Biz Focus

Biz Focus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biz Focus, Media/News Company, .

04/01/2024
04/01/2024
04/01/2024

Watch More : https://bit.ly/3ejZQRB© 2023 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form o...

31/12/2023
08/09/2023

වෛද්‍ය සාරංග අලහප්පෙරුම
කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති

සැප්තැම්බර් 10 ඉරිදා උදේ 9.00ට FM 107 න් අහන්න..

නිර්මාණශීලි නිර්මාණකරුවෙකු තේක්ක ලීයෙන් නිර්මාණය කොට තිබූ මෙම පුටුව ඇස ගැටුනෙ ඔහු එය මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේදී විකිණී...
09/08/2023

නිර්මාණශීලි නිර්මාණකරුවෙකු තේක්ක ලීයෙන් නිර්මාණය කොට තිබූ මෙම පුටුව ඇස ගැටුනෙ ඔහු එය මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේදී විකිණීම සදහා පාර අයිනේ තබාගෙන තිබූ අවස්ථාවකයි.
ඔබටත් ඕනනම් ඔහුට කතා කරන්න පුළුවන්..
‭(076) 020 1766‬ - සුනිල්

09/08/2023

කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සම්පාදිත ,
Industry Ceylon පළමු කලාපය එළි දකියි....

02/08/2023

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීමට ,
මුද්‍රිත මාධ්‍ය දායකත්වය වෙනුවෙන් ,
කාර්මික සංවර්ධන මණ්ඩලය නිර්මාණය කරන
Industry Ceylon පළමු කලාපය
ජූලි 30 වෙනිදා එළිදකියි...

වෙනස්ව හිතන අයට ජීවිතේම ෆුල්ඔප්සන් තමයි...
16/07/2023

වෙනස්ව හිතන අයට ජීවිතේම ෆුල්ඔප්සන් තමයි...

Kithul Ceylon වෙළෙඳපොළට හදුන්වා දෙයි..----------------------------------කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්...
15/07/2023

Kithul Ceylon වෙළෙඳපොළට හදුන්වා දෙයි..
----------------------------------
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පය හා මග පෙන්වීම යටතේ කිතුල් ආශ්‍රිත සාම්ප්‍රදායික කර්මාන්තයත් , සංචාරක කර්මාන්තයත් ප්‍රවර්ධනය කරමින් ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම අරභයා ' කිතුල් සංචාරක සත්කාරක ගම්මාන' ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන මේවනවිට ක්‍රියාත්මක කරමින් සිටින අතර එහිම තවත් ව්‍යාපෘතියක් ලෙසින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කිතුල් සංවර්ධන මණ්ඩලය විසින් Kithul Ceylon වෙළෙඳපොළට හදුන්වා දී තිබෙයි.

Kithul Ceylon වෙළෙඳපොළට හදුන්වා දෙමින් එහි මුල්ම පිලිගැන්වීම කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ගිහාන් ප්‍රියනාත් පෙරේරා මහතා විසින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත සිදුකෙරුණේ පසුගියදා පැවත්වුනු ' Industry 2023 ' ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේදීය.

මේ අපූරු කන , කර පළදනා ( මාල සහ කරාබු) ඉවතලන කඩදාසි වලින් නිර්මාණය කරල තියෙන්නෙ Samanthi Arts & craft විසිනුයි. තව Key T...
13/07/2023

මේ අපූරු කන , කර පළදනා ( මාල සහ කරාබු) ඉවතලන කඩදාසි වලින් නිර්මාණය කරල තියෙන්නෙ Samanthi Arts & craft විසිනුයි. තව Key Tag , Pencil Box , Plate වගේ ගොඩක් නිර්මාණයන් තියෙනවා. කාට හරි සිහිවටනයක් ලෙස දෙන්න නියමයි. නිකමට කතා කරල , සාම්පල් බලල ඇනවුමක් දෙන්න පුළුවන් නම් Samanthi Arts & craft ට ඒක ලොකු හයියක්...
Samanthi Arts & craft - +94 71 278 1883

පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වුණු Smart Expos ප්‍රදර්ශනයේ මෙම ප්‍රදර්ශනය කුටිය තුළ ප්ලාස්ටික් මුල්කොට ගත් ඇසුර...
12/07/2023

පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වුණු Smart Expos ප්‍රදර්ශනයේ මෙම ප්‍රදර්ශනය කුටිය තුළ ප්ලාස්ටික් මුල්කොට ගත් ඇසුරුම්කරනය විදහා දැක්වෙන බොහෝ නිෂ්පාදන ප්‍රදර්ශිත කොට තිබුනා. අපේ තැඹිලිත් අපනයනය සදහා ඇසුරුම් කොට ඇති ආකාරය දැකගන්න පුළුවන් වුනා.

ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වුණු Smart Expos ප්‍රදර්ශනයට එක්කොට තිබුණු මේ Pallets නිෂ්පාදනය කරල තියෙන්නෙ ප්ලාස්ටික් වල...
03/07/2023

ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වුණු Smart Expos ප්‍රදර්ශනයට එක්කොට තිබුණු මේ Pallets නිෂ්පාදනය කරල තියෙන්නෙ ප්ලාස්ටික් වලින්. එහි හැඩය වගේම සවි ශක්තියත් හරි ඉහලයි.

මේ අපූරු මේස දරණු ( Table Mats ) ඉවතලන කඩදාසි වලින් නිර්මාණය කරල තියෙන්නෙ Samanthi Arts & craft විසිනුයි. තව Key Tag , P...
02/07/2023

මේ අපූරු මේස දරණු ( Table Mats ) ඉවතලන කඩදාසි වලින් නිර්මාණය කරල තියෙන්නෙ Samanthi Arts & craft විසිනුයි. තව Key Tag , Pencil Box , Plate වගේ ගොඩක් නිර්මාණයන් තියෙනවා. කාට හරි සිහිවටනයක් ලෙස දෙන්න නියමයි. නිකමට කතා කරල , සාම්පල් බලල ඇනවුමක් දෙන්න පුළුවන් නම් Samanthi Arts & craft ට ඒක ලොකු හයියක්...
Samanthi Arts & craft - +94 71 278 1883

Srilanka aims to earn US$ 1 Bn by 2025
02/07/2023

Srilanka aims to earn US$ 1 Bn by 2025

02/07/2023

COMPLAST Exibition in Kenya - 8th Edition

Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට එක්වන්නයි ඉන්දියාවේ ප්‍රමුඛ කර්මාන්තකරුවන්ට ආරාධනා...-------------------...
13/06/2023

Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට එක්වන්නයි ඉන්දියාවේ ප්‍රමුඛ කර්මාන්තකරුවන්ට ආරාධනා...
------------------------------------
ඉන්දියාවේ චෙන්නායිහි Chennai Trade Center හි පැවැත්වුණු Smart Expos ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භක මොහොතට සම්භාවනීය ආරාධිතයෙකු ලෙසින් කර්මාන්ත අමාත්‍යංශයේ , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඊයේ ( ජුනි 9 ) එක්වුනා.

Smart Expos & Fairs ( pvt) Ltd ආයතනය විසින් සංවිධානය කෙරුණු මෙම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට 11 වෙනි වරට සංවිධානය කළ COMPACK , 8 වෙනි වරට සංවිධානය කළ LOGMAT , 4 වෙනි වරට සංවිධානය කළ COMPRINT සහ 2 වෙනි වරට සංවිධානය කළ COMEXPO යන ප්‍රදර්ශනයන් හතරම එක්කොට තිබුනා.

සමාරම්භක උත්සව සභාව අමතමින් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීනව පවතින ආර්ථික හා සමාජීය බැදීම පිළිබඳව අදහස් දැක්වූ අතර වර්ථමාන ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්වයන් සමග අනුගතව තාක්ෂණය හා යාවත්කාලීන වෙමින් ඉදිරියට යායුතු ආකාරය පිළිබඳවත්, සදහන් කළා. එමෙන්ම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය පිළිබඳවත්, උත්සව සභාව වෙත පැහැදිලි කිරීමක් කල ඒ මහතා සියළුදෙනාට එයට සහභාගිවී ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයේ නූතන හැඩරුව දැකගැනීමට විවෘත ආරාධනයක්ද සිදුකරනු ලැබුවා.

මෙම අවස්ථාවට Ananda Bavan ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ K.T.Sirinivasa Raja , B.Swaminathan , කර්මාන්ත අමාත්‍යංශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක කමිටු සභාපති කෞෂල්‍ය රාජපක්ෂ ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූ අතර තාක්ෂණය හා මුසුවුනු ඉන්දීය කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ මානයන් දෘශ්‍යමාන කොට තිබූ ප්‍රදර්ශන කුටි 175 නැරඹීමට අනතුරුව එම සම්භාවනීයන් පිරිස එක්වුනා.

BIMSTEC CONCLAVE & EXPO
10/06/2023

BIMSTEC CONCLAVE & EXPO

14/05/2023

වාර්ෂිකව 30 වැනි වරට පවත්වන ලද ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති ප්‍රංශ සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන Baguette නැමැති ප්‍රංශ පාන් වර්ගය නිෂ්පාදනය කරන හොඳම බේකරිකරුවා තේරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලබාගනිමින් ප්‍රංශය පුරා ගෞරවාදරයට පත්වීමට ශ්‍රී ලාංකිකයෙක් වූ තර්සාන් සෙල්වරාජ් ( Tharshan Selvarajah) සමත්ව තිබෙයි.

ප්‍රංශයෙ ඉහළම බේකරි කරුවන් පරදවා පළමු තැනට පැමිණි තිස් හැවිරිදි තර්සාන් සෙල්වරාජ් මීට දශකයකට පමණ පෙර ලංකාවේ සිට සිට ප්‍රංශයට සංක්‍රමණය වූ අයෙකි. මෙම ජයග්‍රහණයත් සමග ඔහුට යුරෝ 4000ක ජයග්‍රාහී ත්‍යාග මුදලක් සහ වසරක් පුරා ප්‍රංශ ජනාධිපතිවරයාට Baguette පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමිවෙයි.

මෙම තරගයේදී පිටි කිලෝග්‍රෑමයකට ලුණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත් අතර බරැති Baguette පාන් දෙකක් සාදා තරගයට ඉදිරිපත් කලයුතු වූ අතර
එහි පෙනුම, පිසගත් ආකාරය,සුවඳ සහ රසය ආදි කරුණු මත ලකුණු දීම සිදුකොට තිබිණි. එහිදී 15 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් හොදම Baguette සාදන්නා ලෙස තර්සාන් සෙල්වරාජ්ව තෝරා ගෙන ඇති අතර ඔහුගේ Baguette පාන් වල රස පුද්ගලයින් 175 දෙනෙකු විසින් බලා ඇගයීමට ලක්කොට තිබෙයි.

France 24 , AFP වැනි මාධ්‍ය ආයතන සමග පැවති සම්මුඛ සාකච්ඡාවලදී හොඳම Baguette පාන් සෑදීමේ රහස සහ සාර්ථකත්වයේ රහස ලෙස තර්සාන් සෙල්වරාජ් පවසා ඇත්තේ, හොඳම පිටි සහ හොඳ වට්ටෝරුවක් පමණක් Baguette නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කල බවත් , තමන් Baguette පාන් රසයි නම් ඒකට හේතුව තමන් මේ පාන් හදලා තියෙන්නේ සැම විටම සිනහවෙන් යුතුව , සතුටින් ගීත ගායනා කරමින් , ආදරයෙන් බවයි. එමෙන්ම තමන් විදේශයකින් පැමිණ මෙම සාම්ප්‍රදායික ප්‍රංශ පාන් හදන්න ඉගෙන ගත්ත බවත් , ඒ නිසා මේ ජයග්‍රහණය තමන්ගේ ජිවිතයේ සතුටුම දවස බවත්, ඒ සතුටටම ඇඩුණු බවත් තවදුරටත් පවසා තිබුනේය.

යතුරුපැදි වෙන්දේසියකදී මෙතෙක් වාර්තා වූ ඉහළම මිලක් ලෙසින් ඩොලර් 935,000ක‍ට අතිශය දුර්ලභ මෙම 1908 Harley-Davidson යතුරුපැ...
05/03/2023

යතුරුපැදි වෙන්දේසියකදී මෙතෙක් වාර්තා වූ ඉහළම මිලක් ලෙසින් ඩොලර් 935,000ක‍ට අතිශය දුර්ලභ මෙම 1908 Harley-Davidson යතුරුපැදිය අලෙවි වී තිබෙයි.

02/02/2023

Sparkling Kithul Raa ( ස්පාර්ක්ලීන් කිතුල් රා ) , ඇග්‍රි දේශීය සමාගමේ නිෂ්පාදනයක් ලෙසින් මේ වනවිට එංගලන්තය , කැනඩාව , ජපානය , දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය හා ඩුබායි යන රටවල් 7 කට සාර්ථකව අපනයනය කරයි. කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනයට සේම මෙරට අපනයන ආර්ථික ප්‍රවර්ධනයටත් එය මහත් රුකුලකි.

02/02/2023

මීටර් 1970 ක් උසින් ස්විට්සර්ලන්ත ඇල්ප්ස් කඳුකරයේ පිහිටි මෙම නෝර්ස්ටර්න් නම් හෝටලය ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ එහි බිත්ති නැතිව , ගේට්ටු නැතිව එක් කාමරයක් පමණක් තිබෙන නිසාය. සොබාදහමට ලංව සුන්දර දසුන් දකිමින් , නැවුම් වාතය ආශ්වාස කරමින් , රාත්‍රියේදී තරු පිරුණු අහසෙහි සුන්දරත්වය ඔබට විඳිය හැකිවෙයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Biz Focus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share