DUMB KAVII

DUMB KAVII Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DUMB KAVII, Digital creator, .

Where is a flower field in a cement field? #කවී🌟
09/03/2024

Where is a flower field in a cement field?

#කවී🌟

ඔයාටත් ඉන්නවා ද යාලුවොමටත් ඉන්නවා මට ඇහෙනවා එයාලා හුස්ම ගන්න හඩඑයාලා මම එක්ක කතා කරනවාදවස ගානෙ එයාලට වතුර දීලා එයාලට ජීව...
07/03/2024

ඔයාටත් ඉන්නවා ද යාලුවො
මටත් ඉන්නවා
මට ඇහෙනවා එයාලා හුස්ම ගන්න හඩ
එයාලා මම එක්ක කතා කරනවා
දවස ගානෙ එයාලට වතුර දීලා එයාලට ජීවත් වෙන්න මම උදව් කරනවා
එයාලා මට හුස්ම ගන්න උදව් වෙනවා,ඇස් වලට සිසිලස දෙනවා,මගෙ දෙපා සනීපවත් කරනවා
අම්මා මාව හොයනකන්ම මම එයාලා එක්ක කතා කරනවා
"ලමයො පිස්සු නැතුව ගෙට එනවා,ඔය උදුපියලිය වල ඔච්චර මොනවද බලන්න තියෙන්නෙ"
අම්මා එහෙම කියනවා ඇහුනා

#කවී
KAVII 🌟

"ළමයො,යන්න එපා,බස් එකක් එයි,කියන දේ අහන්නෙ නැතුව ගිහින් ඊට පස්සෙ..."තව මොනවදෝ මන්දා ඒ වයසක මනුස්සයා කියවගෙන කියවගෙන ගියෙ...
06/03/2024

"ළමයො,යන්න එපා,බස් එකක් එයි,කියන දේ අහන්නෙ නැතුව ගිහින් ඊට පස්සෙ..."තව මොනවදෝ මන්දා ඒ වයසක මනුස්සයා කියවගෙන කියවගෙන ගියෙ හරි නෝක්කාඩුවෙන්,ඒ පොල්අතු හෙවිල්ලපු කඩේ හැදුම උනුම උනු ආප්පයයි,තේ කෝප්පෙයි රස කවදාවත් මට විස්තර කරන්න බැරි වෙයි,ඒ වයසක මුදලාලිගෙ වචන කනකට නොගෙන මම මලානික පාර දිගේ මලානිකව ඇදුනා,එක ලග එක ලග අඩිරූලක් වගේ උසට හැදුනු ගස් වැවුන පාර දෙපැත්ත හරි ගුප්තයි,අලු පාට තැවරුනු මීදුම මගෙ කනට මොන මොනවදෝ මිමිනුවා,මට හරියට අහගන්න හම්බ උනේ නෑ ,බස් එකක් ආව නිසා මට ගොඩවෙන්න උනා,ඒත් ඒ පිනිබිංදු වැටුනු වීදුරුවෙන් එලිය බලාගෙන යද්දි ඉස්සරහින් එන වාහන එලිය පිනිබිඳුවෙ වැදිලා වීදුරුවෙන් මට අමුතුවට පෙනුනා,"ජීවිතේ විදිනවා කියන්නෙ මේ බස් එකේ වීදුරුවක් අයියෙ ඉදගෙන එලිය බලාගෙන යන එකටද,විකාර නැතුව විනාඩි පහක් නිදා ගන්නවා හලො,පිස්සෙක්"කවුදෝ කියපු දෙයක් මතක් උනා,නිදා ගද්දි පෙනුන හීනයට වඩා ලස්සන ගොඩක් දේවල් මම දැක්කා,ඉතින් මම මානාසික සුවය හොයන පිස්සෙක්...🌲🌫️💦☕🩷

#කවී
KAVII

බ්ලොක් ගලෙන් වට උන බිත්ති මැද්දෙන් තෙරපි තෙරපි ඈත් වෙලා.....                   ඉර ලන්ද අතරින් හැංගෙන්නෙ අපිට එක එක පාට ප...
05/03/2024

බ්ලොක් ගලෙන් වට උන බිත්ති මැද්දෙන් තෙරපි තෙරපි ඈත් වෙලා..... ඉර ලන්ද අතරින් හැංගෙන්නෙ අපිට එක එක පාට පෙන්නලා..... මොකද එතකොට එයා දන්නවා එයා ආපහු උදේ එනකන් අපිට ලස්සන මතක තියෙනවා කියලා ..... ලැවැන්ඩර් පාට අහසින් මතු වෙන්න පුලුවන් ද? පොලොවෙ ගානටම වගේ තනකොල වැවුනු තනපිට්ටනියෙ වැතිරිලා අහස දිහා බලන් ඉන්නවා තරම් සනීපයක් කොහෙන්ද හිතකට,ගතකට? පුංචි පුංචි තනකොල ගස් ඇගේ වැදිලා එන කිතියට මම හරි ආදරෙයි ..... ඒ හැම දවසකම මගෙ තනියට එකම එක යාලුවෙක් ඉන්නවා,මම කෝපි පාටයි,ඒත් එයා පාට පාටයි,මම ආසයි එයා වගේ වෙන්න,සමහරවිට එයා ආසා ඇති මම වගේ වෙන්න..... එයා මගෙන් අහන්නෙ නැතුව මගෙ අත දිග ඇවිදින්නෙ එයාට දැනෙනවා ඇති මම එයාට ආදරෙයි කියලා, "දෝණි,දැන් ඇති රෑ වෙලා " කියන අම්මගෙ හඩ ඇහෙනකන්ම මම යාලුවා එක්ක පරිසරය විදිනවා, අකමැත්තෙන් උනත් යාලුවව එතන තනිකරලා එන්නෙ එයාගෙ අම්මත් එයාව හොයන නිසයි,"ගොඩක් අය හිතයි ඔයාට පිස්සු කියලා ,ඔව් ඔයා පිස්සෙක් වෙන්න,එතකොට ඔයා මානසිකව නීරෝගී වෙයි " 🍀🐞🍃🌞 ❤️
KAVII

Address


Website

Alerts

Be the first to know and let us send you an email when DUMB KAVII posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share