PRIO TV

PRIO TV digital වෙනසකට කොපි නොකරන

07/04/2024

සිoහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය 2024 මෙල්බන්
විශේෂ අවස්ථා ......

ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගෙ අවුරුදු පණිවිඩය

23/03/2024
23/03/2024

©PRIO TV

...අද ඔබ යන්න ගිහින්.....ඉල ඇදෙන්න හිනස්සපු ඔබ... සුබ රාත්‍රියක් ටෙනි.....දිව්‍යලෝකය කොච්චර ලස්සන වේවී ද......
28/09/2020

...අද ඔබ යන්න ගිහින්.....ඉල ඇදෙන්න හිනස්සපු ඔබ... සුබ රාත්‍රියක් ටෙනි.....දිව්‍යලෝකය කොච්චර ලස්සන වේවී ද......

21/06/2020

රුධිරයේ සිනි වැඩිඋනහම ඇයි
පැණි රස කන්න හිතෙන්නේ ?
••••••••••••••••••°°°°°°°••••••••••°°°••••••••••••••••

දියවැඩියාව තියෙන අයට බොහොවිට රුධිරයේ සිනි මට්ටම වැඩිවෙන වෙලාවල් තියෙනවා එතකොට එයාලට සීනි සහිත ආහාර හා සීනි කන්න වැඩිපුර අශාවක් එනවා . ඇයි ඉතින් රුධිරයේ සිනි වැඩිඋනහම සිනි ශරිරයට ඔන ?

ඇත්තටම රුධිරයේ සිනි වැඩි උනාට සෛල වල සිනි මට්ටම අඩුයි. ඒ කියන්නේ මේ අයගේ ඉන්සියුලින් නිපදවන ප්‍රමාණය අඩුනිසා රුධිරයේ සිනී තිබුනට එවා සෛල වලට දාගන්න බැ .( සිනි සෛල වලට ඇතුළු කරන්න ඉන්සියුලින් අවශ්‍යයි ) එනිසා රුධිරයේ සිනී තිබුනට සෛල වල සිනි නොමැති නිසා මොලය එය හදුනා ගන්නෙ සිනි අඩුවිමක් විදියට .මොලයෙන් දෙන උද්දිපනය තමයි සීනි කැම පැණි රස කැම අවශ්‍යයි කියන එක

# # #ඉන්දික රත්නායක $ # #

මරණාසන්න අත්දැකීම් / near the death experience ==================================NDE එහෙම නැත්තං මරණාසන්න අත්දැකීම්  බොහ...
15/06/2020

මරණාසන්න අත්දැකීම් / near the death experience
==================================

NDE එහෙම නැත්තං මරණාසන්න අත්දැකීම් බොහෝ අය සලකන්නේ මරණින් මතු පැවැත්මක් තියෙනවා කියන්න සාධක හැටියට .නමුත් මේ පිලිබඳව විද්‍යත්මක පැහැදිලි කිරිම බලමු .
ඇත්තටම කිවොත් මේ ප්‍රකාශ කරන අය ඇත්තටම මියගිය අය නෙවෙයි . මරණාසන්න වි ජිවත් වෙන අයයි.
මේ අයගේ ප්‍රකාශයන්

1. මේ ලොකයෙන් අයින් වෙනවා යැයි හැගිම
2. ධනාත්මක විදියට එනම් සිතෙ සතුටක් හා වෙදනාවක් නොදැනිම
3. කොන්දෙසි විරහිත ආදරණිය හැගිම
4. ගුහාවක් දිගෙ යැම එලියක් පෙනිම
5. මියගිය අය මුණ ගැසිම සමහර විට ජිවත්ව ඉන්න අය පවා
6. තමන්ගේ ආගම අනුව දෙවියන් වැනි අය මුණ ගැසිම
7. ශරිරයෙන් ඉවත්වි ඇති බවක් හැගිම
8. ජිවිත සිදුවිම් දර්ශනය විම

Nde වල ඉතිහාසය

අතිතයෙ පවා මිනිස්සු මරණාසන්න අත්දැකීම් ගැන වාර්තා කරලා තියෙනවා .
1740 දි ප්‍රංශ හමුදාවේ වෛද්‍යවරයෙක් පොතක් පල කරලා තියෙනවා .
1968 දි celia green , out of the body experience නමින් සිදුවිම් 400 ක ප්‍රමාණයක් ඇතුලත් කර පොතක් පල කරලා තියෙනවා .

Nde සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පොත 1975 දි Reymond moody ගේ life after life පොතයි.
ඉතින් මේ nde එහෙම නැත්තං out of body experience ( OBE) ඇත්තද ? එමගින් මරණින් මතු පැවැත්මක් ඔප්පු වෙනවද ?
විද්‍යත්මක උත්තරය නම් කිසිසෙත්ම නොමැත යන්නයි. මේ පිලිබඳව පරික්ෂණ කරපු විද්‍යාඥයන් මෙහෙම වෙන්න හෙතු ගණනාවක් හොයාගෙන තියෙනවා .

අපගේ මොලයේ temporal lobe එක හා parietal lobe එක යන දෙකට අතර පිහිටා තියෙනවා temporoparietal junction (TPJ )කියන ප්‍රදේශය , ඉතින් මෙන්න මේ ප්‍රදෙශය තමයි OBE වලට හෙතුව , මෙන්න මේ ප්‍රදේශය විද්‍යුත් උත්තෙජණයක් මගින් උත්තෙජණය විමෙන් තමයි මිනිස්සුන්ට මේ out of body experience ඇති වෙන්නේ . ඉතින් ඇති වෙන ක්‍රම පිලිබඳව බලමු .

1. හෝමෝන ශ්‍රාවය
අධික ආතති තත්තවයකදි endorphin නිදහස් විම එමගින් වෙදනාව අඩු හැගිම සහ හොඳ හැගිම් ඇති විම

2. හෝමෝන අවහිර විම
Cortard delusion , parkinson වැනි රොග තත්ව වලදි හෝමෝන අවහිර විම නිසා obe ඇතිවේ.

3.කාබන් ඩයොක්සයිඩ් වැඩිවිම
රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවිම නිසා අපෙ දැකිමට බලපැම් කරයි . එලියක් දැකිම හා උමගකින් ගමන් කිරිම පෙන්නෙ මෙනිසයි.

4.ඔක්සිජන් අඩුවිම
මෙනිසා hallucinations ( මායාව ) තත්තවයක් ඇතිවේ. දෙවියන් මැරුන අය පෙනෙන්නේ මෙනිසයි.

5. Reaction to anesthetics
සිහි නැති විම සදහා දෙන බෙහෙත් වල ක්‍රියාකාරිත්වය නිසා hallucinations තත්තවයක් ඇතිවේ.

ඉතින් මේ මරනාසන්න අත්දැකීම් කියන්නේ සම්පුර්ණයෙන් මොලයේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවෙන දෙයක් මිසක් ඇත්තටම සිදුවන දෙයක් නෙවෙයි . ඇත්තටම මෙහෙම දෙයක් ඇතිවෙන එක හොදයි .මොකද එතකොට මරණය බොහොම හොඳ සාමකාමී හැගිමක් ඇතිවෙන දෙයක් හරිම ප්‍රසන්න එකක් විම ඇත්තටම හොදයි .

Indika Rathnayake විසින් ලියන ලදි

01/06/2020

තොන්ඩමනියානු ප්‍රභූ පෙලන්තියේ අඛන්ඩත්වය *************************************************
මේ වියමනේ අරමුණ ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඉන්දියානු සම්භවයක් සහිත වතුකම්කරුවන් මත තොන්ඩමන් පරම්පරාවේ ආධිපත්‍ය දශක ගණනාවක් තිස්සේ ස්ථාවරව පැවතීමට හේතුව තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි.එය මේ රටේ සියලුම දේශපාලන පන්තීන්ට ඉතාමත් අපහසු දායක කියවීමක් වන අදුරු සහගත දේශපලන පරිච්චේදයක් වෙයි. නිදහස ලැබීමත් සමගම බොහෝ ඉන්දියානු වතුකම්කරුවන්ගේ රටවැසිභාවය 1948 රටවැසි පනත,1949 ඉන්දියානු පකිස්තානු රටවැසි පනත යටතේ අහෝසි කරනු ලැබින. රටවැසිකම මේ ජනතාවට අනෙක් අයිතිවාසිකම් ලබා ගැනීමට තිබු වරම පවා අහෝසිකිරිමය.
එමනිසා ඉන්දියානු වතුකම්කරුවවෝ මුල සිටම සිය පැවැත්මේ අහියෝගයකට සබැ ලෙස ම මුහුණ පෑහ.පසු කලෙක 60 දශකයේ මැද භාගයේදී රටවැසිභාවය අහිමිව සිටි දහස් ගණන් කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් තමන් කිසිදාක නොදුටු ඉංදියාවට පිටත් කර හරින ලදී.මෙය සිදුවුයේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේය.මේ කිසිම අවස්ථාවක නිශ්චිත ලෙස ලංකාවේ වම හෝ දක්ෂිණාංශික පක්ෂ මේ වත්කම්කරුවන්ගේ පිහිටට පැමිණියේ නැත.එය ඉටු කරනු ලැබුවේ තොන්ඩමන්ගේ නායකත්වයෙන් පමණි.සිංහල බෞද්ධ චන්ද ලබාගැනීම ඔවුන්ට මහත් පීඩනයකට පත්ව සිටි ජනතාවකගේ ආධාරයට නොපැමිණියහ.1960 ගණන් වල මැද භාගයේ සිට දශකයේ අවසානය දක්වා නැවතත් සිංහල රණකාමී ජාතිවාදය ද්‍රවිඩ වතු කම්කරුවන් අමතක කොට ද්‍රෝහීන් කිරීමේ කතිකාවත පැනනැගීම ඇති විය.එමනිසා 1971 කැරැල්ල මේ රටේ වැඩකරන ජනතාවගෙන් කොටසක් වූ ද්‍රවිඩ වතුකම්කරුවන් පිටමන් කරන ලදී.'ඉන්දියානු ව්‍යාප්තවාදය' නම් ජවිපෙ පන්තිය විසින් ඉදිරිපත් කල ප්‍රතිගාමී දෘෂ්ටිවාදය මේ කට යුත්ත මන වින් ඉටු කලා පමණක් නොව 1987-89 තුල මෙහි දිගුවක් දකින්නට ලැබුණි.එවිට ඉන්දියානු වතු කම්කරුවන් ද්‍රෝහී සේනාංකයක් ලෙස හඳුන්වා දෙන ලදී.මේ තත්වය තුල තොන්මන්ගේ සහ ඒ ප්‍රභූ පවුලේ ආධිපත්‍ය වතු කම්කරු කම්කරු ජනතාව මත ස්ථාපිත කරන ලදී.ද්‍රවිඩ වතු කමකරුවන්ට දේශපාලන වශයෙන් යන එන මං නැතිවන විට ඔව්නුට සිටියේ තොන්ඩමන් ලා පමණි.ඔවුන් අවස්ථාවාදීන් බව ඇත්තය.ඔවුන් ද්‍රවිඩ වතු කම්කරුවන් මෙරට ධනේශ්වර පංතියට ගැට ගැසුවේ එබඳු තත්වයක් යටතේය.උතුරේ ද්‍රවිඩ සටන්කාමී සංවිධාන විසින් ද ඔවුන් කොන් කරනු ලැබුහ.දුපත්කම, දරිද්‍රතාවය සහ නිවාස දෙස බලන විට අපේ රටේ සෑම ශිෂ්ට සම්පන්න සහ සාධාරණත්වය අගයන සෑම හුර්ද සාක්ෂිය පසාරු කරන ගෙන යන කම්පනයක් ඇති කරන ජනතාවක් අද මුහුණ පා සිටින තත්වයට අපේ රටේ වාමාංශික පක්ෂවල වගකීමක් ඇත.ඔවුන් මෙය භාර ගන්නේ නොමැතිව ද්‍රවිඩ වතු කම කරුවන්ගේ ගෞරවය දින ගත නොහැකිය.තොන්ඩමන් ලා පලවා හැරීමට නම් වම විසින් මේ ජනතාව පිළිබවද වපුරන ලද මිත්‍යාවන් සහ දේශපාලන චෝදනා අයින් කිරීමට කට යුතු කලයුතු වෙයි.

( දයාපාල තිරණාගම යන් ගෙ සoශීප්තයකී)

20/03/2020

අද පස්වරු 6 සිට සදුදා දක්වා මුලු දිවයිනට ම බලපාන අයුරින් ඇදිරිනීතිය පනවා තිබෙනවා
Breaking news
© PRIO TV

මේ වන විට ශ්‍රි ලoකාව හා ලෝකයෙ කොරෝනා දත්තයන්
19/03/2020

මේ වන විට ශ්‍රි ලoකාව හා ලෝකයෙ කොරෝනා දත්තයන්

Address

Aylmer Road
Melbourne, VIC
3168

Alerts

Be the first to know and let us send you an email when PRIO TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PRIO TV:

Videos

Share