Pink Daybook by Kōshi

Pink Daybook by Kōshi ගෙවෙන ලස්සන තත්පර වල සුන්දර මතක සතුට මුසුකර බෙදාගන්නට..❤️

Wishing you peace, love, and happiness this holiday season and throughout the coming year!! ♥️🎉🎄🎅🏻
12/25/2024

Wishing you peace, love, and happiness this holiday season and throughout the coming year!! ♥️🎉🎄🎅🏻

ශීත කාලය උදාවීමත් එක්කම නිවාඩු කාලයත් හරි ඉක්මනටම ආවා. උත්සව සහ සැණකෙලි සමය නිසා හැමෝම හරි හරියට කාර්‍යබහුලයි. ඒ මොනවා ව...
12/20/2024

ශීත කාලය උදාවීමත් එක්කම නිවාඩු කාලයත් හරි ඉක්මනටම ආවා. උත්සව සහ සැණකෙලි සමය නිසා හැමෝම හරි හරියට කාර්‍යබහුලයි. ඒ මොනවා වුනත් පොඩි හෝ තෑග්ගකින් අනෙක් අයව සතුටු කරන්න පුළුවන් නම්, මේ කාලය තමයි ඒකට හොඳම කාලය.
♥️♥️

පහලින් තියෙන්නෙ, මගෙත් එක්ක වැඩ කරන මගේ ආදරණීය කාර්ය මණ්ඩලයේ අයට දෙන්න මගෙ අතින්ම හදපු සුබ පැතුම්පත් ටිකක්.. පුළුවන් වෙලාවට ටික ටික හදලා තියලා අද හැමෝටම පුංචි තෑග්ගක් එක්කම මේවා දුන්නා. හැමෝටම හරිම ආසයි ඒවා මම හැදුවා කිව්වම. 🥹🙈

මම ආසම මගේ විනෝදාංශයක් තමයි මේ සුබ පැතුම්පත් හදන එක. ඒක මනසටත් හරිම සැහැල්ලු විනෝදාංශයක්. ඒවා ලබන අයගෙ සතුට දැකීම මට ඊටත් වඩා සතුටක්. 😍♥️

හැමෝටම ගෙවෙන වසරේ ඉතිරි දවස් ටික සුබ වේවා!! 🎉

ආදරෙන්,

✍🏽Pink Daybook by Kōshi ♥️💐

සුබ සුදු උදෑසනක අසිරිය.. ☕️☀️ පැය 12 කට වැඩිය තිබුණු හිම කුණාටුවෙන් පස්සෙ පළමු හිරු උදාව මෙහෙම දකිනකොටත් ආසයි. උදේම ජනේල...
12/06/2024

සුබ සුදු උදෑසනක අසිරිය.. ☕️☀️

පැය 12 කට වැඩිය තිබුණු හිම කුණාටුවෙන් පස්සෙ පළමු හිරු උදාව මෙහෙම දකිනකොටත් ආසයි. උදේම ජනේලයෙන් එලිය බලනකොට ජනේලය අයිනෙ හිම තට්ටුවක් මිදිලා. ඊයේ රෑ තිබුණ තද හිම කුණාටුව නිසා ජනේලයේ පිටත තියන හිම තට්ටුව කියන්නේ හිම ආවේ නැගෙනහිර දිසාවෙන් කියලයි..❄️🤍

සුදු පාට බිමත් එක්ක රන්වන් පාටට බැබලෙන අහස හරිම ලස්සනයි. බිම තියන හැමදේම අඩි දෙක තුනක් විතර හිමෙන් වැහිලා. පාර විතරක් නිතර හිම අයින් කරන නිසා පේන්න පටන් ගත්තා. නැත්නම් පාරත් වැහිලයි තිබුනෙ. හිම එක්ක ගෙවෙන ජීවිතේ දවසින් දවස ලැබෙන අත්දැකීම් වෙනස්. කෙනෙක් කියනවා මෙච්චර හිමක් දෙසැම්බරයේ මුල ලන්ඩන් වලට ආවෙ අවුරුදු තිහ හතලිහකට විතර කලින් කියලත්. 🥹❄️ කොහොම වුනත් මේ කැනඩාවේ ගෙවෙන තුන් වෙනි සීත කාලය. ඉතින් පෙර ලබපු අත්දැකීම් දෙකටම වඩා මේ සැරේ හිම පතනය වෙනස්..❄️🤍🤍

ස්වභාවදර්මය තීරණය කරන්නේ අපි කවුරුත් නෙවෙයි. ඉතින් එයාට පුළුවන් ඕන වෙලාවක ඕන විදිහට වෙනස් වෙන්න. ඒ වෙනසට පොළොවෙ ඉන්න අපි හැඩගැගෙන්න ඕන. ඒකයි නියමය, නියතය.. 🌎

සුබ සිකුරාදාවක්!! ❄️🤍❄️

✍🏽Pink Daybook by Kōshi ♥️❄️

මුළු පරිසරයම සුදු පාටින් බැබලෙන අවුරුද්දේ ලස්සනම කාලය ඇවිත්. 🤩❄️❄️🤍2024 අවුරුද්දෙ පළමු හිම පතනය කැනඩාවෙ 🇨🇦 ඔන්ටාරියෝවේ ල...
12/03/2024

මුළු පරිසරයම සුදු පාටින් බැබලෙන අවුරුද්දේ ලස්සනම කාලය ඇවිත්. 🤩❄️❄️🤍

2024 අවුරුද්දෙ පළමු හිම පතනය කැනඩාවෙ 🇨🇦 ඔන්ටාරියෝවේ ලන්ඩන් නගරයට දෙසැම්බර් පළවෙනිදා රෑ ඉඳන් පටන් ගත්තා. පුංචිම පුංචි හිම බිඳිති වලින් පටන් ගෙන, එක රැයින් මෙච්චර ගොඩක් ගොඩ ගැහෙන්නෙ කොහොමද කියලා හිතනකොටත් පුදුමයි. ස්වභාවදර්මය කොහොමත් හරිම පුදුම සහගතයි. අහසෙ තියන සුදු වලාකුළු බිමට වැටිලා බලන බලන හැමතැනම සුදු පාටින් පාට කරලා වගෙයි. 😍 මුළු වටපිටාවම වෙලාවකට චිත්‍රයක් වගෙයි. හරිම ලස්සනයි.

Pink Daybook by Kōshi ❄️♥️

Embracing fall's breathtaking colours 🍁🍂💚💛🧡♥️සරත් සෘතුව තමයි කැනඩාවෙ දැකපු ලස්සනම සෘතුව. ඒ වර්ණ වල තියෙන්නෙ අමුතුම ලස්සන...
10/21/2024

Embracing fall's breathtaking colours 🍁🍂💚💛🧡♥️

සරත් සෘතුව තමයි කැනඩාවෙ දැකපු ලස්සනම සෘතුව. ඒ වර්ණ වල තියෙන්නෙ අමුතුම ලස්සනක්. සමහර වෙලාවට පින්තූර වලට නොපෙනෙන පාට සියැසින් දකිනකොට හරිම තාත්ත්විකයි සහ ලස්සනයි. ශීත සෘතුවට ලෑස්ති වෙන්න පරිසරය වෙනස් වෙන විදිහ හරිම අපූරුයි. ගස්වල කොළ ටික ටික පාටවෙලා වැටිලා යන්නෙ හරියට හිම වලට ගස් මතට පතිත වෙන්න අවස්ථාවක් දෙන්න වගෙයි. හවස් වරුවේ ටික වෙලාවක් ඇවිදලා ඒ ලස්සන විඳගන්න ආස හිතුනා.

Pink Daybook by Kōshi ♥️

Foggy Morning 🥶😄🩵කැනඩාවේ කාලගුණය හැමදාමත් Surprise එකක් ගේනවා..😱😄වෙනදට ඇඳ ළඟට උදේම හොඳට ඉර එළිය වැටෙන නිසා කර්ට්න්ස් විව...
10/19/2024

Foggy Morning 🥶😄🩵

කැනඩාවේ කාලගුණය හැමදාමත් Surprise එකක් ගේනවා..😱😄

වෙනදට ඇඳ ළඟට උදේම හොඳට ඉර එළිය වැටෙන නිසා කර්ට්න්ස් විවෘත කරන්න පෙරම ඒ එලිය පේන්න පටන් ගන්නවා. අද කිසිම එලියක් නැහැ. හැබැයි ෆෝන් එක අරන් කාලගුණය බලනකොට වැස්සත් නැහැ. හැබැයි මීදුම තියනවා කියලා නෝටිෆිකේශන් එකක් ඇවිත් තිබුණා. නිකමට ඇඳෙන් බැහැලා කර්ට්න් එක ඇරලා බලනකොට මුළු පලාතම සුදුම සුදුයි. 🤭 තනිකරම මීදුමෙන් වැහිලා. හරිම ලස්සනයි. 🤩🩵 ලස්සන වුනාට මේක රියදුරු මහත්වරුන්ට නම් එච්චර හොඳ දෙයක් නෙවේ. දුර පෙනෙන තරම සෑහෙන්න අඩුයි.. නොපෙනෙන තරම්. 🥹

✍🏽Pink Daybook by Kōshi 🩷💐

Hunter’s Moon Today 🌕🤩📸
10/19/2024

Hunter’s Moon Today 🌕🤩📸

ඊයේ හවස 7 ට විතර ජනේලෙන් එලිය බලනකොට අහස හරිම ලස්සනයි. පැස්ටල් වර්ණ වල අහසත් එක්ක තද කහ පාටට බබලන හඳ හරියට රන් තැටියක් ව...
10/17/2024

ඊයේ හවස 7 ට විතර ජනේලෙන් එලිය බලනකොට අහස හරිම ලස්සනයි. පැස්ටල් වර්ණ වල අහසත් එක්ක තද කහ පාටට බබලන හඳ හරියට රන් තැටියක් වගෙයි දැක්කේ. ස්වභාවදර්මය ට කොච්චර නම් ලස්සන පාට මවන්න පුළුවන් ද? ඒ වගේම ඒ පාට ගැලපෙනම විදිහට එකතු කරන්නත් පුළුවන්. ඒක හරිම පුදුම දෙයක්..🩷🩵💛

සරත් සෘතුවේ උදාවත් සමඟ සරත් සෘතුව පැමිණි වග කියන්නට සැරසුනු සලකුණු කීපයක පින්තූර කීපයක්..🍂🍁🎃 මම ආසම වට්ටක්කා වල තියන චිත...
10/15/2024

සරත් සෘතුවේ උදාවත් සමඟ සරත් සෘතුව පැමිණි වග කියන්නට සැරසුනු සලකුණු කීපයක පින්තූර කීපයක්..🍂🍁🎃
මම ආසම වට්ටක්කා වල තියන චිත්‍ර වලට..😍

අද කැනඩාවෙ 🇨🇦 Thanksgiving දවස. ශීත කාලයට පෙර අස්වනු නෙලාගෙන ඒ ලැබෙන ආහාර වලට ස්තූතියි කියන්න තමයි සරත් සෘතුවේ (Fall sea...
10/14/2024

අද කැනඩාවෙ 🇨🇦 Thanksgiving දවස. ශීත කාලයට පෙර අස්වනු නෙලාගෙන ඒ ලැබෙන ආහාර වලට ස්තූතියි කියන්න තමයි සරත් සෘතුවේ (Fall season) මේ දවස වෙන් කරගෙන තියෙන්නෙ. පවුලේ හැමෝම එක්ක එකතු වෙලා සතුටින් සමඟියෙන් හොඳ ආහාර රස බලන එකට තමයි අද දවස වෙන් වෙලා තියෙන්නෙ. පසු කාලීනව මේ දවස අපි වෙනුවෙන් උදව් කරන හැමෝටම, හැම දෙයකටම ස්තූති කරන දවසක් හැටියට යොදා ගන්නවා.. ඉතින් ඔබට ස්තූතියි මගේ පිටුව සමඟ රැඳී සිටිනවාට..🧡💛🎃🍁🍂

✍🏽Pink Daybook by Kōshi 🧡

අහස මේ තරමට ලස්සනම පාට වලින් පාට කලේ කවුරුන්ද?🥹සූර්යයාගේ ඇතිවන ප්‍රභල කුණාටු තත්වයන් නිසා එයින් පිටතට පැමිණෙන ශක්තිය සහ ...
10/11/2024

අහස මේ තරමට ලස්සනම පාට වලින් පාට කලේ කවුරුන්ද?🥹

සූර්යයාගේ ඇතිවන ප්‍රභල කුණාටු තත්වයන් නිසා එයින් පිටතට පැමිණෙන ශක්තිය සහ කුඩා අංශු පෘථිවි තලයේ උතුරු සහ දකුණු අර්ධ ගෝලවලට ගමන් කිරීමෙන් ඇතිවන අවුරෝරාව හෙවත් Northern Lights පියවි ඇසින් ජීවිතයේ එක් වරක් පමණක් දකින්නට ලැබෙන සංසිද්ධියක් වන්නට පුළුවන්. ඔක්සිජන් සමඟ ඒ කුඩා අංශු එක් වී සාදන්නේ කොළ පැහැය සහ රතු පැහැය යි.. 💚♥️ මෙම වර්ණ අඩු වැඩි වශයෙන් වෙනස් වන අතරම වර්ණ එකට එකතු වී මනස්කාන්ත අහසක් නිර්මාණය වන හැටි පියවි ඇසින් දකින්නට පුළුවන්.

The Northern Lights, or Aurora Borealis, is a stunning natural light display that occurs in the polar regions, particularly near the Arctic. These lights are caused by charged particles from the sun colliding with gases in Earth's atmosphere, resulting in vivid, colorful patterns of glowing green, pink, purple, and sometimes red. The lights typically dance across the night sky in waves, arcs, or rays, creating a mesmerizing spectacle. They are most commonly seen in countries like Norway, Sweden, Finland, Canada, and Alaska during the dark, clear winter months. 💚🩷💜♥️💛

✍🏽Pink Daybook by Kōshi 🩷

කොපමණ අයව ආශ්‍රය කලත්, හිතවත්කම් ගොඩ නැගුනත්, අපි සමහර වෙලාවට ඒ අය වර්ග කරන්නෙ නෑ නෙ. මේ පහල තියන පින්තූරය දැක්කාම මට හි...
10/02/2024

කොපමණ අයව ආශ්‍රය කලත්, හිතවත්කම් ගොඩ නැගුනත්, අපි සමහර වෙලාවට ඒ අය වර්ග කරන්නෙ නෑ නෙ. මේ පහල තියන පින්තූරය දැක්කාම මට හිතුනා ඇත්තටම අපි ආශ්‍රය කරන අය ගැන පොඩි වෙලාවක් අරන් හිතලා බලන්න.

මේ පින්තූරයට අනුව අපේ ජීවිත වලට සම්බන්ධ මිනිස්සු වර්ග 3 යි. ඒ හරියට මහා ගසක කොටස් වගේ. කොළ වගේ මිනිස්සු, අතු වගේ මිනිස්සු සහ මුල් වගේ මිනිස්සු.

ගසේ කොළ වගේ මිනිස්සු අපේ ජීවිත වලට එන්නෙ එක කාලෙකට. ඒ අය සමහර වෙලාවට ටිකක් දුර්වල අය. අපිට ඔවුන් මත යැපෙන්නට බැහැ. එයාලට අපෙන් මොනවා හරි ගන්න තියනවා නම් අපිට ලං වෙන්නෙ ඔවුන්ගේ අවශ්‍යතාවය නිසාමයි. ඒත් කාලයකදි ඔවුන් අපෙන් ඈත් වෙලා යනවා. 🌳🥲

අතු වගේ මිනිස්සු ටිකක් විතර ශක්තිමත් වුනත්, අපිට අමාරු කාල වලදී ඒ අය අපෙන් කැඩිලා වෙන්වෙලා යනවා. ඒ අයට අපිව දරාගන්න ඕන කාලෙ අපි ලඟ ඉන්න බැහැ. ඒ අයත් අපේ හොඳ කාලවල අපි ළඟ සිටියත් අපිට අවශ්‍යම මොහොතෙදි අපෙන් ඈත් වෙලා යන අය. 🌳🥹

මුල් වගේ මිනිස්සු තමයි අපි හරියට අඳුරගෙන ජීවිතේට ලං කරගන්න ඕනම. ඒ වගේ අය අපි වෙනුවෙන් කරන දේවල් පිටතට නොපෙනුනත් ඒ අය තමයි ඉතාම වටිනා දේවල් ටික අපි වෙනුවෙන් ඉටු කරන්නෙ. අපිට අමාරුම කාල වලදි අපිට ඕන කරන ශක්තිය ඇති තරම් ලබා දීලා, අපිව අපි හැටියට පිළිගන්නේ ඒ අයයි. මේ වගේ අය කිසිම අවස්ථාවක අපිව හැර යන්නේ නැහැ. ඉතින් අපි අපි ළඟ පරිස්සමින් තියාගන්න ඕන මුල් වගේ මිනිස්සු....අපිව වැටෙන්න නොදී අල්ලන් ඉන්න උදව් කරන.. 🌳♥️

සුව සුබ දිනයක් වේවා!

✍🏽Pink Daybook by Kōshi 💐🩷

සුබම සුබ ඔක්තෝබර් මාසයක් වේවා! ♥️💐රැකියාව පූර්ණ කාලීනව කරන්න ගත්තට පස්සෙ සති කීපයක් එක දිගට කාර්‍යබහුල නිසා මගේ පිටුවේ ල...
10/01/2024

සුබම සුබ ඔක්තෝබර් මාසයක් වේවා! ♥️💐

රැකියාව පූර්ණ කාලීනව කරන්න ගත්තට පස්සෙ සති කීපයක් එක දිගට කාර්‍යබහුල නිසා මගේ පිටුවේ ලියන්න බැරි වුනා. දින සති ගෙවිලා ටිකක් ‘ට්‍රැක් එකට’ වැටුන නිසා දැන් පොඩි වෙලාවක් හදාගන්න පුළුවන් පොඩි ලිවිල්ලකට. 😇

අද අලුත් මාසයක ආරම්භය. ලියන්න ටිකක් පටන් ගන්න ඕන කියලා හිතුන නිසා හැමෝටම හිතන්න යමක් ලියන්න හිතුනා. මේ පහල තියන පින්තූරය මම දැක්කෙ මගේ LinkedIn වෝල් එකේ. ඇත්තටම ඒ පින්තූරය දැක්කාම ටිකක් නැවතිලා කල්පනා කලා මේකෙන් කියවෙන්නෙ සරල දෙයක් වුනාට ඒ සංකල්පය ඉතා නිවැරදියි නේද කියලා. හුඟක් වෙලාවට අපි කරන්නෙම අපිව අනිත් අය එක්ක සංසන්දනය කරන එක. ඒත් කරන්න ඕන තමන් තමන් එක්කම සංසන්දනය කරන එකයි. ඒක ඇත්තක්... පසුගිය දින වල විවිධ අවස්ථා වලදි මම මං එක්කම මාව සංසන්දනය කරලා බලපු අවස්ථා තිබුණා. ඒ හැම අවස්ථාවකදිම මට පුළුවන් වුනා මගෙ කැපෑසිටි එකේදි මා තුල වර්ධනය වෙලා තියන හැකියාවන් සහ ගතිගුණ හොඳින් අඳුරගන්න. ඒ වගේම මගේ අතින් වෙන සමහර අඩුපාඩුත් අඳුරගන්න මට අවස්ථාව ලැබුනා. ඉතින් ඉඩක් ලැබුන වෙලාවට අපි කරන්න ඕනම තමන්ට තමන්ව සංසන්දනය කරලා, මොනවද තමන් තුල දියුණු වෙලා තියෙන්නෙ කියලා බලලා සතුටු වෙන එකයි අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරගන්න එකයි නේද කියලා ඇත්තටම හිතුනා. අනිත් අය සමඟ තමන්ව සංසන්දනය කරන්න යාමෙන් ඇති වෙන්නෙම හිතට පීඩනයක්, අනවශ්‍ය තරඟයක්. 😊

සියලුම බලාපොරොත්තු ඉටුවන සුබ මාසයක් වේවා! ♥️💐

✍🏽Pink Daybook by Kōshi 🩷

"Life is like an apple orchard, full of sweet moments waiting to be picked." 🍎 🍏 Seasonal Apple Picking 🤩🍎♥️🍏
09/09/2024

"Life is like an apple orchard, full of sweet moments waiting to be picked." 🍎 🍏

Seasonal Apple Picking 🤩🍎♥️🍏

වේලාව පස්වරු 8.30 යි...සැන්දෑ අහස අද චිත්‍රයක් වගේමයි..🤩When the sky creates an art with different colours..😍
09/07/2024

වේලාව පස්වරු 8.30 යි...සැන්දෑ අහස අද චිත්‍රයක් වගේමයි..🤩
When the sky creates an art with different colours..😍

♥️😇
09/03/2024

♥️😇

Address

London, ON

Website

Alerts

Be the first to know and let us send you an email when Pink Daybook by Kōshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pink Daybook by Kōshi:

Videos

Share