Lankadawasa

Lankadawasa ඇත්ත ඇති සැටියෙන් රටේ ජනතාවට ගෙන ඒමට ජ

https://youtu.be/a62dSBlFDbM?si=NtHCHMZemtG_FXsr
02/05/2024

https://youtu.be/a62dSBlFDbM?si=NtHCHMZemtG_FXsr

ගුවන්තොටුපලේ උණුසුම් තත්වයක් - කොල්ලෙක් තනියම ගේම ඉල්ලපු හැටි------------------------------------------------------------------------------------------------...

12/02/2024
https://lanakadawasa.blogspot.com/
15/03/2023

https://lanakadawasa.blogspot.com/

පොලිස්පති ලෙස දේශබන්දු පත් කරන ලෙසට බලපෑම් කළ ටිරාන් අලස්ට ජනපතිගෙන් හොඳ ටොක්කක් Get link Facebook Twitter Pinterest Email Other Apps March 14, 2023 පොලි....

මහබැංකුවේ ඉහළම නිලධාරියෙකු අපහා පැවසුවේ රනිල් අගමැති වු නිසා මෙරටට තවම සතයක්වත් තවම ලැබී නැති බවත් ,ඔහු නෙවේ සක්කරයා ආවත...
25/05/2022

මහබැංකුවේ ඉහළම නිලධාරියෙකු අපහා පැවසුවේ රනිල් අගමැති වු නිසා මෙරටට තවම සතයක්වත් තවම ලැබී නැති බවත් ,ඔහු නෙවේ සක්කරයා ආවත් මේ තත්වය වෙනස් කල නොහැකි බවයි.

කබ් රාල් ඇමරිකානු ඩොලර් මිලියන් 500 ක් ගෙව්ව නිසා ඉතාම අත්‍යවශ්‍ය බෙහෙත් ටිකවත් ගන්න අද බැරිවෙලා ඒ විතරක් නෙවේ . මේ ආණ්ඩුවක් කියා පරණ අයටම වෙනස් ඇමතිකම් දිලා ඔවුන්ව සතුටු කොට දුවන පරණ බස් එකමයි, උනේ බොඩ් එකයි ඩ්‍රැයිවරුයි මාරු උන එක විතරයි .

ඉතින් කොහොමද අපිට ණයක් හෝ ආධාරයක් දෙන්නේ . ජී 7 එකෙන් කියන්නේ ස්ථාවර ආණ්ඩුවක් ඡන්දයෙන් පත්කර ගන්න කියලා . අපිට තවත් යන්න බෑ ජුනි 16 වෙනකොට සියල්ල විනාශයි. මිනිස්සු පාරට බහින එක වලක්වන්න අපිට බෑ .

කන්න නැතිවෙනවා ජුලි, අගෝස්තු වෙනකොට රටම එකම විනාශයක් වෙයි . මෙවර අඩුම රජයේ සේවකයනට වැටුපෙන් භාගයක් ගෙවන්න කියලයි අපි සුදානම් යනුවෙන් මෙම නම හෙලිකිරීමට් අකමැති නිලධාරියා අපහා පැවසීය.

ඔහුද සිටින්නේ තම තනතුර දමා විදේශ ගතවීමට බව හෙලිකලේය. අඩුම තරමින් බත් පාර්සලයක්,පාන් ගෙඩියක් රුපියල් 600ක් 700 වත් ඉහලට යවි යැයි ඔහු කතාව නිමකලේය.

දේශබන්දු කොළඹින් ඉවත් කිරීමට නිතිපති කීවත් පොලිස්පති නොකරන්නේ නාමල් හා ගෝඨාගේ දැනුම්දීමටByAdmin MAY 25, 2022පසු ගිය 09 ව...
25/05/2022

දේශබන්දු කොළඹින් ඉවත් කිරීමට නිතිපති කීවත් පොලිස්පති නොකරන්නේ නාමල් හා ගෝඨාගේ දැනුම්දීමට

ByAdmin
MAY 25, 2022

පසු ගිය 09 වනදි නිරායුධ පුද්ගලයන්ට පහර දී මේවනවිටත් එම ගෝල්ෆේස් අරගලයේ නිරතව සිටි 04 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමන් සිටි. ඒ සියල්ලම සිදු වුයේ අරලිය ගහ මැදුරේ සිට පැමිණි පොහොට්ටු ආධාර කරුවන් මයිනා ගමට පහර දි ඉන් අනතුරුව ගෝල්ෆේස් පිටියේ අරගලයට පහර දීම නිසාය.

එසේ පැමිණීම කොයිම වේලාවකදීමවත් පොලිසිය මැදිහත්ව පලනය නොකලේ බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මැර කණ්ඩායමට නායකත්වය දි රැගෙන යාම නිසාය.

ගෝල්ෆේස් අරගලය නිතියානුකූලව ඉවත් කිරීමට බැරි වීම නිසාම මෙම පහරදීම සිදු කොට ඉවත් කිරීමට ගිය බව සැබෑය. එ නිසාම එම පහර දීම සිදු කලේ දේශ බන්දු ගේ ආධාර ,හා ආරක්ෂාව සහිතවය. එ නිසාම මේ පිලිබදව අපරාධ පරිෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණය කලේය . පසුව ඒ පිලිබදව නිතිපති වෙතට වාර්තා කිරීමෙන් පසුව පසු ගිය 23 වන දින පොලිස්පති අමතා වහාම බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියෝග කලාය .

ඒත් අද 26 වන දින තෙක්ම පොලිස්පති එසේ නොකරන්නේ කුමණ හේතුවකට දැයි අද කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්යවරයා විමසිය. ඒ නිතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි අතිරේක සොලිසිට ජෙනරාල් වරිය වන අයේෂා දිනසේන මහත්මිය ගේ කරුණු පැහැදිලි කිරීම නිසාය.

මේ පිලිබදව විමසිමේදි දේශබන්දුව ඉවත් නොකරන ලෙසට පොලිස්පතිට කියා ඇත්තේ නාමල් රාජපක්ෂය . එසේම රටට රාජපක්ෂලා ජම්ම තරහක් පෙන්නන්නේ උන්ගේ පැවැත්මට පමණි. එත් සිදුවන්නේ ඒ සියල්ලම ජනාධිපති ගෝඨාභයගේ අනුහසිනි. ඒ නිසාම පොලිස්පති දේශබන්දු ඉවත් නොකර ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තිලකරත්නව ඉවත් කලේය.

එසේම වර්තමාන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක කාවින්ද විජේසේකරවත් ඉවත්කොට වෙනත් නිලධාරියෙක් ගෙනවීමට දේශබන්දු ඇමති ටිරාන්ට හා ආණ්ඩුව මෙහෙයවන නිස්සංක සේනාධිපතිට දැනුම් දී ඇති බව වාර්තාවී තිබේ.

රට පාලනය වන්නේ එවනි මාෆියාවක් තුලිනි. ඔවුන් නිතිය හෝ අධිකරණය පයිසෙකටවත් මායිම් නොකරනු ඇත

රට ගිණි ගනිද්දී තක්කඩි රාජපක්ෂලා ආතල් ගනී, අපි බෙදී වහසි බස් දොඩවමුඅප දැන් මුහුණ පා සිටින්නේ බබිත් සුන් බබීගේ අම්මාත් සු...
31/03/2022

රට ගිණි ගනිද්දී තක්කඩි රාජපක්ෂලා ආතල් ගනී, අපි බෙදී වහසි බස් දොඩවමු

අප දැන් මුහුණ පා සිටින්නේ බබිත් සුන් බබීගේ අම්මාත් සුන් යැයි පැවසෙන ආර්ථික අර්බුදයකය.රාජපක්ෂ සනුහරේ පෝරිසාදයන්ට නම් මෙම ආර්ථික අර්බුදය පිළිබඳව තවමත් දැනීමක් අවබෝධයක් නැති බව පැහැදිලිය.තිබුනා වුව ඒ පිළිබඳව ඔවුන්ට විසඳුම් නැතුවා සේම එය කළමනාකරණය කොට ජනතාව මේ පීඩාවන් ගෙන් මින් මුදවා ගන්නට කිසිදු අදහසක් නැත.රාජපක්ෂ පෝරිසාදයන් තවමත් බලන්නේ කොමිස් මුදලක් හෝ අත යට ගනුදෙනුවක් පික් පොකට් ගහන්නේ කෙසේද යන්න පිළිබඳවය.
අද ජනතාව විඳවන්නේ ඔවුන් විසින්ම වැපිරූ වගාවේ අස්වැන්නය.ඒ ගැන කිසි තර්කයක් නැත.ගොබ්බයෙකු වීරයා ලෙස ඇඳ ජනපති පුටුවට ගොඩ නැග ගත්තේ ජනතාවගේ කතිරයෙනි.

මේ ගොබ්බයා සමාජය තුල මුද්‍රාවක් බවට පත් ව තිබුණේ යුද්ධය මෙහෙයවූ වීරයා විදියටය.එහෙත් මෙරට යුද්ධය ජනරල් ෆොන්සේකාගේ තනි අතේ ගේම් එකක් විය.මාවිල්ආරු මුදා ගැනීමෙන් පසුව රාජපක්ෂ පෝරිසාදයන් ගේ අදහස හා අරමුණ වී තිබුණේ එල්ටීටීය හා සාකච්ඡාවට යාමටය.ඒ වන විටත් රාජපක්ෂ සනුහරය එල්ටීටී නායකයන් අතර සුහද සම්බන්ධතාවක් පැවතුනි. තක්කඩි මහින්ද රාජපක්ෂ රටේ ජනපති වරයා වූයේ එල්ටීටීයට කප්පම් ගෙවීමෙනි.මාවිල්අරුව එල්ටීටිය අත් පත් කර ගැනීමද රාජපක්ෂ තක්කඩියන් ගේ දැනුවත් කම සිදු වූ බවක් බවද අපට සැකයක් පවතී.ඒ පිළිබඳව හොඳම සාක්ෂිය වන්නේ මාවිල් ආරුව මුදා ගැනීමෙන් පසුව හමුදාපති ජනරාල් ෆොන්සේකා මුලතිව් හා එලිෆන්ට් පාස් වලට සිදු කළ ප්‍රහාරයන් ගැන තක්කඩි මහින්ද රාජපක්ෂ කෝපයට පත්වීමය.
එහිදී හමුදාපතිගේ පිළිතුරු වූයේ තමන් විසින් කවුරු නියෝග කලද යුද්ධය නතර නොකරන බවය.ඊට පෙරද ජවිපෙ හා කළ සාකච්ඡාවකදීද තක්කඩි මහින්ද රාජපක්ෂ ජවිපෙ නායකයන් ගේ ඇඟට කඩා පැන ති⁣බුණේ යුද්ද කරන්නේ ලබ්බෙන්ද යන්න යත විමසාය.එහිදී එවකට ජවිපෙ නායකයාගේ පිළිතුර වී තිබුණේ තිබෙන ලබ්බෙන් යුද්දෙ කරනවා යන්නය.යුද්ධය අවසන් වීමෙන් පසුව තක්කඩි රාජපක්ෂ සනුහරය එල්ටිටී නායකයන් සමග සිදු කළ ගනුදෙනු ගැන අවදානය යොමු කරන්නෙකුට මොවුන් හා එල්ටිටී නායකයන් අතර මනා සම්බන්ධතාවක් පැවැති බව තහවුරු කර ගත හැකිය.
අද වන විට පෝරිසාද රාජපක්ෂ සනුහරයේ විදේශගත දේපොල බලා කියා ගන්නේද මෙරට සිදුවන බොහෝ ජවාරම් පිටුපස සිටින්නේද එල්ටීටියේ හිටපු නායකයන්ය.
කෙසේ වෙතත් එතැන් සිට යුද්දයේ ප්‍රහාරයන් සියල්ල සැළසුම් කරන ලද්දේ හමුදාපති වරයාය.තක්කඩි මහින්ද රාජපක්ෂ ජනපති වරයා යුද්ධය ඇවිලීමට සාපේක්ෂව කටයුතු කරන ලද්දේ බල්ලෙකු නෑවීමට ගෙන යන ආකාරයෙනි.යුද්ධය පැවති කා⁣ලයේදී ආරක්ෂක ලේකම් වරයා වූ මිල්ටෙරි නන්දසේන යුක්රේන මිග් යානා ගනුදෙනු ⁣වක් සිදු කොට බිලියන ගනනාවක් වංචා කරන ලදී.මාධ්‍යවේදී ලසන්ත මෙම අබිරහස් වංචාකාරී ගනුදෙණුව අනාවරණය කරන ලදී.මෙහිදී මාධ්‍යවේදී ලසන්ත අනාවරණය කළ අකාරයට මෙම මිග් මිලයට ගෙන ඇත්තේ යුක්රේනයේ ලියාපදිංචි බස් සමාගමකිනි.එම ගනුදෙනුවෙන් පසුව එවැනි සමාගමක් යුක්රේනයේ නැති බවද හෙළි වී තිබුණි. වීරයෙකු ලෙස හැට නව ලක්ෂයක් උඩ දැම්මේ මේ ආකාරයේ නීල කාස හොරෙකි.
යුද්ධය පැවැති සමයේ සිදුවූ තවත් අපූරු සිදුවීමක් අපගේ මතකයට ඒ.එම සිදුවීම නම් එවකට කොළඹ කොල්ලුපිටියේ පිත්තල හන්දියේදි ආරක්ෂක ලේකම් ඉලක්ක කර ගනිමින්
පිපුරවූ බෝම්බයයි.මේ බෝම්බ ප්‍රහාරයෙන් ආරක්ෂක ලේකම් වරයාට මයිලක හානියක් සිදු වූයේ නැත.එහිදී තුවාල සිදුවූ කමාන්ඩෝ භටයෙකුගේ රුධිරය ආරක්ෂක ලේකම් වරයා ඇඳ සිටි කමීසයේ අතක ගෑවිනි.ඔහු එය මාධ්‍යවේදීන්ට පෙන්වමින් කළ රඟපෑම වීරයකු සමාජ මනස තුළ නිර්මානය කරන්නට හේතුවක් විය.සැබැවින්ම මෙම බෝම්බ ප්‍රහාරය සැලසුම් සහගතව කළ දෙයක්ද යන්න අපගේ සැකයට හේතු වී තිබේ.එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක ලේකම්වරයා සිදු කළ එම ව්‍යාජ රංගනය නිසාය.එය ඒ වන විටත් යුද බිමේ වීරයා ලෙස සමාජගත මුද්‍රාවක් වෙමින් හමුදාපති ලබා ගනිමින් තිබූ ප්‍රසිද්ධිය අන් අතකට හරහා තමන් කෙරෙහි නැඹුරු කරවා ගැනීමට ආරක්ෂක ලේකම් වරයා විසින්ම සිදු කළ මෙහෙයුමක් බවද සිතා ගත හැකිය.මිල්ටෙරි නන්දසේන යනු ගූ බය ගුල්ලෙකි.ඔහුට එරෙහි වන ප්‍රතිවාදියා කෙරෙහි දැඩි කෝපයට පත් වන චරිත ස්වභාව ඇත්තෙකි.පිත්තල හන්දියේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිය කමීසයේ රැඳුන ⁣කමාන්ඩෝ භටයෙකු ගේ රුධිරය පෙන්වා හිනාවෙන ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන සැබෑ ජීවිතයේ එවැනි සිදුවීමක් එතරම් සැහැල්ලුවෙන් සිතන ජාතියේ අයෙකු නම් නොවේ.එම බෝම්බ ප්‍රහාරය මනාව සැළසුම් කළ එකක් බව අප කියන්නේ ඉහත කාරණා පදනම් කර ගනිමිනි.
මිල්ටෙරි නන්දසේන යනු අමු තිරිසන් මෙලෙච්ඡයෙකි.ඔහුගේ හමුදා ජීවිතය ආරම්භ වන්නේද හමුදා සෙබලකු මරා දැමීමෙනි. සිංහ රෙජිමෙන්තුවේ ලුතිනන් වරයකු ලෙස සේවය කළ මිල්ටෙරි නන්දසේන මින්නේරියේ පැවැති වනගත පුහුණු මෙහෙයුමකදී අසනීප වූ කෝප්‍රල් වරයෙකුට ජලය පානය කිරීමට නොදී පහර දී තිබේ.එ⁣හිදී එම කෝප්‍රල් වරයා මිය ගොස් ඇත.මිල්ටෙරි නන්දසේන හා තවත් ලුතිනන් වරයකු වූ ලක්ෂ්මන් වීරක්කොඩි මෙම සිද්ධියට චෝදනා ලැබූවන් වූ අතර එම සිදුවීමෙන් පසුව කොළඹ ඇචිලන් චතුරශ්‍රයේ පිහිටි සිංහ රෙජිමෙන්තුවෙි මූලස්ථාන කඳවුර ගිණි ඇවිලිනි.⁣සාමාන්‍ය සෙබළුන් නිළධාරී නිවස්නයට කඩා පැන නිළධාරීන්ට පහර දීමට වෑයම් කරන ලදී.එහි සිටි මිල්ටෙරි නන්දසේන හා ලක්ෂමන් වීරක්කොඩි යන දෙදෙනා කඳවුරෙ පිටුපස කම්බි වැටෙන් පලා ගියේ සෙබළුන්ට හසුවෙතැයි බියෙනි.පසුව ලක්ෂ්මන් වීරක්කොඩි හමුදාවෙන් ඉවත් කළ අතර මිල්ටෙරි නන්දසේන තම දේශපාලන සබදතා භාවිතා කොට සිංහ රෙජිමෙන්තුවෙන් ඉවත්ව රජර⁣ට රයිෆල් නම් රෙජිමෙන්තුවට අනුයක්ත වෙන ලදී.⁣රජරට රයිෆල් රෙජිමෙන්තුව 1983 වර්ෂයේදී විනය හේතූන් මත විසුරවා හරින ලද අතර එහි සිටි සෙබළුන් යොදවා ගජබා රෙජිමෙන්තුව ස්ථාපිත කරන ලදී.
කයි⁣ට්ස් ප්‍රදේශයේ සිදු වූ මෙහෙයුමකදී මිල්ටෙරි නන්දසේන ඇතුළු සෙබල කණ්ඩායමක් එල්ටීටිය විසින් වට කෙරිණි.මේ කණ්ඩායම බේරාගත්තේ ජනරල් ෆොන්සේකා විසිනි.ඒ වන විටත් දැඩි බියට පත්ව සිටි මිල්ටෙරි නන්දසේන කලිසම පුරා හුජ්ජ ගොස් තිබූ බව හමුදා ප්‍රවාද වල සදහන්ය.ඒ ප්‍රවාදය සත්‍යයද යන්න අප නොදන්නා මුත් මිල්ටෙරි නන්දසේන ඇමරිකාවට පැන ගියේ ඒ සිදුවීමෙන් පසුවය.ඒ දිනවල ආරක්ෂ ඇමති රන්ජන් විජේරත්න විසින් හමුදාවේ නිළධාරීන් හා සෙබළුන්ට සේවයෙන් ඉවත් වීම වලක්වා නියෝගයක් පනවා තිබුණි.
හමුදාවේ සේවය කරන්නෙකුට ⁣ඉන් ඉවත්වීමට තිබූ පහසුම මාර්ගය වූයේ මානසික ආබාධයකින් පෙළෙන බවට වෛද්‍ය නිර්දේශයක් ලබා ගැනීමයි.
දේශපාලන සබඳතා උපයෝගී කර ගනිමින් මිල්ටෙරි නන්දසේන තමන්ට මානසික ආබාධයක් ඇතැයි ලියකියවිලි ඉදිරිපත් කොට හමුදාවෙන් ඉවත් වීමට මග පාදා ගන්නා ලදී.ඔහු ඇමරිකාවට ගියේ ඉන් පසුවය.ඉන් අනතුරුව මොහු මවුබිම පිළිබදව තඹ දොයිතුවක අවධානයක් ගත්තේද නැත.අඩුම වශයෙන් සිය සහෝදර තක්කඩි මහින්ද රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් වෙන විට පවා මොහු ලංකාවට ආවේ නැත.
මේ කතා දේශපාලන පුයර බබ්බුන්ට නම් සුරංගනා කතා විය හැකිය.එහෙත් සත්‍යය ලේ සාගරයක ගිල්වා හෝ යටපත් කරන්නට නොහැකිය.මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් වරයා කාලයේදී කොළඹ පදිකයේ සිඟමන් යදිමින් සිටි අසරණයන් නව දෙනෙකු රාත්‍රී කාලයේදී නිදා සිටින විට හිසට කලු ගල් තඩි අත හැර මරා දැමීමට ⁣කටයුතු කර තිබේ.මෙවැනි මෙලේච්ඡ වැඩ කිරීම සඳහා මිල්ටෙරි නන්දසේන දෙන උපදෙස් ක්‍රියාත්මක කරන ලද්දේ ජනරල් කපිල හෙන්දවිතාරණ අණ දුන් සෙබළ කණ්ඩායමකි.ලසන්ත හා එක්නැලිගොඩ ආදී මාධ්‍යවේදීන් මරා දමන්නේද මෙම සාහසික කණ්ඩායමයි පෝද්දල ජයන්තට දස වද දෙන්නේ මොවුන්ය.

ජෙනරල් හෙන්දවිතාරන යනු හමුදාවේ පාබල රෙජිමෙන්තුවක සේවය කළ නිළධාරියෙක් නොවේ.ඔහු හමුදා සේවා බලකායේ සේවය කළ හමුදා සැපයුම් ලිපි ගොනු වලට අත්සන් තබමින් සිටි නිළධාරියෙකි.මොහු යටතේ දුර දිග මෙහෙයුම් කණ්ඩයක් ක්‍රියාත්මක කරන ලද බව හා එය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යය වරයා විසින් අනාවරණය කරන ලදැයි ඒ දිනවල සමාජය තුල මහා ආන්දෝලනයක් පැතිරිණි.

සැබැවින්ම ඒ දිනවල දුර දිග මෙහෙයුම් හමුදාවේ සේවා බලකායේ නිළධාරියකු හරහා සිදු නොවුන අතර මෙම ආයුද තොගය යම් තක්කඩි දේශපාලන ක්‍රියාදාමයක් සඳහා උපයෝගී කරගත් මෙවලම් විය. හමුදාවේ සේවා බලකායේ නිළධාරියෙකු යොදවා දුර දිග මෙහෙයුම් කිරීමට තරමේ ඔළුව අමාරුවක් තිබුණ හමුදාපතිවරයෙක් මෙරට නොසිටි බව නම් අපි දනිමු.
කෙසේවෙතත් ජනරාල් හෙන්දවිතාරණ⁣ ගේ හමුදා ජීවිතය තුළ ඇත්තේ එවැනි තක්කඩි කම් වලට ගෑවුන සිදුවීම්ය.පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ ශැන්ග්‍රිල්ලා හෝටලයේ ප්‍රධාන විධායක නිළධාරියා වන්නේ මෙම ජනරාල් වරයාය.ශැන්ග්‍රිල්ලා හෝටලය පිහිටා ඇත්තේ හමුදා මූලස්ථානය පිහිටා තිබුණ ස්ථානයේය.මෙහි හිමි කරු මවුජිඩ් නම් මුසල්මානු ව්‍යාපාරිකයකු පෙනී සිටියද එහි සැබෑ හිමි කරුවන් වන්නේ තක්කඩි රාජපක්ෂ සනුහරේ බව හොදටම තහවුරු කර ගත හැකි සාක්ෂිය වන්නේ රාජපක්ෂ ඔඩොක්කු කුක්කකු වූ මේ ජනරාල්වරයාය.
එය ගලපා ගත යුත්තේ ජනපති මිල්ටෙරි නන්දසේන මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන වලට ජනරාල් වරු තොගයක් පත් කිරීම හා සම්බන්ධ කර ගනිමිනි.
තක්කඩි රාජපක්ෂ සනුහරේ බිස්නස් සිද්ධ වන්නේ මුළු රටේම ඇස් වලට වසන් වෙමිනි.ශැන්ග්‍රිල්ලා හෝටලයේ හිමිකරු ලෙස පෙනී සිටින මවුජුඩ් විසින් සිදු කළ සීනි වංචාව බැඳුම්කර වංචාව මෙන් තුන් ගුණයකි.එහෙත් එම වංචාව සම්බන්ධයෙන් මිල්ටෙරි නන්දසේන ඉන්නේ ඇහැක් ඇර බලන්නේ නැති ගානටය.ඉන් අපට හැඟී යන්නේ මවුජුඩ් සිදු කරන ව්‍යාපාර වල සැබෑ මුදලාලි මිල්ටෙරි නන්දසේන බවය.මිල්ටෙරි නන්දසේන බලයට පත් වීමට පෙර මුසල්මානුවන් අතර සිංහල බෞද්ධයන් අතර බරපතල බෙදීමක් නිර්මාණය කරන ලදී.මේ බෙදීම ඇති වූයේ සාමාන්‍ය ජනතාව අතර වුවද රාජපක්ෂ සනුහරේ අඹ යහළුවන් වූයේ මුසල්මානුවන් බව කවුරුත් නොදැන සිටි කාරණයකි.මිල්ටෙරි නන්දසේනට එරෙහිව පවරා තිබූ නඩු තිස් පහකට නොමිලයේම පෙනීසි⁣ටියේ අලි සබ්රි නීතිඥ වරයා වේ.⁣රටට මුසල්මානුවන් තිත්ත කරවිල කොට මේ තක්කඩියන් ගජ මිතුරන් කරගත්තේ මුසල්මානු ව්‍යාපාරිකයන්ය.ජාත්‍යන්තර එල්ටීටී ව්‍යාපාරිකයන්ය.මේ සියලු ගනුදෙනු අස්සේ ඇත්තේ රාජපක්ෂ සනුහරය මේ රටේ පොදු දේපොල වංචා කොට ලබාගත් මුදල්ය.
ඩුබායි මැරියට් හෝටලය මිලදී ගත් නන්දන ලොකුවිතාන ද රාජපක්ෂ වරුන් නිර්මාණය කළ එවැනි ඩමියකි.මේ පුද්ගලයා රාජපක්ෂවරුන්ට හදුන්වා දෙන්නේ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුනවර්දනය. ඩුබායි මැරියට් හෝටලය මිලදී ගන්නට නන්දන ලොකු විතානට මුදල් ලැබෙන්නේ ඩේසි ආච්චිගේ මැණික් මල්ල වාගේමය.මේ සුරංගනා කතන්දර විශ්වාස කරන්නන් මෙරට තවමත් සිටී.

යුද්දය සදහා කසි කබල් මිග් යානා ගෙන්වමින් මේ රටෙි තරුණ ජීවිත අවදානමට ලක් කරන ලද පාහරයකු මහා දේශප්‍රේමියකු ලෙස ඔසවා තැබීමේ පාපය අද සමාජය භුක්ති විඳී.
රාජපක්ෂ සනුහරය සිය තක්කඩි කම් ආවරණය කරගන්නේ බෞද්ධ චීවරයෙනි.මේ තක්කඩියන්ගේ සැලසුම් තුල කහකඩයන් රොත්තක් මිලයට ගෙන තිබේ .ඒ අතරේ අස්ගිරි හා මල්වතු ගොබ්බ වහන්සේලා දෙදෙනාද සිටී.
මෙරට කහකඩයන් යනු බදු රහිත වාහන බලපත්‍රයකට වහලෙක් කර ගත හැකි වුන්ය.වත්මන රාජපක්ෂ තක්කඩියන් වෙනුවෙන් පෙනී සිටින්නේ එලෙස දීන වහල් භාවයට පත් වූ කහකඩයන් කිහිප දෙනාය.
අද මෙරට සමාජය දුක්විඳින්නේ මේ තක්කඩි රාජපක්ෂ වරුන් නිසා බව අමුතුවෙන් සදහන් කළ යුතු කාරණයක් නොවේ.මේ පාදඩයන්ට මනුෂ්‍ය ජීවිත වල වටිනා කමක් නැත.කෝවිඩ් සම⁣ය ආරම්භයේදී එය වලක්වා ගැනීමට මිල්ටෙරි නන්දසේනලා සිදු කළ කට්ටඬි ගුරුකම් වැඩ ගැන සමාජයට දැන් අමතකය.අවලස්සන ඇමරිකානුවා කිව්වේ කෝවිඩ් රෝගයෙන් මිය යාම සම්බන්ධයෙන් තම රජය පරීක්ෂණ පවත්වමින් සිටින බවය.මේ පාහරයා ජනතාව පර්යේෂණාගාර මීයන් ලෙස සැලකූ බව පැහැදිලිය.රට මෙතරම් අර්බුදයක පැවතියදී බබා නාමල් යතුරු පැදි සංචාර සංවිධාන කරයි.පැරචුට් ජම්ප් දමයි.ජල ක්‍රීඩා කරයි.මේ බබාට රටේ ජනතාව විඳින දුක ගැන වගේ වගක් නැත.
රාජපක්ෂ තක්කඩියන් අධෝවාතයක් ඇරියද අනේ හරි සුවඳයි කියන ජනතාවක් තවමත් සිටී.මේ ගොන් හැත්ත සිටින තුරු උඹටත් මටත් උන්ටත් අපි හැම දෙනාටමත් දුක් විඳීම අනිවාර්ය කාරණයක් වනු ඇත. තැනින් තැන ආණ්ඩුවට එරෙහිව වොයිස් කට් දුන්නාට තක්කඩි රාජපක්ෂලාගේ ජොලිය කෙළවර නොවේ.උන් බලයේ සිටීමට හැම ගේමක්ම ගසනු ඇත.ඒ සඳහා ඉන්දියාවට හා චීනයට මෙරට දේපොළ විකුනනු ඇත.මේ රාජපක්ෂ වියරුව නැවැත්වීමට බෙහෙත් ඇත්තේද ජනතාව අසලය.
අරයා එක්ක අපි පාරට බහිමු.අප පාරට එන්න මෙයා එක්ක යන කයිවාරු දැන් අදාල නැත.මේ පාහර තක්කඩියන් එළවා දැමීමට නම් කොන්දේසි විරහිතව සියළු දෙනා අත් වැල් බැඳ ගත යුතු යැයි අපේ අදහසයි.

03 වනදා 3 ට ඔබත් පාරට බහින්න යැයි සම්ස්ථ ජාතියෙන්ම අපි ඉල්ලා සිටිමු.

ගෝඨාට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන්නේ සිස්ත්‍රෝරෝපේනියා( schizophrenia mental disorder )මානසික රෝග නිසාහොරකම විනෝදාංශයක් ප...
19/03/2022

ගෝඨාට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන්නේ සිස්ත්‍රෝරෝපේනියා( schizophrenia mental disorder )මානසික රෝග නිසා

හොරකම විනෝදාංශයක් පමණක් නොව කලාවක් කරගෙන ඇති රාජපක්ෂ සනුහරේ ගොටාබයිය්යා යුද හමුදාවෙන් medical හේතු පිට ඇමෙරිකාවට ගොස් ඇත්තේ ඔහුට schizophrenia mental disorder නමැති භායනක මානසික රෝගය නිසාය. Schizophrenia is a chronic, severe, debilitating mental illness characterized by psychotic symptoms, meaning that one is out of touch with reality. මෙම රෝගය පිළිබඳව රාජපක්ෂ පවුලේ අය සහ සනුහරේ හිතවත්ම අය දැන සිටි කරුණක් වුවත් ඉතා රහසක් ලෙස තබාගෙන ඇත.
යහපාලන සමයේ තිබුන නඩු අනුව මොවුන් සියලු දෙන හිරගෙදර එකම වාට්ටුවක මිය ඇදෙන්න වෙයි කියා සිතපු නිසා ඒ සමයේ විජේරාම මහින්දගේ විපක්ෂ නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් තිබුණි. එය මාධ්‍යට තහනම් රහසිගත සාකච්චාවක් විය. රාජපස්ක්ෂ සනුහරේ අය පමණක් මේ පිළිබඳව දැනගෙන සිට ඇත. ඊට පසු දින මේ පිළිබඳව මෝඩ යකා කිසියම් විස්තරයක් අත්වැරැද්දකින් මාධ්‍ය වෙත දන්වා තිබුන නිසා එදින මහින්ද මුත්තා ඉතා කෝපයෙන් සිට ඔහුව මෝඩ යකා ලෙස අභිශේක කරන ලදී.
කෙසේ වෙතත් මහින්ද මුත්තාගේ වනචර දශකයේදී මොහු ආරක්ෂක ලේකම් පදවිය පමණක් දී තිබුනේ මේ නිසාය. මොහුට එම අවස්ථාවේ රාජ්‍ය ආරක්ෂක ඇමතිකම හෝ අගමැතිකම හෝ නුදුන්නේ මේ නිසාය. එලෙස වුනානම් මහින්ද මුත්තාට ජනේලේ එල්ලෙන්න වෙන්නේ මීට ගොඩක් කලකට පෙරය.
මොහු යුද හමුදාවේ සේවය කරන 88-89 කාලයේදී මාතලේ රෝහල අසල කඳවුරක සේවය කර ඇත. එහිදී සිංහල තරුණයන් දහස් ගණන් අමු අමුවේ මරා දැමුවේ මොහු විසින්ය.( පසුව මාතලේ රෝහලේ හදිසි කැණීම් කටයුත්තකදී එම මිනී වල හමු වුවත් එම ඇටකටු පිළිබඳව නිසි විමර්ශනයක් යහපාලන රජය විසින් නොකළේය .) සුරිය කන්දේදීද යුද හමුදාව මගින් වෙනත් නිලධාරින් විසින් මෙවැනිම ඝාතන සිදුවී එම ඝාතන 1994දී හෙළිවී තිබුණි.
කෙසේ නමුත් මාතලේ කේස් එකද කවදා හරි හෙළිවේ යැයි බියෙන් සිටි ගොටාබයිය්යා නිතර නිතර සිහිනෙන් කැ ගසමින් මානසික අසහනයෙන් පෙලි ඇත. පසුව මෙම ඝාතන වලට ” මම අසුවේ යයි ” බිය නිසා ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට පැනගොස් ඇත. එහි ගොස් ඇත්තේද හොර පාස්පෝර්ට් එකෙකින් වෙන නමකින්ය.
දැනට ලංකාවේ පාස්පෝර්ට් කන්තෝරුව කියන්නේද හොර ගුහාවකි. රුපියල් ලක්ෂ දෙකක් දුන් විටදී ඕනෑම නමකින් උපන් දිනයකින් ඕනෑම මිනිමරුවෙකුට හොරෙකුට පමණක් නොව ඉන්දියාවේ අපරාධකාරයෙකුට වුවද ගුවන් බලපත්‍රයක් ලංකාවේ පොඩි මුදලකට ගත හැකිය. එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන යුද හමුදාවේ සියලුම භුමි සිතියම් ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවයට ලබාදී ඔහු එහි ග්‍රීන් කාර්ඩ් එක ලබාගෙන පුරවැසියෙක් වී ඇත. මේවා බොරු නම් ඔහු ඇමෙරිකාවට ගිය විසා සටහන සහිත පළමු ගුවන් බලපත්‍රය පෙන්වන්න කියා අභියෝග කරන්නෙමි.
ලොව කිසිම රටක ජනාධිපති කෙනෙක් ජාතිය අමතා සැමන් පරිප්පු අඩුකර නොමැත. කොවිඩ් නිසා රටවල් ගණනාවක් වසා තැබීම හේතුකොටගෙන විශාල වශයෙන් ඩොලර් ඉතිරිවී ඔවුන් පෝසත් වුවත් ලංකාව ඉතා දුප්පත් වී ඇත්තේ රාජපක්ෂ හොරු රට උලා කා ඇති නිසාය. මෙලෝ හසරක් නොදත් 8 වත් පාස්වුන නැති මුදල් ඇමතියෙක් සහ කබ්බෝනට් එකක් සමග රටේ මුදල් පමණක් නොව ඉඩම්ද කොල්ලකා ජනතාවගේ ලේ උරා බොන යක්ෂයන් පිරිසක් වී ඇත.
පිළිකා රෝහලට ලක්ෂ 12 තෑගි දී ලක්ෂ 280ක තෙල් පුච්චන නාමල් බේබිගේ රථ පෙළපාලි යොදා රටවැසියන් ගොනාට අන්දා ඇත. ගොවියාට පොහොර විතරක් නෙමෙයි තව දිනයක් යනවිට අමුඩයද ගැලවී යනු ඇත.
දැනටමත් චයිනීස් අමුද ලේන්සු ගෙන්වීම තහනම් කර ඇත. වාහන ගෙන්වීම තහනම් කර ඇත්තේ ඩොලර් නොමැති කමනම් ඩොලර් වලින් බදු මුදල් ගෙවා වාහන ගෙන්වන්නට විදේශයන්හි පදිංචි ලාංකිකයන්ට අවසර නොදෙන්නේ රාජපක්ෂ සනුහරේ කළු ඩොලර් සුදු කරගැනීමට අවශ්‍ය නිසා බව දැන් සියලු දෙනාම දන්නා කාරණයකි .
මහින්ද මුත්තාද දරුණු පිළිකාවක් නිසා වෘෂණ කෝෂ වසර ගණනාවකට උඩදී ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී ගලවා ඇත. ඔහු දැන් ඇවිදින මල මිනියකි. ගොටාබයිය්යා ඉන්න ඕනේ අංගොඩ මානසික රෝහලේ 33 වෙනි වාට්ටුව්වේය. එවැනි පිස්සෙක්රටේ පලවෙනි පුරවැසියාය.
දැන් මහින්ද මුත්තාව ජනාධිපති කර බැරිසිලාව අගමැති කර පසුව ජනාධිපති කරවා නාමල් නාම්බාව අගමැති කර ලංකාව ඇමෙරිකාවේ කොලනියක් කිරීමට සැලසුමක් ඇත. විමල් වීරවංශ සහ ගම්මන්පිල නමැති රජවාසලේ අසුචි බුදින සුනකයන්ද මේ ගෙනයන්නේ රඟපෑමකි.

බැසිල් ගේ ඉන්දියා ගමනින් පසුව ශ්‍රි ලංකාවම උඩු යටිකුරුවෙයි.13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලි...
17/03/2022

බැසිල් ගේ ඉන්දියා ගමනින් පසුව ශ්‍රි ලංකාවම උඩු යටිකුරුවෙයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල දීම පිලිබදව සකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂව ඉන්දියාව විසින් කැදවා තිබුබව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුණි.
ඒ අනුව පිටව ගොස් සිටින බැසිල් ඇතුළු දුතපිරිස අද ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීය. ඉන්දියානු අගමැති හමුවේදි රාජපක්ෂලා විසින් ඉන්දියාවට පොරොන්දු වු ආකාරයටම දැන් ඉන්දියානු මෝදි ආණ්ඩුව වැඩ ගනිමින් ඇත. බැසිල් රාජපක්ෂ විසින් අද පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවේදි 13වන ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව උතුරු නැගෙනහිරට මේ තාක් අහිමිව තිබු ඉඩම් බලතල මෙන්ම පොලිස් බලතලද ලබා දීමට නියමිත සියළු තීරණාතමක් සාකච්ඡාවලට අනුමතිය ලබාදිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

එසේම ඉතාම නුදුරේදීම දෙමළ ඩයස්පෝරාව ජනාධිපති ගේ ආරාධනයට අනුව මෙරටට පැමිණීමට නියමිතය. බැසිල් රාජපක්ෂ මෙම ඉන්දියානු සංචාරයට පෙර විමල් වීරවංශ හා ගම්මන්පිල්ල ඇමති තනතුරෙන් ඉවත් කල බව සත්‍ය කරුණකි. ඒත් එම දහතුන්වැනි සංශෝධනය සඳහා ම ඔවුන් ඉවත් කළ බව තාමත් ගම්මන්පිල සහ වීරවංශ සඟවමින් සිටී. එසේ කරන්නේ රාජපක්ෂලාට ඇති බැදියාව නිසාබව තතු දත්තෝ පවසයි.

බැසිල්ගේ මෙම සියලූ සාකච්ඡාවලින් පසුව ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා ඉන්දියානු රජය විසින් ණය වශයෙන් ලබාදීමට නියමිතය.

අද දින ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමතීමෙන්පසුව ඔහු විසින් යම්කිසි ඉඟියක් කරමින් ඔහු රටට දැනුම්දී සිටියේ ඉදිරියේදී ඉතාමත්ම තීරණාත්මක තීන්දු තීරණ ගන්නා බවයි. ඒ අනුව බැසිල් රාජපක්ෂ ඉදිරි දිනයකදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතව සිටි.
බැසිල් රාජපක්ෂ සමග මෙම ඉන්දියානු සංචාරයේ නිරත වන්නේ ඉන්දියානු ශ්‍රි ලංකා තානාපති මිලින්ද මොරගොඩ ගේ සහභාගිත්වයෙන්ය. මිලින්ද මොරගොඩ ගෝඨාභය ජනාධිපති වු වහාම තානාපති සේවාවට පතකල පුද්ගලයෙකි.

https://www.lankadawasa.com/gohomegotha/?lang=si
14/03/2022

https://www.lankadawasa.com/gohomegotha/?lang=si

දිනෙන් දින උග්‍ර වන ගෝඨා විරෝධය හමුවේ තම ස්වාමියා ජනප්‍රිය කරවීමේ කැම්පේන් එකක් ජනාධිපති මාධ්‍ය අංශයේ ශුදේව හා

රංගනය විමල් සහ ගම්මන්පිලගෙන් ස්ක්‍රිප්ට් එක ලියා දෙන්නේ “මහින්ද ” මුත්තා.විමල් වීරවංශ සහ ගම්මන්පිල කරන්නේ රාජපක්ෂ සනුහරේ...
14/03/2022

රංගනය විමල් සහ ගම්මන්පිලගෙන් ස්ක්‍රිප්ට් එක ලියා දෙන්නේ “මහින්ද ” මුත්තා.

විමල් වීරවංශ සහ ගම්මන්පිල කරන්නේ රාජපක්ෂ සනුහරේ කොන්ත්‍රාත් එකක් බව දැන් මනාවට පැහැදිලිය. ඔහුට අයත් කාරිය වනුයේ බොරු රාජ්‍යය විරෝධී භාවයක් පෙන්වා තව වසර දෙකකින් හෝ ළඟදීම ආණ්ඩුව කඩා වැටුන විට ඇවිදින මළමිනියක් වී ඇති වේදනා නාශක ගෙන ස්ටේජ් නගින මහින්ද මුත්තාව ලබන ජනාධිපතිවරණට ඉදිරිපත්කිරීමේ කාර්ය භාරයයි.

විමලේ සහ ගම්මන්පිල ගේ සනුහරේ කොන්ත්‍රාත්
මේ සියල්ල ගරු රඟපෑම්ය. යුද්දේ ඉවර කරපු එකා කියල කෑ ගහපු එකා දැන් රටත් ඉවර කරලා නිසා තව දුරටත් මුන්ගේ නඩු සහ හිරේ යාම් වලක්වාගනීමටනම් මැරෙන තුරු සහ මරණෙන් පසුත් රාජපක්ෂලාම රට පාලනය කලයුතුය. රාජපක්ෂලාට ගහන එවුන් හිරගෙවල්වල දමා පන්න, පන්නා පාලි ගනියි. එහෙත් විමල්ගෙන් සහ ගම්මන්පිලගෙන් පලි නොගන්නේ ඔවුන් එම වාටුවේම ඉඳගෙන අසුචි බුදින නීචයන් සහ මොකක් හරි මස් කට්ටක් හප හප ඉන්න දුන්නාම ඕනෑම වැඩක් මුන් දෙන්න කරන නිසාය. ඉස්සර ඔය තනතුර හෙබවූයේ මර්වින් සිල්වාය. ලැබෙන කුඩු ආදායමෙන් 50% රාජපක්ෂ සනුහරේට හොර කරපු නිසා මර්වින්ව ලස්සනට කපලා දැම්මාය.

මහින්ද මුත්තව ආයෙත් රජ කරවා ගැනීම
විමල්ටත්, ගම්මන්පිලටත් සශි වීරවන්ෂටත් අනිවාර්යෙන්ම හිරේ යන නඩුය. මේවායෙන් ප්‍රයෝජනය ගෙන ඇත්තේ රාජපක්ෂ සනුහරයයි. ස්ක්‍රිප්ට් එක ලියා දෙන්නේ මහින්දය. රංගනය විමල් සහ ගම්මන්පිලගෙන්ය. මුන් දෙන්නා කරන්නේ දැන් අලුත් සන්ධානයට එකතු වී ගෝඨාට සහ බැසිල්ට බැනවදි අන්තිමේදී ඇතුලත එකාට එකා කොටවා ඩීල් දමා එතන ඉන්න දුශිතයන්වද මුදලට ගෙන ආයෙත් මහින්ද මුත්තාව කරලියට ගෙනත් අනේ හපොයි අපේ රට යුද්දෙන් බේරාගත් මහා රජා කියා මහින්ද මුත්තව ආයෙත් රජ කරවා ගැනීමටය. එවිට ටික කලකට හරි අයෙත් ලංකාවට එන්නේ නැහැ කියලා නානසෙන සහ බැරිශිල් ඇමෙරිකාවට පැනගෙන මහින්ද රජවූ සැනින් නැවත ලංකාවට පැමිණ බැරිශිල්ට අගමැතිකම දී ගෝඨාභය ආරක්ෂක ලේකම් තනතුර දී විමල්ගේ සහ ගම්මන්පිලගේ නිදොස් කොට නිදහස් කර මුන් දෙන්නට හොඳ කැබිනට් ඇමතිකම් දෙකක් ගන්නටය.

ලංකාවේ ඉන්න මරි මෝඩ නුගත් ගොන් ඡන්දදායකයන් වරක් පට්ට හොරෙක් මිනිමරුවෙක් කියලා මැදමුලනේ ජනේලේ එල්ලපු මහින්දව දෙවැනි සැරෙත් ගෙනාවනම් තුන්වැනි සැරේ ගේන එක මහා කජ්ජක්ද කියලා මේ ලඟදි බලු ලේබල් රසවින්දමින් විමල් සහ ගම්මන්පිල කතාවී ඇත.

පසුගිය දින ලංකාවේ උපයාගත් බිලියන ගණන් කොමිස් මුදල රුපියල් වලින් ඩොලර් වලට හරවාගැනීම පිණිස ඩොලරය පා නොකර ඩොලර් බිලියන ගණනක් රු. 203 ගනනේ ගෙන නැවත සී ෂෙල්ස් වල උගන්ඩවල ඩුබායි වල සින්ගපුරුවේ සහ යුක්රේන් වල තියෙන බැංකුවලට යවා ඇත.

දැන් යුක්රේන් යුද්ධය නිසා එහි ඇති petty cash ඩොලර් බිලියන ගණනක් හිරවී ඇත. යුක්රේන් වලින් ආපු හිඟන සුද්දන්ටද දැන් ආගිය අතක් නැති නිසා සංචාරක ව්‍යාපාරයෙන් මුදල් උපයනවා වෙනුවට දැන් උන්ට කන්න බොන්න දෙන්නත් වෙලා තියෙන්නේ මහජනාතාවගේ මුදලිනි. සිවුරුකාරයෙක්ද යුද්දේ නිසා ඔවුන් අවතැන් වී ඇති නිසා ඔවුනට අනුකම්පා කර සැලකිය යුතු කියා අන්ද බෙර ගසමින් ඇත. එහෙත් රෝහින්යා අසරණ සරණාගතයන් ලංකාවට පැමිණ සිටින විටදී සිවුරුකාරයෝ ගේට්ටු කඩාගෙන තාප්ප වලින් පැනගෙන ඔවුන්ගේ ගෙවල් වලට පැන ඔවුනට අමානුෂිකව පහරදීම මුළු ලෝකයේම ප්‍රවෘත්ති වලට ඒ දවස්වල පෙන්වන ලදී.

පසුව මිරිහාන කඳවුරක ඔවුන් රඳවා තිබෙන විටකදී පොලිස් නිලධාරියෙක් එහි තරුණියක්වද දුෂණය කර තිබුණි. දැනට තියෙන ප්ලැන වනුයේ පුළුවන් තරම් රජයේ මුදල් හොරා කකා සැප විඳින ගමන් පුළුවන් තරම් දුප්පත්කම, නුගත්කම වැඩිකර මිනිසුන්ව පාරට ඇද දැමීමය.

මේ දිනවල නම් මිනිසුන්ව පාරට බස්සන්න අවශ්‍ය නැහැ මන්ද යත් උන් දැන් දවසම ගතකරන්නේ මහා පාරේ පොලිම්වලය රෑට කරුවළේය. මේ මගින් රජයට විශාල මුදලක් ඉතිරිවී ඔවුනට කා බී ප්‍රීති වෙන්න මුදල් ඉතුරුවෙ.

එවිට ගඟේ වැටුන එකා තුත්තිරි ගහෙත් එල්ලෙනවා වගේ සිංහ හම පෙරවාගත් වෘකයකු මෙන් රට ගලවාගන්න එන රාජපක්ෂ මහා හොරා විසින් සිල් රෙද්දක්, යටට අඳින අමුද ලේන්සුවක්, ටකරන් කැල්ලක්, තොප්පියක්, මේස්‌ බැනියමක්, ගල් කාලක් සහ රුපියල් 1000ක් වගේ දුන්න ගමන් මුන් නැවතත් ඡන්දෙ දෙන්නේ මුන්ටමය. උගත් බුද්ධිමත් එවුන් මහා පක්ෂ දෙක ගැනම කලකිරී ඡන්දෙ නොදමා ගෙදරට වී සිටියි.

එවිට හොරු රැල උදෙන්ම ගොස් හොරුන්ට ඡන්දෙ දමා ඡන්ද පොළ වහන්න ඔන්න මෙන්න තිබියදී නොදාපු ඡන්ද ඔක්කොම ටික හොරුන් විසින්ම හොරුන්ට දමාගැනීමේ ක්‍රියාවලියෙන් ගොඩ ඒමය.

ඒ නිසා කරුණාකර ලබන සැරේ ඔබගේ වටිනා ඡන්දය ප්‍රධාන පක්ෂ වලට කැමති නැත්නම් ස්වාධින අපේක්ෂකයෙකුට හෝ වෙනත් සුළු පක්ෂයකට කතිරය ගසා මුන්ගේ බහුතරය අවලංගු කල යුතුය. තමුන්ගේ වටිනා ඡන්ද නොදා ඉන්නවා කියන්නේ හොරුන්ට නැවතත් චාන්ස් එකක් දෙන එකය.

බැරිශිලා සහ නානසෙන ඇමරිකන් ගැහිල්ල……….
ඇමෙරිකාවේ LA County, Interstate 10 එකේ අධිවේගයේ ටිකට් කඩපු සහ LA වල 7-11 වල කැෂියර් ජොබ් කරපු කාලෙත් මුන් පට්ට හොරු දෙන්නේක්ය. ඒ දවස්වල වැඩිහරියක් credit card පාවිච්චි වුනේ නැත. ඉතින් බැරිශිලා සහ නානසෙන කරන්නේ ඉතුරු සල්ලි දෙනකොට සත 25ක් 50ක් විතර අඩුවෙන් දී ඒ මුදල මාටියා ගැසීමය. till ස්ක්‍රීන් එකේ ඉතුරු සල්ලි 3.75ක් පෙන්නුවොත් මුන් this is your change 3.75 කියලා ඇත්තෙන්ම මාරු කාසි වලින්ම වැඩිකරලා සත 50ක් විතර අඩුකරලා පොල් හිනාව දාලා තමයි දෙන්නේ. ගොඩක් මිනිස්සු ඕක ගණන් කර කර ඉන්නේ නැහැ. එහෙමත් එකෙක් ගණන් කරලා සත 50ක් අඩුයි කිව්වොත් oh! me sorry (ඒ දවස්වල ඉඳල ඉංග්‍රීසි බැරිය) කියලා ආපහු ඒ සත පනහ දෙනවා. දවසට customers ලා 100කින් සත පනහ ගානේ ගැහුවම ඩොලර් 50ක් ශේප්.

ඔය ක්‍රමය හඳුන්වලා දුන්නෙත් බැශිලා. පස්සේ ඕක මාට්ටුවෙලා බැරිශිලව හයිවේ එකෙනුත් නානසෙනව 7-11 එකෙනුත් එළවලා තිබුනා. දැන්නම් CCTV සහ card වලින් ගෙවන නිසා ඒ මාටියා ක්‍රම ඉවරයි. පස්සේ බැරිශිලා walmart එකේ රාත්‍රී ක්ලීනර් කෙනෙක් හැටියටත් (දැන් ලංකාවම ක්ලීන් කරනවාය) නානසෙන නිවාස පේන්ට් ගාන ජොබ් එකකුත් කර කර හිටියා.

මේ යකා දවසක් පොඩි ඉනිමගක් පුස්බයිසිකලෙක බැඳලා කඩයකට ගිහින් එනකොට බයිසිකලෙයි ඉනිමගයි දෙකම mexican කාරයෝ උස්සලා. එදා ඉඳලා මුට කියන්නේ “මෝඩ ගෝතා” කියලා. ඔන්න ඔහමයි මුන් ඇමෙරිකාවේ හිටියේ. මේ සැරේවත් විමල් වීරවංශ ගම්මන්පිල වගේ රජවාසල සට්ටඹී වැඩ කරන එවුන්ට අසු නොවිය යුතුය.

මොවුන්ගේ කලිසම් ගලවා පශ්තාත් කාලයේ (භාගයක් නැත්තේ ඉතුරු කාල රාජපක්ෂ වරුන්ට සින්නක්කර දී ඇත) තාර ගා චීන රජයට අයත් ගෝල් ෆේස් පිටියේ හිටවා තැබිය යුතුය.

බුකි තිලංකගේ කතාවට බෞද්ධයින්ගේ නන්දෙසින් විරෝධයසිංහල බෞද්ධයාගේ කර මතින් බලයට පත් වූ රාජපක්ෂලා දැන් නටන්නේ අනුරපුර අක්කාග...
14/03/2022

බුකි තිලංකගේ කතාවට බෞද්ධයින්ගේ නන්දෙසින් විරෝධය

සිංහල බෞද්ධයාගේ කර මතින් බලයට පත් වූ රාජපක්ෂලා දැන් නටන්නේ අනුරපුර අක්කාගේ පදයටය.උන් මැණික් කටුවේ පිරිත් නූලට උඩින් බැඳ ගන්නේ අක්කාගේ දේවාලේ රතු නූලය.තිලංග සුමතිපාලද මෙලෙසම බෞද්ධාගම කර පින්නාගත් තවත් පල් හොරෙකි.
තිලංගගේ අම්මාත් ඇගෙන් පසු අයියා වන ජගතුත් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ධූරය වසර ගණනක් හෙබවූහ. රට වටේම හාමුදුරුවරුන්ද අල්ලාගෙන එම සභාපති ධූර හෙබවූයේ ලංකාවේ ප්‍රධානතම බුකී ව්‍යාපාරයක්ද කරමිනි. රෙදි ඇඳන් එවැන්නක් කිරීම පහසු නොවේ. බෞද්ධ සම්මේලනයේ ඉඩම් හොර රහසේ පවරා ගැනීමේ චෝදනාවක්ද සුමතිපාලලාට තිබේ.
තිලංගද ලෝකෙට පෙන්නන්නේ මහා බෞද්ධයකු ලෙසය. බුකීපාල ලෙස ප්‍රකට මේ සට කපට දේසපාලකයා පසුගිය මහා මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් තරග වැදුණේ කතෝලිකයන් වැඩි වශයෙන් වසන මොරටුවෙන්‍ ය. කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් පෙරෙන්නාක් මෙන් ඔහුට ලැබුණේ අන්ත පරාජයකි.
රනිල්ට ලොකු පාට් දමන්න ගොස් කැපී මහින්දට කිට්ටු වුණද මහින්ද තිලංගගේ බුකි සල්ලි පක්ෂයේ වැඩට යොදා ගත්තා මිස බුකීපාලව සත පහකට ගණන් නොගත්තේය.
මේ නිසා තිලංග මෛත්‍රීපාල හමුවේ වැඳ වැටෙමින් ඔහුට කිට්ටු විය. බුකිපාලව විශ්වාස කළමෛත්‍රී කොළඹ දිස්ත්‍රික් සංවිධානයද ඔහුට භාර දී රනිල්ව එළියෙන් තබා ආරක්ෂක කමිටුවටද ඇතුල් කළේය.
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරයේ වග කිව යුත්තන් සොයා දඬුවම් ලබා දෙන ලෙස කරන ලද අරගලය පාප් වහන්සේ ළඟටද ජාත්‍යන්තරයටද රැගෙන යාම මෛත්‍රීපාලට ඇල්ලුවේ නැත.
ඒ කාදිනල් තුමන්ගේ ඇඟිල්ලක් පාස්කු ප්‍රහාරය පිළිබඳ වූ ඔත්තු සේවා ආරංචි මාර්ග ගණන් නොගෙන එදින සිංගප්පූරුව බලා ගිය මෛත්‍රීපාල වෙතද දිගු වීම නිසාය.
දැන් උදාවී ඇත්තේ මෛත්‍රීපාලව මේ චෝදනාවෙන් මුදා ගැනීමේ මොහොතයි.
එසේනම් කළ යුත්තේ කාදිනල් තුමන්ට ප්‍රති චෝදනා එල්ල කොට එතුමන්ගේ කීර්ති නාමයට හානි පැනවීම බව මෛත්‍රී ගේ ගෝල බාලයන්ට කල්පනා විය.
මෛත්‍රීගේ අනුදැනුම ඇතිව හෝ නැතිව එම කටයුත්තට කර ගැහුවේ තිලංගය.
පසුගියදා කොළඹ පැවති කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප සමුළුවේදී කතාවක් පැවැත්වූ තිලංග කාදිනල් තුමන්ගේ පතුරු හැරියේය.
( එම කතාවේ වීඩියෝව මෙහි දැක්වේ.)

එම කතාවේ තිලංගගේ බූරු මොළයට අනුව කාදිනල් තුමන් පැවිද්දෙක් නොව පහත් දේශපාලනයක නිරත වන ගිහියෙකි. එසේනම් නානසාරලා වැනි භික්ෂූන් පැවිද්දන් ලෙස කරන්නේ කුමන දේශපාලනයදැයි තිලංගලා පිළිගන්නේ කෙසේදැයි මෙම කතාව නිසා කෝපයට පත් කතෝලිකයින් මෙන්ම බෞද්ධයින්ද විමසති.
නිකායවල් බුද්ධාගමේද ඕනෑතරම් තිබියදී ක්‍රිස්තියානි නිකායවල්ද ඕනෑතරම් තිබෙන බවත් කාදිනල් තුමන් නියෝජනය කරන්නේ වතිකානයේ පාප් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවතින කතෝලික සභාව බවත් කලක් පාර්ලිමේන්තුවේ උප කථානායක ධූරයද හෙබවූ මේ මී හරක් තෙම නොදැන සිටීම පුදුමයකි.
කෙසේ නමුත් කලින් කලට නා ගැනීමට තිලංගට අමුතු හැකියාවක් තිබේ.
හොඳට තිබුණු අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය කොට දූෂිතයන් බිහිකොට විනාශ කර දැම්මේද බුකීපාලය.
තරගපාවා දීමේ මහ මොළකරුද ඔහුය. බුකියන්ට ක්‍රීඩා පරිපාලනය තහනම් කිරීමේ පනත හරින් ප්‍රනාන්දු නොගෙනෙන්නට අදත් ක්‍රිකට් මෙහෙයවන්නේ මොහුට අවශ්‍ය පරිදිය.
එහෙත් තවමත් සූක්ෂම ලෙස බුකිපාලගේ අරමුණු ඉටු කරන ඔහුගේ ගෝල බාලයන් ක්‍රිකට් විධායක සභාවේ සිටිති. කෙසේ වෙතත් ලාංකික කතෝලිකයන් ලක්ෂ ගණනකගේ ගෞරවාදරයට ලක්ව සිටින කාදිනල් තුමන් වැන්නකුට ප්‍රසිද්ධ වේදිකාවක සිට කරන ලද අපහාසයට මේ අපතයාට කිතුණුවන් මෙන්ම කාදිනල් හිමිපාණන් අගය කරන සැබෑ බෞද්ධයන්ද නිසි කල, නිසි ලෙස සලකනු ඇත.
මෙම කතාව තිලංග සිදු කළේ මෛත්‍රීව බේරා ගැනීමේ අරමුණෙන් වුවත් දැන් සිදුව ඇත්තේ මෛත්‍රී ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමකි.

උණුසුම් පුවත්ලොහාන්ගේ ගෙරවිල්ලන් පසුව නන්දසේන මුත්තා  සහ මහින්දමුත්තාට සුළුදිය පහ වෙලා.පසුගිය සතියේ ලොහාන් රත්වත්ත යුද ප...
10/03/2022

උණුසුම් පුවත්
ලොහාන්ගේ ගෙරවිල්ලන් පසුව නන්දසේන මුත්තා සහ මහින්දමුත්තාට සුළුදිය පහ වෙලා.

පසුගිය සතියේ ලොහාන් රත්වත්ත යුද ප්‍රකාශ කිරීමෙන් පසු නන්දසේන මුත්තා සහ මහින්දමුත්තාට සුළුදිය පහවී ඇත. ඔවුන් දෙදෙනාම බියවී වහාම දුරකථන සාකච්චාවක් කර වහාම ලොහාන්ට උසස් ඇමැතිකමක් දිය යුතු බවට තීරණයකට එළඹ ඇත.

වීරවන්ෂලා, ගම්මන්පිලලා සල්ලි ටිකක් දුන්න ගමන් ගන්න පුළුවන් වුනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ගරු කරන රත්වත්තලා සල්ලි වලට යටවෙන්නේ නැති බව අවබෝධකරගත් නන්දසේන කපන්න බැරි අත ඉඹින්න එපාය කියා සිතා මේ තීරණයට එළඹ ඇත. මේකා නැතිකරගත්තොත් ඉතින් පොහොට්ටුවට අමුඩෙත් දාලා තමයි යන්න වෙන්නේ කියලා කැබිනට් අමෙතිවරු කිහිපදෙනෙක්ම ලඟදි කතාවෙලා තියෙනවා. රත්වත්තලා කියන්නේ ලෙහෙසි පහසු බඩු නෙමෙයි. අනෙක ඕකා ඉලක්කෙට වෙඩිතියන්න ඉතා දක්ෂ වෙඩික්කාරයෙක්. මු ළඟ තියෙන්නෙත් ලෝකේ තියෙන හොඳම පිස්තෝල සහ ගැජට් බැජට්. මහින්දානන්දගේ පාතාලේ සරම් කාරයෝ කඩු කිනිසි අරගෙන යන එවුන් වගේ නෙමෙයි තිබ්බොත් ඉලක්කෙටම තමයි.

පසුගිය ඡන්දෙ කාලේ මු මහින්ද මුත්තට ගම්පොල ඡන්ද රැස්වීමකට යන්න හදනකොට ජීවිත තර්ජන නිසා මු ළඟ තිබුන ලෝකයේම අනර්ගතම වෙඩි නොවදින Diamond Armor ලෙවෙල් III බුලට් ප්රූෆ් ජැකට් එකක් පවා තෑගි කර ඇත. ජනාධිපති ආරක්ෂක අංශයටවත් නැති ඇමෙරිකාවේ ජනාධිපති අඳින එම සැහැල්ලු වෙඩි නොවදින කෝටි ගණනක් වටිනා ජැකට් එක මේකා කොහොම කොහෙන් ගෙන්නා ගත්තාද කියා දන්නේ දෙවියෝ විතරයි කියලා මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙක් පවා මහින්දට කියලා තියෙනවා. අපිටවත් නැති සුවිස් ආමි බඩු මු කොහම ගෙන්නගන්නවද කියලා මහින්දත් දවසක් කියලා තියෙනවා.

අනෙක මහින්ද යන යන තැන ඒ ජැකට් එක දැනුත් ඇඳගෙන යනවාය. ඒ නිසා කවදා හෝ බලය නැතිවූ දාට ලොහාන් වගේ එකෙක් ආයෙත් බොඩි ගාර්ඩ් වැඩේට බය නැතිව තියාගන්න වෙනවාය. දෙවැනි කරුණ නාමල් නාම්බගේ දේශපාලන ජීවිතය රැඳී තියෙන්නේද ලොහාන් අතේය. වරක් මධ්‍යම පළාතේ වැඩිම මනාප ගත්තේද ලොහාන්ය. සිංහල බෞද්ධකම මාර්කට් කරන්න නම් සිංහල බෞද්ධ උඩරට කොල්ලෙක් වන ලොහාන් නැතිවම බැරිය. චන්ද්‍රිකාද අනුරුද්ධ ව තියාගෙන හිටියේ උඩරට ඡන්ද නිසාය. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද රත්වත්ටෙලට තියෙන ගරුකිරීම ලොහාන්ගේ හැසිරීම නිසා ටිකක් හරි අඩුවුනත් තවමත් ගරුකිරීමක් ඇත. අනෙක ඕකා කණමදයා වගේ බීලා ගැනු පස්සේ ගියාට අද වනතුරුත් සත පහක්වත් හොරකම් කරලා නැහැ හොරකම් කරන්න දෙන්නෙත් නැහැ. (සොරකම නීතියෙන් අවසර තියෙන්නේ රාජපක්ෂ කාරයන්ට සහ පොලිසියේ උසස් නිලධාරීන්ට පමණය) නිකමට හරි ලොහාන් ශ්‍රී ලංකා එක පැත්තට ගියොත් වැල ඔපන්ය.

පොහොට්ටුවට ඇපත් නැතය කියන කාරණය සලකා බලා බිලා දියේ ගිලිලා හරි මැරියන් කියලා තමයි ඔය අමාත්‍යාංශය දීලා තියෙන්නේ. කෙසේ වෙතත් ලොහාන්ගේ සිකුරිටි එකේ ඉන්න හෙන්චයියලානම් දැනටමත් තුශාරයව නාමල්ව එළවලා කියා අපහට අරලියගහ මන්දිර වාර්තාකරු පවසා ඇත. අපි ලොහාන්ට සුබ පතනවා.

Address

Highl Street
London

Alerts

Be the first to know and let us send you an email when Lankadawasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

  • 457Games

    457Games

    92 the larches, Palmers Green

Other Media/News Companies in London

Show All