Knowledge-News-Fun

  • Home
  • Knowledge-News-Fun

Knowledge-News-Fun මේ අභියෝගය ජයගන්න අපි සියලුදෙනාම එකට ?
(1)

18/04/2024
18/04/2024

කාලයක් තිබුනා IPL වල CSK Team එකට ලංකාවේ ක්‍රිඩකයෝ ගන්න එපා කියපු
ලංකාවේ ක්‍රිඩකයෝ තමිල්නාඩු වල සෙල්ලම් කරනවනම් මැච් ගහන්න ඉඩ නොදීපු
ලංකාවේ ක්‍රිඩකයන්ට තමිල්නාඩු තහනම් කරපු

අද ඒ තමිල්නාඩුවම පිස්සු වට්ටපු තමිල්නාඩුවම ආදරේ කරන දෙන්නෙක් ඒ විරෝධය බිංදුවට බස්සලා තියෙනවා..

ඒ තමයි අපේ උන් දෙන්නා
Matheesha Pathirana
Maheesh Theekshana
❤️🇱🇰

සුභම සුභ උපන්දිනයක් වේවා Nathasha Perera හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි
22/01/2023

සුභම සුභ උපන්දිනයක් වේවා Nathasha Perera
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි

💖මනුස්සකම් තවම මිහිදන් වී නොමැත💖
25/08/2022

💖මනුස්සකම් තවම මිහිදන් වී නොමැත💖

අද අළුයම ඇතුගල්පුර අධිවේගයේදී සිදුවූ මාරාන්තික රිය අනතුරකින් තුවාල ලැබූ අපේ ආදරණීය දිනේෂ් මුතුගල සර් මේ වන විට රෝහල්ගතව ...
21/08/2022

අද අළුයම ඇතුගල්පුර අධිවේගයේදී සිදුවූ මාරාන්තික රිය අනතුරකින් තුවාල ලැබූ අපේ ආදරණීය දිනේෂ් මුතුගල සර් මේ වන විට රෝහල්ගතව සිටිනවා , දහස් ගණනක් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා වටිනා ගුරුවරයෙක් වූ මුතුගල සර්ට ඉක්මන් සුවය පතමු ! ❤️

1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාව...
17/08/2022

1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා.

හැබයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්න රැකියාව තමා ඔහුගේ දරුවා බලාගැනීම. ඔහු කලේ දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිද්දා.. එහි වෙන වැඩ හොඳ අවධානයකින් බැලුවා.

තරුණ වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කොම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික් වරයෙක් විදිහට බැඳුනා.කාලය ගතවුනා. ඔහු දැන් ඉතා දක්ෂ මිකෑනික් වරයෙක්.
ඔහුත් අනික් මිකෑනික් වරුන් ට වඩා වෙනස්. අනික් අයගේ සිහිනය වුනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මිකෑනික් වරයෙක් වීම.
ඒ අපේ මේ කොලුවා ඔවුන්ගෙන් වෙනස් වුනේ ඔහු දැකපු සිහිනයයි.
ඒ ඔහුගේම මෝටර් රථ සමාගමක් නිර්මාණය කිරීමයි.

ඉතින් තමාගේ ම මෝටර් රථයක් නිපදවන්න සිහින දැකපු මේ තරුණයාට ටොයෝටා සමාගම අදාල පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබයි ඒකට වැයවෙන මුදල් සේරම කොලුවා විසින් දැරිය යුතුයි. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කීවොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා.
මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහින රථය ඉලිදක්වන්න.එහි ප්‍රථිපලය සිහින මෝටර් රථය එලිදැක්වීම.
ඒත් ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ශේප කරා.

කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද
ඔබ ඔහු නම් කුමක් කරයිද?

ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ගෙන ගියා. බංකුව මත තවත් අවුරුදු කීපයක් නිදාගන්න සිදුවුනා.
අවසානයේ ඒ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර් රථය ටොයෝටා සමාගමට ඉදිරිපත්කරා...
සමාගම එය පිලිගත්තා..
කතාව එතනින් නවතින්නෙ නෑ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනා.
ඉතින් කිසිම ආයෝජකයෙක් මේ මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු වසර ගණනාවක් ආයෝජකයින්ට ලිපි ලීවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා.ඔහුගේ නව මෝටර් රථ කම්හල ඉදිවුනා...

සියල්ල සතුටෙන් විසිරගියා කියලාද හිතන්නේ....

නෑ... 1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොලොවට සමතලා වුනා.මේ වෙනකොට මේ තරුණයා එකතුකල මුදල්... පොදිගැසූ හීන යලිත් දියවුනා. හිටපු තැනටත් අන්තයට වැටුනා.

ඔබ මොහුනම් කුමක් කරයිද..?

ඒත් මොහු කතාව අපිට මෙතනින් නතරකරන්න ඉඩදෙන්නේ නෑ...

මොහු නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඒ මොහු කල්පනා කලා කොහොමද ආයෙ වැඩේ ගොඩදාන්නෙ කියලා.

ඔහු ආයෙමත් කාර් එක හදන්න ගියේ නෑ, මොකද ඒ වෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහලයි. කවුරුවත් ගන්නෙත් නෑ...

ඔහු ඒ හින්දා එයට පිලියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා.

1949 දී අශ්වබල 3 ක Dream මෝටර් බයිසිකලය ලොවට බිහිවුනා...

ඒ විතරක් නෙවේ එය මොහුව කෝටිපතියෙකු කලා.
වැඩේ නැගලා ගියා කියලා ඔහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න හිතුවේ නෑ. ආපහු ඔහුගේ සිහින මෝටර් රථය නිපදවන්න තීරණය කරා. මෙවර සියල්ල හොඳින් සිදුවුනා.
අවසානයේ ඔහු නිපදවු මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුනා. ඒ විතරක් නෙවේ අද වනවිට තමන් මිකෑනික් වරයෙක් ලෙස වැඩකරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රථ සමාගමක්...
මෙච්චර අමාරු ගමන්ක් පසුකරපු ඒ මෝටර් රථ තමා...

"හොන්ඩා" HONDA

මේ කොලුවාගෙ නම තමා "සොයිචිරෝ හොන්ඩා"

මේ හොන්ඩා රථය පදවාගෙන යන ඔබටත් මේ වගේම බාදක වලින් පිරුනු අතීතයක් ඇති. මෙය කියවපු හැමෝටමත් එහෙම ඇති.ඒ බාධක ජයගත්ත අය වෙන්න ඇති.
කියන්න ඕනෙ වුනේ මෙච්චරයි.

බාධක එන එක ඔබට පාලනය කරන්න බෑ..
ඒත් ඔබට පුලුවන් පරාජය වෙන එක පාලනය කරන්න...

ආදරෙයි..ආඩම්බරයි Yupun Priyadarshana Abeykoon ❤️❤️❤️❤️BRONZE.. 🥉
03/08/2022

ආදරෙයි..ආඩම්බරයි Yupun Priyadarshana Abeykoon ❤️❤️❤️❤️

BRONZE.. 🥉

කන්න කලින් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න...මම ඉන්දියාවේ ඉඳලා ජර්මනියේ හැම්බර්ග් නගරයේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි මුල් දව...
25/07/2022

කන්න කලින් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න...

මම ඉන්දියාවේ ඉඳලා ජර්මනියේ හැම්බර්ග් නගරයේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි මුල් දවසේ, හැම්බර්ග් නගරයෙහි ජීවත්වෙන මගේ මිතුරන් කීපදෙනෙක් එක්තරා ආපන ශාලාවකදී මට පිළිගැනීමේ සාදයක් සංවිධානය කරලා තිබුණා. අපි ආපන ශාලාවට ඇවිත් වටපිට බලද්දි එහි වැඩි සෙනඟක් පේන්න හිටියේ නෑ. එහි තිබූ මේස සෑහෙන ප්‍රමාණයක් හිස් බව අපි දැක්කා. ඒ වෙලාවේ තරුණ යුවළක් එක තැනක ආහාර ගනිමින් සිටියා. ඔවුන්ගේ මේසයේ ජාති දෙකකින් කෑම වර්ග දෙකක් හා බීමට ගත් බීර බඳුන් දෙකක් පමණයි තිබුණේ. මේ රටේ හැටියට ඒ වගේ ආදරණීය, රොමැන්ටික් අවස්ථාවකට ඒ වගේ සරල රාත්‍රී ආහාර වේලක් ගැලපෙනවාදැයි මම පුදුමයට පත්වෙලා කල්පනා කලා.

ඊට ටිකක් එහායින් තවත් මේසයක මැදිවියේ කාන්තාවන් කිහිප දෙනෙකු කෑම ගෙන අවසන් වී සතුටු සාමිච්චියේ යෙදෙමින් සිටියා. වේටර් විසින් ඔවුන් සඳහා ලබා දුන් සියළුම ආහාර ඔවුන් විසින් අනුභව කර තිබූණු අතර ඔවුන්ගේ පිගන් මත කිසිවක් ඉතුරුවී නොතිබිණා. අපි ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකර ඒ වෙලාවේ අපේ බඩගින්න තරමක් වැඩිවී තිබුණ නිසා මගේ මිත්‍රයා විසින් අපහට තරමක් විශාල ආහාර ප්‍රමාණයක් ඇනවුම් කරණු ලැබුවා.

ඒ වෙලාවේ අවන්හලේ වැඩි පිරිසක් නොසිටි නිසා අපි ඇනවුම් කල ආහාර ඉක්මනින් ඔවුන් අපට ලබාදුන්නා. අපි ඉක්මනින් ආහාර ගෙන හොඳට බඩ කට පුරවගෙන අවන්හලෙන් පිටවීයාමට සූදානම් වන විට අප ඇණවුම් කර ලබගත් මුළු ආහාර වලින් තුනෙන් එකක් පමණ ඉතිරි වී තිබුණා.

මිතුරා විසින් සියළු මුදල් ගෙවීමෙන් පසුව අප අවන්හලෙන් පිටව යාමට සූදානම් වූ විට යම් කෙනෙකු අපව අමතන හඩක් ඇසුනා. අවන්හලේ අයිතිකරුවන් සමග මම කළින් සඳහන් කළ මේසයේ සිටි කාන්තාවන් අපි පිලිබඳව ඔවුනට යමක් පවසන බව අපට තේරුම් ගියා. ඔවුන් ඉංග්‍රීසියෙන් අපව අමතා, අපි විසින් ඇණවුම් කළ බොහෝ ආහාර, ආහාරයට නොගෙන මෙලෙස නාස්ති කිරීම ගැන ඔවුන් නොසතුටට පත්වෙන බව අපි සමඟ කියා සිටියා.

"අපි ඇණවුම් කළ ආහාර සඳහා අපි සම්පූර්ණ මුදල් ගෙවනු ලැබුවා... ඒ නිසා අපි ඉතිරි කළ ආහාර ගැන හොයන එකවත්, ඒ ගැන දුක්වෙන එකවත්, ඒක ගැන අපෙන් ප්‍රශ්ණ කරන එකවත් ඔයාලට අදාල වැඩක් නෙවෙයිනේ..." කියලා මගේ මිත්‍රයා ඔවුනට පැවසුවා. මිතුරා එහෙම කිව්වාට පස්සේ ඒ කාන්තාවන් අපිත් එක්ක කෝපයට පත්වුනා. එක කාන්තාවක් වහාම ඇයගේ දුරකථනය ගෙන යම් කෙනෙකුට ඇමතීමක් කළා.

මේ කළබල අතරේ මිනිත්තු කිහිපයක් යනකොට නිළ ඇඳුමින් සැරසුණු සමාජ ආරක්ෂක අංශයක නිලධාරින් දෙදෙනෙක් එතනට පැමිණියා. අපි දෙගොල්ලන් අතර ඇතිවී තිබෙන ආරවුල කුමක්දැයි ඔවුන් දැන ගැනීමෙන් අනතුරුව නිළධාරීන් අපට යුරෝ 50 ක දඩ කොලයක් නිකුත් කළා. අපි නිෂ්ශබ්දව සිටි අතර මාගේ මිතුරා විසින් යුරෝ 50 ක නෝට්ටුවක් ලබාදී නිලධාරින්ගෙන් සමාව ඉල්ලා සිටියා.

පසුව එක් නිලධාරියෙක් මගේ මිත්‍රයාට ඉතා තදින් මෙසේ පැවසුවා. "ඔබ ඔබට පරිභෝජනය කළ හැකි දේ පමනක් ඇනවුම් කරන්න. මේවට ගෙවන සියළු මුදල් ඔබගේ බව ඇත්ත. නමුත් මේ සියළු සම්පත් මුළු සමාජයටම අයිතියි. ලෝකයේ බොහෝ රටවල බොහෝ දෙනෙක් සම්පත් හිඟයකට මුහුනදී සිටිනවා. මේ රටේ සම්පත් නාස්ති කිරීමට ඔබට කිසිම අයිතියක් නෑ."

"අපි බෙහෙවින් ලැජ්ජාවට පත්වුනා. අපේ මුහුණු රතු උණා. අපි සියලු දෙනා අපේ හදවත් වලින්ම ඔහු කියූ දේ සමග එකඟ වූණා. මෙම පොහොසත් රටෙහි ජනතාවගේ මානසිකත්වය අප සියලුදෙනාවම ලැජ්ජාවට පත් කළා. ඇත්තෙන්ම අපි මේ ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. මගේ මිතුරා විසින් දඩපතේ පිටපත් රැගෙන මතක සටහනක් වශයෙන් අපි සියළු දෙනාටම පිටපතක් බැගින් ලබා දුන්නා. එම දඩපතේ පිටපත හැම වෙලාවකම, මොනම රටකවත් සම්පත් නාස්ති නොකලයුතු බව අපිට නිතරම මතක් කර දෙනවා..."

උපුටා ගැනීම 'ජර්මනියේ ආහාර නාස්ති කරන්නන් හට දඬුවම්'... යනුවෙන් ඉන්දියාවේ ටාටා සමාගමේ හිමිකරු රතන් ටාටා විසින් ඔහුට මුහුණපාන්නට සිදුවූ සිද්ධියක් පිළිබඳව ඔහුගේ ට්වීටර් ගිණුමේ කළකට ඉහත දමා තිබූ පණිවිඩයකිනි.

- ධම්මික සමරතුංග -
උපුටා ගැනීමකි | ස්තූතියි !

14/07/2022

🔴 BREAKING NEWS 🔴
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් කතානායකවරයා වෙත යොමු කරයි.

ඊයේ ජනාධිපති මැදුර ආසන්නයේ සිදුවුනු අපූරු සිද්ධියක්.. අපි දැනගත්තෙ වෛද්‍ය උත්පල සංකල්පගෙන්..කඳුළුගෑස් කැනිස්ටරයක් තදේටම ...
11/07/2022

ඊයේ ජනාධිපති මැදුර ආසන්නයේ සිදුවුනු අපූරු සිද්ධියක්.. අපි දැනගත්තෙ වෛද්‍ය උත්පල සංකල්පගෙන්..

කඳුළුගෑස් කැනිස්ටරයක් තදේටම ඔළුවෙ වැදිච්ච කොල්ලෙක් ඩොක්ටර් ලඟට උස්සන් ඇවිත් තියෙනව.. එතනදි හරි අපූරු කතා බහක් තමයි වෙලා තියෙන්නෙ..

මලයෝ, මැහුම් දෙකක් විතර දාන්න වෙනවා. නැත්නම් මෙි කැලල ජීවිතයට තියෙනවා..

Doctor මැහුම් දැමිමොත් කැලල නැතිවෙනවද..?

ඔව්..

එහෙනම් මහන්න එපා.. අද දවස මතක් වෙන්න මේ මාර්ක් එක තිබිචිචාවේ..

ඩොක්ටර් ට ඇහැට කඳුළක් ආවලු. මේ කොල්ලා ලංකා බැංකු සේවක සංගමයෙ සණස සංවර්ධන බැංකු ශාඛාව නියෝජනය කරල ඇවිත් තියෙන්නෙ.. නම චාමර මදුසංක..

මේ ඉතිහාසගත දවසෙ ජයග්‍රහණය ආපහු හරවන්න දෙනවද අපි.. මෙච්චර කැපකිරීම් කරපු දස දහස් සංඛ්‍යාත පිරිසක් ඉන්නකොට..

ඒකයි ඒ දවසට අපි එච්චර ආදරේ..

සටහන හේමත ගුණසේකර..
~උපුටා ගැනීම දිනේශ් තරංග ෆේස්බුක්~ පිටුවෙන්

🇱🇰 අවුරුදු කිහිපයකට කලින් හිටපු මහා චාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.එකට හේතුව ඔහුගේ රුධිර ස...
14/06/2022

🇱🇰 අවුරුදු කිහිපයකට කලින් හිටපු මහා චාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලස්ට්‍රෝල් මට්ටම, ට‍්‍රයිග්ලිසරයිඞ් මට්ටම සහ ලිපිද මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ.
කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප‍්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි උනේ කියල .
ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.
මේක කොහොමද වුනේ ?
මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ? මම නැවතත් ඇහුව.
ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා.
මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා
මෙන්න ඒ රහස් වට්ටෝරුව♥️♥️👇
හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න.ග‍්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න . ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්.
උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඬේ කරලා බලන්න .
ප‍්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප‍්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.
මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප‍්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .
අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා.
වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත‍්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.
ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.
උ.ගැ. -Sasmitha Amarakoon-

 #මේ_වගේ_මිනිස්සූ_තාමත්_ඉන්නවා.🤎! හරියටම වෙලාව රෑ 10ට විතර ඇති. මට මේ සීයව හම්බවුණේ., පාලමක් උඩට වෙලා වැස්සේ තෙමීගෙන සීත...
30/05/2022

#මේ_වගේ_මිනිස්සූ_තාමත්_ඉන්නවා.🤎!

හරියටම වෙලාව රෑ 10ට විතර ඇති. මට මේ සීයව හම්බවුණේ., පාලමක් උඩට වෙලා වැස්සේ තෙමීගෙන සීතලේ ගැහි ගැහි ඉද්දී. පරක්කු වුණු හින්දා වැස්සේ තෙමීගෙනම බයික් එකේ ගෙදර යන ගමන් මාත් හිටියේ. ඒ සියව දැකපු ගමන්., සීයව ගැහෙනවට වඩා හයියෙන් මගේ හිත ගැහෙන්න ගත්තා. ඒ හින්දම බයික් එක නවත්තලා., මහ වැස්සේ තෙමීගෙනම සීයා ලඟට ගියා.

"සීයේ, ඇයි මේ වැස්සේ තෙමෙන්නේ.? අපි යං අර ගහ ගාවට"

බයික් එක එතනම තියලා සීයව එක්කන් ගහ යටට ගියා. මට ඒ සීයගේ විස්තර දැනගන්න ඕනේ වුණත් ඒ සීයා හිටියේ බිම බලාගෙනමයි. වැස්ස නතරවුණු ගමන් අතට කීයක්හරි දීලා යන්නයි මං හිතන් හිටියේ. ඒත් ගැහිල්ල නතරවුණු ගමන් සීයා මට කතා කරේ මෙහෙමයි.

"පුතේ., මං මේ කුලී වැඩක් හොයන් ආපු ගමනක් පුතේ. අතේ සල්ලි නැතුව හරියමන් කුලී වැඩක් වත් හොයාගන්න බැරුව හරිම අමාරුවෙන් පුතේ ජීවත්වෙන්නේ. කුලී වැඩක් හොයාගෙන දවසම රස්තියාදු ගහපු තුන්වෙනි දවස මේ. ඊයේ මගේ කකුල බල්ලෙකුත් කෑවා.ඒ හින්දා එක දිගට ඇවිදින්නත් බෑ. මගේ නෝනාත් ගෙදර ඉන්නවා මං එනකම්"

තාමත් ගතේ හයිය විශ්වාස කරගෙන හිතේ හයියෙන් ගේමක් ගහන්න හදන ඒ සීයට නිකම් සල්ලි දීලා හිඟන්නෙක් කරන්න මට හිතුණේ නෑ. ඒ වෙලාවෙදී මොනවද කරන්න ඕනේ කියලාවත් මට කිසිදෙයක් ඔලුවට ආවේ නෑ. ඒත් එක්කම වැස්සත් නතර වුණා.

"මං එහෙනම් ගිහින් එන්නම් පුතේ. පුතත් වැස්සේ තෙමෙන්නැතුව ඉක්මණට ගෙදර යන්න."

මගේ සීයලා දෙන්නම නැතිවෙලා ඉන්න හින්දා වෙන්නැති ඒ වචන පෙළ මට හරියට දැනුණා.

" මාත් එක්ක යං සීයේ.,මං ඔයාව හන්දියෙන් දාන්නම්"

හොඳටම තෙමිලා තියෙන මගේ බයික් එක ලඟට ගියාට පස්සේ මගේ ඔලුවට ආවේ අමුතුම අදහසක්.

"සීයේ., බයික් එක තෙමිලා තියෙන්නේ. පුළුවන්ද ටිකක් පිහදාන්න.?"

මල්ලෙන් ගත්තු රෙදි කඩකින්.,මං ඇති කියනකම් ඒ සීයා මගේ බයික් එක පිහදැම්මා.

"එහෙනම් මේ සල්ලි ටික තියාගන්න. මගේ බයික් එක පිහදැම්මට"

මට කරන්න ඕන දේ සීයගේ හිත රිදෙන්නැතිවෙන්න මං කරා. මොකක්හරි වැඩක් කරලම සල්ලි හම්බකරන්න ඕනේ කියලා හිතන ඒ සීයගේ මුරණ්ඩු පුරුද්ද ඇත්තටම හරිම ලස්සනයි. සීයව බයික් එකේ දාගෙන යන ගමන් ලඟ තිබුණු හෝටලයකින් මං නැවැත්තුවා.

"සීයේ., රෑට කන්නේ මොනවද.?"

"යන ගමන් මොනවාහරි ගන්නවා පුතේ"

"ඉතින් මෙතනින් ගන්න. අතේ සල්ලිත් තියෙනවනේ"

සීයා ගිහින් කෑම අරන් ආවා.ආයේ එතැන ඉඳන් බයික් එකේ ඇවිත් සීයව හන්දියෙන් බැස්සුවේ මං එතැනින් හැරෙන හින්දා.,
"සීයේ.,මං යන්නේ මේ පාරේ. ඔයාට පුළුවන්ද මෙතනින් බැහැලා යන්න"

"බොහෝම ස්තූතියි පුතේ. පුතත් පරිස්සමින් යන්න"

" සීයේ., පුළුවන් නම් මේ දවස් ටිකේ ගෙදර ඉඳන් කකුල සනීප කරගන්න. ඊටපස්සේ වැඩට යන්න"

සීයට තව කිලෝමීටර් පහක් විතර යන්න තියෙනවා. ඒ වෙලාවේ තමයි මේ පින්තූරය ගත්තේ. ඒ සීයා නොණ්ඩි ගහගෙන ඇවිදන් යනවා බලන් ඉඳ්ඳී තවත් අවුල්.ඒ වෙලාවෙදිම එතනින් ගිය වීල් එකක් නවත්තලා.,
" මචං., අර සීයව එයගෙන් පාර අහගෙන ගෙදරටම ගිහින් ඇරලවපන්. උඹ ඒ පැත්තට යන ගමන් නිකම් දාගෙන යන්නම් කියලා කියපන්. ඒ සීයා සල්ලි දුන්නොත් ගන්නෙපා. මේ ටික තියාගනින්. අනිවා ගෙදරටම දාපන්."

ඒ කොල්ලා සීයව ගෙදරටම ඇරලවන්න ඇති.! සීයා ගෙදර එනකම් මඟ බලන් හිටපු ආච්චිට සතුටු හිතෙන්න ඇති.! ඒ දෙන්නම කාලෙකට පස්සේ රෑට හොඳට කන්න ඇති.! සීයට හොඳට නින්දත් යන්න ඇති.! තව දවස් දෙක තුනකට හරියන්න අතේ සල්ලි තියෙන හින්දා හිතේ ලොකු බයකුත් නැතුව ඇති.! තාමත් හිඟාකන්නැතුව හම්බකරන් කන එක ගැන ඒ සීයට තවත් සතුටු ඇති.! සීයා හිඟාකන්නැතුව එයාව බලාගන්න එක ගැන ආච්චිට ආඩම්බරත් ඇති.!

මං මෙහෙම දේවල් සාමාන්‍යයෙන් කොහේවත් දාන්නේ නෑ..ඒත් මේක දාන්නම හිතුණා.

කාටත් බරක් නොවී., තාමත් මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සූ ඕනතරම් ඉන්නවා.. අපි මෙහෙම දුක් විඳින්න ඕන මිනිස්සූ නෙමෙයි සීයේ.! යළි මුණගැහෙන තුරා..!

ප්‍රසාද් කාවින්ද
2022/05/28
රාත්‍රී 10ට පමණ

තවත් සතියකට පමණක් සීමාවන ළමා හිංසන ගැන කතා කරන්න ප්‍රවෘත්තියක් පමණක් නොකර කාලකණ්ණි අපරාධකරුවන්ට දඩුවම් දිමට, නීතිය ක්‍රි...
28/05/2022

තවත් සතියකට පමණක් සීමාවන ළමා හිංසන ගැන කතා කරන්න ප්‍රවෘත්තියක් පමණක් නොකර කාලකණ්ණි අපරාධකරුවන්ට දඩුවම් දිමට, නීතිය ක්‍රියාත්මක කරන්නට හැකිවේවා 😒

හැම ෆිල්ම්මෙකේම 'වලි' තිබ්බ නං ඔයා තමයි අපේ නානා පතේකාර් !හමුවෙමු කරූ අයියෙ 😘By kasun mahendra
03/05/2022

හැම ෆිල්ම්මෙකේම 'වලි' තිබ්බ නං ඔයා තමයි අපේ නානා පතේකාර් !
හමුවෙමු කරූ අයියෙ 😘
By kasun mahendra

දවසක හරියන්නම ඕන මිනිස්සු ❤ඊයේ දින නුවරඑළියේ සීතාඑළිය සීතා අම්මාන් දේවාලය අසල තිබී හමු වූ, මුදල් රුපියල් දෙලක්ෂ දාහත්දහස...
17/04/2022

දවසක හරියන්නම ඕන මිනිස්සු ❤

ඊයේ දින නුවරඑළියේ සීතාඑළිය සීතා අම්මාන් දේවාලය අසල තිබී හමු වූ, මුදල් රුපියල් දෙලක්ෂ දාහත්දහසක් (Rs.217,000.00) සමඟ මුදල් පසුම්බිය අයිතිකරු සොයා නැවත බාර දීමට තරම් නුවරඑළිය පොලිස් ස්ථානයේ ආනන්ද මහතා කාරුණික විය...

හදවතේ ගායකයා ගාලුමුවදොරට 💙
13/04/2022

හදවතේ ගායකයා ගාලුමුවදොරට 💙

ඊයේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා ගාලු මුවදොරින් පිටවෙලා යනකොට මට තිබුණේ ගෝඨාභයට එරෙහි සිවිල් පුරවැසි අරගලය දැනට ම ජයග්‍රහණය...
10/04/2022

ඊයේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා ගාලු මුවදොරින් පිටවෙලා යනකොට මට තිබුණේ ගෝඨාභයට එරෙහි සිවිල් පුරවැසි අරගලය දැනට ම ජයග්‍රහණය කරලා ඉවරයි කියලයි.

මම එහෙම කියන්නේ ඇයි?

උදාහරණ කිහිපයකින් එය පැහැදිලි කරන්න පුළුවන්.

ඊයේ විරෝධතාවට සහභාගි වුණු ඉස්ලාම් භක්තිකයන් විශාල පිරිසක් නෝම්බි අත් හැරියේ මහපාර මැදදීයි. මහාපාරේ ඔවුන් පේළියට වාඩි වෙලා ආගම සිහි කිරීමෙන් පස්සේ ඉෆ්තාර් වතාවත් සිදු කළා.

ඔවුන් වටේට හිටියේ සිංහල ජාතිකයන්. වැස්ස වහින වෙලාවට සිංහල මිනිසුන් මුස්ලිම් මිනිසුන්ට කුඩේ අල්ලාගෙන හිටියා.

කිසිම කෙනෙකු තවකෙකු දිහා බයෙන් හෝ සැකයෙන් බැලුවේ නැහැ. සිංහල මිනිසුන් නිසා මුස්ලිම් මිනිසුන්ටත්, මුස්ලිම් මිනිසුන් නිසා සිංහල මිනිසුන්ටත් අනාරක්ෂිත බවක් දැනුණේ නැහැ.

කවුරුත් කාවවත් වඳ කරන්න යනවා කියලා දෙගිඩියාවක් තිබුණේ නැහැ.

ගෝඨාභය ගේ පාලනයට කඩේ ගිය චීවරධාරීන් ගේ කල්ලිවලට ඕනෙ වුණේ මෙහෙම රටක් ගොඩනැගීම වළක්වන්නයි. ඔවුන් එය වළක්වන්න හැකි සෑම දෙයක් ම කළා - කිව හැකි සෑම බොරුවක් ම කිව්වා.

මිනිසුන් මෙහෙම බෙදී වෙන් වී, එකිනෙකා ගැන බයෙන් සැකයෙන් ජීවත් වෙනකල් අදක්ෂ මෝඩයන්ට ජාතිවාදය විකුණා බලයට ආ හැකියි.

මීට අවුරුදු දෙක තුනකට කලින් ලංකාවේ සිදුවුණේ එයයි.

එහෙත් මේ වෙනකොට මිනිසුන් මේ පාදඩ දේශපාලන ව්‍යාපෘතියේ අවලස්සන මුහුණ හඳුනා ගනිමින් ඉන්නවා.

රාජපක්ෂ පාලනය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කොට දමමින් එකිනෙකා වෙනුවෙන් එක්වෙමින් සිටිනවා.

එය පමණක් ම ජයග්‍රහණයක් නෙවෙයිද?

ඊයේ ජනාධිපති ලේකම් කාර්‍යාලය අසළ විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් අතර සිටි පිරිසක් විසින් පොලීසිය සිටි පැත්තට හිස් වතුර බෝතල් වීසි කරන්නට පටන් ගත්තා.

එක මොහොතකින් විරෝධතාකරුවන් ම මැදිහත් වී ඔවුන් නතර කොට එතැනින් ඉවත් කරන්නට පියවර ගත්තා.

මෙතෙක් කල් පැවති ලංකාවේ නම් සිදු වුණේ කවුරුන් හෝ මෙවැනි කඩාකප්පල්කාරී වැඩක් කරන්නට පටන් ගත් පසු අනෙක් සියලු දෙනාමත් හරක් රැළක් සේ එයට හසුවීමයි. ඉන්පසු විරෝධතාවේ මූලික අරමුණ අමතක වී එය විශාල කෝලහාලයක් බවට පරිවර්තනය වීමයි.

කොටින් ම රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය ම රැඳී පවතින්නේ ජනතාව හරක් රැළක් බවට පත්කොට ඔවුන් ගේ දේශපාලන සවිඥානකත්වය විනාශ කිරීම මතයි.

එහෙත් මේ මොහොතේ ලංකාවේ මිනිසුන් ඊට වඩා හුඟක් ශක්තිමත් සහ ඉදිරිගාමී තැනක ඉන්නවා.

රාජපක්ෂ පාලනයට තවදුරටත් ඔවුන් ගේ සවිඥානකත්වය විනාශ කරන්නට බැහැ. ඒ නිසා මේ මොහොත වන විට රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය ම අන්ත පරාජයකට මුහුණ දී තිබෙනවා.

මෙය පමණක් ම වුවත් ලංකාවේ ජනතාව ලැබූ සුවිශේෂ දේශපාලන ජයග්‍රහණයක්.

ඔබ මේ ඡායාරූපය දිහා හොඳින් බැලුවොත් මේ හැම දිදුලන විදුලි එළියක් පසුපසින් ම දිදුලන හදවතක් සහිත මනුෂ්‍යයෙකු ඉන්න බව පැහැදිලි වෙනවා.

ඒ සෑම දිදුලන හදවතක් තුළ ම දිදුලන අනාගතයක් පිළිබඳ ඡායාමාත්‍රයක් බඳු බලාපොරොත්තුවක් තියෙනවා.

මොන තරම් අන්ධකාර රාත්‍රියක වුණත් ඒ බලාපොරොත්තුව පහන් එළියක් වගේ නොනිවී දැල්වෙනවා.

මට හැමදාමත් ලංකාව ගැන තිබුණු ලොකු ම අපේක්ෂාව වුණේ 1980න් පස්සේ උපන් පරම්පරාව ලංකාව වෙනස් කරනු ඇතැයි යන්නයි.

ලෝකයේ සිදුවෙන්නේ මොනවාද කියලා දන්න, ලෝකයේ වෙන්නේ මොනවද කියලා තේරුම් ගනිමින් සිටින, තොරතුරු දැනගැනීමේ පිපාසාවෙන් පෙළෙන, දැනුම් විශ්වයට ප්‍රවේශ වීමේ යතුර අතේ දරාගෙන සිටින ඒ පරම්පරාව සාටක කරේ දාගත් දේශපාලන ගංකබරයන්ට හැමදාමත් රවටන්නට බැරි බව මා දැනගෙන හිටියා.

අද ඔවුන් රාජපක්ෂලා විතරක් නෙවෙයි, හැම පසුගාමී දේශපාලන පක්ෂයක් ම ප්‍රතික්ෂේප කරනවා.

කොටින් ම හැම ප්‍රධාන දේශපාලන පක්ෂයකට ම ඔවුන් මේ වන විට පයින් ගසා එළවා දමා තිබෙනවා.

දැන් මේ රටේ පුරවැසියන් දේශපාලන පක්ෂවලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ගමන් කරමින් සිටිනවා. දේශපාලනයේ හැම දෙයක් ම ගෝත්‍රික දේශපාලන පක්ෂ කිහිපයක් සහ ඒවායේ කාලකණ්නි නායකයන් වටා කැරකුණු යුගය දැන් නිල වශයෙන් ම අවසන් වෙලා තියෙනවා.

පහුගිය අවුරුද්දක පමණ කාලයක් තිස්සේ මා දකිමින් සිටි සිහිනය එයයි.

ඊයේ රාත්‍රියේ ඒ සිහිනය සැබෑවක් වෙමින් පවතින අන්දම දකින්නට තරම් මා වාසනාවත්න වුණා.

මෙතැනින් එහාට මට ලොකුවට බලාපොරොත්තු වෙන්නට දෙයක් නැහැ. අරගලයේ නියැලී සිටින කඩිසර කුහුඹුවන් වැනි මේ නොනිදන, දිදුළන මිනිසුන් මැද මට සතුටින් නොපෙනී යන්නට පුළුවන්.

-

රසික ජයකොඩි
10 - 04 - 2022

අමතක කිරිම..!එක්තරා ප්‍රජාවක  රජුට වල් බල්ලන් දස දෙනෙක් සිටියහ.  වැරදි කළ ඕනෑම සේවකයෙකු වල් බල්ලන්ට කෑමට දැමීය. දිනක් එක...
29/03/2022

අමතක කිරිම..!

එක්තරා ප්‍රජාවක රජුට වල් බල්ලන් දස දෙනෙක් සිටියහ. වැරදි කළ ඕනෑම සේවකයෙකු වල් බල්ලන්ට කෑමට දැමීය. දිනක් එක් සේවකයෙක් රජුට වැරදි අදහසක් ලබා දුන් අතර රජු එයට කිසිසේත් කැමති වූයේ නැත. එබැවින් සේවකයා බල්ලන්ට දමන ලෙස ඔහු අණ කළේය.

සේවකයා, “මම ඔබට අවුරුදු දහයක් සේවය කළා, ඔබ මට මෙහෙම කරනවාද? මාව ඒ බල්ලන්ට විසි කරන්න කලින් මට දවස් දහයක් දෙන්න.”

සේවයකයාගේ ඉල්ලීමට රජු එකඟ විය.

එම දින දහයේදී සේවකයා බල්ලන් බලා ගන්නා මුරකරු වෙත ගොස් ඉදිරි දින දහය සඳහා තමන් බල්ලන්ට සේවය කිරීමට කැමති බව පැවසීය. මුරකරු අකමැති වූ නමුත් එකඟ විය. , සේවකයා බල්ලන්ට කෑම දීමට, ඔවුන් සඳහා පිරිසිදු කිරීමට, ඔවුන් ස්නානය කිරීමට සහ ඔවුන්ට සියලු ආකාරයේ සුවපහසුව ලබා දීමට පටන් ගත්තේය.

දින දහය අවසන් වූ පසු, රජුගේ දඬුවම සඳහා සේවකයා බල්ලන්ට දමන ලෙස නියෝග කළේය. ඔහුව ඇතුළට විසි කරන විට, බල්ලන් සේවකයාගේ පාද ලෙවකනු දැකීමෙන් අපි සියල්ලෝම මවිතයට පත් විය!
තමා දුටු දෙයින් වික්ෂිප්ත වූ රජු මෙසේ කීවේය.

"මගේ බල්ලන්ට මොකද වෙලා තියෙන්නේ?"

සේවකයා පිළිතුරු දෙමින්, "මම දින දහයක් පමණක් බල්ලන්ට සේවය කළෙමි, ඔවුන් මගේ සේවය අමතක කළේ නැත. නමුත් මම ඔබට වසර දහයක් පුරා සේවය කළ අතර මගේ පළමු වැරැද්දෙන් ඔබට සියල්ල අමතක විය!"

රජු තම වරද තේරුම් ගෙන සේවකයා නිදහස් කරන ලෙස නියෝග කළේය.

පුද්ගලයෙක් තමාට වරදක් කළ සැණින් තමන් වෙනුවෙන් කල යහපත් දේ අමතක කරන සැමට පණිවිඩයකි. ඔබ අකමැති දෙයක් නිසා ඔහු කල යහපතෙන් පිරුණු ඉතිහාසය අමතක කරන්න එපා..!

උපුටා ගැනිමකී

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Knowledge-News-Fun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Knowledge-News-Fun:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share