Black and White World

  • Home
  • Black and White World

Black and White World Beautiful Sri Lanka

03/01/2024
~ආදරේ හිස්තැන් තිබ්බම ඒවා අස්සට යක්කු රිංගනවා~        ඝරසරප ෆිල්ම් එකේ මට ගොඩක්ම හිතට වැදුන දෙබස ඒක. මන් දන්නෑ මොන හේතුව...
25/10/2022

~ආදරේ හිස්තැන් තිබ්බම ඒවා අස්සට යක්කු රිංගනවා~

ඝරසරප ෆිල්ම් එකේ මට ගොඩක්ම හිතට වැදුන දෙබස ඒක. මන් දන්නෑ මොන හේතුවක් නිසා ඒ දෙබස දැම්මද කියලා ඒත් මන් දන්නවා එක දෙයක්, ඒ කතාව සම්පූර්ණ ඇත්තක්. මට මේක තේරුනෙ මගේ ජීවිතේ පළවෙනි වතාවට අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයට එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කිව්වොත් පිස්සන් කොටුවට ගිය දවසෙ. එතනට ගියොත් ආදරේ හිස්තැන් තිබුන අය ගොඩක් බලාගන්න පුළුවන්. දැන් තමා එතනට හරිම නම දාලා තියෙන්නෙ ඇත්තටම ඒක විද්‍යාතනයක්. එතන ඉන්න හැමෝම අපේ ජීවිතවලට ලොකු පාඩමක් කියාදෙනවා..

එකතැනක අවුරුදු ගානක් ආදරේ කරපු
ආදරවන්තිය දාලා ගිය කෙනෙක්, තව තැනක සමාජෙට පොරක් වෙන්න හිතාගෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුන කෙනෙක්, තවත් තැනක පොඩිකාලෙ අම්මගෙ තාත්තගෙ ආදරේ නොලැබුන නිසා දැන් අම්මා තාත්තාවවත් පෙන්නන්න බැරුව මනස අසනීප වුන පුතෙක් ..මේ හැමෝම හෙව්වෙ ආදරය. ඒත් එයාලට හම්බුනේ හිස් තැන් තිබුන ආදරයක් ..ඒ හිස්තැන්වලට රිංගපු යකා සමාජෙට තවත් එක පිස්සෙක් එකතුකලා ..

ආදරේට නිර්වචන දෙන්න කාටවත් බැරි වුනත් ඕනම කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන්.. ඔය හිත්වල පිරිලා තියන ආදරය අඩුවක් නැතුව බෙදන්න.. කොයිම මොහොතකවත් ඒ ආදරේ හිස්තැනක් ඉතුරු කරන්න එපා..

මේක කියවන ඔයා අම්මෙක් හරි තාත්තෙක් හරි නම් ඔයාගෙ දරුවට හිත පිරෙන්න ආදරේ දීලා එයාලට නිදහසේ වැඩෙන්න ඉඩදෙන්න ,ඔයා ආදරවන්තියක් හරි ආදරවන්තයෙක් හරි නම් ඔයා ආදරේ කරන කෙනාට හිස් තැන් නැතුව ආදරේ කරන්න, ඔයාගෙ වයසක අම්මට තාත්තට අඩුවක් නැතුව ආදරේ දෙන්න.. නැත්තන් ඒ ආදරේ ඇතුළටත් යක්කු රිංගයි.

ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි ඔය හිතේ පිරිලා තියන ආදරේ ලෝභ නැතුව බෙදන්න ඒකට ඔයාට එක රුපියලක්වත් වියදම් වෙන්නෙ නෑ .

මේ කතාව කියෙව්වට පස්සෙත් ඔයාට හිතෙන්නෙ අංගොඩ ඉන්නෙ පිස්සො කියලනම් , ඔයා වැරදියි.. එතන ඉන්න බහුතරයක් ආදරේ නිසාම අසරණ වුන අහිංසකයො.. කය ලෙඩ වුනාම බෙහෙත් අරන් සනීප කරගන්න තරම් ලේසියෙන් හිතේ ලෙඩ සනීප කරගන්න අමාරුයි ඒ නිසා ඔයාගෙ ආදරණීයයන්ට යක්කුන්ගෙ බැල්ම වැටෙන්න නොදී ආදරෙන් බලාගන්න ❤️🌹

~යට ෆොටෝ එක දැම්මෙ නැත්තන් ඔයාලා මේක කියවන්නැතුව යන නිසා 😌

මාරාන්තික දුක මිනිහෙක් එක වතාවක් හරි අත්විදින්න ඕන !මිනිහෙක්ට පිස්සු හැදෙන්න ඕන !උදේ හවා දැවෙන්න ඕන !කණට ගැහුවා වගේ අතඇර...
03/09/2022

මාරාන්තික දුක මිනිහෙක් එක වතාවක් හරි අත්විදින්න ඕන !

මිනිහෙක්ට පිස්සු හැදෙන්න ඕන !

උදේ හවා දැවෙන්න ඕන !

කණට ගැහුවා වගේ අතඇරලා දාන rejection එකක් වෙන්න ඕන !

දුන්න මල් ටික පවා කුණුකූඩෙට දාන උන් හම්බවෙන්න ඕන !

අතේ සතේ නැතිවෙන්න ඕන !

මෙලොව බලාපොරොත්තුවක් නැති හිස් මිනිහෙක් වෙන්න ඕන !

අරමුණක් නැති හැල්මෙ දුවන එකෙක් වෙන්න ඕන !

උපරිමෙන්ම කෙලවෙන්න ඕන !

Su***de එකේ ගැට්ටෙ ඉන්න ඕන !

ඔව්

මෙතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ.
ජීවිතේ ලස්සනම කාලෙ එන්නෙ.
එන ඕන දේකට මූණ දීලා ඉන්න පුරුදු වෙන්නෙ.
සාර්ථක මිනිහෙක් බිහිවෙන්නෙ.

Copied

09/07/2022

බැසිල්ගෙ කූඩුව ලග සිට ස්ජීවීව

08/07/2022

🔴හෙට ඔබ

අනිවාර්යයෙන්ම විරොධතාවයට එකතුවෙනවා = ❤
එන්න වෙන්නේ නෑ = 👍

06/07/2022

ඔලුව දෙබෑ කරන.... නන්දෙගෙ පු #*ක සිබින....

06/07/2022
04/07/2022

බුකියේ සිර ගත වී ඇති ජන හඩ වීදි බසින්නේ කවදාද🚧 පාරට බහින්න කොන්දක් නැද්ද?🚧 නැත්තම් නිවට කමද?🚧 එහෙමත් නැනම් උඹලට ඇත්තටම ප...
28/06/2022

බුකියේ සිර ගත වී ඇති ජන හඩ වීදි බසින්නේ කවදාද

🚧 පාරට බහින්න කොන්දක් නැද්ද?
🚧 නැත්තම් නිවට කමද?
🚧 එහෙමත් නැනම් උඹලට ඇත්තටම ප්‍රශ්න නැද්ද?

උඹල මේකෙ post දදා හිටියට උන්ට මේක දැනෙන්නෙවත් නෑ... ඇයි තමන් ඉන්න තැනින් එලියට බහින්න බැරි.අපි හැමෝම බෝඩ් කෑල්ලක් ලියාගෙන මේකට බහිමු බං.. මේ අර්බුදය දවසින් දවස විසදන්න අමාරු තැනකට ඇදිල යනව.. අපි බකං නිලාගෙන ඉන්නව. අපි අරගලයේ මුල් අවස්තාවෙ එකතු උනා වගේ හැමෝම එකතු වෙමු.. Social media වලට සීමා නොවී එකතු වෙමු. අපි නිර්පාක්ෂිකව ගොඩක් දේවල් දිනා ගත්ත.. ඒ වගේම මේකෙ අවසානයත් අපි දකින්නම ඕනි..

27/06/2022

-වරෙව්-
අවසාන සටනේ අවසාන නම

27/06/2022

ගොං ජනපති
පිං අගමැති
ඇතුළු
ආණ්ඩුව පන්නමු !
පාරට බහිමු !!

27/06/2022

29
නපුරු දවසක්

හැමොම කොළඹ යමු..

26/06/2022

නිවට හැත්ත
නොදකින් උබලනම්

යකෝ කහ නෙමෙයි...සුදු ඇදුම් ලෑස්ති කර ගනිල්ල...😡😡😡😡😡🤬🐃🐃🐃 ගොන් හැත්ත...
24/06/2022

යකෝ කහ නෙමෙයි...සුදු ඇදුම් ලෑස්ති කර ගනිල්ල...
😡😡😡😡😡🤬🐃🐃🐃 ගොන් හැත්ත...

ඔය කියන හෙනයනම් කවදාවත් වදින පාටක් නැත... අපි අවුරුදු 74 ක් තිස්සේ උන්ට හෙන ඉල්ලුවද හෙන ලැබී ඇත්තේ සාමාන්‍ය ජනතාවටම බව ඕ...
24/06/2022

ඔය කියන හෙනයනම් කවදාවත් වදින පාටක් නැත... අපි අවුරුදු 74 ක් තිස්සේ උන්ට හෙන ඉල්ලුවද හෙන ලැබී ඇත්තේ සාමාන්‍ය ජනතාවටම බව ඕනම ගොනෙකුට අවබෝධවන සත්‍යයකි.

දැන් උන්ට හෙන ඉල්ලා දෙස් දෙවොල් තබමින්, තැන තැන කඩපිලේ , බෝක්කු උඩ කියවා කියවා හිටියාට මේ කරුමයෙන් මිදීමට කිසිම අවස්ථාවක උදා වන්නේ නැත. ඒ සදහා ඇති එකම විකල්පය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් නිර්භීතව පෙනී සිටීම පමණි.

අපි බදු ගෙවන ජනතාව ලෙස උන්ගේ මේ නාඩගම තව කොතෙක් කල් ඉවසන්නද.. නිවටයන් ලෙස උන් ගහන ගහන පදයට කොතෙක් කල් නටන්නද.. උන් තවමත් අපෙන් ආතල් ගැනීම නවතා නැත... උන් උන්ගේ ආතල් අඩු කරලාද නැත...

කෝටි දෙකක ජනතා පරමාදිපත්‍ය බලයට උන් අභියෝග කරමින් , ගොනාට අන්දවමින් , හෑල්ලු කරමින් උන් උන්ට රිසි සේ උන්ගේ අවශ්‍ය පරිදි සියල්ල සිදු කරමින් පවතී...

අපි සියලු දෙනා මේ රටේ පුරවැසියන්‍ ය. එබැවින් අප සියලු දෙනාට මේ රටේ වර්ථමානය සහ අනාගතය ගැන පැහැර හැරිය නොහැකි වගකීමක් පැවරී ඇත.. ඒ වෙනුවෙන් අප සියලු දෙනා පෙල ගැසිය යුතුම අවස්තාවා උදා වී ඇත..කල් මැරීමට කාලයක් නැත.

උන් ලගටම ගොස් හෙන තෑගි කරමු...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Black and White World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Black and White World:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Want your business to be the top-listed Media Company?

Share