31/12/2024
New year Upgrade Routine
අලුත් අවුරුද්දටම අපේ routine එක පොඩ්ඩක් reset කරගමුද? මේ දේවල් ඔයාලා දෙනාටත් කරනවද බලන්න.
මොනවා හරි ලියන්න පටන් ගන්න. මේකට අලුත් දෙයක් වෙන්නම ඕනි නෑ. අපි එදිනෙදා කරන දේවල් daily routine,daily plan, daily achivement, එහෙම නැත්තම් ඉද්රියට කරන්න තියෙන දේවල් ලියන්න පුළුවන්. Travel plan, monthly plan, year plan..
මන් මෙකෙදි ලියන්න කියලා සදහන් කළේ මනෝවිද්‍යාවට අනුව අපි දෙයක් ලියද්දි brain process එකට හොදයි. Thinking capacity, logical thinking, mind focus මේ හැමදේම improve වෙනවා. ඉතින් ඔයා ගෘහණියක් උනත්, රැකියාවක් කරන කෙනෙක් උනත්, විශ්‍රාමික කෙනෙක් උනත් මේ පුරුද්ද අලුත් අවුරද්දේ ඉඳන් පටන් ගන්න පුළුවන්.
Physical and mental health
Yoga and light exercises for your physical well being. Remember, movement is the key.
ඉතින් මේ දෙකම එකට achive කරන්න ඕනි නම් 2025 ඉඳන් යෝගා පටන් ගන්න පුළුවන්. යෝගා ව්‍යායාම, meditation, ප්‍රණායම, කපාල බාටි, haatha yoga, වගේ දේවල් වලින් පටන් ගන්න පුළුවන්. ඔයා යෝගා කලින් කරලා නැත්නම් සූර්ය නමස්කාර වලින් පටන් ගන්න පුළුවන් වැඩි විස්තර ishis vlog channel එකේ දාලා තියෙනවා.
Spend time with Nature
First and foremost is the mental well being. Daily meditation, monthly outings, soothing music, following your hobbies and spending time with your loved ones and pets can make you feel at best with your mental self.
දවසට පොඩි වෙලාවක් වෙන් කරගන්න පරිසරයත් එක්ක තනි වෙන්න. අපි පවුලේ අය එක්ක ගෙවන කාලේ වගේම වැදගත් වෙනවා ස්වාභාවධර්මය එක්ක ගෙවන කාලයත්. ඉතින් පොඩි වෙලාවක් මුහුදු වෙරළේ, නෙත්නම් කඳු පන්තියක්, ගහක් යට, ගෙදර මිදුලෙ 🤩 විශ්ව මාතවාට ස්තුති කරන්න ඒ මොහොත අවස්ථාවක් කරගන්න.
Refresh and upgrade the skin care
මම refresh and upgrade කියලා කිවේ අපිත් අවුරුදකින් matured වෙන නිසා ඒ අනුව skin care routine වෙනස් කරගන්න පුළුවන් නිසා. අඩුවෙන් chemical, වැඩියෙන් natural treatment කරන්න පටන් ගන්න. ඒ වගේම මම වගේම 30+ කෙනෙක් නම් අලුතෙන් face yoga ඔයාගේ 2025 self-care routine එකට එකතු කරගන්න. ( Skin care routine ගෙන ishis vlog channel එකේ ගොඩක් විස්තර දාලා තියෙනවා)
Healthy food
දවසට එක පාරක් හරි green juice, healthy breakfast ( oats, egg white, avocado, පැල මුං (sprouts) , fresh fruit) ඔයාලගේ කෑම වේලට එකතු කරගන්න. ඒ වගේම යෝගා දින චර්යාවට , ආයුර්වේදයට, satvik lifestyle වල පිළිගන්නා ප්‍රධාන දෙයක් තමයි ඉර බැස්සට පස්සේ කෑම කන්නේ නෑ කියන එක. මේ 2025 ඉඳන් අත්තමට ඒ දේ කරන්න පුළුවන් නම් අපිට අපේ ජීවිතේ ලොකු වෙනසක් දැනෙයි.
❤️ Happy New year ❤️ thank you universe ❤️ Upgrade Routine - https://youtu.be/epBQdI867ks?si=SD3O6CGieeeT1Q9B