05/07/2024
ලෙන්දොර ඇරලා අත්හදාබැලීමක් කරන්න හැදුවේ
ඇයි කියලා #අපි_හොයලා_බලමු.
Free Thinkers Sri Lanka 🇱🇰
Friends Who Like U.S. Embassy Colombo, Sri Lanka
University of Colombo
රටක් වෙනුවෙන් කැපකිරීම වනාහි
යුද වැදීම පමණක් නොවේ.
ඒ සඳහා අත්‍යවශ්‍ය වනුයේ ජාතිය හමුවේ
ඇති අභියෝගය තේරුම් ගැනීමය.
මේරු සහ පරවියෝ අතර වෙනසක් ඇත්තේය.
දෙවර්ගයම පියාඹන්නේ වුවද
වැදගැම්මකට නැති මේරු සඳහා
මහා බලයක් ඇතැයි සිතාගෙන උන්ට
තැනක් ලබාදීමට ගියහොත්
අපට සිද්ධ වන්නේ ද
‘එළිය වටා කරකැවෙන මෙරුන්’ ලත්
අත්දැකීම ලබාගන්නටය.
යන්තම් රටේ තත්ත්වය සුබවාදී වෙනසක්
කරා ඇදී යමින් ඇත්තේය.
එය වැස්ස පහත් වෙනවා සේ ඉබේ ලැබෙන
යමක් නොවේ. කැපවීමක සහ කල්පනාවක
ප්රතිඵලයකි.
ඒ සඳහා කරතබා බර අදින ලද නායකයෙක්
සහ පිරිසක් ඇත්තේය. මැයි නව වැනිදා
මේ රටේ ඉතිහාසයේ කළු දිනයක් විය.
ඊට පෙර සිටම ගෙවල් ගිනි තබා පහර දුන් පිරිස්,
මෙදා හෙල්මට් හිසලා ගෙන ප්රචණ්ඩත්වය
මුදා හළහ.
අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයා මහමඟ
ඝාතනය කළේය. ආර්ථික සහ දේශපාලනික
අනාථභාවයේ තිබූ රටක් එක රැයට වෙනස්
කළ නොහැකිය.
පළමුව ප්රචණ්ඩත්වය අනික් පැත්තට
හරවා දැමිය යුතුය. වසර දෙකකට පෙර
මේ කාලයේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීම සඳහා
පිරිස් කැඳවමින්,
සජීව විකාශයන් ෆේස්බුක් එකේ පවත්වමින්
සිටින ලද්දේ හිංචි පිංචි ගැටව් නොව
ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.
මන්තරයක් මෙන් ප්රජාතන්ත්රවාදය මතුරන
මේ පිරිසගේ ඇත්ත ආශාව ඇත්තේ ප්රචණ්ඩත්වය
මුදා හැර රට අත්පත් කර ගැනීමට හෙයින්,
හතර අතේ ලේ හළා වැඩේ පටන් ගැනීමට
පිරිස සූදානම් විය. ඒ ගමන නතර නොවූයේ
නම් මේ රටේ මහජන නියෝජිතයෝ
බොහෝ දෙනෙක්ගේ සොහොන් කොත්
දැන් වසර දෙකකට වඩා පැරණි වී ඇත්තේය.
එහෙව් භීෂණයකින් දේශය මුදා ගැනීම ද
දන්තුරේ සටන සේම වැදගත් භාවිතාවකි.
අපි ජාතියක් ලෙස අප්‍රමාණ ලේ ගංගා
ගලා ගිය ආකාරය දැක ඇත්තෙමු.
සිවිල් යුද්ධයකින් වසර තිහක් පීඩා වින්දෙමු.
එහෙව් ජාතිය සඳහා මෙවන් බාල්දියක් පෙරළීම
දේශපාලන උප්පරවැට්ටියක ප්රතිඵලයකි.
එතැනදී වැළලී යනු ඇත්තේ ජීවිත පමණක් නොවේ.
මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක්
සිහිපත් කර ගතහොත් එතැනින් වැළලී
යනු ඇත්තේ ‘ප්රජාතන්ත්රවාදය’ බව පසක් වන්නේය.
ඡන්දය සඳහා ඇති වලංගුභාවය
ඉවත් කළ කල්හි මර්දනය පෙරට එන්නේය.
බලහත්කාර ප්‍රයත්නයකින් පාලනය වන
රටක් සහ ජනතාව වීමේ සියලු සම්භාවිතා
ඒ වන විට ඇතිව තිබුණේය.
පාලනය ගිලිහුණු රටක් සඳහා පැමිණි
නව නායකත්වය ඒ සියල්ල සඳහා තිත තබා,
ප්රජාතන්ත්රවාදය මුලට ගත්තේය.
බංකොලොත්භාවයෙන් මිදී දැන් සැනසුම්
සුසුමක් හෙළමින් අප සිටින්නේය.
එදා දන්තුරේ සටන සේම, ෆුල් ෆේස් හෙල්මට්
දමාගෙන ඇවිදින් වසර දෙකකට පෙර
වපුල භීෂණය සඳහා ද අපි උත්තර බැන්දෙමු.
වසර දෙකකට පෙර ජූලි මාසයේ
මේ කාලය යළි සිහියට නඟා ගනිමින්,
භීෂණයෙන් රට බේරා ගත් ආකාරය
සිහිකැඳවා ගන්නා ලෙස මේ තීරුව
ජනයාගෙන් ඉල්ලා සිටින්නේය.
රටක් වෙනුවෙන් කැපකිරීම වනාහි යුද වැදීම
පමණක් නොවේ. ඒ සඳහා අත්‍යවශ්‍ය
වනුයේ ජාතිය හමුවේ ඇති අභියෝගය
තේරුම් ගැනීමය. මේරු සහ පරවියෝ අතර
වෙනසක් ඇත්තේය. දෙවර්ගයම
පියාඹන්නේ වුවද වැදගැම්මකට නැති
මේරු සඳහා මහා බලයක් ඇතැයි සිතාගෙන
උන්ට තැනක් ලබාදීමට ගියහොත්
අපට සිද්ධ වන්නේ ද ‘එළිය වටා කරකැවෙන
මෙරුන්’ ලත් අත්දැකීම ලබාගන්නටය.
යන්තම් රටේ තත්ත්වය සුබවාදී වෙනසක්
කරා ඇදී යමින් ඇත්තේය.
එය වැස්ස පහත් වෙනවා සේ ඉබේ ලැබෙන
යමක් නොවේ. කැපවීමක සහ කල්පනාවක
ප්රතිඵලයකි. ඒ සඳහා කරතබා බර අදින ලද
නායකයෙක් සහ පිරිසක් ඇත්තේය.
මැයි නව වැනිදා මේ රටේ ඉතිහාසයේ
කළු දිනයක් විය. ඊට පෙර සිටම ගෙවල්
ගිනි තබා පහර දුන් පිරිස්,
මෙදා හෙල්මට් හිසලා ගෙන ප්රචණ්ඩත්වය
මුදා හළහ. අමරකීර්ති අතුකෝරාළ
මන්ත්‍රීවරයා මහමඟ ඝාතනය කළේය.
ආර්ථික සහ දේශපාලනික අනාථභාවයේ
තිබූ රටක් එක රැයට වෙනස් කළ නොහැකිය.
පළමුව ප්රචණ්ඩත්වය අනික් පැත්තට
හරවා දැමිය යුතුය.
වසර දෙකකට පෙර මේ කාලයේ
පාර්ලිමේන්තුව අල්ලා ගැනීම සඳහා
පිරිස් කැඳවමින්, සජීව විකාශයන් ෆේස්බුක්
එකේ පවත්වමින් සිටින ලද්දේ
හිංචි පිංචි ගැටව් නොව ජවිපෙ හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.
මන්තරයක් මෙන් ප්රජාතන්ත්රවාදය මතුරන
මේ පිරිසගේ ඇත්ත ආශාව ඇත්තේ
ප්රචණ්ඩත්වය මුදා හැර රට අත්පත් කර
ගැනීමට හෙයින්, හතර අතේ ලේ හළා
වැඩේ පටන් ගැනීමට පිරිස සූදානම් විය.
ඒ ගමන නතර නොවූයේ නම් මේ රටේ
මහජන නියෝජිතයෝ බොහෝ දෙනෙක්ගේ
සොහොන් කොත් දැන් වසර දෙකකට
වඩා පැරණි වී ඇත්තේය.
එහෙව් භීෂණයකින් දේශය මුදා ගැනීම ද
දන්තුරේ සටන සේම වැදගත් භාවිතාවකි.
අපි ජාතියක් ලෙස අප්‍රමාණ ලේ ගංගා
ගලා ගිය ආකාරය දැක ඇත්තෙමු.
සිවිල් යුද්ධයකින් වසර තිහක් පීඩා වින්දෙමු.
එහෙව් ජාතිය සඳහා මෙවන් බාල්දියක්
පෙරළීම දේශපාලන උප්පරවැට්ටියක
ප්රතිඵලයකි. එතැනදී වැළලී යනු ඇත්තේ
ජීවිත පමණක් නොවේ. මීට වසර දෙකකට
පෙර අද වැනි දිනයක් සිහිපත් කර ගතහොත්
එතැනින් වැළලී යනු ඇත්තේ
‘ප්රජාතන්ත්රවාදය’
බව පසක් වන්නේය. ඡන්දය සඳහා ඇති
වලංගුභාවය ඉවත් කළ කල්හි
මර්දනය පෙරට එන්නේය. බලහත්කාර
ප්‍රයත්නයකින් පාලනය වන රටක් සහ
ජනතාව වීමේ සියලු සම්භාවිතා
ඒ වන විට ඇතිව තිබුණේය. පාලනය ගිලිහුණු
රටක් සඳහා පැමිණි නව නායකත්වය
ඒ සියල්ල සඳහා තිත තබා, ප්රජාතන්ත්රවාදය
මුලට ගත්තේය. බංකොලොත්භාවයෙන්
මිදී දැන් සැනසුම් සුසුමක් හෙළමින්
අප සිටින්නේය.
එදා දන්තුරේ සටන සේම, ෆුල් ෆේස් හෙල්මට්
දමාගෙන ඇවිදින් වසර දෙකකට පෙර
වපුල භීෂණය සඳහා ද අපි උත්තර බැන්දෙමු.
වසර දෙකකට පෙර ජූලි මාසයේ මේ කාලය
යළි සිහියට නඟා ගනිමින්, භීෂණයෙන්
රට බේරා ගත් ආකාරය සිහිකැඳවා ගන්නා
ලෙස මේ තීරුව ජනයාගෙන් ඉල්ලා සිටින්නේය.
උගත් වෘතිකයන්ගේ
#ඩිජිටල්_පුරවැසි_පෙරමුණ
Qualified Professional front of
🇱🇰 Dinamina
US India Political Action Committee
U.S. Embassy Colombo, Sri Lanka
British High Commission Colombo
සටන්බිම Satanbima