Life love died

  • Home
  • Life love died

Life love died Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Life love died, Digital creator, .

18/02/2024
18/02/2024
19/04/2022

අරගලකරුවන් අගමැතිට ලියයි. කිසිදු සාකච්ඡාවක් අනවශ්‍යයි. ඉල්ලීම සරලයි


~~~~~~~~~~~~

අරගලයේ නියුතු ජනතාව,
ගෝටාගෝ ගම,
ගාලුමුවදොර,
කොළඹ

2022.04.13

මහින්ද රාජපක්ෂ මහතා,
ගරු අග්‍රාමාත්‍ය,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
කොළඹ.

අගමැතිතුමනි,

ඔබ විසින් ඉල්ලා ඇති සාකච්ඡාව සම්බන්ධයෙනි.

ජනාධිපතිවරයාට සහ දූෂිත දේශපාලනයට එරෙහිව ගාලුමුවදොර ආශ්‍රිත ගෝටාගෝ ගම ප්‍රදේශයේ අරගලයේ නිරත තරුණ පිරිස් සමග සාකච්ඡාවක් සඳහා ඔබ සූදානම් බවට දන්වා තිබේ.
එහෙත් අරගලයේ නිරත කිසිවෙකු ඔබ හෝ පාලක පක්ෂයේ වෙනත් කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡාවක් සඳහා කිසිදු සූදානමක් නැතැයි අවධාරණය කරමු.
සති දෙකකට අධික කාලයක් තිස්සේ දිවයින පුරා සහ ගෝටාගෝ ගම ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා හරහා ජනාධිපතිවරයාට සහ ඔබ ඇතුළු ආණ්ඩුවට බල කර කියා සිටින ප්‍රධාන කාරණා දෙකකි.

01. මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් විය යුතුය.

02. මහින්ද රාජපක්ෂ වන ඔබ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ පවුලට අයත් සියලු දෙනා (චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන අය) ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය.

ඉහත ඉල්ලීම් ඉටු කිරීමකින් තොරව ඉන් ඔබ්බෙහි වූ කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හැකියාවක් නොමැති අතර,ඒ සඳහා අප තුළ කිසිදු අභිලාෂයක් නොමැති බවද යළිත් අවධාරණය කරමු.

එමෙන්ම කිසිදු හේතුවක් මත අරගලයේ නිරත පිරිස් උක්ත ඉල්ලීම්වලින් වියුක්ත කාරණාවක් නියෝජනය නොකරන අතර, අපගේ නියෝජිතයන් බව කියමින් කිසිවෙකු හෝ ඔබ සමග සාකච්ඡාවලට එළඹෙන්නේ වුවද, ඔවුන් අපගේ නියෝජිතයන් නොවන බවටද අවධාරණය කරමු.

අවසාන වශයෙන්ද අපගේ මූලික ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉටුවනතුරු ගෝටාගෝගම ආශ්‍රිත අරගලය මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්⁣වාගෙන යන බවටද ඔබට මෙයින් පොරොන්දුවක් දෙමු.

ස්තුතියි,
මෙයට,
අරගලයේ නිරත ජනතාව

Address

Rajshahi Division

Telephone

+962789928864

Website

Alerts

Be the first to know and let us send you an email when Life love died posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life love died:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share