ගෘහ නිර්මාණ සහ ගෘහ අලංකරණය/ Architecture with Interior Design

  • Home
  • ගෘහ නිර්මාණ සහ ගෘහ අලංකරණය/ Architecture with Interior Design

ගෘහ නිර්මාණ සහ ගෘහ අලංකරණය/ Architecture with Interior Design Architecture and Interior Design

30/03/2021

අද අපි කතා කරන්නේ ගෙදරක් හදන්න සැලසුම් කරනවානම් ඔබ විසින් කර ගත යුතු අංගසම්පූර්ණ සැලැස්මක ඇති කොටස් පිලිබඳවයි. මෙහි මූලික කොටස් 4ක් තියෙනවා

1. Council Drawing

මෙන්න මේක තමයි ප්‍රාථමිකම සැලැස්ම. ඒ කියන්නේ හදන ගෙදර, අදාල ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ නීතිරීති වලට අනුකූලව සැලසුම් කරලා තියෙනවද කියලා බලන සටහනක්. මේ නීතිරීති ඇතුලත් පොතක් සෑම ප්‍රාදේශීය සභාවකටම, නගර සභාවකටම තියෙනවා.හදන නිවසට අනුමැතිය ගන්න නම් මේකේ තියෙන නීතිරීති වලට අනුකූලව plan එක ඇදලා තියෙන්න ඕනේ. මේ නීති මහා ලොකු නීති නෙවෙයි. සරලව කිවුවොත් යෝජිත නිවසේ සිට යාබද මායිම්, පසුපස මායිම් වලට තිබිය යුතු දුරවල්, කාමර/නානකාමර/ගරාජය ආදියට තිබිය යුතු වපසරිය, නිවසට වාතාශ්‍රය ලබා ගැනීමට තබන කවුලු වල ප්‍රමානයන්, වැසිකිළි වල සහ යාබද ලිං අතර පරතරය ආදි පොදු කරුණු සමූහයක්.
මේ plan එක තමයි ගොඩක් අය වර්ග අඩිය රු.10/15 යි කියලා ඇදලා දෙන්නේ. ඒ වගේම TO සහ Phi ව හොයාගෙන ගිහින් ඇදගන්නේ. මේකේ තියෙන නීති වලට අදාලව ඇදලා තියෙනවනම් plan එක අනුමත කර ගන්න එක ගැටලුවක් නොවේ.

මේ council drawing එක කියන්නේ නිවාස සැලසුම් කිරීමේ ක්‍රියාවලියෙන් 10% ප්‍රමානයක් පමණයි.

2. Architectural Construction drawing

මෙහිදී ගෘහනිර්මාණ ශිල්පීයා නිවැසියාගේ අවශ්‍යතාවයට, රුචිකත්වයට මුල්තැන දෙමින්, ඔහු ඉගෙන ගත්, අත් දැකීම් ලබා ගත් දැනුමට අනුව, ඉඩමේ හැඩය, ස්වභාවික පිහිටීම, ස්වභාවික ආලෝකය හා වාත්‍රාශ්‍රය, නිවසේ පෙනුම, යොදා ගත යුතු අමුද්‍රව්‍ය ,කාලීනව සිදුවන වෙනස්කම් (Modern design concepts), ඉදිකිරීම් පිරිවැය , දේශගුණික හා කාලගුණික වෙනස් වීම්වලට ගැලපෙන ලෙස අමුද්‍රව්‍ය තෝරා ගැනීම, නිවසේ අංග(කාමර,නානකාමර, ආදිය) ස්ථාන ගත කිරීමේදි ප්‍රායෝගික තත්ව, නිවැසියන්ගේ පෞද්ගලිකත්වයට මුල් තැන දීම ආදී මෙකී නොකී කාරණා රාශියකට අනුව තමයි සැලසුම් සකස් වෙන්නෙ. ඒ වගේම පහත සදහන් detail drawing ඒ සමගම ලබා දෙනවා.
Wall layout
Setting out plan
Door window details with elevations
Detailed house elevation
Section details
Handrails details
Roof layout
Sunshade/ pergola/court yard detail
Bathroom fittinglatout
Tile layout

මීට අමතරව ඔබේ අවශ්‍යතාවය අනුව
Landscaping
Sculptures
Interior design
Etc.
ආදී දේවල්ද ඔහුට සැපයිය හැක.
මේ කරුණු ඔබේ නිවස ඉදිකිරීම පහසු කරවයි. එකින් එක බාස් ගෙන් අහන්න වෙන්නේ, බාස්ට ඕනෙ විදියට ගේ හදන්න වෙන්නේ හරි detail නැතුව වැඩ පටන් ගත්තාමයි

3. Structural drawing

මෙය ඉතාම වැදගත් සහ වැදගත්කම ගැන සමාජය දැනුවත් නැතු කොටසයි. අපි මෙහෙම පටන් ගමුකෝ. කවදාවත් තට්ටු දෙකේ ගෙයක් හදද්දි කණු, බීම්, පාදම නැතුව ගෙවල් හදනවද? නෑ නේද? ඒ කියන්නේ ඒ ගැන 99% දෙනා දැනුවත්. ඒත් ඇත්තටම කොහොමද ඒ කණු වල ප්‍රමාණ, කම්බි මොනවද, පාදම පොළවෙන් කොපමණ යටට හෑරියයුතුද?
මෙන්න මේ වගේ කාරණා සමාජගත වෙලා තියෙන්නේ පොදු තියරි හැටියට. සම්මතයක් විදියට 3' x 3' හෝ 4' x 4' බේස් වලක් එක්ක 9" x 9" කණු දානවා. ඒ කණු යාකරලා බීම් දානවා.කණු වලට කම්බි දාන්නේ slab 2ක් එක ගෙයක් නම් යට තට්ටුවේ කණු වලට 16 කම්බි 4 බැගින් උඩ තට්ටුවේ කණු වලට 12 කම්බි 4 බැගින් එන විදියට. මීට අමතරව කණු අතර පරතරය අඩි 10- 12 අතර තමයි තියා ගන්නේ. මේවා ගැන කවුරුත් තර්ක කරන්නේ නෑ. මොකද ඒ ගැන අවබෝදයක් නෑ. ගොඩක් වෙලාවට කරන්නේ මුලින්ම කියපු council drawing එක කාටහරි කියලා ඇදගෙන ඒකෙ ලකුණු කරලා තියෙන විදියට එහෙමත් නැත්නම් බාස්ට කියලා කණු ලකුනු කරනවා. ඒ කණු ඇතිද ,මදිද , වැඩිද කියලා කිසිම වෙලාවක බලන්නේ නෑ. හේතුව බලන්න විදියක් නෑ. ඒවට යන වියදම් අනිවාර්ය වියදම් ලෙස තමයි සලකන්නේ.

ගෙයක් හදද්දි සෑමදෙයකින් රුපියලක් හරි ඉතුරු කරන්න බලන්නේ. මොකද ගෙයක් හදන්නනේ අමාරුවෙන් හම්බකරපු සල්ලි වලින් එහෙමත් නැත්නම් ජීවිතකාලයම ණය වෙලා loan දාලා.
අපි මේ කියන්න හදන්නේ ඔබ පුදුම වෙන විදියෙ දෙයක්.ඔබ කතාකරන්න බය වෙන දෙයක්. කෙලින්ම කියනවනම් ඔබ මෙච්චර කල් භාවිතා කරන ඉදිකිරීම් අමුද්‍රව්‍ය වලින් 20- 25%ක් පමණ අනවශ්‍ය විදියට භාවිතා කරලා තියෙනවා කව්වොත් ඔබ පිලිගන්නවද? මනා සුදුසුකම්, පලපුරුද්ද හා ඒ පිලිබඳ හදාරා ඇති Structural Engineer කෙනෙක් ගේ design එකකට අනුව slab 2ක් එන ගෙයකට උනත් 90% ක් ම කණු වලට 12 කම්බි 4 ප්‍රමාණවත්
ඒ වගේම කණු අතර පරතරය අඩි 20ක් දක්වා උනත් යන්න පුලුවන්. ඒකට නිසියාකාරව design කරන්න ඕනේ. ඒ වගේම තමයි foundation එකේ ප්‍රමානය.
නිවසේ බර කණු දිගේ පහළට ඇවිත් පොළවට සම්ප්‍රේෂණය කරන්නේ පාදම මගින්. නිවසක බර බෙදෙන විදිය අනුව කණු වලට එන බර එකිනෙකට වෙනස් එතකොට පාදමට එන බරත් එකිනෙකට වෙනස්. එතකොට කොහොමද මේ 3'x3' පාදම ගන්නේ හැම වෙලේම. ඒක තමයි වැරදි හුරුව.කිසිම පදනමක් නැතිව හැම පාදමක්ම 3'X3' හෝ 4'x 4' ගන්නවා. ඒක ඇතිද ,මදිද,වැඩිද කියලා දන්නෙත් නැතිව. හදපු ගෙවල් කඩන් වැටිලා නැති නිසා බාසුනැහෙත් දිගටම ඒ දේ කරනවා. ගෙවල් කොහොමත් එක පාර දඩස් ගාලා කඩන් වැටෙන්නේ නෑ. අතර මැද බිත්ති තියෙනවා. ඒ නිසා බිත්ති වලිනුත් යම් කිසි බරක් ගන්නවා. නමුත් ක්‍රමානුකූලව පාදම ගිලා බහින්න පටන් ගන්නවා.කාලයත් සමග ඉරිතලා යෑම්, roofslab වලින් වතුර කාන්දු වීම් ඇති වෙන්න පුලුවන්. ඉතිං අර උඩ කියපු විදියට වැඩියෙනුත් කම්බි දාලා මේ වගේ ගැටලු වලටත් මුහුණ පාන්න උනාම ශක්තිය වැඩි වෙන්න කියලා කම්බි වැඩි කරපු එකේ තේරුමක් තියෙනවද?
මේවගේ ගැටලු ඇති වෙන්න පටන් ගද්දි සමහර විට ගේ හදපු අය හොයා ගන්න බැරි වේවි. ඒක තමයි මුල ඉදලම ව්‍යුහාත්මක සැලැස්මක්( structural design ) අනුව වැඩ කරන එකේ වැදගත්කම.
ඒවගේම structural design එක සුදුසුකම්ලත් ව්‍යුහාත්මක ඉංජිනේරුවකු ලවා තමයි කර ගන්න ඕනේ.එහෙමත් නැත්තම් ඒකට වියදම් කරන මුදලත් අපතේ යෑමක්. මොකද හැමෝටම structural design කරන්න බෑ. ඒ පිලිබඳ හදාරා සහ පළපුරුද්ද තියෙන්න ඕනේ. බහුතරයක් structural design කියලා දෙන්නේ typical details. ඒ කියන්නේ පොදු සටහනකින් ගත් සෑම ගෙදරකටම පොදු අගයන්. මේ වගේ design එකකින් පිරිවැය අඩු කරන්න බෑ. ඒ නිසා හොද structural engineer කෙනෙක්ගෙන්ම මේ වැඩේ කරන්න ඔබ වගබලා ගන්න ඕනේ.

4. Electrical සහ plumbing

මේ කියන්නේ ගෙදර විදුලි පරිපථ සැලැස්ම සහ ජල නල පද්ධතියේ සැලැස්ම. මෙම සැලසුම් ද අදාල පුද්ගලයන් ලවා ගාස්තුවක් ගෙවා කර ගැනීමෙන් ඔබට පාඩුවක් වෙන්නේ නෑ. මුලසිටම plan එකකට කලාම පසුව අනවශ්‍ය විදියට බිත්ති කැඩීම්, අනවශ්‍ය ප්‍රමාණවල අමුද්‍රව්‍ය මිලදී ගැනීම් වලින් වැලකීමට පුලුවන්.

Copied Designers #

කිරි වීදුරුවක් බොනවා වගේද උදෙන්ම කස කසා වීදුරුවක් බොන එක...👌👌බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල ...
21/11/2020

කිරි වීදුරුවක් බොනවා වගේද උදෙන්ම කස කසා වීදුරුවක් බොන එක...👌👌

බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ. මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.

කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.

ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.

කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ. මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.

නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ. මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.

සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ. පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ. සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.

හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි. විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී. විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.

නමුත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.

මෙසේ එකවර කස කසා පෙඟෙන්නට තබා ගැනීමෙන් වැඩි කොටස බෝතලයකට දමා පානය කළ හැක.

#විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල

Indeed. Cannot escape without paying Karma. So, why r we compiling sins due to temporary bonds 🤔
30/06/2020

Indeed. Cannot escape without paying Karma. So, why r we compiling sins due to temporary bonds 🤔

 #උපුටාගත්තක් #ඉන්දියාවේ අසහාය නායක නරේන්ද්‍ර මෝදි මහතා ළඟින් ගමන් කරන මේ කෙසඟ පුද්ගලයා කවුද..?ඔහුගේ නම මහාචාර්ය සම්බාජි...
26/06/2020

#උපුටාගත්තක් #

ඉන්දියාවේ අසහාය නායක නරේන්ද්‍ර මෝදි මහතා ළඟින් ගමන් කරන මේ කෙසඟ පුද්ගලයා කවුද..?
ඔහුගේ නම මහාචාර්ය සම්බාජි බීඬේ. පරමාණුක භෞතික විද්‍යාවට රන් පදක්කම් දිනූ අසහාය විද්‍යාඥයෙක්. පූන් හී ෆගියුසන් ආයතනයේ මෙන්ම රටේ කීර්තිමත් සරසවි රැසක දශක ගණනාවක් ඉගැන්වීම් කළ විද්වතෙක්. ඔහු සිදුකළ පශ්චාත් අධ්‍යයන ප්‍රමාණය අසමසමයි. 67කට වැඩි මේ අධ්‍යයන නිබන්ධන වලට මේ මහාචාර්යවරයා භාරතීය හා ජගත් තලයේ සම්මාන සියයකට වැඩි සංඛ්‍යාවක් හිමි කරගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ නාසා ආයතනයේ හා පෙන්ටගනයේ උපදේශකත්වයට පත්වූ එකම ඉන්දියානුවා ඔහු පමණයි.

මේ සියලු කටයුතු අවසානයේ ඔහු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ තරුණයන් මිලියනයක් සමග භාරතය වෙනුවෙන් සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින්නට තරම් උගත්කමක්, ධනයක් තිබුණත් ඔහුගේ ජීවිතය ගෙවෙන විදිහ විශ්මයජනක ලෙස සරළයි. ඔහු අඳින්නේ දළ රෙදි පමණයි. සපත්තු තබා සෙරෙප්පුවක් වත් දාන්නෙ නෑ. අනුභව කරන්නේ සරළ ආහාර. මහනෙත්පාමුල කල්‍යාණමිත්‍ර ඔබ මදක් සිතා බලන්න ජාතියේ අසහාය නායකයා හා එක්ව කටයුතු කරන්නට ලැබෙන අවස්ථාවක් අපි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? අපට තිබෙන හොඳම ඇඳුම, හොඳම සපත්තු යුගලය, හොඳම ඔරලෝසුව. ඒත් මහාචාර්ය සම්බාජි බීඬේ???

උගත්කමට මනුෂ්‍යයෙකු තුළ ඇති කෙතරම් පරිවර්තනයක් ඇති කළ හැකිද යන්නට මහාචාර්ය සම්බාජී බීඬේ ජීවමාන සාක්ෂියක්.

‍මෙහෙම මිනිසුන් මේ මහ පොලවෙමයි.

Collection of Traditional, Ancestral Walaws 💫
25/06/2020

Collection of Traditional, Ancestral Walaws 💫

සුෂාන්ත් සිංහ් රාජ්පුත් කියන මේ නළුවත් එයාගේ හිටපු කළමණාකරු කියන මේ යුවතියත් දෙදෙනාම සියදිවි නසාගෙන මැරෙනවා 2020 ජූනි 14...
23/06/2020

සුෂාන්ත් සිංහ් රාජ්පුත් කියන මේ නළුවත් එයාගේ හිටපු කළමණාකරු කියන මේ යුවතියත් දෙදෙනාම සියදිවි නසාගෙන මැරෙනවා 2020 ජූනි 14 සහ ජූනි 09 කියන දින දෙකේදි.
මේදෙන්නාගේම මරණයට හේතුව
"Depression" (ඒමත් නැතිනම් "විශාදය" කියනවා සිංහළෙන්) කියලයි දැනට සැක කරන්නේ...

මේ මරණ දෙකම ගොඩාක් සංවේදී කලා මාව ඒකට හේතුව මාත් විශාදයෙන් පෙළුණ කෙනෙක්. 2009 ජනවාරි, ඒකියන්නේ මම Campus එකේ final year 1st semester ලියනකොට Strategic Management subjet එක ලියලා ආවා විතරයි මට මතක. මම පිස්සියෙක් අපේ භාෂාවෙන් කියනවා නම්. මම Batch Miss වුණා. ඒනිසා මම මට වඩා අවුරුද්දක් පහල batch එකත් එක්ක තමා final year 1st semester ලියලා convocation ගියේ..
ලෝක ජනගහනයෙන් 4.4% ක් ඒකියන්නේ මිලියන 300කට වඩා වැඩි ප්‍රමාණයක් විශාදයෙන් පෙළෙන අය (WHO, 2020). හැබැයි ඒකෙන් බහුතරයකට ඒම ලෙඩක් තියෙද කියලා කියන්නට බැහැ.
මාත් පෙනුමට ඉඳියේ ඒවගේ. කවුරුවත් දැනගෙන ඉඳියේ නෑ මම ඔළුව ඇතුලෙන් කොච්චර දුක්වින්ඳද කියලා. නමුත් එක දවසක් එක මට්ටමක් ආවා ඒක මට පාලනය නොවෙන, මහා තද ඉසේ කැකුමක් එක්ක ඒකට ඔළුව පුපුරන තරම්, දවස් 3කින් 4කින් නින්ද ගියේ නෑ, හරි බයක් දැනුනා, ඒවගේම හරිම කේන්තියක් තිබුණා.., මම රෑ එළිවෙනකල් සැරින් සැරේට නෑවා.. මට හරි බයක් දැනුණේ., තුන් හතර වෙනි දවස වෙනකොට ඒකියන්නේ SM එක ලියලා ආව දවසේ රෑ.,
මට PPT Slides වල තිබුන අකුරු එක තැනක තියාගන්න බැරි වුණා., අකුරු දුවනවා හැම තැනම, ඇස්දෙක ඉස්සරහා අමුතු අමුතු රූප කෑලි හැදෙනවා ලොකුවෙනවා කැඩෙනවා, ආයි හැදෙනවා.. ඒක මහා බයක්.. මාත් මරණය සතුටක් වගේ දැක්කා., ඒවෙලාවට ඕනිම තනියම ඉන්නයි, මට තේරුණා මේ වේදනාව දරාගන්න බෑ කියලා..
මොකක් හරි මට පිණක් තියෙන්න ඇති.,
මට දැනුණා මගේ සිහිය මගෙන් යනවා වගේ..
මේ ලෝකේ අත පය නැති නම් වෙන කෙනෙක් අපිව බලාගනීවි, ඒ අතින් පයින් කරන වැඩ ටික කරාවි.. ඒත් සිහිය ගියොත් වෙන කාටවත් ඒක ගේන්න බෑ මටම හැර..
මට තේරුනා සිහිය තරම් වටින දෙයක් නැති බව.. ඒවෙලා වේ ඔළුව ඇතුලේ මහා ලොකු යුද්ධයක්, මගේ මනසේ සිතුවිළි දෙකක් එක්ක මම ගැටෙනවා කාව තෝරගන්නද කියලා.. මම මගේ අම්මට කතාකරලා කිව්වේ "අම්මේ මට ජීවත්වෙන්න ආසයි, මට ඩිග්‍රිය එපා" කියලා. මම ඒවෙලාවේ ජීවිතේ තෝරගත්තා ඩිග්‍රිය අතෑරලා..
මම අවුරුද්දකට පස්සේ මගේ ඩිග්‍රියත් ගත්තා..
හැබැයි මම එදා ඩිග්‍රිය ගන්න පෙරේත වුණා නම්, අද මමත් Rest In Peace තමා මේ වගේ..
ඒ මගේ කතාව..

මට කියන්න ඕනි වුණේ අපි වටේ ඉන්න අපේ යාළුවෝ අපිට නොපෙනුනාට මේ විශාදයෙන් පෙලෙනවා ඇති මම ඉඳියා වගේම.. අපිට පුළුවන් නම් එයාලා ගැන සැලකිල්ලෙන් ඉන්න, අපි අපේ සමීපතම අය එක්ක ගොඩාක් සමීපව දුක සැප බෙදාගෙන ජීවත්වෙන මට්ටමට එනවා නම් මේවගේ මිනිස්සු විශාදය මට්ටමට ඇවිත් ඒනිසාම සිය දිවිනසාගන්න මට්ටමට නෑවිත් නතරවෙනවා. එක තප්පරේකින් එයාලගේ මනස වෙනස් කරන්නයි ඕනි.. යාළුවෙක් අසාමාන්‍ය විදියට කෝල් කරනවා නම් ඒක answer කරලා බලන්න., අපි answer නොකරන call එකෙන් වෙන කෙනෙක්ගේ ජීවිතේ තීරණය වෙන්න පුළුවන්. ඒ වේදනාවට කෙනෙක් ගන්න තීරණය මොකද්ද අපි දන්නේ නෑ, ඒ වේදනාව දන්නේ ඒකෙන් දුක් වින්ඳ කෙනෙක්ම විතරයි.
ලේසියෙන් හිත වෙනස්කරගන්න බෑ එයාලට..
විශාදයට හේතුව ආදරයද, විවාහයද, දරුවොද, අධ්‍යාපනයද, ව්‍යාපාරද, සල්ලි ප්‍රශ්නද වෙන මොනදේද දන්නේ නෑ., ඒ මොකක් වුණත් අපි වටේ ඉන්න කෙනෙක් අපිට උදව්වක් වෙන්න පුළුවන් වුණ කෙනෙක් නම් මේවගේ දිවිනසාගෙන මැරුණේ, එදාට ඒක අපිට ලොකු මානසික බලපෑමක් ඇති කරනවා..
ඒනිසා තමන් වටේ ඉන්න අය ගැන අවධානයෙන් ඉන්න.. අපිට නොපෙනුනාට අපි අතර විශාදයෙන් පෙළෙන අපේ හොඳම යාළුවෝ, සහෝදරයා, නෑයා, සැමියා, බිරිඳ, දරුවා ඒමත් නැතිනම් ඔෆිස් එකේ ඉන්න පියන් වැඩේ කරන මනුස්සයා වෙන්නත් පුළුවන්..
අපි අවධානයෙන් ඉන්න තරමට, අපි බැඳීම් හිතවත් කම් වෙනුවෙන් පොඩ්ඩක් කැපවෙන තරමට කෙනෙක් ගේ සිය දිවි නසා ගැනීමක් නවත්වාගන්න පුළුවන් වේවි.... ඒක විශාදයක් මට්ටමට නොගිහින් සාමාන්‍ය මානසික අවපීඩනයක් මට්ටමින් ඉවරකරගන්න පුළුවන් වේවි.. ගොඩක් වෙලාවට විශාදයේදි අපි අතාරින්නට ඕනි අපි හිතෙන් අල්ලගෙන දුක් විඳින දේ, නමුත් අපි කරන්නේ අතාරින්න ඕනි දේ අල්ලගෙන, අල්ලගන්න ඕනි දේ ඒකියන්නේ අපේ ජීවිතේ අතෑරලා අනවශ්‍යදේම, ලෝභකමේම එල්ලිගෙන දුක් විඳිනවා..

සිය දිවි නසා ගන්නේ මෝඩයෝ කිය කිය අනික් අයව විවේචනය කරන අය දැනගන්න විශාදය හැදුන කෙනෙක් කියන්නේ තමන් කල දේ ගැනවත් තමන්ට අවබෝධ නැතිවෙන තරමට තමන්ගේ මානසික මට්ටම පිරිහිලා ගිය කෙනෙක් ඒ මොහොතෙදි.. ඒම කෙනෙක් තමාගේ වේදනාවෙන් මිදෙන්න ක්‍රමයක් හොයනවා මිසක් එයාට වෙන දෙයක් ඔළුවට එනවා අඩුයි..
ඒකයි ගොඩක් අය ලේසියට මරණය තෝරාගන්නේ.. නමුත් අපිට පුළුවන් නම් අපේ වටේ ඉන්න අයගේ ඔළු හොඳට තේරුම්ගන්න,එයාලට ප්‍රශ්නෙකදි උදව්වක් වෙන්න, අඩුම ගානේ එයාලට ඇහුම්කන් දෙන්න., මේ වගේම හේතුවකට අපි අතරේ සිද්දවෙන්න පුළුවන් සියදිවි නසා ගැනීමක් ලේසියෙන්ම නවත්වගන්න ඉස්සරහ දවසකදි අපට පුළුවන් වේවි..
#

22/06/2020

උපදෙස්
පෝශණවේදිනී හා කායික රෝග වෛද්‍ය
නාලිකා වරකාගොඩ
දිනිති අමා
Copy from
40+ සම්පූර්ණ ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියකි 💪

ඕනම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය දශකය 40-50 අතර කාලය.අවුරුදු 40න් පස්සේ ජීවිතේ #දශක 4ක් ඉවරයි..ආයුශ අවුරුදු 80ක් කියලා හිතුවොත් ජීවිත කාලයෙන් භාගයක්ම ගතකරලා ඉවරයි.දැන් තියෙන්නේ ඉතින් යන තැනකට වැඩක් කරගන්න එක..ඔහොම තමයි ලන්කාවේ අපි හිතන්නේ..ඒත් බටහිර රටවල ඔය කතාව හාත්පසින්ම වෙනස්.එයාලා ජීවිතේ පටන් ගන්නේ 40න් පස්සේ.දරුවෝ දීග දීලා,ලාමක අස්ථාවර සිතුවිලි වලින් මිදිලා,මිනිස්සු හදුනාගෙන ජීවිතේ පරිපූර්ණ වෙච්ච කාලයක් මේක.ඉතින් ඒ කාලේ ජීවිතේ විදින්න පුලුවන් කාලේ කිව්වොත් මම හරි..බුද්දිමත් කාන්තාවන් ඉතින් සියලුම ප්‍රශ්න මැද නීරෝගී ජීවිතයක් ගත කරනවා.එයාලා මෙන්න මෙහෙම සාමාන්‍ය දේවල් ටිකක් කරනවා.ඒත් තමයි👇👇

👉නිසි ශාරීරික ව්‍යායාම
👉සමබල ආහාරවේල
👉හානිදායක ආහාරවලින් සම්පූර්ණයෙන් වැලකීම
👉පිටි කෑම 60% න් පාලනය
👉ක්ෂනික කෑම සම්පූර්ණයෙන් අත හැරීම
👉තද අව්වට නිරාවරනය නොවී සිටීම
👉අධින මානසික ආතතියෙන් යුතු බැදීම් වලින් ඉවත්වීම
👉කල්පනාකිරීම 50%න් අඩු කිරීම
👉ක්‍රියාකාරකම්වල නිරතවීම

ඒ වගේම පහත් උපදෙස් වැඩියෙන් අනුගමනය කරන්න.👇👇

☝️කාන්තාකවක අවශ්‍ය විටමින් සහ ෆෝලික් අඩංගු බහුකාර්‍ය පෙත්තක් පාවිච්චියට ගන්න.

☝️ඔබේ මානසික පීඩනය ස්ට්‍රෙස් එක වැඩිනම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

☝️අවුරුදු 40 පසු කෙනෙක්ගේ බෝනස් අස්ථි දිරාපත් වෙන්න පටන් ගන්නවා.ආතරයිටිස් වැනි රෝග ඇතිවෙන්නේ එහෙම.එම නිසා කැල්සියම් 1000mg සහ විටමින් D දිනපතා ශරීරයට ලබාගන්න.මේවා පෙති වශයෙන්ම නොව හාල්මැස්සන් වැනි කුඩා මසුන්,අලුත් එලවලු,මුහුදු මාලු වැනි දෙවලින් ලබාගත හැකියි.

☝️මාස 3කට වරක් රුධිරගත සීනි,කොලෙස්ටරෝල්, පරීක්ෂා කරගන්න.මෙයට සාමාන්‍ය වෛද්‍යවරයෙක් නොව ප්‍රසව හා නාරි හෙවත් VOG වෛද්‍යවරයෙක් හමුවන්න.

☝️දිනපතා ආහාර ගැනීමට පසු හොද ඉදුණු කෙසෙල් ගෙඩියක් 🍌 කන්න.මෙය බඩවැල් වල සංකූලතාවන්ට මෙන්ම මලබද්දයටත් ඉතාම හොදයි.

☝️දිනපතාම කොල ඇපල් ගෙඩියක් කන්න."ඇපල් ගෙඩියක් කන්න...දොස්තරව ඈතින් තියාගන්න..."මේ කියමන නිකම්ම කියන දෙයක් නෙවෙයි.ඒ තරම් කොල ඇපල් ගුනයි.

☝️ඔබේ දෑස් ඔබේ දෑස් මෙන් රැකගන්න. 👀 දිගින් දිගටම ගෑස් ලිප් පාවිච්චිය,ජංගම දුරකතනය පරිගනකය පාවිච්චිය,නිදිවැරීම, වැනි බොහෝ හේතු නිසා එය කෙලින්ම බලපාන්නේ අපේ ඇස් වලට.මේ නිසා අවුරුදු 40න් පසු ඇස් දෙක පරීක්ෂා කරගන්න.(දැන් ඉතින් පොඩි ලමයින් පවා කන්නාඩි දානවා.) අනිවාරෙන්ම කියවීමේදී රීඩින් ග්ලාස් පාවිච්චි කරන්න.

☝️ජීවිතය,අවට ලෝකය දෙස ඉරිසියාව කුහකකමින් බැලීමෙන් වලකින්න..සෞම්‍ය ලෙස ජීවිතේ දෙස බලන්න පටන් ගන්න.

☝️පිශ්ඨය,මේදය අඩුකර ප්‍රෝටීන ප්‍රමානය වැඩිකර ගන්න.ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල වයස්ගත්වීම නිසා ඇතිවන බොහෝ ප්‍රශ්න අවම කරනවා.

☝️බොහෝදෙනා කියන පරිදි 'මලකෝලන්' ඇරඹෙන්නේ මේ අවුරුදු 40න් පසුවයි.ඒ ආදරය ඔබේ ප්‍රියතමයන් සමග විදීමෙන්.ලෝකය දහස් දේ කියාවි..ඒත් ඔබ ඔබේ සැමියා,බිරිද සමග ආදරෙන් ඉන්න.එය ඔබව මානසිකව සතුටින් තබන අතර වයස ආපස්සට ගෙනයයි.

☝️ආගම දහමට යොමුවන්න.නමුත් එහි අන්තයට ගොස් ජීවිතේ කලකිරවාගන්න එපා.

☝️සීනි නැති කහට කෝප්පයක් ☕ කෑමෙන් පැයකට පසු බොන්න.එය ඔබේ කැම වේලෙහි අනවශ්‍ය තෙල් අඩු කරාවි.

☝️දවසකට එලවලු 4ක් කන්න.එක් එලවලුවක් නොපිසූ එලවලුවක් වියයුතුමයි (සලාද,කැරට් සම්බෝල)

☝️බිත්තර සුදුමදය ආහාරයට ගන්න.අධික කොලෙස්ටරෝල් ඇත්තේ කහමදයේයි.හාෆ් බොයිල් කල සුදු මදයට ගම්මිරිස් ඉසගෙන කන්න.

☝️දිනකට වතුට බෝතල් 6ක් බොන්න.එය රාත්‍රී නින්දට පෙර කරන බවට ඔබ ඔබටම අභියෝග කරන්න.

☝️බත්කනවිට රතුලූනු ගෙඩියක් හපලා කන්න..අවුරුදු 40පස්සේ මේක කලයුතුමයි.රතුලූනු ශරීරය විශෙන් තොර කලාපයක් කරනවා.

☝️උදෑසන සීනි නොදා දොඩම් යුශ වීදුරුවක් බොන්න.එය ඔබේ පෙනුම රැකගන්න වැදගත්.ගැස්ට්‍රයිටිස් රෝගය ඇත්නම් පමනක් වෛද්‍ය උපදෙස් ඇතිව බොන්න.

☝️නින්දට පෙර දෙහි යුශ 🍋 දැමූ උනුවතුර කෝප්පයක් පානය කරන්න.එය දවසේ අදික නොසන්සුන් බවත් තෙල් කෑමවල අධික කොලෙස්ටරෝල් ප්‍රමානයත් පාලනය කරනවා.

☝️ඔලිව් ඔයිල් ආහාරයට ගන්න.ලෝක සෞඛ්‍යය සංවිධානය කියන විදියට ඔලිව් ඔයිල් ලෝකයේ තියෙන සුපිරිම ආහාරය.එහි ඇති හිතකර කොලෙස්ටරෝල් ශරීරයේ අහිතකර තෙල්වලට එරෙහිව සටන් කරනවා.තරුන පෙනුම දෙනවා.ගන්නා විට 'එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්' කියා ඉල්ලන්න.

☝️කිරිපිටි නවතා දමා දියර කිරි බොන්න.ලන්කාව වගේ දුප්පත් රටවල් පමනයි කිරිපිටි බොන්නේ.කිරිපිටි නිශ්පාදනයේදී අධික විකිරණ ප්‍රමානයක් යොදාගන්නවා.ඒ නිසා දියර කිරි බොන්න.එක වීදුරුවක් දවසකටම ඇති..පුලුවන්නම් සීනි නොදා බොන්න.

අද ඔබට මේ ලිපිය අදාල නොවිය හැක.නමුත් ජීවිතේ කවදාම හෝ අවශ්‍ය බව දැනගෙන කියවන්න.මෙහි ඇති ඇතැම් දේ ඔබ දැන් සිට වුවද කිරීමෙන් ඔබට වරදක් සිදුවන්නේ නැත.

උපදෙස්
#පෝශණවේදිනී හා කායික රෝග වෛද්‍ය #
#නාලිකා වරකාගොඩ #

21/06/2020

ඔබ අපහසුතාවයට පත් කරන අන්තර්ජාල අපරාධ ගැන දැනුවත් වෙන්න.. - How to stop cyber bullying and internet and Facebook Social Media crimes in Sri Lanka fb complain...

17/06/2020

කියවිය යුතු වටිනා ම ලියමනක්.

මං විශ්වාස කරන විදියට, කෙනෙක්ගෙ හොඳ හෝ නරක ගතිගුණවලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ කෙනා හැදුණු වැඩුණු පවුල් පසුබිම. ඊට අමතර ව ජානමය බලපෑම්, කර්ම ශක්තිය වගේ ම මිතුරු ඇසුරත් කෙනෙකුගේ ගතිගුණවලට බලපානවා. ඒ නිසා විවාහ වෙන්න යන කෙනෙක් මූලික ව ම සොයාබලන්න ඕන අනිත් පාර්ශවයේ පවුල් පසුබිම කියලයි මං විශ්වාස කරන්නෙ. කෙනෙක් මගේ අදහසට විරුද්ධ වෙන්න පුළුවන්. පවුල් පසුබිම කියන එකෙන් මං අදහස් කරන්නේ මිලමුදල්, වතුපිටි, යානවාහන නෙමෙයි. ඒ පවුලේ උදවියගේ ගුණයහපත්කම, සාමකාමී බව, වැදගත්කම වගේ දේවල්. සමහරු මොන තරම් උගත් වුණත් ඒ උගත්කම් පවා යටපත් වෙලා ආරයෙන් සහ පරිසරයෙන් හුරු වුණු පුරුදු කොයි මොහොතක හෝ ඉස්මතු වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි. විවාහයෙන් පස්සෙ ඒ පුරුදු, ඒ ගති අතහැරෙයි කියන විශ්වාසයෙන් කෙනෙක් හා විවාහ වුණත් ඒ පුරුදු, ඒ ගති අත්හැර ගන්න අසීරු වෙන්නෙ ඒ නිසයි. ඒ නිසා දේපළට, සල්ලිවලට, ලස්සනට, රස්සාවට රැවටිලා විවාහ වෙනවට වඩා තමන්ගෙ දරුවන්ට හොඳ අම්මෙක් වෙන්න පුළුවන්, තාත්තෙක් වෙන්න පුළුවන්, තනි නොකර සහයෝගයෙන් ජීවන ගමන යන්න පුළුවන් සහකරුවකු තෝරා ගැනීම හදවතට වහල් නොවී බුද්ධියෙන් කළ යුත්තක්. මේ ඒ ගැන කතාවක්.

උපුටා ගැනීමකි 👇👇👇

ගැහැනියක සොයා ගිය මිනිසකුගේ කතාවක්
====================================

පහුගිය කාලයේ මම වර්තමාන කසාදය සහ ආදරය ගැන තරමක් වෙනස් පහේ පර්යේෂණාත්මක නාට්‍යයක් නිෂ්පාදනය කළා, ඒක තාමත් රංග ගත වෙමින් පවතිනවා. ඒ නාට්‍ය හදන්න අපි නාට්‍ය කණ්ඩායම කසාද බැඳලා ඉන්න අයගේ කසාද කතා එකතු කරලා, අපේම කසාද ද ඇතුළුව පොඩි රිසර්ච් එකක් කලා. එතනදී මට අහන්න ලැබුණු විවිධ අයගේ කසාද කතා වලින් එකක් මම හිතුවා ඔබත් එක්ක බෙදා ගන්න තරම් වටිනවා කියලා. කිසියම් මනෝ විද්‍යාත්මක පදනමක් තියෙන මේ කතාව ආදරය සහ පවුල් ජීවිතය සම්බන්ධ එක් යථාර්ථයක් විතරක් විදිහට හිතන්න. මේ කතානායකයා කියනා යථාර්ථයට පරිබාහිරව තවත් බොහෝ සත්‍යන් තියෙන්න පුළුවන්. මූලික වශයෙන් කසාදය සම්බන්ධයෙන් කියැවුණ ද පොදුවේ ඕනෑම මානව සම්බන්ධතාවකට මේ දහම අදාළ කරගන්නත් පුළුවන්.

ඉතින් කතානායකයා දැනට වයස අවුරුදු 60 ක පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන මම ඇසුරු කරන සාමාන්‍ය සිංහල පුද්ගලයෙක්. ඔහු හා විවිධ අවස්ථාවල කතා බහ ඇසුරින් තැනින් තැන මතු වුණ මේ තොරතුරු ඔබගේ කියවීමේ පහසුව තකාත් ඔහුගේ අනන්‍යතාවය සැඟවීමටත් අන්තර්ගතයට හානියක් නොවන සේ සුළු ආටෝපයක් සමඟ සංස්කරණය කරලයි තියෙන්නේ. මෙන්න ඔහුගේ කතාව.

මම මුලින්ම කසාද බැන්දේ අවුරුදු තුනක් විතර ආදරය කරලා අවුරුදු විසි අටේදී .නමුත් බැඳලා අවුරුදු තුනකින් විතර අපි ඩිවෝස් වුණා. සාමාන්‍යයෙන් මම බොහොම සාමකාමීව රණ්ඩු සරුවල් නැතුව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. නමුත් එදා මම ඒ බැන්ද ලේඩි එදිනෙදා ජීවිතයේ කිසිම වැදගත්කමක් නැති දේවල් වලට මං එක්ක රණ්ඩු වෙන්න, ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තා. ක්‍රමයෙන් මට ඉතා දරුණු විදිහට අපහාස කරලා කේන්ති ගියාම බණින්න ගත්තා. රණ්ඩු වෙන්ඩ එපා කියලා මම එයාව විවේචනය කළ එකට විතරක් එයා මට කාලකණ්නියා කියලා බැණලා තියෙනවා. මඟුල් ගෙදර දවසේ පවා ඇඳුම් ප්‍රශ්නයකට මට බල්ලා කියලා බැන්නා. කිසිම දෙයක් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව කලබල වෙලා ගැටුම් ඇති කරගන්නවා. කේන්ති ගියාම අනිත් කෙනාව පච කරන්න තියන හැම දෙයක්ම කියනවා. සාමකාමීව ඉඳිමු කියන එකට මගේම උවමනාවට කරපු සියලුම සාකච්ඡා වැඩසටහන් වැඩ කලේ නෑ. එයාට එයාගේ ස්වභාවය වෙනස් කර ගන්න බෑ කියලා මට තේරුණා. ක්‍රමයෙන් මමත් එයා නිසා රණ්ඩු වෙන කෙනෙක් බවට පත්වෙමින් තිබුණා. ඒගොල්ලොන්ගෙ ගෙදර අය කීවේ පවුල් ජීවිතය ඔහොම තමයි ඒකට තමයි දුක සැප කියන්නෙ ඒක බෙදාගෙන කන්ඩ කියලා.

මේ විදිහට තේරුමක් නැතුව ගැටුම් දුරදිග යන කොට, එයා එයාගේ ගෙදර අයට සහ එයාගේ යාහළුවන්ට මගේ නැති වැරදි කියමින් මාව පාවා දීලා ආත්මානුකම්පාව ලබා ගන්න හදනවා. මේ හේතුව නිසා බැඳලා අවුරුදු දෙකක් යනකොට මට එයා ගැන කිසිම හැඟීමක් ගෞරවයක් නැතුව යන්න ගියා. ඊට පස්සේ මට එයාට කියන්න සිද්ධ වුණා මට ඔයා ගැන කිසිම හැගීමක් දැන් නම් නෑ කියලා. එහෙම ඉවසගෙන ජීවත් වෙන්න ගියා නම් මගේ ජීවිතය එකම අපායක් වෙන්න ඉඩ තිබුණා. වාසනාවට අපිට ඒ වෙනකොට දරුවන් හිටියේ නැහැ.

අපි දික්කසාද වුණා.

මම හිතුවා මම ආයෙ බඳින්නේ නෑ කියලා. ඊට පස්සේ මම අවුරුදු දහයක් විතර යනකන් තනිකඩයෙක් විදිහට හිටියා. අර වේදනාවෙන් ගැලවෙන්න මේ කාලයේ මම රටවල් කීපයක ඔහේ ඇවිදින්න ගියා.

ඒත් ක්‍රමයෙන් අවුරුදු හතලිහ වෙන කොට වගේ මට මොකක්ද පාළුවක් දැණුනා, තනියම ඉන්නවාට වඩා තව කා හරි එක්ක බෙදා හදාගෙන ඉන්න තියෙනවනම් හොඳයි කියල හිතුනා. සාමාන්‍යයෙන් මම විවේකය සහ සාමකාමීත්වය රස විඳින්න ගොඩක් කැමති කෙනෙක්. ඒ කියන්නේ ඔහේ ගෙදරට වෙලා ඉන්න, ඔය පාර්ක් එකක මුහුදු වෙරලක ඇවිදලා කැමති වෙලාවක කැමති කෑමක් කාලා බුදියගන්න, හැන්දෑවට ගෙදර ඉස්සරහට වෙලා අහස දිහා බලාගෙන බියර් එකක් ගහන්න නැත්නම් ඔහෙ පොතක් කියවන්න. ඒක එහෙම වෙන අතරේ තවත් කවුරු හරි මා එක්ක සාමයෙන් ඉන්න එකයි මට ඕනේ වුණේ.

ඒත් මට තේරෙන්නේ නැහැ ඊළඟ ගෑණි කොහොමද තෝරා ගන්නේ කියලා. මේ වෙනකොට රොමැන්ටික් ආදරය කියන්නේ හරි සංකීර්ණ දෙයක් මම ඒක දන්නෙත් නෑ ඒක හරි අමාරු වැඩක් වගේ මට දැණිල තිබුණේ. මම කලින්වයිෆ් එක්ක මුල දී ඒ රොමැන්ටික් ආදරේ කියන එක අඩු නැතිව කළා. ඒත් කසාදයක් ගෙනියන්න ඒකට බෑ. සාමයෙන් ඉන්න දන්නේ නැති කිසිම තැනක එහෙම රොමෑන්ටික් ආදරයක් ඇති වුණාට ඒකට පවතින්න බෑ. අනික මගේ පෙණුමත් දැන් රොමෑන්ටික් නෑ කියලයි මට හිතුනෙ. ඉතින් මට ඕනේ වුණේ මහා පරම ආදරයක් නෙමෙයි, දරුවන් නැතත් කමක් නෑ කවුරු හරි සාමකාමීව මාත් එක්ක එකට ජීවත් වෙන්ඩ කාරුණික මනුස්සයෙක් විතරයි. කොහොහම හරි මම හිමීට අපේ ලංකාවේ මගේ අම්මලා තාත්තලා පවුලේ කට්ටියට කිව්වා ගැහැණියක් හොයන්න පටන් ගන්න කියලා.

මේ කාලයේම වගේ කිසියම් මනෝ විද්‍යාඥයෙක් ලියල තිබුන ආටිකල් එකක කියල තිබුණ දෙයක් මගේ හිතේ තදින් වැදිලා තිබුණා. ඒ තමයි බොහෝ විට පවුල් ජීවිතයේ අඹුසැමි දරුවන් අතර සම්බන්ධතාවයට බලපාන්නේ කසාද බැන්ද දෙදෙනා ඒ අයගේ දෙමව්පියන් සමග කුඩා කාලයේ හැදෙන විට තිබුණ පවුල් පරිසරයයි කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු කසාදය විදිහට අවිඥ්ඥාණකව දකින්නේ තමන්ගේ දෙමවුපියන්ගේ කසාදයයි කියන එක. මම ඒක මගේ කලින්වයිෆ් එක්ක දාලා බැලුවම හරියටම හරි කියලා හිතුනා. ඊට අමතරව තවත් මම දන්න බොහෝ අයට දාලා බැලුවමත් හරියටම හරි. හැබැයි හැම විටම නෙමේ, ගොඩාක් අවස්ථාවල. මගේ පවුලත් ඒ තරම්ම සාමකාමී පවුලක් නෙමෙයි, මගේ තාත්තා ඉවසීමක් නැතිව කෑ කෝ ගහන, සාමාන්‍ය විදිහට ගැටුම් ඇති කරගන්න පවුලක්. නමුත් මම පස්සෙ ඒක තේරුම් අරන් වෙනස් වුණා. ඒ නිසා කෙනෙකුට එහෙම වෙනස් වෙන්න බෑ කියලා මම හිතන්නේ නෑ. නමුත් තමන්ගේ ස්වයං උවමනාවෙන් එහෙම වෙනස් වෙන්න හැමෝටම බෑ.

මගේ කලින්වයිෆ්ගෙ පවුලේ දෙමවුපියන් දරුවන් නිතරම රණ්ඩු වෙනවා. අම්ම තාත්තට මං ඉස්සරහම මේ කාලකණ්නියා කියලා බැණලා තියනවා. ඒ ගොල්ලන්ගේ තාත්තත් කිසිම දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතිව කලබල වෙලා කෑ කෝ ගහගෙන ප්‍රශ්ණ විසඳගන්න හදන ප්‍රචණ්ඩ උද්දච්ච මිනිහෙක්. හොඳින් කාල ඇඳල ඉන්න තරම් වත්කමක් තිබුණු සාමාන්‍ය පවුලක් විදියට ජීවිතයේ එදිනෙදා දේවල්, රුචි අරුචිකම්, බෙදා හදා ගැනීම් රණ්ඩු නොවී විසඳ ගන්ඩ ඒගොල්ලො දැනගෙන හිටියේ නෑ. මට හිතෙනවා ඒ වගේ රණ්ඩුවෙන සමාජයක් ඇතුලේ හැදෙනකොට එකිනෙකා ගැනත් තමන් ගැනත් අඩු වටිනාකමක් හා අඩු ගෞරවයක් දැනෙන්නෙ කියලා. ඒ් වගේම එතකොට ගොඩක් දුරට නෙගෙටිව් ආකල්ප වර්ධනය වෙනවා. ආදරය හෝ සතුට කියන්නේ කිසියම් දවසක දී අපි ගෙයක් හදනවා වගේ වැඩ කරලා ඉවර වෙලා අත්පත් කරගන්න දෙයක් නෙමෙයි, ප්‍රශ්ණ සමඟ යන මේ මොහොතේම අපි ගත කරන කන බොන බුදිය ගන්න එකට ඉන්න ආකාරය තුළ තියෙන එකක්. පවුල කියන්නේ මනුෂ්‍ය අභ්‍යාස පුරුදු කරන මූලික පාසලයි, බඩු හදන ෆැක්ටරියයි. ඉතින් මම කඩවල් වලින් නැතුව මේ පාර කෙලින්ම ෆැක්ටරියටම ගිහින් හදන හැටි බලලාම ගන්න හිතුවා!

මනුෂ්‍ය සම්බන්ධතාවල තියෙන විශේෂම ගුණය වෙන්න ඔ්න එදිනෙදා ජීවිතයේ සිදුවන දේවල්, බෙදා ගැනීම්, නැතිවීම්, අමතකවීම්, වැරදීම්, අතපසුවීම්, හරියටම තේරුම් ගන්නට නොහැකිවීම් - ව්‍යාකූලතා, රුචි අරුචිකම් හා විවිධත්වයන් ආදී ජීවිතයේ නොවැලැක්විය හැකි යතාර්ථය ඉදිරියේ ඒවා රණ්ඩු නොවී සාමකාමීව විසඳා ගැනීමට ඇති හැකියාවයි. පුද්ගලයින් දෙදෙනෙක්ගේ ඉදන් ජාතීන් දෙකක් දක්වා ඕනෑම තැනක සාමය හා සහජීවනය ඇති වෙන්නේ අන්න ඒකට තියන හැකියාව හා උවමනාව හරහා පමණයි.

මේ නිසා මගේ දෙමව්පියන් ලංකාවේදී මට ගැලපෙන කෙනෙක් හොයනකොට මම බලන්නැයි කීවේ කුලය, පන්තිය, දේපල, ආගම,කේන්දර නෑදෑයෝ මේ කිසිම දෙයක් නෙමෙයි දෙමව්පියෝ සමග ජීවත් වුණේ කොහොමද කියන එක විතරයි. කොයිතරම් සාමකාමීව එකට ඉන්න පවුලක් ද කියන එක. මොකද සාමකාමීව ඉන්නවා කියන එක තුල තියනවා සාපේක්ෂව බුද්ධිමත් කියන එක ද ඇතුළුව අර බොහෝ ගුණයන් අත්පත් කරගෙන තියෙන බව. ඉන් අදහස් කරන්නේ නෑ විවාද නොඑකඟතා ඇති වෙන්නේ නෑ කියන එක, ඉන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් ඒවා සාමකාමීව එකිනෙකාට හිංසාවක් අගෞරවයක් නොවන ලෙස විසඳා ගන්න තරම් දියුණුයි කියන එකයි. මට අනුව පවුලක හෝ සමාජයක සතුට අසතුට බෙදී යාමේ රේඛාව හරියටම වැටිලා තියෙන්නේ අන්න එතනයි.

ගෙදරින් මට පින්තූර විස්තර එවමින් කියපු දෙයක් තමයි ඕනෑ තරම් ගෑණු ඉන්නවා නමුත් අර වගේ පවුල් පසුබිමක් තියෙන අය හොයා ගන්න දැන් හරිම අමාරුයි කියලා. මම කිව්වා මම තදින් තීරණයක් අරන් තියෙන්නේ එහෙම හමුනොවූනොත් බඳින් නෑ කියලා. ඉතින් මට කොහොම හරි ගෑණු කෙනෙක් හොයන්න ඒගොල්ලො කවදත් මහන්සි වුන හින්දා විවිධාකාර පර්යේෂණ කරමින් අවුරුදු එක හමාරක් වගේ කාලයක් තුළ, මගේ ද තොරතුරු නිරීක්ෂණයෙන් පස්සේ පවුල් හතක් තෝරා ගත්තා. ඒවායින් පවුල් තුනක් අවසානයට තෝරගෙන ඒ තුනටත් තවත් කීප පාරක්ම ගිහිල්ලා එක්කෙනෙක් තෝරාගත්තා. ඒ ගියහම මම ඉතා තදින් නිරීක්ෂණය කළේ පවුලේ සාමාජිකයින් අතර සම්බන්ධතාවය තියෙන්නේ කොහොමද කියන එකයි. ඒ කාරණයට අමතරව ඒ ගැහැණුන් එක්ක තනියම කතා කරනකොට මම තව අතුරු කාරණා දෙකක් ගැන උනන්දු වුණා. මම ඇහුව ප්‍රශ්නය තමයි ඔයා කොහොමද ඔයාගේ පව්ලේ කට්ටියගේ වටිනාකම් සහ හරයන් ගණන් බලන්නේ, ඒ කියන්නේ අම්මයි තාත්තයි මට කන්ඩ බොන්ඩ දීලා හදා වඩා ගත්තා මං ආදරෙයි කියන සුලබ ප්‍රකාශයට වඩා පවුලේ සාමාජිකයින්ගේ හරයන් හා විටිනාකම් එයා හඳුනගෙන තියෙන්නේ කොහොමද කියන එක. විවිධ දේවල් හරහා මම අනිත් කාරණය සඳහා නිරීක්ෂණය කළේ කොයිතරම් අද වර්තමාන සාමාන්‍ය ජීවිතය සහ මිනිසුන් ආදිය ගැන යථාර්ථවාදී අවබෝධයක් තියෙනවද එහෙම නැත්නම් පාවෙන චරිතයක්ද කියන එක. අද එලියට බැස්ස මොහොතේ ඉඳන් වෙළෙන්දාගේ ඉදන් පස්සෙන් එන පිරිමින් දක්වා විවිධ උපක්‍රම වලින් රවටන කොට තමන්ගේ සහ පවුලේ ආරක්ෂාව ගැන හිතන්න කොයිතරම් ස්මාර්ට් ද කියන එක. ඔචච්රයි බැලුවේ.

අවසානයේ මට හමුවුණේ පහත රට ක්‍රිස්තියානි නමුත් එතරම් ආගමික නැඹුරුවක් නැති දරුවන් තුන් දෙනෙකුගෙන් දෙවැනි දරුවා වුන කාන්තාවක්. බොහොම සාමාන්‍ය මිනිස්සු. ඥාතියෙකු සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සම්බන්දතාවයක් බිඳ වැටිලා එයා ද ආදරේ ගැන යම් කලකිරීමකින් හිටියේ. කොහොම හරි ඒ පවුලේ සියලුම දෙනා හරිම සමගියෙන් හිටියේ. නිතර ජොලියෙන් විහිළු කර ගන්නවා. හරි සතුටු මුහුණු තිබ්බේ, බැරෑරුම් මුහුණු නෙමෙයි. ළමයි ලොකු වුණාට නිතරම අම්මව තාත්තව බදාගෙන ඉන්නවා. ඒ පවුලෙ කට්ටිය සමහර හැන්දෑවල එකතුවෙලා බැඩ්මින්ටන් ගහන්න පුරුදුවෙලා හිටියා. ඒ වගේ එකට විනෝද වෙන ගොඩක් පුරුදු ඒගොල්ලොන්ට තිබුණා. එක පාරක් ගියහම ඒ ගෙදරට මට ආයේ යන්න හිතුනා. මට හිතුනා මගේ කලින්වයිෆ් මේ වගේ පවුලක මේ වගේ තාත්තා කෙනෙක් යටතේ හැදුණ නම් අපි තාමත් ආදරයෙන් ඉන්නවානේ කියලා. මට හමුවුනු මේ අලුත් පවුල කොයි තරම් මගේ හිත සන්සුන් කළාද කියනවා නම් කලින් වයිෆ්වත් එයාගෙ තාත්තා ඇතුළු පවුලත් උපේක්ෂාවෙන් බලන්න මට හැකිවුණා, ඒ කිසිවෙක් මේ ලක්ෂණ උපතින් ගෙනා අය නෙමෙයි.

කසාද බැඳලා ආපු දවසේ ඉඳන් එයා මා එක්ක හිටියේ එයාගේ පවුලේ අය එක්ක හිටිය විදිහටමයි. මගේ ඇඟේ දැවෙටෙන්නෙ කරේ එල්ලෙන්නේ එයාගේ තාත්තගේ කරේ එල්ලුන විදිහටමයි. අද මට අවුරුදු විස්සක විතර ළමයින් දෙන්නෙක් ඉන්නවා, ඒගොල්ලො අපි එක්ක ඉන්නෙත් ඒ විදිහටමයි. අපි දැන් බැඳලා අවුරුදු විස්සකටත් වැඩි වෙනවා පිලිගන්න එකම දවසකවත් අපි බැණගෙන නෑ රණ්ඩුවෙලා නෑ, නිකන් මුහුණ එල්ල ගත්ත දවසක්වත් මට මතක් වෙන්නෙ නෑ.

අපි දෙන්නා ගොඩක් වෙනස්. එයා ගොඩක් සමාජශීලී බාහිර ක්‍රියාකාරකම් වලට කැමති කෙනෙක්. මම ඒවාට සම්බන්ධ වෙන්නේ නැතුව පැත්තක ඉඳන් නිහඬව රසවිදින්න කැමති කෙනෙක්. එයා ක්‍රිස්තියානි, මම බෞද්ධ.ආගම සම්බන්ධයෙන් අපි දෙන්නම හැසිරුණේ සාමාන්‍යයෙන් අපි ගෙවල්වල පුරුදු පුහුණු වෙලා තියෙන මට්ටමට විතරයි. වැඩිය ඇඟට ගත්තෙ නෑ. එයත් දෙවියන් ඉන්නවද නැද්ද කියලා හරියටම දන්නේ නෑ මාත් නිවන් යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියල හරියටම දන්නේ නෑ. අපි ඒවා ගැන සීරියස්ව කතා කරල නෑ , හිනාවෙවි කථා කරන්නේ. අපි දෙන්නගෙම තිබුණා හරියටම දන්නැති දේවල් ගැන වාද කරන් නැතිව ඒවා මග අරින ස්වභාවය.

කොහොමහරි අළුත් කසාදය පටන් ගන්නකොට මට එයා ගැන තිබුණේ ආදරයකට වඩා යම් ගෞරවයක් විශ්වාසයක් වගේ එකක්. අපි ආදරය කරන්න නෙමෙයි උත්සාහ කළේ, සමගියෙන් ඉන්න. ඒ නිසා මුල ඉඳන්ම ආදරය කරනකොට ඇතිවන අඩුපාඩු කියලා ජාතියක් මං එයා තුළ හොයන්න ගියේ නෑ. කිසිම නීතියක් රීතියක් දැම්මෙත් නෑ. එයාට එයාගේ පාඩුවේ ඉන්න දුන්නා. අර මූලික පරීක්ෂණවලින් මට එයා ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙලා තිබුණා. හැබැයි අපි දෙන්නම මුලින්ම කතා කර ගත්තා අපි එක පාරටම හමුවුන නිසා ආදරය හෙමීට ඇතිවෙන්න ඉඩ හරිමු අපි කවදාවත් එකිනෙකාගේ හිත් රිදවෙන කිසිම දෙයක් කියන්නැතුව මොනවා නැති වුණත් අපි සමගියෙන් ඉමු කියන එක. ආදරය හොයන්න ගිහින් සමගිය නැති වෙනවට වඩා සමගියම ආදරය කියලා මම හිතන්න උත්සහ කළා. කලින් ආදරය යුද්ධයක් විදිහට දැණුනනම් මේ පාර ආදරය සාමය විදියට දැණුනේ.

මම ඇවිදිල්ලා කිසිම විශේෂ හැකියාවක් නැති අඩුම ගානේ සිංදුවක්වත් හරියට කියන්න බැරි කෙනෙක්, ඒ නිසාද මන්දා මාව කාටවත් ඒ තරම් වැඩක් නැති කෙනෙක් කියලා මට පුංචි හීනමානයකුත් තිබුණා. මගේ කලින්වයිෆ්ට කේන්ති ගියහම මට කාලකණ්නියා කියලා නිතර බැණපු එකත් සමහර විට මේ තත්ත්වය වැඩි කරන්න ඇති. නමුත් මට පුදුම හිතෙන්න ගත්තා ටිකෙන් ටික මගේ දරුවන් මාව වීරයෙක් විදිහට සලකන කොට. මම වගේ එකෙක් කොහොමද වීරයෙක් වුණේ කියලා මම නිතර කල්පනා කරල තියනවා. මගේ දරුවන්ට මාව වීරයෙක් කරලා පෙන්නුවේ එයයි. එකක් එකටම එයාගේ අම්මා එයාගේ තාත්තාව වීරයෙක් කරන්න ඇති. තාත්තා 'වීරයෙක්' වන්නේ අම්මාගේ අතින් බව මම ඉගෙන ගත්තේ එයාගෙන්. මම කොයිතරම් සාධාරණව අහිංසකව ඉන්න හදන මනුස්සයෙක් ද කියන එක මම දැනගත්තෙත් එයාගෙන්. මම ලෝකයේ ලස්සන දේවල් හොඳ දේවල් හොයා ගන්නත් ඒවා කිසිම කුහකත්වයක් නැතිව අගයන්නත් කොයිතරම් දක්ෂද ඒක මොනතරම් විශාල දුර්ලභ ගුණයක් ද කියන එක මම දැනගත්තෙත් එයාගෙන්. මම එයාට දීලා තියෙන නිදහස සහ විශ්වාසය ලෝකේ ලොකුම දේවල් වලින් එකක් කියලා මම දැනගත්තේ එයාගෙන්. ඒවා එයාට ගොඩක් ලොකු දේවල් වුණා. මගේ දරුවන්ට මාව වීරයෙක් කරන්ඩ ඒ ටික විතරක් එයාට ඇති වුණා. මම කාගෙ හරි කුඩා දරුවකුගේ රචනාවක් වගේ දෙයක් අගයනවා එයා දැක්කොත් ඒක එයා ආසාවෙන් බලාගෙන ඉඳලා මගේ මහා ලොකු ගුණයක් විදිහට දරුවෝ එක්ක කියනවා. කොටින්ම මම කවුද කියන එක මම හරියටම දැනගත්තේ එයාගෙන්. මගේ අර හීනමානය නැතිවෙලා ගිහිල්ලා මට මොකද්ද අලුත් ජවයක් ජීවත් වෙන්න ලැබුණා. මට අද එයා විශේෂ එයා මගේ දරුවන්ගේ අම්මා නිසාවත් මගේ බිරිඳ නිසාවත් මට උයලා පිහලා දෙන නිසාවත් නෙමෙයි එයා අපේ පවුලේ මනුෂ්‍ය සම්බන්ධතා නිර්මාණය කරපු නිසයි. ජීවිතය කියන්නේ හරයන් නිර්මාණය කර ඒවා බෙදා ගැනීමයි සතුට කියන්නේ එය අත්පත් කරගැනීමේ ආශ්වාදයයි. ජීවිතය කොයිතරම් අර්ථවත්ද සුන්දරද කියලා මට හිතෙන්න ගත්තා.
ආදරය කියන්නේ ඒකටයි.

ලොවේ සියළු මිහිරි දේ
කැටි කොට මැව්වා වගේ
ඇගේ සුගුණ සාගරේ
මම කිමිදෙමි නිරතුරේ ..

©Dhananjaya

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ගෘහ නිර්මාණ සහ ගෘහ අලංකරණය/ Architecture with Interior Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

You are warmly welcomed

පවුල යහළුවන් ආදරනීයන් කාලය කියන දේවල් වලට මිලක් නියම කරලා නැහැ..

ඒ දේවල් අහිමි උනාම තමයි වටිනාකම හදවතට වැඩිපුරම දැනෙන්නේ..