26/06/2024
ඇත්තටම මේ ආරංචි සුබද?
තීරණය ඔබේ අතේ.
1.ලංකාව සිය බංකොළොත් භාවය ප්‍රකාශ කරන විට තිබූ ඩොලර් බිලියන 82 ක් වූ සමස්ත රාජ්‍ය ණය කන්ද 2024 මාර්තු 31 පළමු කාර්තුය වනවිට ඩොලර් බිලියන 100.1 ඉක්මවා ඩොලර් බිලියන 18 කින් පමණ වැඩිවී ඇති බව....
2. මෙරට වැඩිම විදේශ ණය ප්‍රමාණයක් ලබා ගත්තේ තමා, අගමැති ලෙස කටයුතු කළ යහ පාලන කාලය තුළ බවත්, එක ඩොලර් බිලියන 12 ඉක්මවූ බව....
3. පසුගිය මාස 3ක කාලය තුළ පමනක් තමන්ගේ රජය ඩොලර් බිලිය 4.7 ක දේශීය ණය ලබාගෙන ඇති බවත්, එවායින් බහුපාර්ශවීය ණය හා පොළී ගෙවීම සදහා භාවිතා කර ඇත්තේ ඩොලර් මිලියන 301ක් පමණක් බව....
4. ඔබගේ කාලය තුළ, නොගෙවූ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.8ක් බවත්, නමුත් මෙරට විදේශ සංචිත වැඩිවූයේ ඩොලර් බිලියන 5.4කින් පමණ්ක් බවත්, මේ අනුව ණය හා පොළී ආපසු ගෙවුවේ නම් අදටත් විදෙස් සංචිත ශුන්‍ය බවත්, අර කියන පෝලිම් ටික අදටත් තියන බව...
5. දේශීය ණය ප්‍රශස්තකරණයේ දී රටේ අති මහත් වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය හිතේ හැටියට කපා දමා හෝ ගෙවීම් කල්දමා ඇතත් දේශීය ධන කුවේරයන් ගෙන් ලබා ගෙන ඇති බැදුම්කර ණය කපා දමා හෝ සැළකිය යුතු පොළිය ප්‍රතිශත අඩුකර ගැනීමකට තමන් අසමත් වූ බව....
6. ස්වෛරී බැදුම්කර මත ලබාගත් ඩොලර් බිලියන 12.5, ගැන කිසිදු එකගතාවකට මෙතෙක් පැමිණ නැති බවත්, ඒ සදහා අපි දිරිපත්කල කොන්දේසී (28% මුහුණත අගය කපා දැමීම සහ, ගෙවීම් කල් දමා ගැනීම) ඔවුන් ප්‍රතික්ශේප කල බවත්, ඒ වෙනුවට ඔවුන් කොන්දේසි දෙකක් ඉදිරිපත් කළ බවත්, එනම් රටේ ආර්ථික වර්ඩනය පදනම් කරගත් ස්වෛරී බැඳුම්කර ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය. (Macro-Linked Bond =MLB) සහ රටේ පාලන ක්‍රියාවලිය ප්‍රගතිය පදනම් කරගත් (Governance-Linked Bond -GLB) ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය, මෙයින් බොහෝ විට පලවෙනි කොන්දේසියට එකග වීමට සිදුවන බව...
7. පසුගිය වසරේ ජුනි මාසය වනවිට රටේ ඇතැම් ව්‍යාපාරිකයෝ නොගෙවා පැහැර හැර ඇති සමස්ත බදු මුදල රුපියල් කෝටි 90,400 ක් ලෙස තිබූ අතර එය 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 1,20,000 ඉක්මවා ඇති බවත්, එවා ආපසු පියවා ගැනීමට රජයට කිසිදු වැඩපිළිවෙලක් නැති බව....
8. රුපියල් කෝටි ලක්ෂයකට කිට්ටු මුදලක බදු සහනයක් ආයෝජකයන් පිරිසක් වෙත ලබා දී ඇතැයි ක්‍රම සහ විධි කාරක සභාවේ දී අනාවරණය වී තිබෙන බවත් ඒ සහන ලබාදී ඇත්තේ කාටද යන්න ජනතාව නොදන්නා බව...
9. ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තබා ඇති ණය පොල්ල රුපියල් බිලියන ගණනක් බවත්, ඒ ණය පොලු කාරයින් අතර දයා ගමගේ වැනි තම සමීප දෙශපාලකයන්ද සිටින බව...
10. සෑම වසරකම රාජ්‍ය අයවැය හිගය සාමානයෙන් ඩොලර් බිලියන 10ක ආසන්න බවත්, (2024 වසරේ එය ඩොලර් බිලියන 9.5) එය පියවා ගැනීම සදහා මේ මහා පරිමාණ බ්දු නොගෙවන්නම් ගෙන් මෙවා අය කල යුතු බවත්, නමුත් එයට ක්‍රමවත් වැඩපිළිවෙලක් තවමත් ඉදිරිපත් කර ගැනීමට රජය අපහොසත් බව...
11. සෑම වසරකම ආනයනන අපනයන පරතරය, ඩොලර් බිලියන 10 ඉක්මවන බවත්, එය අවම කර ගැනීම සදහා දැනට වාර්ශික අපනයන අදායම වන ඩොලර් බිලියන 13, 100%කින් වැඩි කර ගත යුතු බවත්, ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙළක් තාමත් ඉදිරිපත් වී නොමැති බව...
12. දැනට විදෙස් සංචාරක කර්මාන්තයෙන් අපට ලැබෙන ඩොලර් බිලියන 2, ඩොලර් බිලියන 5 දක්වා වැඩිකරගත හැකි ව්භවයන් තිබුනද, ඒ සදහා විශාල වැඩ කොටසක් කලයුතු බවත්, එය කර ගැනීමට නොහැකි බව...
13. විදෙස් රැකියා නියුක්තිකයන්ගෙන් වාර්ශිකව ලැබෙන ඩොලර් බිලියන 5, දෙගුණ කළ යුතු බවත් ඒ සදහාද, ක්‍රමවත් වැඩ පිළිවෙලක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බව...
14. දුගී කම නැති කිරීම සදහා, වසර 76ක් තිස්සෙ ගත් උපාය මාර්ග අසාර්තික වී ඇති බවත්, අදටත්, දිනකට ඩොලර් 3.65 ඒක පුද්ගල ආදායමක් ලබා ගැනීමට නොහැකි අය 30%ක් සිටිනා බවත්, බහුමාන දුප්පත් දර්ශකය (Multidimensional Povery Index) ගතහොත් මෙරට ග්‍රාමීය ජනයාගෙන් 56% කට වඩා දුගී කමෙන් පෙලෙන බව..
මේවා ආරංචි නොව, කිසිවෙකුටත් බොරු කල නොහැකි පවතින යථාර්තයයි. මහ බැංකුව, මුදල් අමාතයාංශය, ලොක බංකුව සහ ජයාත්‍යන්තර මූලය ආයතනය සංකයාත්මකව පෙන්වන මහ පොලොවේ සත්‍යය ආරංචිවලට වඩා සත්‍යට ගැඹුරක් වගේම වගකීමක් ඇත.
මේ සියල්ල ගත්කළ තමා ඇතුළු මෙතෙක් මෙරට පාලනය කළ පාලකයින් මේරට, බංකලොත් කිරීමට දායක වූ බවත්, එයින් මුදවා ගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇතිබවත් , මෙරට ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රගමනය උදෙසා, සහ බංකලොත් බවින් මුදවා ගැනීම සදහා කළයුතු දෑ තව බොහෝ තිබෙන බවත්, ඒ සදහා ජනතාව කැමැති පාලනයක් හා පාලකයන් පිරිසක් තෝරා ගැනීම සදහා ජනතාවට නිදහස දිය යුතු බව, ඇසීම ජනතාවගේ සුබ ආරංචිය වේ.
මහාචාර්ය අරුණ ශාන්තආරච්චි