22/05/2024
ඔව් ඔයාට තමයි මේ කතා කරන්නේ..
|______________|_______| ________|
0 20 40 80
ඔයා මේ ලෝකෙට ජීවත් වෙන්න ඇවිත් දැන් අවුරුදු කීයක් වෙනවද..
අවුරුදු 20 ක්,40 ක් එහෙමත් නැත්නම් ඊටත් වැඩිද.. ඔය උඩ ඇදලා තියෙන්නෙ අපේ ජීවිත කාල රාමුව කියලා ගත්තොත් ඔයා ඔය රේඛාවේ කොතනකහරි දැන් ඉන්නවා..
ඉතින් මම අහන්නෙ එකම එක දෙයයි..
ඔබේ ජීවිතයෙන් යම් කාලයක් දැනටමත් ගෙවී අවසන්..
ඒ කාලය තුළ ඇත්තටම ඔබ ජීවිතය අර්ථවත් ලෙස ගත කළාද ?
පිළිතුර ඔබේ සිතෙන් විමසන්න..
කෙනෙක්ට එය සතුටුදායක වෙන්නත් පුළුවන්
ඒ වගේම දුක්මුසු හැගීමක් වෙන්නත් පුළුවන්..
නමුත් ඔබට ඔබේ ජීවිතයේ ඉදිරිය දකින්න පුළුවන්..
අදම පටන් ගන්න..
ජීවිතයට අලුත් ආරම්භයක් ගන්න..
▪️ඔබ වෙනදා තමන්ට ආදරය නොකරපු කෙනෙක් නම් තමන්ට ආදරය කරන්න පටන් ගන්න.
▫️ඔබ අයහපත් සිතුවිලි වලින් ලෝකය දෙස බලපු කෙනෙක්නම් ආදරය පිරිච්ච කාරුණික ඇසින් ලෝකය දෙස බලන්න පටන් ගන්න..
▪️ ඔබ ඉතා ඉක්මන් කෝපය සහිත නිසා හිත් රිදවීම් එක්ක ජීවත් වූවානම් අදම පටන් ගන්න.. හැම මොහොතකදිම ඉවසිලිවන්තව වැඩ කරන්න..
▫️ඉතින් ඔබ ඊයෙ දින කෙසේ සිටියත් අද ඉදන් ඒ මනුස්සයා වෙනස් කරන්න.. ඔබ ඔබ වෙන්න.. ජීවිතයේ ඉතිරි කාලය ලස්සන විදියට අරඹන්න..පසුතැවීම් අඩුවෙන් සතුට වැඩියෙන් වගේම මේ ජීවිතයේ යථා ස්වභාවය හරි ලස්සනට තේරුම් අරන් ගමන් කරන්න..
ඔබ තවමත් ප්රමාද නැහැ...
ප.ලි.
මීට වසර කීපයකට පෙර මගේ පාසල් ගුරුතුමියක් මගේ සමරු පොතේ මං වෙනුවෙන් තබපු ලස්සන සටහනක් මේ..
"..ඒ කාලෙ ඔයා පුංචිම පුංචි පැළයක් පුතේ.. ඒත් පිපුණු හැම මලක්ම හරි සුවදයි..හැම අතු රිකිල්ලකින්ම හෙවණ දුන්නා කාටත්ම..හැම කොළයක්ම හරි ශක්තිමත්ව ඔයාව පුරවලා තිබ්බා..ඒ පැළේ දැන් නාඹර පැළයක් හිමින් වැඩෙනවා..ඒ පැළේ රූස්ස ගහක් වෙනකන් මං බලන් ඉන්නවා"
ඉතින් අපි මොන මට්ටමක ඉදියත් අපි අපිවම ගොඩ නගන ගමන් අපි වටේ ඉන්න අයටත් හයියක් වෙන්න..අපි මේ ලෝකෙන් යන දවසක ඒ මතක සුවද මුළු ලෝකෙම නැතත් ඔයාගෙ පුංචි වටපිටාවෙ මිනිස්සුන්ගෙ හිත් තුළ හරි රැදිලා තියේවි..
-මේ වෙසගේ මගේ පණිවිඩය-
✍️ Love with Sith