23/01/2023
🥲✊✊🏻✊🏼✊🏽✊🏾✊🏿
අපේ හසරැල් සොරාගත් හොරු පෝස්ටර්
වල හිනාවේවී
මගේ දරුවට හෙටක් නැතිකල උංගෙ
දරුවොත් හොරා කාවි
අපෙන් හොරකම් කරපු කොටහක් සහන
මළු ලෙස යලිත් ඒවි
ආයෙමත් රැවටුනොත් සත්තයි හෙටක්
දරුවට නැතිව යාවි
අපේ පරපුර ගොනුන් හදමින් දරුවන්ට කිරි
සොයනවා
හෙටක් ඉල්ලා අපේ දරුවෝ පාරෙ අරගල
කරනවා
නාකි හම්පඩ කම්බ හොරු රැල උංව
දඟගෙයි දමනවා
පිළුනු මස්කටු වලට රිසිවී බුරන බල්ලොත්
ඉන්නවා
එක්ව මහ රෑ හොරකමේ ගොස් දවල්
දෙපිලට බෙදෙනවා
සිහල උරුමෙන් ලැබුණු පංචායුදෙත් කුලියට
අඬනවා
එදා රජකම් කරපු ඈයොත් රෙදි උනාගෙන
නටනවා
කූඹි පස්සක් තරම් මොලයක් තියෙන උන්
මෙය දන්නවා
නුදුටු රාවන නුපන් දියසෙන් ඉතිං අමතක
කරාපන්
දුක් විඳින මිනිසුන්ව හඳුනන කෙනෙක්
වේදැයි බලාපන්
පන අදින ලක්මෑණියන්හට නොදුන් ඔසුවක්
සොයාපන්
සත්තකින් දරුවන්ගෙ නාමෙන් නුඹේ කතිරය
ගසාපන්
ජනක මාරපන .