Sithdahana-සිත්දැහැන

Sithdahana-සිත්දැහැන We are creating video Blogs

22/01/2025
13/01/2025

හැමෝම හොයපු වස්තිලාගේ අලුත්ම කඩේ

11/01/2025

බෙහෙත් බොන්නේ නැතුව දියවැඩියාව සනීප කරන හරිම විදිය

අගයන්න ඕන මිනිස්සු ♥️♥️
10/01/2025

අගයන්න ඕන මිනිස්සු ♥️♥️

06/01/2025
අපිට තෙල් මිළ අඩුකරන්න ඕනැ නෑ නේද?
31/12/2024

අපිට තෙල් මිළ අඩුකරන්න ඕනැ නෑ නේද?

ජයෙන් ජය රැකියාව පළමූ තැන අනිවාර්යෙන්ම  ඊලගට අහින්සක දෙමාපිය දෙදෙනා බව තරයේ සිහිතබා ගන්න
25/12/2024

ජයෙන් ජය
රැකියාව පළමූ තැන අනිවාර්යෙන්ම ඊලගට අහින්සක දෙමාපිය දෙදෙනා බව තරයේ සිහිතබා ගන්න

ඉක්මන් භවයක දීම නිවන් සුව ලැබේව ඔබ දෙදෙනාට
22/12/2024

ඉක්මන් භවයක දීම
නිවන් සුව ලැබේව ඔබ දෙදෙනාට

-මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක.. කියවන්න.. බොහෝවිට ඔබ බේරෙයි..🙏❤️පිළිකාව බෝවෙන රෝගය...
22/12/2024

-මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක.. කියවන්න.. බොහෝවිට ඔබ බේරෙයි..🙏❤️

පිළිකාව බෝවෙන රෝගයක්‌ ලෙස අපේ රටේ ව්‍යාප්ත වන බවට ඔහු අනාවැකි පළකළේ අදින් වසර පහලොවකට පමණ පෙර සිටය. රතු මස්‌ අනුභව කිරීම සහ නොයෙක්‌ ක්‍රමවලින් සකස්‌ කළ මස්‌ සහිත ආහාර අනුභව කිරීම, රසකාරක යෙදූ සහ කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීම එයට හේතුව බව එදා ඔහු ප්‍රකාශ කරද්දී ඔහුට එරෙහිවූවන් අතර ඇතැම් වෛද්‍යවරුද වූහ. නමුත් මේ ආහාර පිළිබඳ ඔහු එදා කළ ප්‍රකාශ අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබේ. අද අපේ රටේ වැඩිදෙනෙක්‌ රස කරමින් ගිලදමන මේ වස පිළිබඳවත් 'රතු මස්‌' ගැන ලොව පිළිගත් අනාවැකියක්‌ කියන්නට සිදුකළ පර්යේෂණය පිළිබඳවත් මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක පුවත්පතකට කළ සාකච්ඡාවයි මේ.

පිළිකාව බෝනොවන රෝගයක්‌ වුවත් බෝවන රෝග තරමට වර්තමාන සමාජයේ එය සුලබ ව්‍යාධියක්‌ බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කොට තිබෙනවා !

මේ අපි බලාපොරොත්තු නොවූ තත්ත්වයක්‌ නොවෙයි. වසර දහයක පමණ කාලයක සිට දිවයින ඉරිදා සංග්‍රහයෙන් වරින් වර අපි මේ පිළිබඳ ජනතාව දැනුවත් කළා. අපේ ජනතාව බහුලව භාවිත කරන ආහාරවල වෙළෙඳ නාමය නොකිව්වත් මොනසෝල්ට්‌ අඩංගු ආහාර භාවිතයෙන් ඉවත් නොකළොත්... ඇස්‌බැස්‌ටස්‌ භාවිතයෙන් ඉවත් නොකළොත්... ග්ලයිපොසෙට්‌ අඩංගු පොහොර තහනම් නොකළොත්... රතු මස්‌ භාවිතය සහ සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර භාවිතය අවම නොකළොත් වැඩි කල් නොගොස්‌ පිළිකාව අපේ රටේ සුලබව දැකිය හැකි ව්‍යාධියක්‌ බවට පත්වන බව අපි කිව්වා. සමහර දේශපාලකයෝ පමණක්‌ නෙමෙයි ඇතැම් වෛද්‍යවරු පවා රතු මස්‌ සහ සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර භාවිතය අවම කළ යුතු බවට මා කළ ප්‍රකාශයන් අවඥාසහගතව බැහැර කළා පමණක්‌ නෙමෙයි වැඩෙන දරුවන්ට මස්‌ අවශ්‍යයි කියන මතයක්‌ සමාජගත කරන්නටත් උත්සාහ කළා. නමුත් අද රතු මස්‌ භාවිතය සහ සොසේජස්‌, ලිංගුස්‌, මීට්‌ බෝල් වැනි සකස්‌ කළ මස්‌ සහිත ආහාර නිසා බඩවැලේ පිළිකා හටගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබෙනවා. රතු මස්‌ සහ සකස්‌ කළ මස්‌ සහිත ආහාර බහුලව ගැනීම පිළිකා පමණක්‌ නොවෙයි තරබාරුකම, හෘදයාබාධ වැනි තවත් ආබාධ රැසකට අත වැනීමක්‌.

නමුත් මස්‌ ආහාරයට ගැනීම ලෝකයේවත් අපේ රටේ වත් අද ඊයේ ඇතිවූවක්‌ නෙමෙයි. එයට දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙනවා. මස්‌ අනුභව කිරීම වර්තමානයේ පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබෙන්නේ ඇයි?

අතීතයේ මිනිස්‌සුත් මස්‌ කෑවා. හැබැයි ඒ අද වගේ නොයෙක්‌ රසායනික ද්‍රව්‍ය අඩංගු රසකාරක යොදපු මස්‌ නෙමෙයි. අද සොසේජස්‌වල කල් තබාගැනීම සඳහා යෙදූ නයිටේ්‍රට සහ නයිට්‌රයිට තිබෙනවා. විවිධ වර්ණක තිබෙනවා. රසකාරක තිබෙනවා. මේ සොසේජස්‌ කනකොට බොහොම දෙනෙක්‌ නොයෙක්‌ බීම වර්ගත් පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔය කෘත්‍රිම බීම වර්ග බොහොමයක පිළිකාකාරක අඩංගුයි. කෘත්‍රිම බීම වර්ණ ගන්වන්න වගේම රසකාරක විදිහට යොදන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක නේද කියල අපි අහන කොට ඒවා හදන සමාගම් කියන්නෙ අපි ඒ ද්‍රව්‍ය යොදල තියෙන්නෙ අංශු මාත්‍ර විදිහට. ඒ හින්ද ශරීරයට හානියක්‌ නෑ කියලයි. පිළිකාවක්‌ හැදෙන්නෙ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර කලාතුරකින් කෑවම නෙමෙයි. අංශු මාත්‍ර විදිහට හරි ඒවා දිගින් දිගටම ශරීරයට එකතු වුණාමයි. ඔය හුඟක්‌ කෘත්‍රිම බීම වර්ගවල අඩංගු පෝමෙතිල් ලිමිටසෝල් අංශු මාත්‍ර විදිහට හරි කාලයක්‌ තිස්‌සේ ශරීරගත වුණාම පිළිකාවක්‌ හැදෙනව.

අද අපි අපේ ශරීරයට එකතු කරන්නේ ඔය මස්‌ විතරක්‌ නෙමෙයි. ඔය බීම විතරකුත් නෙමෙයි. අද අපි හුස්‌ම ගන්න වාතයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය වැඩියි. වායුගෝලය තදින් දූෂණය වෙලා. බොන වතුර ටික දූෂිතයි. ගංගා ඇළදොළට නොයෙක්‌ රසායනික ද්‍රව්‍ය දමල ඒ ජලය දැඩිලෙස දූෂිත වෙලා. මේව අහම්බෙන් වෙන දේවල් නෙමෙයි. හිතාමතාම තම නිෂ්පාදනවලින් වැඩි ලාබගන්න නියමිත ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීම නිසා සිදුකරන දේවල්. අද අපි කන, බොන දේවලත් හුස්‌ම ගන්න වාතයේත් පිළිකාකාරක අඩංගුයි. එදා මස්‌ කාපු මිනිස්‌සු ජීවත්වෙන පරිසරයෙ නෙමෙයි අද මස්‌ කන මිනිස්‌සුන්ට ජීවත්වෙන වෙලා තිබෙන්නෙ. නමුත් මම නම් හිතන්නෙ නෑ එදා මිනිස්‌සු අද වගේ මස්‌ කෑව කියල. අද තුන්වේලටම සොසේජස්‌ කන මීට්‌බෝල්ස්‌ කන ළමයි ඉන්නව. අනිත් වැදගත්ම දේ මේ ආහාර බොහොමයක්‌ ඉතා ඉහළ උෂ්ණත්වවලට රත්කරල, ගැඹුරු තෙලේ බැදල පිළියෙල කරන ආහාර. ගැඹුරු තෙලේ බැදීම නැවත පිළිකාකාරක එකතුවීමක්‌.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා රතු මස්‌වලත් සකස්‌ කළ මස්‌ සහිත ආහාරවලත් පිළිකාකාරක ඇති බව ප්‍රකාශයට පත් කළා. නමුත් ඔබ මීට වසර ගණනාවකට පෙර ඔබ කළ පර්යේෂණයක්‌ තුළින් එබඳු නිගමනයකට එළඹුණා. ඔබ සිදුකළ පර්යේෂණය කුමක්‌ද?

නිගමනයක්‌ හැටියට මීට වසර කිහිපයකට පෙර රතු මස්‌ හා සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර ගැන මම මේ ප්‍රකාශය කළාට මගෙ පර්යේෂණය තවම අවසන් නෑ. මේ රෝහලට එන බඩවැලේ පිළිකා සහිත රෝගීන් ගේ ආහාර රටාව ගැන මම පුළුල් විමර්ශනයක්‌ කළා. මවිසින්ම සකස්‌ කළ ප්‍රශ්න පත්‍රයක්‌ බඩවැලේ පිළිකා සහිත රෝගීන් සහ සම වයසේ නිරෝගී පුද්ගලයින් එනම් පිළිකා රෝග ලක්‌ෂණ නොපෙන්වූ පුද්ගලයින් විශාල පිරිසකට යොමුකරල ඒ තුළින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඔවුන්ගේ ආහාර රටාවන් පරීක්‌ෂාවට ලක්‌ කරල මම එළඹුණු නිගමනයක්‌. යමෙක්‌ පිළිකාවක්‌ සම්බන්ධයෙන් නිරෝගී පුද්ගලයෙක්‌ය යන නිගමනයට අපට එකවරම එළඹෙන්න බෑ. පිළිකා රෝග ලක්‌ෂණ නොපෙන්වූ පුද්ගලයින් හැටියටයි මම අනෙක්‌ පාර්ශ්වය මේ පර්යේෂණයට සහභාගි කරවා ගත්තෙ. මේ දෙපිරිසම අනුභව කළ මස්‌ වර්ගය, දිනකට ගත් ප්‍රමාණය, කොපමණ කාලයක සිට භාවිත කළාද යන්න, ඔවුන්ගේ දින චර්යාවන්, රැකියා ස්‌වභාවයන් ආදී මේ දෙපිරිසේ ආහාර රටාවට පරිබාහිර ක්‌ෂේත්‍ර පිළිබඳවත් මම පුළුල් විමර්ශනයක්‌ කළා. එහිදී දිනපතා, දීර්ඝ කාලයක සිට මස්‌ වර්ග අනුභව කළ අය අතර, විශේෂයෙන් රතු මස්‌ අනුභව කළ සහ මස්‌වලින් සැකසූ ආහාර අනුභව කළ අය අතර බඩවැලේ පිළිකා තත්ත්වයන් බහුල බව මට පැහැදිලි වුණා.

මේ තත්ත්වයන් මම පැහැදිලි කළාම ඇතැම් අය මම ආගම්වාදියකු ජාතිවාදියකු විදිහට හඳුන්වන්නත් උත්සාහ කළා. අපේ රටේ මස්‌ වර්ග වැඩිපුර අනුභව කරන නොයෙක්‌ ආගම්වලට ජාතීන්වලට අයත් පිරිස්‌ ඉන්නව. නමුත් වෛද්‍යවරයකු හැටියට මම කළේ ඒ කවර ආගමිකයෙක්‌ කවර ජාතිකයෙක්‌ වුවත් බරපතළ රෝග තත්ත්වයකින් මුදවා ගන්නයි.

හරක්‌ මස්‌, කුකුළු මස්‌ සහ ඌරු මස්‌ අපේ රටේ ප්‍රධාන වශයෙන් ආහාර සඳහා භාවිත වන මස්‌ වර්ග තුනයි. ඔබ රතු මස්‌ ලෙස හඳුන්වන්නේ මින් කුමන මස්‌ වර්ගයද?

මූලික වශයෙන් හරක්‌ මස්‌. මස්‌වල රතුපැහැය ඇතිවෙන්නෙ හිමෝග්ලොබින් කියන සංඝටකය නිසා. එහි හීම් නමැති රසායනිකය සමග මේ මස්‌ කල්තබා ගැනීමට භාවිත කරන රසකාරක නයිටේ්‍රට සහ නයිට්‍රයිට වර්ග නිසා මෙම මස්‌ පිළිකාකාරක වෙනවා. හරක්‌ මස්‌වල තරම්ම නැතිවුණත් කුකුල් මස්‌ සහ ඌරු මස්‌වලත් මේ හීම් සංඝටකය තිබෙනවා. ඌරු මස්‌වල අධික තෙල් සහිත සවභාවයත් ශරීරයට හානිකරයි.

දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් කියල තිබෙන නිසා මස්‌ අනුභවය ගැන දෙවරක්‌ හිතන්නට අපේ රටේ වැඩිදෙනෙක්‌ පෙළඹෙන්නට පුළුවන්. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්‌ හැටියට ඔබ ජනතාවට කියන්නෙ කුමක්‌ද?

බඩවැලේ පිළිකා වැළඳුණු අලුත් රෝගීන් පන්සියයක්‌ පමණ හැම වසරකම මේ රෝහලට එනව. මීට දශක දෙක තුනකට කලින් පිළිකාවක්‌ කියන්නෙ වයස අවුරුදු 60-70 වැනි වයස්‌වලට අයිති රෝගයක්‌. දැන් ඒ සීමාව ඊට වඩා හුඟක්‌ ඉස්‌සරහට ඇවිත්. ඉස්‌සර මැදි වයසට සීමාවී තිබුණු දියවැඩියාව සහ හෘද රෝග අද පාසල් යන දරුවන් අතරත් බහුලයි. කෘත්‍රිම රසකාරක යෙදූ සහ කල්තබාගැනීමට විවිධ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අද පාසල් දරුවන්ගේ ප්‍රධාන ආහාර වේල්වලට එකතුවෙලා තිබෙනවා. එය බරපතළ අනාගත ඛේදවාචකයක්‌. දරුවන් අතර මේ ආහාර ප්‍රචලිත කිරීම පිටුපස අද දැවැන්ත ක්‍රියාදාමයක්‌ තිබෙනවා. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර සහ කල් තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීමෙන් වළකින්න. ඔබේ දරුවනුත් එම ආහාරවලින් මුදවාගන්න. රස කරමින් අපි අද මේ කන්නෙ වස. හැකිතරම් එළවළු, පලතුරු සහ පළාවර්ග අනුභවයට යොමුවන්න. රසායනික පොහොර භාවිතයත් අපේ රටේ වකුගඩු රෝගයට වගේම නොයෙක්‌ පිළිකා රෝගයන්ටත් හේතුවක්‌. රතු මස්‌ අනුභවය සහ සකස්‌ කළ මස්‌ සහිත ආහාරවලින් වැළකීම පමණක්‌ නොවෙයි, රසායනික පොහොර භාවිතයත් අවම නොකළොත් අපේ අනාගත පරපුර බරපතළ අනතුරකට ලක්‌වීම වළක්‌වන්නට බෑ.

ඉන්දියානුවන් පිරිසක්‌ සමග පසුගියදා මා ඉන්දුනීසියාවේ කළ සංචාරයකදී එරට රසායනික කම්හලක්‌ නැරඹීමට මට අවස්‌ථාව ලැබුණා. ඉන්දුනීසියාව ග්ලයිෆෝසෙට්‌ භාවිතය තහනම් කළ රටක්‌ වුවත් එම කම්හලේ ග්ලයිෆෝසෙට්‌ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු අප දුටුවා. ඒ පිළිබඳ මා කළ විමසීමෙදී ඔවුන් පවසා සිටියේ වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා ග්ලයිෆෝසෙට්‌ නිෂ්පාදනය කරන බවයි. ශ්‍රී ලංකාවත් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවෙකු බවද ඔවුන් මා සමග පැවසුවා. ඉන්දියානුවන් පිරිසක්‌ සමග සිටි මා ඉන්දියානුවකු යෑයි ඔවුන් සිතුවා විය හැකියි. අප මේ විනාශ කරන්නේ අපේම දරුවන් නොවේද? අපේම අනාගතය නොවේද?

හැකිතාක් බෙදාහැර හැමෝම බේරගන්න.. පිළිකාව කියන්නේ අනන්ත දුකක්.. ඒකෙන් හැමෝම බේරගන්න අපි හැමෝටම පුලුවන්..

For the public service ( පුවත්පත දිවයින)

රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරනවා.මෙම එන්නත පිළ...
22/12/2024

රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරනවා.

මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බවයි රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි කප්‍රින් ප්‍රකාශ කරන්නේ.

මෙම එන්නත පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගයෙන් නිපදවා ඇති අතර 2025 වසරේ මුල් භාගය වන විට මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා.

ශතවර්ෂයේ සොයාගැනීම යැයි පැවසිය හැකි සොයා ගැනීමක් ලෙස රුසියානු රජය තමන් විසින්ම පිළිකා මර්ධනයට නිපදවූ එන්නත බවට හදුන්වා දෙනවා.

මේ එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් මගින් එය පිළිකා වර්ධනය සහ විභව මෙටාස්ටේස් මර්දනය කරන බව පෙන්වා දී ඇතැයි වාර්තාවනවා.

මේ වසර මුලදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අදහස් දැක්වමින් පවසා තිබුණේ “අපි පිළිකා මර්දනය වෙනුවෙන් නව ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​නිර්මාණය කිරීමට ඉතා ආසන්නව සිටිමු” යනුවෙනි.

22/12/2024
21/12/2024
19/12/2024
බස්නාහිර පළාත් අධිවේගී මාර්ග සේවා ⬇️🚍05.40am - මීගමුව - කටුනායක හුවමාරුව 06.10am - මීගමුව - කටුනායක හුවමාරුව 06.25am - ක...
09/12/2024

බස්නාහිර පළාත් අධිවේගී මාර්ග සේවා ⬇️🚍

05.40am - මීගමුව - කටුනායක හුවමාරුව
06.10am - මීගමුව - කටුනායක හුවමාරුව
06.25am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
06.35am - නෙළුව - දොඩන්ගොඩ හුවමාරුව
06.35am - මීගමුව - කටුනායක හුවමාරුව
06.50am - පානදුර - ගැලනිගම හුවමාරුව
06.50am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
06.55am - මීගමුව - කටුනායක හුවමාරුව
07.15am - මීගමුව - කටුනායක හුවමාරුව
07.20am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
07.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
07.25am - පානදුර - ගැලනිගම හුවමාරුව
07.25am - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
07.35am - මීගමුව - කටුනායක හුවමාරුව
07.40am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
07.40am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
07.50am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
07.55am - හොරණ - ගැලනිගම හුවමාරුව
07.55am - මීගමුව - කටුනායක හුවමාරුව
08.00am - පානදුර - ගැලනිගම හුවමාරුව
08.00am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
08.15am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
08.15am - මීගමුව - කටුනායක හුවමාරුව
08.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
08.35am - පානදුර - ගැලනිගම හුවමාරුව
08.35am - අළුත්ගම - දොඩන්ගොඩ හුවමාරුව
08.35am - මීගමුව - කටුනායක හුවමාරුව
08.40am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
08.55am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
09.00am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
09.00am - මීගමුව - කටුනායක හුවමාරුව
09.05am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
09.10am - පානදුර - ගැලනිගම හුවමාරුව
09.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
09.25am - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
09.25am - මීගමුව - කටුනායක හුවමාරුව
09.40am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
09.45am - පානදුර - ගැලනිගම හුවමාරුව
09.50am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
09.50am - මීගමුව - කටුනායක හුවමාරුව
09.55am - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
10.15am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
10.20am - පානදුර - ගැලනිගම හුවමාරුව
10.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
10.20am - මීගමුව - කටුනායක හුවමාරුව
10.35am - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
10.40am - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
10.40am - මීගමුව - කටුනායක හුවමාරුව
10.50am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
10.50am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
10.55am - පානදුර - ගැලනිගම හුවමාරුව
11.05am - හොරණ - ගැලනිගම හුවමාරුව
11.10am - නෙළුව - දොඩන්ගොඩ හුවමාරුව
11.10am - මීගමුව - කටුනායක හුවමාරුව
11.20am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
11.30am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
11.30am - පානදුර - ගැලනිගම හුවමාරුව
11.40am - මීගමුව - කටුනායක හුවමාරුව
11.50am - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
11.50am - කඩුවෙල - කොතලාවල හුවමාරුව
12.05pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
12.05pm - පානදුර - ගැලනිගම හුවමාරුව
12.10pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
12.10pm - මීගමුව - කටුනායක හුවමාරුව
12.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
12.20pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
12.30pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
12.35pm - මීගමුව - කටුනායක හුවමාරුව
12.40pm - පානදුර - ගැලනිගම හුවමාරුව
12.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
12.55pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
13.00pm - මීගමුව - කටුනායක හුවමාරුව
13.10pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
13.15pm - පානදුර - ගැලනිගම හුවමාරුව
13.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
13.25pm - මීගමුව - කටුනායක හුවමාරුව
13.25pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
13.25pm - අළුත්ගම - දොඩන්ගොඩ හුවමාරුව
13.50pm - පානදුර - ගැලනිගම හුවමාරුව
13.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
13.50pm - මීගමුව - කටුනායක හුවමාරුව
13.55pm - හොරණ - ගැලනිගම හුවමාරුව
13.55pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
13.55pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
14.10pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
14.10pm - මීගමුව - කටුනායක හුවමාරුව
14.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
14.25pm - පානදුර - ගැලනිගම හුවමාරුව
14.30pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
14.35pm - මීගමුව - කටුනායක හුවමාරුව
14.40pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
14.50pm - බදුරළිය - දොඩන්ගොඩ හුවමාරුව
14.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
15.00pm - පානදුර - ගැලනිගම හුවමාරුව
15.00pm - මීගමුව - කටුනායක හුවමාරුව
15.05pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
15.10pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
15.20pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
15.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
15.25pm - මීගමුව - කටුනායක හුවමාරුව
15.35pm - පානදුර - ගැලනිගම හුවමාරුව
15.35pm - බදුරළිය - දොඩන්ගොඩ හුවමාරුව
15.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
15.50pm - මීගමුව - කටුනායක හුවමාරුව
15.55pm - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
15.55pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
16.05pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
16.10pm - පානදුර - ගැලනිගම හුවමාරුව
16.15pm - මීගමුව - කටුනායක හුවමාරුව
16.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
16.20pm - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
16.20pm - අවිත්තාව - වැලිපැන්න හුවමාරුව
16.30pm - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
16.35pm - මීගමුව - කටුනායක හුවමාරුව
16.40pm - පානදුර - ගැලනිගම හුවමාරුව
16.40pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
16.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
16.50pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
16.55pm - හොරණ - ගැලනිගම හුවමාරුව
16.55pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
16.55pm - මීගමුව - කටුනායක හුවමාරුව
16.55pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
17.00pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
17.05pm - පානදුර - ගැලනිගම හුවමාරුව
17.10pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
17.15pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
17.15pm - මීගමුව - කටුනායක හුවමාරුව
17.25pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
17.25pm - ගිරිඋල්ල - ජා ඇළ හුවමාරුව
17.25pm - අවිත්තාව - වැලිපැන්න හුවමාරුව
17.30pm - පානදුර - ගැලනිගම හුවමාරුව
17.35pm - අළුත්ගම - දොඩන්ගොඩ හුවමාරුව
17.35pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
17.35pm - මීගමුව - කටුනායක හුවමාරුව
17.35pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
17.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
17.55pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
17.55pm - පානදුර - ගැලනිගම හුවමාරුව
17.55pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
17.55pm - මීගමුව - කටුනායක හුවමාරුව
18.00pm - පිටිගල - දොඩංගොඩ හුවමාරුව
18.05pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
18.15pm - බදුරළිය - දොඩන්ගොඩ හුවමාරුව
18.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
18.20pm - මීගමුව - කටුනායක හුවමාරුව
18.25pm - අවිත්තාව - වැලිපැන්න හුවමාරුව
18.25pm - පානදුර - ගැලනිගම හුවමාරුව
18.30pm - පැලවත්ත - දොඩංගොඩ හුවමාරුව
18.35pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
18.40pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
18.40pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
18.45pm - කළුතර - දොඩන්ගොඩ හුවමාරුව
18.45pm - මීගමුව - කටුනායක හුවමාරුව
18.55pm - පානදුර - ගැලනිගම හුවමාරුව
19.00pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
19.10pm - අළුත්ගම - වැලිපැන්න හුවමාරුව
19.10pm - මීගමුව - කටුනායක හුවමාරුව
19.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
19.35pm - පානදුර - ගැලනිගම හුවමාරුව
19.40pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
19.50pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
19.55pm - මීගමුව - කටුනායක හුවමාරුව
20.00pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
20.15pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
20.20pm - කඩුවෙල - කොතලාවල හුවමාරුව
21.00pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව
21.30pm - මතුගම - දොඩන්ගොඩ හුවමාරුව

මාකුඹුරෙන් කඩවත බස්රථ උදෑසන 05.55 සිට රාත්‍රී 08.25 දක්වා සෑම විනාඩි 15කට වරක් ධාවනය වේ ( කාර්‍ය්බහුල දිනවලදී වෙනස් වේ )

මාකුඹුරෙන් ගම්පහ බස්රථ උදෑසන 06.30 සිට රාත්‍රී 07.15 දක්වා සෑම විනාඩි 30කට වරක් ධාවනය වන අතර සෙනසුරාදා, ඉරිදා, පෝය සහ විශේෂ නිවාඩු දිනවල අවසන් බස්රථය රාත්‍රී 07.00ය ( කාර්‍ය්බහුල දිනවලදී වෙනස් වේ )…………………………………………………………………………………
අන්තර් පළාත් අධිවේගී මාර්ග සේවා ⬇️
05.00am - මොණරාගල - මත්තල හුවමාරුව
05.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
06.00am - මොණරාගල - මත්තල හුවමාරුව
06.30am - මහනුවර - කඩවත/මීරිගම හුවමා.
06.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
06.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
06.30am - කතරගම - අගුණුකොළේ හුවමාරුව
07.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
07.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
07.30am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
07.40am - කතරගම - කසාගල හුවමාරුව
08.00am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
08.00am - මොණරාගල - මත්තල හුවමාරුව
08.00am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
08.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
08.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
08.40am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
09.00am - මොණරාගල - මත්තල හුවමාරුව
09.00am - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
09.20am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
09.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
09.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
09.40am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
10.00am - මොණරාගල - මත්තල හුවමාරුව
10.00am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
10.20am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
10.30am - බදුල්ල - මත්තල හුවමාරුව
10.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
10.30am - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
10.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
10.40am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
11.00am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
11.20am - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
11.30am - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
11.30am - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
11.30am - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
11.40am - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
12.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
12.00pm - බඩල්කුඹුර - මත්තල හුවමාරුව
12.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
12.15pm - කතරගම - කසාගල හුවමාරුව
12.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
12.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
12.30pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
13.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
13.00pm - අම්පාර - මත්තල හුවමාරුව
13.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
13.30pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
13.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
13.30pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
13.45pm - වීරකැටිය - බෙලිඅත්ත හුවමාරුව
14.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
14.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
14.00pm - උඩවළව - බරවකුඹුක හුවමාරුව
14.15pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
14.30pm - බදුල්ල - මත්තල හුවමාරුව
14.30pm - මහනුවර - කඩවත/මීරිගම හුවමා.
14.30pm - සූරියවැව - බරවකුඹුක හුවමාරුව
14.30pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
14.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
14.40pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
15.00pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
15.00pm - අම්පාර - මත්තල හුවමාරුව
15.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
15.00pm - කතරගම - මාගම්පුර හුවමාරුව
15.20pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
15.30pm - බදුල්ල - මත්තල හුවමාරුව
15.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
15.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
15.40pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
16.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
16.00pm - සියඹලාණ්ඩුව - මත්තල හුවමාරුව
16.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
16.00pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
16.15pm - කතරගම - කසාගල හුවමාරුව
16.20pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
16.30pm - මාතලේ - කඩවත/මීරිගම හුවමා.
16.30pm - බන්ඩාරවෙල - සූරියවැව හුවමාරුව
16.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
16.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
16.40pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
17.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
17.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
17.00pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
17.00pm - බද්දේගම - බද්දේගම හුවමාරුව
17.20pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
17.30pm - බදුල්ල - මත්තල හුවමාරුව
17.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
17.30pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
17.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
17.40pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
17.45pm - අගුණුකොළ - බෙලිඅත්ත හුවමාරුව
18.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
18.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
18.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
18.30pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
18.30pm - බදුල්ල - මත්තල හුවමාරුව
18.30pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
18.30pm - හම්බන්තොට - අගුණුකොළ හුවමා.
18.30pm - තංගල්ල - බෙලිඅත්ත හුවමාරුව
19.00pm - අගුණුකොළ - බෙලිඅත්ත හුවමාරුව
19.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
19.00pm - ඇඹිලිපිටිය - බරවකුඹුක හුවමාරුව
19.00pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
19.20pm - දෙණියාය - ඉමදූව හුවමාරුව
19.30pm - කතරගම - කසාගල හුවමාරුව
19.45pm - ඇල්පිටිය - කුරුදුගහ හුවමාරුව
20.00pm - බිබිල - මත්තල හුවමාරුව
20.30pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
21.00pm - මොණරාගල - මත්තල හුවමාරුව
21.30pm - අම්බලන්ගොඩ - කුරුදුගහ හුවමා.
22.00pm - ආරුගම්බේ - මත්තල හුවමාරුව
මාකුඹුර මාතර බස්රථ උදෑසන 05.00 සිට රාත්‍රී 08.30 දක්වා සෑම විනාඩි 20කටම වරක් ධාවනය වේ

මාකුඹුර ගාල්ල බස්රථ උදෑසන 05.30 සිට රාත්‍රී 08.30 දක්වා සෑම විනාඩි 30කටම වරක් ධාවනය වේ

මරදාන - අක්කරෙයිපත්තු අධි සුඛෝපභෝගී බස්රථය රාත්‍රී 08.45ට මාකුඹුර බස්නැවතුම ඉදිරිපිටින් ධාවනය වේ
මෙම බස්රථ අතුරින් මතුගම, මොණරාගල, අම්පාර, අම්බලන්ගොඩ, ඇල්පිටිය, කතරගම බස්රථ කොළඹින් ගමන් ආරම්භ කෙරෙන බස්රථ වන අතර එකී බස්රථවල මගී ආසන ප්‍රමාණය සම්පූර්ණ වූවිට මාකුඹුර බස්නැවතුම වෙත පැමිනෙන්නේ නැත.
( වෙන්කිරීම් සිදුකල ආසන පිළිබඳ බස්රථය මගින් දැනුම්දේ )

එමෙන්ම එම කොළඹින් ආරම්භ කෙරෙන බස්රථ මාකුඹුරට ළගාවෙන වේලාවන්, මාර්ග තදබදයන් හා විවිධ හේතූන් මත ඇතැම් අවස්ථාවන්හී සුළු වෙනස් වීමට ලක්විය හැක.
විශේෂ ස්තූතිය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිළධාරීන් වන ළහිරු මහතාට සහ වජිර මහතාට 💙🙏
✍️ Nimesh | Mr. Highway
_______________________________________

09/12/2024

Address

Korea
Ulsan

Alerts

Be the first to know and let us send you an email when Sithdahana-සිත්දැහැන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sithdahana-සිත්දැහැන:

Share

Category