Sri Lanka Breaking News 24x7

Sri Lanka Breaking News 24x7 Count on us for the latest news from Sri Lanka, around the clock

12/05/2024

Up State NEW YORK Nothern lights 😍🇺🇸

20/07/2023
Luthira De Silva Hits 15K Followers On Instagram  congratulations 🤩🥳
17/06/2023

Luthira De Silva Hits 15K Followers On Instagram congratulations 🤩🥳

Message from pastor Jerome ~ says he will come back to Srilanka on Sunday
17/05/2023

Message from pastor Jerome ~ says he will come back to Srilanka on Sunday

ශ්‍රී ලංකාවේ දැනට පවතින වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වාහනවල ඉන්ධන ටැංකි උපරිම මට්ටමට පිරවීම සිදු නොකරන ලෙසත්, එසේ...
20/04/2023

ශ්‍රී ලංකාවේ දැනට පවතින වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වාහනවල ඉන්ධන ටැංකි උපරිම මට්ටමට පිරවීම සිදු නොකරන ලෙසත්, එසේ වුවහොත් පුපුරා යාමේ අවදානමක් පවතින බවත් IOC සමාගම ප්‍රකාශ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව එම සමාගම පවසයි.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

IOC සමාගම විසින් එවැනි අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවට ඉංග්‍රීසි භාෂාවෙන් සටහනක් එක් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් හුවමාරු ‌වෙමින් තිබේ.

ඒ අනුව සමාජයේ බොහෝ පිරිසක් අදාළ පුවත සම්බන්ධයෙන් බිය වී සිටි අතර ඔවුන් එය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා ආකාරයක් ද දක්නට ලැබේ.

ලංකා IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් එය අසත්‍ය පුවතක් බවට සඳහන් කළේ එවන් පසුබිමකය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කුමාර් සංගක්කාර පු...
20/04/2023

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කුමාර් සංගක්කාර පුහුණුකාරිත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් සමත්ව තිබේ.

එම කණ්ඩායමේ නායකත් දරනු ලබන්නේ සංජු සැම්සන් විසිනි.

රාජස්ථාන් කණ්ඩායම තරගය 6කට සහභාගි වී ඉන් තරග 4ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඔවුන් රැස්කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8කි.

දෙවැනි ස්ථානයේ පසුවන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ද තරගය 6කට සහභාගි වී තරග 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු 8ක් රැස්කර ගැනීමට සමත් විය.

මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ඔවුන් තරග 5කට සහභාගි වී ඉන් තරග 3ක් ජයගෙන තිබේ.

සිව්වන ස්ථානය හිමිව ඇත්තේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටය.

අනෙකුත් කණ්ඩායම්වල ස්ථාන පහතින්,

5. පන්ජාබ් කිංග්ස්

6. මුම්බායි ඉන්දියන්ස්

7. කොල්කටා නයිට් රයිඩර්ස්

8. රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර්

9. සන්රයිස් හයිද්‍රාබාද්

10. දිල්ලි කැපිටල්ස්

ජනප්‍රිය කොරියානු ගායන ශිල්පියා අභිරහස් ලෙස මියයයිදකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ.සෝල් අග...
20/04/2023

ජනප්‍රිය කොරියානු ගායන ශිල්පියා අභිරහස් ලෙස මියයයි
දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ.
සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි.
2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව නයිනමඩම පාලම මතදී ලංගම බස් රථයක් ප්‍රයිම් මුවර් රථයක් හා සුඛෝපභෝගී බස් රථයක් අනත...
20/04/2023

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව නයිනමඩම පාලම මතදී ලංගම බස් රථයක් ප්‍රයිම් මුවර් රථයක් හා සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්වී අද(20) අලුයම සිදුවූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

තුවාලකරුවන් ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

රෝහල් ගත කර ඇති අය අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවයා ද වනවා.

අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පුල්මුඩේ දක්වා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක් සහ ප්‍රයිම් මුවර් රථයක්.

ධාවනය වෙමින් තිබූ බස් රථය පාලම මතදී එක්වරම ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණ ඇති ප්‍රයිම් මුවර් රථය බස් රථයේ ගැටී ඇතැයි වාර්තා වේ.

අනතුරින් බස් රථ දෙකට සහ ලොරියට හානි සිදුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

2023 Aluth Awurudu Palapala Litha | Sinhala Hindu New Year Charithra | 2023 Aluth Awurudu Nakatha Litha | අවුරුදු චාරිත්...
10/04/2023

2023 Aluth Awurudu Palapala Litha | Sinhala Hindu New Year Charithra | 2023 Aluth Awurudu Nakatha Litha | අවුරුදු චාරිත්‍ර 2023 | Sinhala and tamil new year 2023 Auspicious times

ලංගම බස් ගාස්තු ගෙවීම සඳහා මගීන්ට QR ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප...
10/04/2023

ලංගම බස් ගාස්තු ගෙවීම සඳහා මගීන්ට QR ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි

නුවරඑළියේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩිපෝ 7ක් සඳහා බස් රථ 26ක් ලබාදීම ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැත්වුණි.

10/04/2023

The 2022 G.C.E Ordinary Level examination which was scheduled to commence on May 15, has been postponed by two weeks, the Department of Examinations announced.

Accordingly, the examination will now begin on May 29, 2023, the department revealed

10/04/2023

The Sri Lankan Rupee has slightly appreciated against the US Dollar at commercial banks in Sri Lanka today in comparison to last week.

At Sampath Bank, the buying and selling rates of the US Dollar have reduced to Rs. 310 and Rs. 325, respectively.

According to Peoples Bank, the buying rate of the US Dollar has reduced to Rs. 309.66, while the selling rate has reduced to Rs. 331.96.

At Commercial Bank, the buying and selling rates of the US Dollar have reduced to Rs. 310.05 and Rs. 327.50, respectively.

The Department of Meteorology says showers or thundershowers can be expected in parts of Western, Sabaragamuwa, Southern...
08/04/2023

The Department of Meteorology says showers or thundershowers can be expected in parts of Western, Sabaragamuwa, Southern, Uva, Central, North-western and North-central provinces and in Mannar district in the afternoon or at night.

Fairly heavy showers above 50mm are likely at some places in aforementioned areas.

Showers or thundershowers can be expected in Western and Southern provinces in the morning too.

The general public is advised to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.

On the apparent northward relative motion of the sun, it is going to be directly over the latitudes of Sri Lanka from 05 - 15 April this year. The nearest areas of Sri Lanka over which the sun is overhead at around 12.12 p.m. today (08 April) are Bemmulla, Thihariya, Pupuressa, Teripaha, Wadinagala and Thirukkovil.

Sea areas:

Showers or thundershowers will occur at several places in the sea areas off the coast extending from Mannar to Hambantota via Puttalam, Colombo, Galle and Matara.

Winds will be easterly or variable in direction and wind speed will be 20 - 30 kmph.

The sea areas around the island will be slight.

Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.

06/04/2023

සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අසත්‍ය පුවතක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ දුරකථන සංවාද පටිගත කිරීම, දුරකථන ඇමතුම් ගබඩා කිරීම සහ වට්ස්ඇප්, ෆේස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි

06/04/2023

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී සුරාසැල් වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර හෙට (07) දිනට යෙදී ඇති මහ සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

06/04/2023

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු සිදුකෙරෙන කාලසීමාව එළඹෙන අප්‍රේල් 10 වන දින සිට පැය 5 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මාර්ගෝපදේශවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව එළඹෙන 10 වන සඳුදා පෙරවරු 9.30 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය ආරම්භ වන අතර පස්වරු 2.30 ට කොටස් වෙළෙඳපොළ වසා දමනු ඇත.

මේ වන විට කොටස් වෙළෙඳපොළේ සාමාන්‍ය ගනුදෙනු කාලය පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 3කට සීමා වී තිබේ.

06/04/2023

ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු සහ ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත්වලට ඉන්ධන ඇණවුම් ලබාදෙන බවට පවසා තිබියදී, එහි මූල්‍ය අංශයේ ප්‍රධානියකු මුදල්වලට පමණක් ඉන්ධන ඇණවුම් ලබා දෙන බවට ප්‍රකාශ කිරීම ඊට හේතුව බවද එම සංගමය පැවසීය.

මේ හේතුවෙන් ඊයේ (05 වැනිදා) පිරවුම්හල් රැසකට ඇණවුම් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පැවසූහ. පෝය දිනයක් වූ ඊයේ බැංකු වසා තැබීම හේතුවෙන් මුදල් ලබා ගැනීමේ අපහසුතා ඇතිවූ බවද එම සංගමය පැවසීය.

ඉන්ධන කෝටාව වැඩි කිරීමත් සමග ජනතාව අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමට පැමිණියද ඉන්ධන සැපයුම අඩාල වන ලකුණු පෙනෙන්නට ඇතැයි ද එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

ඔහු පවසන්නේ උත්සව සමයයේදී ඉන්ධන සැපයුම මෙලස අඩාළ වන්නේ නම් පාරිභෝගිකයන්ට දැඩි දුෂ්කරතාවන්ට පත්වීමට සිදුවනු ඇති බවයි.

06/04/2023

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි.

දකුණු මුහුදුබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

අද දින (06) දහවල් 12:13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල, කුඹුක්වැව සහ යාල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත

06/04/2023

චරිත් අසලංක T20 ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (22) ඩොලර් 74.98ක් ලෙස ඉහළ ගොස් තිබේ.එය පෙරේදා (20) දිනයේ දී ඩොලර් 70 දක්වා පහත වැටුණු අතර ඊ...
22/03/2023

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (22) ඩොලර් 74.98ක් ලෙස ඉහළ ගොස් තිබේ.

එය පෙරේදා (20) දිනයේ දී ඩොලර් 70 දක්වා පහත වැටුණු අතර ඊයේ (21) බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 74.16ක් ලෙස දැක්විණ.

කෙසේවෙතත් ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල මේ වනවිට ඩොලර් 69 සීමාව දක්වා පහත වැටී ඇත.

කැරට් 22 රන් පවුම රු. 10,000කින් පහළට
22/03/2023

කැරට් 22 රන් පවුම රු. 10,000කින් පහළට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.අද(22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශ...
22/03/2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද(22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබුණු බව ඔහු සඳහන් කළේය.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සහ එහි නියෝජිතයින් පිරිසකට කොටුව දුම්රිය ස්ථානය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන ...
22/03/2023

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සහ එහි නියෝජිතයින් පිරිසකට කොටුව දුම්රිය ස්ථානය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකට ඇතුළුවීම සහ එම ස්ථානවල සිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව පොලීසිය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ , ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි සහ එම සංගම්වල නියෝජිතයින් සදහා එම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව අද(22) උදෑසන 10 සිට පස්වරු 4 දක්වා කොටුව පොලිස් වසමේ, කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාත්, ලෝටස් මාර්ගය, යෝර්ක් වීදිය, බැංකු මාවත, බාරෝන් ජයතිලක මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට එම මාර්ගයේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

එම ආඥාව කඩකිරීම දණ්ඩ නීති සංග්‍රහ පණතේ 185 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද අධිකරණ නියෝගයේ සඳහන්ය.

මෙරට වාණිජ බැංකුවල අද විනිමය අනුපාත සටහන පහතින්,(වානිජ බැංකුව - ගැනුම් මිල - විකුණුම් මිල)මහජන බැංකුව - රු. 308.70 - රු....
22/03/2023

මෙරට වාණිජ බැංකුවල අද විනිමය අනුපාත සටහන පහතින්,

(වානිජ බැංකුව - ගැනුම් මිල - විකුණුම් මිල)

මහජන බැංකුව - රු. 308.70 - රු. 330.92

සම්පත් බැංකුව - රු. 310 - රු. 325

කොමර්ෂල් බැංකුව - රු. 311.69 - රු. 330

හැටන් නැෂනල් බැංකුව - රු. 310 - රු. 330

සෙලාන් බැංකුව - රු. 309 - රු. 331

අමානා බැංකුව - රු. 312.50 - රු. 327.50

08/03/2023

දියණියට පහරදී මරා දැමීමට සැකපිට අම්මත් ගනී - පානදුර හිරණ පින් කෑල්ල හත් හැවිරිදි කථනාභාධිත දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මවද අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි.

සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයාගෙන් දීර්ඝ කාලයක සිට පහර කෑමට දැරිය ලක් වුවද ඒ සම්බන්ධයෙන් සැකකාරිය කිසිදු පියවරක් නොගෙන ඇයද දැරියට වරින්වර අමානුෂික ලෙස පහර දීමේ හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව තිබුනේ බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ අධ්‍යාපනය හැදෑරූ පැල්පොලගේ රෝෂිණී කවිෂ්කා පෙරේරා නැමැති දැරියයි.

දැරියගේ පියා යුද හමුදා විශේෂ බලකායෙ සෙබළෙකු වන අතර ඔහු දැරිය සහ දැරියගේ මව මීට වසර කිහිපයකට ඉහත දී අත්හැර දමා ගොස් ඇත. පසුව දැරිය ජීවත් කරවීම සදහා සැකකාර කාන්තාව යාචක වෘත්තියේ ද යෙදී ඇත.

අනතුරුව බණ්ඩාරගම රඹුක්කන ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරමින් සිටියදී සැකකරු සමඟ සබඳතාවයක් ඇති වී මීට සති තුනකට පමණ ඉහතදී සැකකරු විසින් ඔහුගේ මවගේ ගෙදරට දැරිය සහ සැකකාරිය කැඳවාගෙන පැමිණ තිබූ බව පොලිසිය කියයි.

එකී කාලය තුළ දී දැරියට අමානුෂික ලෙස පහර දී ඇති අතර රෝගී තත්ත්වයට පත්ව තිබු දැරිය රෝහල් ගත කිරීමට පවා සැකකරු හා සැකකාරිය කිසිදු පියවරක් ගෙන නොතිබූ බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Address

175 Cambridge Road
Warrane, TAS
7018

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Breaking News 24x7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Breaking News 24x7:

Videos

Share