06/06/2024
Starlink කැබිනට්ටුව සහ TRC
අනුමැතියට
•••••••••••••••••••••••••••••••••••••
Starlink අධිවේගි සැටලයිට් ඉන්ටනෙට් සේවාව ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය හිමිව ඇති රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර Starlink සේවාව සඳහා මූලික අනුමැතිය ලබා දීමට ඒ සඳහා බලය පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව ද කටයුතු කර ඇත.අවසන් අනුමැතිය මහජන අදහස් විමසීමෙන් පසුව ලබා දේ.
පසුගිය මැයි 15 වන දා Starlink සේවාව මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.
ඒ සඳහා වන මහජන අදහස් විමසීමේ නිවේදනට හෙට (06) දින ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එය විදුලි සංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියේ මෙන්ම පුවත්පත් වල ද පලකරනු ඇත.