Sri Lanka Puvath

  • Home
  • Sri Lanka Puvath

Sri Lanka Puvath Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Puvath, News & Media Website, .

09/09/2022

ජාතික හරිත පෙරමුණේ නායක පැතුම් කර්නර් සමඟින් සිදුකළ මතවාද දේශපාලන වැඩසටහන

16/03/2022

ජනපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය

මන්ත්‍රීවරු 225 දෙනාගේ කියවීමේ තරම එළියට එයි! ගත්ත පොත් ලැයිස්තුව ගැන හෙළිවෙයිපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින්...
20/01/2022

මන්ත්‍රීවරු 225 දෙනාගේ කියවීමේ තරම එළියට එයි! ගත්ත පොත් ලැයිස්තුව ගැන හෙළිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින් භාවිතා කරන පොත් පිළිබඳව කථානායකවරයා සිය කනගාටුව ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේදී මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ලබාගෙන ඇති ගත් පොත් ගණන 330ක් වන අතර ඉන් 122 ක් ප්‍රබන්ධ මාතෘකාව යටතේ ඇති ඒවා බව කතානායකවරයා කීය.

මීටඅමතරව 94ක් දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන්ද, 27ක් සමාජ විද්‍යාව සම්බන්ධයෙන්ද, 11ක් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්ද, 5ක් විද්‍යාව සම්බන්ධයෙන්ද, 4ක් නීතිය, 3ක් තාක්ෂණය, 1 බැගින් අධ්‍යාපනය සහ සිංහල සාහිත්‍යය සම්බන්ධයෙන්ද වන ග්‍රන්ථ වන බවද කථානායකවරයා පැවසීය.

“මෙය ලැජ්ජා සහගතයි,” යැයි කී කථානායකවරයා සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙපාර්ශවයේම අවලාද නැගීමට වැදගත් කාලය අපතේ යවන බැවින් එය දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බවයි.

අසත්‍ය චෝදනා සහ පාර්ලිමේන්තු නොගැලපෙන භාෂාව රාජ්‍යයට මග පෙන්වීමට වඩා දේශපාලන වාසි තකා පාර්ලිමේන්තුවේ කෙරෙන කතා සහ ප්‍රකාශවල කොටසක් බව කථානායකවරයා පැවසීය.

මෛත්‍රී-සජිත් හමුවෙයි : බර සාකච්ඡාවකුත් තියයිබොහෝ තැන්වල තීන්දු තීරණ ගැනීමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය පිරිමින්ට හිමිවී ...
20/01/2022

මෛත්‍රී-සජිත් හමුවෙයි : බර සාකච්ඡාවකුත් තියයි

බොහෝ තැන්වල තීන්දු තීරණ ගැනීමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය පිරිමින්ට හිමිවී ඇති අතර මෙවැනි බොහෝ තැන්වල තැන්වල කාන්තාවන් අසරණ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජයට යුතුකම් සහ වගකීම් ඉටුකරන බොහෝ තැන්වල කාන්තා හිංසනය වැඩිවී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා කාන්තා හිංසනයට එරෙහිව නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

මෙරට ආර්ථිකයේ ප්‍රධාන බරක් අර දරාගෙන සිටින්නේ කාන්තාවන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් ඔවුන් පෝෂණය කිරීමත් සුවිශේෂී වගකීමක් බවද පැවසීය.

පැෆරල් සංවිධානය මගින් කාන්තා නියෝජනය දිරිමත් කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ ” වෙනසකට මගක්” සම්මන්ත්‍රණය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි විය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මමහතාද සහභාගී වී සිටි අතර ‌එහිදී විපක්ෂනායකවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ජාවක්ද සිදුවිය.

බාස්ලට වැඩ පටන් ගන්න පුළුවන් - සිමෙන්ති හිඟය අවසන්සිමෙන්ති හිඟය ලබන 25 වැනිදායින් පසු බොහෝදුරට පහව යනු ඇති බව සිමෙන්ති ආ...
20/01/2022

බාස්ලට වැඩ පටන් ගන්න පුළුවන් - සිමෙන්ති හිඟය අවසන්

සිමෙන්ති හිඟය ලබන 25 වැනිදායින් පසු බොහෝදුරට පහව යනු ඇති බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසනවා.

ඊයේ (19) සිමෙන්ති කොට්ට ලක්ෂ 06 ක් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණි බව ඔවුන් සඳහන් කළා.

ඉන්දුනීසියාවේ සිට එක් නෞකාවක් පැමිණ ඇති අතර, එහි සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකක් පවතිනවා.

එමෙන්ම, පාකිස්තානයේ සිට සිමෙන්ති කොට්ට ලක්ෂ 04 ක් රැගත් තවත් නෞකාවක් පැමිණ තිබෙනවා.

මේ වනවිට එම සිමෙන්ති නිදහස් කරගෙන ඇති බවත්, ඒවා කඩිනමින් වෙළඳපොල වෙත නිකුත් කරන බව ද සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පැවසුවා.

මේ වනවිට වෙළඳපොලේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් ලෙස සටහන් වූව ද, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් සිමෙන්ති අලෙවි කරන්නේ රුපියල් 1500කට ආසන්න මුදලකටයි.

ඇතැම් අලෙවිකරුවන් වැලි හෝ ගල් මිල දී ගැනීමේදී පමණක් සිමෙන්ති අලෙවි කරනවා.

කොවිඩ් රෝගීන් නොසිතූ ලෙස ඉහළටඊයේ (19) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 829 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත ර...
20/01/2022

කොවිඩ් රෝගීන් නොසිතූ ලෙස ඉහළට

ඊයේ (19) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 829 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ අතර විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 09 දෙනෙකුග සිටින බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 598,536ක් දක්වා ඉහළගොස් තිබේ.

නව විවාහ රෙගුලාසි වෙනස් වන ලකුණුශ්‍රී ලාංකිකයින් විසින් විදේශීය පුරවැසියන් සමග විවාහයන් සිදු කරගැනීමේ දී පනවා ඇති නව රෙග...
20/01/2022

නව විවාහ රෙගුලාසි වෙනස් වන ලකුණු

ශ්‍රී ලාංකිකයින් විසින් විදේශීය පුරවැසියන් සමග විවාහයන් සිදු කරගැනීමේ දී පනවා ඇති නව රෙගුලාසියක් බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

එවැනි විවාහයකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිෂ්කාසන වාර්තාවක් ලබා ගතයුතු බවට එම නව රෙගුලාසිය පනවා ඇත.

නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකාව අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පිළිගෙන ඇති අයිතියක් ලෙස සෑම පුද්ගලයෙකුටම කැමති ඕනෑම පුද්ගලයකු සමග විවාහ වීමට නිදහස පවතින බවය.

තමන් ශ්‍රී ලංකාවේ විදේශීය පුරවැසි කාන්තාවක සමග විවාහ වී සිටින බවද සිය බිරිඳ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බවද පෙත්සම්කරු පවසයි.

සිය බාලවයස්කාර දරුවන් දැනට විදේශ පුරවැසියන් වන බවද පෙත්සමෙන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලාංකිකයින් හා විවාහවීමට අදහස් කරන විදේශිකයන් විවාහ ලියාපදිංචියට පෙර තම විවාහය ලියාපදිංචි කිරීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස “ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක්” ලබාගත යුතු බවට ඉකුත් ඔක්තෝබර් මස 18 වනදා චක්‍රලේඛයක් නිකුත් ඇති අතර මෙම රෙගුලාසිය ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වෙයි.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝග නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු, එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

20/01/2022
විදුලි කප්පාදුව ගැන නවතම නිවේදනය මෙන්න…තෙල් සංස්ථාව විසින් පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබා දුනහොත් අද දිනයේ විදුලි කප්පාදුව...
20/01/2022

විදුලි කප්පාදුව ගැන නවතම නිවේදනය මෙන්න…

තෙල් සංස්ථාව විසින් පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබා දුනහොත් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ දිනයේ අක‍්‍රිය වූ තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා දීම හේතුවෙන් අද දිනයේ මෙම විදුලි කප්පාදුව අවශ්‍ය නොවන බවද මණ්ඩලය කියා සිටී.
ඉන්ධන ඊයේ දිනයේදීම ලබා දුන්නද ඒවා බලාගාරවලට පොම්ප කිරීමට පැය කිහිපයක් ගත වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ රට පුරා විටින් විට විදුලිය විසන්ධි කරන ලදී.

කාබනික වගාවක් කරන්න ගිහින් 32 වසරක මගේ දේශපාලන ජීවිතය විනාශ වුනා…“මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන...
12/01/2022

කාබනික වගාවක් කරන්න ගිහින් 32 වසරක මගේ දේශපාලන ජීවිතය විනාශ වුනා…

“මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන චෝදනා අසාධාරණයි කියලා මම හිතන්නෙ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මගේ වසර 32ක දේශපාලනය විනාශ වුණා. එහෙම වුණත් රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවා” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මහ කන්නයේ අපි දෙගොල්ලටම වැරදුණ තැන් තියෙනවා.ඒ වැරදුණ තැන් හදාගෙන ⁣යල කන්නයේදී කාබනික වගාව සාර්ථක කර ගන්න අපි සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කරන්න ඕන. රජය හාල් ආනයනය කරන්න තීරණය කර තිබෙනවා. මෙරටට සහල් ආනයනය කරනවාට මම පෞද්ගලිකව කැමති නෑ. වෙළඳපොළේ හාල් මිල පාලනය කරන්න මෙවැනි පියවර ගැනී⁣මෙන්⁣ ගොවියාට වීවලට ලැබෙන මිල අඩු වෙන්න පුළුවන්. ඒක වලක්වා ගන්න තමයි රජය මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 75ක් ගෙවන්න තීරණය කර තිබෙන්නේ. රුපියල් පනහට තිබුණ වී මිල රුපියල් 75 දක්වා වැඩි කර ගොවියාට මහ කන්නයේ සිදුව ඇති අලාබයට වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවන්න රජය පියවර ගෙන තිබෙනවා” යැයිද අමාත්‍යවරයා කිවේය.

මෙම සාකච්ඡාවට දිවයින පුරා දිස්ත්‍රික් 25 නියෝජනය කරමින් ජාතික ගොවි බල මණ්ඩලයේ නියෝජිතයින් සහභාගී වී සිටියහ. මෙහිදී මහ කන්නයේ වී අස්වැන්න පිළිබඳව අදහස් විමසීමේදී සමස්තයක් ලෙස 40% – 50% අතර ප්‍රමාණයෙන් වී අස්වැන්න අඩු විය හැකි බව ගොවි සංවිධාන නියෝජිතයන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. ඒ අනුව වුවද මාස හයකට ප්‍රමාණවත් සහල් මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම මහ කන්නයේ වී වගාවේ වගා හානි වෙනුවෙන් හානිය ඇස්තමේන්තු කර වන්දි ලබා දෙන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී ඉල්ලා සිටියහ. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කීරිමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බවද, කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක් ලබා දීමට ඇතැම් අය සුදානමින් සිටි බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මේ සියලු අභියෝග හඳුනාගෙන ඒවාට මුහුණ දෙමින් යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීම සඳහා රජය සමඟ තම සංවිධානය අධිෂ්ඨානශීලිව කටයුතු කරන බවද පසුගිය කාල පරිඡේදය තුළ කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුහුණු දුන් අතිශය පීඩාකාරි විවේචන හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තම සංවිධානය බලවත් සේ කණගාටු වූ බවද, ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති ප්‍රේමරත්න මහතා මෙහිදී සඳහන් කළේය. යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීමට පොහාර හා පොහොර භාවිතය පිළිබඳ උපදෙස් කලට වේලාවට ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. මහ කන්නයේ වගා හානි සඳහා හානිය පිළිබඳ තක්සේරු වාර්තා කඩිනමින් ලබාගෙන වන්දි ගෙවීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා කෘෂි රක්ෂණ මණ්ඩලයට මෙහිදී උපදෙස් දුන්නේය. එමෙන්ම අක්කර දෙකකට නොඅඩු කෘෂිකර්ම ඉඩම් සඳහා ගිනි අවි ලබා දීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් අබේරත්න යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ. සාකච්ඡාව අවසානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා කෘෂිකර්ම උපකරණ බෙදා දීමක් ද අමාත්‍යවරයා අතින් සිදු විය. මෙසේ බෙදා දුන් යන්ත්‍රෝපකරණ අතර වී අස්වැන්න නෙළන යන්ත්‍ර, ට්‍රැක්ටර් හා වීඩර් යන්ත්‍ර ද ඇතුළත් විය.රුපියල් මිලියන 65 ක් වටිනා මෙම යන්ත්‍රෝපකරණ මිලදී ගෙන ඇත්තේ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ දායකත්වයෙනි. දිවයින පුරා සියලු ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා ඒවාට ඇති අවශ්‍යතාව අනුව මෙම යන්ත්‍රෝපකරණ ලබා දීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීවේය.

ශ‍්‍රී ලංකාව බංකොලොත් වන මට්ටමක නෑ.. 5.5% ආර්ථික වේගයකටයි යන්නේ..ඇතැම් පාර්ශ්වයන් පවසන ආකාරයට ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ...
12/01/2022

ශ‍්‍රී ලංකාව බංකොලොත් වන මට්ටමක නෑ.. 5.5% ආර්ථික වේගයකටයි යන්නේ..

ඇතැම් පාර්ශ්වයන් පවසන ආකාරයට ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයට පත්වී නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවයක් ඇති නොවන ලෙස කටයුතු කරන බවද පැවසූ ඒ මහතා සංචාරක කර්මාන්තය තවත් මාස දෙකකින් පමණක් හොඳ තැනකට එනු ඇති බවද පැවසීය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව පහත හෙළීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 5.5%ක තෙක් ඉහල නගිනු ඇති බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

“මෙතන වෙලා තියෙන්නේ සමහරක් ඉන්ටනෙට් එක බලන ආර්ථික විශේෂඥයින් පිරිසක් ඉන්නවා. ඒ ගොල්ලෝ ගණන් හදනවා. ගණන් හදලා කියනවා මේක නැහැ, මේක නැහැ කියලා. ඒ වුණාට ඒක කිරීම සඳහා මහ බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අයටත් ඔය ඉන්ටර්නෙට් එකේ පෙනෙන එක්ස්රේ එක පේනවා. අපි දන්නේ නැතුව නෙමෙයිනේ. බිලියන 6.9 ක් ගෙවන්න තියෙනවා කියලා අපි තේරුම් ගත්තාම අපි නිදා ගෙන ඉන්නේ නැහැ. ඒ ගොල්ලෝ එකපාරටම කියන්න පුළුවන් මෙන්න මෙච්චරක් තියෙනවා කියලා. ඒක අපිත් දන්නවා. දන්න නිසා ඒකට අවශ්‍ය වන කටයුතු කරගෙන යනවා. ඒ පිළියම් හරිගස්සගෙන යනවා. 2022 ජනවාරි 18 වෙනිදා ගෙවන්න තියෙනවා කිව්ව මිලියන 500 ගෙවන්න බැහැ කියලා ඉන්ටර්නෙට් කට්ටිය කිව්වා. දැන් අපි ගෙවනවා නේ. ඒකෙන්ම තේරෙනවානේ ඒගොල්ලොන්ගේ මතයෙයි ඇත්ත වශයෙන්ම කෙරෙන්න යන දේයි අතරේ ලොකු වෙනසක් තියෙනවා කියලා.

විවිධ පැතිවලින් මුදල් ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒ හරහා මේ ණය ගෙවීම සඳහා අවශ්‍ය කෙරෙන බිලියන 6.9 කර ගන්න පුළුවන්. ඒ සඳහා අපිට පිටට ගෙවන්න තියෙන මුදල් බිලියන 1.5 ක් පමණයි. ඒ තමයි ස්වෛරී බැඳුම්කරවලට අපි ගෙවන්නට බලාපොරොත්තු වන මුදල. ඊට අමතරව දේශීය වශයෙන් බිලියන 2.5 ක් පමණ මුදලක්, එය අපට rollover කරගන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර rollover කරනවා වගේම ඕනම රටක ඒ විදියට rollover කරගන්න පුළුවන්. දැන් ඒක කරගෙන යනවා. ඒ නිසා එතන තියෙන අවදානම හුඟාක් අඩුයි. ඒ වගේම ජාත්‍යන්තර ආයතන සමඟ අපිට තිබෙන ගනුදෙනු හරහා ඒ ගෙවීම් කරන මුදල්වලට සාපේක්ෂව ඒ වගේම මුදලක් අපිට එන්නත් තියෙනවා. ඒ තුළත් අපිට තියෙන පීඩනය අඩුයි.

මේ රට බංකොලොත් වෙනවා කියන කතාව 2020 දීත් කිව්වා. 1970 දීත් කියලා තියෙනවා ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා කියලා. යම්කිසි කණ්ඩායමක් ඉන්නවා මේ රට අමාරු තත්ත්වයකට වැටෙනවා කියලා නිතර නිතර කියන. මෙතනදී බොහොම පැහැදිලිව කියන්නට අවශ්‍යයි, පසුගිය මාස 06 තුළ දී එක කණ්ඩායමක් කෑගගහා හිටියා අපේ රටේ තියෙන සංචිත මදි, ඒ සංචිත මදිකම නිසා අපිට ණය ගෙවාගන්න බැරිවෙයි කියලා, 2022 ජනවාරි මාසයේ ගෙවන්න තියෙන මිලියන 500 අපිට ගෙවාගන්න බැරිවෙයි කියලා විවිධ කතන්දර කිව්වා. එහෙම කියද්දී අපි මොනවාද කිව්වේ. අපි කිව්වා අපි මේක ගෙවනවා, අපි බිලියන 3 ක් බවට අපේ සංචිත පත්කරගන්නවා කියලා පැහැදිලිව කිව්වා 2021 ඔක්තෝබර් මාසයේදී. මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. අපේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තබා ගෙන යන්න. තවදුරටත් මේකට අකුල් හෙළන්න එපා.“

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට එම පක්ෂයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.ශ්‍රී ලංකා පොදුජන ...
12/01/2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට එම පක්ෂයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවය දිගින් දිගටම තම පක්ෂයේ හෑල්ලුවට ලක් කිරීම මත මෙම තීරණය ගත යුතු බවට ඔවුන් සාකච්ඡා කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද ඉහල නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කරන නිසා එම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෑත කාලයේ දී ආණ්ඩුව දිගින් දිගටම දැඩිව විවේචනය කිරීම මත මෙම පියවර ගත යුතු බවද එම සාකච්ඡාවේදී අදහස් පළ වී ඇත.

කෙසේ වුවත් දැනට අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එම ධුර දැරීමට අවස්ථාව දෙමින් ආණ්ඩුව සමග කටයුතු කිරීමට අවස්ථාව දිය යුතු බවද එහිදී තවදුරටත් යෝජනා වී තිබේ.

තැන තැන ඉන්ධන පෝලිම්.. ඉන්ධන හිගයක්..ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පවතින බව වාර්තා කරුවන් කියති.ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නො...
12/01/2022

තැන තැන ඉන්ධන පෝලිම්.. ඉන්ධන හිගයක්..

ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පවතින බව වාර්තා කරුවන් කියති.

ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

අලෙවිකරුවන් පවසන්නේ ඉන්ධන තොග අවසන් වීමෙන් පසු නව තොග ලැබීම ප්‍රමාද වීම මත ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව මෙසේ නැවතීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්ධන හිගයක් රට තුළ නොමැති බව තෙල් සංස්ථාව සඳහන් කරයි.

සහල් මිල පාලක ඩඩ්ලිගෙන් යලි ප‍්‍රකාශයක්..කාබනික පොහොර වැඩපිළිවෙළ හොඳ වැඩපිළිවෙළක් නමුත් එය සිදු කළ ආකාරයට ප්‍රතිඵල දැන් ...
12/01/2022

සහල් මිල පාලක ඩඩ්ලිගෙන් යලි ප‍්‍රකාශයක්..

කාබනික පොහොර වැඩපිළිවෙළ හොඳ වැඩපිළිවෙළක් නමුත් එය සිදු කළ ආකාරයට ප්‍රතිඵල දැන් දක්නට ඇතැයි අරලිය සහල් හිමිකරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

දැනට පවතින සහල් මිල තවදුරටත් ඉහළ නොයනු ඇති බවත් මෙය උපරිම මිල වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

සහග් මිල පාලනය කිරීම සඳහා වැඩි වැඩියෙන් වී වගා කිරීම කළ යුතු බව ද පවසන ඔහු නමුත් රටේ වී නිෂ්පාදනය අඩු වීමේ වගකීම තමන්ට බාර ගැනීමට නොහැකි බවත් එය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින් පුදයි..නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආ...
12/01/2022

මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින් පුදයි..

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය ඊයේ දිනයේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පවත්වා ඇත.

ශ‍්‍රීලනිපය දෙකඩයි.. ප‍්‍රබලයෙක් ඉල්ලා අස්වීම බාර දේ…හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම සිදු කරන ආන්දෝලනාත්ම...
12/01/2022

ශ‍්‍රීලනිපය දෙකඩයි.. ප‍්‍රබලයෙක් ඉල්ලා අස්වීම බාර දේ…

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පියවර සම්බන්ධව පක්ෂ මූලස්ථානයේදී ඉකුත් සතියේදී සාකච්ඡා වට කීපයක් පැවැති අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා සහ පක්ෂය නියෝජනය කරන වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයකු දිගින් දිගටම පවසා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව, සමගි ජනබලවේගය සමග සම්බන්ධ විය යුතු බවය.

මෙම අදහසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් රැසක් සිය විරෝධය දක්වා ඇත.මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම මගින් සිදුවන්නේ පක්ෂයට හානියක් යැයි ද පක්ෂයේ බහුතරයක් හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

මේ අතර, පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීමේදී සම්මුඛ පරීක්ෂණවලින් තෝරා නොගත් කීප දෙනකුට ද සංවිධායක තනතුරු ලබාදීම නිසා මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.

පක්ෂයේ ඌව පළාතේ සංවිධායකවරයකු පක්ෂයේ කටයුතුවලට දැඩි ලෙස විරෝධය දක්වා සිය සංවිධායක ධුරයෙන් ඉවත්වී ඇත්තේ සිය ඉල්ලා අස්වීම ලිඛිතවම පක්ෂයට ලබාදෙමිනි. මෙම සංවිධායකවරයා පක්ෂයේ සභාපතිවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද අනාවරණය වෙයි.

මෙවැනි ගැටලු රැසක් නිසා පක්ෂය දෙකඩවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවත්, හිටපු ජනාධිපතිවරයා සහ වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයා එක් පාර්ශ්වයක් ලෙසද, පක්ෂයේ අනෙකුත් සාමාජිකයන් අනෙක් පාර්ශ්වය ලෙසද දැනටමත් කටයුතු කරමින් සිටින බවත් පැවසේ.

කටුනායක ගුවන්තොටුපොළ භීතියට පත් කළ විදේශිකයා කටුනායක ගුවන් තොටුපළෙන් පැන දිවූ විදේශිකයෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩ...
10/01/2022

කටුනායක ගුවන්තොටුපොළ භීතියට පත් කළ විදේශිකයා

කටුනායක ගුවන් තොටුපළෙන් පැන දිවූ විදේශිකයෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදේශිකයා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු වන අතර ඔහු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට මෙලෙස පැනගොස් තිබෙනවා.

පසුව ඔහු ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී අද (10) අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු සුදු හම සහිත හැඩි දැඩි විදේශිකයෙකු වන අතර ඔහු අද (10) අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව , විගමන කවුළුව වෙත පැමිණියේ , තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමටයි.

එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.

ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියදී , එකවරම ඔහු හිදගෙන සිටි පුටුවෙන් නැගිට , පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූයේ , චිත්‍රපට දර්ශනයක මෙන් ආගමන විගමන නිලධාරීන් වික්ෂිප්ත කරමින්.

පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි මොහු රේගු පරිශ්‍රය ඔස්සේ ද දිව යමින් , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් , දිව ගොස් තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බළලත් නිලධාරීවරයා ,
මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර , ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වනවිටත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද , මොහු පිටුපස ලුහුබදිමින් , හඹා යමින් සිටින්නට විය .

ඒ සැනින් මෙම විදේශිකයා , එකවරම , අසළ ඇති තාප්පයකට නැග , එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග , ඒ මත සැගවී සිටින්නට වී තිබෙනවා.

මේ බව ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් සිටි , ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් නිරීක්ෂණය කර , වහාම මොහු එම වහළයේ සැගවී සිටි ස්ථානය වෙත ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමු කර තිබෙනවා.

එවිට මෙම විදේශිකයා , එම වහළය මත දිව ගොස් , කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන , ගුවන් තොටුපළෙන් පිටතට පළා යෑමට සූදානම් ඇති බවයි සඳහන් වන්නේ.

ඒ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස් , ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මොහු වට කර තිබෙනවා.

එසේම ගුවන් තොටුපළ පිටතට යාමට අවකාශ ඇති සියලුම ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට ද පියවර ගැනුණා.

ඒ අනුව අලුයම 02.15 ට පමණ මෙම හදුනා නොගත් විදේශිකයා , ගුවන් තොටුපළ පිටතට යාමේ දොරටුව අසළ දී මෙම නිලධාරීන් පිරිස විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණා.

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා තිබෙන බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

මොහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු (Wanted Person ) හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැකපල කරනවා.

විශේෂයෙන්ම තාප්පය දිව යාම වහළයෙන් වහළයට පැන යාම , ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට අභියෝග කරමින් දිව යාම වැනි කටයුතු , මේ පිළිබඳව මනා පුහුණුවක් ලද පුද්ගලයෙකුට පමණක් සිදු කළ හැකි ක්‍රියාදාමයන් වනවා.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

අවුරුදු දෙකකට පසු මෛත්‍රී හෙළිකළ අවුලජනමත විචාරණයක් මගින් වත්මන් ආණ්ඩුවේ කාලය දිර්ඝ කරගැනීමට සුදානම් නොවන්නැයි හිටපු ජනා...
10/01/2022

අවුරුදු දෙකකට පසු මෛත්‍රී හෙළිකළ අවුල
ජනමත විචාරණයක් මගින් වත්මන් ආණ්ඩුවේ කාලය දිර්ඝ කරගැනීමට සුදානම් නොවන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුවට ඊයේ (09) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මෙලෙස පැවැත්වුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

"රටම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා.. මැතිනියගේ කාලේ වගේලු දැනුත් කන්න නෑ. පෝලිම් කියලා. මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරුත් කුණුහරුප කිව්වේ නෑ. තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. අවුරුදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති, ඇමති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ. 2015ටත් වඩා අඩුවෙන් බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරුවෙන් රුපියල් 2කින් තෙල් මිල වැඩි කළාම, පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. ඒ අතර දන්නවානේ...පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි. ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබ්බේ. පොදු ජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කීසැරයක් හමුවුණා ද?. වන් ටූ ත්‍රී තුන්දෙනා වෙනවෙනම මාව හමුවුණා. ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා. ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දිග් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්."

පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන කාදිනල් හිමිට මතුවූ සැකයජනතා ඡන්දය ලබාගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සි...
10/01/2022

පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන කාදිනල් හිමිට මතුවූ සැකය

ජනතා ඡන්දය ලබාගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට ඉඩහැරියේ දැයි සැක සහිත බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ සූම් තාක්ෂණික සම්මන්ත්‍රණයක් ඊයේ පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

"DIG නාලක ද සිල්වා ව අත්අඩංගුවට ගත්තේ සහරාන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අරන් තියෙද්දි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව. ඒකෙ තියෙනවා, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ බියක් හා අවිනිශ්චිතතාවයක් ඇති කරන්න අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළා දැයි සොයා බලන්න වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතුයැයිද නිරීක්ෂණය කරයි කියලා. මුස්ලිම් අන්තවාදින් මේක සුදානම් කළ බව ඇත්ත. නමුත් ඒකෙ තොරතුරු දැන දැන වසන් කරමින් ජනතා ඡන්දය ලබාගන්න ප්‍රහාරය වෙන්න ඉඩ දුන්නා කියා පේන්න තියෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් 60%ක වගකීම තියෙන්නේ ඔන්න ඔය නිලධාරීන් සහ දේශපාලකයින් අතේ. මෙහෙ පාලනතන්ත්‍රයේ ඉන්න අය මේක යට ගහන්නමයි හදන්නේ. මේවා විමර්ශනයකින් තොරතුරු එළියට ගන්න මේ අය කැමති නැහැ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හේතුවෙන් ඉන්දියාවේ මිරිස් සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ශ්‍ර...
10/01/2022

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හේතුවෙන් ඉන්දියාවේ මිරිස් සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට මිරිස් ආනයනය කරන්නන් පසුගිය මාස කිහිපය තුළ ඉන්දීය වෙළඳුන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ඉන්දියාවේ මිරිස් වෙළඳපොලේ අර්බුදයක් හටගෙන ඇති බවද වාර්තාව කියයි.

ශ්‍රී ලංකාව විසින් ඉන්දීය රුපියල් කෝටි 250-300 කට වැඩි මුදලක් මෙම සැපයුම්කරවැන්ට ගෙවීමට නියමිතව ඇත.

නමුත් එම ණය නොගෙවීමට එරෙහිව පැමිණිලි කරන්නට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නැති බවත් ඒ ණය මුදල යලි ලබා ගැනීමට එය බාධාවක් වනු ඇති බවට ඔවුන් බිය වීම මත බවත් වාර්තාවේ දැක්වෙයි.

ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු...
10/01/2022

ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..

ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිගයක් ඇතිවී තිබේ.

එම හිග මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බව පැවැසූ ඒ මහතා දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක් පමණ බවද කියා සිටියේය.

ඒඅනුව මෙම මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට තවත් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දෙන්නැයි මෙම ඉල්ලීම කරන බවද ඔහු පැවසීය.

ඉදිරි දින 10ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සතුව තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අදාළ මුදල කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

මේ අතර ඒ මහතා මීට දින කිහිපයකට පෙර ගුවන්විදුලි නාළිකාවක් සමඟ කියා සිටියේ ජනවාරි මාසය මැද පමණ වන විට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉත...
10/01/2022

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..

“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙන් යුතුව කොළඹ වරාය නගරයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා (09) මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහත්වරු මෙහි දී කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මං තීරුව මහජනතාව සඳහා විවෘත කළහ.

මෙම පදික මංතීරුව වෙත පාගමනින් පැමිණීමට මහජනතාවට අවස්ථාව හිමිවන අතර ගාලු මුවදොර පිටිය කෙළවර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ සඳහා තාවකාලික පිවිසුම් දොරටුවක් ඉදිකර ඇත.

පදික මංතීරුව අවසානයේ ඉදිකර ඇති ආරුක්කු හැඩති ලෝහමය එල්ලෙන පාලම දක්වා මහජනතාවට ගමන් කළ හැකි අතර දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා එහි රැදී සිටීමට ද අවස්ථාව හිමි වේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65ක් සපිරීම වෙනුවෙන් “ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව රුවල් ඔරු ශූරතාවලිය” ආරම්භ කිරීම ද මෙයට සමඟාමීව සිදුවිය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා එක්ව ඇරඹි මෙම ශූරතාවලියේ ශූරතා කුසලානය චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා විසින් මෙහි දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පිරිනැමුවේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙහි දී 65 සළකුණු කළ “ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව රුවල් ඔරු ශූරතාවලිය”ට අදාළ සමරු ටී ෂර්ටයක් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාට තිලිණ කළේය.

කොළඹ වරාය නගරයේ පැවැති මෙම උත්සවයට ක්‍රීඩාශීලීත්වය එක්වීම දෙරටේම නියෝජිතයන්ගේ පැසසුමට ලක්විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

චීන රජයේ විදේශ ඇමැතිතුමාව මම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි එතුමාව පිළිගන්නේ අපේ ඉතාම හිතවත් වගේම සමීප මිත්‍රයෙක් හැටියට. ඒ වාගේම ඉතාම ඓතිහාසික ව ලාංකිකයන් සමඟ සමීපව කටයුතු කරන රාජ්‍යයක නියෝජිතයෙක් හැටියටත් එතුමාව අපි පිළිගන්නවා.

අපිත් චීනයත් අතරේ මේ සම්බන්ධතාවයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. චීන රාජ්‍ය ලෝකය පුරා වෙළඳාම ආරම්භ කළ මුල්ම කාලේ ඉඳන්ම ලංකාවට ඇවිත් ගනුදෙනු කළ බවට වාර්තා තියෙනවා. ඔබගේ රටේ ඉඳන් වන්දනාවේ ආව පාහියන් හාමුදුරුවෝ තබපු වාර්තා අදත් අපේ ඉතිහාසයේ වර්ණවත් කොටසක්. පාහියන් හිමියන් එදා ඉතාම සතුටින් ගෞරවයෙන් අපේ රටට ආවා වාගේම තාමත් චීන ජනතාව ලංකාවට එන්නේ බොහෝම සතුටින්.

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ. ඒ නිසාම අපේ රටවල්වලට ඉතාම හිතකර ගනුදෙනු කරගන්න හැමදාම පුළුවන් වෙලා තියෙනවා. එදා මැතිනියගෙ කාලෙ ඇති කරගත්ත රබර් – සහල් ගිවිසුම තාමත් අපේ ජනතාවට මතකයි. “අපේ රබර් ඔබගෙන් සහල්”. ඒ වාගේම ලංකාවේ ආහාර හිඟයක් ඇති වුණ වෙලාවක එදා හිටපු අගමැති චෞඑන්ලායි ලංකාවට වුවමනා ආහාර එවලා ඉතා වටිනා පණිවුඩයකුත් එව්වා.

‘‘ඔබට අවශ්‍ය ආහාර ඔබගේ රටේ නිපදවා ගන්න. එය ස්වාධීනත්වයට මගකි.’’

අපි ඒ මාර්ගයට අවතීර්ණ වුණා. ඔබගේ රටත් මුළු ලෝකයමත් අද පිළිගන්නා ජෛව ගොවිතැන අපි ආරම්භ කළා. කොරෝනා වසංගතය නිසා එය අඩපණ වුණත් අපි උත්සාහ කළේ ලෝකයට වැදගත් ආදර්ශයක් දෙන්න.

චෞඑන්ලායි ආරම්භ කල නොබැඳි පිළිවෙත අපි ඉතා සාදරයෙන් පිලිගත්තා. ඒ පිළිවෙත අපි වාගෙ රට වලට විශාල ශක්තියක් වුණා.

ඒ වාගේම මට මතකයි 2013 එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාව. චීන රාජ්‍යය මහා බලවතෙක් විදියට අපි වෙනුවෙන් දැඩි සේ පෙනී සිටියා. ඒක අපේ රටේ වගේම ආසියාතික රටවල ස්වාධීනත්වය වෙනුවෙන් චීනය කළ විශිෂ්ට කැප කිරීමක් බව මම කියන්න ඕනේ.

ගරු ඇමැතිතුමනි,

කොරෝනා වසංගතයෙන් ඔබේ රට දැඩි පීඩාවකට ලක් වුණ බව මට මතකයි. ඒ මොහොතේ කොරෝනා රෝගය බෝවුණ චීන දියණියක් අපේ රටේ රෝහල් ගත කෙරුණා. ඇය සුවපත්ව යනතුරු අපේ රටේ ජනතාව ඉතාම මිත්‍රත්වයෙන් යුතුව ඇයට සුවය ප්‍රාර්ථනා කළා. අපේ රටේ ජනතාව ඔබගේ රට ගැන තියෙන හැඟීම ඉතාම හොඳට පෙනුණ අවස්ථාවක් ඒක. ඒ වාගේම කොරෝනා වසංගතය ඉතාම හොඳින් පාලනය කරලා ඔබගේ රට ලෝකයට ආදර්ශයක් දුන්නා. ඉතාම ඉක්මනින් එන්නත් නිපදවලා ලෝකයට ධෛර්යයක් දුන්නා. පළමු වටයේදීම අපි ඔබගේ චීන එන්නත ගැන විශ්වාසය තැබුවා.

ඒ මොහොතේ අපේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට සවන්දීලා අපි වෙනුවෙන් කළ පරිත්‍යාගය අපේ ජනතාවට විශාල ශක්තියක් වුණ බව මම කියන්න ඕනෑ.

එබඳු මිත්‍රයකුගේ අනාගත දියුණුව දිහා අපි ඉතා සතුටින් බලා සිටිනවා. චීන රජය අපිට වාගේම ලෝකයටත් උදව් කරන්නෙ ඒ රටවල් වල ස්වාධීනත්වයට ගරු කරමින්. කොන්දේසි දාල, ඇඟිලි ගහලා උදව් කරන ප්‍රතිපත්තිය චීනයට නෑ. අපි වාගෙ රටවල් අපේක්ෂා කරන්නෙ ඒ වාගෙ ප්‍රතිපත්තියක්.

ඒ නිසා චීන කොමියුනිස්ට් පක්ෂයට සිය වසරක් සපිරුණ මොහොතේ අපි ඉතාම ආඩම්බරයෙන් සුබ පැතුවා. “Belt and road” සංකල්පය අපේ මිත්‍රත්වය තවත් වැඩි දියුණු කරාවි.

එක තීරයක් එක මාවතක් කියන සංකල්පය අපි බාර ගන්නෙ නව සේද මාවත හැටියටයි. මොකද අපි බොහොම අතීත සේද මාවතේ හිටපු මිත්‍රයො නිසා. එය ආසියාතික රටවල් වලට අප්‍රිකානු රටවල් සමග මිත්‍රත්වයටත්, දියුණුවටත් මාර්ගය විවර කරන බව අපේ විශ්වාසයයි.

විදේශ ඇමතිතුමනි, චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා වලට වසර 65ක් පිරීම නිමිත්තෙන් පසුගියදා අපි සමරු කාසියකුත් නිකුත් කිරීමට කටයුතු කළ බව මා සිහිපත් කරන්න ඕනෑ. එය අපි කළේ අපගේ මිත්‍රත්වයේ සංකේතයක් ලෙසයි.

ඒ වගේම, අපි වරාය නගරයක් ඉදි කිරීමට අපේක්ෂා කළේ ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටයි.

මේ සඳහා චීන රජයෙන් අපට ලැබුණු සහය මම සිහිපත් කරන අතර චීන රජයත් සමඟ තිබෙන මිත්‍රත්වය තවත් දැඩි කරන සංචාරයක් හැටියට ඔබගේ පැමිණීම අපි භාර ගන්නවා.ඔබ සැමට තෙරුවන් සරණයි!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ජනප්‍රිය නිළි ජැකලින්ගේ ලීක් වුණු ජායාරූප නිසා ඇය මානසිකව කඩා වැටිලා!මූල්‍ය වංචාවකට ‌චෝදනා ලබා සිටින සුකේෂ් චන්ද්‍රසේකර්...
09/01/2022

ජනප්‍රිය නිළි ජැකලින්ගේ ලීක් වුණු ජායාරූප නිසා ඇය මානසිකව කඩා වැටිලා!

මූල්‍ය වංචාවකට ‌චෝදනා ලබා සිටින සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් මහත් මානසික පීඩාවකට ලක්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක තබමින් සදහන් කොට ඇත්තේ එම ජායාරූප බෙදාහැරීීමෙන් වැළකී සිටින ලෙසත් මෙම දුෂ්කර අවස්ථාවේ තමන්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය නොකරන ලෙසත්ය.

එම ප්‍රකාශය මෙසේය, “මේ රට සහ එහි ජනතාව මට කවදත් ඉමහත් ආදරයක් හා ගෞරවයක් ලබා දී ඇත. මෙයට මගේ මාධ්‍ය මිතුරන් ද ඇතුළත් ය, ඔවුන්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගෙන ඇත. මම මේ වන විට රළු පැල්ලමක් හරහා යමින් සිටින නමුත් මගේ මිතුරන් බව මට විශ්වාසයි. රසිකයන් මාව ඒ හරහා දකිනු ඇත.”

“මගේ පෞද්ගලිකත්වයට සහ පුද්ගලික අවකාශයට බාධා කරන ආකාරයේ ඡායාරූප ප්‍රචාරය නොකරන ලෙස මම මගේ මාධ්‍ය මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම විශ්වාසය සමඟයි. ඔබ ඔබේම ආදරණීයයන්ට මෙය නොකරනු ඇත, ඔබ මට මෙය නොකරන බව සහතිකයි. යුක්තිය සහ යහපත් හැඟීම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ස්තූතියි,” යනුවෙන් ඇය සදහන් කොට ඇත.

චන්ද්‍රශේකර්ගේ කෝටි 200ක මුදල් විශුද්ධිකරණයේ නඩුවට ජැකලින්ද මේ වනවිට සම්බන්ධ වී සිටින අතර ඉන්දීය ආරක්ෂක අංශ ඇගෙන් තුන්වතාවක් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

Address


Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Puvath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Puvath:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

SLP | SriLankaPuvath

The National News Web Site