06/01/2024
2023 අවසානයේ..
මගේ ජීවිතයේ අඳුරුම වසර වලින් එකක්. මානසික බිඳ වැටීම් හිත් රිදීම වසර පුරාම විඳපු.. අන්තිමට ජීවිතයට සමුදෙන්න පවා තීරණය කරපු වසරක්.. ඒ කඩා වැටීම වලින් අමාරුවෙන් අඩිය දෙක ඉස්සරහට අරගෙන අමාරුවෙන් හිනා වෙන්න මම කොච්චර උත්සහ කලාද? ඉතින් මම හිනා උනා.. ආයාසයෙන්.. මම හිතන්නෙ තාමත් එහෙමයි. අමාරුවෙන් හිනාවෙනවා.. ඒවට උදව්වක් උනා ඔයාලා හැමෝගෙම ආදරය ලොකු හයියක් උනා ගොඩක් ස්තූතියි මාව අල්ලගෙන හිටියට.. අද මම යම් තාක් දුරකට සුවෙන් ඉන්නෙ ලගම හිටපු ටික දෙනෙක් සහ දැකලා වත් නැති දන්නෙවත් නැති ඔයාලා මට දුන්න හයියෙන්.. ඉස්සහටත් මට ඔයාලව ඕනි මොකද මම ශක්තිමත් නෑ! 2024දි ඔයාලා ගේ ප්රාර්ථනා ඉටු වෙන්න ඕනේ.. මොන දේ උනත් ඔයාලට අවුරුද්දම සුබ වෙන්න ඕනේ.. මට ලැබුන ආදරය වෙනුවෙන් මම ඔයාලට ප්රාර්ථනා කරන්න පුලුවන් එච්චරයි.. ආයෙමත් කියනවා මගේ අඳුරුම අවුරුද්ද ආලෝකමත් කරපු දැකලා වත් නැති දන්නෙ වත් නැති ඔයාලට අනේක වාරයක් ස්තූතියි.. felt bit cringe 😬 But had to say this’ because you guys were there for me ❤️ ඉක්මනින් හම්බෙමු