Lahiru Gayashan

Lahiru Gayashan Lahiru Gayashan is a Sri Lankan YouTube Creator Manager He is also working at a well-known record label of "Desawana music" Pvt ltd.

Lahiru Gayashan (born 30 September 1995) is a Sri Lankan Artist, YouTuber, Graphic Designer, Video Editor, and Film critic. He is the founder and current owner of the Sri Lankan best multi-channel network service provider "Desawana Studios" (which he founded in 2020). In "Desawana Studios", Lahiru manages the most popular Sri Lankan artists' YouTube channels. Lahiru is not only managing artists' Y

ouTube channels but also managing well-known main record labels' YouTube channels. In 2019 he started his YouTube career with HouseFull YouTube Channel. It is one of the best movie review YouTube channels in Sri Lanka. Lahiru has released a few songs on his own so far for the music industry of Sri Lanka. Lahiru's music is mainly Funky, Pop, Soul, R&B, and hip-hop. His music career started with the "Bar Polime" song. The song "Antige Rotia" by Lahiru Gayashan became very popular among the Sri Lankan young fans.

09/12/2023

සඳරු ගේ Channel එකට වුනු දේ ඔයාට නොවෙන්න එයා කියන එක හරියටම අහන්න. ඉගෙනගන්න Crack පාවිච්චි කරාට කමක් නෑ, හැබැයි වැඩ කරද්දී නම් ඔයාගේ Device Full Clean තියෙන්න ඕන.

දෙයක් වෙන්න කලින් පරිස්සම් වෙන්න. මොනවා හරි දෙයක් උනාම සඳරු කරා වගේම කලබල වෙන්නේ නැතුව අදාළ කෙනෙකුට කතා කරන්න. මාව මතක් කිරීම ගැන සඳරුට ස්තූතිවන්ත වෙනවා වගේම කෝනාර මල්ලිටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මේ Video එක Page එකේ දාන්න Permission දීපු එකට. දෙන්නටම තමන්ගේ වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Full Video එක පලවෙනි Comment එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ Account පරිස්සම් කරන විදිය ගැන Article එකකුත් Comment Section එකට මම දාන්නම්.

Sandaru Sathsara Konara Vlog

Link: https://www.buymeacoffee.com/lahirugayashan/xesaguyisu𝘼𝙧𝙩𝙞𝙨𝙩 ලා හැමෝම 𝙎𝙝𝙖𝙧𝙚 කරන 𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚 𝘼𝙧𝙩𝙞𝙨𝙩 𝙍𝙚𝙘𝙖𝙥 එක ගන්නේ කොහො...
02/12/2023

Link: https://www.buymeacoffee.com/lahirugayashan/xesaguyisu
𝘼𝙧𝙩𝙞𝙨𝙩 ලා හැමෝම 𝙎𝙝𝙖𝙧𝙚 කරන 𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚 𝘼𝙧𝙩𝙞𝙨𝙩 𝙍𝙚𝙘𝙖𝙥 එක ගන්නේ කොහොමද? 😎

Post by Lahiru Gayashan

Trending List 🚀🚀🚀
26/11/2023

Trending List 🚀🚀🚀

17/11/2023

2024 අවුරුද්දේ ඉඳලා Content Creators ලාට ලබා දෙන්න නියමිත TEST & COMPARE, එහෙමත් නැත්තම් Thumbnail A/B Testing පහසුකම ගැන Article එකක් ලියලා තියෙන්නේ. YouTube එකෙන් Selected අයට විතරක් තවම දීලා තියන නිසා විස්තර එලියට දෙන එක Restrict කරලා තියෙන්නේ. Permission ලැබුණු ගමන්ම ඔයාලට බලන්න දෙන්නම් 😊 (ලංකාවේ කීපදෙනෙක් මේ වෙනකොට මේ Feature එක Test කරන ගමන් ඉන්නේ)

YouTube Community posts වලටත් Community Guidelines strike?YouTube හි Community Guidelines වලට එකඟ නොවෙන Community posts ...
17/11/2023

YouTube Community posts වලටත් Community Guidelines strike?

YouTube හි Community Guidelines වලට එකඟ නොවෙන Community posts ඉවත් කිරීමට YouTube ආයතනය තීරණය කර තිබෙනවා. ඔබ Community හි පල කරන ලද Post එකක් මෙලෙස ඉවත් උවහොත් Community Guidelines strike එකක් Channel එකට ලැබේ. දින 90 ක් තුල Community Guidelines strikes 3ක් ලැබුනහොත් YouTube තුලින් ඔබේ YouTube Channel එක ඉවත්වනු ඇත. මෙය 2023 නොවැම්බර් මස 17 වන දින සිට ක්‍රියාත්මකයි.

කැමති නම් පලවෙනි Comment එක බලන්න 😁
16/11/2023

කැමති නම් පලවෙනි Comment එක බලන්න 😁

එක දවසක් Client කෙනෙක් එක්ක එයාගේ Designer එක්ක කතා කරද්දී මම කිව්වා "මේ Thumbnail එක සෙට් වෙන්නේ නෑ. වෙන එකක් හදන්න වෙන...
01/11/2023

එක දවසක් Client කෙනෙක් එක්ක එයාගේ Designer එක්ක කතා කරද්දී මම කිව්වා "මේ Thumbnail එක සෙට් වෙන්නේ නෑ. වෙන එකක් හදන්න වෙනවා. මේකේ click-through rate එක අඩුයි කියලා. ඒ Designer එහෙමම අනිත් පැත්තට කින්ඩියට වගේ ඇහුවා Video එක දාන්න කලින් click-through rate එක ගැන කියන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ මම මොකුත් නොකියා කට වහගෙන හිටියා. එයා දීපු Thumbnail එකත් දාලා Video එකත් Publish කරා. කිව්වා වගේම click-through rate එක අඩු උනා 😁.

මම හැම වෙලාවකම කියන දෙයක් තමයි Content එක වගේම Video එකක Thumbnail එකත් ගොඩක් වැදගත් කියන එක. ඔයාලටම බලාගන්න පුළුවන් පැය 12 කට ආසන්න කාලයක් ඇතුලත Video එකේ click-through rate එක වැඩි වෙලා තියන විදිය. ඊයේ දවල් 12 වගේ වෙද්දී පැයකට Views 600-700 අතර ගියපු Video එක මේ වෙනකොට පැයකට Views 1000-1200 අතර ප්‍රමාණයකින් යනවා. ගොඩක් දුරට රෑ වෙනකොට පැයකට Views 3000+ වෙන මට්ටමක් බලාපොරොත්තු වෙනවා. (මේ වීඩියෝ එකට කිසිම Paid Promotion එකක් කරලා නෑ)

19/09/2023

අද දිනයේ Publish කළ සමහර YouTube Videos, Web Articles වල Preview Images Facebook හි නොපෙන්වීමේ ගැටලුවක් මේ වන විට පවතී. මේ හේතුව නිසා YouTube Video එකක් Facebook හි Share කළ විට Title එකෙහි ඇති Texts පමණක් දර්ශනය වේ. මෙය YouTube හි ගැටලුවක් නොව Facebook හි පවතින ගැටළුවකි.

නොවැම්බර් මස සිට ක්‍රියාත්මක පරිදි Videos Monetize කිරීමේදී Ad Formats (pre-roll, post-roll, skippable, and non-skippabl...
07/09/2023

නොවැම්බර් මස සිට ක්‍රියාත්මක පරිදි Videos Monetize කිරීමේදී Ad Formats (pre-roll, post-roll, skippable, and non-skippable ads) එකින් එක Select කර තෝරා ගැනීමට ඇති අවස්තාව ඉවත් කරලා තිබෙනවා. මෙය සිදු කිරීමට හේතු විදියට Creators ලා හට Ad Formats Select කිරීම ගැන විශේෂ අවධානයක් යොමු නොකර එය පහසු කිරීමට, අලුත් Creators ලා හට මේ පිළිබඳව අවබෝධය අඩු නිසා එය පහසු කිරීමට, වගේ හේතු YouTube ආයතනය දක්වලා තියනවා.

මුලින්ම කියන්න ඕන අපේ Creator Service Provider Program (Desawana Studios) එකේ ඉන්න අයට මේ Update එක ගැන කිසිම විදියකට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන නෑ.

මේක ගැන කිසිම කෙනෙක් කලබල වෙන්න ඕන නෑ. YouTube ආයතනය කියන විදියට මේ එකින් එක Select කරලා තෝරන එක අයින් කරාට බලන අයට අදාළ විදියට මේ Ads පෙන්නනවා. පෙන්නන්න ඕන මොන විදියේ Ad එකක්ද කියන එක කලින් තිබුණු විදියට YouTube Algorithms වලින්ම තීරණය කරනවා. ඒ වගේම Update එක පරණ Upload කරපු Videos වලට අදාළ වෙන්නේ නෑ. ඒ නිසා පරණ ඒවගේ ඔයා Select කරලා තියන Ad Formats විතරක් Play වෙනවා.

හැමෝම බලනවා ඇති එතකොට mid-roll ads වලට මොකද වෙන්නේ කියලා. ඒක ගැන බය වෙන්න එපා. mid-roll ads වල full control එක ඔයාට තියනවා. ගොඩක් අයට මේ ගැන වෙනසක්වත් තේරෙන්නේ නැති වෙයි. මොකද හැමෝගෙම වගේ මේ Ad Formats, Default On වෙලා තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී mid-roll ads වලට තව update එකක් එන්න නියමිතයි. මේ වෙනකොට Creators ලට mid-roll ads, Add කරද්දී Automatically ad breaks දාන්නත්, Manually ad breaks දාන්නත් Options දෙකක් දීලා තියනවා. ඉදිරියේදී මේ Option දෙක එකතු වුනු creators ලාටත් viewers ලාටත් දෙපැත්තටම වාසි ලැබෙන විදියේ තවත් Option එකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා YouTube ආයතනය කියලා තියනවා. අපි හැමෝම දන්නවා Manual ad breaks දාන හැම තැනකම Ads Play වෙන්නේ නෑ. ඒත් මේ Update එකෙන් ගොඩක් දුරට Play වෙන Ads ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් අවස්තාවක් තියනවා.

මීට අමතරව තවත් හොඳ Option එකක් ලැබිලා තියනවා Live Stream කරන අයට. ඒ අයටත් live streams තමන්ට කැමති කාල පරතරයකින් Mid-rolls Ads පෙන්නන විදියට Stream කරන්න පුළුවන්. ඒ වගේම Viewers ලට Ad එක පෙන්නන්න තත්පර 60 කට කලින් countdown එකක් පෙන්නනවා. ඒ අතර තුර කාලයේ Viewers ලට Ad එක Skip කරන්න පුළුවන් ඕන නම්. Stream කරන කෙනාට Ad එක පෙන්නන්න Time එක Delay කරන්න Button එකකුත් ඉදිරියේදී ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.

වැඩි විස්තර සඳහා: https://support.google.com/youtube/thread/233723152
Source: YouTube Support

✍️ Lahiru Gayashan

08/08/2023

YouTube එකෙන් A/B testing වලට thumbnails 3 ක් upload කරන්න දෙන්න test කරන ගමන් ඉන්නේ. ඔයාලට හිතෙන විදියට Video එකකට මොන විදියේ thumbnails 3 ක් ද දාලා test කරන්න ඕන? 😌

"සාමාන්‍ය මිනිස්සුන්ට අදාළ නෑ Artist මොනවද ඉගෙනගෙන තියෙන්නේ, එයා මොනවද දන්නේ කියන එක ගැන. එයාලට ඕනේ සිංදුව අහන්න එක හේතු...
05/08/2023

"සාමාන්‍ය මිනිස්සුන්ට අදාළ නෑ Artist මොනවද ඉගෙනගෙන තියෙන්නේ, එයා මොනවද දන්නේ කියන එක ගැන. එයාලට ඕනේ සිංදුව අහන්න එක හේතුවක් විතරයි. - Chamupa Chenuka "
Full Article:

Music Distribution සහ Copyrights ගැන කතා කරනවා නම් ලංකාවේ ඉන්න හොඳම අයගෙ...

YouTube විසින් මේ වන විට "AI auto-generated summaries" නම් පහසුකමක් අත්හදා බලමින් සිටිනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති තෝරාගත...
02/08/2023

YouTube විසින් මේ වන විට "AI auto-generated summaries" නම් පහසුකමක් අත්හදා බලමින් සිටිනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති තෝරාගත් Videos සහ තෝරාගත් Viewers ලා සමග මෙය අත්හදා බලමින් සිටියි. ආරම්භයේදී YouTube හි watch සහ search pages වල ඇති Videos වල අන්තර්ගතය ඉක්මනින් කියවිය හැකි ලෙස සාරාංශ ගතකොට පෙන්වනු ඇත. වීඩියෝවේ ඇති දේවල් ගැන දල අදහසක් මේ මගින් ඔබට ලබාගත හැකි බැවින් අවශ්‍ය වීඩියෝව නිවැරදිව තෝරාගැනීමට පහසු වනු ඇත. Video Creators ලා විසින් Description Section එකෙහි Add කරන Description එක මේ හරහා replace නොවන බවද ඔවුන් දන්වා සිටියි. ඔයාටත් මේ Feature එක පෙන්නුවොත් ඒ ගැන ඔයාගේ Feedback එක YouTube එකට යොමු කරන්න අමතක කරන්න එපා.

Source: YouTube Support

"Short & Sweet" අලුත් වැඩක් පටන් ගත්තා. මුලින්ම කතා කරේ Mathisha Induwara එක්ක. ඔයාලත් කියවලා බලන්න. 👉
02/08/2023

"Short & Sweet" අලුත් වැඩක් පටන් ගත්තා. මුලින්ම කතා කරේ Mathisha Induwara එක්ක. ඔයාලත් කියවලා බලන්න.
👉

කාගේ හරි Leak Case එකකදී ඒ දේවල් ඉක්මනින්ම අයින් කරලා දෙන්න පුළුවන් කෙනකුට අපිට එක පාරටම මතක් වෙන්නේ "මතීෂ ඉඳුවර" කියන න.....

Artist ලටයි Content Creators ලටයි මොනවා වෙයිද? 🧐
01/08/2023

Artist ලටයි Content Creators ලටයි මොනවා වෙයිද? 🧐

YouTube Music ලංකාවට මේ වෙනකොට Available කියලා හැමෝම දන්නවා ඇති. මේ Ar...

AI එක්ක ඔයාගේ දරුවාගේ අනාගතය පරිස්සම් ද? වැඩි විස්තර දැනගන්න:
19/07/2023

AI එක්ක ඔයාගේ දරුවාගේ අනාගතය පරිස්සම් ද? වැඩි විස්තර දැනගන්න:

ඔබත් ඔබගේ දරුවාගේ Photos සහ Videos, අන්තර්ජාලයට එකතු කරනවද?මේ ...

17/07/2023

අපි සල්ලි නෙමෙයි, මිනිස්සුයි හම්බකරේ.
(YouTube Shorts විසින් කරන ලද ප්‍රකාශයකි)

8/30 😌
05/07/2023

8/30 😌

( Full Article: https://www.buymeacoffee.com/lahirugayashan/n-a-1861534 )මේකෙන් මම YouTube Channel එකක් මහන්සි වෙලා හදන ...
04/07/2023

( Full Article: https://www.buymeacoffee.com/lahirugayashan/n-a-1861534 )

මේකෙන් මම YouTube Channel එකක් මහන්සි වෙලා හදන අයට අපහසුතාවයක් ඇති වෙන්නවත්, අධෛර්යමත් කරන්නවත් නෙමෙයි කතා කරන්නේ. මොනවා උනත් YouTube Channel එකක් මුල ඉඳන් හදනවා කියන්නේ වෙනම ගේමක්. මම ඒක අත්දැකීමෙන් දන්නවා. ඒකෙ වටිනාකම වගේම ආත්ම තෘප්තියත් වැඩියි. ඒ නිසා YouTuber කෙනෙක් වෙන්න බලාගෙන වැඩ කරන කෙනෙක් පුළුවන් තරම් මහන්සි වෙන්න මුල ඉඳන්ම Channel එක Grow කරගන්න.

Content Creator කෙනෙක්ට මුල ඉඳන්ම හැම දෙයක්ම කරනවා නම් YouTube Monetization ...

Article එක සම්පූර්නයෙන් කියවන්න.July 10 වෙනකන් විතරයි තියෙන්නේ.... Accept කරලා නැති අය ඉක්මනටම කරන්න 😌( Link: https://ww...
03/07/2023

Article එක සම්පූර්නයෙන් කියවන්න.July 10 වෙනකන් විතරයි තියෙන්නේ.... Accept කරලා නැති අය ඉක්මනටම කරන්න 😌
( Link: https://www.buymeacoffee.com/lahirugayashan/n-a-1552793 )

YouTube Partner Program (YPP) එකට ඇතුලත් වෙන්න තියන අවස්තාවන් expand කරන නිසා 2023 YouTube ආයතනය එයාලගේ YouTube Partner Program Contract Terms අලුත් කරන්න කටයුතු කරලා ත...

ලොකු හිසරදයක් ඉවර වෙන්න යන්නේ 😍
27/06/2023

ලොකු හිසරදයක් ඉවර වෙන්න යන්නේ 😍

2023 අගෝස්තු මස 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි YouTube හි Im...

මොකක්ද මේ 𝙈𝙪𝙨𝙞𝙘 𝘿𝙞𝙨𝙩𝙧𝙞𝙗𝙪𝙩𝙞𝙤𝙣 කියන්නේ?Link: https://www.buymeacoffee.com/lahirugayashan/n-a-1805972සමහර අය අහනවා ඇයි ලියන...
04/06/2023

මොකක්ද මේ 𝙈𝙪𝙨𝙞𝙘 𝘿𝙞𝙨𝙩𝙧𝙞𝙗𝙪𝙩𝙞𝙤𝙣 කියන්නේ?

Link: https://www.buymeacoffee.com/lahirugayashan/n-a-1805972

සමහර අය අහනවා ඇයි ලියන ඒවා කෙලින්ම Facebook එකට දාන්නේ නැත්තේ? Link එකක් දැම්මම Reach වෙන්නෙත් නෑනේ කියලා 😬 ඇත්තටම මට ගොඩක්ම උවමනාව තියෙන්නේ මම ලියන දේවල් පිළිවෙලකට එක තැනක තියාගන්න එක. එතකොට ඒ දේ ගැන දැනගන්න ඕන කෙනෙක්ට ගිහින් ලේසියෙන්ම හොයාගෙන බලන්න පුළුවන්. Facebook එකේ දැම්මම පරණ Article හොයාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. වෙලාව තියන විදියට බලලා ලියන්නේ. ඔයාලටත් ස්තූතියි වෙලාව වෙන් කරගෙන මම ලියන Article කියවනවට. එහෙනම් හැමෝටම ජය වේවා 🙏

✍️ Lahiru Gayashan

Artist කෙනෙකුගේ හෝ, Music Label එකක හෝ තියන සංගීතමය නිර්මාණයක් ප්‍රේක්ෂකයින්ට මිලදී ගැනීමට හැකි වන විදියට Music Stores වෙත රැගෙන යාම...

හැම account එකකටම එකම Password එකද පාවිච්චි කරන්නේ? ඔයාගේ උපන් දිනේද Password එක විදියට දාලා තියෙන්නේ? එහෙනම් මේකේ තියන ...
18/05/2023

හැම account එකකටම එකම Password එකද පාවිච්චි කරන්නේ? ඔයාගේ උපන් දිනේද Password එක විදියට දාලා තියෙන්නේ? එහෙනම් මේකේ තියන විදියට Password එකක් හදාගන්න.

කාටවත් Guess කරන්න අමාරු ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද?

අපි කොච්චර පරිස්සම් කරන්න හැදුවත් සමහර වෙලාවට අපේ Social media accounts, Email හැක් වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ඒ විදියට ...
17/05/2023

අපි කොච්චර පරිස්සම් කරන්න හැදුවත් සමහර වෙලාවට අපේ Social media accounts, Email හැක් වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ඒ විදියට වෙන්නේ අපේම නොසැලකිලිමත් කම නිසා. ඔයාගේ Social media accounts, Emails Hack වෙන්න තියන අවධානම අඩු කරගන්න මේ Article එක කියවලා බලන්න. ❤️

https://www.buymeacoffee.com/lahirugayashan/n-a-1775254

මේ වගේ දේවල් ගැන දැනගන්න Buymeacoffee එකෙන් මාව Follow කරන්න අමතක කරන්නත් එපා.

✍️ Lahiru Gayashan

ගොඩක් වෙලාවට ඔයාගේ Social Media Accounts ඔයාට නැති වෙන්නේ ඔයාගෙම වැරදි වැඩ නිසා. හැබැයි සමහර වෙලාවට අපි කොයි තරම් ආරක්ෂාවක් දී.....

Artist කෙනෙක්ට, Musician කෙනෙක්ට, තමන්ගේ YouTube Channel එකේ දාන්න පුළුවන් Content මොනවද? - Part 2👉
12/04/2023

Artist කෙනෙක්ට, Musician කෙනෙක්ට, තමන්ගේ YouTube Channel එකේ දාන්න පුළුවන් Content මොනවද? - Part 2
👉

Official Music Videos වලට අමතරව Music Artist කෙනෙකුට තමන්ගේ YouTube Channel එකේ දාන්න පුළුවන් Content මොනවද? ඒ වගේම තමන්ගේ ප්‍රේක්ෂකයෝ අතරට යන්න මොන ව...

Hack කරපු Channel එකක් Recover කරගන්න පුලුවන්ද? සති ගානක් යනවද Channel එකක් Recover කරගන්න?
28/03/2023

Hack කරපු Channel එකක් Recover කරගන්න පුලුවන්ද? සති ගානක් යනවද Channel එකක් Recover කරගන්න?

TechBash S01|E13 - Exclusive Interview with Lahiru Gayashan Part 2

https://podcasters.spotify.com/pod/show/techbash/episodes/Exclusive-Interview-with-Lahiru-Gayashan-Part-2-e217pvi

Hello Geeks!

This is part 2 of previous the interview

In this episode, we discussed learning Youtube with Lahiru Gayashan the founder of Desawana Studios.

Google skill shop
How to learn about YouTube
How to prevent YouTube attacks
How to become a YouTube content manager
YouTube copyright-claiming policies
How to create good content in YouTube and many more..

Follow us on Facebook ⁠, Instagram and TikTok

𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 එකෙන් 𝟮𝟰𝟬𝗽 සහ 𝟰𝟴𝟬𝗽 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝗶𝗲𝘀 නැති වෙයිද?2022 දෙසැම්බර් මාසේ වගේ ඉඳන් සමහර Channels වලට Upload කරන Videos වල 240p...
20/03/2023

𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 එකෙන් 𝟮𝟰𝟬𝗽 සහ 𝟰𝟴𝟬𝗽 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝗶𝗲𝘀 නැති වෙයිද?

2022 දෙසැම්බර් මාසේ වගේ ඉඳන් සමහර Channels වලට Upload කරන Videos වල 240p සහ 480p Qualities, Process වෙන්නේ නැති ගැටළුවක් තියනවා. මේක තවමත් Fix කරලා නෑ වගේම සමහර තැන් වලදී YouTube එකෙන්ම පිළිඅරගෙන තියනවා මේක එයාලගේ Bug එකක් කියලා.

මේ ගැටලුවට මුහුණ දීපු සමහර අය කියන දෙයක් තමයි අලුත් Channel වලට මේ ප්‍රශ්නේ තියනවා කියන එක. ඒත් සමහර Subscribe 100000 ඉක්මවූ Channel වල පවා මේ ප්‍රශ්නේ තියනවා කියලා සමහර අය කියලා තියනවා. ගොඩක්ම අලුත් Channels, ඒ කියන්නේ Subscribe 500 ට 1000 ට අඩු Channels වල මේ ගැටලුව ගොඩක්ම දකින්න තියනවා. සාමාන්‍ය Channels වල විතරක් නෙමෙයි. VEVO හරහා Distribute කරපු Music Videos වල පවා මේ ප්‍රශ්නේ තියනවා. Video එක Re-Upload කිරීම මේ ගැටලුවට විසඳුමක් නොවෙන බවත් හැමෝම වගේ කියලා තියනවා.

YouTube එකෙන් මේ ගැන කියන්නේ වෙනම දෙයක්. Viewers ලට හොඳ Experience එකක් ගන්න වැඩිපුරම නරඹන Resolution වලින් ඉක්මනින් Load කරන්න ලු මේ වගේ දෙයක් කරන්නේ. ඒ උනාට Load වෙන 144p සහ 360p කියන Resolution වල View Experience එක නම් හොඳටම අවුල්. 480p Videos වලට 360p වලට වඩා තරමක් වැඩි Data ප්‍රමාණයක් වැය උනත් Video එක ටිකක් හරි පැහැදිලිව බලන්න අඩුම 480p වත් ඕන.

ඒ වගේම තමයි මේ ගැටලුවට මුහුණ දීපු ගොඩක් අය තමන්ගේ Video එක 4K Resolution වලින් Upload කරාම මේ ගැටලුව එන්නේ නෑ කියලා තියනවා. මෙතැනදී ප්‍රශ්නයක් එනවා YouTube එකෙන් අඩු Quality එකක් තියන Content Creators ලව අධෛර්යමත් කරන්නද මේක කරන්නේ කියලා. අලුතෙන් Content Create කරන කෙනෙක්ට අඩුම 4K Resolution එකකින් Upload කරන්න ගොඩක් වෙලාවට අපහසු වෙන්න පුළුවන්. Phone එකෙන්ම Shoot, Edit, Upload සේරම කරන අය ඉන්නවා. ඒ අයට මේක ටිකක් අමාරු සහ වෙලාව ගත වෙන වැඩක් වෙන්න පුළුවන්.

ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? YouTube එකෙන් මේ Bug එක දැනගෙන හිතා මතාම මග අරිනවද? එන්න එන්නම වැඩි වෙන Mobile Users ලා නිසා එයාලට Service එක දෙන්න පහසු කරන්න මේ විදියට කරනවද? එහෙමත් නැත්තම් හැම Resolution එකකින්ම Load වෙන්න නම් අපිට මුදල් ගෙවන්න වෙයිද? ඔයාලගේ අදහස පහලින් Comment කරන්න අමතක කරන්න එපා.

Update:
YouTube හි සමහර Videos වල 240p සහ 480p යන qualities process නොවීමේ ගැටළුවට පහත ආකාරයට කටයුතු කරන්න
01. 1080p, 720p Videos නිර්මාණයේදී ඒවාට ඔබ විසින් Manually Crop එකක් (Black Bars) Add කිරීමෙන් වළකින්න.
02. එලෙස Manually Crop එකක් Add කිරීමට අවශ්‍ය නම් Output එක 4K Resolution එකෙන් ලබාගන්න.

✍️ Lahiru Gayashan

(පළවෙනි comment එකත් පොඩ්ඩක් බලන්න) Midjourney V5 එක මේ වෙනකොට Paid Users ලට පාවිච්චි කරන්න අවස්තාව දීලා තියනවා. කලින් ත...
16/03/2023

(පළවෙනි comment එකත් පොඩ්ඩක් බලන්න) Midjourney V5 එක මේ වෙනකොට Paid Users ලට පාවිච්චි කරන්න අවස්තාව දීලා තියනවා. කලින් තිබුණු ගැටළු කීපයක්ම ගොඩක් දුරට Fix කරන්න වගේම Images වල Realistic ගතිය ගොඩක් Improve වෙලා තියනවා. මිනිස්සුන්ව Generate කරනකොට අත් වල ඇඟිලි විකෘති වෙන ප්‍රශ්නේ, දත් පෙන්නලා හිනාවෙන මිනිස් මුණු වල කටේ දත් ගොඩක් පෙන්නපු ප්‍රශ්නේ ගොඩක් දුරට අවම වෙලා තියනවා. ඔයාලා මොකද හිතන්නේ මේ Images ගැන?

Midjourney V5 එකත් එක්ක වැඩ කරනකොට තේරුණු දෙයක් තමයි කලින් Version වලදී Images වල Realistic ගතිය වැඩි කරන්න පාවිච්චි කරපු දිග Prompts වලට පාවිච්චි කරපු සමහර වචන දැම්මම Images වල Realistic ගතිය ගොඩක් අඩු වෙනවා. ඉතාම සරල Prompt එකකින් බොහොම හොඳ Output එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුන්ටත් AI එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන විදියට තාක්ෂනය ඉක්මනටම දියුණු වෙයි. එහෙම උනොත් AI Prompt Engineering වගේ දේවල් ඉගෙනගෙන තේරුමක් තියෙයිද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. කොහොමත් මනුස්සයෙක් කියන දෙයක් තේරුම් ගන්න බැරි AI එකකින් කිසිම වැඩක් වෙන්නේ නෑ.

අපේ Jobs වලත් ඉස්සරහට ලොකු වෙනස්කම් වෙයි. සමහර අයට Jobs නැති වෙයි. AI වලින් මිනිස්සුන්ගේ Jobs වලට වෙන බලපෑම ගැන අදහසක් නැත්තම් Uditha Sanjaya මල්ලි කරලා තියන මේ Video එක බලන්න. (https://youtu.be/VSAE7cJksD8)

©️ Lahiru Gayashan

Artificial Intelligence එක්ක Music කරමු | Article - 01 : Link:
15/03/2023

Artificial Intelligence එක්ක Music කරමු | Article - 01 : Link:

මේ වෙනකොට AI වලින් ගොඩක් අයගේ Jobs Replace වෙන ගමන් තියෙන්නේ. ඒ ...

Wildlife + Midjourney©️ Lahiru Gayashan
14/03/2023

Wildlife + Midjourney
©️ Lahiru Gayashan

Channel එකේ දාන්න Content වලට Ideas නැද්ද?Chat GPT එකෙන් අහමු Video Content Creator කෙනෙක් විදියට Content වලට Ideas නැතු...
14/03/2023

Channel එකේ දාන්න Content වලට Ideas නැද්ද?
Chat GPT එකෙන් අහමු

Video Content Creator කෙනෙක් විදියට Content වලට Ideas නැතුව හිර වෙලාද? Content වලට අදහස් ගන්න Research කරන්න වෙලාවක් නැද්ද? එහෙනම් මේ Prompts 5 ඔයාට ගොඩක් වැදගත් වෙයි. (අදාළ Result Review කරලා Confirmation එකකින් පස්සේ Public කරන්න වගබලාගන්න)

"Write a listicle of the top 10 tips for [insert topic/niche]".
Listicles Videos කියන්නේ ඉතාම හොඳින් Share සහ ගොඩක් අය බලන්න කැමති Content වර්ගයක්. ඔයාගේ niche එකට ගැලපෙන Content වලට Ideas ලේසියෙන්ම හොයාගන්න මේ Prompt එකෙන් පුළුවන්.

"Create a step-by-step guide for [insert process/activity]".
මිනිස්සු ගොඩක් කැමතියි දෙයක් හරියට පිළිවෙලට කරන්න Step By Step කරන විදිය දැනගන්න. ඔයට පුළුවන් ඔයාගේ niche එකට අදාලව කරන මොකක් හරි දෙයකට පැහැදිලි guide එකක් Video එකකින් ඉදිරිපත් කරන්න. ගොඩක් සංකීර්ණ Step එකින් එක හොඳට පැහැදිලි කරනවා නම් ඒක ඔයාගේ audience එක ගොඩක් appreciate කරයි, ඒ වගේම Share කරයි.

"Write a comparison article between [product/service A] and [product/service B]".
හැමෝම කැමතියි මොකක් හරි දෙයක් සල්ලි දීලා ගන්න කලින් ඒ දේ එක එක Brand වලින් තියන ඒවා Compare කරලා බලන්න. ඔයාට පුළුවන් ඔයාගේ audience එකට ගැලපෙන Brands වල Products, services වල comparison Video එකක් ඉදිරිපත් කරන්න.

"Create a video tutorial on [insert skill/technique]".
තමන් ආස skill එකක් හරි, මොනවා හරි දෙයක් කරන්න හරිම technique එක දැනගන්න එක හැමෝම කැමති දෙයක්. ඉතින් ඔයාගේ niche එකට අදාලව මොනවා හරි දෙයක් කරන විදිය, ඒ ගැන අදහසක් ගන්න මේ Prompt එක උදව් කරගන්න පුළුවන්.

"Write an opinion piece on [current event/trend] in [your niche]
ඔයාගේ niche එකට අදාලව මේ වෙලාවේ Viral යන දෙයක්, trend වෙන දෙයක් ගැන Video එකක් දාන්න පුළුවන් නම් YouTube වගේම අනිත් Video Platforms වලිනුත් ඒ Video එක Recommend කරන්න බලනවා. ඒ වගේ දෙයක් ගැන අදහසක් ගන්න මේ Prompt එකෙන් පුළුවන්.

Bonus Tips 😎

Content Create කරද්දී වෙන අඩුපාඩු මගහැරගන්න මේ Prompts පාවිච්චි කරන්න 😉

"What are some effective ways to brainstorm ideas for new content?"

"How can you optimize your content for search engines?"

"What are some best practices for creating engaging titles and headlines?"

"What are some key elements to include in a strong introduction to your content?"

"How can you effectively use visuals and multimedia to enhance your content?"

"What are some strategies for promoting your content and building a following?"

"How can you measure the success of your content and use data to improve it?"

"What are some tips for creating content that resonates with your target audience?"

"How can you balance creativity with SEO when creating content?"

"What are some common mistakes to avoid when creating content?"

✍️ Lahiru Gayashan With Chat GPT 😉

20/01/2023

Good News For Gaming Creators 😍
අවසන් Monetization Policy Update එකේදී Gaming Creators ලා හට පැනවූ නව නීති YouTube විසින් නැවත වෙනස් කරන ලකුණු.
Source: Techcrunch

Srimal Fernando මල්ලිත් එක්ක YouTube සහ MCN ගැන පොඩි විස්තර ටිකක් කතා කරා... තවත් ගොඩක් දේවල් කතා කරන්න තිබුනත් වෙලාව ප්...
14/01/2023

Srimal Fernando මල්ලිත් එක්ක YouTube සහ MCN ගැන පොඩි විස්තර ටිකක් කතා කරා... තවත් ගොඩක් දේවල් කතා කරන්න තිබුනත් වෙලාව ප්‍රශ්නේ එක්ක අපිට කතා කරන්න බැරි උනා. ඒ වගේම මගේ පැත්තෙන් Audio එකේ Recording වලට උදවු උණු EVO BEATS වත් විශේෂයෙන් මතක් කරනවා.

TechBash S01|E12 - Exclusive Interview with Lahiru Gayashan

Anchor.fm https://spotifyanchor-web.app.link/e/ddqh7kTKzwb
Podcasts.lk https://podcasts.lk/podcasts/techbash-ch-pjdt
Google Podcasts https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy81YjBkMmZmNC9wb2RjYXN0L3Jzcw/episode/ODU3N2FjZjEtNzU3NS00NDQ0LWFmZWMtMDY1Y2I3MDg4N2Rl?sa=X&ved=0CAUQkfYCahcKEwiQzOCkwcb8AhUAAAAAHQAAAAAQNA

Hello Geeks!
In this episode, we discussed Youtube myths with Lahiru Gayashan the founder of Desawasa Studio.
What is a MCN
Advantages and Disadvantages of MCN
How to become a successful YouTuber in 2023
YouTube Shorts Monetization
Special YouTube Video Marketing Techniques.. and many more..

Outro Song - https://www.youtube.com/watch?v=hufCV7rJjnQ
Join our Facebook Community https://www.facebook.com/groups/482391076337027/
Follow Us on Facebook https://www.facebook.com/techbashlk

13/01/2023

අලුත් YouTube Partner Program Contract Terms වලට Accept කරන්න පුංචි Guide එකක් | Lahiru Gayashan

මේක පොඩි දෙයක්නේ කරන්න තියන්නේ. මොකටද මේකට Video එකක් කරලා දාන්නේ කියලා හිතනවා ඇති. ඒත් ගොඩක් අයට මේකේ Shorts Feeds Ads Module එක මග ඇරෙන්න පුළුවන් නිසා මෙහෙම දැම්මේ. මේ Notification එක ඔයාට හොයාගන්න බැරි නම් YouTube Studio එකේ Earn Tab එකට ගිහින් බලාගන්න පුළුවන්. ඔයාගේ Channel එක Music CMS එකකට Connect කරලා තියනවා නම්, ඒවාට අදාළ විශේෂ නීති නිසා ආපහු මේ අලුත් YouTube Partner Program Contract Terms, Accept කරන්න ඕන නෑ.

මේ Terms ගැන සම්පූර්ණ විස්තරයක් මේ Link එකෙන් ඔයාට බලාගන්න පුළුවන්
Full Article: https://www.buymeacoffee.com/lahirugayashan/n-a-1552793

මේ දවස් වල ඔයාගේ වීඩියෝ එකේ Views අඩු වෙනවද? නැත්තම් Views Freeze වෙලාද?ඇත්තටම කිව්වොත් මම හිතුවේ මේක හැමෝම වගේ දන්නවා ඇ...
11/01/2023

මේ දවස් වල ඔයාගේ වීඩියෝ එකේ Views අඩු වෙනවද? නැත්තම් Views Freeze වෙලාද?

ඇත්තටම කිව්වොත් මම හිතුවේ මේක හැමෝම වගේ දන්නවා ඇති කියලා 😬 දිගින් දිගටම කට්ටිය Message කර කර අහන නිසා මේ ගැන Post එකක් දාන්න හිතුනා. මේක මට බලන්න ආපු වැඩ වලින් Lil Enza ගේ Mashup Cover (https://bit.ly/LilEnzaMashupCover) එකේ ගොඩක්ම දකින්න ලැබුනා. මේ Issue එක ගැන ඔයාලගේ YouTube Studio එකෙත් පෙන්නනවා (ගොඩක් අයගේ). YouTube එකත් මේ Issue එක ගැන බලන ගමන් ඉන්නේ. ඒ නිසා ඔයාගේ Video එකේ Views අඩු උනා කියලා, Views Freeze උනා කියලා කලබල වෙන්න එපා.

Full Article: https://www.buymeacoffee.com/lahirugayashan/n-a-15527932023 අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් ලියපු පලවෙනි Article ...
10/01/2023

Full Article: https://www.buymeacoffee.com/lahirugayashan/n-a-1552793
2023 අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් ලියපු පලවෙනි Article එක මේ. හැමෝටම $ ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

✍️ Lahiru Gayashan

මොනවද මේ අලුත්ම YouTube Partner Program Contract Terms?YouTube Partner Program (YPP) එකට ඇතුලත් ...

අපිට “Delete for Everyone” දෙන්න ඕන Message එකකට "Delete for Me" කියන එක වැරදිලා Touch/Click උනා කියන්නේ සමහර වෙලාවට ලොක...
19/12/2022

අපිට “Delete for Everyone” දෙන්න ඕන Message එකකට "Delete for Me" කියන එක වැරදිලා Touch/Click උනා කියන්නේ සමහර වෙලාවට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා 😁 ඉතින් මේකෙන් බේරෙන්න දැන් Whatsapp තුලින් ඔයාට "Delete for Me" වැරදිලා Touch/Click උනොත් "Undo" කිරීමේ පහසුකම ලබා දීලා තියනවා. "Undo" කරලා ආපහු ඔයාට “Delete for Everyone” දෙන්න පුළුවන්.

මේ අලුත් Feature එකට කියන්නේ “accidental delete" කියලා. ඔයාගේ අතින් "Delete for Me" කියන එක වැරදිලා Touch/Click උනොත් තත්පර පහක් යනකන් window එකක් පෙන්නනවා "Undo" කරන්න.

අගෝස්තු මාසයේ Beta Test එකක් ලෙස සුළු ප්‍රමාණයකට ලබා දුන් මෙම පහසුකම දැන් සියලුම Android and iPhone පාවිච්චි කරන හැමෝටම ලැබිලා තියනවා.

Source: Techcrunch, Whatsapp page

✍ Lahiru Gayashan

Address

Anamaduwa
Anamaduwa

Alerts

Be the first to know and let us send you an email when Lahiru Gayashan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lahiru Gayashan:

Videos

Share


Other Digital creator in Anamaduwa

Show All