Ethics Eye

Ethics Eye We monitor violations of media ethics in the Sinhala press.

ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය ආචාර ධර්මයන් සම්බන්ධව සාකච්ඡා කරනා සහ ඒ සම්බන්ධව පර්යේෂණ මත පදනම්ව දැනුවත් කරනා පර්යන්තයක් ලෙස Ethics Eye හැඳින්විය හැක. ඒ අනුව, ශ්‍රී ලංකාවේ එදිනෙදා පුවත් වාර්තාකරණය තුළ දක්නට ලැබෙන මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් හා ගැටළුකාරී මාධ්‍ය හැසිරීම් පිළිබඳව දැනුවත් කිරීම Ethics Eye හරහා සිදු කරනු ලබයි.

මෙම පර්යන්තය 2016 මාර්තුවල්දී වෙරිටේ රිසර්ච් විසින් ආරම්භ කෙරූ අතර ඒ සඳහා මූල්‍ය

සහයෝගය ඉන්ටර්නිව්ස් ආයතනය විසින් ලබා දෙන ලදී. ඉන් පසුව, මූල්‍යමය දායකත්වය ඉන්ටර්නිව්ස් ඇතුළු මාර්ග කිහිපයක් ඔස්සේ ලැබුනු අතර වෙරිටේ රිසර්ච් අභ්‍යන්තර සම්පත් දායකත්වයෙන් මගින් මෙය මූලිකව පවත්වා ගෙන යනු ලබයි. Ethics Eye ක්‍රියාත්මක වන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් සමඟිනි. එනිසාම, එහි නිරීක්ෂණ පරාසය ද සීමිත වී තිබේ. එනිසා, ප්‍රධාන වශයෙන්, ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම භාවිතා වන සිංහල භාෂාවෙන් සිදුවන පුවත් වාර්තාකරණය සඳහා Ethics Eye සිය අවධානය යොමු කරයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල වූ මාධ්‍ය සංස්කෘතියක් දියුණු කිරීමේ වටිනාකම දකිනා ඔබ සැමටම, Ethics Eye වෙත සහාය දැක්වීමටත්, Ethics Eye හා සම්බන්ධ වීමට මෙන්ම, මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් නිරීක්ෂණයෙන් දායකත්වය දැක්වීමටත්, අපි ආරාධනා කරන්නෙමු.

ශ්‍රී ලංකා කර්තෘ මණ්ඩලය ඉදිරිපත් කර ඇති වෘත්තීය ප්‍රතිපත්ති මාලාව තුළ සඳහන්ව ඇත්තේ, ව්‍යාපාරික පාර්ශ්වයක් නැතිනම්, කර්තෘ...
29/07/2024

ශ්‍රී ලංකා කර්තෘ මණ්ඩලය ඉදිරිපත් කර ඇති වෘත්තීය ප්‍රතිපත්ති මාලාව තුළ සඳහන්ව ඇත්තේ, ව්‍යාපාරික පාර්ශ්වයක් නැතිනම්, කර්තෘ මණ්ඩලය නොවන පාර්ශ්වයක් මගින් ගෙවීම් හෝ වෙනත් ප්‍රතිලාභයක් මුල් කරගනිමින්, දැන්වීම් ප්‍රචාරණය හෝ ප්‍රවර්ධනය සඳහා ලියා ඇති ලිපි ලේඛන වල ඒ බව පැහැදිලිව සඳහන් කළ යුතු බව සඳහන් වේ.

එසේ පවසන්නේ, වෙළඳ දැන්වීම් ප්‍රචාරණය හෝ ප්‍රවර්ධනය සඳහා පළ වන ලිපි හෝ දැන්වීම් තුළ ඒවා මුදල් ගෙවා ප්‍රචාරණය කරන දැන්වීම් බව පැහැදිලිව සඳහන් නොවූ විට, එය පාඨකයා නොමඟ යැවීමට හේතු විය හැකි බැවිනි.

එම පසුබිම යටතේ, "ජනාධිපති රනිල් තමයි" යන සිරස්තලය යටතේ, සීමාසහිත විජය පුවත්පත් සමාගම යටතේ ඇති ඉරිදා ලංකාදීප (ජූලි 28, 2024) සහ, ලංකාදීප, අද (ජූලි 29, 2024) පුවත්පත් මුල් පිටු තුළ පළවී ඇති වාර්තාව සලකා බැලිය හැක.

* ඉරිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ඉහළ භාගය ඇතුළුව පිටුවේ විශාල ප්‍රමාණයක් මේ සඳහා යෙදවී ඇත. එසේම මෙය දැන්වීමක් යැයි කොතැනක හෝ සඳහන් කර නැත.

* ලංකාදීප සහ අද පුවත්පත් තුළ මුල් පිටුවේ පහත භාගය තුළ සාපේක්ෂව කුඩා ඉඩක් මෙම පුවත සඳහා වෙන් වී ඇත. එම පුවත් වල ඉහළින් "දැන්වීමකි" යනුවෙන් සඳහන් කර ඇත.

* මෙම පුවත අපගේ නිරීක්ෂණයට ලක්වූ වෙනත් කිසිදු ජූලි 29, 2024 දින සිංහල භාෂා පුවත්පතක් හෝ ඒවායේ සහෝදර ඉංග්‍රීසි භාෂා පුවත්පත් තුළ පළ වී නොතිබුණි.

එසේ නම්,

1) ඉරිදා ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වැඩිම ඉඩක් වෙන් කරමින්, දැන්වීමක් බවද නොදක්වමින් මෙය පළ කොට තිබීම, පාඨකයා නොමඟ යවන සුළු නොවන්නේ ද?

2) අනෙකුත් පුවත්පත් දෙකම මෙය දැන්වීමක් බව සඳහන් කොට ඇති බව සැලකූ විට, ඉරිදා ලංකාදීප, මාධ්‍ය ආචාර ධර්මයන්ට මෙහිදී පටහැණි වී ඇතැයි ඔබ නොසිතන්නේ ද?

මූලාශ්‍ර:
http://www.pccsl.lk/code-of-professional-practice-code-of-ethics-of-the-editors-guild-of-sri-lanka-adopted-by-the-press-complaints-commission-of-sri-lanka
/
https://caj.ca/wp-content/uploads/caj_ethics_advisory_commitee_sponsored_content_discussion_paper.pdf

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඉදිරි මැතිවරණයන්හිදී විශේෂ ඡන්ද පත්‍රිකාවක් හඳුන්වා දීම ඇතුළු, ආබාධ සහිත අයගේ ඡන්ද අයිතිය සඳහා ...
26/07/2024

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඉදිරි මැතිවරණයන්හිදී විශේෂ ඡන්ද පත්‍රිකාවක් හඳුන්වා දීම ඇතුළු, ආබාධ සහිත අයගේ ඡන්ද අයිතිය සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට කටයුතු සිදුවීම, මාධ්‍ය තුළ අවධානයට ලක්වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබූ සිංහල භාෂා පුවත්පත් තුනක වාර්තාවන් පහත පරිදි පෙන්වා දිය හැක.

යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු හෝ ආබාධ සහිත පුද්ගල කණ්ඩායම් වලට අදාළ පුවතක් වාර්තා කිරීමේදී, එම අය "ආබාධිතයන් (disabled)" ලෙසින් නොව, "ආබාධ සහිත පුද්ගලයන්/අය (people with disability)" ලෙසින් හැඳින්වීම යෝග්‍ය නොවන්නේදැයි අප මීට පෙරද අසා ඇත්තෙමු.

මෙය පුද්ගලයෙකුගේ ආබාධය ඔස්සේ ඔහු හෝ ඇය නිර්වචනය නොවන බවත්, ආබාධය දෙවන තැන ගන්නා බවත් හඳුනාගැනීමට භාවිත වන භාෂාවයි. එය පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ලෙස හැඳින්වේ.

අපගේ නිරීක්ෂණය වන්නේ, බොහෝ විට මාධ්‍ය ඒ පිළිබඳව දැනුවත් භාවයකින් තොරව පුවත් වාර්තා කරන බවයි.

ආබාධ සහිත ප්‍රජාව පිළිබඳව මෙවන් ප්‍රගතිශීලී පියවර සම්බන්ධ පුවත් මව්බිම, ලංකාදීප සහ අරුණ පුවත්පත් විසින් වාර්තා කිරීම අගය කර යුතුයි.

කෙසේ නමුත් එම වාර්තාකරණයන්හි, "ආබාධිත" වැනි යෙදුම් හෝ යල් පැනගොස් ඇතැයි සැලකෙන "අන්ධ" වැනි යෙදුම් භාවිතා නොවූයේ නම්, වඩාත් යෝග්‍ය බවද අපි මෙසේම සටහන් කරමු.

සෑමවිටම ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

මූලාශ්‍ර:
https://www.nspd.gov.lk
https://adata.org/factsheet/ADANN-writing
https://ncdj.org/style-guide/

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු! දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී ඒ සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති මාධ්‍ය මාර්ගෝ...
25/07/2024

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී ඒ සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති මාධ්‍ය මාර්ගෝපදේශයන් පිළිපදින මෙන් Ethics Eye අපි නැවත නැවතත් සිහිපත් කරන්නෙමු. මන්ද යත්, නිවැරදි වගකීමෙන් සහ ආචාර ධාර්මික ප්‍රවේශයෙන් යුතුව දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම, අනුකාරක සිදුවීම් පැතිර යෑම වැළැක්වීමට මෙන්ම, දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයෙන් යුතු අයෙකුගේ ජීවිතය බේරා ගැනීමටද ඉවහල් වන බැවිනි.

එම පසුතලය තුළ, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුවෙකු දිවි තොර කර ගත් පුවත, ජූලි 25, 2024 දින දිනමිණ සහ අද පුවත්පත් තුළ පළ වී තිබූ ආකාරය විමසා බැලීමට හැක.

* දිනමිණ පුවත තුළ දිවි තොර කර ගත් ආකාරය සඳහන් වන අතරම, දිවි තොර කර ගැන්මට පෙර ලියූ ලිපියක කොටසක්ද පළ කර ඇත. එසේම උපකාරක අංක ද සඳහන් කර නොමැත.

* අද පුවත සමඟ හදිසි උපකාරක අංක සඳහන් කර ඇත. දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සඳහා හඳුන්වා දී ඇති මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී නොමැත.

ඒ අනුව, සිය ආචාර ධාර්මික වගකීම සුරකිමින් දිවි තොර කර ගැනීමක් වාර්තා කළ අද පුවත්පතට අපගේ ප්‍රශංසාව පිරිනමන අතරම, මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය නොකරමින් දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීම තමන් අත රැඳි සමාජ වගකීමක් බව නැවතත් සියළු මාධ්‍ය වෙත සිහිපත් කොට සිටිමු.

හදිසි උපකාරක අංක:
*CCCline - 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් - 0717639898

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් යුතුව, "ධනවත් වීමට බෞද්ධ උපදේශනය" යන මැයෙන් යුතු කෘතිය එළිදැක්වීම ...
25/07/2024

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් යුතුව, "ධනවත් වීමට බෞද්ධ උපදේශනය" යන මැයෙන් යුතු කෘතිය එළිදැක්වීම සහ එහිදී දිලිත් ජයවීර විසින් දැක්වූ අදහස් අරුණ පුවත්පත (ජූලි 23, 2024) වාර්තා කර තිබිණි.

කෙසේ නමුදු, එදින වෙනත් කිසිදු සිංහල භාෂා පුවත්පතක් තුළ ඒ සම්බන්ධ පුවත් වාර්තාවන් දක්නට නොලැබුණි.

මේ පිළිබඳව ඔබේ අදහස?

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට වෛද්‍ය නිර්දේශයකින් තොරව වේදනානාශක ඖෂධ අලෙවි කිරීමේ චෝදනාවට පෞද්ගලික රෝහලක තිදෙනෙ...
24/07/2024

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට වෛද්‍ය නිර්දේශයකින් තොරව වේදනානාශක ඖෂධ අලෙවි කිරීමේ චෝදනාවට පෞද්ගලික රෝහලක තිදෙනෙක් අත්අඩංගුවට පත් වූ පුවත, දිවයින, දිනමිණ සහ මව්බිම (ජූලි 24, 2024) පුවත්පත් තුළ මෙසේ දැක්වී තිබිණි.

මෙහිදී පුවත් සිරස්තල තුළ සහ අන්තර්ගතයන් තුළ, "කුඩු ලෝලීන්", "කුඩ්ඩන්", සහ "මත්ලෝලීන්" යන යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව හඳුන්වා තිබිණි.

1) මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ද සමාජයේම කොටස් වෙයි. "කුඩ්ඩන්" වැනි යෙදුම් ඔස්සේ ඔවුන්ව සෘණාත්මකව ලේබල් කිරීමෙන්, ඔවුන්ට නිසි පුනරුත්ථාපනයකින් පසුව වුවද සමාජයට එකතු වීමට බාධා ඇති නොවන්නේ ද? එය ඔවුන් පිළිබඳව සමාජය තුළ කොන් කිරීමේ සහ ගර්හාවේ ආකල්ප වැඩි දියුණු කිරීමට හේතු නොවන්නේ ද?

2) මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු, සංකීර්ණ කරුණු හේතු කොට ගෙන ඇති වන, නිසි ප්‍රතිකාර සහ සහාය ඔස්සේ භාවිතා කරන්නාව මුදා ගත හැකි තත්වයක් මිස, හුදු මත්ද්‍රව්‍ය සඳහා "ලොල් වීමක්" නොවන බව අවබෝධ කර ගත යුතු කරුණකි. එසේ නම්, "කුඩු ලෝලියා" "මත්ලෝලියා" වැනි යෙදුම් තුළින්, මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව වැරදි අදහසක් සමාජගත නොවන්නේ ද?

3) මෙම කරුණු දෙකම නිසා ඇතිවිය හැකි සමාජ ආකල්ප, මත්ද්‍රව්‍ය හේතුවෙන් ඇති වන සමාජ ප්‍රශ්න විසඳීම සඳහා තවත් බාධාවක් නොවන්නේ ද?

ධනාත්මක සමාජයක් වෙනුවෙන් සෘණාත්මක ලේබල්කරණයන්ගෙන් වළකිමු!

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

කෝවිඩ් සමයේ තිබූ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තියට අනුව, කොවිඩ්-19 රෝගයට ගොදුරුව මිය ගිය මුස්ලිම් ජාතික පුද්ගලයින්ගේ දේහයන් ද...
24/07/2024

කෝවිඩ් සමයේ තිබූ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තියට අනුව, කොවිඩ්-19 රෝගයට ගොදුරුව මිය ගිය මුස්ලිම් ජාතික පුද්ගලයින්ගේ දේහයන් ද ආදාහනය අනිවාර්ය කිරීමෙන් පීඩාවට පත් ජනකොටස් වලින් ආණ්ඩුව සමාව අයැදීම සඳහා, වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍ය සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය විසින් ඉදිරිපත් කළ මෙම ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබිණි.

ජූලි 24, 2024 දින සිංහල භාෂා පුවත්පත් වාර්තාකරණයන් සහ, ජූලි 23, 2024 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් සලකා බලන විට, මෙම පුවත වාර්තා කර තිබූ සහ වාර්තා කර නොතිබූ මාධ්‍ය මෙසේ දැක්විය හැක.

ඔබේ අදහස?

(ජූලි 24, 2024 දින සිංහල භාෂා පුවත්පත් වාර්තාකරණයන් සහ, YouTube වෙත එක් කොට තිබූ ජූලි 23, 2024 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

ඉදිරියේදී එන ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂක ඉදිරිපත් කිරීමේ අරමුණ සහිතව ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවි...
23/07/2024

ඉදිරියේදී එන ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂක ඉදිරිපත් කිරීමේ අරමුණ සහිතව ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව, ගිවිසුමක් අත්සන් කිරීම, ජූලි 22, 2024 දින යාපනයේ සෙල්වා අනුස්මරණ ශාලාවේදී සිදුවූ බව වාර්තා වී තිබිණි.

ජූලි 23, 2024 දින සිංහල භාෂා පුවත්පත් වාර්තාකරණයන් සහ, ජූලි 22, 2024 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ මෙම පුවත වාර්තා කර තිබූ සහ වාර්තා කර නොතිබූ ආකාරයන් පහත ආකාරයට දත්ත සටහනකින් පෙන්වා දීමට හැක.

ඔබේ අදහස?

(ජූලි 23, 2024 දින සිංහල භාෂා පුවත්පත් වාර්තාකරණයන් සහ, YouTube වෙත එක් කොට තිබූ ජූලි 22, 2024 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා ...
22/07/2024

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා කළ යුතු බව අපි නිරන්තරයෙන් පෙන්වාදෙන්නෙමු.

මන්ද යත්, නිසි ප්‍රවේසමකින් තොරව, මාධ්‍ය මාර්ගෝපදේශයන් නොතකමින් එවැනි පුවත් වාර්තා කිරීම, තවත් අනුකාරක සිදුවීම් සඳහා හේතු වීමේ අවදානමක් ඇති බැවිනි.

මෙම පසුතලය මත, යාපනයේ බණ්ඩතරිප්පු ප්‍රදේශයේ කාන්තාවක් දිවි තොර කර ගත් පුවත විමසා බලමු.

* දිවි තොර කර ගැනීමක් පසුපස ඇති හේතු කිසිවිටෙකත් සරල නොවේ. එනිසාම දිවි තොර කර ගැනීමක් වාර්තා කිරීමේදී, එයට හේතු අතිසරල කොට නොදක්වන මෙන් දිවි තොර කර ගැනීම් වාර්තාකරණය පිළිබඳ මාධ්‍ය මාර්ගෝපදේශයන් උපදෙස් දෙයි. ඊට හේතුව වන්නේ, දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකු, එම හේතු තමන් සමගින්ද අනන්‍ය කර ගැනීමට පෙළඹීමේ අවදානමයි.

* එසේම දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම ක්‍රමය අනුව අනුකාරක සිදුවීම් ඇතිවීමේ අවදානමක් ද තිබෙන නිසාවෙනි.

* එසේම, දිවි තොර කර ගැනීම පිළිබඳ පුවත් වාර්තාවක් සමගින්, හදිසි උපකාරක අංක සඳහන් කරන මෙන් උපදෙස් දෙන්නේ, එය දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට උපකාරයක් විය හැකි බැවිනි.

ඒ අනුව,

මෙම සිදුවීම කෙතරම් වගකීම් සහගතව මෙම පුවත්පත් වාර්තා කර තිබේ යැයි ඔබ සිතන්නේද?

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:
*CCCline - 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් - 0717639898

(මෙම පුවත වාර්තා කළ සිංහල භාෂා පුවත්පත්වල සහෝදර ඉංග්‍රීසි පුවත්පත් තුළ මෙම පුවත වාර්තා වී නොතිබුණි.)

මූලාශ්‍ර:
https://iris.who.int/bitstream/handle/10665/258814/WHO-MSD-MER-17.5-eng.pdf
https://media.samaritans.org/documents/Media_Guidelines_FINAL.pdf
https://accountablejournalism.org/ethics-codes/Tanzania-Broadcasters

සමාජය තුළ ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඇත්තේ එතරම් සුභවාදී ආකල්පයන් නොවේ. මෙම තත්වය තීව්‍ර වීමට, මාධ්‍ය ඔස්සේ බොහෝ විට...
20/07/2024

සමාජය තුළ ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඇත්තේ එතරම් සුභවාදී ආකල්පයන් නොවේ. මෙම තත්වය තීව්‍ර වීමට, මාධ්‍ය ඔස්සේ බොහෝ විට ලිංගික සේවා සැපයීම සහ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳව මවන චිත්‍රය ද හේතුවකි.

උදාහරණයක් ලෙස, ඔවුන්ව හැඳින්වීමට "ගණිකාව" වැනි යෙදුම් භාවිතයත්, එම සේවා සපයන ස්ථාන හැඳින්වීමට "ගණිකා නිවාස", "ගණිකා මඩම්" වැනි යෙදුම් භාවිතයත් මෙම අසුභවාදී ආකල්ප තවත් වර්ධනය කිරීමට හේතු විය හැක. මන්ද යත්, "ගණිකා" යන යෙදුම සමඟින් පොදුවේ සමාජය තුළ කොන් කරන සුළු, ගර්හාත්මක ආකල්පයන් බැඳී තිබෙන බැවිනි.

1) එසේ නම්, "ගණිකාව" වැනි යෙදුමක් වෙනුවට, "ලිංගික ශ්‍රමිකයින්", "ලිිංගික සේවා සපයන්නන්", වැනි විකල්ප යෙදුම් භාවිතයත්, "ගණිකා නිවාස", "ගණිකා මඩම්" වැනි යෙදුම් වෙනුවට "ලිංගික සේවා සපයන ස්ථාන" වැන්නක් වඩාත් යෝග්‍ය නොවන්නේ ද?

2) "ගණිකා", ගණිකාව" වැනි යෙදුම් භාවිතයෙන් ඉවත් කිරීම, එම යෙදුම් සමඟ බැඳී ඇති ගර්හාත්මක සමාජ ආකල්පයන් හේතුවෙන් එම ශ්‍රමිකයින්ට විඳින්නට සිදුවන කොන් කිරීම් අවම කිරීමට පිටුවහලක් වනු ඇතැයි ඔබ නොසිතන්නේ ද?

ලිංගික ශ්‍රමිකයින් කොන් කිරීමට ලක් කරන යෙදුම් භාවිතයෙන් ඉවත් කරමු!

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මන්ත්‍රීවරුන් සහය නොදුනහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සූදානමක් ඇතැයි වාර්තා වන...
19/07/2024

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මන්ත්‍රීවරුන් සහය නොදුනහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සූදානමක් ඇතැයි වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ඇතුළු පාර්ශ්ව රැසක් පවසන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම පුවත 2024, ජූලි 18 වැනි දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්හි සිරස්තල තුළ දක්වා තිබූ ආකාරය මෙසේ පෙන්වා දිය හැක.

ඔබේ අදහස?

(YouTube වෙත එක් කොට තිබූ, 2024, ජූලි 18 වැනි දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

කොළඹ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි කහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක් දිවි තොර කර ගැනීමෙන් මිය යෑමේ ...
18/07/2024

කොළඹ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි කහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක් දිවි තොර කර ගැනීමෙන් මිය යෑමේ පුවත දිනමිණ සහ අරුණ පුවත්පත් තුළ (ජූලි 18, 2024) වාර්තා වී තිබිණි.

කෙසේ නමුත්, දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සඳහා මාධ්‍ය වෙත හඳුන්වා දී ඇති මාධ්‍ය මාර්ගෝපදේශයන් මෙම පුවත් වාර්තාවන් තුළ පහත අයුරින් කඩ වී තිබූ බව ද දැකිය හැකි විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, සමාරිටන්ස් වැනි ආයතන මගින් දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සම්බන්ධයෙන් මෙම මාර්ගෝපදේශයන් හඳුන්වා දී ඇත්තේ, දිවි තොර කර ගැනීමට නැඹුරුතාවයක් ඇති පුද්ගලයින් මෙම වාර්තාවන් ඔස්සේ අනුකාරක සිදුවීම් සඳහා පෙළඹීමට ඇති ඉඩ කඩ අවම කිරීම සඳහායි.

එසේම දිවි තොර කර ගැනීමක් පිළිබඳ වාර්තාවක් සමඟ හදිසි උපකාරක අංක සඳහන් කිරීම, දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති තවත් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හේතු විය හැක.

එසේ නම්, දිවි තොර කර ගැනීමක් වාර්තා කිරීමේදී මෙම මාධ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීම මාධ්‍ය වගකීමක් නොවන්නේ ද?

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:
*CCCline - 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් - 0717639898

මූලාශ්‍ර:
https://iris.who.int/bitstream/handle/10665/258814/WHO-MSD-MER-17.5-eng.pdf

https://media.samaritans.org/documents/Media_Guidelines_FINAL.pdf

https://accountablejournalism.org/ethics-codes/Tanzania-Broadcasters

* පුවත - බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට දඬුවම් නියම වීම.* පුවත්පත - දිවයින (ජූලි 1...
17/07/2024

* පුවත - බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට දඬුවම් නියම වීම.

* පුවත්පත - දිවයින (ජූලි 17, 2024)

* සිරස්තලය - "වැරැදි පාරේ රස සොයා ගිය නැටුම් ගුරුවරයා වසර 20ක් හිරේ"

ඔබ සිතන ලෙසට,

1) "වැරැදි පාරේ රස සොයා යෑමක්" යන යෙදුමෙන් බාලවයස් ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවක් ගම්‍ය වන්නේ ද? බාලවයස් ලිංගික අපයෝජනයක බරපතළභාවය නිසි ලෙසින් සිරස්තල ඔස්සේ නොදැක්වීම, එවැනි වරදක් සමාජය තුළ සාමාන්‍යකරණය වීමට හේතුවක් නොවිය හැකි ද?

2) බාලවයස් ලිංගික අපයෝජනයක් "වැරැදි පාරේ රස සොයා යෑමක්" ලෙසින් සිරස්තල තුළ දැක්වීම, එම පුවත හැඟීම් කළඹවනසුළු (භාවාතිශය) අයුරින් දැක්වීමක් නොවේ ද?

ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

සර්පයින් සියයකට වැඩි ප්‍රමාණයක් තම කලිසම තුළ සඟවාගෙන හොංකොං බලා යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු එරට ෂෙන්සාන් දේශසීමා මුරපොළ...
16/07/2024

සර්පයින් සියයකට වැඩි ප්‍රමාණයක් තම කලිසම තුළ සඟවාගෙන හොංකොං බලා යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු එරට ෂෙන්සාන් දේශසීමා මුරපොළකදී අත්අඩංගුවට පත් වීමේ පුවත, විදෙස් පුවත් ඇසුරින් සිංහල භාෂා පුවත්පත් තුනක පළ වී තිබුණේ මෙසේය:

* ලංකාදීප - "චීනාගේ කලිසම අස්සේ සර්පයෝ 100ක්" (අන්තර්ගතය තුළ "චීන ජාතිකයෙක්" ලෙසින් සඳහන් වේ.)

* අරුණ - "වරායට ආ චීනාගේ කලිසම අස්සේ සර්පයන් 100ක්" (අන්තර්ගතය තුළ "පුද්ගලයකු" ලෙසින් සඳහන් වේ.)

* දිනමිණ - "චීන ජාතිකයකුගේ කලිසම තුළ ජීවමාන සර්පයන් 100ක්" (අන්තර්ගතය තුළ "චීන ජාතිකයකු" ලෙසින් සඳහන් වේ.)

1) මෙය මෙරට සිදුවීමක් නොවූවත්, "චීනා" වැනි යෙදුම් මාධ්‍ය තුළ යොදාගැනීම කෙතරම් යෝග්‍ය වන්නේ ද?

2) විශේෂයෙන්ම, සෘණාත්මක පසුතලයක චීන ජාතිකයින් හැඳින්වීමට සිරස්තල තුළ "චීනා" වැනි යෙදුම් භාවිතා කිරීම තුළින්, සමාජය තුළ පොදුවේ චීන ජාතිකයින් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් ඇති වීමේ අවදානමක් නොමැති ද? ඒ ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ භීතිකාවක් (xenophobia) පවා ජනිත විය නොහැකි ද?

3) ඒ අනුව, මෙම පුවත වඩාත් යෝග්‍ය ලෙසින් වාර්තා කර ඇතැයි ඔබ තෝරාගන්නේ කුමන පුවත/පුවත් ද?

විදේශ ජාතිකයින් හැඳින්වීමට නිෂේධනාත්මක යෙදුම් භාවිතා නොකරමු!

පුවත් වාර්තාකරණයේදී කිසියම් මාධ්‍යයක කාර්ය භාරය වන්නේ, කිසිදු පාර්ශවයක් නොගනිමින් කරුණු පමණක් ඉදිරිපත් කිරීම නොවන්නේදැයි...
16/07/2024

පුවත් වාර්තාකරණයේදී කිසියම් මාධ්‍යයක කාර්ය භාරය වන්නේ, කිසිදු පාර්ශවයක් නොගනිමින් කරුණු පමණක් ඉදිරිපත් කිරීම නොවන්නේදැයි පාඨක අප ඇසිය යුතුවේ.

එක් පාර්ශවයයකට නැඹුරු වෙමින්, පාඨකයා තුළ පූර්ව විනිශ්චයන් ඇති කරවන සුළු ආකාරයෙන් පුවත් වාර්තා කිරීම කෙතරම් යෝග්‍ය වන්නේද යන කරුණ අප ඇසිය යුතුවේ.

එහිදී, යම් කිසි වරදක් සම්බන්ධයෙන් සැකයට පාත්‍ර වන හෝ වරදකරු ලෙසින් තීන්දු වන අයවලුන් හැඳින්වීම සඳහා ඇතැම් විට ඔවුන්ගේ වෘත්තීන් පාදක කොට ගනිමින් විවිධ සෘණාත්මක ලේබල් කිරීම් භාවිතය දැකගත හැකි වේ.

ගුරුවරයෙකු හැඳින්වීම සඳහා බොහෝ විට සිරස්තල තුළ දක්නට ලැබෙන "ගුරා" වැනි යෙදුම් ඊට නිදසුන් වේ.

නර්තන පංතියකට පැමිණි සිසු දැරියන් ලිංගික අපයෝජනයට පාත්‍ර කිරීමේ චෝදනාව මත නැටුම් පංති ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට පත් වීමේ පුවත ලංකාදීප සහ දිනමිණ පුවත් වාර්තාවන් (ජූලි 16, 2024) ඔස්සේ දැක්වී ඇති ආකාරය මීට නිදසුන් වේ.

ඔබ සිතන ලෙසට,

1) ගුරු වෘත්තියේ නියැළෙන්නෙකු සැකකරුවෙකු හෝ වරදකරුවෙකු වන විටකදී ඔවුන්ව හැඳින්වීමට "ගුරා" වැනි යෙදුම් භාවිතා කිරීම ඔස්සේ, එම සමස්ත වෘත්තිය සම්බන්ධයෙන්ම අපහාසාත්මක ආකල්පයක් සමාජය තුළ වර්ධනය වීමේ අවදානමක් නැතිද?

2) පුවත් අන්තර්ගතයන් තුළ වඩාත් නිවැරදිව භාවිතා කර ඇති "ගුරුවරයා" යන්නෙන්, මෙම පුවත කිසිදු පූර්ව විනිශ්චයකින් තොරව පාඨකයා වෙත සන්නිවේදනය නොවන්නේ ද?

නිෂේධනාත්මක ලේබල්කරණයන්ගෙන් වළකිමු!

පැවිදි වීමේ අපේක්ෂාවෙන් සිටි වයස අවුරුදු 8 ක බාලවයස් දරුවන් දෙදෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව පිට විහාරාධ...
15/07/2024

පැවිදි වීමේ අපේක්ෂාවෙන් සිටි වයස අවුරුදු 8 ක බාලවයස් දරුවන් දෙදෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව පිට විහාරාධිපති හිමිනමක් පොලිස් අත්අඩංගුවට පත්වුණු බව අරුණ සහ දිනමිණ (2024, ජූලි 11) පුවත්පත් තුළ පහත පරිදි වාර්තා වී ඇත.

* අරුණ - "දරු දෙදෙනෙකුට වින කළ බව කියන විහාරාධිපති රිමාන්ඩ්" (ලිංගික අපයෝජනයක් බව අන්තර්ගතයේ දැක්වේ.)
* දිනමිණ - "සාමණේර හිමි දෙනමක් අපයෝජන කළැයි ගිරිඋල්ලේ චීවරධාරියෙක් රිමාන්ඩ්" (බරපතළ ලිංගික අපයෝජනයක් බව අන්තර්ගතයේ දැක්වේ.)

ලිංගික අපරාධ, විශේෂයෙන්ම බාලවයස් ලිංගික අපයෝජනයන් පිළිබඳව වාර්තා කිරීමේදී, මාධ්‍ය විසින් "වින කිරීමක්", "හදි කිරීමක්" වැනි යෙදුම් භාවිතා කරන බව අපට නිරීක්ෂණය කළ හැක.
ඒ ඔස්සේ බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සන්නිවේදනය වන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ. බාලවයස් ලිංගික අපයෝජනයක බරපතළභාවය නිසි ලෙසින් සිරස්තල ඔස්සේ නොදැක්වීම, එවැනි වරදක් සමාජය තුළ සාමාන්‍යකරණය වීමට හේතුවක් නොවන්නේදැයි එසේම අප ඇසිය යුතුයි.

ඒ අනුව, මෙම පුවත් වාර්තා සිරස්තල දෙක අතුරින්, බාලවයස් ලිංගික අපයෝජන සිදුවීමක නිසි බරපතළභාවය සැහැල්ලු කොට නොදක්වා වාර්තා කොට ඇති බවට ඔබ තෝරාගන්නේ කුමක් ද?

ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.
*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැකගනිමු!* දිවි තොර කර ගැනීමක් වාර්තා කිරීමේදී, එම දිවි තොර කර ගැනීමට හේතුව අතිසරල කොට න...
15/07/2024

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැකගනිමු!

* දිවි තොර කර ගැනීමක් වාර්තා කිරීමේදී, එම දිවි තොර කර ගැනීමට හේතුව අතිසරල කොට නොදක්වන ලෙස මාධ්‍ය මාර්ගෝපදේශයන් තුළ උපදෙස් දෙනු ලැබේ. දිවි තොර කර ගැනීමක් පසුපස සංකීර්ණ මනෝභාවයන් සහ කරුණු තිබිය හැක. දිවි තොර කර ගැනීමක් මේ හේතුවෙන් සිදුවී ඇතැයි අතිසරල හේතුවක් මාධ්‍ය ඉදිරිපත් කළ විට, දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකු එම හේතුව තමන් හා අනන්‍ය කොට ගැනීමේ අවදානමක් ද තිබේ.

* එසේම, දිවි තොර කර ගත් ආකාරය මාධ්‍ය වාර්තා තුළ සඳහන් කිරීම, එම ක්‍රමය භාවිතා කොට අනුකාරක දිවි තොර කර ගැනීම් සිදු වීම සඳහා ද උත්තේජනයක් විය හැක.

* ඊට අමතරව, මෙවැනි සිදුවීමකට අදාළ පුවතක් තුළ හදිසි උපකාරක අංක පළ නොකිරීමෙන්, දිවි තොර කර ගැනීමට නැඹුරුවක් ඇති අයෙකු උපදේශනය වෙත යොමු කර එම ජීවිතය බේරාගැනීමට ඇති අවස්ථාව ද අහිමි වනු ඇත.

දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී පිළිපැදීමට යෝග්‍ය වන මාධ්‍ය මාර්ගෝපදේශයන් තුළ ඉහත කරුණු අන්තර්ගත වේ.

ඒ අනුව, වැලිපැන්න ප්‍රදේශයේ පාසල් සිසුවියක් දිවි තොර කර ගත් සිදුවීම 2024, ජූලි 15 දින අද, අරුණ සහ දිනමිණ යන පුවත් වාර්තාවන් ඔස්සේ ඉදිරිපත් වී ඇති ආකාරය පහත පරිදි දැක්විය හැක.
මෙම වාර්තාකරණයන් සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?

හදිසි උපකාරක අංක:
*CCCline - 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707308308
* ශාන්ති මාර්ගම් - 0717639898
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් "ක්ලබ් වසන්ත" ඝාතනය කිරීමේ සිදුවීම සමාජ මාධ්‍ය තුළත්, මාධ්‍ය තුළත් ඉහළම අවධානයක් ලබාගැනීම...
13/07/2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් "ක්ලබ් වසන්ත" ඝාතනය කිරීමේ සිදුවීම සමාජ මාධ්‍ය තුළත්, මාධ්‍ය තුළත් ඉහළම අවධානයක් ලබාගැනීමට සමත් වී තිබිණ.

කෙසේ හෝ, අදාළ අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානය තුළ සිදුවූ වෙඩි තැබීම පෙන්වන CCTV දර්ශන, සමාජ මාධ්‍ය තුළත්, ඇතැම් මාධ්‍ය තුළත් පෙන්වූ බව අපට නිරීක්ෂණය විය.

රූපවාහිනී මාධ්‍ය තුළ සහ සමාජ මාධ්‍ය තුළ වන රූපවාහිනී මාධ්‍යයන්ට අයත් පිටු තුළ එම දසුන් පෙන්වූ ආකාරයන් මෙසේ දැක්විය හැක.

*සිරස ටීවී, ස්වර්ණවාහිනී සහ සියත ටීවී, එම සීසීටීවී දර්ශන YouTube ඔස්සේ පමණක් දක්වා ඇත.
*ටීවී දෙරණ සහ හිරු ටීවී, එම සීසීටීවී දර්ශන YouTube සහ රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් ඔස්සේ දක්වා ඇත.
*සියලුම රූපවාහිනි නාලිකා, සිය විකාශයන් තුළ එම සීසිටීවී විවිධ මට්ටමින් බොඳ කර තිබිණි.
*සියත ටීවී, හිරු ටීවී, සහ ටීවී දෙරණ, සංවේදී දර්ශන අඩංගු බවට අනතුරු ඇඟවීම් පළ කර ඇත.

ඔබ සිතන ලෙසට,

1) සිදු වෙමින් පවතින විමර්ශනයකට අදාළ වෙඩි තැබීම් ඇතුළත් CCTV දර්ශන මාධ්‍ය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීම කෙතරම් යෝග්‍යය ද? මාධ්‍ය ආචාර ධර්මයන්ට කෙතරම් අනුකූල ද?

2) බොඳ කර වුවත්, නරඹන ප්‍රේක්ෂකයන් තුළ කම්පනය හා තැතිගැන්ම ඇති කරවනසුළු මෙවැනි සීසීටීවී දර්ශන ප්‍රචාරය කිරීම අවශ්‍යය ද?

(YouTube වෙත එක් කොට තිබූ, 2024, ජූලි 10 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් "ක්ලබ් වසන්ත" ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකර...
13/07/2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් "ක්ලබ් වසන්ත" ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝවක් ඇතැම් මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ඉහළ අවධානයක් දිනාගෙන තිබිණි.

මෙහිදී බොහෝ දෙනෙකු විමසා තිබුණේ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළ පාපොච්චාරණයක් මෙසේ රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද යන්නයි. මෙම පාපොච්චාරණයේ රූපරාමු ලැබී තිබුණ ද ඒවා විකාශය කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි බව අවබෝධ කරගනිමින් එම රූපරාමු සිය පුවත් විකාශයට එක් නොකරන බව සියත ටීවී නාලිකාව තම පුවත් විකාශයේදී දැනුම්දුන් බව Ethics Eye අප සඳහන් කළ යුතු අතර එය ඉතා ප්‍රශංසනීය වේ. එය අනෙක් මාධ්‍ය ආයතන සඳහා ද යහපත් ආදර්ශයකි.

මෙම පාපොච්චාරණයේ වීඩියෝව, 2024, ජූලි 10 දින රාත්‍රී රූපවාහිනී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඔස්සේ විකාශය කළ සහ විකාශය නොකළ රූපවාහිනී නාලිකාවන් මෙසේ දැක්විය හැක.

ඔබේ අදහස?

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

අන්සතු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රියාව කරා යාමට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේ...
12/07/2024

අන්සතු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රියාව කරා යාමට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් දිනමිණ සහ අරුණ පුවත් වාර්තාවන් තුළින් ආවරණය වී ඇත්තේ පහත අයුරිනි.

* දිනමිණ - අදාළ සැකකරුගේ වාර්ගිකත්වය සඳහන් කරයි.

* අරුණ - අදාළ සැකකරු ලාංකිකයෙකු බව පමණක් සඳහන් කරන අතර, වාර්ගිකත්වයක් සඳහන් නොකරයි.

දෙස් විදෙස් මාධ්‍ය මාර්ගෝපදේශයන් ඔස්සේ සඳහන් කෙරෙන්නේ, පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම්, වාර්ගිකත්වයන් පිළිබඳව සඳහන් නොකරන ලෙසටයි.

ඔබ සිතන ලෙසට,

1) දිනමිණ පුවත දක්වා ඇති, මෙම සැකකරුගේ වාර්ගිකත්වය පුවතට අදාළ වන්නේ කෙසේ ද? එය අදාළ නම්, අරුණ වාර්තාව විසින් සැකකරුගේ වාර්ගිකත්වය සඳහන් කර නොමැත්තේ මන්ද?

2) මෙසේ පුවතකට අදාළ නොවන වාර්ගිකත්වයන් -විශේෂයෙන්ම මෙවැනි සෘණාත්මක පසුබිම් තුළ- හුවා දැක්වීම, එම වාර්ගිකත්වයට අයත් පුද්ගලයින් හෝ කණ්ඩායම් ඒකාකෘතික වීමේ අවදානමක් ඇති නොකරන්නේ ද?

අදාළ නොවන වාර්ගිකත්වයන් සඳහන් නොකරමු!

යම් කිසි පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ...
11/07/2024

යම් කිසි පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. කෙසේ වෙතත්, එහිදී භාෂාව භාවිතා කරන ආකාරය සහ ඒ ඔස්සේ ඇතිවන සමාජ බලපෑම සම්බන්ධයෙන්, සිරස්තලයක් යොදන පුවත් කතුවරයෙකු සැලකිලිමත් විය යුතු නොවේදැයි අප ඇසිය යුතුයි.

මන්දටත්, ඇතැම් විට එසේ භාවිතා වන භාෂාව ඔස්සේ, යම් සිදුවීමක් හෝ සිදුවීමකට අදාළ අය පිළිබඳව පූර්ව විනිශ්චය ලබාදීමක්, පූර්ව විනිශ්චය සඳහා පාඨකයාව පෙළඹවීමක් ඇති වේ නම්, එය ප්‍රශ්නකාරී වන බැවිනි. මාධ්‍ය වගකීම වන්නේ පුවතක් වාර්තා කිරීම මිස, ඒ පිළිබඳව පූර්ව විනිශ්චය කිරීමක්, අගති සහගත ආකල්පයක් සමාජගත කිරීමක් නොවේ.

"ජාවාරමා" වැනි යෙදුම් ඊට නිදසුනකි. පහත පුවත් වාර්තාවන් සලකා බලන විට, ඒවායේ සිරස්තල තුළ "ජාවාරමා" වැනි යෙදුම් සඳහන් වන අතර, අන්තර්ගතය තුළ "ජාවාරමේ නිරතව සිටින පුද්ගලයෙක්", "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු" වැනි හැඳින්වීම් දක්නට ලැබේ.

ඔබ සිතන ලෙසට, "ජාවාරමා" වැනි යෙදුම් වෙනුවට, "ජාවාරම්කරුවෙකු" වැනි යෙදුමක්, පූර්ව විනිශ්චයන් ඇති නොකරන භාෂාවකට වඩාත් උචිත නොවන්නේ ද?

පූර්ව විනිශ්චයන් ඇති නොකොට, අදාළ පුවත පමණක් වාර්තා කරමු!

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

11/07/2024
සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත එළිදැක්වීම, ජූලි 06, 2024 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී සිද...
10/07/2024

සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත එළිදැක්වීම, ජූලි 06, 2024 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදුකෙරුණු බව වාර්තා විණි.

ඒ සම්බන්ධයෙන්, සිංහල භාෂා පුවත්පත් තුළ වාර්තා වී තිබුණේ පහත පරිදි වේ. එහිදී පුවත වාර්තා කොට තිබූ ජූලි 08, 2024 දින අරුණ, දිවයින සහ මව්බිම පුවත්පත් තුළ, එම පුවතට වෙන්ව තිබූ ඉඩ ප්‍රමාණය මෙසේ දැක්විය හැක.

එසේම මෙහිදී තවත් කරුණු කිහිපයක් අපට අවධානයට ගත හැක.

* මව්බිම ජනතා පක්ෂය, සර්වජන බලය දේශපාලන සන්ධානයේ සාමාජික පක්ෂයක් වේ.

* ව්‍යවසායක දිලිත් ජයවීර, මව්බිම ජනතා පක්ෂයේ නායකයා වේ.

* ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වයන් සම්බන්ධව දත්ත එක් රැස් කර 2018 වසරේදී ඉදිරිපත් කළ "Media Ownership Monitor" වෙබ් අඩවියට අනුව, සීමාසහිත දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගමේ අයිතිය ඇත්තේ සීමාසහිත පවර් හවුස් සමාගමට වේ. දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ විසින් හවුලේ 49.41% ක කොටස් ප්‍රමාණයක් පාලනය කරන අතර, එයින් ඔවුන් පවර් හවුස් හි බහුතර කොටස් හිමිකරුවන් වී තිබේ. එසේම ඔවුන් එක් එක් අයෙකුට 9% ක තනි තනි කොටස් ප්‍රමාණයන්ද ඇත.

එසේ නම්,
සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත එළිදැක්වීම වාර්තා වී ඇති ආකාරය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ජූලි 07, 2024 දින පළවී ඇති සිළුමිණ ලිපියක් තුළ සමස්තයක් වශයෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ හැසිරීම් සම්බන්ධයෙන් දෙමාපිය ව...
09/07/2024

ජූලි 07, 2024 දින පළවී ඇති සිළුමිණ ලිපියක් තුළ සමස්තයක් වශයෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ හැසිරීම් සම්බන්ධයෙන් දෙමාපිය වැඩිහිටියන් සැලකිලිමත් විය යුතු ආකාරයත්, දරුවන්ගේ මානසික සෞඛ්‍යය රැකීමට සමාජය තුළ කතිකාවක් ඇති කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වී තිබිණි. මෙයට විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුගේ අදහස්ද ඇතුළත් වී තිබිණි. දරුවන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් මෙවැනි දැනුවත් කිරීම් ලිපියක් ඉදිරිපත් කිරීම සැබවින්ම ප්‍රශංසනීය වේ.

මෙම ලිපිය සඳහා ජූලි 2, 2024 සිදු වූ සිසුන් දෙදෙනාගේ මරණයන්ද පාදක වී තිබූ අතර ලිපි සිරස්තලය තුළ එම මරණයන් දිවි තොර කර ගැනීම් ලෙස දක්වා තිබිණි. එහෙත්, මෙම ලිපියේ අන්තර්ගතය තුළ, දිවි තොර කර ගැනීමක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් දක්නට නොලැබේ.

ඒ අනුව, මෙවැනි අනතුරු වළක්වා ගැනීමත්, දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීමත් ගැන ලියවී ඇති මෙම ලිපි සිරස්තලය තුළ දිවි තොර කර ගැනීම් සඳහන් කර ඇත්තේ මන්ද?

එසේ ලිපිය හා සැසඳෙන්නේ නැති දිවි තොර කරගැනීමක් පිළිබඳව සිරස්තලයේ දැක්වීම ගැටළුකාරී නොවන්නේ ද?

ඒ තුලින් මෙම ලිපිය සාකච්ඡාවට ලක් කරනා කරුණුවලට හානියක් නොවන්නේද?

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

*පුවත්පත: දිනමිණ (ජූලි 09, 2024)*සිරස්තලය: "බාලවයස්කාර දැරියක් ගැබිනියක කර සැඟව සිටි විශ්‍රාමික සෙබළා අත්අඩංගුවට"*උපසිරස...
09/07/2024

*පුවත්පත: දිනමිණ (ජූලි 09, 2024)

*සිරස්තලය: "බාලවයස්කාර දැරියක් ගැබිනියක කර සැඟව සිටි විශ්‍රාමික සෙබළා අත්අඩංගුවට"
*උපසිරස්තලය: "තිදරු පියකු වූ සැකකරුගේ දරුවකුත් දැරිය දූෂ්‍ය කරලා"

අන්තර්ගතය: මෙය බාලවයස් දැරියක් "අපහරණය" කොට "ස්ත්‍රී දූෂණය" කිරීමක් යැයි සඳහන් වේ.

ඒ අනුව,

1) බාලවයස් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට, ලිංගික අපරාධයකට ද බඳුන් කළ බව, "ගැබිනියක කිරීම" යන්නෙන් සන්නිවේදනය වන්නේ ද? එය ලිංගික අපරාධයක් සැහැල්ලු කොට දැක්වීමක් නොවේද?

2), ලිංගික අපරාධ හැඳින්වීමට "ස්ත්‍රී දූෂණය" යන්න නීති පොත් තුළද සඳහන් වූවද, "දූෂණය", "දූෂ්‍ය කිරීම" වැනි යෙදුම් ඔස්සේ, ලිංගික අපරාධයන්ට මුහුණ පෑ අය අපවිත්‍ර වී ඇති බවට අදහසක් ගෙන නොදෙන්නේ ද? එය, ලිංගික අපරාධයන්ට මුහුණ පෑ අය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති කොන් කිරීම හා ගර්හාව තවත් තීව්‍ර කිරීමට හේතුවක් නොවන්නේ ද?

ලිංගික අපරාධයන් සුළු කොට දක්වන වාර්තාකරණයෙන් වළකිමු!

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී, එම අය "ආබාධිත පුද්ගලයෙකු (A disabled person)" ලෙසින්...
09/07/2024

යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී, එම අය "ආබාධිත පුද්ගලයෙකු (A disabled person)" ලෙසින් නොව, "ආබාධ සහිත පුද්ගලයෙකු (A person with a disability)" ලෙසින් හැඳින්වීම යෝග්‍ය නොවන්නේද යන්න සාකච්ඡාවට ලක්වන කරුණකි.

මෙසේ යම් අයෙකුගේ ආබාධය ඔස්සේ ඔවුන් නිර්වචනය නොවන බවත්, ආබාධය දෙවන තැන ගන්නා බවත් හඳුනාගැනීමට භාවිත වන භාෂාව, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ලෙස හැඳින්වේ.

මෙම පසුතලය තුළ, සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව සැලකිය හැක.

මෙහිදී සති අග අරුණ සිරස්තලය තුළ "ආබාධිතයින්" යනුවෙන් ඔවුන්ව හඳුන්වා තිබෙන අතර, සති අග අරුණ සහ අරුණ අන්තර්ගතයන් තුළද "ආබාධිත" යන හැඳින්වීම් දක්නට ලැබේ.

කෙසේ නමුත් සති අග අරුණ සිරස්තලය හරහා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉතාම ධනාත්මක පණිවුඩයක් සමාජයට ලබා දෙන බවද කිව යුතුවේ. එය පුද්ගල ප්‍රථම භාෂාවක් ඔස්සේ ලියැවුණේ නම්, එය තව වඩාත් පරිපූර්ණව වීමට තිබිනි.

මෙහිදී පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?

සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.

*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

මීට සියවසකට පමණ පෙර දක්නට ලැබුණු පුවත් වාර්තාකරණයත්, අද අපි දකින පුවත් වාර්තාකරණයත් අතර කුමනාකාරයේ වෙනස්කම් හෝ සමානකම් ඇ...
08/07/2024

මීට සියවසකට පමණ පෙර දක්නට ලැබුණු පුවත් වාර්තාකරණයත්, අද අපි දකින පුවත් වාර්තාකරණයත් අතර කුමනාකාරයේ වෙනස්කම් හෝ සමානකම් ඇතැයි ඔබ සිතා ඇත්ද?

පහත දැක්වෙන්නේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සං‍රක්ෂිත පැරණි පුවත්පත් ගොනුවෙන් ලබාගත් පුවතක්.

දිනය: මැයි 07, 1930
පුවත්පත: දිනමිණ
සිදුවීම: එක් කාන්තාවක් තවත් කාන්තාවකට පහරදීමක් සහ තුවාල කිරීමක්

මෙහි අදාළ සැකකාරියත්, පැමිණිලිකාරියත් යන දෙදෙනාගේම වාර්ගිකත්වයන්, "දෙමළ" ලෙසින් සඳහන්ව තිබිණි.

වත්මන් පුවත් වාර්තාකරණය හා සසඳද්දී සියවසකට පමණ ඉහතදී පළවූ මේ වාර්තාකරණය ගැන ඔබේ අදහස?

දරුවෙකු බාලවයස්කරුවෙක් ලෙසින් තීරණය කෙරෙනා වයස වන්නේ අවුරුදු 16 සීමාවයි. එතැනින් පහළ වයස් සීමාවන්හි සිටින ඕනෑම දරුවෙකු බ...
05/07/2024

දරුවෙකු බාලවයස්කරුවෙක් ලෙසින් තීරණය කෙරෙනා වයස වන්නේ අවුරුදු 16 සීමාවයි. එතැනින් පහළ වයස් සීමාවන්හි සිටින ඕනෑම දරුවෙකු බාලවයස්කරුවෙකු ලෙසින් සැලකේ. එසේම, බාලවයස්කරුවෙකුගේ කැමැත්ත තිබුණද, ඔවුන් හා ලිංගික සම්බන්ධතාවයකට යෑම නීතිය ඉදිරියේ වරදක් වේ. මන්ද යත්, ලිංගිකත්වය වැනි කාරණයක් පිළිබඳව කැමැත්ත දිය හැකි වයසක බාලවයස්කරුවන් නොසිටින බව නීතිය පිළිගන්නා බැවිනි.

ඒ අනුව බාලවයස් දරුවෙකු හා ලිංගික සබඳතාවයක් පැවැත්වීම "ව්‍යවස්ථාපිත ලිංගික අපයෝජනයක්" (දණ්ඩ නීති සංග්‍රහය තුළ "ව්‍යවස්ථාපිත දූෂණයක්") ලෙසින් හැඳින්වේ.

මේ අතර, "පහළොස් හැවිරිදි පාසල් පෙම්වතා සමඟ අඹුසැමියන් ලෙස හැසිරුණු 21 හැවිරිදි කාන්තාව රිමාන්ඩ්" යන සිරස්තලයෙන් යුතුව දිනමිණ පුවතක් (ජූලි 05, 2024) ඉදිරිපත් වී තිබේ.

මෙහි පුවත් අන්තර්ගතය තුළ ද සඳහන් වන්නේ, අදාළ සැකකාර කාන්තාව, "පහළොස් හැවිරිදි බාලවයස්කාර පාසල් ශිෂ්‍ය පෙම්වතා සමඟ අඹුසැමියන් ලෙස හැසිරීමේ චෝදනාවට" අත්අඩංගුවට ගැනුණු බවයි.

ඔබ සිතන ලෙසට,

1) මෙම පුවත් සිරස්තලය හෝ පුවත් අන්තර්ගතය ඔස්සේ, මෙය බාලවයස් දරුවෙකුට ව්‍යවස්ථාපිත ලිංගික අපයෝජනයක් සිදුවීමක් බව සන්නිවේදනය වන්නේ ද? "අඹුසැමියන් ලෙස හැසිරීම" යන්න ඔස්සේ එය සැහැල්ලු කොට දැක්වීමක් සිදු නොවන්නේ ද?

2) මෙවැනි අපයෝජනයක් බාලවයස්කරුවෙකුගේ කැමැත්තෙන් සිදුවූවද, එය නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බව මෙහිදී පැහැදිලිව නොදැක්වීම, මෙවන් වරදක් ගැටලුකාරී නොවේ යැයි මතයක් සමාජය තුළ ඇති වීමට හේතුවක් නොවනු ඇතිද?

බාලවයස් ලිංගික අපයෝජන සැහැල්ලු කොට නොදක්වමු!

**Ethics Eye නිරීක්ෂකයෙකු වීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබ හඳුනාගන්නා මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් අප වෙත එවන්න.
*අපගේ නිරීක්ෂණයන් WhatsApp ඔස්සේ නොමිලේ ලබා ගන්න! ඔබගේ නම සහ WhatsApp අංකය සෘජු පණිවිඩයක් (DM/inbox) හරහා අප වෙත එවා, දැන්ම Ethics Eye subscriber කෙනෙකු වන්න!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ethics Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ethics Eye:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

About us

Ethics Eye is a research-based public education platform that serves to foster ethical journalism in Sri Lanka. The platform engages both the public and journalists on current ethical concerns that arise from daily reportage.

Ethics Eye operates with limited resources, and its scope of monitoring is thereby limited, mainly to press reportage with a high reach in Sinhala – the most spoken language in Sri Lanka.

The Ethics Eye platform is maintained by Verité Research. If you are able to contribute to the sustainability of this public education platform, please contact at [email protected]

Ethics Eye was conceptualised and launched by Verité Research in 2016 with financial support from Internews. Over the years, the platform has received intermittent financial contributions from a few sources, including a further six months of support in 2020 from Internews. The platform is otherwise sustained by the internal resources of Verité Research. Ethics Eye invites support, engagement and monitoring contributions from all those who value the advancement of media ethics in Sri Lanka.