Eurolk

Eurolk Join our Page for News -Jobs- Ads- Music-Movie & Entertainment

15/12/2025

මිලානෝ නගරය ආහාරයට නුසුදුසු කෙබාබ් වෙළඳාම් කළ කඩයට ඇතුළු වුන ඉතාලියේ Carabinieri NAS ….🤢🤢🤢🤢

ක්‍රීඩා ලෝලීන් රැසක් කම්පාවට පත් කරමින්  JHON CENA දශක දෙකක කාලයකට පසු මල්ලවපොර තරගපිටියට සමුදෙයි…👌👌👌👌
14/12/2025

ක්‍රීඩා ලෝලීන් රැසක් කම්පාවට පත් කරමින් JHON CENA දශක දෙකක කාලයකට පසු මල්ලවපොර තරගපිටියට සමුදෙයි…👌👌👌👌

14/12/2025

⭕️මීට සුළු මොහොතකට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ Bondi මුහුදු තීරයේ හෙබ්‍රෙව් වරුන්ගේ හනිකා
උත්සව සැමරීමකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් දොලොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. පිරිසට වෙඩි තබමින් සිටි ත්‍රස්තවාදියෙකු
එම ස්ථානයේ සිටි නගර වැසියකු විසින්
වළක්වන ආකාරයයි මෙම වීඩියෝ දර්ශනයෙන් දකින්නට ලැබෙන්නේ ⭕️

14/12/2025

⭕️මීට සුළු මොහොතකට පෙර ඕස්ට්‍රේලියාවේ මුහුදු තීරයේ හෙබ්‍රෙව් වරුන්ගේ උත්සව සැමරීමකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් එකොළොස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.⭕️

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත්කළ බව විදේශ කටය...
13/12/2025

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත්කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව ඊට අදාළ ගිවිසුම ඊයේ (12) ඉතාලියේ රෝමයේ දී අත්සන් තබන ලදී.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගෝ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපොඩි මහත්මිය ඉතාලි රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

2021 වසරේ දී මෙම ගිවිසුම කල් ඉකුත්වූ අතර, එතැන් සිටි දෙරටේ මෝටර් රථ ප්‍රවාහන බලධාරීන් ගිවිසුම අලුත් කිරීම සඳහා පැවති සාකච්ඡා ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු මෙම අත්සන් තැබීම සිදුකර ඇත.

රියදුරු බලපත්‍ර ගිවිසුම මගින් දෙරටේ ස්ථිර පදිංචිය ලබාගත් පුද්ගලයින්ට වලංගු රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමට පහසුකම් සපයේ.

මෙම ගිවිසුම ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර 2011 දී අත්සන් කරන ලද, එය 2021 දී කල් ඉකුත් වීමට පෙර 2016 දී අලුත් කර තිබුණි. ඒ අනුව ගිවිසුම අලුත්කිරීම සමග වසර 6ක කාලයක් තුළ අදාළ රටවල පදිංචිව සිටින ජාතිකයින්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය නොවී තම රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමට අවස්ථාව ලැබේ.

මෙම පහසුකම ඉතාලියේ පදිංචිව සිටින සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට වඩත් ඵලදායි වේ.

වසර 5ක කාලයක් සඳහා වලංගු මෙම ගිවිසුම දෙරට අනුමත කළ පසු, දින 60ක කාලයක් ඇතුළත බලාත්මක වනු ඇත.

ගිවිසුම බලාත්මක වූ පසු දෙපාර්ශ්වයම නිවේදනයක් නිකුත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

08/12/2025
08/12/2025

යුරෝපය තුළ නියපොතු අලංකාර කිරීමට භාවිතා වෙන TPO රසායනය ද්‍රාව්‍ය භාවිතා කිරීමෙන් වසර දෙකක සිර දඬුවමක් යුරෝ පනස්දාහක දඩයක්ද ලැබිය හැකි. TPO tbv රසායනික ද්‍රව්‍ය අඩු සියලු දෑ දැම්ම ඉවත් කරන්න

පසුගිය වසර දහය තුළ (2010-2022) නාපෝලි නගරයේ වාර්තා වුනු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 73000ක්. කෙසේ නමුත් මෙම දත්ත අංග සම්පූර...
07/12/2025

පසුගිය වසර දහය තුළ (2010-2022) නාපෝලි නගරයේ වාර්තා වුනු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 73000ක්. කෙසේ නමුත් මෙම දත්ත අංග සම්පූර්ණ නොවන නිසා නිවැරදි දත්ත ලබාදීමට යුරෝපා සංගමයෙන් බල කිරීම….!!!

06/12/2025
06/12/2025

ඉතාලිය තුළ මාර්ග අනතුරකට ලක් වූ විට ගත යුතු ක්‍රියාමාර්ග ….!!!!

30/11/2025

එළිය පුස්තකාලයේ අරමුදල සවිමත් කිරීමේ අරමුණින් එළිය පුස්තකාලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රසංගය නොවැළක්වූ හේතු මත නොවැම්බර් මස 30 වැනි දා සවස හයට දේවස්ථානශාලාවේදී දේවස්ථානශාලාවේදී පවත්වනු ලබන අතර එහි අරමුදලට එක්වන යම් කොටසක් ආපදා තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමටත් බලාපොරොත්තු වෙන බව ද කාරුණිකව දන්වා සිටිමි දන්වා සිටිමි..!!!

" තරු ගී ප්‍රශංගය " පෙර අප සැලසුම් කළ පරිදි හුදෙක් ගීතයේ  සැහැල්ලු අස්වැසිල්ලක් පමණක්ම නොවේ. අපගේ ආදරණීය මාතෘභූමිය පුරා ...
30/11/2025

" තරු ගී ප්‍රශංගය " පෙර අප සැලසුම් කළ පරිදි හුදෙක් ගීතයේ සැහැල්ලු අස්වැසිල්ලක් පමණක්ම නොවේ. අපගේ ආදරණීය මාතෘභූමිය පුරා පැතිර ගිය බරපතල ව්‍යසනය හමුවේ, මේ ප්‍රසංගය සැබවින්ම ගෞරවාන්විත උපහාරයක් බවට පත් කිරීමට අප තීරණය කළෙමු.
​අපගේ පුස්තකාලය, දැනුමේ හා විඥානයේ නිවහන ලෙස, මේ මොහොතේ ඔබේ හදවත් තුළට සැනසීම, දයාව සහ ශක්තිය පිළිබඳ පණිවිඩය ගෙන ඒමට කැපවී සිටියි.
​අද රාත්‍රියේ, අපට ඝෝෂාව සහ උමතුව අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ සංවේදීතාව සහ නිශ්ශබ්දතාවයි.
​අද, ගීතය තුළින් නැඟෙන්නේ වේදනාවට මුහුණ දෙන අපගේ මාතෘ භූමියට ගැඹුරු ශක්තියක් හා ආදරයක් ගෙනඒමේ හඬයි.
​සංගීතය තුළින් ගලා යන්නේ අහිමි වූ ජීවිතවලට පුදකරන ගෞරවයේ උණුසුමයි.
​වේදිකාවේ ආලෝකය තුළින් දැල්වෙන්නේ අපගේ අඳුරුම පැයේදීත් බිඳී නොයන බලාපොරොත්තුවේ පහනයි.
​මේ මොහොත, අප හා එකට එක්ව සිටින බවත්, තනිව දුක් නොවිඳින බවත් සිහිපත් කරන අවස්ථාවකි.
​අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ, අද රාත්‍රියේ ඔබගේ හදවතේ ගැඹුරින්ම මේ ගීතවලට සවන් දෙන්න. නටන්නට වඩා, ගෞරව කරන්න. හඬ නැඟීමට වඩා, මෙනෙහි කරන්න.
​මෙය 'කාබී නටන්න'ට ආරාධනා
කරන ප්‍රසංගයක් නොව, ව්‍යසනය හමුවේ මානව දයාවෙන් සහ එකමුතුකමෙන් සැනසීම සොයන, අපගේ ජාතියට පුදන නිහඬ ප්‍රණාමයකි.
​එන්න, මේ ගෞරවනීය රාත්‍රියේදී, අපි අපගේ හදවත් එකට යා කර, එකිනෙකාට ශක්තිය දෙමු.

*එලිය පුස්තකාලය ක්‍රියාකාරී කමිටුව **

Indirizzo

Naples
80100

Telefono

+393274214227

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Eurolk pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Eurolk:

Condividi