CineTube Media : 2

  • Home
  • CineTube Media : 2

CineTube Media : 2 Hey! � Come & experience the flavors of the geek world.. � Follow us and stay put! �

22/02/2024

Happy Birthday Han Hyo Joo ❤️🎂 ....

අවුරුදු 8කට වැඩි දැන් එත් වෙනස් නොවුන එකම Crush එක ❤️...
වයස 37ක් ලු දැන් එත් තාම කෙල්ල වාගේ ❤️...
කොහොමත් කොරියන් අයට වයස කියන්නේ ඉලක්කමක් ම විතරයි ❤️...

කෙල්ලෙක් වාගේ හිටියාට කරලා තියෙන චරිතනම් ❤️...
එ ගැන කතා කරලා වැඩක් නැහැ ...
තරුණ වයසේදිම D**g Yi චරිතයෙන් ඇයගේ දක්ශතාවය ලොවට පෙන්නා දුන්නා❤️...
අදටත් Han Hyo Joo කිව්වාම අපට මතක් වෙන්නේ D**g Yi වනේ.එකට හෙතුව ඇය D**g Yi චරිතේ ජිවත් වු නිසා❤️...
මම දැකපු කොරියාවේ වාගේම ලොකෙන්ම දක්ශ චරිතාංග නිලියන් අතරින් උඩින්ම ඉන්න කෙනෙක් ❤️...
එකම චරිතය නොකර වෙනස් වෙනස් චරිත කරලා අපේ හදවතේ රැදුන කෙනෙක්❤️...
එ හැම චරිතයේම ජිවත් වුන කෙනෙක්❤️...
එ වාගෙම බොහොම නිහතමානි නිළියක් ❤️( බොරු රැගිලි නැහැ ) ...

එ වාගේම සල්ලි කොච්චර හම්බ කරත් එවයෙන් රගන්නේ නැතුව මිනිස්සුන්ට උදව් කරන අය අතරේ උඩින්ම ඉන්න කෙනෙක් ❤️...
තමන්ගේ උපන්දිනේ දවසේ වුනත් ඇය වොන් මිලියන 50 කට වැඩි මුදලක් ඇය පරිත්‍යාග කර තිබෙනවා ❤️...
එ මුදල තනිව ජිවත් වන මව් වරුන් සඳහා පහසුකම් සැලසීමට සහ දරුවන්ගෙ සහ මව් වරුන්ගේ සෞඛ්‍ය මට්ටම් ඉහළ නැංවීම වෙනුවෙන් Seoul Community Chest යන සුභ සාදන සංවිධානය මගින් පවත්වනු ලබන අධ්‍යාපන වැඩසටහනකට යෙදවීමට සූදානම් බව වාර්තා වෙනවා❤️...

Han Hyo Joo ගේ සිනමා ගමන පහළින් ❤️👇...

📽️ | 2003 වර්ශයේ My Boss , My Teacher කොරියන් චිත්‍රපටයෙන් ඇය රංගනයට පිවිසුනා ..
එවාගේම 2006 වර්ශයේ නිකුත් වු Ad - Lib Night Low Budget චිත්‍රපටයට රංගනයෙන් දයකවෙමින් ඇය සම්මාන 3ක් දිනාගනු ලබනවා...
එම සම්මාන පහළින් බලාගන්නට පුලුවන් ...

📽️ | ඉන්පසු ඇය Iljimae , Ride Away වැනි නිර්මාණ වලට දයකවිමෙන් පසු ඇයගේ ජිවිතේ මුල්ම හැරවුම් ලක්ශය වන Brilliant Legacy කොරියන් ඩ්‍රාමා ඒකට ඇය Lee Seung Gi ( Mouse ) සමගින් රංගනයෙන් දයකවනවා ...
එම නිර්මාණය එම වසරේ ( 2009 ) අතිසාර්ථක වන අතර එම වසරේ වැඩිම Rating ලැබු ඩ්‍රාමා එක ලෙසද එය වර්තා වනවා ...

📽️ | Han Hyo Joo ගේ ජිවිතේ දෙවන වාගේම ප්‍රදානම හැරවුම් ලක්ශය වන්නේ 2010 වර්ශයේ නිකුත් වු D**g Yi කොරියන් කතාමාලාවයි ❤️...
එම කතාමාලාවෙන් ඇයව මුලු ලොකයම අදුරගන්නවා වාගේම මෙම කතාමාලාවෙන් ඇය සම්මාන රැසක් දිනාගනු ලබනවා ❤️❤️...
එම සම්මාන පහළින් බලාගන්නට පුලුවන් ❤️....

📽️ | ඉන්පසු ඇය Always , My Back Page , Masquerade වැනි නිර්මාණ වලට දයකවු අතර Masquerade චිත්‍රපටය එම වසරේ ( 2012) වැඩිම ආදායමක් ලබාගත් කොරියන් චිත්‍රපටය බවටද පත් වනවා ...

📽️ | කෙමින් කෙමින් අතිසාර්ථක චිත්‍රපට වලට රංගනයෙන් දයකවු Han Hyo Joo ටික කාලකට ඇය රංගනයෙන් දයකවු චිත්‍රපට නිසා ඇයට කොරියන් කතාමාලාවන්වලට රංගනයෙන් දයකවිම අතහැරෙනවා...
එත් ඇය නැවතත් 2016 වර්ශයේ ඇයගේ Drama Comeback එක තහවුරු කරනවා...
එ එම වර්ශයේ නිකුත් Lee Jong Suk සමගින් Han Hyo Joo රංගනයෙන් දයකවු W Two Worlds කොරියන් කතාමාලාවයි ❤️...
ඇය එම කතාමාලාවට රංගනයෙන් දයකවන්නේ 2010 වර්ශයේ විකාශනය වු D**g Yi කතාමාලාවෙන් වසර 6කට පසු විමද විශේෂත්වයක් ❤️...
ඉතිම් එම කතාමාලාවත් Han Hyo Joo ත් ඇතුලුව සම්මාන රැසක් දිනාගනු ලබනවා ❤️...

📽️ | 2018 වර්ශයේ තිරගත වු Golden Slumber චිත්‍රපටයෙන් පසුව ඇය 2019 වර්ශයේ නිකුත් වු Trendstone ඇමරිකන් සිරිස් එකේ ප්‍රදාන චරිතයකටද ඇය රංගනයෙන් දයක වුවා ❤️...ඉන්පසු ඇය 2020 වර්ශයේ තිරගත වු The sun Stands Still Japanese චිත්‍රපටයෙන් පසුව ඇය නැවතත් 2021 වර්ශයේ අතිජනප්‍රිය වාගේම අතිසාර්ථක වු Happiness කොරියන් කතාමාලාවට Park Hyun S*k සමගින් ඇය රංගනයෙන් දයක වුවා ❤️...

📽️ | ඉන්පසු The Pirates last Royal Treasure චිත්‍රපටයෙන් පසුව ඇය නැවතත් ඇයගේ රංගන ජිවිතයේ Career Best Performance එකක් සමගින් Won Billion 50කට අදික Budget එකකින් නිර්මාණය වු 2023 වර්ශයේ නිකුත් වු Moving වෙබ් සිරිස් එකටද Ryu Seung Ryong , Jo In Sung , Cha Tae Hyun , Ryu Seung Bum , Kim Sung Kyun සමගින් Han Hyo Joo රංගනයෙන් දයකවුවා ...
එම සිරිස් එකට අතිශය ධානාත්මක ප්‍රතිචාරද ලැබි තිබුනා වාගේම Han Hyo Joo ට හොදම නිලිය යන සම්මානයද හිමි වුවා ❤️...

📽️ | එම වර්ශයේ ම ඇය Beliver 2 චිත්‍රපටයට රංගනයෙන් දයකවෙමින් ඇයගේ දක්ශතාවය නැවතත් ඇය ඔප්පු කරා ❤️❤️...
සුන්දර චරිත වලට රංගනයෙන් දයකවු Han Hyo Joo තමන්ට භාරදෙන ඔනැම චරිතයක් තමන්ට කරන්නට පුලුවන් කියා ඔප්පු කරමින් Beliver 2 චිත්‍රපටයේ ප්‍රතිවිර චරිතයට ඇය රංගනයෙන් දයකවු අතර එම චරිතය අතිවිශිශ්ට අන්දමින් ඇය ඉදිරිපත් කරනු ලැබුවා ❤️....

ඇය ලබාගත් සම්මාන 👇...

📽️ | 2009 Andre Kim Best Star Awards - Female Star Award ...

📽️ | 2016 Apan Star Awards - Top Excellence Awards , Actress In A Mini Series ( W Two Worlds ) ...

📽️ | 2011 Baeksang Arts Awards - Most Popular Actress Television ( D**g Yi ) ...
( මෙ සම්මානේ ගන්න ලෙසි නැහැ ❤️) ...

📽️ | 2013 Blue Dragon Series Awards - Best Leading Actress ( Cold Eyes ) ...

📽️ | 2022 Blue Dragon Series Awards - Popular Star Award ( Happiness ) ...

📽️ | 2013 Buil Film Awards - Best Actress ( Cold Eyes ) ...

📽️ | 2016 BIFF With Marie Claire Asia Star Awards - Asia Star Awards ( Love Lies & The Beauty Inside ) ...

📽️ | 2012 CETV Asia 's Top 10 Popular Star Awards - Hallyu Star Prize ...

📽️ | 2023 Grand Bell Awards - Best Actress In A Series ( Moving ) ...

📽️ | 2011 Hong Kong Cable Tv Awards - Best Actress ( D**g Yi ) ...

📽️ | 2007 KBS Drama Awards - Popularity Award ( Heaven & Earth ) & Best Couple Award - Han Hyo Joo & With Park Hae Jin ( Heaven & Earth ) ...

📽️ | 2006 Korean Association Of Film Critic Awards - Best New Actress ( Ad - Lib Night ) ...

📽️ | 2007 Korean Best Dressed Swan Awards - Best Dressed ...

📽️ | 2010 Korean Drama Awards - Top Excellence Award , Actress ( D**g Yi ) ...

📽️ | 2015 Korean Film Actor 's Association Awards - Top Star Awards ( The Beauty Inside ) ...

📽️ | 2008 Korean Jewelry Awards - Pearl Award ...

📽️ | 2013 Korea World Youth Film Festival - Favorite Actress ( Cold Eyes ) ...

📽️ | 2010 MBC Drama Awards - Grand Prize ( Daesang ) & Popularity Award ( D**g Yi ) ...

📽️ | 2016 MBC Drama Awards - Grand Prize ( Daesang ) & Top Excellance Award & Actress In A Mini Series & Best Couple Award - Han Hyo Joo And Lee Jong Suk ( W Two Worlds ) ...

📽️ | 2003 Miss Binggrae Smile Pagent - Grand Prize ...

📽️ | 2009 Minet 20 's Choice Awards - Hot Female Drama Star ( Brilliant Legacy ) ...

📽️ | 2009 SBS Drama Awards - Excellence Award & Actress In A Special Planning Drama ( Brilliant Legacy ) ...

📽️ | 2009 SBS Drama Awards - Top 10 Star & Best Couple Award ( Han Hyo Joo & Lee Seung Gi - Brilliant Legacy ) ...

📽️ | 2008 SBS Drama Awards - New Star Award - Iljmae ...

📽️ | 2010 Seoul International Drama Awards - Outstanding Korean Actress ( Brilliant Legacy ) ...

📽️ | 2007 Singapore International Film Festival - Best Actress ( Ad - Lib Night ) ...

එ වාගේම අපට මෙම අවුරුද්දෙත් Han Hyo Joo ව අලුත්ම Series එකකින් බලාගන්නට පුලුවන් 😊...
Sci Fi - Thriller ඝනයට අයත් වන Ju Ji Hoon ( Kingdom ) සහ Han Hyo Joo රංගනයෙන් දයක වන Blood Free අලුත්ම කොරියන් සිරිස් එක මෙම වසරේ Disney + හරහා නිකුත් විමට නියමිතයි ❤️...

එහෙනම් D**g Yi ට සුභම සුභ උපන්දිනයක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️...
ඉස්සරහත් මේ වාගේම අතිසාර්ථක නිර්මාණ වලින් දකින්නට ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️...

එහෙනම් මගේ D**g Yi ට සුභම සුභ උපන්දිනයක් වෙවා ... සුභ 37ක් ❤️🎂...

( Han Hyo Joo Die Hard Fan කෙනෙක් හැටියට මගේ තැග්ග මෙකයි ❤️😊 ) ...

- Shonal De Silva -

𝐃𝐄𝐕𝐀𝐑𝐀අධ්‍යක්ෂක 𝗞𝗼𝗿𝗮𝘁𝗮𝗹𝗮 𝗦𝗶𝘃𝗮 අධ්‍යක්ෂණය කරන 𝗝𝗥 𝗡𝗧𝗥 සමගින් 𝗝𝗵𝗮𝗻𝘃𝗶 𝗞𝗮𝗽𝗼𝗼𝗿 රංගනයෙ න් දායකවන 𝗔𝗻𝗶𝗿𝘂𝗱𝗵 𝗥𝗮𝘃𝗶𝗰𝗵𝗮𝗻𝗱𝗮𝗿 ගේ සංගීතයෙ...
16/02/2024

𝐃𝐄𝐕𝐀𝐑𝐀

අධ්‍යක්ෂක 𝗞𝗼𝗿𝗮𝘁𝗮𝗹𝗮 𝗦𝗶𝘃𝗮 අධ්‍යක්ෂණය කරන 𝗝𝗥 𝗡𝗧𝗥 සමගින් 𝗝𝗵𝗮𝗻𝘃𝗶 𝗞𝗮𝗽𝗼𝗼𝗿 රංගනයෙ න් දායකවන 𝗔𝗻𝗶𝗿𝘂𝗱𝗵 𝗥𝗮𝘃𝗶𝗰𝗵𝗮𝗻𝗱𝗮𝗿 ගේ සංගීතයෙන් හැඩවන 𝗗𝗲𝘃𝗮𝗿𝗮 𝗣𝗮𝗿𝘁 1 චිත්‍රපටය ඔක්තෝබර් මස 10 වනදා තිරගතවන බවට නිළ වශයෙන් දැනුම් දී ඇත.


16/02/2024
09/02/2024

🤎🥺

07/02/2024

ඒ කාලෙ ජාතික රූපවාහිනියේ ඉස්සරහ ගෙවුන සුන්දර සවසම මෙහෙම තේමා වාදනයක් ඇහුන

අපිත් හැමදාම මග අරින්නෙ නැතුවම මේක බලන්න පුරුදු වෙලාත් ඉදිය 🤎🍀

දමිළ සිනමාවේ අනාගතය කෙසේ විසදේවිද ?දමිළ සිනමාව කියන්නෙ කොලිවුඩ් සිනමාවට කියල ෆිල්ම් බලන කෙනෙක්නම් හොදටම දන්න දෙයක්.මේ කො...
07/02/2024

දමිළ සිනමාවේ අනාගතය කෙසේ විසදේවිද ?

දමිළ සිනමාව කියන්නෙ කොලිවුඩ් සිනමාවට කියල ෆිල්ම් බලන කෙනෙක්නම් හොදටම දන්න දෙයක්.මේ කොලිවුඩ් සිනමාව ඇතුලෙ ප්‍රදාන පෙලේ නලුවන් කිහිපයකගෙම අවසන් කාලය මේක කියල දැනට අනාවැකි පල වෙලා තීනො. 2020 වසරෙ සිට මේ දක්වා කොලිවුඩ් සිනමාවේ ආදායම් අතින් Vijay , Rajini , Ajith , ඉදිරියෙන්ම සිටින නලුවන් වනවා.

මෙම අයගෙන් පසුව කොලිවුඩ් සිනමාවේ නැන්ගූරම් බවට පත් වන්නේ කවුද ?

2023 වසරේ කොලිවුඩය තුළ වැඩිම ආදායම් ඉපැයීමක් කල Vijay තව චිත්‍රපට දෙකකින් පසුව සිනමාවෙන් ඈත්ව දේශපාලනයට පිවිසෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.ඉතිම් මේ ඉවත් වීම කොලිවුඩ් සිනමාවට විශාල පාඩුවක් කියල අමුතුවෙන් කියන්න ඕන කාරනයක් නෙමෙයි.Vijay ගෙ ෆෑන්ස්ල මේක කොහොම බාර ගනීද කියලනම් තාම හරියට දන්නැති කාරණයක්.

Rajinikanth කියන්නෙත් අතීතයේ ඉදන්ම කොලිවුඩයේ ප්‍රදාන පෙලේ නලුවෙක් සහ ආදායම් අතින් විශාල කාර්‍යක් කල නලුවෙක්.Rajinikanth ගෙ වයසෙ හැටියට තව චිත්‍රපටි කිහිපයක් කරල මෙයත් සිනමාවෙන් හෝ ජීවිත ගමනෙන් සමු ගනීවි.

මේ දෙන්නගෙන්ම පස්සෙ ආදායම් අතින් සාර්තක නලුවෙක් විදිහට අජිත් කුමාර්ව හදුන්වන්න පුලුවන්.අජිත් කුමාර්ට කොලිවුඩය තුල සැලකිය යුතු රසිකයන් සිටියත් මෙයාගෙ චිත්‍රපට කිරීමට උනන්දුවක් තියෙනව කියලනම් බැලූ බැල්මට පේන්නැ.මේ ලැබුනු ජීවිතේ ඉවර වෙන්න කලිම් බයිසිකලයක් පැදල ලෝකෙ වටේ ගිහින් ජීවිතේ අවසන් කරන්න අදහසක් තීනවද කියන එක තාමත් අභිරහසක්.

ඉතිම් මේ අයගෙන් පස්සෙ කොලිවුඩයේ කපිතාන්ල වෙයි කියන නලුවො දෙන්නෙක් ඉන්නො.එක්කෙනෙක් තමයි Shivakarthikeyan සහ Surya.

Surya කියන්නෙත් කොලිවුඩය තුළ සැලකිය යුතු රසිකයන් පිරිසක් සිටින නලුවෙක් කියල කියන්න පුලුවන් වගේම 2016 , 2017 වසර වල ඉදන් Surya ගෙ චිත්‍රපට සැලකිය යුතු ආදායම් වලට රසිකයන් ගෙන ගොස් තිබෙනවා.

අනික් කෙනා Shivakarthikeyan.මෙයත් අඩු කාලයකින් කොලිවුඩය තුල විශාල රසිකයන් පිරිසක් සාදා ගත් නලුවෙක් විදිහට සහ තිරගත වූ චිත්‍රපටත් ඉහළ ආදායම් වලට රසිකයන් ගෙන ගොස් තිබෙනවා.ඉදිරියට SK කියන්නෙ කොලිවුඩ් සිනමාවේ රසිකයක් වැඩිම පිරිසක් සිටින නලුවා වෙන්න පුලුවන්.

මේ අය ඇරුනම Dhanush , Karthi , සහ තවත් කුඩා රසිකයන් පිරිසක් සිටින නලුවන් පවා කොලිවුඩයේ ඉදිරිය තීරණය කිරීමට දායකත්වයක් ලබා දීමට හැකියාවක් තීනෝ.

නලුවොන්ට අමතරව කොලිවුඩය තුළ ඉන්දියාවේ දක්ශ අද්‍යක්ශක වරු පවා සිටිනවා.
ඉතිම් කොලිවුඩය කියන්නෙ ඉන්දියාවේ දැනට සිනමා කර්මාන්ත අතින් සමබරම සිනමාව වනවා.මෙම සමබරතාවය ඉදිරියටත් මෙම නලුවන්ගේ සහ අද්‍යක්ශක වරුන්ගේ දායකත්වයෙන් ඉදිරියට යාවි.නමුත් වර්තමාන ප්‍රදාන පේලේ Vijay , Rajinikanth ගේ අඩුවනම් පුරවන්න බැරි වේවි.

කොලිවුඩයේ අනාගතය පිලිබද ඔයාලගෙ අදහසුත් කියන්න...

අලුත් පේජ් එක Follow කරන්න Guys....✌

අල්ලු අර්ජුන් සහ රශ්මිකා මන්දනා රංගනයෙන් දායක වන Pushpa චිත්‍රපටයේ දෙවන කොටස ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති බවටත් එහි ...
07/02/2024

අල්ලු අර්ජුන් සහ රශ්මිකා මන්දනා රංගනයෙන් දායක වන Pushpa චිත්‍රපටයේ දෙවන කොටස ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති බවටත් එහි තුන්වන චිත්‍රපටයක වැඩ කටයුතුත් ආරම්භ වන බවට වාර්තා වනවා.

Pushpa 1 කොටසෙහි 1998 සිදුවන කොටසක් බවත් Pushpa 2 කොටසෙහි 2007 සිදුවන කොටසක් පෙන්නුම් කරන බවටත් වාර්තා වන අතර Pushpa 3 කොටසෙහි පසුගිය අවුරුදු 9 තුළ ( 1998 - 2007 ) කාලයේදී පුශ්පාගේ කතාවක් නිර්මාණය වන බවටත් දැනට වාර්තා වෙයි.

𝐓𝐡𝐚𝐥𝐚𝐩𝐚𝐭𝐡𝐲 69?දකුණු ඉන්දීය ජනප්‍රිය නළු 𝐉𝐨𝐬𝐞𝐩𝐡 𝐕𝐢𝐣𝐚𝐲 දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටින නිසාවෙන් සිනමාවෙන් ඈත් වන බවට පස...
06/02/2024

𝐓𝐡𝐚𝐥𝐚𝐩𝐚𝐭𝐡𝐲 69?

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු 𝐉𝐨𝐬𝐞𝐩𝐡 𝐕𝐢𝐣𝐚𝐲 දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටින නිසාවෙන් සිනමාවෙන් ඈත් වන බවට පසුගිය දිනක වාර්තා විය.

ඔහුගේ මීළග චිත්‍රපටය වන 𝐆𝐎𝐀𝐓 හා 𝐓69 චිත්‍රපට ද්විත්වයෙන් අනතුරුව ඔහු දේශපාලනයට පිවිසෙන බවට තමා වාර්තා වෙන්නෙ.

නවතම තොරතුරුවලට අනුව ඔහුගේ 69 වන චිත්‍රපටය වෙනුවෙන් අධ්‍යක්ෂකවරු 10 දෙනෙකු පමණ මේ වන විට 𝐕𝐢𝐣𝐚𝐲 හට තිරපිටපත් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙනවා.

𝐊𝐚𝐫𝐭𝐡𝐢𝐤 𝐒𝐮𝐛𝐛𝐚𝐫𝐚𝐣
𝐇.𝐕𝐢𝐧𝐨𝐭𝐡
𝐕𝐞𝐭𝐭𝐫𝐢𝐦𝐚𝐫𝐚𝐧
𝐕𝐚𝐦𝐬𝐢 𝐏𝐚𝐢𝐝𝐚𝐩𝐚𝐥𝐥𝐲
𝐀𝐭𝐥𝐞𝐞

ඒ අතරින් කිහිපයක්.

තෙලිගු ප්‍රමුඛ පෙළේ චිත්‍රපට නිශ්පාදන ආයතනයක් වන 𝐃𝐕𝐕 𝐄𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐦𝐞𝐧𝐭𝐬 විසින් 𝐓69 චිත්‍රපටය නිශ්පාදන
ය කරන බවට වාර්තා වන අතර.නවතම වාර්තා අනුව 𝐇 𝐕𝐢𝐧𝐨𝐭𝐡 හෝ 𝐕𝐞𝐭𝐭𝐫𝐢𝐦𝐚𝐫𝐚𝐧 දෙදෙනාගෙන් එක් අයෙකු 𝐓69 චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට වැඩි අවස්ථාවක් ඇත.

𝐕𝐞𝐭𝐭𝐫𝐢𝐦𝐚𝐫𝐚𝐧 මීට කලකට ඉහතදී 𝐕𝐢𝐣𝐚𝐲 වෙත ඉදිරිපත් කර ඇති අතර 𝐇 𝐕𝐢𝐧𝐨𝐭𝐡 𝐊𝐚𝐦𝐚𝐥 𝐇𝐚𝐚𝐬𝐚𝐧 සමගින් සිදු කිරීමට නියමිතව තිබූ චිත්‍රපටයේ තිරපිටපතද 𝐕𝐢𝐣𝐚𝐲 වෙත ඉදිරිපත්කළ ඇති බවට වාර්තා වේ.

Address


Alerts

Be the first to know and let us send you an email when CineTube Media : 2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share