සිවිල් ක්‍රීයාකාරික ඩෑන් ප්‍රියසාද් මහත්මා ඊයේ පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රටේ දිනෙන් දින උග්‍ර වන පාතාල ක්‍රියාකාරකම් සිදුකරන පාතාල නායකයින් විදෙස් රටවල් වලදී අත්අඩංගුවට පත්ව ඇතත් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව කටයුතු නොකර බවට ඔහු පොලිස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
හික්කඩුවේදී අසාර්ථක වූ ඝාතන තැත
අතුරුගිරියේ වෙඩික්කරුවන් පැමිණි ආකාරය
අතුරුගිරියේ සිදුවූ වෙඩිතැබීම
වෙඩි කෑ රෝයල් බීච් සමන් වැටී සිටි අයුරු.
පැට්ටා මංජූගේ නීතීඥවරිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමට ගත් උත්සාහය.
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල නායකයෙකු වන රත්ගම විදුරගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අයිස් ගැරෑම් 8ක් සමග බූස්ස පිටිවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙනත් අයෙකුගේ නමින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෝටලයක් අද (01) පෙරවරුවේ පොලීසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව එක්ව එම ස්ථානයෙන් කඩා ඉවත් කළේය.
ඩුබායීහී සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා වෙනත් අයෙකුගේ නමින් දෙහිවල මුහුදු තීරයේ එම හෝටලය පවත්වා ගෙන ගොස් තිබුණි.
එය අනවසර ඉදිකිරීමක් ලෙස ද සැලකෙයි.
යුක්තිය මෙහෙයුමට අදාළව සිදුකෙරුණු මෙම කටයුත්තට ආරක්ෂාව සැපයීම සඳහා දෙහිවල - ගල්කිස්ස කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් සහ කැරලි මර්දන අංශ යොදවා තිබුණි.
කෙසේ වෙතත් එම ඉදිකිරීම කඩා ඉවත්කරන අවස්ථාවේ එම හෝටලයේ සේවයේ නියුතුව සිටි නිලධාරියෙක් පොලිස් නිලධාරින්ට බාධා කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
අහුංගල්ලේදී තඩි සුජීගේ ගෝලයකුට වෙඩි
අහුංගල්ල මත්පැන් හල අසල සිදූවූ වෙඩිතැබීමකින් කොස්ගොඩ පදිංචි බාලයා නමින් හදුන්වන පුද්ගලයකු තුවාල ලබා ඇත.වෙඩි වැදුණු පුද්ගලයා තඩී සුජී නොහොත් කොස්ගොඩ සුජිත් නැමැත්තාගේ සමීපතමයකු බවට ආරංචි මාර්ග සදහන් කරයි.
රත්ගම විදුර සිදුකලා යැයි හැගවෙන ලෙස ඇල්පිටියේ ව්‍යාපාරිකයෙකු ඝාතනයට වෙඩික්කරුට උපදෙස් දෙන ඌරු බිංදු.
පසුගියා 07 වනදා ඇල්පිටිය නගරයේ පදිංචි අමල් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි පාතාල මැරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය පොලීසිය සමත් විය. එම ඝාතනය ඌරු බිංදු නැමැති පාතලයකු විසින් මෙහෙයවා ඇති අතර එම ඝාතනය සිදුකොට එය රත්ගම විදුරගේ ගිණුමට බැර කිරිමට සැලසුම් කර ඇත.
කොස්ගොඩ තාරකගේ ගෝලයා, රන්දෝඹේ කිරියා විසින් අම්බලන්ගොඩ ව්‍යාපරිකයන් බියවද්දමින් කප්පම් ඉල්ලා දිගින් දිගටම මරණ තර්ජන.
පොලී විකුම්ගේ ගෝලයන් විසින් හෝටල් කළමනාකරුගෙන් කප්පම් ඉල්ලා මරණ තර්ජන
පොලිස් වෙඩිපහරින් මරණයට පත්වූ ප්‍රබල මත්දුව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල නායකයකු වන කොස්ගොඩ තාරකගේ කණ්ඩායම දැන් මෙහෙයවනු ලබන්නේ පොලී විකුම් විසිනි.එම කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වන රන්දෝඹේ කිරියා සහ බ්‍රෝකර් ධනේෂ් විසින් ගාල්ල ප්‍රදේශයේ හෝටල් කලමනාකරුවෙකු ගෙන් කප්පම් ඉල්ලා මරණීය තර්ජන සිදු කර ඇත.