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ මේ වන විට ක්‍රියාත්මක I Road ව්‍යාපෘතීන් වල පවතින ගැටළු සම්බන්ධයෙන් සියළු නිලධාරීන් කැඳවා ඉදිරි දිනයකදී බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කර තිබේ.

ඔෂිංටන්වත්ත පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට....බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමට...
13/12/2022

ඔෂිංටන්වත්ත පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට....

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමට අයත් ඔෂිංටන් වත්ත ආපදා ගම්මානයේ දීර්ඝ කාලයක සිට පැවති පානීය ජල ගැටළුවට විසඳුම් ලෙස මිලියන 21 ක වියදමින් ඉදිකළ පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බුලත්සිංහල මදුරාවල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ලලිත් වර්ණකුමාර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) දින සිදුකෙරිණි.

මෙම පානීය ජල ව්‍යාපෘතිය මඟින් ඔෂිංටන්වත්ත ආපදා ගම්මානයේ ජීවත්වන පවුල් 130 ක පමණ ප්‍රතිලාභී ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීම සිදුකෙරේ.

බුලත්සිංහල ප්‍රාදේශීය සභා සභාපති ඉන්දක හේවගේ මහතා, කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රනිල් ප්‍රසන්න මහතා,
සංවර්ධන නිලධාරී සංජීව කළුගම්පිටියගේ මහතා, පරගොඩ නැගෙනහිර කොට්ඨාසයේ හිටපු ග්‍රාම නිලධාරී චමීර දර්ශන මහතා, සංවර්ධන නිලධාරී සෝමසිරි කිතුල්ගොඩ මහතා, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සැලසුම් අංශයේ නිලධාරීන්, ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

06/08/2022

Registration for National Fuel Pass

03/08/2022

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම.

🔴QR කේත පද්ධතිය යටතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේ...
26/07/2022

🔴QR කේත පද්ධතිය යටතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. ඒ අනුව,

🔶යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 04
🔷ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 05
🔶වෑන් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20
🔷කාර් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20
🔶ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර් 15
🔷ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර් 50
🔶බස් රථ සඳහා ඩීසල් ලීටර් 40
🔷ත්‍රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05
🔶වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20
🔷කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20
🔶ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15
🔷ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50 ක් ලෙස ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් ඉහළ දමා ඇත.

පොදු ස්ථානයන්හි මුහුණු ආවරණය අනිවාර්ය කෙරේ...රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්ත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ ...
26/07/2022

පොදු ස්ථානයන්හි මුහුණු ආවරණය අනිවාර්ය කෙරේ...

රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්ත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී සහ පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකාව තුළ සතියක පමණ කාලයක සිට ‘කොවිඩ් 19’ වයිරසය නැවත ව්‍යාප්තවෙමින් තිබේ.

ලබන 25 සඳුදා සිට පාසල් පවත්වා ගෙන යාම.
20/07/2022

ලබන 25 සඳුදා සිට පාසල් පවත්වා ගෙන යාම.

ජාතික ඉන්ධන බලපත්‍රය ලබා ගැනීමට ලියාපදිංචි වන්න.👉 https://fuelpass.gov.lk/register"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හ...
18/07/2022

ජාතික ඉන්ධන බලපත්‍රය ලබා ගැනීමට ලියාපදිංචි වන්න.

👉 https://fuelpass.gov.lk/register

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."

1. https://fuelpass.gov.lk/ එකට යන්න.

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.

Copied

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම.
17/07/2022

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම.

ශ්‍රි ලංකා ජනාධිපති අනුනවයෙන් ගලවා ගත් හමුදා මෙහෙයුම !!!🔴අරගලකරුවන් ජනපති මැදුරේ ගේට්ටුව කඩනකොටත් ජනපති ඇතුළේ...හමුදාව ව...
17/07/2022

ශ්‍රි ලංකා ජනාධිපති
අනුනවයෙන් ගලවා ගත්
හමුදා මෙහෙයුම !!!

🔴අරගලකරුවන් ජනපති මැදුරේ ගේට්ටුව කඩනකොටත් ජනපති ඇතුළේ...

හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ගෝඨා එපා කියයි.

මිරිහානේ සිය පෞද්ගලික නිවසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුරට ආවේ මාර්තු 31 වැනිදාය. ඒ අරගලකරුවන් මිරිහානේ නිවස වටලෑමත් සමගය. සිය බිරිය අයෝමා රාජපක්ෂ සමග ජනපති මන්දිරයට ආ ඔහුගේ ජීවිතය ඉකුත් සති අන්තය වන විට තිබුණේ භයානක අඩියකය.

එබැවින් රාජ්‍ය බුද්ධි අංශයේ නිර්දේශ සැලකිල්ලට ගත් ජනපති ආරක්ෂක බළසේනාව ජනපතිවරයා ඕනෑම මොහොතක ජනපති මැදුරෙන් ඉවත් කිරීමට කල්තියාම මෙහෙයුම් සැලැස්මක් සකස් කර තිබුණි. ජනපති මන්දිරයේදී එවැනි තර්ජනයට මින් පෙර මුහුණ දී තිබුණේ ජේ.ආර්. ජයවර්ධන පමණි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ ඔහුට එල්ල වූ තර්ජනය සැලකිල්ලට ගත් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඉන්දීය කොමාන්ඩෝ භට කණ්ඩායමකින් සමන්විත නැවක් ජනපති මැදුර සමීපයේ කොළඹ වරායේ නවතා තිබුණි. ඔවුනට දුන් පැවරුම වූයේ ජනපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුවහොත් ජනපති මැදුරට කඩා පැන ජනපතිවරයා නිරුපද්‍රිතව ඉන්දීය නෞකාවට රැගෙන යාමටය. මේ කතාව ඇත්තේ එකල ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ.ආර්. ඩික්සිට් ලියූ කොළඹ භූමිකාව කෘතියේය.

කෙසේ නමුදු ජේ.ආර්. ට නැව් නගින්නට සිද්ධ නොවුණත් ඉන් වසර 33කට පසු ජනපති මැදුරේ සිටි ගෝඨාභය රාජපක්ෂට ජීවිතය බේරා ගැනීමට නැව් නගින්නට සිද්ධ වූවේය. මින් පෙර කොළඹින් නැව් නැග දිවි ඇති තුරා ලංකාවට නොඑන්නට ගිය ලංකාවේ පාලකයා වූයේ ලංකාවේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහය. ඉන් ශත වර්ෂ දෙකකට පසු ගෝඨාභය රාජපක්ෂටත් නැව් නැග මුහුදට ගොස් එතැනින් ගොඩබිමට පැමිණ ගුවන් නැවෙන් ලංකාවෙන් පිට වූයේය.

දවල් 12 ට අරගලකරුවන් ජනපති මන්දිරය වටකරන විට ජනපතිවරයා සිටියේ ජනාධිපති මන්දිරය තුළය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ත්‍රිවිධ හමුදාපතිවරුන්ද එහි රැඳී සිටියහ. ඒ අතරේ කතාවක් පැතිර ගියේ ජනපතිවරයා හමුදා රැකවල් මැද කටුනායක අධිවේගය හරහා ගුවන් තොටුපොළට යන බවය. ඒ කතාව පැතිරී ගියේ අධිවේගයේ කොමන්ඩෝ භට පිරිසක් රැගත් ඩිෆෙන්ඩර් රථ හතර පහක් ගිය නිසාය. නමුත් එම රථ ගුවන්තොටුපොළට ගියේ ආරක්ෂක සමුළුවකට ඉන්දියාවට ගිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද කොළඹ බලා රැගෙන එන්නටය. ​

අරගලකරුවන් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාව
මේ අතරේ රයේ අවසන් ගේට්ටුව ළඟට පැමිණීමට පෙර සිටම ජනාධිපතිවරයාව මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු යෝජනා කළහ.

‘‘බලමු එයාලා මොකද කරන්නේ කියලා’’ ජනාධිපතිවරයාගේ උපදෙස විය.

මේ වනවිටත් ජනාධිපතිවරයා මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු සැලසුම් දෙකක් ක්‍රියාත්මක කළහ.

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ගජබාහු නෞකාවෙන් ජනපතිවරයා ඉවත්කර ගැනීම එක් සැලසුමකි. එම සැලසුම භාරවූයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නටය. අනෙක් සැලසුම පැවරුණේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණටය. ඔහුට තිබුණේ කොළඹ වරාය තුළට හෙලිකොප්ටරයක් ගොඩ බස්සවා එතැන් සිට ගුවනින් ජනපතිවරයා ඉවත් කර ගැනීමය.

ඒ සඳහා ගුවන් තොටුපොළේ ස්ථාපිත කර ඇති ප්‍රභූන් ප්‍රවාහනය කරන අංක හතර ප්‍රභූ ආරක්ෂක බළඝනයට අයත් හෙලිකොප්ටර් සූදානම් කෙරිණි. එක් හෙලිකොප්ටරයක් ගුවනේ තබන්නට වූයේ අවසන් දොරටුව ළඟට​ අරගලකරුවන් ළං වෙද්දීය. ජනපතිවරයා කලින්ම රැගෙන යාමට හමුදාපතිවරුන් හා බුද්ධි ප්‍රධානීන් තීරණය කළත් දහවල් 12.00 පමණ වනතුරුත් එහිම රැඳී සිටියේ ජනපතිවරයාගේ උපදෙස් මතය.

‘‘සර් තවත් හිටියොත් කට්ටිය ඇතුළට කඩාගෙන එනවා. සර් හිටියොත් ඒ අයට අනිවාර්යයෙන්ම වෙඩි තියලා හරි නවත්වන්න අපට සිද්ධ වෙනවා යැයි’’ ආරක්ෂක ප්‍රධානීහු අනතුරු හැඟවූහ.

‘‘නෑ… කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම්’’ යැයි ජනපති ගෝඨාභය හමුදා ප්‍රධානීන්නට නියෝග කළේය.

වරායට හෙලිකොප්ටරය ගොඩබාන්නට යෑමේදී ඒ දෙසට අරගලකරුවන් පැමිණිය හැකි නිසා ඔහු නැවට රැගෙන යාම සැලසුම විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්තෙන් කොළඹ වරායට යාමට ඇති ආරක්ෂිත මාර්ගය ඔස්සේ ජනපතිවරයා රැගෙන යාමට තීරණය වන්නේ ඒ අනුවය. ආරක්ෂක නිලධාරීන් සමග ජනපතිවරයා ‘ගජබාහු’ නෞකාව වෙත රැගෙනයන්නේ ආරක්ෂිතවය.

අරගලකරුවන් ජනපති මන්දිරයට කඩා පනින්නේ ජනපතිවරයා නෞකාවට ඇතුළුවන මොහොතේදීය.

නාවික හමුදාපතිවරයාද කැටුව නාවික හමුදාවේ නෞකාව දියඹට ඇදුණේ ජනපතිවරයා හා ජනපති බිරියද කැටුවය. ඔවුන් ගමන් කළ නැව වටා ආරක්ෂිත වළල්ලක් ලෙස ඩෝන යාත්‍රා ද ගමන් කළේය. අරගලකරුවන් ජනපතිවරයා සොයා යද්දී සියලු දෙනාට හොර රහසේ ජනපතිවරයා රැගත් නැව ත්‍රිකුණාමල නාවික වරාය දක්වා ගමන් කළාය. ඒ වන විටත් ත්‍රිකුණාමල වරායේ අධි ආරක්ෂිත ස්ථානයක ජනපතිවරයා හා ඔහුගේ බිරියට නවාතැන් ලැබෙන්නේ නාවික හමුදාවේ දැඩි ආරක්ෂක රැකවල් මැදය.

ජනපතිවරයා ත්‍රිකුණාමලයේ රැඳී සිටින අතරතුර ඔහු කඩිනමින් රටින් පිටට ගෙන යන මෙහෙයුම සැලසුම් කෙරන්නේ මේ අතරය.

ආරක්ෂක හා බුද්ධි ප්‍රධානීහු ජනපතිවරයා රැගෙන යන සැලසුම් ක්‍රියාත්මක කරන්නට වූයේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාද සමගිනි.

ත්‍රිකුණාමල නාවික කඳවුර වෙත පසුදින (10දා) ප්‍රභූන් ප්‍රවාහනයට යොදවන හෙලිකොප්ටර් දෙකක් රත්මලානේ සිට ගුවන් ගත විය. හතර වන ප්‍රභූ ආරක්ෂක බළඝනයේ අණදෙන නිලධාරියා යටතේ හෙලිකොප්ටර් යානා ත්‍රිකුණාමලය බලා ගියහ. ජනපතිවරයා ගමන් ගන්නා මොහොතේ එම හෙලිකොප්ටරයේ නියමුවා වන්නේ අණ දෙන නිලධාරියාය.

ජනාධිපතිවරයා යළි කොළඹට රැගෙන ඒමට තීරණය කරන්නේ අරගලකරුවන්ගෙන් රටම කැළඹී තිබුණ මොහොතකය. එහි වගකීම ආරක්ෂක ප්‍රධානීහු තම කරමතට ගත්තේ සේනාවිධායක ලෙස ජනපති ආරක්ෂාව ඔවුනට පැවරුණ නිසාය.

ජූලි 11දා ජනපතිවරයාත්, ඔහුගේ බිරියත් සමග ප්‍රභූ ප්‍රවාහන බළඝනයේ හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුර බලා පැමිණියේ දහවල් 1.00ට පමණය. නාවික හමුදාපතිවරයාත් ජනපතිවරයා සමග​ හෙලිකොප්ටරයේ ත්‍රිකුණාමලයේ සිට පැමිණියේය.

මේ වන විට රත්මලාන ගුවන් කඳවුරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාපති, යුද හමුදාපතිද පැමිණ සිටියහ. ජනපතිවරයා රත්මලාන ගුවන් කඳවුරේදී ආරක්ෂක ප්‍රධානීන් සමග ඉදිරි පියවර ගැන සාකච්ඡාවක නිරත වූයේය. ඒ අතරේ ජනපති බිරිය අයෝමා රාජපක්ෂ ආරක්ෂිතව මෝටර් රථවල නංවාගෙන මිරිහානේ පුද්ගලික නිවස වෙත රැගෙන ආවාය. ජනපති බිරිය මිරිහාන නිවසට එන්නේ රටින් පිටව යාමට පෙර තමන්ගේ වටිනා කියන ලියකියවිලි ඇතුළු අත්‍යවශ්‍ය දේ රැගෙන යන්නටය. මිරිහාන නිවසේ යතුර තිබුණේද ඇය සතුවය.

පැය දෙකක් ඇතුළත මිරිහාන නිවසේ අවශ්‍ය දේ රැගෙන ඇයව නිරුපද්‍රිතව රත්මාලන කඳවුරට ගෙන ඒමට ප්‍රභූ ආරක්ෂකයෝ සමත්වූහ.

රත්මලානේ සිට ජනපතිවරයා හා බිරිය යළිත් ආරක්ෂිත ස්ථාන දෙකකට රැගෙන ගොස් රැකවරණය දීම එතැන් සිට පැවරෙන්නේ ගුවන් හමුදාපතිටය.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ හමුදාපති නිල නිවාසය ඇතුළු ආරක්ෂිත ස්ථාන දෙකක් ජනපතිට වෙන් කෙරුණේය.

රට පුරාම ජනාධිපතිවරයාට ඉවත්වනලෙස විරෝධතා පැවැත්වුණද රටින් පිටව යනතුරු ඔහු ඉවත් නොවීමට වගබලාගත්තේ ජනාධිපති මුක්තිය යටතේ වරප්‍රසාද ඉවත්වුණු පසුව නොලැබෙන බැවිනි. ජනාධිපති මුක්තිය නොමැතිව ජනපතිවරයා පිටවගියොත් ජීවිතයට අනතුරක් වන බවද බුද්ධි ප්‍රධානීහු දි​ගින් දිගම අනතුරු ඇඟවූහ.

ජනපතිවරයාට ඇමරිකා වීසා ප්‍රතික්ෂේප වෙද්දී තවත් රටවල් සමග සාකච්ඡා කර වාණිජ ගුවන් යානා මගින් කුලියට ලබා ගන්නා ගුවන් යානයකින් රැගෙන යාමට ඇති හැකියාවද සොයා බැලුවේය. මේ සඳහා බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවකින් අවසරයක් නොවීය. ඉන්දියාවට ගෙන ගොස් ජනපතිවරයා ආරක්ෂිතව සිංගප්පූරුවට රැගෙන යාමට ගත් උත්සාහයද ව්‍යර්ථවිය. ශ්‍රී ලන්කන් ගුවන් යානාවලින් රැගෙන යාම අනතුරුදායක බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දුන්හ. නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයා රැගෙන යාමට නොහැකි බව පෙන්වා දීම ඊට හේතුවය. වෘත්තිය සමිති මේ වන විටත් දැඩි විරෝධයක නිරතවූහ.

ජූලි 12 දා දහවල් වනවිට ගොඩ බිමේ මාර්ග ඔස්සේ ආරක්ෂිත උපාය මාර්ග යොදමින් ජනපතිවරයා බත්තරමුල්ලේ හමුදා මූලස්ථානයට රැගෙන ආවේය. එදින දහවල් හමුදා මූලස්ථානය ජනපතිවරයාගේ ආරක්ෂිත ස්ථානය විය. හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සමග ආරක්ෂක මණ්ඩලය රැස් කළ සාකච්ඡා කළ ජනපතිවරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතානායකවරයා සමගද සාකච්ඡා කළේය. අගමැති රනිල් වික්‍රමසිංහද හමුදා මූලස්ථානය තුළ රැඳී සිට ජනපතිවරයා සමග සාකච්ඡාවට එක්විය.

Mahinda Rajapaksa: බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථානය හැදුවේ ගෝඨාභය බව සිරස ටීවී වීඩියෝවකින් හෙළි කරයි.
බත්තරමුල්ලේ හමුදා මූලස්ථානය
ජනපතිවරයා විදෙස් රටකට ගිය පසුව ඉල්ලා අස්වීමේ ලිපියදීම අවසන් තීරණය විය.
කුලියට ගත් ගුවන් යානා හා වාණිජ ගුවන් යානාවලින් ජනපතිවරයාට පිටවීමේදී ඇති තර්ජනය සැලකිල්ලට ගෙන ගුවන් හමුදාවේ යානයකින් විදෙස් ගතවීම අවසන් සැලසුම විය.

ගුවන් හමුදාව සතුව තිබූ ඇන්ටනොව් 32 ගුවන් යානාවකින් ජනපතිවරයා රැගෙන යාම අවසන් සැලසුමට ගුවන් හමුදාව සතුව ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ ඇන්ටනොව් ගුවන් යානා තුනම රුසියානු යුක්රේන ගැටුම් ඇරඹීමට පෙර යුක්රේනයට ගොස් අලුත්වැඩියා කරගෙන ආ යානාවන් විය.

ඇන්ටනොව් 32 ගුවන් යානාව

විදෙස් රටවලට යාමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙද්දී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුදා මූලස්ථානයේ රැඳී සිටියදීම, මාලදිවයින් ජනපතිවරයා ඇමතුවේය. ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට යෑමට සහාය පැතුවේය. මාලදිවයිනේ ජනපතිවරයාගේ අනුමැතිය ලබා ගත් පසු ගමනට සියල්ල සැලසුම් විය.

මාලදිවයිනේ ජනපති

මාලදිවයිනේ අනුමැතිය ගැනීමේදී එරට කතානායක මොහොමඩ් නෂිඩ් ප්‍රශංසනීය කාර්යයක් ඉටු කළේය. වසර කිහිපයකට පෙර ඔහුගේ ජීවිතය තර්ජනයට ලක් වූ මොහොතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ඔහුට ආරක්ෂාව දී රැක බලා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය.

එදින ජනපතිවරයා රාත්‍රි භෝජන සංග්‍රහය භුක්ති වින්දේ යුද හමුදා මූලස්ථානයෙනි. ඉක්බිතිව ජනපතිවරයා විශේෂිත ආරක්ෂාවක් මැද වාහනවලින්ම කටුනායක බලා පිටත් වූයේ රාත්‍රි 10.00ටය. කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ ජනපතිටත් ඔහුගේ බිරියටත් ආරක්ෂාව සැපයිනි.

රාත්‍රි 12.00 වන විට ගුවන් හමුදා නිලධාරීන්ම රේගුවට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ජනපති හා ඔහුගේ බිරියගේ ලියකියවිලි ඉදිරිපත් කර ගුවන් ගමනට අවශ්‍ය නිෂ්කාෂණ ගත්හ. ජනපතිවරයාගේ ආරක්ෂාවට ජනපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී විශේෂ බළකායේ මේජර් ​ෙජනරාල් මහින්ද රණසිංහ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් මදුර වික්‍රමරත්නද එක් වූහ. ජනපතිවරයාට එල්ල විය හැකි ඕනෑම තර්ජනයට දිවි හිමියෙන් මුහුණ දීමට ඔවුන් දෙන්නා සැදී පැහැදී සිටියේ විශේෂ බළකායේ හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලබා ඇති දැඩි පුහුණුවෙනි. ගෝඨාභය ජනපතිධුරයට පත්වන්නට පෙර සිටම ආරක්ෂාවට ළඟම සිටියේත් මෙම නිලධාරීන් දෙදෙනාය. ගජබා රෙජිමේන්තුවේ මේජර් ​ෙජනරාල් සෙනරත් නිවුන්හැල්ල ජනපතිවරයා ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ ජනපතිවරයාගේ සමස්ත ආරක්ෂාව භාරව සිටියේය.

කටුනායක ගුවන් තොටු​පොළෙන් පිටත්වීමට පෙර ඇන්ටනොව් 32 ගුවන් යානය වාණිජ ගුවන් යානයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ලියාපදිංචි කිරීම කටයුතුද මේ වන විටත් කර තිබිණ. ගුවන් යානයේ නියමුවා ලෙස එක්වූයේ එම ගුවන් හමුදා දෙවන බළඝනයේ අණ දෙන නිලධාරී ගෲප් කපිතාන් වෙලගෙදරය. සහායක නියමුවා වූයේ වීන්ග් කමාන්ඩර් මල්ලවාරච්චිය. රජය ගුවන් ගමනට අනුමැතිය දුන්නද මාලේ ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පාලක පද්ධතියට ගුවන් යානාව ගොඩ බැස්සවීමට අවසරයක් නොලැබුණේය. ඒ වන විටත් වාණිජ ගුවන් යානා ගොඩ බැස්සවීමට තිබූ නිසා මාලේ ගුවන් තොටු​පොළේ ගොඩබෑමට අවසරය ලැබෙන තුරු යානාව කටුනායක ගුවන් පථයේ රඳවා තැබුවේය.

මාලේ ගුවන් තොටුපොළෙන් ලද අනුමැතිය සමග 13 වනදා අලුයම 1.00ට ගුවන් යානය ගුවන් ගත විය. පැයකුත් විනාඩි හතළිහක ගුවන් ගමනකින් පසුව ජනපතිවරයා හා ඔහුගේ බිරිය ඇතුළු සිව් දෙනා ආරක්ෂිතව ගොඩ බස්සවා යළිත් ඉන්ධන ලබා ගෙන ගුවන් යානය පෙරළා කටුනායකට පැමිණියේය. උදෑසන 7.00 වන විට එය කටුනායකට සේන්දු වන්නේ දැඩි පීඩනයක් මැද කළ මෙහෙයුමක් සාර්ථකව අවසන් කරමින්ය.

මාලේ ගුවන් තොටුපොළ

ඔවුන් එය කළේ ගෝඨාභය රාජපක්ෂට නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපතිවරයා සේම සේනාධිනායකයාටය. ඔහු දෙන සියලු නීත්‍යානුකූල නියෝග පිළි ගැනීමට සන්නද්ධ හමුදා බැඳී සිටිති. එම නි​යෝග නොතකා හැරීම රාජද්‍රෝහී වරදක් යටතේ යුද්ධාධිකරණයේදී නඩු පවරා මරණ දඬුවම දිය හැකි වරදකි. රටේ ව්‍යවස්ථාව යුද, ගුවන්, නාවික හමුදා පනත්වල තිබෙන බලතල නොදන්නා හැඟුම්බර ආවේගශීලී පිරිස් ගෝඨාභයට ගුවන් යානා දුන්නේ කොහොමද ආරක්ෂාව දුන්නේ කොහොමද කියා කීවට එය නොකළ සිටීමට හමුදාවට බැරිය. මක්නිසාද යත් ඔහු නමින් ගෝඨාභය වුවත් තනතුරින් ජනපති වන නිසාය.

උපුටාගැනීම - තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Address

Pahala Naragala , Govinna
Bulatsinhala
12300

Alerts

Be the first to know and let us send you an email when Lalith Warnakumara Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lalith Warnakumara Media Unit:

Videos

Share

LWMU - Lalith Warnakumara Official page

The Official Media Unit page Of the Hon. Lalith Warnakumara ( Dayabara Manju )