Gossip Kade News - ගොසිප් කඩේ

Gossip Kade News - ගොසිප් කඩේ සයිබර් අවකාශයේ ජනතා හඬ..!

මහනුවර පොලිස් වසමේ සුදුහුම්පොල ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විදේශිකයින...
23/01/2025

මහනුවර පොලිස් වසමේ සුදුහුම්පොල ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක් සිදුකල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අළෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 130,670/=ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් හා ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

විවාහ වයස පොදු වයස් සීමාවකටසම්පූර්ණ විස්තරය පළමු කමෙන්ටුවේ
23/01/2025

විවාහ වයස පොදු වයස් සීමාවකට

සම්පූර්ණ විස්තරය පළමු කමෙන්ටුවේ

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි ලබාදීමට යන නිමල් පෙරේරාට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.දකුණු පළාතේ...
22/01/2025

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි ලබාදීමට යන නිමල් පෙරේරාට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.දකුණු පළාතේ හෝටලයක් විවෘත කිරීමට නිමල් පෙරේරා සහභාගී වී ඇති අතර එයට ඔහු පැමිණ ඇත්තේ පොලිස් ආරක්ෂාව ලබාගෙනය.

ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට යන අතර මෙවැනි පුද්ගලයින්ට ආරක්ෂාව ලබා දිමට තරයේ විරුද්ධ බව එම පොලිස් ආරංචිමාර්ග වැඩි දුරටත් පැවසීය.

🔴මැතිසබේ  කැත කරන අනංගයෝමේ රටේ උත්තරීතරම ස්ථානය ලෙස සැලකෙන  පාර්ලිමේන්තුවේ සිදුවන ඇතැම්  සිදුවීම් මේ රටේ සාමාන්‍ය ආයතනයක...
19/01/2025

🔴මැතිසබේ කැත කරන අනංගයෝ

මේ රටේ උත්තරීතරම ස්ථානය ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ සිදුවන ඇතැම් සිදුවීම් මේ රටේ සාමාන්‍ය ආයතනයක වත් සිදු නොවන පන්නයේ හිරිකිත යුගුප්සාජනක ඇඟ ලොමුදැහැගැන්වෙන ඒවාය. එහි ඇතැම් සේවක සේවිකාවන්ට ලිංගික වශයෙන් සිදුවන හිරිහැර මෙන්ම පරිපාලනමය වශයෙන් සිදුවන හිරිහැරද එමටය. සමහරු සිය රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම හිංසන දරාගෙන විඳගෙන රාජකාරි කරති. තවත් සමහරුන් එම හිංසනයන්ට එරෙහිව අරගල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ප්‍රධානීන්ගේ රැවුම් ගැරහුම් වලට මෙන්ම පහරකෑම්වලටද මුහුණදෙමින් සිටිති. මේ සියල්ලටම හේතුව පාර්ලිමේන්තුවේ සමහර නිලධාරින් ඔවුන් මේ රටේ විශේෂිත පිරිසක් හෝ විශේෂිත උරුමක්කරුවන් පිරිසක් ලෙස සිතා කටයුතු කිරීමයි. සමහර නිලධාරීන් තවමත් සිතාගෙන සිටින්නේ තමන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන් සුවිශේෂ වරප්‍රසාද ලත් සුපිරි පිරිසක් බවයි. මේ නිසා
තමන්ට ආහාරපාන වාහන ඇතුළු සියලු පහසුකම් අනෙකුත් ආයතන වල සේවකයන්ට වඩා ඉහළින්ම ලැබිය යුතු බව ඔවුහු සිතාගෙන සිටිති. පාර්ලිමේන්තුවේ සමහර කටයුතු හෝ අක්‍රමිකතා ගැන හෝ මාධ්‍ය මගින් කතා කරන විට හෙළිදරව් කරන විට ඔවුන් ඒවාට දැඩි ලෙස පහර දෙන්නේද උරණ වන්නේද කලබල වන්නේද මේ මනෝභාවය නිසාවෙනි. තවත් සමහරුන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ අයිතිකරුවන් සේය. අනුන්ගේ ජීවිත සෙල්ලමට ගෙන තුට්ටු දෙකට ඇද දමන්නේ මේ නිසාය. තවත් සමහරුන් විශ්‍රාම ගොස් විශේෂ වරප්‍රසාද යටතේ නැවතත් විවිධ අංශ වලට පැමිණ සේවය කරති. ඒ වෙනුවෙන් වැටුප් දීමනා ඇතුළු වරප්‍රසාද ලබමින් ජනතාවගේ මුදල් විශාල වශයෙන් කාබාසිනියා කරති.ඒ පාර්ලිමේන්තුව මැරෙනතුරු දමා යා නොහැකියි සිතන පිරිසකි. එසේ සිතා කටයුතු කරන අයෙකු මෑතකදී පාර්ලිමේන්තුවේ ඇමති කාමරයක්ද අල්ලා ගෙන එහි පදිංචියට ගියේය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ඇමති කාමරයක් වෙන් කෙරෙන්නේ ඇමතිවරුන්ට පමණකි.

මේ රටේ උත්තරීතර ස්ථානයේ ඇතැම් නිලධාරීන් කරන මෙම නොපනත්කම් නොසන්ඩාලකම් හේතුවෙන් නම කැත වන්නේ වෙන කාගේ හෝ නොව උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවනීය මන්ත්‍රීවරුන්ගේය. මන්ද පාර්ලිමේන්තුවේ කුමන හෝ දෙයක් වන්නේ නම් ඒ සියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිණුමට බැර කිරීම හෝ චෝදනා කිරීම මේ රටේ සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාදාමයක් හෙයිනි.කණගාටුවට කරුණක් වුවත් රටේ බොහෝ අයගේ මනෝභාවය සැකසී ඇත්තේද එපරිද්දෙනි.

පාර්ලිමේන්තුවේ ඇතැම් ප්‍රධානීන් විසින් ඇතැම් සේවිකාවන්ට කරන ලදැයි කියන ලිංගික හිංසන පිළිබඳ පසුගිය කාලයේදී මාධ්‍ය මගින් විශාල වශයෙන් තොරතුරු අනාවරණය කෙරිණ. මින් ප්‍රධානම ලිංගික හිංසන සිදුවී ඇතැයි පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේය. එහි ඇතැම් ප්‍රධානීන්ට සහ සේවකයන්ට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස පැවැත්වුණු මූලික විමර්ශනයකින් අනතුරුව පාර්ලිමේන්තුවේ සහකාර ගෘහපාලකවරයකුගේ සහ සේවකයන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරිණ.
ඉන් අනතුරුව මෙම සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කෙරුණු අතර එම විමර්ශනය කරනු ලැබුවේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසිනි. සිය සාක්ෂි විභාගයේදී එම දෙපාර්තමේන්තුවේ ලිංගික හිරිහැර පැහැදිලිවම සිදුවී ඇති බවට තොරතුරු තහවුරු කරගත් වීරවර්ධන මහත්මිය සහකාර ගෘහපාලකවරයාගේ සහ සේවකයන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවෙන් නෙරපන ලෙස දන්වමින් පසුගියදා සිය නිර්දේශ ඉදිරිපත් කළාය. ඇයගේ එම නිර්දේශ අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එම තිදෙනාම පාර්ලිමේන්තු සේවයෙන් ඉවත් කිරීමේ ලිපියට අත්සන් තැබුවේය.

මෙම ලිංගික හිංසන සිද්ධිය පිළිබඳ මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය කෙරුණු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ඇතැම් නිලධාරීහු සහ ඇතැම් සේවකයෝ ජනමාධ්‍යයන්ට විවිධ චෝදනා එල්ල කළහ. ඒ මාධ්‍ය අසත්‍ය තොරතුරු ජනගත කරන බවට අභූත චෝදනා නගමිනි. විනිසුරු කුසලා සරෝජනී වීර වර්ධන මහත්මියගේ වාර්තාවෙන් ඔවුන්ගේ එම චෝදනාවලට අවලාද වලට අද නිසි පිළිතුරු ලබාදී ඇත්තේය. පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවෝ 15 දෙනෙක් එම කමිටුව හමුවේ සාක්ෂි දුන්හ. සේවිකාවන් බහුතරයක් තමන්ට ලිංගික හිංසන සිදුවූ බව එහිදී පිළිගෙන තිබිණැයි සඳහන්වේ.

පාර්ලිමේන්තුවේ ඉහළ පුටුවල රැඳී
සිටින සියලු දෙනා රජයේ වෙනත් දෙපාර්තමේන්තුවල මෙන් වසර පහෙන් පහට මාරුකර යැවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නැත. රාජ්‍ය සේවයේ එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ වංචා දූෂණ සහ විවිධ අක්‍රමිකතා වැළැක්වීමේ පියවරක් ලෙසිනි. වෙනත් විදියකින් කියන්නේ නම් යහපාලනය උදෙසාය.කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට නම් එම ක්‍රමය අදාල ම නැත්තේය. පාර්ලිමේන්තුවේ බොහෝ අංශ ප්‍රධානීහු වසර දහය පහළොව විස්ස යනාදී වශයෙන් ඉහළ පුටුවල වැජඹෙති . බොහෝ දෙනකු ආක්‍රමිකතා සහ හිංසන වලට පෙළඹෙන්නේ මේ නිසාය.මේ තත්වය වැළැක්වීමට රාජ්‍ය සේවයේ පොදු මාරු කිරීමේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවටද එකසේ ඈඳිය යුතුය. එසේ නොවන තාක් දූෂණ වංචා අක්‍රමිකතා සහ කාන්තා හිංසන වැළැක්විය නොහැක්කේය. පාර්ලිමේන්තුවේ ඉහළ පුටුවලට සුදුස්සන් රාජ්‍ය පරිපාලන සේවයෙන් වරින් වර බඳවාගැනීමද
මීට එක විකල්පයකි. ලෝකයේ පිළිගත් සම්මත ක්‍රමවේදය වන්නේද එයමය. ඒ සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් දැනටමත් ඉදිරිපත්ව ඇත.

කාන්තාවන්ට ලිංගික වශයෙන් හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තවත් වැදගත් අංශයක ප්‍රධානියෙකු කල් තියා විශ්‍රාම ගැන්වීමටද පාර්ලිමේන්තු ප්‍රධානීහු පසුගියදා පියවර ගත්හ.ඔහු කාන්තාවන්ට ලිංගික වශයෙන් හිරිහැර කිරීම සම්බන්ධයෙන් නම් දරා සිටි පුද්ගලයකු බව පැවසිණි. එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට උසස්වීම් ලැබීමට අවශ්‍ය නම් ඔහුට ලිංගික අල්ලස් දිය යුතුව තිබූ බව පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකු දන්නා කාරණයකි.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන කාන්තාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් කිරීමක් පිළිබඳවද මාධ්‍ය මගින් පසුගියදා තොරතුරු අනාවරණය කෙරිණ.
අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තු සභාගර්භයේදී ප්‍රශ්න කිරීමෙන් එම කාරණය සමාජයේ දැඩි කතාබහට සහ ආන්දෝලනයට ලක්වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ නියෝගයෙන් ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කෙරුණේ ඒ අනුවය. පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය එම මූලික විමර්ශනය පවත්වා එහි වාර්තාව දැනටමත් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇත.
එහෙත් තවමත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති පාටක් නම් පෙනෙන්නට නැත. යම් නිලධාරියකු හෝ නිලධාරීන් පිරිසක් වරදක් කරනවා නම් ඔවුන්ට දඬුවම් කිරීම පරිපාලනයට භාර කටයුත්තකි. එසේ නොවනතාක් නිලධාරීහු බඩ පිනුම් ගසමින් ඒ වැරදි දිගින් දිගටම සිදුකරති. ඇතැම් ප්‍රධානීන්ගේ හිංසනයට ලක්වූ බව කියන නිලධාරිනිය පමණක් දැනට ඇයගේ විෂය පථයට අදාල නොවන වෙනත් අංශයකට මාරුකර යවනු ලැබ සිටින්නීය. පාර්ලිමේන්තු ප්‍රධානීන් පවසන්නේ ඇයගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවකි. කෙසේ වෙතත් ඇයට හිංසන කළ බව පැවසෙන ප්‍රධානීන් එම දෙපාර්තමේන්තුවේ පුරසාරම් දොඩමින් තවමත් සුවසේ රාජකාරි කරමින් සිටින බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
මෙය දැඩි අසාධාරණයක් මෙන්ම හිරිහරයට ලක් වූ සේවිකාවන්ට යුක්තිය ඉෂ්ට වීමක් නොවන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සිදුවූ ලිංගික හිංසන සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වූවා සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සේවකයන් පිරිසක් පසුගියදා කතානායකවරයාගෙන් සහ රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලීමක් කළේ මේ නිසාය. අද පාර්ලිමේන්තුව කාන්තාවන් ගණනාවක් මුල් පුටු හොබවන ස්ථානයකි.එවැනි ස්ථානයක කාන්තා හිංසන සිදුවන්නේ නම් එය කණගාටුවට කාරණයක් නොවන්නේද?

පාර්ලිමේන්තුවේ ඉතිහාසය පුරා ඇතැම් අභ්‍යන්තර විමර්ශන අවසන් වූයේ වින්දිතයන් වැරදිකරුවන් කරමින් බව තතු දත් සේවකයෝ පෙන්වා දෙති.

එසේම තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් ඇතැම් සේවිකාවන්ට හිරිහැරවීම් ආරම්භ වී ඇත්තේ අද ඊයේ නොවන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ලිංගික හිරිහැර හේතුවෙන් සේවිකාවන් දෙදෙනෙකු රට පවා අතහැර ගිය බව දැනගන්නට ඇත. අද ඒ ප්‍රධානියාද පාර්ලිමේන්තුවේ නොමැත.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාන්තා හිංසන සිද්ධියද පසුගිය දිනවල මැතිසබේත් විවිධ මාධ්‍යවලත් ප්‍රබලව කතා බහට ලක් වූවකි. එසේ හෙයින් මේ සිද්ධියද වින්දිත නිලධාරිනිය පමණක් පැත්තකට මාරුකර වසා දමන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදය මුදුන් මල් කඩ කරගත් පාර්ලිමේන්තුවට තරම් නොවන්නකි. යමෙකුට යුක්තිය ඉෂ්ට නොවීම අපරාධකරුවන්ට තෝතැනි තැනීමක් බව නීතියේද පැහැදිලිව සඳහන්වේ. යහපාලනය වෙනුවෙන් විවිධ සාධනීය පියවර ගණනාවක් ගත් මාලිමා රජය සහ නව කතානායකවරයා මේ සම්බන්ධයෙන් ගන්නා අපක්ෂපාති එඩිතර තීරණය දෙස රටේ යුක්තිය සාධාරණය අගයන බොහෝ පිරිසක් මහත් නොඉවසිල්ලෙන් අද බලා සිටින බව මෙහි අවසන් වශයෙන් සඳහන් කළ යුතුමය.

17/01/2025
🔴ධම්මික පෙරේරාගේ ගෝලයා නිමල් පෙරේරා ලබන සතියේ නාමල්ට එරෙහිව සාක්කි දෙන්න යයි.ධම්මික පෙරේරාගේ ගෝලයකු වන නිමල් පෙරේරා ලබන ...
14/01/2025

🔴ධම්මික පෙරේරාගේ ගෝලයා නිමල් පෙරේරා ලබන සතියේ නාමල්ට එරෙහිව සාක්කි දෙන්න යයි.

ධම්මික පෙරේරාගේ ගෝලයකු වන නිමල් පෙරේරා ලබන සතියේදී නාමල් රාජපක්ෂට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට කටඋත්තරයක් ලබාදීමට නියමිතය.ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධ ගණුදෙනුවක් ගැන මෙසේ සාක්ෂි ලබා දීමට නියමිතය වර්තමාන වෙලෙද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නිවසක් විකුණා කොමිස් ලබාගත් බවට සාක්ෂි දුන්නේද මෙම නිමල් පෙරේරා විසිනි.තවද මුලින් ජනතා විමුක්ති පෙරමුණ සමග ධම්මික පෙරේරා සම්බන්ධ කිරීමට මැදිහත් වූයේද නිමල් පෙරේරා විසිනි.

🔴කතානායක රවට්ටනකුමන්ත්‍රණයක්පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම්  ප්‍රධා...
08/01/2025

🔴කතානායක රවට්ටන
කුමන්ත්‍රණයක්

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා විශේෂ ප්‍රශ්නයක් නගමින් පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ කරුණු අනාවරණයක් කළේය.

මේ කරුණු අනාවරණයෙන් පසු එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

කතානායකවරයාගේ මේ ප්‍රකාශයෙන් කලබලයට පත් වූ එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් එහි සේවක සේවිකාවන්ට එවැනි හිරිහැර සිදු නොවන බවට කතානායකවරයාට දැන්වීම සඳහා කිසියම් ලිපියකට බලහත්කාරයෙන් අත්සන් ගැනීමේ කූට ව්‍යාපාරයක් අරඹා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙහි අරමුණවී ඇත්තේ කතානායකවරයා රැවටීම බව දැනගන්නට ඇත.

මෙම සිද්ධියෙන් ඇතැම් ප්‍රධානීන්ට ඇතිවී තිබෙන නින්දාවෙන් ගැලවීමද මෙම කූට උප්පරවැට්ටියේ තවත් අරමුණක් බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම අත්සන් ලේඛනය අද හෙටම කතානායකවරයාට භාර දීමට නියමිත බව සඳහන් කරන එම ආරංචි මාර්ග මෙම උප්පරවැට්ටියට නොරැවටෙන ලෙස තවත් සේවකයන් පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට සූදානම් වෙමින් සිටින බවද අනාවරණය කළේය

දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් දැනටමත් එහි ප්‍රධානීන්ට අවවාද කර ඇත.

එසේ තිබියදී එවැනි හිරිහැර නොවූ බවට මෙලෙස අත්සන් ගැනීම විහිළු සහගත කාරණයක් බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුව සිය සේවකයන් සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණ බොහොමයක් නිමාවූයේ වින්දිතයන්ට කිසිදු සාධාරණයක් ඉටුකර නොදෙමිනි. ඒ ඇතැම් ප්‍රධානීන්ගේ බලපෑම් හේතුවෙනි. එසේ හෙයින් මෙම පරීක්ෂණය බාහිර විමර්ශකයන්ගේ සහාය ලබාගෙන කරන ලෙස එම සේවකයෝ කතානායකවරයාගෙන් උදක්ම ඉල්ලා සිටිති.

එසේම මෙම බොරු අත්සන් මත පදනම් කරගෙන යම් තීන්දුවක් ගතහොත් එය සැබෑ වින්දිතයන්ට කරන බලවත් අසාධාරණයක් බවද ඔවුහු අවධාරණය කරති.

ඇත්ත තත්වය මෙසේ හෙයින් උගත් බුද්ධිමත් කතානායකවරයා මෙම සිද්ධිය ගැන සෙවීම බාහිර විමර්ශන කණ්ඩායමකට පවරනු ඇතැයි යුක්තිය සාධාරණය අගයන පාර්ලිමේන්තු සේවක සේවිකාවෝ තවදුරටත් බලාපොරොත්තු වෙති.

පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් මේ අවස්ථාවේදී කළ යුත්තේ සිදුවී ඇති හිරිහැර පිළිබඳව පුළුල්ව සොයා බලා ඒවා විසඳීම මිස වෙන උප්පරවැට්ටි දමමින් ඒවා වසන් කිරීම නොවන බව බොහෝ දෙනෙක් පෙන්වා දෙති. මන්ද මෙම දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවන හිරිහැර පිළිබඳව පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් කාලයක සිටම මනාව දන්නා කාරණයක් හෙයිනි.

🔴රුහුණු කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වෙනුවෙන් මහා සංඝරත්නය පෙරට.රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේ...
05/01/2025

🔴රුහුණු කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වෙනුවෙන් මහා සංඝරත්නය පෙරට.

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මුදල් අවභාවිතා කර ඇති බවත් රුහුණු මහා කතරගම දේවාලයේ මුදල් මාතර දිස්ත්‍රික්කයේ බෙදා ඇති බවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.කෙසේ වෙතත් මෙම මුදල් ලබා දී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ පන්සල් වලට බවත් ඩිශාන් ගුණසේකරට අභූත චෝදනා එල්ල කරනවානම් ඊට එරෙහිව චෝදනා කරන පුද්ගලයින්ටත් එරෙහිව කටයුතු කරන බව මහා සංඝරත්නය පවසයි.

🔴දූෂණ චෝදනා හෙලිකෙරුවැයි කියා හෙල ඇපරල්හී පිය පුතු CID යයි.........................සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අපහාසාත්මක පු...
02/01/2025

🔴දූෂණ චෝදනා හෙලිකෙරුවැයි කියා හෙල ඇපරල්හී පිය පුතු CID යයි.........................

සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අපහාසාත්මක පුවත් පළකරන බව පවසමින් හෙළ ඇපරල්හී අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

මෙම අධ්‍යක්ෂවරුන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා සම්බන්ධව පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ පුවත් සංසරණය වූ අතර එම දූෂණ චෝදනා බොරු බවට ඔප්පු කරනවා වෙනුවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත් නවත්වා දෙන ලෙස මෙම අධ්‍යක්ෂවරු දෙපළ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙන් ඉල්ලා ඇත.

ශ්‍රීලංකා රේගුවට ගෙවිය යුතු කෝටි ගණනක රේගු බදු නොගෙවීම හා හෙළ ඇපරල් සමාගමට පාඩු කරමින් පෞද්ගලික මූල්‍ය සමාගමක් හරහා ලබාගත් ණය මුදල් වංචා සහගතව පරිහරණය කිරීම ඇතුළු පුවත් කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

එමෙන්ම සමාගමේ අභ්‍යන්තර තොරතුරු මාධ්‍ය හරහා පලකිරීමට තොරතුරු ලබාදුන් බව පවසමින් සමාගමේ ඇතැම් සේවකයන්ට මොවුන් බැනවැදී ඇති අතර ඇතැම් වෙබ් අඩවි වලට මුදල් ලබාදෙමින් මෙම පුවත් ඉවත්කර දෙන ලෙසද ඉල්ලා ඇත.

මොවුන්ට කැනඩා පුරවැසිකම ඇති බැවින් මෙරට රජයට නීතිමය පියවරක් ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති අතට මොවුන්ගේ දූෂණ චෝදනා හේතුවන් මෙරට කීර්තිමත් සමාගමක් වන හෙළ ඇපරල් ආයතනය මේ වනවිට කඩාවැටීමෙ අවධානමට පවා ලක්ව තිබේ.

🔴දියවන්නාව ගඳ ගස්සනලොක්කන්ගේ කෙරුවාව/සේවකයන් තලා පෙළා දමමින් ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරමින් ඒකාධිපතින්...
27/12/2024

🔴දියවන්නාව ගඳ ගස්සන
ලොක්කන්ගේ කෙරුවාව/

සේවකයන් තලා පෙළා දමමින් ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරමින් ඒකාධිපතින් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් පිරිසක් ගැන සේවකයන් කතානායකවරයාටද පාර්ලිමේන්තු මහ ලේකම් සහ නියෝජ්‍ය මහලේකම් ඇතුළු ප්‍රධානීන්ටද පැමිණිලි කර ඇතැයි වාර්තාවේ

ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ රූමත් සේවිකාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධානියකු ඇතුළු නිලධාරීහු දෙදෙනෙක් දැනට වැඩ තහනමට ලක් කරනු ලැබ සිටිති

එම පරීක්ෂණ මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම පරීක්ෂණයෙන් අනතුරුව ඒ දෙදෙනාට දැඩි පියවර ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කාන්තාවන්ට විවිධ ලිංගික අඩන්තේට්ටම් කළ බවට චෝදනා එල්ල වූ තවත් අංශයක සල්ලාල ප්‍රධානියෙක් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් පසුගියදා විශ්‍රාම යෑමට නියමිත දිනට කලින්ම විශ්‍රාම යවනු ලැබීය.

මෑත කාලයේදී කාන්තාවන් ඇතුළු සේවකයන් හිරිහැරයට ලක් කිරීමේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ( Department of Information Systems And Management ) ඇතැම් ප්‍රධානීන්ටය.

මේ පිළිබඳවද සේවිකාවන් කිහිපදෙනකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනටමත් පැමිණිලි කර ඇතැයි දැනගන්නට ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඔවුන්ට පසුගිය දිනෙක දැඩි ලෙස අවවාද කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලයක සිට සිදුවන අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව සේවිකාවන් කිහිප දෙනෙකු එම අංශයෙන් දැනටමත් ඉවත්ව ගොස් ඇත.

සමහරුන් විදේශගතවූ බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාලයක් කටයුතු කළ හිටපු ප්‍රධානියාද තමන්ට අවනත නැති කාන්තාවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් නම් දැරූ සල්ලාලයකු බව තතු දත් පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

මේ අතර එම දෙපාර්තමේන්තුවේ පැය අටෙන් වැඩි කාලයක් නිකරුණේ නිදාගන්නා සේවකයෙකු සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පැමිණිලි ලැබී ඇත

බොහෝ අංශවල සේවක සේවිකාවන්ට උසස්වීම් පිරිනමන්නේ ප්‍රධානීන්ට බැල මෙහෙවරකම් කරන එහෙයියන්ට හෙන්චයියන්ට සහ සට්ටැඹියන්ට පමණි. පළපුරුදුකම් සහිත ඉහළ අධ්‍යාපනයක් ලබාගත් බොහෝ පිරිස් මේ හේතුවෙන් කාලයක් තිස්සේ කොන්වී අසාධාරණයට ලක්ව සිටිති. පාලනාධිකාරියද මේ පිරිස් ගැන විචාරශීලීව සොයා නොබැලීම කණගාටුවට කරුණක් බව සේවකයෝ පෙන්වා දෙති.

කාලයක් තිස්සේ මේ අසාධාරණකම් ඉවසාගත නොහැකි වූ අංශ කිහිපයක සේවකයන් පිරිසක් නඩු මඟට බැස ඇත්තේ මේ නිසා බව පවසන එම සේවකයෝ ඉදිරියේදී තවත් සේවකයන් මේ ආකාරයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවද ප්‍රකාශ කරති.

මේ අසාධාරණකම් පිළිබඳව සේවකයන් රැසක් නව කතානායකවරයාටද පැමිණිලි කර ඇතැයි දැනගන්නට ඇත.

08/10/2024

දේශපාලනපුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මුද්දර අහෝසි කරයි By EDITOR - October 8, 2024 0 2 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රීවර...

08/10/2024

පුවත් අසත්‍ය පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක් By EDITOR - October 8, 2024 0 2 FacebookTwitterPinterestWhatsApp රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේ...

🔴මහ ඡන්දයට පෙර එන සංදර්ශන?සම්පූර්ණ විස්තරය පලමු කමෙන්ටුවේ
08/10/2024

🔴මහ ඡන්දයට පෙර එන සංදර්ශන?

සම්පූර්ණ විස්තරය පලමු කමෙන්ටුවේ

🔴දහම් දිලිත්ට! කපුකම මෛත්‍රීපාල !සම්පූර්ණ විස්තරය පලමු කමෙන්ටුවේ
03/10/2024

🔴දහම් දිලිත්ට! කපුකම මෛත්‍රීපාල !

සම්පූර්ණ විස්තරය පලමු කමෙන්ටුවේ

රනිල් ලගට ගිය පිරිස අනාථයිසම්පූර්ණ විස්තරය පලමු කමෙන්ටුවේ
02/10/2024

රනිල් ලගට ගිය පිරිස අනාථයි

සම්පූර්ණ විස්තරය පලමු කමෙන්ටුවේ

උගන්ඩාවේ සඟවා ඇති මුදල් වහාම ගේන්න..!සම්පූර්ණ විස්තරය පලමු කමෙන්ටුවේ
02/10/2024

උගන්ඩාවේ සඟවා ඇති මුදල් වහාම ගේන්න..!

සම්පූර්ණ විස්තරය පලමු කමෙන්ටුවේ

🔴නාමල්ගේ අරාධනයRead the first comment
27/09/2024

🔴නාමල්ගේ අරාධනය

Read the first comment

🔴සූදානමREAD THE FIRST COMMENT
24/09/2024

🔴සූදානම

READ THE FIRST COMMENT

Address

Caroline Springs, VIC

Alerts

Be the first to know and let us send you an email when Gossip Kade News - ගොසිප් කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gossip Kade News - ගොසිප් කඩේ:

Videos

Share