UK BOSA

UK BOSA Official Fan page of "UK BOSA"
Just Another Sri Lankan Who Lived in the UK for more than a decade

මගේ Page එකේ දාන දේවල් මම දාන්නෙ බලන්න කැමති කට්ටියට බලන්න. අකමැති කට්ටියට නොබලන්න. තීරණය ඔබ සතුයි !

27/12/2024

මේ ලෝකේ පැවැත්මට උපකාරී වෙන කිසිඳු රැකියාවක් පහත් නැත. ඒ රැකියා යමෙකු පහත් කරනවානම්, ඒ පුදගලයා මනසින් පහත්ය 😐

26/12/2024

මහන්සි වෙන අපි හැමෝම දියුණු වෙන්න ඕනෙ❤️❤️❤️. ඔයා මටත් වැඩිය දියුණු වෙන්න ඕනෙ 👍😁😉..
ඒවගේම අපි හැමෝම පොලොවෙ පය ගහල ඉමු 👍❤️❤️.

Sponsored by 😅 කට්ටියගෙ බීම බෝතල් comment දාමුද?  👍😅. ජය වේවා වෙරි වේවා 👍😅😅
25/12/2024

Sponsored by 😅 කට්ටියගෙ බීම බෝතල් comment දාමුද? 👍😅. ජය වේවා වෙරි වේවා 👍😅😅

කැමති එකක් අරං කන්න 👍😊. හැබැයි බොන්න නම් එපා! 🙏🤣🤣.  සොරි ! වෙරි මට 👍😅 මම ඉපදුන දවසෙ ඉඳන් අපේ ගෙදර මගෙ උපතත් එක්කම සමරන ස...
25/12/2024

කැමති එකක් අරං කන්න 👍😊. හැබැයි බොන්න නම් එපා! 🙏🤣🤣. සොරි ! වෙරි මට 👍😅
මම ඉපදුන දවසෙ ඉඳන් අපේ ගෙදර මගෙ උපතත් එක්කම සමරන සතුටින් පිරුනු සාමයේ උත්සවය
" Christmas " 🌲🌲❤️❤️❤️.
මේ ලෝකෙ ඕනම කෙනෙක්ට ජාති ආගම් බේදයකින් තොරව සමරන්න පුලුවන් එකමුතුවේ උත්සවය ❤️
Merry Christmas Everyone ! 🌲🌲❄️☃️

25/12/2024

🇬🇧 UK BOSA ගෙදර නත්තල් 🌲☃️❤️ ! ඔබ සැමට සාමය සතුට පිරී ඉතිරෙන සුභම සුභ නත්තලක් වේවා ! 🌲🌲☃️!
ඒ සාමය සතුට ඔබ තුල සදා රැඳේවා ! .
කිහිපදෙනෙකුගේ ඉල්ලීම මත ඔන්න වීඩියො එකක් දැම්මා. ආදරේ හැමෝටම !❤

සුභම සුභ නත්තලක් වේවා හැමෝටම ! 🌲🌲.මගේ උපන්දිනයට හදවතින්ම සුභ පතපු හැමෝටම ස්තූතී. පුලුවන් හැමෝටම reply කරා. දාහක් විතර ති...
24/12/2024

සුභම සුභ නත්තලක් වේවා හැමෝටම ! 🌲🌲.
මගේ උපන්දිනයට හදවතින්ම සුභ පතපු හැමෝටම ස්තූතී. පුලුවන් හැමෝටම reply කරා. දාහක් විතර තියෙනවා.. ඒ ආදරේට ස්තූතී ❤️❤️. කොහොම හරි හැමෝටම reply කරන්නම් සිහියෙන් හෝ අසිහියෙන් 😁 👍❤️. ජයවේවා !

වම් පැත්තෙ ඉන්නෙ ලෝකෙට හොරෙන් 🇬🇧 UK වල පලවෙනි Birthday එක තනියම දුකින් සමරපු රිම් එකෙන් දුවපු කොල්ලෙක්. දකුණු පැත්තෙ ඉන්...
24/12/2024

වම් පැත්තෙ ඉන්නෙ ලෝකෙට හොරෙන් 🇬🇧 UK වල පලවෙනි Birthday එක තනියම දුකින් සමරපු රිම් එකෙන් දුවපු කොල්ලෙක්. දකුණු පැත්තෙ ඉන්නෙ, එතනම UK වල 15 වෙනි Birthday එක සතුටින් සමරන තනි නොවුනු ජීවිතේ වෙනස් වුන වෙනසක් කරන මනුස්සයෙක්.
කැමතිනම් මේක කියවන්න. දුකින් ඉන්න කාට හරි උදවුවක් වෙයි 👍

මීට අවුරුදු 15කට කලින් මම 🇬🇧 UK වලට එන්නෙ උසස් අධ්‍යාපනයට. 2008/ 2009 UK වල recession ( ආර්ථික අවපාතය ) නිසා UK වල පුරවැසියන්ටත් රැකියා නැති, කඩා වැටුන ආර්ථිකයකට එන්නෙ කියල නොදැනුවත්ව තමයි මම ආවේ. ඒකාලෙ CV දුන්නා රැකියාවලට මිටි ගනන් ඒත් මාස ගානක් ගියත් රැකියාවක් ලැබුනෙ නෑ. ලංකාවෙන් අරං ආපු සල්ලිත් වාශ්ප වුනා නොදැනුවත්වම.

අඳුරන කෙනෙක් මාව ලංකාවෙ කිහිපදෙනෙක් එකතුවෙන ආගමික තැනකට හැම ඉරිදටම එක්කං ගියා. එතන හිටියේ වැඩිපුරම UK වල ලොකු කාලයක් ඉන්න, Settle වුන අය. ඉතින් මේ කට්ටිය හරිම එකමුතුයි, කාගෙ හරි උපන්දිනයක්, ඇනිවසරියක් තිබ්බත්, ඒගොල්ලො ඒ දිනේ කලින්ම හොයාගෙන Surprise Party එකක් කරලා එකතුවෙලා සමරනවා. සමරන කෙනා කෑම , Cake අරං එනවා හැමෝටම දෙන්න.

දෙසැම්බර් 24 උදේන්ම මට මගේ ලංකාවෙ හිතවතුන්ගෙන් උපන්දින සුභපැතුම් ගොඩක් ලැබුනා. ඒත් එක්කම අර එකමුතුවෙ ප්‍රධාන අයියාගෙන් මට උදෙන්ම Call එකක් ආවා " මල්ලි ඔයා අද හවසට එන්න.. කලින්ම එනවා නේද ? අපි අද christmas එකට පොඩි celebration එකක් කරනවා හෙට Christmas නිසා. පොඩ්ඩක් මේස පුටු ටික සෙට් කරන්න කලින් එන්න" කිවුවා.

අන්තිම පවුම් 10ට හිඳිල හිටපු මම දෙලෝ රත් වුනා. මට අසනීපයි කියල බොරුවක් කියන්න හිතුනා, ඒත් " හරි අයියෙ මම 3න වෙද්දි එන්නම්" කියවුනා.

මම හිතුවා, හරි දැන් කට්ටියම එකතුවෙලා මට Surprise Birthday Party එකක් දෙන්න යන්නෙ. 😐එතන කට්ටියට කේක් ගෙනියන්න තියා ටොෆිය ගානෙ ගත්තත් මට college යන්නත් සල්ලි නැති වෙනවා කියන එක දන්න මම පුදුම විදිහට අසරණ වුනා. නොයා ඉන්න නොයෙකුත් හේතු ගොත ගොත ඉද්දි ආයෙත් අර මනුස්සය කතා කරල කිවුවා " මල්ලි ඔයා රවී එක්ක අපේ ගෙදරට එන්න මුලින් " කියලා. මට " හා , අපි එන්නම්." කියවුනා. 😐.

හරිම ලැජ්ජාවෙන් හොඳටම දුකින්, මොකක් වෙයිද අද මට, ජීවිතේ ලැජ්ජම වෙන දවස අද තමයි..😐 කියලා හිත හදාගෙන මම හවසට ගියා මගේ ගාව තියෙන හොඳම ඇඳුම ඇඳන් මගේ roommate එක්ක හිස් අතින් එතනට..😐
එතනට ගිහින් හරිම ලැජජාවෙන් පුටු මේස සෙට් කරා.. ඉටපස්සෙ පුලුවන් තරම් අනිත් අයට අවදානෙ මං ගැන නොයන්න හිටියා.. කටිටිය Christmas Celebrate කරන්න එක එක දේවල් එතන කරා, කෑම බීම ගොඩක් ගෙනාවා. මට හොඳටම ලැජ්ජයි.. කොයිවෙලාවෙ මට Wish කරයිද? මම මොකක්ද්ද කියන්නෙ?.. හොඳටම ලැජ්ජ වෙයි අද.. හිත හිත මට වෙන්න පුලුවන් උපරිම ලැජ්ජාවට මුහුණ දෙන්න හිත හදාගන්න ගමන් හිනා මුසු මුහුනින් දුක ලැජ්ජාව හංගන් හිටියා..

කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ විසිර ගියා කවුරුත් මට Wish කරෙත් නෑ. අද මගේ Birthday එක කියලා කවුරුත් දන්නෙ නෑ කියන එක මට තේරුනා. මට ලොකු සතුටක් හිතට දැනුනා මම ලැජ්ජ වෙන්නෙ නෑ කියලා.. 😊 ඒත් එක්කම හිතට ලොකු දුකක්, තනිකමක් දැනුනා අනිත් අයගෙ වගේ මගේ Birthday එක හොයලවත් නෑ, මම මෙච්චර කට්ටියක් මැද "Nobody" කෙනෙක්.. මම UK වල තනි වෙලා කියලා..😐

මගේ Roommate එක්ක ආයෙ Room එකට යද්දි මගෙ roommate (දෙමල කෙනෙක්) එයා මගදි මට කිවුවා එයාට අද විශේෂ දවසක්, එයාගෙ Photo එකක් ගන්න කියලා. ඊටපස්සෙ මගෙ photo එකකුත් ගමු කියල ඔය වම් පැත්තෙ photo එක ගත්තා. පුලුවන් විදිහට හිනාවුනා..

ඊටපස්සෙ තමයි මම Surprise වෙන්නෙ හරියටම..
මගෙ Roommate මගදි වෙන කොහෙද යනවා කියල ගියා.. මම Room එකේ නිදාගෙන ඉද්දි. මිනිහ ඇවිත් මගෙ පිටට තට්ටු කරල මාව ඇහැරවලා කොත්තුවක් පෙන්නල කිවුවා
" අද මගෙ Birthday එක, අපි දෙන්නා මේකෙන් බාගෙ බාගෙ කමු , මට සල්ලි නෑ cake ගන්න, මේ කොත්තුව ගෙනාවෙ මගෙ යාලුවෙක් වැඩකරන කඩෙන් Free, මම බයෙන් හිටියෙ අරගොල්ලො මගෙ Birthday එක අද Celebrate කරයි කියල" කිවුවා. මම පුදුම වුනා..
මමත් කිවුවා "අද මගෙත් Birthday එක, මමත් බයෙන් හිටියෙ ඒ ගැන , මටත් සල්ලි නෑ." කියලා.
අපි දෙන්නම හොඳටම හිනාවෙලා " Glad we are Nobody " කියලා අන්තිමට කොත්තුව බාගෙ බාගෙ කපන ගමන් Happy Birthday song එක කිවුවා..

ඒ විදිහට UK වල මගේ පලවෙනි Birthday එක දුකින් පටන් අරන් කොත්තුවක් කපලා සතුටින් නිම වුනා.😁
ආයෙ කවදාවත් මගෙ Birthday එකට මම තනි වුනේ නෑ. එදා ඉඳන් හැම Birthday එකටම UK වල හිතවතුන් සමග Cake එකක් සතුටින් කැපුවා .

අද වෙද්දි මගේ ජීවිතේ උඩු යටිකුරු වෙලා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්න්නෙ. එදා ඒ අසරණ කම ආයෙ මගේ ජීවිතේට දැනෙන්න ඉඩ දුන්නෙ නෑ.
එවගේම UK වලට ආපු තනි වුන ගොඩක් අයට තනිකම දැනෙන්න ඉඩ දුන්නෙ නෑ. පුලුවන් හැමෝවම motivate වෙන්න උදවු කරා.. පුලුවන් තරම් තනිවුන හඳුනන හැමෝගෙම වගේ Birthday එකට මම කේක් එකක් කපලා සතුටු කරා..😊 මට දැනුනු දේ එයාට නොදැනෙන්න..

එදා ලංකාවෙ මගේ හිතවතුන් විතරක් දැනගෙන හිටපු උපන්දිනේ දවසෙ අද මට සිය ගනන් අය සුභ පතනවා.
ඒ හැමෝටම කේක් දෙන්න බැරි වුනත් 😁 මගේ ස්තූතිය පුද කරනවා. 👍

අද මම මේ Post එක කිසිම ලැජ්ජාවක් නැතුව share කරන්නෙ , මම ලැජ්ජ වෙන වැඩ කරල නැති නිසාත්, ඒ අතීතෙ අමිහිරි අත්දැකීම් ගැන සතුටු නිසත්, අනිත් අයට පණිවිඩයක් දෙන්නත්..

අද දුකින් ඉන්න හැමෝටම කියන්නෙ
" ඔයාගෙ අද දවසෙ දුක තාවකාලිකයි !.. ඒ නිසා පසුතැවෙන්නෙපා 😊👍.
ඔයා සතුටු වෙන දවස් මග එනවා.. ඉවසන්න.. ඔයාගෙ ජීවිතේ වෙනස් වෙනවා.. ඒ වෙනුවෙන් වැඩ කරන්න👍. "

පොඩි ඉල්ලීමක්, පුලුවන්නම් තනි වුන කෙනෙක්ගෙ තනිකම නැති කරන්න, ප්‍රශ්න අමතකකරන්න උදවු වෙන්න. 👍 බොහොම ස්තූතී කියෙවුවාට !

ජයවෙව්වා !
UK BOSA

23/12/2024

UK වල මොන මගුලට හුරු වුනත් සෙට් වෙන්නෙම නැති Sauce එක BBQ Sauce 🤮🤮🤮.
මුන් BBQ Sauce කනවා නෙමෙයි නානවා 😅

🌲🌲❄️නත්තල දොර ලඟ හිනහෙනවා 😁 , සීනු හඬින් ලොව පිබිදෙන්නෙ බිවුවට පස්සෙ  😅😅😉🌲🌲❄️ඔබේ ස්වාමියාගේ ,පෙම්වතාගෙ මුහුණට ලස්සන හිනා...
22/12/2024

🌲🌲❄️නත්තල දොර ලඟ හිනහෙනවා 😁 , සීනු හඬින් ලොව පිබිදෙන්නෙ බිවුවට පස්සෙ 😅😅😉🌲🌲❄️
ඔබේ ස්වාමියාගේ ,පෙම්වතාගෙ මුහුණට ලස්සන හිනාවක් දෙන්නනම් මෙවර නත්තලට ආස කරන බීම බෝතලයක් අරං දෙන්න. සතුට දෙගුණ කරන්න දෙකක්ම අරං දෙන්න 🤣😉 👍😁

අද 🇬🇧 බ්‍රිතාන්‍යයේ ශීත සෘතුවේ ආරම්භයේ අමුතුම උත්සවය " Winter solstice " ?වින්ටර් සෝල්ස්ටිස්, කියන්නෙ වසරේදී සූර්යයාගේ ආ...
21/12/2024

අද 🇬🇧 බ්‍රිතාන්‍යයේ ශීත සෘතුවේ ආරම්භයේ අමුතුම උත්සවය " Winter solstice " ?

වින්ටර් සෝල්ස්ටිස්, කියන්නෙ වසරේදී සූර්යයාගේ ආලෝකය පෘථිවියට ඉතාමත් අඩුම කාලයක් ලැබෙන එකම දිනයයි. මෙය ලෝකයේ බොහෝ රටවල් සමරන අතර, එය බ්‍රිතාන්‍යයට සුවිශේෂී උත්සවයක්. බ්‍රිතාන්‍යයේදී, මෙම දිනය දෙසැම්බර් (අද) 21 දිනයට යෙදී තිබේ.

වින්ටර් සෝල්ස්ටිස් යනු, පෘථිවියේ ඇලය සහ භ්‍රමනය නිසා උතුරු අර්ධගෝල කොටස සූර්යාගෙන් වැඩියෙන්ම ඈතින් පිහිටන අවස්තාවයි. මේ අවස්ථාවේදී උතුරු අර්ධගෝලයේ රටවල් වලට හිරු එලිය අඩුවෙන් ලැබෙන නිසා කෙටිම දහවල සහ දිගුම රාත්‍රිය ඇති දිනයක් අත්දැකීමට සිදුවෙනවා.

බ්‍රිතාන්‍යයේ වසර දහස් ගණනක සිට මෙය උත්සවාශ්‍රීයෙන් විවිධ සංස්කෘතීන් වලට අයත් අය සමරන ලද්දක්.
මෙහිදී ස්ටෝන්හෙන්ජ් පිළිබඳව විශේෂත්වය වන්නේ, Winter Solstice අවස්තාවේදී Stonehenge හී ඇති පර්වත වල හෙවනැල්ල ඉතා පැහැදිලිව එකිනෙකට පෙලගැස්වී පෙනීමයි. මේ අවස්ථාව පාදක කරගෙන නිර්මාණය කරන ලද්දක් බවයි සැලකෙන්නෙ.

අතීතයේ බ්‍රිතාන්‍ය වැසියන් වින්ටර් සෝල්ස්ටිස් දිනය විශේෂ උත්සවයක් ලෙස සැමරූ අතර, එය නව ආලෝකයක් ලැබෙන දවසක් ලෙසත් බෝග කටයුතු වලට බිම් සැකසීමේ ආරම්භය, සහ ජීවිතය නව පැතුමකින් සමරන්නට හැකි වන කාලයක් ලෙසත් සලකා තියෙනවා.

අද කාලයේ බ්‍රිතාන්‍ය වැසියන් වින්ටර් සෝල්ස්ටිස් සමරන්නේ අයහපත් කාලගුණය තුළද නව ආලෝකය පිළිගන්නටයි.
මේ දිනයේදි ස්ටෝන්හෙන්ජ් නරඹන්නන් පමණක් නොව, ග්‍රිනිච් (Greenwich) සහ අනෙකුත් සම්ප්‍රදායික ස්ථානවලද විවිධ උත්සව පැවැත්වනවා.
තවද, විවිධ ආලෝක උත්සව සහ පවුලේ හා අධ්‍යාත්මක උත්සවත් මේ හා සමගාමීව සමරන්නෙ එය හුදෙක් අන්ධ විශ්වාසයක්ම නිසා නොව, සංස්කෘතියෙන් මෙය මැකී යෑම වැලැක්වීමටයි.

මෙයට සම්බන්ධිත පුරාතන සාක්ෂි, ජාතික උරුමයක් ලෙස ප්‍රසිද්ධ "ස්ටෝන්හෙන්ජ්" (Stonehenge) ආශ්‍රිතව දැකගන්න පුලුවන්.
සාක්ෂි අනුව බලන කල Neolithic යුගයේ එන්ගලන්තයේ Stonehenge හී ක්‍රිස්තු පූර්ව 2500 සිට Winter Solstice සමරා ඇති අතර වර්තමාන අයර්ලන්තයේ Newgrange හී ක්‍රිස්තු පූර්ව 3200 සිට සමරා ඇත.

මීට වසර 5000කටත් පෙර ඉතිහාසයේ සිට බ්‍රිතාන්‍ය වැසියන් කාලගුණ දේශගුණ තත්වයන් ගැන හොඳ අවබෝධයක් ඇති අය බවට මෙයින් ඔප්පු වේ.

මේ සියල්ල ඉතිහාසෙ සිට අධ්‍යයනය කිරීමටත් වාර්තා කිරීමටත් කලගුණ දේශගුණ පුරෝක්ථනයන් කිරීමටත් හැකි දියුණු ජාතියක් බවට පත්වීමටත් විද්‍යාව සංස්ක්‍රිතියේම කොටසක් කරගත් බව මේ දිනයේ බ්‍රිතාන්‍ය වැසියන් පෙන්නුම් කරයි.

UK BOSA

කොහොමද ගස් ලබ්බවල් ටික ? 😁 ආස හිතෙනවා නේත?😉 මං හරි ආසයි ගස් ලබ්බවල් වලට,  UK වල කිසි ලබ්බක් රහ නෑ.ඒත් ආසාවට කනවා. 😐 මේවා...
21/12/2024

කොහොමද ගස් ලබ්බවල් ටික ? 😁 ආස හිතෙනවා නේත?😉 මං හරි ආසයි ගස් ලබ්බවල් වලට, UK වල කිසි ලබ්බක් රහ නෑ.ඒත් ආසාවට කනවා. 😐
මේවා අනුන්ගෙ ගස්ලබ්බවල් නිසා අතෑරියා, නැත්තන් අමුවෙන් හරි කනවා රිලවෙක් වගේ 🤣🤣🤣
්ලබ්බ 🇬🇧

ඔයා අද ඉන්නවට වඩා හොඳ මට්ටමක තව අවුරුද්දකින් ඉඳී. ජීවන මට්ටම උසස් කරගන්න මහන්සි වෙන්න. ඒත් අද ඉන්න මට්ටම ගැන දුක් වෙන්නෙ...
20/12/2024

ඔයා අද ඉන්නවට වඩා හොඳ මට්ටමක තව අවුරුද්දකින් ඉඳී. ජීවන මට්ටම උසස් කරගන්න මහන්සි වෙන්න. ඒත් අද ඉන්න මට්ටම ගැන දුක් වෙන්නෙපා✋. අද කියන්නෙ අද, හැමදාම නෙමෙයි. 😉
ජයවේවා ! 👍
UK BOSA

මගේ ළමාකාලෙ ලස්සන කරපු කතා ටික...❤️❤️ ඔයාගෙ ළමාකාලෙ මතක් වුනා නම් Original post එකට Like එකක් දාගෙන යන්න තව අය අතරට මේ ට...
20/12/2024

මගේ ළමාකාලෙ ලස්සන කරපු කතා ටික...❤️❤️ ඔයාගෙ ළමාකාලෙ මතක් වුනා නම් Original post එකට Like එකක් දාගෙන යන්න තව අය අතරට මේ ටික යයි. 👍

පිණිමුවා Sick Leave. 😅 Number Plate එකත් ගැලපෙන්නම තියෙනවා 🤣🤣. හො! හො! හෝ! මේ සාන්ත 😉🤣🤣.He is like, Let me stick an expe...
18/12/2024

පිණිමුවා Sick Leave. 😅 Number Plate එකත් ගැලපෙන්නම තියෙනවා 🤣🤣. හො! හො! හෝ! මේ සාන්ත 😉🤣🤣.
He is like, Let me stick an expensive Personalised Reg on the car this Xmas and drive around dressed like Santa to represent it. 🤣🤣

අයියෙ, මේ රටේ Investment Options මොනාද? Business opportunities මොනාද? සල්ලි වැඩි කරගන්න ක්‍රම මොනාද ? වගේ ප්‍රශ්න නිතරම ...
18/12/2024

අයියෙ, මේ රටේ Investment Options මොනාද? Business opportunities මොනාද? සල්ලි වැඩි කරගන්න ක්‍රම මොනාද ? වගේ ප්‍රශ්න නිතරම මගෙන් අහනවා සමහරු.

ඒවගේම ඒ අතරෙ,
අයියෙ එකෙක් මගේ සල්ලි වලට විද්දා, business එකක් කරමු කියල කෙලෙවුවා. ගෙයක් rent එකට අරං දෙන්නම් කියල සල්ලි අරං මාරු වුනා, ගෙයක් අරගමු කියල, Credit score අවුල් නිසා අමාරුයි කියලා fee එක අරං වැඩේ කරේ නෑ. පොලී ගොඩක අපිව පැටලෙවිවා, අපරාදෙ උන්ගෙ වචනෙට මේ option එක තෝරගත්තෙ. අර ට්‍රේඩිං මේ ට්‍රේඩිං කියල සල්ලි නැති කෙරෙවුවා. අපිව පිරමීඩෙකට අහුවුනා. වගේ කතා ගොඩකුත් අහන්න හම්බවෙනවා.

මේ ඔක්කොටම හේතුව සල්ලි හම්බ කරගන්නත් , ආශා සහ අවශ්‍යතා ඉටුකරගන්නත් තියෙන හදිස්සිය නිසා සොයා නොබලා ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයන් මත යැපීම නිසා සිදුවන අයහපත් අත්දැකීම්.

වර්තමානයේ පිටරටවලට සංක්‍රමණය වීමේ රැල්ල වටා හැදුනු ව්‍යාපාර වගේම වංචා රැල්ලකුත් බරටම ඇති වෙලා තියෙනවා, අවාසනාවකට මේවා රැවටීම් හෝ නොමග යැවීම් කියල කියන්න බැරි තරම් හරිම ලස්සන සංවිධානාත්මක ව්‍යාපාර වගේ පවත්වාගෙන යන ඒවා. මේවා නිසා නොමග ගියා කියල නොදැන හොඳ reviews පවා දාන, නොමග නොගොස් තමුන් තනියම කරගත්තනම් කොහොමද කියලවත් නොදන්න අයත් ඉන්නවා. ඒ අය මේවා අනිත් අයටත් recommend කරනවා.

සාධාරණව ඔයාගෙ අවශ්‍යතාවය සපුරාලන ව්‍යාපාර හා පුද්ගලයන් අතරේ,
ඔයා පිටරටට අඩිය තියපු දවසෙ ඉඳල ඔයාගෙන් හම්බ කරගන්න සහ හූරං කන්න අපේම රටෙ සමහර අය ක්‍රම හදාගෙන ඉන්නවා. අලුතෙන් රටකට එන රටේ තොරතුරු නීතිමය තත්වය සහ දෙයක් කරගන්න ක්‍රම ගැන ලොකු දැනුමක් නැති, දියුණු වෙන්න හදිස්සි අයව තමයි වැඩියෙන්ම ගොදුරු කරගන්නෙ.

Youtube, Facebook, Sri Lankan Events, අඳුරන අය මාර්ගයෙන් සහ තවත් ව්විධ ක්‍රම ඔස්සෙ , මේ අය නිතරම තමුන්ගෙ ආදායම් මාර්ගයට අවශ්‍ය ගොදුර සොයමින් ඉන්නෙ.
ඒ අය බොහෝ විට unrealistic දේවල් වලට ඔබව පොළඹවාගන්න සහ ඔබේ ආශාවන් හඳුනගෙන ඔබගෙන් හම්බකරගන්න Advertise කරනවා ඒ වගේම videos පවා කරමින් තමන්ගෙ උපාය Promote කරනවා අර සිහිනය සැබෑ කරගන්න , මේ සිහිනය සැබෑ කරගන්න අපි එක්ක එකතුවෙන්න කියලා.. ඒ ඔබේ මුදල් ඔවුන්ගෙ පොකට් එකට දාගෙන මොකක් හරි අටමගලයක් ඔයාගෙ ඇඟේ ගහන්න හදන වෑයමක්.

පිටරටකට ආවාම දියුණු වෙන්න හෝ ආශාවන් අවශ්‍යතා සපුරාගන්න හදිස්සි වෙන්න එපා. ✋

මුලින්ම රටේ තත්වය, මිනිස්සු ගැන, Scams සහ කූට ව්‍යාපාර , පරිසරය සහ නීති ගැනත්, රට මොනවගේද සහ තමුන්ගෙ ආශාව හෝ අවශ්‍යතාවය ඉටුකරගන්න අවශ්‍ය කරන රටේ පිලිගත් ක්‍රම සම්බන්ධයෙනුත් හොයන්න.

තමුන්ට දෙයක් තනියම කරගන්න පුලුවන්ද බැරිද කියල දැනගන්න කලින් පුද්ගලයෙකු හෝ ආයතනයක් මත යැපෙන්න හිතන්නෙපා.
ඉන්න රටේ පිලිගත්ත ක්‍රම ගැන හොයල බලන්න. Brokers ලා Agents ලා අතරමැදියන්ගේ බලපෑම් නැතුව තනියම දේවල් කරගන්න ක්‍රම ගැන හොයල බලන්න. එහෙම තනියම කරගන්න පුලුවන් හැම ආරක්ශාකාරී අවස්තාවකදීම තනිව කරගන්න.

ගොඩාක් අය Scam වෙන්නෙ හදිස්සිය සහ නොදැනුවත් කම නිසා. ඉතින් මුලින්ම ඒ ක්‍රම ගැන ඉවසීමෙන් දැනුවත් වෙන්න. Research කරන්න !

හදිස්සි වෙන්නෙපා! යම් පුද්ගලයෙක් හෝ ව්‍යපාරයක් දෙයක් ඔබේ ඇඟේ ගසන්න යන්නෙ ඇයි කියල කල්පනාකරන්න. ඒගැන අන්තර්ජාලයේ සොයා බලන්න ඔබට වාසිද අමාරුවේ වැටෙයිද කියලා. ඔබට තනියම කරගන්න පුලුවන්නම්, අතරමැදියන් නොමැතිව පුලුවන් තරම් තනිව ඔබේ ගමන යන්න.

" මතක තියාගන්න, එකපාරටම දුවන්න ගියොත් වැටිලා තුවාල වෙන්න ඉඩ තියෙනවා. බඩගාලා ඇවිදල පුරුදු වුනොත් වැටුනත්, තුවාල නොවී බේරෙන ක්‍රම ඉගෙනගන්න පුලුවන්."

" මුලින් බඩගාන්න, ඊටපස්සෙ ඇවිදින්න, ඊටපස්සෙ දුවන්න. 👍 "

මේ දේවල් කියන්නෙ ඔබේ ශුභසිද්ධිය උදෙසා. කැමතිනම් පිලිපදින්න. 👍

ජයවේවා ! 👍
UK BOSA

17/12/2024

SANDWICH නම හැදුනෙ කොහොමද? 🤔ඇයි පාන් පෙති වලින් හදපු කෑමට Sandwich කියන්නෙ? කවුරුත් නොහිතන කතාව. මේක බලන්න. 😉. fans

Daily Mail කියන විදිහට බ්‍රිතාන්‍ය වර්තමාන අගමැති තමයි නව ඉතිහාසයේ අසාර්ථකම අගමැති කියල වැඩ බාරගෙන මාස පහක් ඇතුලත පෙන්නු...
16/12/2024

Daily Mail කියන විදිහට බ්‍රිතාන්‍ය වර්තමාන අගමැති තමයි නව ඉතිහාසයේ අසාර්ථකම අගමැති කියල වැඩ බාරගෙන මාස පහක් ඇතුලත පෙන්නුම් කරාලු 😅 අපිටත් ඉන්නවා අකමැති අගමැති කෙනෙක් 😁👍

ඔයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ කිවුවෙ නෑ. (අපි දෙන්නගෙම අම්මා තාත්තා තමයි No 1)ඔයා තමයි මගෙ මුලු ලෝකෙම කිවුවෙ නෑYou are my...
15/12/2024

ඔයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ කිවුවෙ නෑ.
(අපි දෙන්නගෙම අම්මා තාත්තා තමයි No 1)
ඔයා තමයි මගෙ මුලු ලෝකෙම කිවුවෙ නෑ
You are my Queen /King කිව්වෙ නෑ.
ඔයා තමයි ලෝකෙ ලස්සනම කෙනා කිවුවෙ නෑ
බොරු අවදානයක් දුන්නෙ නෑ/ ඉල්ලුවෙ නෑ.
Social media වල ලෝකෙ ඉන්න Bestම couple එක වගේ රැඟුවෙ නෑ.

අපි එක වගේ නෑ. අපේ වෙනස් කම් බොහොමයි.
අපි දෙන්නම Perfect නෑ. අඩුපාඩු ගොඩයි.
නොගැලපෙන දේ තේරුම් ගත්තා, දෙන්නගෙම තනි පුද්ගල නිදහසට ඉඩ දුන්නා. අවභාවිතා කරේ නෑ.

කාගෙවත් ජීවිත වගේ/ film /celebrity couples වගේ වෙන්න ගියේ නෑ. පොලොවෙ පය ගහල හිටියා.
දෙන්නගෙන් එක්කෙනෙක්වත් Special වෙන්න ගියේ නෑ, තම තමන්ට පුලුවන් දේ/බැරි දේ අනුව අවස්ථානුකූලව lead එක ගත්තා. වැරදුන තැන් හදාගත්තා හරිගිය තැන් සතුටින් වින්ඳා.

එක එක්කෙනාගෙන් කතා අහගත්තා, විනිශ්චයට ලක්වුනා, අපි සැලුන්නෑ.
ප්‍රශ්න ජයග්‍රහන මැද පාඩුවේ පුලුවන් විදිහට එකට ජීවිතේ බෙදාගෙන විනෝදෙන් හිටියා. හඳුනගෙන අවුරුදු 13ක් ගෙවුනා.
මේ දවසට අදට අවුරුදු පහක් වුනා.😐
ඔන්න ඕකයි වුනෙ..

හොඳ Relationship එකකට අවශ්‍ය දේවල් ගොඩයි. මම Expert කෙනෙක් නෙමෙයි. නමුත් තේරෙන ප්‍රධානම ටිකක් කියන්නම්.

දෙන්නා එකට ජීවත් වුනාට අනිත් කෙනාගෙ තනි නිදහසට ගරු කරන්න, ඒ වගේම නිදහස අවභාවිතා කරන්නෙපා.
කාගෙ වත් ජීවිතයක් copy කරන්නෙපා. ඔයාලා ඔයාලා වෙන්න.
රැල්ලට Celebrity පවුල් වගේ ජිවිත ගෙවන්නෙපා, රඟන්නෙපා, ඒවා තාවකාලිකයි. පොලොවෙ පය ගහල ඉන්න.
අනවශ්‍ය අවදානය ඉල්ලන්නවත් දෙන්නවත් එපා. ඒක හැමදාම කරන්න බෑ. අවශ්‍ය අවදානය අනිවාර්යයෙන් දෙන්න.
සතුට වගේම දුකත් බෙදාගන්න. Relationship = Entertainment නෙමෙයි.
නොගැලපීම් හඳුනාගනිමින්,ඉවසමින් සහ වැරදි හදාගෙන දෙන්නාගෙ ශක්තීන් හා දුර්වලකම් හඳුනාගෙන එකම අරමුණක් කරා එකතුවී ගමන් කරන්න.
එහෙම කරන්න බෑ කියල හිතෙනවා නම් රැල්ලට Relationships තියාගන්නවත් කසාද බඳින්නවත් එපා. නොගැලපීම් හඳුනාගෙන, අඩුපාඩු හදාගෙන ජීවත් වෙන්න පුලුවන්නම් අනිවාර්යෙන් එකට ජීවත් වෙන්න. 👍
ජය වේවා !

UK BOSA

Address


Alerts

Be the first to know and let us send you an email when UK BOSA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share