News Link

News Link Sri Lankan Latest News Page

හෙට (09) දිනයේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, ...
08/12/2022

හෙට (09) දිනයේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ විමසීමෙන් පසුව පවතින දේශගුණික තත්ත්වය මත මෙම තීරණය ගත් බවය.

මේ අතර රජයේ පාසල් පිළිබඳ ගෙන ඇති තීරණය අනුව දිවයින පුරා පිහිටි කතෝලික පාසල් සඳහා ද හෙට (09) දිනයේ විශේෂ නිවාඩුවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

අන්තර්ජාලය හරහා දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.නව වැඩ...
07/12/2022

අන්තර්ජාලය හරහා දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

නව වැඩසටහන යටතේ පෙරගෙවුම් කාඩ්පත්, ස්වයං සේවා ටිකට් යන්ත‍්‍ර සහ මාර්ගගත ක‍්‍රමයට දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

චීන සමාගමක දායකත්වයෙන් ආරම්භ කෙරෙන වැඩසටහන ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාවට නැංවීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර අද(07) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ...
07/12/2022

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර අද(07) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ලිට්‍රෝ ගෑස් මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට: 12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළට. නව මිල 4610/=, 5Kg සිලින්ඩරය...
05/12/2022

ලිට්‍රෝ ගෑස් මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට: 12.5Kg සිලින්ඩරයක් රුපියල් 250කින් ඉහළට. නව මිල 4610/=, 5Kg සිලින්ඩරයක් රුපියල් 100කින් ඉහළට.නව මිල 1850/=



22/12/05/LCL/SP/01

අද සවස 3.45 සිට රාත්‍රී 11 දක්වා දැඩි අකුණු සහිත කාලගුණික තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනව...
04/12/2022

අද සවස 3.45 සිට රාත්‍රී 11 දක්වා දැඩි අකුණු සහිත කාලගුණික තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මධ්‍යම, සබරගමු, බස්නාහිර, දකුණ, ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් එලෙස දැඩි අකුණු ඇතිවීමේ අවධානම ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් සඳහන් කර සිටියේ.

එම නිසා අකුණුවලින් සහ තාවකාලික දැඩි සුළංවලි සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම නිවේදනයේ සඳහන් කර තිබුණේ.



22/12/04/whe/AH/01

සංචාරකයන්ගේ ආරක්ශාව සහ පසුව තකා නව දුරකතන යෙදවුමක් (App) එකක් හඳුන්වා දීමට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ...
03/12/2022

සංචාරකයන්ගේ ආරක්ශාව සහ පසුව තකා නව දුරකතන යෙදවුමක් (App) එකක් හඳුන්වා දීමට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යෝජනා කර තිබෙනව. එ පසුගිය 30 වෙනිදා පැවති සංචාරක හා ඉඩම් පිළිබඳ උපදේශක කාරක සභාවේදියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළෙ අතරමං වූ සංචාරකයන්ට පවා ඉන් අවශ්‍ය පහසුව ලැබෙන බවයි. ලබන ජනවාරි මාසයේදි මෙම යෙදවුම හඳුන්වා දීමට නියමිත අතර, 2023 වසර වනවිට සංචාරකයින් ලක්ශ 15 ක් මෙරටට ගෙන්වා ගැනීම අරමුණ බවයි සඳහන් කළෙ.

03/12/2022

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට තිත තබමු | විශේෂ සංවාදය

සම්පූර්ණ සාකච්ඡාව

Parliament of Sri Lanka පිටුවෙන් උපුටා ගත්තකි.

ජාලගතව බොරැල්ල සහ තදාසන්න ප්‍රදේශවල සිදුවෙන වකුගඩු ජාවාරමකට අනුබද්ධව සිදු කරගෙන යන වෘශණ කෝෂ ජාවාරමක් අද හෙළි වී තිබෙනවා....
03/12/2022

ජාලගතව බොරැල්ල සහ තදාසන්න ප්‍රදේශවල සිදුවෙන වකුගඩු ජාවාරමකට අනුබද්ධව සිදු කරගෙන යන වෘශණ කෝෂ ජාවාරමක් අද හෙළි වී තිබෙනවා.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙලෙස තවත් තරුණයෙක් බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් 1,68,000,00 (එක්කෝටි හැටඅට ලක්ශයක) මුදලකට විකිණීමට සූදානම්ව තිබියදී ගැණුම්කරුවන් මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම තරුණයා වෘෂණ කෝෂ ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දෙශීය මෙන්ම විදේශීය පුද්ගලයන්ගේද සහභාගිත්වයෙන් මෙම ජාවාරම සිදු කරන බවටයි සොයාගෙන ඇත්තේ.

02/12/2022

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමින්.

2021 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාලවලට අදාළ කඩයිම් ළකුණු නිකුත් කර තිබෙනවා. මෙවර විශ්වවිද්‍යාල සියල්ල සඳහා සිසුසිසුවියන්...
02/12/2022

2021 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාලවලට අදාළ කඩයිම් ළකුණු නිකුත් කර තිබෙනවා.

මෙවර විශ්වවිද්‍යාල සියල්ල සඳහා සිසුසිසුවියන් 44,000 ක් බඳවාගෙන ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර සිටියේ. එම ළකුණු පහත වෙබ් අඩවියෙන් දැන් ලබාගත හැක.

www.ugc.ac.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගන්න

2023 වසරෙ පැවැත්වීමට නියමිත IPL තරගාවකියේ ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 23 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. ඒ අතර ඇන්ජෙලෝ ම...
02/12/2022

2023 වසරෙ පැවැත්වීමට නියමිත IPL තරගාවකියේ ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 23 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ඒ අතර ඇන්ජෙලෝ මැතිව්ස් මෙවර IPL වෙන්දේසියේ ඉහළම මිළක් නියම වු ක්‍රීඩකයින් අතරට ඇතුළත් වී තිබෙනව.

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් අද කඩුලු 200 සීමාව පසු කළා. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැතේන ටෙස්ට...
02/12/2022

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් අද කඩුලු 200 සීමාව පසු කළා. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැතේන ටෙස්ට් තරගයේදී.

ටෙස්ට් තරග 43 කට ක්‍රීඩාකර ඇති ඔහු 2011 වර්ෂයේ සිට ඔස්ස්ට්‍රේලියාව නියෝජනය කරනවා.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ජනබල රැළියේ ගාලු සමුළුවට ජන ගඟක්.(උපුටා ගැනීම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානාය...
02/12/2022

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ජනබල රැළියේ ගාලු සමුළුවට ජන ගඟක්.

(උපුටා ගැනීම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ facebook පිටුවෙනි..)

02/12/2022

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුව අමතා සිදු කළ කතාව.

අද අයවැය කාරක සභා අවස්තා විවාදයේ 09 වැනි දිනයයි. අද විවාදයට ගැනෙන්නේ පරිසර, වනජීවී, වන සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂයි.

ලබන වසරේ ජනවාරි මාසයෙ සහ ජුනි මාසවල විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිම්වී තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම විසි...
02/12/2022

ලබන වසරේ ජනවාරි මාසයෙ සහ ජුනි මාසවල විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිම්වී තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබා දුන් පසු එම වැඩ්කීරීමට අදාළ පියවර ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

පසුගිය අගෝස්තු මාසයේ විදුලිබිල 75% කින් වැඩි කළද දැනට පවතින පාඩුව පියවා ගැනීමට නොහැකිබවයි තවදුරටත් එම මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත්කර තිබෙනවා. එම්. ඩී. එස්. ඒ. පෙරේරාගාමිණී කුමාරසිංහවසන්ත ගම...
02/12/2022

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත්කර තිබෙනවා.

එම්. ඩී. එස්. ඒ. පෙරේරා
ගාමිණී කුමාරසිංහ
වසන්ත ගමගේ යන මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයා විසිනි.

වරාය අධිකාරයේ දූෂණ වංචා ආදිය පිළිබඳ පැමිණිලි, චෝදනා ආදිය වරාය අධිකාරියේ වෘත්තිය සමිතිවලට සහ අනෙකුත් සියලුම පාර්ෂ්වවලට ලබා දිය හැකි අතර, කමිටු වාර්තාව මාස හයකින් නැවත නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයාට ලබා දිය යුතුය.

උතුර සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍...
02/12/2022

උතුර සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම සෙසු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබුණේ.

එමෙන්ම තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

2022 වසරට අදාළ දෙවන පාසල් වාරය අදින් අවසන් කර තිබෙනවා. තෙවන වාරය සඳහා වූ පාසල්වාරය යළි ඇරඹෙන්නේ 2022.12.05 වන සඳුදා දිනය...
01/12/2022

2022 වසරට අදාළ දෙවන පාසල් වාරය අදින් අවසන් කර තිබෙනවා. තෙවන වාරය සඳහා වූ පාසල්වාරය යළි ඇරඹෙන්නේ 2022.12.05 වන සඳුදා දිනයි. ඒ අනුව හෙට රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් සියල්ලටම පාහේ නිවාඩු ලබා දෙනු ඇති.

මේ අතර තෙවන පාසල්වාරයට නිවාඩු හිමිවන්නේ අදියර තුනක් යටතේයි. ඒ අනුව එළඹෙන නත්තල් සමය හේතුවෙන් පාසල් දෙසැම්බර් 22 වනදා පළමු අදියරේ නිවාඩුව හිමිවන අතර එය යළි ආරම්භ වන්නේ ජනවාරි මස 02 වෙනිදායි.

එහි දෙවන අදියරයට අදාළ නිවාඩුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය හේතුවෙන් ජනවාරි මස 20 වෙනිදා ලැබෙනු ඇති. තෙවන වාරයේ දෙවනි අදියරේ පාසල් යළි පටන් ගන්නේ පෙබරවාරි මස 19 දායි.

තෙවන පාසල් වාරයේ තෙවන අදියරයට අදාළ නිවාඩුව පෙබරවාරි 20 වන දින ලැබෙන අතර එය නැවත යළි අරඹන්නෙ මාර්තු 24 වන දිනයි. සාරාංශය පහතින්.

2022
II වන පාසල් වාරය
නිවාඩුව - 2022.12. 02
යළි - 2022. 12. 05

III වන පාසල් වාරය
පළමු අදියරය
නිවාඩුව - 2022.12.22
යළි - 2023.01.02

III වන පාසල් වාරය
දෙවන අදියරය
නිවාඩුව - 2023.01.20
යළි - 2023.02.19

III වන පාසල් වාරය
තුන්වන අදියරය
නිවාඩුව - 2023.03.24

01/12/2022

ජාතික ජන බලවේගය මෙහෙයවන "ජනබල විරෝධතා රැළිය"

නලීන් හේවගේ මන්ත්‍රීවරයාගෙ පිටුවෙන් උපුටාගන්නා ලදි

පසුගියදා චීන රජය මඟින් පැනවූ කොවිඩ් සංචරණ සීමා හා කොවිඩ් නීතිවලට එරෙහිව නැගුනු විරෝධතා උත්සන්න වී තිබෙනව. ඊයේ පොලීසිය සහ...
01/12/2022

පසුගියදා චීන රජය මඟින් පැනවූ කොවිඩ් සංචරණ සීමා හා කොවිඩ් නීතිවලට එරෙහිව නැගුනු විරෝධතා උත්සන්න වී තිබෙනව. ඊයේ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්ද ඇතිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ශැංහයි නගරයේ ආරක්ෂාව තවදුරටත් තරකර ඇති අතර, පසුගිය දින කිහිපයේ සිදුකළ PCR පරීක්ෂනවලින් සොයාගෙන තිබෙනවා.

01/12/2022

ජාතික ජන බලවේගයේ "ජනබල විරෝධතා රැළිය"
ගාල්ල නගරයේ සිට..

නලීන් හේවගේ මන්ත්‍රීවරයාගේ ගිණුමෙන්

කාණ්ඩ කිහිපයක් සඳහා වු වීසා ගාස්තු වැඩි කර තිබෙනව. ද්විත්ව පුරවැසිභාවය සඳහ වූ වීසා ගාස්තු ද ඊට ඇතුළත්.රු.345,000 ක් ව ති...
01/12/2022

කාණ්ඩ කිහිපයක් සඳහා වු වීසා ගාස්තු වැඩි කර තිබෙනව. ද්විත්ව පුරවැසිභාවය සඳහ වූ වීසා ගාස්තු ද ඊට ඇතුළත්.

රු.345,000 ක් ව තිබූ ද්විත්ව පුරවැසිභාවය සඳහා වූ ගාස්තුව ඩොලර් 2000 ක් දක්වා වැඩිකර තිබෙනව. එය ශ්‍රී ලංකා මුදලින් රු. 734,000 ක් පමණ වෙනවා.

එමෙන්ම ඊට අදාළ සහතික පිටපත්වල රු. 1150/- ක් වූ ගාස්තුව දැන් රු. 2000/- ක් දක්වා වැඩි කර තිබෙනව.

මීට අමතරව තවත් කාණ්ඩ කිහිපයක ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ සමන්ගන් ප්‍රාන්තයේ සිදු වූ පිපුරමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරු සිද...
01/12/2022

ඇෆ්ගනිස්තානයේ සමන්ගන් ප්‍රාන්තයේ සිදු වූ පිපුරමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරු සිදු වූ පිරිස අතරින් බොහොනයක් දෙනා අවුරුදු 9 ත් 15 අතර වන දරුවන් බවයි BBC පුවත් සේවය සඳහන් කර තිබුණේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ෂවයක් බාරගෙන නැත.

Fifa ලෝක කුසලානයෙ ජපානය සහ ජර්මනිය අතර පසුගිය දිනෙක පැවැත්වු තරගයෙන් පසු ජපාන ප්‍රේක්ෂකයින්කිහිප දෙනෙක් ක්‍රීඩාංගණය පවිත...
30/11/2022

Fifa ලෝක කුසලානයෙ ජපානය සහ ජර්මනිය අතර පසුගිය දිනෙක පැවැත්වු තරගයෙන් පසු ජපාන ප්‍රේක්ෂකයින්කිහිප දෙනෙක් ක්‍රීඩාංගණය පවිත්‍ර කළ ආකාරය.

රටක් වෙනස් වෙන්නට නම් ආකල්ප වෙනස් විය යුතුමය. ❤️

පන්දුවාර 21 ක් නිමයි. ඇෆ්ගනිස්තානය ළකුණු 87 කඩුලු 03 යි. ඊබ්‍රහීම් සාඩ්‍රන් - 38 (55)නජිබුල්ලා සාඩ්‍රාන් - 15 (19)කසුන් ...
30/11/2022

පන්දුවාර 21 ක් නිමයි. ඇෆ්ගනිස්තානය ළකුණු 87 කඩුලු 03 යි.

ඊබ්‍රහීම් සාඩ්‍රන් - 38 (55)
නජිබුල්ලා සාඩ්‍රාන් - 15 (19)

කසුන් රාජිත - 6.0 22 2
දනංජය ද සිල්වා - 5.0 20 1

මූල්‍ය වංචාවක් සම්බන්ධව සිරගත කළ ඇති තිළිණි ප්‍රියමාලිගේ වංචා කටයුතු සඳහා උපකාර කළ බව කියමින් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වත...
30/11/2022

මූල්‍ය වංචාවක් සම්බන්ධව සිරගත කළ ඇති තිළිණි ප්‍රියමාලිගේ වංචා කටයුතු සඳහා උපකාර කළ බව කියමින් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා වූ ඉසුරු බණ්ඩාරට සහ බොරැල්ලේ සිරිසුමන හිමිට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා අද (2022.11.30) තීරණය කළා.

කෙසේවෙතත් ජනාකි සිරිවර්ධන සහ තිළිණි ප්‍රියමාලි යන දෙදෙනා සහ තවත් තිදෙනෙක් දෙසැම්බර් 13 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළා.

තුන්වන පන්දුවාරයේදී ඇෆ්ගනිස්තානයේ පළමු කඩුල්ල ලෙස රහමදුල්ලා ගුර්බාස් ක්‍රීඩාංගණයට හරවා යවන්නට කසුන් රාජිත සමත් වුණා. මෙය...
30/11/2022

තුන්වන පන්දුවාරයේදී ඇෆ්ගනිස්තානයේ පළමු කඩුල්ල ලෙස රහමදුල්ලා ගුර්බාස් ක්‍රීඩාංගණයට හරවා යවන්නට කසුන් රාජිත සමත් වුණා.

මෙය පළකරන මොහොතේ ඇෆ්ගනිස්තානය

16 - 1 (4.0)

රහමට් 5 (06)
ඊබ්‍රහීම් 6 (06)

මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරික්ෂා කිරීම ලබන වසරේ මුල සිට බස්නාහිර  පළාතෙන් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන...
30/11/2022

මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරික්ෂා කිරීම ලබන වසරේ මුල සිට බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව කොකේන්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන පදවන රියදුරන් පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය වන උපකරණ 5000 ක්, මේ වන විටත් පොලීසියට ලබා දී ඇති අතර මාර්ගයේදීම ඔවුන් පරික්ෂා කිරීම අරමුණු කෙරේ. වසරකට මාර්ග රිය අනතුරු නිසා මරණ 400 පමණ වාර්තා වන අතර එය අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් පුද්ගලයින් සිව්දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ සැකකරු...
30/11/2022

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් පුද්ගලයින් සිව්දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් ගනේමුල්ල සහ රාගම ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ඉන් එක් පුද්ගලයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිපිල්ලැව, ගනේමුල්ල ප්‍රදේශයේ කුලී කාමරයක නවාතැන්ගෙන සිටියදීය.

එහිදී වෙනත් තැතැත්තෙකුට අයත් විදෙස් ගමන් බලපත්‍රයක්, රියදුරු ගමන් බලපත්‍රයක් සහ වෑන් රථයක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු බංගලාවත්ත, කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක පුද්ගලයකි.

අනෙක් පුද්ගලයින් තිදෙනාද හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඇල්විටිවෙළ රාගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව ඇත.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මි.ග්‍රෑ. 580 ක්, ජංගම දුරකථනටක් විද්‍යත් තරාදියක් සහ යතුරු පැදියක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

අදාළ මෙම පුද්ගලයන් තිදෙනා රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23,24 වයස්වල පසුවේ.

Address


Telephone

94769719841

Website

Alerts

Be the first to know and let us send you an email when News Link posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to News Link:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share