CrazyGirls.lk

  • Home
  • CrazyGirls.lk

CrazyGirls.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CrazyGirls.lk, Digital creator, .
(501)

😂
06/09/2024

😂

♥️
27/08/2024

♥️

08/08/2024
03/08/2024

තරගයෙන් පසු නොදුටු දසුන් 😂

31/07/2024

ඒ උනාට සනත්ට තිබ්බා චමරිගෙන් මන්තරේ හරි අහලා චරිත්ට කියලා දෙන්න
😂🏏

පරිස්සමෙන් කෙල්ලනේ.. මෙච්චර කල් හිටපු නැති මීඩියා කාරයොයි, බිස්නස් කාරයොයි, දේශපාලකයොයි දැන් එයි womens cricket එකටත් රි...
29/07/2024

පරිස්සමෙන් කෙල්ලනේ.. මෙච්චර කල් හිටපු නැති මීඩියා කාරයොයි, බිස්නස් කාරයොයි, දේශපාලකයොයි දැන් එයි womens cricket එකටත් රිංගන්න. ලයික් වලට, කමෙන්ට් වලට රැවටෙන්න එපා. දිගටම රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න. තව දියුණු වෙන්න. රගපාන්න සිංදු කියන්න මේ රටේ ඇතිතරම් අය ඉන්නවා. හොද කාලා ක්ෂේත්‍රයක් නැති උනාට පදුරකට පයින් ගැහුවත් artist ලා විසිවෙනවා. ඒත් ක්‍රිකට් ගහන්න දක්ෂ අය අඩුයි. ඒ නිසා පිරිමි කණ්ඩායම වගේ වෙන්නෙ නැතිව දිගටම ක්‍රිකට්ම ගහන්න. ජයම වේවා ! ♥️💪🏻🏆

29/07/2024

දිනන අයට වාසනාවන්තයෝ කියන්න එපා !
මොකද එයාල නිදි මරාගෙන මහන්සි වෙද්දී ඔයාල හිටියෙ නිදාගෙන

19/07/2024

ලෝකෙ ලොකුම තෙල් නැවක ඉන්න ලංකාවෙ අපේ කොල්ලෙක්ගෙ අලුත් වැඩක්....😱🥹😍

Channel එකට ගිහින් ම බලන්න..නියම වීඩියෝ ටිකක් තියනව.!!👏

https://youtube.com/?si=Jh4JDkfUl1RR4huo

19/07/2024

නැවත ඉපදීම විශ්වාස කරන්නෙ නැති උන්ට 😂 අප්පගෙ පොඩි උන් ඉන්නෙ

18/07/2024

ඕනෑවට වඩා රගන්න ගියාම 😂

පව්ලන්තයේ ඉස්කෝල කාලේ Goන් පාට්. 🤡⭕ අධ්‍යාපනය ⭕1. ප්‍රජනනය පාඩම අපි තනියම හොරෙන් ගෙදරදි කියවගන්න ඔිනෙ. 2. විචාර ලිය...
02/07/2024

පව්ලන්තයේ ඉස්කෝල කාලේ Goන් පාට්. 🤡

⭕ අධ්‍යාපනය ⭕

1. ප්‍රජනනය පාඩම අපි තනියම හොරෙන් ගෙදරදි කියවගන්න ඔිනෙ.

2. විචාර ලියන්න කවි සහ දෙබස් කටපාඩම් වෙන්න ඔිනෙ. විචාර වලට තමංගෙ අදහස ලිව්වොත් ලකුණු නෑ, අහවල් මහාචාර්යය වරයාගේ අදහස තමයි ලියන්න ඔිනෙ.

3. ප්‍රා.තා.කු වලට සම්පූර්ණ පාසැල් නිළ ඇඳුමින් සැරසී මළකඩ කාපු කැති, උදළු ගෙන වල් පැල සුද්ද කරන්න ඔිනෙ.

4. අනිවාර්යයෙන් කාණ්ඩ විශයක් කරන්න ඔිනෙ. චිත්‍ර ඇඳගන්න බැරි එකා චිත්‍ර පීරියඩ් එකේ ගුටි කන්න ඔිනේ. චිත්‍ර පුළුවන් එකා ගණං පීරියඩ් එකේ ගුටි කන්න ඔිනෙ.

5. ගෙදර ගිහිං අච්චු පොතේ තියෙන එක එහෙම්මම ලියන පොතේ ලියාගෙන එන්න ඔිනේ.

6. ICT අච්චු පොතේ තියෙන එක්දාස් නවසිය ගණං වල කොම්පියුටර් ගැන සුද්ද සිංහලෙන් පේපරේට ලියන්න ඉගෙන ගන්න ඔිනෙ.

7. කොම්පියුටර් ලැබ් එකේ කොම්පියුටර් ඇල්ලීම තහනම්.

8. අකුරු වෙන කෙනෙකුට කියවන්න පුළුවන් උනාට මදි, හරියටම රූලේ භාගයක් උස වෙන්න රවුමට ලියන්න ඔිනෙ.

9. ඉස්කෝලෙ ඇරිලා 1.30 න් පස්සෙත් ඉගෙනගන්න ඉන්න ඔිනේ.

10. අදාල ගුරුවරයගේ ටියුෂන් ක්ලාස් එකටම යන්න ඔිනේ, ඉස්කෝලෙදි ඔක්කොම උගන්නන්නෑ.

11. ගෙදර වැඩ කරල නැත්තං පන්තියේ එළියෙ දණගහගෙන ඉන්න ඔිනේ.

12. ලකුණු අනුව පන්ති වලට දාන්නේ. දොස්තරලගේ, ඉංජීනේරුවන්ගෙ පන්තියට විතරයි උගන්නන්නෙ. වැඩ බැරි පන්තියට උගන්නන්නෑ.

13. පිටු 80 පොත් තහනම්. පිටු 200ට වැඩි වෙන්න ඔිනෙ.

14. පිටකවර දානකොට පංතියේ පාටින් පටියයි, ශ්‍රේණියේ පාටින් පටියයි, විශයේ පාටින් පටියයි අලවන්න ඔිනේ, අනිවාර්යයෙන් බ්‍රව්න්පේපර් දාලා පොලිතින් කවරෙකුත් දාලා ස්ටේපර් කරන්න ඔිනෙ.

15. පිටු 400 පොතක් අරගෙන පොතේ මුල්ල පඩිපෙල වගේ කපලා සබ්ජෙක්ට් එකේ කොටස් වල නම ලියල හදාගන්න ඔිනෙ. වෙන වෙනම පොත් ගන්න බෑ.

16. පංතියේ හැමෝම සත්තුංගෙ රූප කපාගෙන අරං එන්න ඔිනෙ, පොතේ අලවන්න. සත්තුංගෙ රූප තියෙන පොතක් ගන්න තහනම්.

17. බෑග් එක කිලෝ 10ක් බර උනත් අච්චුපොත් අනිවාර්යයෙන්ම ගෙදර ඉඳන් ගේන්න ඔිනෙ, ඉස්කෝලෙ තියන්න තැනක් නෑ.

18. ප්‍රථමාධාර, fire safety, survival skills ඉගෙන ගන්න තහනම්. අහවල් කන්දෙ උසයි, අහවල් ගඟේ දිගයි, අහවල් කුමාරයගේ ජීවිත කතාවයි, ගාථා ලොට් එකයි කට පාඩං කරන්න ඔිනේ.

19. අධ්‍යාපන චාරිකාව යන්න පොතකුයි, පෑනකුයි ගේන්න ඔිනෙ.

20. රු. 20,000 පොත් ලිස්ට් එක අවෘද්ද මුලදි එකවර ගන්න ඔිනේ.

21. විභාග වලට පෙනී ඉන්න නම් පැමිණීම 80% ක් තියෙන්න ඔිනෙ.

⭕ විනය ⭕

1. කොණ්ඩෙ මැද්දෙං අත දැම්මම කෙස් ගස් ඇඟිලි අස්සෙන් උඩට එන්න බෑ.

2. කියුටෙක්ස් ගාලා සපත්තු දාන්න බෑ.

3. සපත්තු උල් උනොත් ටීචලට සපත්තු උඩ නැගලා පාගලා ඩාන්ස් කරන්න දෙන්න ඔිනේ.

4. වැලන්ටයින් දවසට ටොපි, චොක්ලට් ගේන්න බෑ. ගෙනත් මාට්ටු උනොත් දෙමව්පියෝ එක්ක එන්න ඔිනෙ, අනිත් දවසේ රැස්වීමෙදි ස්ටේජ් නැගලා චාටර් වෙන්න ඔිනෙ.

5. වැරද්ද කලේ ගුරුවරයෙක්ගෙ ළමයෙක් නං ගුටි නෑ.

6. පන්තියේ මහතම එකාගෙයි, කෙට්ටුම එකාගෙයි දෙන්නගෙම කලිසමේ වාටිය අඟල් 16 වෙන්න ඔිනෙ.

7. තෙල් ගාලා කොණ්ඩෙ පැත්තට පීරන්න ඔිනේ, කොණ්ඩෙ ස්වභාවය, මූනෙ හැඩය අදාල නෑ.

8. පෝන් ගේන්න බෑ, පර්ස් ගේන්න බෑ, රු 500ට වඩා ලඟ තියෙන්න බෑ.

9. උදේ රැස්වීමට අනිවාරෙන් එන්න ඔිනේ, අවුවේ පන්සිල් අරං භාවනා කරන්න ඔිනෙ, ඇස් ඇරියොත් ගුටි කන්න ඔිනේ, මියුසික් එකට විනාඩි 15ක් නටන්නත් ඔිනේ.

10. පෝයට අනිවාර්යයෙන් සිල් ගන්න එන්න ඔිනෙ, ආවෙ නැත්තං ඊලඟට එන දවසෙ තනියම සිල් ගන්න ඔිනෙ.

11. ඉස්කෝලෙ එන්න පරක්කු උනාම පළවෙනි පීරියඩ් එකෙ තණකොල ගලවන්න ඔිනේ.

12. සෙරප්පු දාං එන්න බෑ. සෙරෙප්පු දාං ආවොත් ඔෆිස් එකේ සෙරෙප්පු ගලවලා තියලා යන්න ඔිනේ.

13. ගවුමේ වාටිය කොට නං ලෙහාගන්න ඔිනෙ, කලිසමේ වාටිය 16ට අඩු නං වාටිය කපාගන්න ඔිනේ.

14. අලවන සපත්තු බෑ. අලවන සපත්තු නං හිල් කරලා ලේස් දාගන්න ඔිනේ.

15. ගේට්ටුවට වැඳලා එන්න ඔිනේ, ආරක්ෂාවට දාපු හමුදා නිළධාරියාට වැඳලා යන්න ඔිනේ.

16. හොරෙක් උනත්, මිනිමරුවෙක් උනත්, කුඩු ජාවාරම්කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක් උනත් වැඳලා ඌ අතිං සහතික ගන්න ඔිනෙ.

⭕ ෆින්ලන්ඩ් වල ඉස්කෝල මෙහෙමයි, අහවල් රටේ මෙහෙමයි කියලා පෝස්ට් දකිනකොට, ෆිල්ම් වල වෙන රටවල් වල ඉස්කෝල දකිනකොට මට හිතෙනවා අපේ ළමා කාලෙ කොච්චර අවාසනාවන්ත කාලකණි කාලයක්ද කියලා. moreඩ වැඩිහිටියෝ අපේ ජීවිත නාස්ති කරලා, අපේ නිර්මාණශීලිත්වය, සිතීමේ හැකියාව මරලා දාලා. නිදහසක් නැතුව, ජීවිතේට සත පහක වැඩකට නැති දේවල් ඉගෙන ගන්න ගමං අපි අපේ ජීවිතේ හොඳම කාලෙ නාස්ති කරලා.

😌
15/06/2024

😌

Address


Website

Alerts

Be the first to know and let us send you an email when CrazyGirls.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CrazyGirls.lk:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

අතේ ඇති මුදලට ඇඩ් එකක් දාමුද

කතා කරන්න 0767739356