A/L Physics

A/L Physics Advanced Level Physics - Sri Lanka

Contact Us: 0717574867

The goal of this page is to provide you an environment to understand physics through discussion and questions. Do not hesitate to send us feedback.

මෙම භෞතික විද්‍යා පිටුව ඔස්සේ උසස් පෙළ භෞතික විද්‍යා විෂය පිළිබද ගැබුරෙන් සාකච්චා කිරීම ප්‍රධාන අරමුනයි.

"උදේට බටර් ගාල පාන් කන්න ආසයි..."දවසක් මම කීවාය."බටර් ඉවරයි... තාත්තා අතේ මේ දවස්වල සල්ලිත් නෑ..."අම්මා රහසින් වගේ එහෙම ...
26/04/2024

"උදේට බටර් ගාල පාන් කන්න ආසයි..."
දවසක් මම කීවාය.

"බටර් ඉවරයි...
තාත්තා අතේ මේ දවස්වල සල්ලිත් නෑ..."
අම්මා රහසින් වගේ එහෙම කිව්වේ
තාත්තාට එය නෑසෙන ලෙසටය.

මම වහා තත්ත්වය තේරුම් ගත්තාය.
මම කොහොමටත් තාත්තාගේ බැරි අමාරුකම් වටහා නොගත් දරුවෙක් නොවේ.

"තාත්තා බස් වියදම විතරක් අතේ
තියාගෙනයි වැඩට ගියේ..."

තාත්තා රෑ වැඩමුරයට ගිය පසු අම්මා
මට වඩාත් පැහැදිලි කළාය. මගෙන් පිටවුණු කතාව ගැන ලැජ්ජා වූ මම මූණ බිමට හරවා ගෙන සිටියාය.

නමුත් තාත්තා උදේම ගෙදර ආවේ උණු උණු පාන් රාත්තලක්ද, සීතල බටර් එකක්ද අරගෙනය.

"අතමාරුවක් ගත්තද"
අම්මා රහසින් අසනු මට ඇසිණ.

"නෑ....මං පයින් ආව..."
මගේ පුංචි හදවත දැවී පිච්චී ගියේය.

තාත්තා...! 🌏❤🥹

Copied.

©

When the engineer creativity meets with humanity 💙❤️
21/08/2023

When the engineer creativity meets with humanity 💙❤️

ඔබට අවශ්‍ය ඕනෑම පොතක් 📖️හෝ පොත් ලැයිස්තුවක් ගෙදරටම 🏠️ ගෙන්වා ගැනීම සදහා, අමතන්න ☎️ 0715423375 (whatsapp)Contact Us : 071...
02/08/2023

ඔබට අවශ්‍ය ඕනෑම පොතක් 📖️හෝ පොත් ලැයිස්තුවක් ගෙදරටම 🏠️ ගෙන්වා ගැනීම සදහා, අමතන්න ☎️ 0715423375 (whatsapp)

Contact Us : 07154 233 54

අප විසින් ඔබට ලබාදෙන සේවාව👇 (see more ඔබන්න 👉)..

👉ඔබට අවශ්‍ය ඕනෑම පොතක් හෝ පොත් ලැයිස්තුවක් අප විසින් මිල දී ගෙන ඔබ වෙත තැපැල් සේවාවෙන් හෝ වෙනත් කුරිය සේවාවක් මගින් ගෙනත් දීම සිදු කරයි.

👉පොත් ඔබවෙත එවීමට පෙර whatsapp මගින් පොත්වල photos එවීමෙන් තහවරු කිරීමක්ද සිදු කරනු ලැබේ.

👉විදෙස් රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන් හට උවද මෙම සේවාව ලබා ගත හැකිය.

👉පොත් මිලදී ගැනීමේදී ලැබෙන බිල් පත ද ඔබට ලබා දෙනු ලැබේ. පොත් මිල දී ගැනීමේ දී වට්ටමක් ලැබුනහොත් එම වාසියද ඔබට ලැබේ.

👉ඔබ ගේවීමට අවශ්‍ය වන්නේ බිල්පත් වල සදහන් මුදල, කුරිය ගාස්තුව සහ අපගේ ගාස්තුව ලෙස බිල්පත් වල සදහන් මුදලින් 10% ක ගාස්තුවක් පමනි. රු 5000 ට අඩු බිල්පත් සදහා අපගේ ගාස්තුව රු 500 ක් අය කරනු ලැබේ.

📖️ පොත් පත් සෙවීමට තවදුරටත් ඔබ මහ මගට කාලය වැය කලයුතු නැත. ඔබට අවශ්‍ය පොත් ඔබගේ නිවසටම අපි ගෙනත් දෙන්නම්. අමතන්න අපිව, 👇👇
👇👇👇☎️☎️
Contact Us : 07154 233 54 (wahasapp, voice)

22/01/2023
17/09/2022
Physics Class   ||Contact : 071 54 233 54(Home visit Individual, Group and Online Classes)2022, 2023, 2024 A/LFb - Kasun...
30/08/2022

Physics Class ||Contact : 071 54 233 54
(Home visit Individual, Group and Online Classes)
2022, 2023, 2024 A/L

Fb - Kasun Gunasekara

😂😂
02/08/2022

😂😂

මෙතුවක් ඉක්මනින් ඔබේ ජීවිත ගමන නිමා වෙයි කියා අප කිසිවිටෙකත් නොසිතුවෙමු.මහේෂ් දුග්ගන්නාරාල ගුරුතුමනි...ඔබට නිවන්සුව ලැබේ...
30/07/2022

මෙතුවක් ඉක්මනින් ඔබේ ජීවිත ගමන නිමා වෙයි කියා අප කිසිවිටෙකත් නොසිතුවෙමු.මහේෂ් දුග්ගන්නාරාල ගුරුතුමනි...ඔබට නිවන්සුව ලැබේවා..!

මොලේට සමනල ගැටේ වැටුනා ෆ්‍රෙන්ස් 😂😂
30/07/2022

මොලේට සමනල ගැටේ වැටුනා ෆ්‍රෙන්ස් 😂😂

ලොව භයානකම පොත  📚ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්‍රධානම පොතක් තමා නොබෙල් ත්‍යාගය ලාභී මාරි කියුරිගේ  note book එක...එයාගෙ ප...
26/07/2022

ලොව භයානකම පොත 📚

ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්‍රධානම පොතක් තමා නොබෙල් ත්‍යාගය ලාභී මාරි කියුරිගේ note book එක...

එයාගෙ පොත් විතරක්ම නෙමෙයි භාවිතා කළ ඇදුම්,පැළදුම් ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කලේ Radiation එකත් එක්ක..නැත්‍තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක. ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පරීක්ෂණ කරද්දි ඇය දැනන් හිටියේ නැහැ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන සිටියා.

මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.

Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියොත් මැරුනෙ පිළිකා වලින්.

නොබෙල් ත්‍යාග තුනක්,
පිළිකාවට ගොදුරු වූ ජීවිත දෙකක්,
මවක් සහ දියණියක්!

මාරි කියුරි සිය වැඩිමහල් දියණිය අයිරීන් සමග, 1925!

නොබෙල් ත්‍යාගය මත සිය අණසකය පැතිර වූ පවුලක් වෙති. ඔවුන් තරමට ඒ දිනූවෝ වෙන නොවෙති.

මාරී සිය සැමියා පියරේ සමගින් 1903 හි දී භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාග දිනාගනිමින් ඒ ගෝලීය ගෞරවය පළමුකොට කියුරි නම අද්දර පළන්දා තිබුණි. ඉන්පසු මාරී නැවතත් 1911 හි දී රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය දිනාගති. ඒ අනුව නොබෙල් ත්‍යාගය දිනූ ප්‍රථම කාන්තාව වී සිටි මාරි, එය දෙවරක් දිනූ එකම කාන්තාව බවට පත්විය. එයින් නොනැවත අද ද වනතුරු එකිනෙකට වෙනස් වූ විද්‍යා ක්ෂෙත්‍රයන් දෙකක් උදෙසා නොබෙල් ත්‍යාගය දිනූ එකම පුද්ගලයා බවට පත්ව ඇය අදටත් සුවිසෙස් ව ඇත. අහම්බෙන් සහ විටෙක සිතැගිව, අහිතකර වූත් මරණීය වූත්, විකිරණ මත දිගින් දිගටම සිය දහස් වාරයක් නිරාවරණය වීමෙන් හටගත් නිෂ්කල්ප්‍ය නීරක්තියෙන් (රුධිරගත පිළිකාවකි, Aplastic Anaemia) පීඩා විද හැටහයවන වියේ දී ඇය අභාවප්‍රාප්ත විය. අදටත් ඇය අතින් අල්වා කැරකැවූ දොරගුළු මත, ඇය ලියූ සටහන් පොත් තුළ, මුළුතැන්ගෙයි ආම්පන්න තුළ පමණක් නොව ඇයගේ මළසිරුරින් පවා ඒ මරණීය විකිරණ වෑස්සෙන බැවින් එය අදටත් පැරිසියෙහි, උත්තම පැරීසියානුවන් පමණක් සදාකල්හී නිදනා පැන්තියොන් හී සුසානාගාරයෙහි අගලක ඝණකම් ඊයම් කලේබරයෙක බහා නිදන් කර ඇත. ඉන් ඇතුළුව, ඈ අත රැදි සියල්ලෙන් මීළග සියවස් පහළොව පුරාවට, අවම වශයෙන් වර්ෂ 3400 ලබන තුරු, විකිරණ මුදාහැරෙනු ඇත.

ඇගේ දේහය තැන්පත් කල පෙට්ටිය සාදා ඇත්තේ අඟල් හතරහමාරක් ඝනකම ඊයම් වලින්.(තව අවුරුදු 2500-3000ක් වත් යනකන් ඇටකටු වලින් විකිරණ නිකුත් වෙනව කියල කියන්නෙ.)

මාරි ගේ ආදරබර සැමියා වූත්, ලෝ දිනූ ගෞරවයේ සගයා වූත්, පියරේ කියුරි වැසිබර දිනෙක මනෝ ලෝකයෙක සරමින් පැරිසී වීදියක් හරහා පියමනිමින් සිටියදී, අශ්ව කරත්තයක ගැටී එහි රෝදයටම යට වී හිස්කබල සුණුවිසුණු ව ජන්මාන්තර ගත විය. ඒ නොවන්නට ඔහුද විකිරණය උරුම කරදුන් පිළිකාවටම ගොදුරුව මිය යන්නට සිය දෛවය ලියවා හුන්නෙකෙකි. ඔහුද පැන්තියෝන් හී ගෞරවය ලබමින් මාරී අසලින්, ඊට පහළින් නිදන් විය. පියරේ සහ මාරි දිනාගත් නොබෙල් ත්‍යාග සංඛ්‍යාව තුනකි. කියුරීන නොබෙල් පිපාසය ඉන් සන්සිදුනේ නැත.

ඔවුන්ගේ වැඩිමහළු දියණිය වූ අයිරීන් දෙමාල්ලන් අඩිපාරෙහිම යමින් රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය සිය සැමියා වූ ෆ්‍රෙඩරික් ජොලියට් සමගින් වර්ෂ 1935 හි දී සිය කෘතීම විකිරණශීලිතාව සම්බන්ධව වූ සොයාගැනීම් උදෙසා දිනාගති. ඇයද ඉන් උදාකරදුන් ලියුකේමියාමය පිළිකාවකින් පීඩා විද 58 වසක් ආයු වළදා 1956 හිදී මියගිය අතර ඊට දෙවසරකට පසු ෆ්‍රෙඩරික් උග්‍ර යකෘත්ප්‍රදාහයකින් පෙළී මරණය තෙක් රුධිරය වමනය කොට බොහෝ දුක් විද නෙතු පියාගති.

මාරිගේ දෙවන දියණිය ඊව් විද්‍යාවෙන් ඈත් වී සාහිත්‍යයට නැඹූරු විය. නොබෙල් ත්‍යාග නොලැබූ ඈ ආයුෂය දිනාගති. වසර 102ක් ආයූ වැළදූ ඇය නිව් යෝර්ක් හී සාමකාමී නිවහනෙක ජීවිතයෙන් නිවීගිය විඩාබර සයනයක දී අවසන් සුසුම් හෙළන්නට ඇත. නමුදු කියුරි පවුලෙහි නොබෙල්මය සිහිවටන ඉන් අවසන් නොකරමින් ඊව් ගේ ප්‍රියාදර සැමියා හෙන්රි රිචර්ඩ්සන් වර්ෂ 1965 හි දී නොබෙල් සාම ත්‍යාගය දිනාගති.

ඒ අනුව කියුරි පවුලේ මුල් සාමජිකයින් හයෙන් පස් දෙනෙකු නොබෙල් ත්‍යාගලාභීහූ වෙති. ඔවුන් ලද මුළු නොබෙල් ත්‍යාග ගණන හයෙකි.

එක්සත් ජාතීන් පිළිගත් රාජ්‍ය අතරින් 116 ක් එකදු නොබෙල් ත්‍යාගයක් හෝ දිනා නැත. අසල්වැසි ඉන්දියාව නොබෙල් දොළොසක් දිනා ඇත. පකිස්ථානය හා බංග්ලාදේශය ද දෙකක් දිනා ඇති බැව් ඔබ දැනගත යුතුය. ඉතියෝපියාව, ඝානාව, කෙන්යාව පමණක් නොව අසර්බයිජානය ද එකක් හෝ දිනා ඇත. ඒත් අප?

Copyright credit - Unknown
මෙහි මුල් හිමිකාරිත්වය නොදනී
නමුත් මෙහි සම්පූර්ණ ගෞරවය හා ස්තූතිය ඔහු/ඇයට හිමිවේ.....
උපුටා ගැනීමකි..

4K | මහජනතාවට විවෘත උන අරලියගහ මන්දිරය තුල ඇවිද යමු | අගමැති නිළ නිවස | Araliyagaha Mandiraya 👇👇https://www.youtube.com/...
14/07/2022

4K | මහජනතාවට විවෘත උන අරලියගහ මන්දිරය තුල ඇවිද යමු | අගමැති නිළ නිවස | Araliyagaha Mandiraya 👇👇
https://www.youtube.com/watch?v=gCWZXWdLXkg

අරලියගහ මන්දිරය | Araliyagaha Mandirayaමහජනතාවට විවෘත උන අරලියගහ මන්දිරය තුල ඇවිද යමුඅගමැති නිළ නිවසCamera - Samsung A52

ඕක තමයි බන් කියන්නේ වැස්සකට හරි Physics පංතියකටත් යන්න ඕනේ කියලා 😂😂භෞතික විද්‍යා නොබෙල් තෑග්ග මේ බුවාට 💙රසායන විද්‍යා එක...
05/07/2022

ඕක තමයි බන් කියන්නේ වැස්සකට හරි Physics පංතියකටත් යන්න ඕනේ කියලා 😂😂

භෞතික විද්‍යා නොබෙල් තෑග්ග මේ බුවාට 💙

රසායන විද්‍යා එක බයෝ ඩීසල් එකෙන් ඩිපෙන්ඩර් පදින මෑන්ට 💚

වෛද්‍ය විද්‍යා එක පැණි ධම්මිකට ❤

ආර්ථික විද්‍යා එක කබ්‍රාල් ලොක්කට 🖤

සාම ත්‍යාගය ස ට 💜️

සාහිත්‍ය එක කබල් ගුණරත්නට 😍

බයික් එකට දාන්න   #තිනර් ගන්න තියෙනවද අහන්න එපා මචන් 🙏තියෙනව 🤜🤛ප්‍රශ්නයක් නෑ හොයල දෙන්නම් 👌හැබැයි ටූටි දාල සැර බාල කරල ප...
03/07/2022

බයික් එකට දාන්න #තිනර් ගන්න තියෙනවද අහන්න එපා මචන් 🙏
තියෙනව 🤜🤛
ප්‍රශ්නයක් නෑ හොයල දෙන්නම් 👌
හැබැයි ටූටි දාල සැර බාල කරල පැද්දවගේ නෙමෙයි...
මාසයක් යද්දි කාබියුලේටර් එකේ රබර් ටිකෙන් පටන් අරගෙන වෑල් රබර් ඕවරිං සේරම තැම්බිලා දුම දාන්න ගන්නව...😪
ප්ලග් පිච්චෙනව..👎
හිතල බලන්න තිනර් සුපිරි කියල ගැම්මට මාසයක් පැදල එන්ජින් රෙපයාර් එකක් කරනවද චුට්ටක් ඉවසනවද කියල ...😇
Full රෙපයාර් එකකට මෙී දවස්වල ගාන අමුතුවෙන් කියක්න ඕන නෑනෙ...😪
අනික බඩු හොයාගන්නත් නෑ...😑
සැපට සනීපෙට හිටපු බයිසිකලේට du.m.වැටි Po.Wa.ල pi.ලිකා රෝගියෙක් කරන්න එපා...🙏
පරිස්සමෙන් ... ❤️
Copid - Gayan Had 👊

Credit - chamin
05/06/2022

Credit - chamin

26/05/2022

Travel කරන්න අයට වටිනවා 💙👇🍀🌿

ස්කෝලේ යනකොට තාත්තා දෙන්නෙ මෙචරයි. හොදට කන්න පුලුවන් හැබැයි 😥😥
22/05/2022

ස්කෝලේ යනකොට තාත්තා දෙන්නෙ මෙචරයි. හොදට කන්න පුලුවන් හැබැයි 😥😥

ඉගෙන ගෙන මොකද්ද කරන්න පුළුවන්? කියල අහන නංගිලා මල්ලිලාට  කියන්න තියෙන්නේ.. මේ පල්ලෙහා තියෙන පින්තූරෙ බලන්න කියල විතරයි.බ...
16/05/2022

ඉගෙන ගෙන මොකද්ද කරන්න පුළුවන්?

කියල අහන නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ.. මේ පල්ලෙහා තියෙන පින්තූරෙ බලන්න කියල විතරයි.

බලය තියෙන එකා,
ධනය තියෙන එකා,
ජවය තියෙන එකා,
ඔක්කොම කරන්න දෙයක් නැතුව බලන් ඉද්දී..

මිලියන 20 ක් මිනිසුන්ට
බලාපොරොත්තුවක්
දෙන්න පුළුවන් වුනේ..
"මොළය තියෙන එකාටයි"

ඒ හින්දා, ඉගෙන ගත්ත එකා තරම් "පොරක්" නැත කියන එක අමතක නොකර, හොදට පාඩම් කරපං මයේ පුතේ..

ප.ලි
නිදහස් අධ්‍යාපනය ලක් මෑණියට දායාද කළ තවත් ශ්‍රේෂ්ඨ පුතෙක්වන ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ Profile ඒක

https://www.cbsl.gov.lk/en/about/organisational-structure/principal-officers/nandalal-weerasinghe

MCQ එකේ උත්තර හතර 😂😂
12/05/2022

MCQ එකේ උත්තර හතර 😂😂

😃😃😃
04/05/2022

😃😃😃

Address


Website

Alerts

Be the first to know and let us send you an email when A/L Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share