ManかI Nihongo

ManかI Nihongo We are famliy of four Srilankan living in japan sharing our beautiful memories in japan 🇯🇵

Japan is waiting for you ✨🇯🇵😇     #                          #日本  #日本語                 #       
27/01/2025

Japan is waiting for you ✨🇯🇵😇
# #日本 #日本語 # 

Fuji san
25/01/2025

Fuji san

📍Fujisan Yumeno Ohashi Bridge in Shizuoka Prefecture, Japan.
23/01/2025

📍Fujisan Yumeno Ohashi Bridge in Shizuoka Prefecture, Japan.

අවුරුදු විස්සකට පස්සෙ අලුත් මුහුණුවරකින් එන ජපන් මුදල් නෝට්ටු 3. මේ තුනම අද ඉදලා ජපානෙ ඔයාට සාමාන්‍ය භාවිතයෙදි හමුවෙයි. ...
03/07/2024

අවුරුදු විස්සකට පස්සෙ අලුත් මුහුණුවරකින් එන ජපන් මුදල් නෝට්ටු 3. මේ තුනම අද ඉදලා ජපානෙ ඔයාට සාමාන්‍ය භාවිතයෙදි හමුවෙයි. 😍😍😍🎌🎌🎌🌸🌸🌸🇯🇵🇯🇵🇯🇵

Srilanka
13/06/2024

Srilanka

අනෙකාට අවදානය දෙන මිනිස්සු ගැන මම සදාකාලිකව විශ්මයට පත්වෙනවා!අනිත් අය දිගටම ඉස්සරහට යද්දි, මම සපත්තුවේ ලේස් එක ගැටගහන්නක...
09/06/2024

අනෙකාට අවදානය දෙන මිනිස්සු ගැන මම සදාකාලිකව විශ්මයට පත්වෙනවා!

අනිත් අය දිගටම ඉස්සරහට යද්දි, මම සපත්තුවේ ලේස් එක ගැටගහන්නකන් නතරවෙලා බලන් ඉන්න යාළුවො,

කණ්ඩායමේ අනිත් අයගෙ අවදානය ගිලිහිලා යද්දිත් උවමනාවෙන් මට ඇහුම්කන් දෙන්න උත්සහයක් ගන්න යාළුවො,

අනිත් කිසි කෙනෙක්ට මගේ නිහඬතාවය නොතේරෙන මොහොතකත් ඒ නිහඬතාවය කියවගන්න යාළුවො,

මට මං ගැන නොතේරෙන සමහර දේවල් පවා තේරෙන යාළුවො,

"මේක දැක්කම මට ඔයාව මතක් වුණා" කියලා මොනවා හරි ගෙනත් පෙන්නන, මීම් එකක් එවන, සින්දුවක් එවන, ටීවී සීරිස් ගැන කියන යාළුවො,

"ගෙදරට ගියාම මැසේජ් එකක් දාන්න" කියන යාළුවො,

මගේ ඇස්වලින් කඳුළු එනකන් මාව හිනස්සවන යාළුවො,

තාමත් යාළුකම් තියාගන්න මහන්සි වෙන පොඩි කාලේ යාළුවො,

තමන්ගෙ අදහස ගැන පැහැදිලි තැනක ඉඳගෙන මාත් එක්ක ගමනක් යන මිනිස්සු,

දුෂ්ට වෙන්න, නපුරු වෙන්න ලෝකය ඕනවටත් වඩා අවස්ථාවන් දීලා තියෙද්දිත් කරුණාවන්ත සහ මෘදු වෙන්න තෝරගත්ත මිනිස්සු,

පාන්දර තුනට "අපි අයිස්ක්‍රීම් කමුද?" අහන යාළුවො,

තමන්ගෙ වචන තමන්ගෙ ක්‍රියාවන් එක්ක ගැළපෙන මිනිස්සු,

කොහොමටත් කලබල වීදියක් වගේ තියෙන ලෝකය තුළ
පැවතීම හරහාම සංසුන් තැනක් බවට පත් කරන්න පුළුවන් මිනිස්සු,

අවංක මිනිස්සු,
ගෞරවණීය මිනිස්සු,
සටන්කාරයෝ,
වෙහෙසවෙලා වැඩ කරන මිනිස්සු,
හොඳින් ඇහුම්කන් දෙන මිනිස්සු,
සන්නිවේදනයෙ බරපතලකම ගැන දන්න මිනිස්සු,
මට මං විදිහටම ආදරේ මිනිස්සු,
"ඔයා මීට වඩා වෙනස් වුණොත් මම ඔයාට ආදරේ වෙන්න ඉඩ
තියෙනවා" වගේ කතා නොකියන මිනිස්සු,
මාව තෝරගන්න මිනිස්සු,
මගේ සියළු දුර්වලතා දැක දැකත් මාවම තෝරගන්න මිනිස්සු,
යන්න සියළු ඉඩ තියෙද්දිත් නතරවෙලා මාත් එක්ක ඇවිදින්න තීරණයක් ගත්ත මිනිස්සු,

මේ වගේ මහා තොගයක් මිනිස්සු මාව විශ්මයට පත් කරනවා!!

ජීවිතය කියන්නෙ එයාලා විසින් නිර්මාණය කරන මොහොතවල්
‍රාශියක එකතුවක් බව එයාලා මට උගන්වනවා. ඒ ඉගෙනීම අතරෙ මම විශ්මයට පත්වෙනවා. සඳහටම! ♥️💫

ජූනි 08, 2024
SAD + Shenu Perera

Golden week මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් අවුරුද්දෙ මැද බොහෝවිට නව අවුරුද්ද හැරුනුකොට ජපානෙ තියෙන දීර්ගතම නිවාඩුවමොකක්ද ම...
02/05/2024

Golden week

මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් අවුරුද්දෙ මැද බොහෝවිට නව අවුරුද්ද හැරුනුකොට ජපානෙ තියෙන දීර්ගතම නිවාඩුව
මොකක්ද මේ නිවාඩුව ඇයි නිවාඩු දෙන්නෙ අපි අද කියන්නෙ ඒ ගැන
Golden week නිවාඩුව හැදෙන්නෙ නිවාඩු කීපයක් එකතුවෙලා ඒක අප්‍රියෙල් 29 සිට මැයි 5 දක්වා තියෙනවා

අප්‍රියෙල් 29 昭和の日 ( showa no hi ) -
showa අදිරාජ්‍යාගේ උපන්දිනය සමරන දවස

මැයි 3 憲法記念日( kenpo kinenbi ) ව්‍යාවස්තාව අනුස්මරණ දිනය -

එය 1947 ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීම සැමරීම සිදු වේ.

මැයි 4 みどりの日 ( midori no hi ) - පරිසර දිනය වසන්ත සමය පැමිනීමත් සමඟ ගස් වල කොල පාට වී හිත සටුටින් පිරෙන කාලයක් පැමිනීම, තම වටා ඇති පරිසරයට කෘතගුණ දැක්වීමට මෙම පරිසර දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වී තිබෙනවා

මැයි 5 子供の日 ( kodomo no hi ) - ජපානයේ ලමා දිනය
Kodomo no hi ජපානයේ ලමා දිනය බොහෝ විට සමරනු ලබන්නේ koi nobori - කාප් හැඩැති මත්‍යසයින්ගේ අනූරූ එල්ලා තැබීමෙනි. සුලගට ලෙලදෙන මේ අනුරූ මගින් දරුවන්ට වාසනාව, සෞඛ්‍යය සහ සතුට ගෙන ඒම සඳහා ජපානය පුරා පොදු ගොඩනැගිලි සහ පෞද්ගලික නිවාසවලින් පිටත කොයිනොබෝරි එල්ලා තිබෙනු දක්නට ලැබේ.

මැයි 6 - මෙවර (2024)ලමා දිනය ඉරිදා දිනයක් බැවින් අතිරේක නිවාඩුවක් ලෙස සතියේ සදුදා දිනය දරුවන් වෙනුවෙන් නිවාඩු දිනයක් වී තිබෙනවා

අප්‍රියෙල් 30 සහ මැයි 1 සහ 2 බොහෝවිට වැටුප් සහිත නිවාඩු ලබාගෙන දවස් 10ක් පමන නිවාඩු ලබාගන්නා ජපන් අයත් ඉන්නවා සමහර ආයතන මේ සතියම නිවාඩු ලබාදෙන අවස්තාද පවතී.
කෙසේවෙතත් ජපානයේ රැකියා කරන ඔබට මේ නිවාඩුව කාර්‍ය්බහුල ජීවිතයට පුංචි අස්වැසිල්ලක් වේවි. මේ ඔක්කොටම වඩා මේ නිවාඩුවෙත් වැඩ කරන කොල්ලො කෙල්ලො ඔක්කොටම දවසක හරියන්න ඕනෙ හැම හීනයක්ම සැබෑවෙන්න ගිහින් එන්නම්

උපුටා ගැනීම
සුන්දර ජපානය

https://www.facebook.com/TheExploringJapan/

Ashikaga flower park Gunma ken Ashikaga Come and see the Great wisteria over 160 vears old which spreads over a 600-tata...
29/04/2024

Ashikaga flower park Gunma ken Ashikaga

Come and see the Great wisteria over 160 vears old which spreads over a 600-tatami trellis area, as well as the 80 m-long white wisteria tunnel,

Various colors of wisteria bloom in order, from pale pink, purple, white, to vellow, which allows you to enjoy all of the wisterias for about one full month.

CNN acclaimed it as a fantastic spectacle, equal to that of the tree of souls from the movie
'Avatar',and it was the only Japanese site voted among the "2014 top 10 world dream destinations

𝐑𝐎𝐁𝐀𝐑𝐎𝐒𝐈𝐀 - 𝐀 𝐓𝐚𝐥𝐞 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐒𝐚𝐤𝐮𝐫𝐚 🌸🩷Did you know Sri Lanka has its very own Cherry Blossom named “Robarosiya”?  Th...
15/04/2024

𝐑𝐎𝐁𝐀𝐑𝐎𝐒𝐈𝐀 - 𝐀 𝐓𝐚𝐥𝐞 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐒𝐚𝐤𝐮𝐫𝐚 🌸🩷

Did you know Sri Lanka has its very own Cherry Blossom named “Robarosiya”?

Thoughts of Japan in Spring, instinctively call to mind Cherry blossoms! Similarly, Sri Lanka has its own version of the “Sri Lankan Sakura” also known as “Robarosiya.”

Commonly found at the University of Peradeniya and lining the streets of Kandy, the Sri Lankan Sakura blossoms once a year for a short time just like the Japanese Sakura.

Originated from Southern Mexico, Venezuela and Ecuador, Robarosiya grows in temperatures of approximately 20-30 degrees on average. When in full bloom, the Sri Lankan Sakura is like Candy floss against the setting sun and carpets its surroundings with its magical bliss, leaving traces of its existence.

The beauty of Sakura dwells in its ephemerality – reflected in the frail petals drifting in the spring wind. Such is the law of impermanence and admired by its elegance of fleeting beauty.

මේ දවස්වල හැමතැනම සකුරා පිපිල හරිම ලස්සනයි
07/04/2024

මේ දවස්වල හැමතැනම සකුරා පිපිල හරිම ලස්සනයි

Sajeev Rajaputhra ජපානයේ ජීවත් වෙන අපි හැමෝම දන්න කෙනෙක් ගේ ලොකුම ලොකු ජයක්ග්‍රහනයක් අපි හැමෝටම ආඩම්බරයක් TED Talks කියන...
06/04/2024

Sajeev Rajaputhra ජපානයේ ජීවත් වෙන අපි හැමෝම දන්න කෙනෙක් ගේ ලොකුම ලොකු ජයක්ග්‍රහනයක් අපි හැමෝටම ආඩම්බරයක්

TED Talks කියන්නේ ලෝකය පුරා ප්‍රසිද්ධ වැඩසටහනක්. මේ වැඩසටහනට ලෝකේ ඉන්න විවිධාකාරයේ ප්‍රසිද්ධ පුද්ගලයන් පැමිණිලා එක එක මාතෘකා පිලිබඳව දේශනා පවත්වනවා. ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික බිල් ගේට්ස්, ලෝකයේ හොඳම මැජික්කරුවා ලෙසට හැඳින්වෙන ඩේවිඩ් බ්ලේන්, ඇමරිකානු ජනාධිපති අපේක්ෂක සහ කාලගුණ විපර්යාස පිලිබඳ ක්‍රියාකාරී ඇල් ගෝ(ර්), ඉන් කිහිපදෙනෙක්.

TED Talks ගෝලිය මට්ටමෙ වැඩසටහනක් වෙද්දි, ඔවුන්ගේම, විවිධ රටවල ජාතික මට්ටමේ ජනකණ්ඩායම් ආමන්ත්‍රණය කරන TEDx වැඩසටහන ද කීර්තිමත් වැඩසටහනක්.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවත්වූ තේරීම් ක්‍රියාවලියකින් පසුව මෙම වසරේ (2024) මාර්තු මාසයේ ටෝකියෝ නුවර පැවති TEDx සම්මන්ත්‍රණය සඳහා දේශකයෙකු ලෙස මාව තෝරාගෙන තිබුණා. මෙහි දි මා හට කතා කරන්නට ලැබුනේ 'AI(කෘතිම බුද්ධිය) තාක්ෂණ යුගය සහ එම යුගයේ මිනිසාගේ තැන' යන මාතෘකාව යටතේ යි.
මේ ලැබුණු අවස්ථාව මට අතිමහත් ගෞරවයක්. ඒ මහඟු අවස්ථාව මට ලබා දීම පිලිබඳව TED වැඩසටහනේ මුලුමහත් කණ්ඩායමටම මගේ හදපිරි ස්තූතිය පිරිනමනවා.

ජපානයේ ඉන්න අපේම කොල්ලෝ කෙල්ලන්ගේ අගය කළ යුතු වටිනාම වැඩක් 👏එතෙක් මෙතෙක් නොවූ ශ්‍රී ලාංකේය අපේ කලාව සකුරා දේශයේ ප්‍රථම ව...
03/04/2024

ජපානයේ ඉන්න අපේම කොල්ලෝ කෙල්ලන්ගේ අගය කළ යුතු වටිනාම වැඩක් 👏

එතෙක් මෙතෙක් නොවූ ශ්‍රී ලාංකේය අපේ කලාව සකුරා දේශයේ ප්‍රථම වතාවට "ස්වදේශවර්ණා "2024 අප්‍රේල් 6 වන සෙනසුරාදා 🇯🇵🇱🇰
ජපානයේ සිටින සියලුම දෙනාට සුහද ආරාධනා🙏
Hanno City Hall

Wishwadhinu Dancing Group -Japan විශ්වදිනු

ලංකාවෙ කොඩිය ගහන් 🇱🇰ජපානේ රේස් පදින🇯🇵 පුංචි කෙල්ල හිතොමි පෙරේරා අපි හැමෝටම ආඩම්බරයක් Copied from සුන්දර ජපානය facebook p...
31/03/2024

ලංකාවෙ කොඩිය ගහන් 🇱🇰ජපානේ රේස් පදින🇯🇵 පුංචි කෙල්ල හිතොමි පෙරේරා අපි හැමෝටම ආඩම්බරයක්

Copied from සුන්දර ජපානය page eke

ඔරිගමි කිව්වහම ජපානය අමතක කරන්නම බෑ නේ ද ජපන් අය ගොඩක්ම ආස දෙයක් තමයි නේ ඔරිගමි කියන්නේ එයාල එයලගේ hobby  එක විදියට විවි...
31/03/2024

ඔරිගමි කිව්වහම ජපානය අමතක කරන්නම බෑ නේ ද ජපන් අය ගොඩක්ම ආස දෙයක් තමයි නේ ඔරිගමි කියන්නේ එයාල එයලගේ hobby එක විදියට විවිද ඔරිගමි හදනවා පාසලෙත් දරුවන්ට කියා දෙනවා ඒ වගේම ගොඩක් hospital වල decoration එකක් වවිදියට ඔරිගමි වලින් නිර්මාන කරල තියෙනවා.මේ සදහා එක එක විඩියේ ලස්සන ඔරිගමි කොල භාවිතා කරනවා.යෙන් 100 ත් මේවා ගොඩක් මෝස්තර වලින් තියෙන්වා

住所

Gunma Ken Midori Shi
Midori-shi, Gunma

電話番号

+819060468433

ウェブサイト

アラート

ManかI Nihongoがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ビデオ

共有する

カテゴリー