Niroshan Padukka

  • Home
  • Niroshan Padukka

Niroshan Padukka Chief UNP Organiser for Kesbewa Electorate. Member of Western Provincial Council. An old boy of Thurstan College Banker, Marketer and an honest Politician.

Born in Piliyandala, the foundation of Niroshan's life became the Values & Ethics of the United National Party with the inheritance of generations of UNP family members. In 1994, many youths deserted the party but as an active member in the U.N.P. Youth Front, he took over duties as the Vice President of the Kesbewa UNP Youth Front. In 1997, Niroshan was elected as the youngest & highest voted mem

ber of the Kesbawa Pradeshiya Sabha. In the times of the 1990 Lalith-Gamini Political Rebel & the formation of Hela Urumaya in 2004, Niroshan provided leadership to the UNP youth & prevented them from leaving the party. After studying at Piliyandala Somaweera Chandrasiri Vidyalaya & Thurstan College Colombo, his professional career began as a Banker, a Chartered Marketer while graduating with an AIB & MBA. Niroshan sacrificed his youth & career path, when he resigned to focus on politics, which is a known fact mentioned by many esteemed UNP leaders including Hon. Sirinal De Mel at various gatherings. Niroshan Padukka Foundation contributed immensely towards the welfare of people in terms of religious, educational & health services. As a Member of the Provincial Council he brought the below issues to the attention of the Council:
* Divi Naguma Bill
* Dumping of 15,000 tons of garbage monthly to the Piliyandala-Karadiyana Water Reservoir
* Politicizing of the WPC Education
* The acquiring of Provincial Council main revenue by the Central Government
* Corruptions in the Municipal Councils
* Bribery & constitutional misconducts done by Ministers of PC

His proud work as a Provincial Council member include the following:
* Building 3 Provincial Council Hotel Schools
* 9 years of service as an Educational Provincial Advisory Council member
* Preventing Hospital Car Parks Charges pretending to be public car parks
* Tertiary Educational Scholarship Program

In the National Politics he brought these current & significant issues to the attention of public in mass media via press conferences, television & radio debates & stood up for Justice; criticizing the Government:
*Privatising people’s bank
* Presidents’ view on Halal food
* Manipulating kerosene dye mixture
* Downfall of SLCricket
* Suspension of year 5 scholarship exam
* Discontinuation of under 13 sports competitions in schools
* Refugees who end up suffering as Illegal migrants of Australia
* Disgraceful acts of former CJ Sarath N. Silva
* Minister Douglas Devananda’s unpaid Rs.8.3million water bill
* Extreme Nationalism of the Government
* The International Drug distribution network of L.T.T.E. & Kumaran Padmanadan (K.P) continued by the Government

While facing exceptional sacrifices, thousands of challenges & unbearable hostility as a Politician, Niroshan's image & reputation was attempted to be disgraced, by some representatives of the current Government. It was all unsuccessful due to the trust & respect people placed on his untainted political career. No amount of money or power could change his principles & stands as a UNP politician.

කැස්බෑව ආසනයේ ආදරණීය පුංචි දියණියට දෙරණ ලිටිල් ස්ටාර් මාවතේ ඉදරියට යාම සදහා ඕනෑම දුරකඨනයකින් DLS ( Space ) 11 යොදා 9900 ...
15/05/2015

කැස්බෑව ආසනයේ ආදරණීය පුංචි දියණියට දෙරණ ලිටිල් ස්ටාර් මාවතේ ඉදරියට යාම සදහා ඕනෑම දුරකඨනයකින් DLS ( Space ) 11 යොදා 9900 ඕනෑම දුරකථනයකින් හැකිතාක් SMS කරන්න

12/11/2014
10/11/2014

පුදුමයි ඒත් ඇත්තයි.! අධිවේගී මාර්ගයේ යන්න අල්ලස කෝටියයි..!! -ජනතා සාක්කිය

(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.10, පෙ.ව. 9.30) මහජන මුදල් කෝටි ගණන් රාජ්‍ය පාලකයන්ගේ විදේශ බැංකු ගිණුම්වල තැන්පත් කරමින් ඉදි කරන ලද දකුණු අධිවේගී මාර්ගයේ සුපෝගීභෝගී බස් රථයක් ධාවනයට යෙදවීම සඳහා රුපියල් කෝටියක් අල්ලස් වශයෙන් ගන්නා බව තහවුරු වී ඇත.

මෙකී බස් රථයක වෙළඳපොල වටිනාකම කෝටි එකහමාරකි. (ලක්ෂ 150 කි) එහෙත් එම බස් රථය අධිවේගී මාර්ගයට එක් කිරීමට රජයේ දේශපාලකයන්ට කෝටියක අල්ලසක් දීමට සිදු වී ඇත. ඒ අනුව ලොව මිළ ඉහළම සුපෝගීභෝගී බස් රථ ගමන් ගන්නේ දකුණු අධිවේගී මාර්ගයේ පමණි.

අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයකු විසින් මෙම අල්ලස් ලබා ගන්නා අතර ලේකමාගේ රාජකාරිය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් බස් හිමියාගෙන් කඩා ගනී.

බස් රථයක් සාමාන්‍යයෙන් හොඳ තත්වයෙන් ධාවනය කළ හැක්කේ වසර 5 කි. ඒ අනුව ලක්ෂ 150 ක වටිනා බස් රථයක මාසික ණය ලීසින් වාරිකය ලක්ෂ 5 ඉක්මවයි. තවද රියදුරු කොන්දොස්තර හා නඩත්තු ගාස්තුද දිනකට රුපියල් 6000 ඉක්මවයි. දේශපාලකයන්ට අල්ලස් ලෙස ගෙවු රුපියල් කෝටිය වසර 5 න් බෙදූ විට දිනකට රුපියල් 6,666 ක් බස් හිමියා විසින් වෙන් කළ යුතුය. මේ අනුව බස් හිමියාට ලාබ ලබා ගැනීමට රුපියල් 30,000 ට අධික ආදායමක් බසයෙන් දිනකට ඉපයිය යුතුය. මේ සියල්ල මගියා ගෙවිය යුතුය

මෙකී ගණු දෙනු සිදු නොවු බවට අදාළ ඇමතිවරයාට ප්‍රකාශ කළ හැකි දැයි ජනතා සාක්ෂිය ප්‍රශ්න කරන අතර මෙම අල්ලස් සම්බන්ධව ප්‍රමාණවත් සාක්ෂි අප සතුව ඇත. මෙවැනි කාලකණ්නි රටක දකු‍ණේ නායකයෙකු නිර්මාණය කළ මිනිසුන් ගෙන්ම මෙම අල්ලස ලබා ගැනීම දකුණේ ජනයාටම සිදු වු දෛවයේ සරදමක් නොවන්නේද ?

කොළඹ සිට දකුණටත් දකුණේ සිට කොළඹටත් ඔබ යන එන සෑම වාරයක් පාසාම ආණ්ඩුවේ ලොක්කන්ගේ වත්කම් තර වේ. දූෂිත රටක් වෙනස් කිරීමේ ජාතික කාර්යයට දකුණේ ජනතාව ඉදිරිපත් විය යුතුය. එය ඔබේ ජාතික යුතු කමකි.

- නිරෝෂන් පාදුක්ක විසිනි

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/795683717163462/?type=1&relevant_coun...
13/10/2014

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/795683717163462/?type=1&relevant_count=1

ජ්‍යෙෂ්ඨ පුරවැසියනි, මුදල් ඇමැති රාජපක්ෂ ඔබගේ හදිසි භූමදානයට වළ කපා ඇත -නිරෝෂන් පාදුක්කගේ ජනතා සාක්කිය -15

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.12, ප.ව.11.45) ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කරන ලෙස දූෂිතයෙකු කියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍ය සේවයෙන් නෙරපා හරින ලද නමුත් රාජපක්ෂවරුන්ගේ අවනීතිය මත යලිත් භාණ්ඩාගාර ලේකම් ධූරයේ පිහිටැවූ පී.බී ජයසුන්දර ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කර ඇත.

හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා යැයි කියමනක් ඇත. නමුත් ලංකාවේ කොටස් වෙළඳ පොලේ ප්‍රශ්නය නම් අද හොරා සහ අම්මා දෙදෙනාම එකට හොරකම් කිරීමයි.

අද ලංකාවේ කොටස් වෙළඳපොල යනු ආණ්ඩුව විසින් සේවක අර්ථසාධක මුදල් හොරකම් කොට රජ පවුල හා ව්‍යාපාරිකයන් අට දෙනෙකුට බෙදා ගැනීම සඳහා පවත්වාගෙන යන වංචනික මුල්‍ය ගණුදෙනුවකි. හෙණ ගහන අපරාධයකි.

මීට ප්‍රධානතම වගකිවයුත්තා මහා බැංකුවයි. සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළඳපොලේ යොදවා අසම්මත අයුරින් මිල ගණන් පහතට තල්ලු කොට පාඩු ලබා ගන්නා අහිංසක E.P.F ලාභීන්ට අමතරව මෙම අහිංසක ‍වැඩිහිටියන්ද මෙම කාලකණ්නි පාප කර්මයට දායක කර ගන්නට මෙම රාජ ද්‍රෝහියා සැලසුම් හදයි.

අපගේ වැඩිහිටියන් ජීවිත කාලය පුරා ඉතිරි කර ගත් එකම මුදලත් හොරකම් කිරීමේ මෙම මහා සැලස්මට හසුවුව හොත් ලංකාවේ දිවි නසා ගැනීමේ ප්‍රතිශතය තවත් ඉහළ යාම සක්කරයාටවත් නැවතිය නොහැක.

පසුගියදා යුද්ධයෙන් පසු ප්‍රාග්ධන වෙළඳපොල 2014 නම් සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති සමුළුවද තවත් එක් නාමමාත්‍රික, අසාර්ථක බොළඳ විගඩමකි.

එංගලන්තය හා ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආණ්ඩු පෙරළීමේදී ඉතා වැදගත් සාධකයකි. ඔවුන්ගේ උවමනාවන් අවබෝධ ‍කර නොගත් ඒ රටවල පාලකයෝ සැම කල්හිම ගෙදර ගියහ. අද ලංකාවේ පොළී අනුපාත පහළ දැමීමේදී තමා ජීවිත කාලයක් හම්බ කර ගත් අරමුදල් ස්ථිර තැන්පතු දමා ඉන් ලැබෙන පොලී ආදායමෙන් ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතභාවය සලකා බැලිය යුතු ප්‍රධානතම සාධකයක් වුවද එය මහින්ද චින්තනය ප්‍රෝඩාකාරී ග්‍රන්ථයේ තවත් එක් සඳහනක් පමණක් වී ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවට අද මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ ඉක්මන් භූමදානයට වළ කපා ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියනි, මේ එළැඹෙන්නේ ඔබේ වාරයයි..!

---------------------------
by -නිරෝෂන් පාදුක්ක-

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/792198837511950/?type=1
07/10/2014

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/792198837511950/?type=1

යාචක ආර්ථිකයේ තවත් පියවරක්; භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අවලංගු කරයි - නිරෝෂන් පාදුක්කගේ ජනතා සාක්කිය -14------------

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.07, ප.ව.3.45) වසර ගණනාවක් පුරා සෑම සතියකම පවත්වාගෙන ගිය භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය මේ සතියේ අවලංගු කිරීමට මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීන්දු කොට ඇත.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉදිරි මැතිවරණ වෙනුවෙන් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ මුල්‍ය ප්‍රතිපත්තියේ ඇති අඩුපාඩු හා දුර්වලතා වසන් කර ගැනීමට බව ප්‍රාථමික ගැණුම් කරුවෝ (Primary Dealers) පවසති.

මෙම වෙන්දේසියේදී සමාන්‍යයෙන් රුපියල් මිලියන 1500 කට ආසන්න මුදලක් භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික ගැණුම් කරුවන් (Primary Dealers) විකුණා ලබා ගැනීම ‍මහ බැංකුවේ සම්ප්‍රදායකි.

මේ සම්බන්ධයෙන් මහ බැංකු පාර්ශවයෙන් කුමන පිළිතුරු ඉදිරියේදී ලබා දුන්නද ‍ණය පොළී අනුපාත තනි ඉලක්කමට ගෙන ඒමේ උත්සහය ලෙස අර්ථ කථනය කලද රටේ බහුතර ජනතාව ණය ලබා ගැනීමට මැලි වීම පුදුම සහගතය.

සියට 24 ණය පොළී අනුපාතය යටතේ උතුරේ හා දකුණේ යුද්ධ දෙකක් පැවතෙද්දී ශ්‍රී ලාංකික සාමාන්‍ය පන්තියේ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර සාර්ථකව කර ගෙන ගියේය.

එහෙත් අද තම දේපළ බැංකුවට තබා ලක්ෂ 20 ක් 30 ක් ගෙන ආරම්භ කළ හැකි ව්‍යාපාරයක් අද ලංකාවේ නොමැත. වෙනත් අයුරින් කියොතොත් ආයෝජන අවස්ථා ආර්ථිකය තුළ නොමැත.

රාජපක්ෂ සමාගමට හිතවත් පවුල් තුන්හාරදාහක් රටේ සමස්ථ ආර්ථික ක්‍රියාවලිය හැසිරවීම තුළ මෙම ඛේදවාචකය මහින්ද චින්තනය නමින් සමාජගත වී ඇත.

උදාහරණයක් ලෙස එක්තරා සුපර්මාර්කට් සමුහයක් (ගෙදර යන ගමන්) කිසිදු ප්‍රතිපත්තියකින් තොරව ගම් නියම් ගමි පුරා විවෘත කිරීමට අවසරය දීම තුළ වැසී ගිය ග්‍රොසරි හා සිල්ලර කඩ දහස් ගණනකි.

තවද විදේශ රටවලින් සෘජුවම ඩොලර් ණය ලබා ගැනීමට පෞද්ගලික සමාගම් වලට ඉඩ ලබා දීම මහ බැංකුවේ තවත් අනුවන ක්‍රියාවලියකි.

තවද ඇමෙරිකන් ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් හිස ඔසවන බැවින් ඉදිරියේදී අප සතු S.L.D.B (ශ්‍රී ලංකා සංවර්ධන ඇපකර) වලට මුදල් ගෙවීමටද මහ බැංකුව සුදානම් විය යුතුය. දැන් ‍වාණිජ බැංකු ජනතාවට ණය ලබා දීමට නිවෙස් වලට යාමට සිදු වීමෙන් නිරූපනය වන්නේ පෞද්ගලික අංශයේ මැදිහත් වීම ආර්ථික සංවර්ධනයට දායත්වය අඩු වීම බව මෙයට හොඳම නිදසුනකි.

මෙය යාචක ආර්ථිකයක තවත් සැබෑ මුහුණුවරක් නොවේද ?

-නිරෝෂන් පාදුක්ක විසිනි-

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/788944921170675/?type=1
02/10/2014

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/788944921170675/?type=1

'චයිනීස් ජෙලි වලින් කැපී යන ජාතියේ බෙලි'
-නිරෝෂන් පාදුක්කගේ ජනතා සාක්කිය -13

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.01, ප.ව.11.30) අපි අද චීනයේ යටතේ පාලනය වන රටක් බවට පත් වී අවසානය. උදේ අවදිවු මොහොතේ සිට නින්ද දක්වා වු කාලය තුල අප චීනයට ණය ගෙවීමට මහන්සි වන ජාතියකි.

පසුගිය සතියේ පිළියන්දල පෞද්ගලික ජ්‍යාත්තන්තර පාසලක සිසුන් 100 ට අධික ප්‍රමාණයක් රෝහල් ගත විය. ඊට හේතුව ලෙස ඔවුන් විසින් පානය කරන ලද ජෙලි වර්ගයක් බව වෛද්‍යවරුන් විසින් සොයා ගන්නා ලදී.

චීනයේ නිෂ්පාදිත මෙම ජෙලි වර්ගය කොළඹ ග්‍රෑන්ඩ්පාස්හී නිපොන් නැමැති සමාගමක් ආනයනය කරන ලද්දකි. කිසිදු ප්‍රමිතියකින් තොර කාලය අවලංගු වීමේ දින රහිත හා එහි අඩංගු දෑ සඳහන් කොට නැති මෙකී නිෂ්පාදන කෑම වර්ගයක් ලෙස රට තුළ විකිනීමට අනුමැතිය දීම හා රේගුව විසින් මෙම බාල වස නිශ්පාදන රට තුලට ගෙන ඒමට අවසර දීම පුදුම සහගතය.

මෙකී ජෙලි වර්ගය දිවට ස්ප්‍රේ කරමින් මුඛයට ඇතුලත් කර ගත යුතු අතර එකී හිස් බෝතල් තුලට ජලය කළවම් කර ළමුන්ට විද ගැනීම නිසා සම මත පළු දමා තිබිණ.

මෙවැනි බාල වර්ලයේ ආහාර රට තුලට ගලා ඒම සුලභ දර්ශනයකි. විවිධ රස කාරක යොදා තනන ලද ටොෆි වර්ග දහස් ගණනක් කොළඹ කොටුවේ විකිණීමට ඇත‍.

වෙළඳ ඇමතිවරයා, රජය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි කිසිදු ආයතනයක් මැදිහත් නොවන තත්වයක් තුළ නිදහසේ ක්‍රියාත්මක වන චීන වෙළඳ මාෆියාව පාලකයන්ගේ සාක්කු පිරවුවද රටේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි හානිකරය.

---------------------------
-නිරෝෂන් පාදුක්ක විසිනි-

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/783717035026797/?type=1&theater
22/09/2014

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/783717035026797/?type=1&theater

ඌවේ ඡන්දය දා භීෂණ අත්දැකීම -නිරෝෂන් පාදුක්කගේ ජනතා සාක්කිය -11

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.21, ප.ව.11.50) බදුල්ල ආසනයේ ඡන්ද මධ්‍යස්ථාන 4 ක් අධීක්ෂණය කිරීම මා වෙත පවරා තිබිණ. ඒවා නම්,

1. කැන්දගොල්ල, අම්පිටිය විද්‍යාලය 1
2. කැන්දගොල්ල, අම්පිටිය විද්‍යාලය 2
3. කැන්දගොල්ල, මහා විද්‍යාලය 1
4. කැන්දගොල්ල, මහා විද්‍යාලය 2

මා එහි යන විටත් ඡන්දය දිනට පෙර දා රාත්‍රියේ එ.ජා.ප ඡන්ද පොළ නියෝජිතයන් 4 දෙනෙකු ඇතුළු ක්‍රියාකාරී සාමාජිකයෝ 8 දෙනෙකුගේ නිවෙස් වලට ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබිණ. තවත් නිවෙස් 2 ක විදුලිය විසන්ධි කර තිබිණ. තවත් එක් නිවෙසක වාහනයක වීදුරුවක් කුඩු කර තිබිණ. රාත්‍රිය පුරා බයිසිකල් වල නැග ගත් කිහිප දෙනෙකු හූ තියමින් මාර්ග වල ගමන් කොට තිබිණ.

මේ සියල්ල මැද උදෑසන 7 ටත් පෙර අපගේ ඡන්ද පොළ නියෝජිතයන් පැමිණ සිටි නමුත් ඡන්දයේ පළමු පැය ජනතාව තුළ ඡන්දය දැමීමට එතරම් උනන්දුවක් නොවීය. ඊට ප්‍රධානතම හේතුව වුයේ එම ප්‍රදේශයේ භීෂණයේ නිර්මාතෘ බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජපක්ෂ සහ ඔහුගේ නවයේ කණ්ඩායම විසින් මාර්ග වල සැරිසරමින් භීෂණයක් නිර්මාණය කිරීමයි. එම ගම සභාපතිවරයාගේ ගම විය.

ඒ සඳහා සභාපති සහ පිරිවර සභාපතිගේ රාජකාරී කැබ් රියද වෑන් රථයක් හා යතුරු පැදි කිහිපයක්ද පාවිච්චි කළහ. තත්වය උග්‍ර වන බව දැනගත් මා බදුල්ල එ.ජා.ප කාර්යාලයද දැනුවත් කළ අතර පොලිසියද දැනුවත් කෙළේය. නමුත් ප්‍රදේශයේ පවතින දුෂ්කර තත්වය තුළ පොලිසියේ ජංගම රථ ආගමනයද ප්‍රමාද විය.

කෙසේ වෙතත් ජනතාව ක්‍රම ක්‍රමයෙන් කිලෝමීටර් ගණන් දුර ගෙවා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණියද තරුණ කාන්තාවන් ඡන්දය දැමීම ප්‍රතික්ෂේප කෙළේ සන්ධානයේ නවයේ කණ්ඩායමක් ඡන්ද මධ්‍යස්ථානයට ආසන්නයේ ඇති කළ මාර්ග බාධක හරහා යාමට ඇති බිය නිසාවෙනි.

සවස ඡන්ද පෙට්ටි රැගෙන යාමෙන් අනතුරුව ඡන්ද පොළ නියෝජිතයන් නිවෙස් වලට බැස්සවීමේ කාර්යය මා හට පැවරුණු අතර මා හඳුනන උසස පොලිස් නිලධාරියෙකුගේ මැදිහත් වීම නිසා මැතිවරණ අවසානයේ මුහුණ දීමට නියමිතව තිබූ භීෂණයෙන් බේරී පලා යාමට හැකි විය.

සවස 6.30 ට පමණ මා පක්ෂ කාර්යාලයට පැමිණි නමුත් නැවතත් තොරතෝංචියක් නොමැතිව දුරකථන ඇමතුම් ගලා ආවේ ය. ඒ පෙර කී ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පොල නියෝජිතයන් ලෙස ක්‍රියා කළ මා නිවෙස් වෙත ඇරලු අපගේ පාක්ෂිකයන්ගෙනි. ඇමැතුම් වලින් කියා සිටියේ නැවතත් ඒ පාක්ෂිකයන්ගේ නිවෙස් වලට ප්‍රහාර එල්ල කරන බවයි.

නැවතත් පෙර පරිදිම අදාළ පාර්ශව දැනුවත් කොට එම ප්‍රදේශයට ජංගම පොළිස් සේවයක් පිටත් කළ ද ඒ වන විටත් තමන් ගරු කරන දේශපාලන දර්ශනය හා මතවාදය වෙනුවෙන් බොහෝ දේපළ අලාභ වලට මුහුණ දීමට අප මිතුරන්ද සිදුව තිබිණ.

පසුදින එනම් ඉරිදා උදේ නැවතත් මම ඒ ප්‍රදේශයට ගිය විට එ.ජා.ප පාක්ෂිකයන්ගේ නෙත් වල රැඳුනු වේදනාව හා කඳුල මාගේ හදවතේද ඇති කළ වේදනාව කඳුලක් ලෙසින් පිටවිණි. මොවුන් වෙනුවෙන් අප සියළු දෙනාම එකම අරමුණක යෑමේ වුවමනාව හදවතටම දැණින.

මෙවැනි වාතාවරණයක් තුළ ඌව පළාත් සභා ඡන්දය සාධාරණ හා නිදහස් යැයි කිව හැක්කේ කාටද ?

-නිරෝෂන් පාදුක්ක විසිනි-

https://www.facebook.com/lankaenews/photos/pb.219430344788805.-2207520000.1410276185./777969075601593/?type=1
09/09/2014

https://www.facebook.com/lankaenews/photos/pb.219430344788805.-2207520000.1410276185./777969075601593/?type=1

මහ භාණ්ඩාගාරයෙන් තවත් එළකිරි ගණුදෙනුවක්..! -නිරෝෂන් පාදුක්කගේ ජනතා සාක්කිය -09

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.09, ප.ව.7.30) 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසුයේ තම ජයග්‍රහණයේ රහස රුහුණේ එළකිරි බවය. එහෙත් අද නාරාහේන්පිට නාවල පාරත්, කිරිමණ්ඩල පාරත් අතර ඇති අක්කර 17 ට අධික මිල්කෝ සමාගම සතු ඉඩම හා ගොඩනැගිලි සියල්ල 'සුමටලොජික්' සමාගමේ සභාපති (වත්මන් දිගාසිරි රෝහල් සමුහයේ සභාපති) 'අශෝක් අධිරාජ්‍යයාට' කුණුකොල්ලෙට අමු අමුවේ විකිණීමට මහ භාණ්ඩාගාරය විසින් තීරණය කර ඇත.‍

මෙකී දේපළේ වත්මන් අයිතිකරු මහා භාණ්ඩාගාරය වන අතර මෙකී ගණුදෙනුවේ සැබෑ මොළකාරයා පී.බී ද, නිවුඩ් කබ්රාල්ද යන්න තවමත් හෙළිදරව් වෙමින් පවතී. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාම පාලනය වන්නේ රටේ මුදල් අමාත්‍යවරයා හෙවත් රජතුමා යටතේය. සුමට ලොජික් තමාගේ මුදල් සේ වියදම් කරන්නේ රජතුමාගේ මුදල් යැයිද රටේ රාවයක් පවතී.

පසුගිය කාලයේ හයිලන්ඩ් නිෂ්පාදන නිපදවන මිල්කෝ සමාගමේ කළමණාකාර අයිතිය ඉන්දියාවේ කිරියා (KIRIYA) සමාගම සතු වු අතර හදිසියේම එම පරිපාලනය නැවතත් මහා භාණ්ඩාගාරය සතු කර ගන්නේ මෙකී ගණු දෙනුව උදෙසාය.

සේවකයින් 1500 ට අධික පිරිසක් රාජකාරී කරන නාරාහේන්පිට කර්මාන්තශාලාවේ 80% ට අධික සේවකයින් ප්‍රමාණයක් කොළඹ අවට පදිංචි කරුවන්ය. ඔවුන් සියළු දෙනා අඹේවෙල හා පොළොන්නරුව කර්මාන්තශාලාවලට මාරු කර යැවීමට මේ වන විට සියල්ල සුදානම්ය.

මිල්කෝ සමාගමේ නිල් වික්‍රමසිංහගේ අකාර්යක්ෂම නායකත්වය යටතේ හා දුෂිත අක්‍රියාකාරී අධ්‍යක්ෂක නවුෂා යටතේ ක්‍රියාත්මක වන අක්‍රමවත් අලෙවිකරණ සැලසුම් යටතේ වුවද පසුගිය මාසයේ සමස්ථ විකුණුම් පිරිවැටුප මිලියන 800 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

රාජ්‍ය දේපළ කිසිවක් මහින්ද චින්තනය යටතේ නොවිකුණන බව දස අතේ දිවුරා පොරොන්දු වුණු මේ රජය කොළඹ නගරය කොටස් කර විකිණීමේ අලුත්ම ගණුදෙනුව සමස්ථ ජාතියම පිළිකුලෙන් යුතුව හෙළා දකී.

අනෙක් විහිළුව නම් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ ඇති දේපළද මේ වන විට ක්‍රමක්‍රමයෙන් බදු දීමේ මුවාවෙන් විවිධ ව්‍යාපාර සඳහා පාවිච්චි කරති.

පොළොන්නරුවේ ඇති ප්‍රසිද්ධ ‍බොට්ල් ෆාම් (Bottle Farm) ප්‍රසිද්ධ ඉඩමෙන් අක්කර 2500 ක් ඊශ්‍රායාල සමාගමකට පවරා ඇත.

අපට දේශීය එළකිරි පානය කරන ලෙස කුඹුරේ සිට ජාතිය ඇමතු මහ රජෙකු මෙසේ රාජ්‍ය දේපළ විකිණීම සිංහල බෞද්ධයන්ටද මහා පුදුමයක් විය හැක.
---------------------------
by -නිරෝෂන් පාදුක්ක විසිනි-

https://m.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/777092035689297/?type=1&refid=52&__tn__...
08/09/2014

https://m.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/777092035689297/?type=1&refid=52&__tn__=E

ගණිකා අමාත්‍යාංශයක් ලඟදීම: නිරෝෂන් පාදුක්කගේ ජනතා සාක්කිය

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.07, ප.ව.11.30) බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වෙත මා විසින් යොමු කළ ලිඛිත ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුර ක්‍රියාත්මක කිරීම රබර් මෙන් ඇදෙමින් පවතී.

එනම් කොළඹ කොටුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් තනන ලද පරණ ලන්දේසි රෝහලේ පවත්වාගෙන යනු ලබන අපුරු අමාත්‍යාංශය (Ministry of Crabs) නම් ලාභ ලබන ව්‍යාපාර සඳහා බස්නාහිර පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද අවසරය අවලංගු කරන බවට කළ මාස 17 ක් පැරණි ප්‍රකාශයයි.

රටේ ව්‍යවස්ථාවට අනුව අමාත්‍යාංශය යන වචනය පාවිච්චි කළ හැක්කේ රජයට පමණි. මෙවැනි තත්වයක් තුළ මෙරට ක්‍රියාත්මක වන නීති විරෝධි ව්‍යාපාර සඳහාද අමාත්‍යාංශ යන වචනය පාවිච්චී කිරීමට ඉඩ දිය නොහැක. ඒ අනුව ඉදිරියේදී ගණිකා අමාත්‍යාංශය, එතනෝල් අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ ව්‍යාපාර ලෝකයට එකතු විය හැක.

තවද කප්පරක් ඇමතිවරු සිටින රටකට මේවා අධීක්ෂන කිරීම සඳහා අමාත්‍යධුර, උප අමාත්‍යධුර ලබා දීමට රජතුමාට පහසු වනු ඇත‍. Ministry of Crabs නම් ව්‍යාපාරයේ සැබෑ අයිතිකරුවන් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකි. ඔවුන් සමඟ රජය ඇතිකර ගත් අනවශ්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහාද මෙම ව්‍යාපාර නාමයද අල්ලසක් ලෙස පාවිච්චී කිරීමට සුදානම් වන බව ජනතා සාක්කිය මෙසේ සටහන් කරන වගයි.

-නිරෝෂන් පාදුක්ක විසිනි-

https://www.facebook.com/lankaenews/photos/pb.219430344788805.-2207520000.1409651132./773620846036416/?type=1
02/09/2014

https://www.facebook.com/lankaenews/photos/pb.219430344788805.-2207520000.1409651132./773620846036416/?type=1

පෞද්ගලික රෝහල් වල රථගාල් විකිණීමට තිබේ: නිරෝෂන් පාදුක්කගේ ජනතා සාක්කිය -08-----

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.01, ප.ව.10.30) බස්නාහිර පළාත් සභාවට මා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික යෝජනාවක් වන 'පෞද්ගලික රෝහල් වල රථගාල් වලින් මුදල් අය කිරීම තහනම් කිරීම' සියළු පක්ෂ වල ඒකමතික එකඟතාවය මත මීට වසරකට පෙර අනුමත විය.

එහෙත් තවමත් මෙම රෝහල් වල රථ ගාල් වලින් මුදල් අය කිරීම සරුවට සිදු වන අතර එකී රථ ගාල් අතුරු බදු දී විශාල ආදායමක් දින පතාම ලබා ගනී. තවමත් මේ පිළිබඳව පළාත් පාලන කොමසාරිස්වරිය ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

කිසිදු රෝගියෙකු පෞද්ගලික රෝහලකට යන්නේ කැසිනෝ ගැසීමට හෝ චිත්‍රපටියක් බැලීමට නොවේ. තවද ඇඳුම් මිලදී ගැනීමට හෝ කාර් රේස් බැලීමටද නොවේ. අයිස් බකට් නෑමට ද නොවේ. අදාළ රෝගයට ඛෙහෙත් ගැනීමට චැනල් සේවාවක් ලබා ගැනීම සඳහා හෝ නේවාසිකව සිටින රෝගීයෙකු බැලීමට පමණි.

චැනල් කරන ලද බිල්පතෙහි රෝහල් ගාස්තුද පැහැදිලිව ඇතුලත්ව ඇති අතර නේවාසික රෝගියෙකුගේ බිල්පතක් සඳහා ලක්ෂ ගණනින් වැය වේ. තවද විශේෂඥ වෛද්‍යවරයා පැය ගණන් ප්‍රමාද වීමද රෝගියාගේ රථ ගාල් ගාස්තු ඉහළ යාමට හේතුවකි.

අදාළ ගොඩනැගිලි සැලසුම් අනුමත කර ඇත්තේද රෝහලක් යන ව්‍යාපාර ස්වාභාවය මත වන අතර මෙහිදී අවශ්‍ය ගොඩනැගිල්ලේ තට්ටු ප්‍රමාණය හා වර්ග අඩි ප්‍රමාණය මත අවශ්‍ය රථ ගාල් පහසුකම් හා අනෙකුත් පොදු පහසුකම් පැහැදිලිව සටහන් කොට ඇත.

එය හඳුන්වන්නේ කොමන් යුටිලිටි ෆැසිලිටීස් හෙවත් පොදු පහසුකම් ලෙසය. එය නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි හා අදාළ නගර සභාවේ සැලසුම් අනුමත කිරීමේ කමිටුවේ වගකීමකි. කෙසේ වෙතත් දිගින් දිගටම අසාධාරණයට ලක්වන රෝගීන් වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණයක් නොමැත.

පසුගිය කාලයේ දින 7 ක් රෝහල් ගත වුණු රෝගියෙකුගේ නිවසේ වාහනයෙන් රථ ගාල් ගාස්තු ලෙස රු. 700 ක් අය කර ගෙන තිබු අතර චැනල් සේවාව ලබා ගත රෝගියෙකුගෙන් රු. 1700 ක ගාස්තුවට අමතරව රු. 150 ක රථගාල් ගාස්තුද අය කර තිබිණ. මෙය දිනපතා සිදුවන එක් අසාධාරණ ගසා කෑමක් පමණි.

මෙකී සියළුම රෝහල් හිමිකරුවෝ රජයේ හිතවතුන් වෙති. තවද බොහෝ බදු සහන ලැබුවෝ ද වෙති. 700 % ට අධික සෘජු හා වක්‍ර බදු ගෙවන ජනතාවක් ජීවත් වන රටක ප්‍රධාන පළාතේ පළාත් පාලන කොමසාරිස්තුමියගේ නිහඬ පිළිවෙත පිළිබඳව අපට විශාල සැකයක් ඇති බව නම් නොකියාම බැරිය

-නිරෝෂන් පාදුක්ක විසිනි-

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/767619703303197/?type=1&relevant_coun...
20/08/2014

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/767619703303197/?type=1&relevant_count=1

ඇමරිකාවේ තුට්ටු දෙකේ ටැක්සි ඩ්‍රයිවර්ලාටත් රැවටී කෝටි ගණන් ගෙවන මහ බැංකු අධිපති: නිරෝෂන් පාදුක්කගේ ජනතා සාක්කිය -4----

(ලංකා ඊ නිව්ස් -2014.අගෝ.19, ප.ව.11.00) එ.ජාපයේ හිටපු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් පසුව පළාත් සභා ඡන්දයෙන් පවා පරාජය වූවෙකි. ඔහු පළාත් සභා ඡන්දය ඉල්ලා පැරදුනු අවස්ථාවේ මුද්‍රණාල වලට ගෙවීමට තිබූ රුපියල් 15,000 ක් වැනි සුළු ණය පවා තවමත් ගෙවා නැති පොලූ කාරයෙකි. රාජගිරියේ මුද්‍රණාල ඒ බවට සාක්කි සපයනු ඇත. මෙහෙව් හාදයෙක් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද චින්තනය නැමති ප්‍රෝඩාව සකස් කිරීමට හවුල් වීම වෙනුවෙන් අල්ලසක් ලෙස මහ බැංකු අධිපති ධූරය ලැබුවේය.

ඔහු විසින් කරන ලද ජනතා විරෝධී, අමන මුල්‍ය ගණුදෙනුවක තොරතුරු අනුව මේ හාදයා කෙතරම් මන්ද මානසිකත්වයකින් පෙලෙන්නෙක්දැයි තේරුම් ගත හැකිය. සිය නමින් ආර්ථික විද්‍යා ලිපි ශ්‍රී ලංකාවේ සඟරාවලට හා පුවත්පත්වලට අල්ලස් දී පල කර ගන්නා කබ්රාල් නැමති මානසික රෝගියා සිය ලිපි ඇමරිකාවේ ආර්ථික සඟරාවල පල කරවා ගැනීම පිණිස ඇමරිකාවේ තොම්සන් ඇඩ්වයිසරි ගෘෘප් හෙවත් TAG නැමති එජන්සිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිත කාර්යාලයක් හෙවත් එජන්සියක් ලෙස අනුමත කොට ඇත.

සිය ලිපි නිවාඩ් කබ්රාල් නමින් ඇමරිකාවේ ආර්ථික සඟරාවල පලකර ගැනීම පිණිස ටැග් ආයතනය සඳහා ඇමරිකන් ඩොලර් 6,83,635/- ක් හෙවත් රුපියල් කෝටි 9 ක් පමණ ගෙවා ඇති අතර ඒවා පැහැදිලිව 'ෆාරා'(FARA) හෙවත් 'ෆොරීන් ඒජන්සි රෙජිස්ට්‍රේෂන්' පනත යටතේ ඇති ලිපි ලේඛණ වල සඳහන් වේ. මෙහි තවත් සුවිශේෂී ගණුදෙනුවක් පිළිබඳ හෙළිදරව්වක් කර තිබේ.

එනම් ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ටැක්සි රියදුරකුට පසුගිය වසරේ මුල් මාස 3 තුළ අහස පොළොව නුහුලනා මුදලක් ගෙවා තිබීමයි. තිලක් මොහාන් සිරිවර්ධන නම් කුලී රථ රියැදුරාට 2013 මාර්තු 21 වනදා සිට අගෝස්තු 3 වනදා දක්වා ඇමරිකන් ඩොලර් 34,675 /} ක් හෙවත් රුපියල් ලක්ෂ 45 ක් ගෙවා තිබේ.

කවුද මේ තිලක් මොහාන් සිරිවර්ධන ?

ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ මෙරිලෑන්ඩ් හි පදිංචි මොහු අංක 48258 යටතේ ලියාපදිංචි සුඛෝභෝගී ලීමෝසීන් රථ කුලියට දෙන සමාගමක වාහන අංක 4182 දරණ රථය පදවන කුලී රියදුරෙකි. මොහු නිවාඩ් කබ්රාල්ව එක්තරා කැබිනට් ඇමතිවරයෙක් මාර්ගයෙන් හඳුනා ගෙන ඇත. ටැග් නැමති ආයතනයට නිවාඩ් කබ්රාල්ව හඳුන්වා දෙන ලද්දේ මෙකී කුලී රියදුරා මොහාන් සිරිවර්ධනය.

ඔහුගේ ලීමෝසීන් කුලී රථ සේවා ලබා ගන්නා සේවාදායකයින් අතර එක් අයෙකු වන්නේ ටැග් සමාගමේ අධිපති රොබට් ෙජ්. තොම්සන් නැමැති සුද්දා ය. තොම්සන් සුද්දා සහ කබ්රාල් අතර කරන ලද කපු කම වෙනුවෙන් මොහාන් සිරිවර්ධනට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාසිකව ඩොලර් 7000/- ක වැටුපක් (රුපියල් ලක්ෂ 9 ක් පමණ) ලබා දීමට කබ්රාල් කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුව සතු මහජනතාවගේ බදු මුදල් ඔහුගේ අම්මාගේ අප්පාගේ බූදලයෙන් ලැබුනු බූදලයක් ලෙස සිතාය.

තවදුරටත් ලිපි ලේඛණ පරීක්ෂා කිරීමේදී අනාවරණය වන්නේ මෙකී කුලී රියදුරා වර්ථමානයේ ටැග් සමාගමේ උපදේශකයෙකු ලෙස ද නම් කර ඇති බවයි. මේ පිළිබඳව විමසා ටැග් සමාගමට යොමු කළ ඊ මේල් හා දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම ඔවුන් මගහැර සිටී.

තවද පසුගිය මාස කිහිපය තුළ මෙකී කුලී රථ රියදුරා ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර එහි සියළු වියදම්ද දරා ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුව විසිනි.

අපට තිඛෙන ප්‍රශ්නය නම් ඇමරිකාවේ ජීවත්වන කුලී රියදුරෙකුට මෙවැනි අධික වැටුපක් ලබා දීමට දිළිඳු ශ්‍රී ලාංකිකයන් වන අපට හැකිද යන්නයි. නිවාඩ් කබ්රාල්ගේ නම ප්‍රසිද්ධ කර ගැනීම වෙනුවෙන් ඇමරිකානු ටැග් සමාගමට ගෙවන ලද රුපියල් කෝටි 9 ක මුදල යනු අහිංසක ඔබේ මගේ බදු මුදල් වීමයි.

මේ කිසිදු ගණුදෙනුවක් සඳහා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය හෝ ලබාගෙන නැති අජිත් නිවාඩ් කබ්රාල් තමාගේ හිතුමතයට කිසිදු විනිවිද භාවයකින් තොරව මහජන මුදල් වියදම් කර ඇත.

මෙසේ මහජන මුදල් කෝටි ගණනින් හිතුමතේ එක් රැයකින් තම හෙන්චයියන්ට හිතුමනාපේ ලබා දෙන මේ දුෂ්ඨ ආණ්ඩුව පාසලකට පුටුවක් හෝ බීමට වතුර නැතිව පීඩා විඳින අහිංසක ජනතාවට වතුර බිඳක් ලබා දීම සඳහා හෝ වෙන් නොකරන්නේ මන්ද ? රාජපක්ෂ පාලනයේ තවත් අඳුරු හා කාලකණ්නි ගණුදෙනුවක ජනතා සාක්කිය මෙසේ සටහන් කර තබමු.

-නිරෝෂන් පාදුක්ක විසිනි-

19/08/2014

මහේල ඔබ විශිෂ්ඨය:

නාලන්දාවෙන් ක්‍රිකට් ලොව දිග්විජය කළ ඔබ එදා මෙදා තුර පුරා වසර 17 ට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ අනගි භවනීය සේවාව අගය කරන්නට අපද මෙසේ එක්වන්නෙමු.
වයස අවරුදු 20 දී ශ්‍රී ලංකා ටෙස්ට් වරම් ලබා ගත් ඔබ එදා S.S.C පිටියේ ලබා ගත් දැවැන්ත ඉනිම හා සංගා සමඟ එක්ව තැබු ලෝක වාර්ථාවද අභිරහස් ලෙස පරාජය වු ලෝක කුසලාන අවසාන තරඟයේ ඔබ ලබා ගත් විශිෂ්ඨ ශතකයද අප මතකයේ නිරන්තරව රැ‍ඳේ.
තවද එදා 1999 දී ඕස්ට්‍රේලියාවේදී ප්‍රබල එංගලන්තයට එරෙහිව ඔබ ලබා ගත් එක්දින ශතකය පිළිබඳව සර් ඉයන් බොතම් හා නැසීගිය ටෝන් ග්‍රේග් විසින් රෑපවාහිනී තිරයේ කරන ලද විස්තර කථනය ඔබේ හැකියාවන් පිළිබඳ කළ පුර්ව නිගමනයකි.
නායකයෙකු ලෙස සියළු ගුණාංග ප්‍රගුණ කළ ඔබ ජය - පරාජය, නින්දා - අපහාස, පැසසුම් - ගැරහුම්, විඳදරාගත් ඔබ වත්මන් ක්‍රිකට් ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ඔබය. පිතිකරු ලැයිස්තුවේ අංක 4 ස්ථානයේ අරවින්ද සිල්වාගේ හිඩැස පිරවීමට ඔබ උපරිමය ඉටු කළේය.
ඔබ සතු මනා තාක්ෂණය හා ක්‍රිකට් දැනුම අනාගත පරපුරට පැවරීමේ ජාතික කාර්යභාරය ඉදිරියේදී ඔබ කළ යුතුය. එහෙත් කෘරතර ක්‍රිකට් බලධාරීන් ඔබ පිළිබඳව කුමන ඇසකින් බලාවීදැයි අපි නොදනිමු.
ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් මිරිකී සිටින ජාතියකට ඔබ ලබාදුන් මානසික සහනයන්ද බොහෝය. පැය කිහිපයකට හෝ ඔබ ජාතියම දිනවන ලදී. ආදරණීය මහේල ඔබ විශිෂ්ඨය. ඔබේ දෑස, දෙපා හා පිත්ත නැවතත් අපට ටේස්ට් පිටියේදී දැක බලා ගත නොහැක.
ඔබට ටේස්ට් පිටියෙන් සමු ගන්න කවුරුන් හෝ බල කළාදැයි අප නොදනී. ඔබට ජය හා සැප.

-නිරෝෂන් පාදුක්ක විසිනි-

13/08/2014

Your tax at Work

Share
Lankaenews

ප්‍රේමසිරි කවුද..? මොනවද කරන්නේ..?

-නිරෝෂන් පාදුක්කගේ ජනතා සාක්කිය- අංක 3--------

(ලංකා ඊ නිව්ස් -2014.අගෝ.12, ප.ව.10.00) මහාමාර්ග හා වරාය නාවික කටයුතු අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයා ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරිය. ඊට අමතරව මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයද ප්‍රදානය කිරීමට රාජපක්ෂ රෙජීමය පසුගිය කාලයේ ක්‍රියා කළේය.

1981 මහාමාර්ග දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරුවෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වූ ඔහු දකුණු මාර්ග සංවර්ධන අධිකාරියේද විවිධ තනතුරු දැරීය.

2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමත් සමග විවිධ තනතුරු දරමින් දේශපාලන පත්වීම් ඉනිමගේ ඉහළටම ගිය ඔහු රාජපක්ෂ පවුලේ සුවච කීකරු ගෝලයකි.

විවිධ මහාමාර්ග ව්‍යාපෘති වල රහස් ගනුදෙනු පසුගිය කාලයේදී සිදුවන්නේ ඔහු හරහා ය. චීනයේ විවිධ සමාගම් සමග විවිධ ගනුදෙනු පසුගිය කාලයේ ඔහු මැදිහත්වී සිදුකළ බව ප්‍රසිද්ධ රහසකි. කොටින් කියන්නේ නම් රෙජීමයේ කොමිස් කුට්ටි වල ගනු දෙනු බලන වලව්වේ ලියන මහත්තයා ඔහුය.

ඔහුගේ නවතම පත්වීම පසුගිය මාසයේ ජනාධිපති විසින් ඔහුට ලබා දෙන ලද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව සභාපති ධූරයයි. මෙලෙස පත්වීම ලබන්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ විරෝධය මැද ඔහුද මවිතයට පත් කරමින් හා බාල්දු කරමිනි.

තනතුරු 2 ක් තිබූ ඔහුට මොකද මේ හදිසියේ තවත් තනතුරක්..?

චීනයෙන් ඉතා අධික පොළියට ණය ලබාගෙන මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඇමරිකන් ඩොලර් මිලියන 400 ට වඩා වටිනා එනම් ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5,200 ට අධික අදාළ ජල ව්‍යාපෘති ගනුදෙනුවේ රහස් ගණුදෙනු මෙහෙයවීම ඔහුගේ ප්‍රධාන කාර්යයකි. වැඩ බාර ගනිමින් ඔහු පවසා ඇත්තේ අනෙක් අය පෙරදී මෙන් අනෙක් කටයුතු කරගෙන යන ලෙසත් තමන් අලූත් ජල ව්‍යාපෘති පමණක් බලා ගන්නා බවත්ය.

ඒ සඳහා පහත සඳහන් ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට චීනය සමග ශ්‍රී ලංකා රජය පහත ගිවිසුම් අත්සන් කොට ඇත.

1. කොන්සෝටියම් ඔෆ් චයිනීස් කෝපරේෂන් (සීසීඕඊසී) සමග අනුරාධපුර, දකුණ / උතුර ව්‍යාපෘතිය අත්සන් කොට ඇත.
2. ගෝල්ඩන් ස්ටේට් එන්වයර්මන්ට් (ජීඑස්සී) සමාගම සමග මාතර හා ආනමඩුව ව්‍යාපෘති අත්සන් කොට ඇත.
3. චයිනා නැෂනල් මැෂිනරි ඉක්විප්මන්ට් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් (සීඑන්ඊසී) සමග අත්තනගල්ල / ගම්පහ / මිනුවන්ගොඩ ජල ව්‍යාපෘති අත්සන් කොට ඇත.

අමාත්‍යාංශ ස්ථීර ලේකම්වරයකු වලව්වේ කොමිස් කුට්ටි ගණන් තබන ලියන මහත්තයා ලෙස ක්‍රියා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි නින්දා සහගත ක්‍රියාවක් වන අතර දිනපතාම අරලියගහ මන්දිරයේ රජතුමාගේ දෙපා නැමැද උපදෙස් ලබා ගැනීම ඔහුගේ දෛනික චර්යාවේ කොටසකි.

ප්‍රේමසිරි කව්ද? මොනවාද කරන්නේ ? යන්න රටේ මහජනතාව දැන ගත යුතුය.

-නිරෝෂන් පාදුක්ක විසිනි-

Timeline Photos · Yesterday at 11:32pm ·
View Full Size · Send as Message · Report Photo
like
Wijitha Premasiri and 50 others like this.
Nalaka Niroshen
Thuk witharak.. Heha gahapiya lamaintath...
5 hours ago
Alex Peiris
Rata kana sakkili
5 hours ago
Pk Lahiru
lankawe mehema nathuwa jeewath wenna be.....
8 hours ago
Kirula Asoka Igalagamage
few more are there
9 hours ago
Princy Rajakaruna Dissanayake
Raaja ana!!!
Today at 7:58am
Jayadewa Prasanga Prasanga
Today at 2:33am See More
LikeLike · · Share

Niroshan Padukka
Write a comment...

News Feed
Sampath Rangajeewa De Silva commented on this post from May.
Sampath Rangajeewa De Silva
May 15 ·
Sampath Rangajeewa De Silva's photo.
LikeLike · · Share

Senaka Adikari, Athula Makumbura, Prashan Chandana and 32 others like this.
View 3 more comments
Sampath Rangajeewa De Silva Yes bro,
May 15 at 5:37pm · Like
Chandika Dedigama All red.
10 hrs · Like · 1
Kapila Jayarathne Hi buddy, where are you now?
6 hrs · Like
Sampath Rangajeewa De Silva I live in States machan...
13 mins · Like
Niroshan Padukka nice pic. hope .not in a jvp meeting.haaaaaaaaaaa
Just now · Like
Niroshan Padukka
Write a comment...

More Stories

03/08/2014

Sunday Observer Online

UNP sure of victory at a National Election - Western Provincial Councillor Niroshan Padukka

The United National Party founded by its leader D.S. Senanayake way back in 1946, had been a formidable political force since its inception till about the beginning of the new century. However, it experienced ups and downs in between but never remained in the Opposition for more than one parliamentary term prior to 1994. Since then its performances in the national politics has suffered badly mainly due to the atrocities committed by the ruthless LTTE. Following the repeated defeats suffered by the party, quite naturally the internal conflicts also erupted further driving the party to political doldrums.

Niroshan Padukka

In this backdrop the party hierarchy with the unanimous approval of the working committee and its stakeholders fully reorganised the party structure to regain the lost glory of the party. With its reorganisational activities the party had already shown some improvement with the results of the last provincial council election.

At present all the front runners of the party had buried their petty differences and work as a single unit to capture power at a future national election which could be held probably by the end of next year.

The Sunday Observer conducted an exclusive interview with one of the upcoming Provincial Councillors in the Western PC, Niroshan Padukka to ascertain the present position of the party, its activities and how they hope to launch the campaign to woo support of the people at a future election and the general political situation in the country.

Excerpts of the interview:

Q: You are representing the WPC as a member for the third consecutive term. Do you think that you have rendered enough service to the people of the WPC as a member?

A: As an Opposition PC member we get only a megre allocation from the council funds to work for the people in the province. However, it doesn't mean that we totally depend on it to work for the people in the area. I have lot of other schemes from which I draw funds to work for the people.

Apart from the material benefits that we provide to the people, as Opposition members our duty is to monitor the activities of the ruling party for better governance.

There had been a number of occasions in the past that we objected to some of the people- unfriendly measures that UPFA was trying to implement and they were forced to withdraw them although they had a clear majority in the council.

Q: Some political critics say that PCs are a white elephant and it should be abolished and more powers should be vested with the Local Government bodies? How do you respond to this allegation?

A: Well the PC system was introduced way back in 1987 by the then leader of the country J.R. Jayewardene under the 13th Amendment to the Constitution as a solution to the long-drawn out North East problem. Since then it was deeply rooted in the entire political fabric of the country. SLFP and JVP who outright rejected it when it was first introduced, have now embraced it more than even the UNP. PC system has now become virtually indispensable in Sri Lankan politics.

I personally think that the Provincial Councils can do a great service to the country provided the ruling party, whatever it may be honestly and transparently discharge their functions without resorting to corruption.

Q: There is also an allegation by some quarters that senior parliamentarians of both major parties have used the PCs as a breeding ground for their siblings to enter parliament in future. Do you agree with this?

A: Seniors grooming their siblings to replace them in politics had been there from the inception of party system in the country. Not only in Sri Lanka, even in other countries there are enough instances where the children of politicians had entered politics. Before the PC system was introduced some senior parliamentarians groomed their children through local bodies and most of them ended up as successful national politicians. I don't personally think that it is a bad thing provided the children are seriously interested in working for their people.

But most unfortunately what has happened today is that most of the parliamentarians are hellbent on getting the candidature for their sons and daughters whether they are interested in politics or not.

Q: What is happening in your party with regard to Uva PC elections scheduled to be held shortly?

A: We had been anxiously waiting for this election as we are pretty sure that we would be victorious. Our party had already prepared the nomination list with a formidable and vibrant set of winning candidates headed by the young and most popular Harin Fernando who is sure to deliver the goods.

Q: You are a well qualified Chartered Marketeer and a banker. What made you to involve in this cumbersome profession of politics when you can enjoy a rosy life with your profession?

A: Well, the social service has been in my blood from my school days and I derive a great satisfaction by attending to peoples needs.

I have my roots in the United National Party. My uncle was the one time treasurer of our party.

My father lost only by five votes to Samaraweera Chandrasiri at the local polls in early sixties. I became the Secretary of the UNP Youth League in Colombo district in 1994 at a comparatively young age. Two of my colleagues then Dhanasiri Amaratunga and Muditha Peiris left our party.

Q: It is the bone of contention in political circles at present that a common candidate should be fielded at the next Presidential Election. What is your party's stand on that?

A: Our party has very clearly stated whoever the candidate may be, he should be from the United National Party under the elephant symbol. If any party is agreeable it can also join us.

Q: In that case JVP may not align with you to field a common candidate?

A: If they had supported Chandrika Bandaranaike and Mahinda Rajapaksa at previous elections on the promise of abolishing the Executive presidency, why can't they support the UNP on the same undertaking? There is no rationale behind it?

The JVP has completed 50 years in politics now and still they have only 7% of voter support. They should realise their position and if they are genuinely interested in abolishing the Executive presidency they should support the UNP even at this eleventh hour without resorting to unrealistic tactics.

Q: In the event of a victory for your party at the Presidential Election, what is the guarantee that Ranil Wickremesinghe will abolish the Executive Presidency?

A: Our party has already formulated a draft constitution for the country as directed by our leader and I am 200 percent certain that he never goes back on what he says. He had proved in the past that he was a thorough democrat.

Q: What are your chances of winning the next national election?

A: With the prevailing political and economic situation in the country, and with our party's reorganisational activities and the far sighted political strategies that we have in the pipeline we are quite confident that we can form a UNP government at the next national election-may it be the presidential or general.

Q: You are the UNP Chief Organiser of the Kesbewa electorate and your former boss is a powerful minister in the cabinet. Do you think that you can win the electorate for the party at a future election?

A: How many senior and powerful ministers had been defeated in the previous elections in the country due to wrong economic policies of the governments and various other factors which the average and moderate people do not approve. With our reorganisational activities, we can definitely mobilise the masses against this government and win the next election.

Address

Western Provincial Council

Opening Hours

Monday 05:00 - 23:00
Tuesday 05:00 - 23:00
Wednesday 05:00 - 23:00
Thursday 05:00 - 23:00
Friday 05:00 - 23:00
Saturday 05:00 - 23:00
Sunday 05:00 - 23:00

Alerts

Be the first to know and let us send you an email when Niroshan Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Niroshan Padukka:

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share