28/05/2024
අනාගතය කොයිබටද?
ජපාන මූල්‍ය වර්ෂය මාර්තුවෙන් අවසන් වීමත් සමඟ Nissan, Mazda, Mitsubishi, Subaru සහ Toyota ඇතුළු නිෂ්පාදකයින් වාර්තථාගත වාර්ෂික ලාභ වාර්තා කර ඇත.
එම නිෂ්පාදකයින් සියල්ලන්ටම පොදු දෙයක් වන්නේ මොවුන් විදුලි මෝටර් රථ ඉතා සීමිතව නිශ්පාදනය කරන සමාගම් වේ. කෙසේ වෙතත්, Jaguar Land Rover (JLR) සමාගම්ද ඉහල ලාභ උපයා ඇත.JLR එක විදුලි රථ මාදිලික් පමණක් නිපදවා ඇත.
මේ අතර, Tesla , යුරෝපයේ විකුණුම් සඳහා මාස 15ක අඩුම විකුණුම් අගයක් වාර්තා කර ඇත.
Ford තවත් උදාහරණයක් වන්නේ, F-150 Lightning සහ Mustang Mach-E වැනි EV වලට එක්සත් ජනපදය තුල වට්ටම් ලබා දීම නිසා මාස තුනකදී විදුලි වාහන සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 2 ක පාඩුවක් වාර්තා කර ඇත.
Toyota සම්බන්ධයෙන් ගත් කල , මෝටර් රථ නිෂ්පාදකයාගේ මෙහෙයුම් ලාභය 2024 පළමු කාර්තුවේදී සියයට 78 කින් ඉහළ ගියේය. සම්පූර්ණ මූල්‍ය වර්ෂය සඳහා Toyota යෙන් ට්‍රිලියන 5.35 ක (A$ බිලියන 51.6 ක) අතිවිශිෂ්ට ලාභයක් උපයා ඇත. එය ගෝලීය වශයෙන් එක් විදුලි රථ මාදිලියක් පමණක් අලෙවි කරයි.
තවත් දිගුකාලීන විදුලි මෝටර් රථ නිෂ්පාදකයෙකු වන BMW ද 2024 ආරම්භයේදී පසුබෑමකට ලක්ව ඇත. Audi, Porsche සහ Mercedes-Benz වලටද අහිතකර නලපෑම් එල්ල වී ඇත. මෙයට එක් හේතුව ක් නම් චීනයේ සුඛෝපබෝගී වාහන සඳහා ඇති රුචිය අඩු වීම වේ.
දැනට, Mazda, Nissan, Toyota දෙමුහුන් වාහන වලට වැඩි වාසි ඇති බවට පෙනේ.