Sihina korea

Sihina korea documentary

15/06/2024
02/11/2023

ටීම් එකෙ ඔක්කොම උන්ගේ පේජ් වලට ගිහින් බ්ලොක් කරා.ඔකුන්ගේ රෙද්දවල් පේන්නේ නෑ ආයේ..

මෙහෙ නීතිය එකයි කාටත්! 🇰🇷🇰🇷🇰🇷ලොව භයානකම ජනපති පුටුව දකුණු කොරියාවේ ජනපති පුටුව ලෙසයි ලෝකයම හඳුන්වන්නේ. එය දැලිපිහියෙන් ක...
07/08/2023

මෙහෙ නීතිය එකයි කාටත්! 🇰🇷🇰🇷🇰🇷

ලොව භයානකම ජනපති පුටුව දකුණු කොරියාවේ ජනපති පුටුව ලෙසයි ලෝකයම හඳුන්වන්නේ. එය දැලිපිහියෙන් කිරි කන්නාක් මෙනි. මේවන විට ජනාධිපතිවරයෙක් සියදිවි නසාගෙන තවකෙක් ජීවිතාන්යට සිපිරි ගෙට ගොස් මැතක සිටි ජනපති ෆාක් ජනපති වසර 20 කට සිපිරි ගෙට යෑමයි .මොවුන් සියලුදෙනා ජනපති පුටුවේ සිටියදීම මේ දඬුවම් වලට ලැබීමයි පුදුම සහගත. ඔවුන් කල වැරදි මෙසේය.
1 ජිවිතාන්තය දක්වා සිපිරිගෙට ගිය ජනපති අයුතු ලෙස මුදල් ඉපයීම.
2 සියදිවි නසාගත් ජනපති ගේ පුත්‍රයා කෝටියක මුදල් වංචාවකට අසුවීමත් සමග ජනාධිපති ලැජ්ජාවට පත්ව කන්දකට ගොස්,එයින් පැන දිවි නසාගත්තේය
3. ෆාක් ජනපතිනිය එරට රජ පරම්පරාවෙන් ආ කාන්තාවකි. ඇය කල වරද ඇගේ මිතුරියකට පෞද්ගලික ව්‍යාපාරික කාරණා සඳහා රජයේ අනුග්‍රහය ලබාගැනීමයි .

හරි පුදුමයි නේද ? 🤔

දකුණු කොරියාව හදපු හැටි මෙසේය. කොරියානු යුද්දෙන් පසු එහි පත්වූ පාලකයා ඉතා දරදඬු තීරණ ගත් පුද්ගලයෙක් විය. මුල්ම අධිවේගී මාර්ගය එහි හදනවිට වෙනත් දේශපාලනයක් ගෙන ගිය සහෝදරයා උද්ඝෝශනයක් ගෙනගියේ ගොවිබිම් මෙයට යට වෙනවා යැයි කියමිනි. එයට නොසැලුනු ඔහු සහෝදරයා ඇතුලු 7ක් අධිවේගය පටන්ගන්නා තැනම එල්ලා වෙඩිතබා මරා දමා අධිවේගය පටන් ගත්තේ අදටත් ලෝකේ හොදම අධිවෙගී තාක්ෂණය මූලස්ථාන අතරට ගෙන එමිනුයි.

එම වකවානුවේ කොරියාව යනු මුඩුක්කු සහ කිසිම හික්මීමක් හැදියාවක් නැති ජාතියකි. #අපි #දැන් #සිටින #ආකාරයටම #ඔවුන් #සිට #ඇත. එම දරදඬු පාලකයා බැටන් පොලු රැගත් සිවිල් නිලදාරින් සෑම පොදුතැනකම වෙස්වලාගෙන යෙදෙව්වේය. බස් කෝච්චි ටිකට් මැෂින් දැමීමත් සමග හොරෙන් යන්න ගත්තේය. හැම එකාම අර හැංගිලා ඉන්න නිලදාරීන් පැන බැට්න් පොලු පහර දුන්නේ මදි නොකියන්නය. පාරෙ ටොෆි කොලයක්, කෙල ටිකක් ගැසුවත් ඒ ටිකමය පාලකයා වෙනම නීති පද්ධතියක් දකුණු කොරියාවට ගෙන ආවේය.

ඉන් ටිකක් මෙසේය.

ගමේ සිරිපාල කෙසෙල් කැනක් කැපුවොත් මාසයක් හිරේනම් දේශපාලකයෙක් රජයේ නිලදාරියෙක් කලොත් අවුරුද්දක් හිරේ යන නීති පද්ධතියකි අදටත් තීයෙන්නේ. එදා මිනිසුන් එල්ලා මරා පහරදී මානව හිමිකම් කැඩු කොරියාව අද මානව හිමිකම් කොමසාරිස් බංකිංමු බිහිකන්න තරම් මානව හිමිකම් රටවල් අතර මුල්ම තැන දක්වා ඇවිත් ඇත. අද කොරියානුවෙක් යනු ස්වං හික්මීමක් සංවරයක් තිබෙන මනුස්සයෙකි.

💙

23/07/2023

තනියම ඉන්න ෆොටෝ Public දාලා.මිනිහත් එක්ක ඉන්න ඒවා friends Only දාන්නෙපා.Confirm කලහම Confuse වෙනවා .

22/07/2023
15/07/2023
07/07/2023

In a realationship දාගෙන හිටියට කමක් නෑ ටොක්කරලා බලපන්

08/06/2023

lලංකාවෙ යමක් කමක් තියෙනව නම් වෙන රටකට යද්දි දෙපාරක් හිතන්න!
lලංකාවේ සුපිරි ජොබ් කරපු අය රටවල්වල පිඟන් හෝදනවා!

මේ වගේ දේවල් නිතර ඇස ගැටෙනවා ඇතිනෙ. සමහරු මේව දැකල බය වෙනවා. සමහරු ධෛර්යය ගන්නවා. සමහරු බනිනවා. සමහර අය කතා කරල අහනවා රටකට එන්න හදාගන්න ඕන දේවල් මොනවද කියල. ඔබටත් මේ ගැටලුව ඇති. සල්ලි ද? සහතික ද? එක්ස්පීරියන්ස් ද? මගේ නම් අදහස ඒ ඔක්කොටම කලින් වෙන දෙයක් හදාගන්නම වෙනවා. ඒ තමයි මයින්ඩ් සෙටප් එක. ඒ කියන්නෙ ඔලුව. සල්ලියි, සහතිකයි, එක්ස්පීරියන්ස් ඔක්කොටම වඩා වටින්නේ මේක.

ලංකාවේ ඉද්දි අපි බහුතරයක් පදින වාහනයෙන්, අඳින ඇඳුමෙන්, කරන රස්සාවෙන් මිනිස්සුන්ව මනිනවා. අයිතිවාසිකම්, ආචාරශීලීබව, සමානාත්මතාව, ඉවසීම වගේ දේවල්වලට සමාජීය වටිනාකම් නැති තරම්. අන්න ඒක හලාගෙන ගුවන් ගත වෙන්න. ඇත්තටම ලංකාවේදී අහිමි වුණු ජීවන විලාසිතාව ( Life style ) එක ලබාගන්න හිතාගෙන එනවා නම්, ඇවිත් කරන රස්සාව ගැන දුක් වෙන්න වෙන්නෙ නෑ. ඔබ එන්නේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්ත, ඇමරිකාව, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඉතාලිය වගේ රටකට නම් ඔබට අලුත් ජීවන විලාසිතාවක් ලැබෙනවා ම යි. නිදහස, සමානාත්මතාවය, විවේකය, විනෝදය, සතුට, ගෞරවය, භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය ආදී හැමදේම අඩු වැඩි විදියට. ඉතිං ලංකාවේ යමක් කමක් තිබුණත් ලබන්න බැරි ඒ අගයන් ඔබට ලැබෙනවා නම්, විකුණල දාල හරි දරු මල්ලොත් අරගෙන එන්න.

හැබැයි ඔයාට තියෙන්නේ සල්ලි ටිකක් හොයාගෙන නැවත ලංකාවට යන්න ඉලක්කයක් නම්, ඔයාට ගැළපෙන රටක් හොයාගන්නම වෙනවා. සල්ලි හොයන එකම ඔලුවෙ තියාගෙන වැරදි රටක් තෝරගත්තොත් දුක් අඳෝනා දිදී ඉන්න වෙනවා. කොරියාව, මැලේසියාව, ඩුබායි, සහ ජපානය වගේ රටවල් හොඳයි කියලයි මගේ දැනුම. ඒ රටවලත් අර කියපු අගයන් අඩු වැඩි වශයෙන් තියෙනවා. හැබැයි තනියම ඇවිත් සල්ලි ටිකක් හොයාගෙන නැවත ලංකාවට යන්න හොඳ රටවල්. ඒකත් හොඳ ඔප්ෂන් එකක්.

lඅයියෝ එපා වෙනවා. lලංකාවේ වගේ සැප නෑ. lහොඳයි හිතුවට එපා වෙනවා වගේ හිතෙන අය ජීවන විලාසිතාවක් ඕන නිසා විදේශයකට ආපු අය නෙමෙයි. ලංකාව අවුල් වෙද්දි කොහේ හරි පැනගන්න ඕන කියල හිතපු අය. ඉතිං හෙන ප්‍රශ්නලු. ඒ නිසා එන්න කලින් ඔබ ඔබෙන්ම ප්‍රශ්න දෙකක් අහන්න. එක මං යන්නේ ජීවන විලාසිතාවක් ( Life Style )වෙනුවෙන්ද? නැත්නම් සල්ලි හොයාගෙන ආයෙ එන්නද? ඔබේ හදවත කියන දේ අනුව තීරණය ගන්න. ඔය දෙක පටලගත්ත අයගෙන් උපදෙස් ගන්නම එපා. ඔයාගෙ ජීවිතය ඔයා තීරණය කරන්න.

කොයි අතින් බැලුවත් ලංකාවේ හැම පවුලකින් ම එක් අයෙක්වත් විදේශගත වෙන්න ඕන කියන මතයේ මම දැඩිව ඉන්නවා. ආර්ථික අතිනුත් දේශපාලන අතිනුත් ඒක ලංකාවට වාසියි. ඔය යන හැමෝම ලංකාවට ඩොලර්, පවුම්, යෙන් එවනවා. අඩුම වශයෙන් ලංකාවේ තියන පෞද්ගලික ණය ටික ගෙවන්න හරි. ඉතිං විදේශ විනිමය ලැබෙන එක ආර්ථිකයට කොහොමත් හොඳයි. අනිත් පැත්තට දේශපාලන වාසියකුත් තියෙනවා. රටින් එලියට එන මිනිස්සු එක් එක් රටවල සිස්ටම් දකිනවා. අත්විඳිනවා. සහ යමක් ඉගෙන ගන්නවා. ඉතිං ඒ දැනුම පවුල සමඟ බෙදාගන්නවා. ලංකාවේ හැම පවුලකින්ම කෙනෙක් විදේශයක හිටියොත් දේශපාලන සවිඥානිකත්වය ඉබේම වර්ධනය වෙනවා.

මම යෝජනා කරන්නේ රටින් එලියට යන්න. ලෝකෙට විවෘත වෙන්න. ඉගෙන ගන්න. අද්දැකීම් ලබන්න. උපන් රටේම මැරෙන එක දේශහිතෛශීභාවය යැයි සිතන මුළාවෙන් මිදෙන්න. හැමෝම රට වෙනුවෙන් විදේශයකට යන්න. ජයමවේවා.!
උත්සාහය සාර්ථක වේවා!

සාරද සමරසිංහ

24/05/2023

ඇත්තද මල්ලි...අපරාදේ කොරියාවේ ආවේ..

24/05/2023

🇰🇷

19/05/2023

ආචාර කිරීම තමාගෙන් පටන් ගන්න.....
සතුට පිරුණු වැඩ බිමකට.......ආචාර කිරීමේ සිට ආරම්භ කරන්න. ....🥰😍

안녕하세요!
굿모닝!!!
인사는 내가 먼저
행복한 회사생활은 인사로부터 시작🥰😍

අදත් සතුට පිරුණු දවසක් වේවා!!
오늘도 행복한 하루 되세요❤❤❤

Address

Ulsan

Website

Alerts

Be the first to know and let us send you an email when Sihina korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sihina korea:

Videos

Share

Category