17/06/2024
මදු මල් .... 🌸
(03 කොටස)
(මගහැරුණු කොටස් වගේම කතාව ඉස්සරහටත් කියවන්න මේ page එකටත් like එකක් දාලා තියන්න.... ♥️)
👇
https://www.facebook.com/profile.php?id=61556669728788&mibextid=ZbWKwL
----------------------------------------------
ඇත්තටම හෙට මොනව වෙයිද කවුද මාව බලන්න එන මනමාලයා.... එයා මාව ඉක්මනටම marry කරයිද... එයා මාව දන්න කෙනෙක්නම් එයා ඒක මට මුලින් නොකිවුවෙ ඇයි.... වගේ දාහක් ප්‍රශ්න කෙල්ලගෙ ඔලුවෙ කැරකෙන්න පටන් ගත්ත. කිසිම දෙයක් හිතාගන්න බාරි මනසකින් කෙල්ල නින්දට වැටුනෙ හිතට වගේම, ඇගටත් මහන්සි දැනුන නිසා.
(අද මෙතැන් සිට......)
----------------------------------------------
"දෝනී.... නැන්දට කතා කරන්න.... ලෑස්ති වෙන්න ඕනනෙ.... අර කට්ටිය එද්දි ඔක්කොම ලෑස්ති කරල තියන්නත් ඕන.,
එයාලා පිළිවෙලට ඉන්න අයනෙ... කියන්න නැන්දට නැගිටින්න කියලා..."
උදේ 6ට විතර අක්කා දෝණිට කතා කරන හඩ මධුවිට ඇහුණා. ඒත් එක්කම දෝණි ඇදට ඇවිත් මධුවි ළගින් ටිකක් නිදාගන්න ගමන්,
"... නැන්දි, අම්මි කිවුවා ඔයාට නැගිටින්න කියන්න කියලා...." යැයි හුරතල් විදියට කිවුවා.
අවුරුදු 4ක් වෙන දෝණි තමන්ට ගොඩක් ආදරේ කරනවා කියලා මධුවි දන්නවා.
"මට ඇහුණා චූටි පැටියෝ..... දැන්ද නැගිට්ටේ ඔයා?..." කියන ගමන් මධුවි දෝණිට හාදුවක් දුන්නා.
ඒනිසා තවත් හුරතල් වුණ දෝණි "ඔව් නැන්දී...." කියලා මධුවිව බදාගත්තා. මධුවිත් ටිකක් එහෙම්මම හිටියෙ දැන්ම ගියොත් දෝණිගෙ හිත රිදෙයි කියලා.
"දෝණී....."
"අන්න පැටියො අම්මා කතා කරනවා. දැන් යමු කුස්සියට හොදේ.. එන්නකො නැන්දි ඔයාව වඩාගන්න..." කියලා මධුවි දෝණිව ආදරෙන් වඩාගෙන කුස්සියට ගියා.
"එනවා කිවුව අය කීයටද එන්නෙ අක්කෙ... ඇත්තටම කවුද ඒ අය...?"
මධුවි එහෙම ඇහුවේ දැන්වත් අක්කා කියයි කියලා හිතලා.
"ආවම බලන්නකෝ... ඔයා මොකක්ද අදින්නෙ සාරියක්ද ගවුමක්ද...?"
"හ්ම්ම්ම්.... අනේ මන්දා ඔයාම කියන්නකො. මට හිතාගන්න බෑ."
"සාරියක් අදිමු නේද, එයලා වැදගත් මිනිස්සුනෙ. අපිත් ඒ විදියට ඉන්න ඕනනෙ. ගවුම් ඇන්දම හිතයි අපි එයාලව ගනන් ගන්නෑ කියලා"
"හා එහෙනම්... එයාලට දෙන්නෙ මොනවද?... තේ මේසයක්ද?... කෑමද?..." මධුවි ඇහුවෙ කිසි දෙයක් හිතාගන්න බැරුව.
"එයාලට තව වැඩ තියෙනව කියලා ඉක්මනින්ම යන්න ඕන කිවුවා. වැදගත් විදියට මේ දේවල් කතා වෙන්න ඕන නිසා එන්නෙ කියලා කිවුවා..."
"හ්ම්ම්ම්... එහෙමද... පුදුම හදිස්සිකාරයොනෙ අනේ... මම මූණ සෝදගෙන එන්නම් අක්කෙ"
එහෙම කියපු මධුවි දෝණිවත් බිමින් තියලා ඉක්මනට මූණ හෝදගෙන ආවේ අක්කට උදව් කරන්න. දෙන්නම එකතුවෙලා තේ මේසේ ලෑස්ති කරලා මධුවිත් සාරිය අදින්න පටන් ගත්තා.
ලාවට මේකප් ටිකක් දාගන්න ගමන් තමන් දිහා කණ්ණාඩියෙන් බලපු මධුවිට තමන් හිතුවටත් වඩා ලස්සනයි නේද කියලා හිතලා පොඩි ආඩම්බරයකුත් දැනුණා. "අනේ අම්මා හිටියනම්... මධුවිට ඉබේටම කියවුණා..."
අම්මා නැතිවෙලා තවම තුන්මාසයක්වත් ගිහිල්ලා නැති වුනත් මේ යෝජනාවට මධුවි මොකුත් නොකියා හිටියෙ තමන්ටම කියලා තැනකුත් තියෙන්න ඕන කියලා හිතලා. හැමදාම තමන්ගෙ සහෝදරයට වුනත් කරදරයක් වෙන්න හොද නෑනෙ කියලා කෙල්ල හිතුවා.
"ලෑස්තිවෙලා සාලෙට ගියපු මධුවිව දැක්කම දනුෂ්කට ඇත්තට සතුටක් දැනුණා. තමන්ට ඉන්නෙ ගොඩක් ලස්සන නංගි කෙනෙක්නෙ කියලා දනුෂ්කට හිතුනා.
"ඔය ඉන්නෙ ලස්සනට.... ඉන්දියාවෙ නිළියොත් පරාදයි නේද තක්ෂිලා.... "
එහෙම කියලා දනුෂ්ක තක්ෂිලා දිහාට හැරුණා.
"හ්ම්ම්ම්... ඔව් ඔව්... දැන් කට්ටිය එනකොට සාලෙට වෙලාද ඉන්න හදන්නෙ. ඇතුලට වෙලා හිටියනම් හරිනේ."
තක්ෂිලා එහෙම කිවුවෙ කියන්න දෙයක් නැතිකමට වගේ. මේ දේවල් මධුවිට තේරුණත් නොතේරුණා වගේ මධුවි කාමරේට යනන හැදුවා.
"ඔහොම ඉන්න අනේ... ඕකට වෙලා ඉන්න බෑනේ. කට්ටිය එද්දි ඇතුළට යන්න."
දනුෂ්ක එහෙම කියලා පාර දිහා බලන් හිටියෙ කට්ටිය එයිද කියලා. එතකොටම වගේ කාරෙකක් ඈතින් එනවා දැක්ක නිසා. මධුවිට ඇතුලට යන්න කිවුවා.
මේ වෙලාවෙනම් මධුවිගෙ පපුව ගැහෙන හඩ මධුවිට ඇහුණා. කවුරු එයිද,...මොනව වෙයිද,... වගේ ප්‍රශ්න එක්ක මධුවිට බයකුත් දැනෙන්න ගත්තා.
එළියේ කට්ටිය කතා කරන හඩ කාමරේ හිටිය මාධුවිට ඇහුණා. මධුවි එතනින් කවුරු දන්නවද කියලා අදුරගන්න හැදුවේ ඇවිත් ඉන්නෙ තමන්ව දන්න කෙනෙක් කියලා තක්ෂිලා කියපු නිසා. ඒත් එතන කටහඩවල් වලින් ඒ කවුද කියලනම් මධුවිට අදුරගන්න බැරි වුණා.
"ආව හැමෝම තේ බීලා ඉවරයි. දැන් යමු. මේ බුලත් හෙප්පුව අතට ගන්න...."
එහෙම කියලා තක්ෂිලා බුලත් හෙප්පුව මධුවිට දුන්නා. මතක තියෙන කාලෙක පපුව ගැහුණෙ නැති වේගයකින් දැන් තමන්ගෙ පපුව ගැහෙනව කියලා මධුවිට දැනුණා.
"කමක් නෑ ගිහින් බලමුකො..." කියලා හිතලා මධුවි, තක්ෂිලා එක්කම බුලත් හෙප්පුවත් අරන් සාලෙට ගියා.
"පුතා එලියට ගියා කෝල් එකක් ඇවිත් ටිකක් ඉන්න..." කියන ගමන් "මනමාලිනම් ලස්සනයි නේද අනේ..." යැයි මනමාලයගෙ අම්මා කියලා හිතෙන වයසෙ ගැහැණු කෙනෙක් කිවුවා.
මනමාලයගෙ තාත්තා කියලා හිතෙන පිරිමි පුද්ගලයාද කියපු දේ අනුමත කරන්නට හිස වනන ගමන් මනමාලි එක්ක හිනා වුණා..
මධුවි ඒ හැමෝම එක්ක අහිංසක විදියට හිණාවුණා.
"මේ තමයි මනමාල මහත්තයගෙ මල්ලි"
ගැහැණු කෙනා ආයෙත් කතා කරල කිවුවම මල්ලි මධුවි දිහා බලලා හිණා වුණා. මධුවිත් මල්ලි එක්ක හිණා වුණා.
"....මල්ලි කෝල් එකකනෙ නේද එයා එනකන් අම්මටයි තාත්තටයි කතා කරන්න... " කියලා අයියා කිවුවට පස්සෙ මධුවි ඒ දෙන්නටම වැදලා වාඩි වුණා. වාඩි වෙනවත් එක්කම ඇතුලට ආව කෙනා දැක්කම වාඩි වුනාට වඩා වේගයෙන් මධුවිට නැගිට්ට වුණා.
"සර්...."
මධුවිට හෙමිට ඒත් එකපාරම කියවුණා.
"මේ තමයි මනමාලයා.... මෙහෙල්....ඔයාව දන්නවා, වැඩ කරන්නෙත් එතනමයි කියලා අපිට බේරිල්ලක් නෑ ඔයාව බලන්න එමු කියලා. ඒකයි අපි අවේ..."
"හෙප්පුව දෙන්න... " කියලා තක්ෂිලා මධුවිව අල්ලගෙන මෙහෙල් ළගට එක්කගෙන ගියා.
කිසිම දෙයක් හිතාගන්න බැරි වුණ මධුවි හෙප්පුව මෙහෙල්ට දීලා වැදලා පුටුවකින් වාඩි වුණා. ඒත් එක්කම එක එක කතා වලින් සාලෙම පිරිලා යද්දි වෙන්නෙ මොකද්ද කියලා තවමත් තේරුම් ගන්න බැරුව මධුවි හිටියා.
"දෙන්න කැමතිනම් එළියට ගිහින් කතා කරන්න.... දෙන්නම හොදට දන්නවනම් කතා කරන්න දේකුත් නැතුව ඇති සමහරවිට නේද..." දනුෂ්ක එහෙම කිවුවෙ දෙන්නට ටිකක් කතා කරන්න දුන්නොත් හොදයි කියලා හිතලා.
"අපි ඉතින් හොදටම දන්න අයනෙ. අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ ඉතින්. දෙයක් කරන්න ඕන පිළිවෙලක් තියෙනවනෙ, ඒකයි අපි හිතුවෙ ඔයාලත් එක්කම මේ ගැන කතා කරනවා කියලා..." යැයි මධුවි දෙස බලමින් කිවුවා.
"ඔව් ඉතින්... මෙයාට ගන්න කරන්න බැරි තරම් කෙල්ලොනම් ඉන්නවා කියන්න මම විතරක් නෙවෙයි මුලු staff එකම දන්නවා..." යැයි හිතින් මුමුණන ගමන් මධුවි, මෙහෙල් කියපු දේ අනුමත කරන්න වගේ හිස වැනුවා.
මේ විදියට කතා බහ දිගට කෙරීගෙන යන අතර තුර සුජාතා ඔරලෝසුව දිහා බලලා ".......අපිට දැන්ම යන්නත් ඕනේ. හදිසි වැඩ වගයක් තියෙනවා. මෙහෙම හරි ආවොත් ඇරෙන්න එන්න අමාරුයි..."
මනමාලිනම් දන්නෙ නෑලුනෙ නේද අපේ පුතා කැමති කියලා.... අපේ පුතාට ඉතින් ඕන කෙනෙක් කැමතිනේ.. මේ දුවත් අකමැති වෙන්න හේතුවක් නෑ ඉතින් නේද අනේ..." යැයි තම ස්වාමි පුරුෂයා දෙස බලමින් ටිකක් ආඩම්බරෙන් වගේ සුජාතා කිවුවා.
"ඔව් ඒකනෙ. දෙන්නම හොදට දන්න අයනෙ නේද...." යැයි පියාද ඊට එකග වෙමින් පැවසුවා.
"අපි දැන් යමු නේද සුජාතා. තව වැඩත් තියෙනනෙ." යැයි මෙහෙල්ගෙ තාත්තා පැවසුවා.
"ඔව් අපි ගිහින් ආයේ දවසක එන්නම්කො... බලමුකො දෙන්නා මොනවද කතා වෙන්නෙ කියල නේද... එහෙනම් අපි ගිහින් එන්නම්" යැයි සුජාතා පැවසුවා.
ඉන්පසු පැමිණි සියලු දෙනාම පිටතව යන ආකාරය මධුවිත් ගෙදරත් අයත් බලාගෙන හිටියා. ඒත් එක්කම මධුවිගෙ phone එකට මැසේජ් එකක් ආවා.
"අද සාරියට ඔයා ගොඩක් ලස්සනයි..." යනුවෙන් unknown number එකකින් ඇවිත් තිබුන මැසේජ් මෙහෙල්ගෙන් වෙන්න ඇති කියලා මධුවි හිතුවා.
"......මටනම් බෑ ඒ මනුස්සයව කසාද බදින්න. එයාට ඉන්න කෙල්ලෝ ගාන එයාවත් දන්නැතුව ඇති. එයා කිසිම දෙයක් හොයලා බලන්නැතුව මේ වගෙ දෙයක් කරන් නෑ. මේක එයාගෙ මොකක් හරි plan එකක් වෙන්න ඇති. නැත්නම් එයා මොකටද මම වගේ කෙනෙක්ට කැමති වෙන්නෙ...."
මධුවි ටිකක් උස් හඩින් පැවසුවා.
"...එහෙම නැතුව ඇති. එයාට මොනවා හිතිලද දන් නෑනෙ..." යැයි තක්ෂිලා කිවුවේ මේකට කැමති වෙන එක හොදයි කියන අදහසකින්.
".....අපි බලමුකො මොකද වෙන්නෙ කියලා. අද හෙට බදින්න නෙවෙයිනෙ...."
මේක මේ විදියට ගියොත් තවත් දුරදිග යයි කියලා හිතලා දනුෂ්ක කිවුවා.
************************************
මේ විදියට එදා දවස ගෙවිලා යද්දි මධුවිටනම් හිතුනේ අපරාදෙ ඒ දවස නාස්ති වුණා කියලා. මෙහෙල් වගේ කෙනෙක් කිසිම යටි අරමුණක් නැතිව මෙහෙම දෙයක් නොකරන බවත්, එබැවින් තමන්ට මීට වඩා පරෙස්සම් වීමට සිදුවන බවත් මධුවිට වැටහුණා.
ඒත් එක්කම මධුවි කල්පනා කරේ තමන්ගේ ගිණුමට බැර වී තිබූ රුපියල් 25000 ගැන වගේම එය කා විසින් තැම්පත් කරන ලද්දක්ද යන්නයි.
'එහෙනම් මේක මෙහෙල්ගෙ වැඩක්ද... එයා මම හිතන තරම් නරක කෙනෙක් නෙවෙයිද....නැත්නම් ඒක වැරදීමක්ද..."?
මේ වගේ සිතුවිලි ජාලාවක හිරවුණු මධුවිට කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියා..
" හෙට මේ ගැන බැංකුවෙන් අහලා බලන්වා.... නැත්නම් කවුද දැම්මෙ කියලා හරි හොයාගන්න් පුලුවන් වෙයිනෙ..." කියලා හිතන ගමන් මධුවි හිත හදාගත්තා.
*********************************
(ඉතින්.... මධුවිට මේ විදියට සල්ලි දාලා තියෙන්නෙ කවුද.. ඒක ඇත්තටම වැරදීමක්ද ..... නැත්නම් කවුරු හරි හිතලම සල්ලි දාලද ..... මෙහෙල් මෙහෙම මධුවිට යෝජනාවක් ගෙනාවෙ ඇයි.... එයා ඇත්තටම මධුවිට ආදරෙයිද....
මෙතනින් ඉස්සරහට මොනවගේ දෙයක් වෙයිද..., මධුවිගේ ජීවිත කතාව කොහොම විසදෙයිද... කියලා දැන ගන්නනම් ඔයාලට මේ කතාව දිගට බලන්න වෙනවා... 🥰♥️)
•••••••••••••••••••••••••••••••••
4 කොටසින් හමුවෙමු..... 😊
•••••••••••••••••••••••••••••••••
🔶..... පුංචි ඉල්ලීමක් තියෙනවා ළමයි....
ඔයාලා මේ කතාවට කැමතිනම්, තවත් කොටසක් ඕනෙනම් සහ මේ කතාව ගැන ඔයාලගේ අදහසුත් comment එකකින් දාගෙන ගියොත් ඔයාලත් සතුටින් මාත් මාත් සතුටින් 😌♥️...
**************************
(එහෙනම් අපි මේ කතාවෙ තවත් කොටසකින් ආයෙ හම්බෙමු. හැමෝම පරෙස්සමින් සතුටින් ඉන්න.... ♥️
... මම මධූ .... 🥰🌸
**************************
✍️මධුමාලි වීරසූරිය
🚫 කතෘගේ අවසරයකින් තොරව කතාව උපුටා ගැනීම සපුරා තහනම් 🚫
#නවකතා #මධුමල් #මධුමාලිවීරසූරිය