මෙහි දැක්වෙන්නේ Emperor penguin පැටවුන් අයිස් තට්ටුවක් මත සිට අඩි 50 (මීටර් 15) ක් පහල මුහුදට පනින අයුරුය. විද්‍යාඥයන් පවසන පරිදි Emperor penguin පැටවුන් මෙතරම් උසකින් පනින අවස්ථාවක් ග්‍රහනය කර ගත් පළමු අවස්ථාව මෙයයි.
මෙම සිදුවීම fledging ලෙස හැඳින්වේ. Fledging යනු පෙන්ගුයින් පැටවෙකු තම ජලරෝදක පිහාටු වර්ධනය කරගැනීමෙන් පසු මුහුදේ ආහාර සොයා යෑම සඳහා පලමු වරට තම ජනපදයෙන් පිටවී යෑමයි. පැටවුන් ඔවුන්ට මාස පහක් පමණ වූ විට ඔවුන්ගේ මෙම පළමු පිහිනීම සිදු කරයි.
Emperor penguin (Aptenodytes forsteri) යනු පෙන්ගුයින් විශේෂ අතරින් උසම සහ බරම විශේෂය වන අතර ඔවුන් ඇන්ටාක්ටිකාවට ආවේණික වේ
මෙම දුර්ලබ දර්ශන රූගත කර ඇත්තේ ඇන්ටාක්ටිකාවේ දී සිනමාකරුවෙකු වන Bertie Gregory විසිනි. මෙම දර්ශන National Geographic චැනලයේ හි ඉදිරි වාර්තා චිත්‍රපටයක් වන Secrets of the Penguins හිද ඇතුලත් වීමට නියමිතය.
.
.
.
.
Source : National Geographic
©️ Factscape
Creidt to original creator ®️