M a t a r a - මා ත ර

  • Home
  • M a t a r a - මා ත ර

M a t a r a - මා ත ර We Love matara
(1)

28/03/2023

මාතරකම ❤

කාන්තා ඔබ දකුනේ තරුණයකු සමග ජිවිතයේ එක වරක් හෝ පෙම් සබඳතාවයක් පැවැත්විය යුත්තේ ඇයි?🤫 🥴දකුණේ තරුණයන් සතු පංචවිධ උත්තුංග ග...
19/03/2023

කාන්තා ඔබ දකුනේ තරුණයකු සමග ජිවිතයේ එක වරක් හෝ පෙම් සබඳතාවයක් පැවැත්විය යුත්තේ ඇයි?🤫 🥴
දකුණේ තරුණයන් සතු පංචවිධ උත්තුංග ගුණාංග😘
1) පෙනුම: දකුනේ තරුණයන් කඩවසම් බවෙන් අග තැන්පත් වුවෝ වෙති. පැහැපත් දුඹුරු පැහැති සමක් ඇති ඔවුන් බොහෝ විට අඩි පහයි පහට වඩා උසය. පුළුල් උරහිස් ද සිනිදු රෝම සහිත පිරිපුන් පපුවද ගැහැණියට රස ගුලාවකි. කරුණාවන්ත සිහින් ඇස්, පියකරු මුහුණ දකින සැම වශී කරගැනීමට සමත්ය.🙈
2) ආදරණිය බව: දකුනේ තරුණයෝ ආදරයේදී බොහොම සංවේදී කරුණාවන්ත අය වෙති. ඔහුගේ සියවැනි ප්‍රේමවන්තිය ඔබ උනත් ඔහුගේ ප්‍රථම ආදරය ඔබ ලෙස ඔබට දැනේවි. ඔවුන්ගේ එක් ආදරණීය වදනකින් වුනත් කාන්තා ඔබගේ මුළු ආත්මයම නිවී සනසාලනට හැකියාවක් ඔවුන් සතුව ඇත.🙈
3) මහත්මාගතිය: දකුනේ තරුණයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරුන්ය. කාන්තා ඔබ බස්සින්නේ මෝටර් රථයෙන්ද යම් කිසි ස්ථානයකට ඇතුල් වන්නේද ඔහු ඔබ වෙනුවෙන් දොරටුව විවෘත කර දෙනු ඇත. ඔහු ඔබේ අත අල්ලාගෙන කිසි විට පදික වේදිකාවේ ඇතුල් පැත්තෙන් ගමන් නොකරනු ඇත. මම අරකිත් එක්කත් යාලු වෙලා හිටයා වැනි පුරසාරම් කිසි විටකත් ඔහුගේ මිතුරන් සමග නොදොඩනු ඇත. සැබවින්ම දකුනේ තරුණයා යනු මහත්මයා යන්නට සමාන වචනයකි.🙈
4). සුදු ජාතික කාන්තාවන් අතර පවතින වැකියක් වන "Once you go black you'll never go back" වැකිය දකුනේ තරුණයන්ටද මනාව ආදේශ කල හැකි වේ.🙈
5) සොඳුරු පරිසරය: දකුණ තරම් පින්වත සොඳුරු රෝමාන්තික සෞම්‍ය දේශගුණයක් සහිත පළාතක් මේ මිහිපිට තව නැත. දකුනේ තරුණයකු සමග මෙවැනි පරිසරයක් පෙම් සුව විදීමට ලැබෙන්නේනම් කාන්තා ඔබ තවුතිසා දෙව් ලොව සැප ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය.🙈 🥴😁😜
වරෙක ප්ලේටෝ පැවසුවා වැඩිපුරම අපවාද ලබන්නා සැමවිටම සත්‍ය කතාකරන පුද්ගලයා බව. ඉතින් මේ පොස්ට් එකෙන් වෙන පළාත් වල ඉන්න කොල්ලොන්ට උන් එක්ක යාලු වෙලා ඉන්න කෙල්ලන්ටයි රිදෙයි. සොරි මචං මේක තමයි ඉතින් ඇත්ත.🙈

අනතුරුදායකයි ☠️මාතර හක්මන පාරේ ගබඩවීදියේ දුම්රිය හරස් පාරේ ආරක්ෂාවට දමා තිබූ එක් ආරක්ෂිත ගේට්ටුවක් දැන් නොමැත. ඔබගේ ආරක්...
12/03/2023

අනතුරුදායකයි ☠️
මාතර හක්මන පාරේ ගබඩවීදියේ දුම්රිය හරස් පාරේ ආරක්ෂාවට දමා තිබූ එක් ආරක්ෂිත ගේට්ටුවක් දැන් නොමැත. ඔබගේ ආරක්ෂාව උදෙසා මේ මතක් කිරීම කරන ලදී..

පරිස්සමෙන් 🙏

මේ ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි!.....................................................................---------------------...
01/03/2023

මේ ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි!.....................................................................
--------------------------------------
මාතර වල්පළ දෙවන හරස් පාරේ වාසය කරන ප‍්‍රසන්න (නංනානේ) කාත් කවුරුවත් නොමැති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකි. දැනට වසර දෙකකට පමණ පෙර අනාවරණය කරගත් පරිදි ඔහුගේ ඇස් දෙකෙහිම සුද මතුවීම නිසා අන්ධභාවයට පත්ව ඇත.
එමෙන්ම වාසයට සුරක්ෂිත ස්ථානයක් නොමැතිව මැසි මදුරු හා කෘමි ප‍්‍රහාරයන්ගෙන් පීඩා විඳිමින් මෙන්ම දෑසම නොපෙනීම හේතුවෙන් සිටින ස්ථානයේම මලපහ කරගැනීම නිසා ඇති වී ඇති ශාරීරික තුවාල නිසා ද දැඩි පීඩාකාර ජීවිතයක් ගත කරයි.
මේ හේතූන් මත හරිහැටි ආහාරයක් හෝ ප්‍රතිකාරයක් නොමැතිව දැඩි ජීවිත අවධානමකට ලක්ව ඇති මෙම පුද්ගලයා අසල්වැසි කාන්තාවක් විසින් සිදුකරන රෝගී සත්කාරය ද, හසිත මංජු ශ‍්‍රී මහතා සහ අවට නිවැසියන්ගේ සුලු පිරිසක් විසින් ලබාදෙන ආහාරපාන මගින් පණ ගැටගසා ගැනීම සිදුකරයි.
මෙම පුද්ගලයා දැනට වාසය කරන ස්ථානයට යාබද නිවසේ වෙසෙන බන්දුපාල මහතාගේ මැදිහත්වීම හේතුවෙන් යම් සහනයක් අත්පත් කර ගත්තද ජීවත්වීම උදෙසා අනවරත පීඩාකාරී අරගලයක නිරත වේ.
2021.10.11 වන දින හසිත මංජු ශ‍්‍රී මහතා විසින් මොහුව වෛද්‍ය ප‍්‍රියංග ඉද්දවෙල මහතා වෙත යොමු කර ඇස් පරීක්ෂා කිරීමක් සිදු කල අතර එහිදී කාච බද්ධ කිරීමක් නිර්දේශ කරනු ලැබීය. (වෛද්‍ය නිර්දේශ අමුණා ඇත) එවකට පැන නැගුණු කොරෝනා වසංගතය නිසා එහි ඉදිරි පියවර අඩපණ වී නැවතී ගොස් ඇත. මොහුගේ මානසික රෝගී තත්වය හා භාරකාරයෙකු නොමැති යන කරුණු මත මොහුව ප‍්‍රතිකාර සදහා යොමුකර වීම මහත් වෙහෙස කර දුෂ්කර කාර්යයකි.
ඥාතියෙකු හෝ හිතමිත්‍රයෙකු නොමැතිව දැඩි අසරණභාවයට පත්ව ඇති මෙම පුද්ගලයාට ඇසේ සුද ඉවත්කර නැවතත් ඇස් පෙනීම ලබා ගැනීමට හැකියාව ඇත්නම් ඔහුගේ දෛනික ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට මෙන්ම අවශ්‍ය ආහාර සපයාගැනීම තනිව සිදුකර ගැනීම සඳහා හැකියාව ඇත.
මෙම පුද්ගලයාගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් මෙන්ම සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත්වීම ඔබ අප සියලුදෙනාගේම වගකීමකි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාගැනීම සඳහා මෙම ක‍්‍රියාවලිවයට මූලිකත්වය රැගෙන කටයුතු කරන
හසිත මංජු ශ‍්‍රී මහතා 071 9332800
සිතුම් විතාරණ මහතා 071 1715145
යන අංක ඔස්සේ සම්බන්ධ කර ගනිමින් වැඩිදුර විස්තර ලබාගත හැක.

28/02/2023

මදුරුවන්ට අපිව පේන විදිහ

27/02/2023

තාත්තා😍

25/02/2023

හිතේ කොනකවත් හොරකම නැති අවංක මිනිස්සු 😍

24/02/2023

අපි දකුණේ හරිය... 💖

22/02/2023

පොඩි ලමයි පවා ඇවිත් සෙල්ලම් කරන මාතර බීච් එකේ මේ වගේ දෙවල් සිදු නොවිය යුතුය...

Kanchana Wijesekera - කංචන විජේසේකර
Nipuna Ranawaka
Hiru News

Address


Website

Alerts

Be the first to know and let us send you an email when M a t a r a - මා ත ර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share