06/03/2023
🪦| Tom Sizemore: Saving Private Ryan actor dies at 61 after brain aneurysm
අපි කවුරුත් ආදරේ කරපු චරිතයක් ජීවිතයෙන් සමු අරන් තියෙනව... අපි පට්ට පොඩි කාලෙ ගෙම්බා මොනිටර් එකක් ලග වාඩිවෙලා කම්පියුටරයක් ගැන මෙලෝ අටමගලක් නොදන්න කාලෙක, ගේම් එකක් ගැන නොදන්න කාලෙක හරිම ආසාවෙන් ප්ලේ කරපු GTA:Vice City මතකද? එන්න ඒකේ ඉඳපු අවසාන බොස්.. එහෙම නැත්තම් ගේම් එකේ ප්රධාන සතුරා වෙන "සෝනි ෆොරෙලි" ට හඬ ලබා දුන් නිසා ලෝක ප්රසිද්ධ වුන හොලිවුඩ් සිනමාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වෙන Tom Sizemore තමයි මෙහෙම ජීවිතෙන් සමු අරන් තිබුනේ... ඒ වගේම ඔහු සුප්රසිද්ධ Saving Private Ryan චිත්රපටයේද රංගනයේ යෙදුනා.
1961 නොවැම්බර් 29 වෙනිදා උපත ලබපු Thomas Edward Sizemore Jr. කියන්නෙ ඇමරිකානු නළුවෙක්, චිත්රපට නිෂ්පාදකවරයෙක්, හඬකැවීම් ශිල්පියෙක්, ගායකයෙක්.. ටොම් කියන්නේ Born on the Fourth of July (1989), Harley Davidson and the Marlboro Man (1991), Passenger 57 (1992), True Romance (1993), Natural Born Killers (1994), Strange Days (1995), Heat (1995) යන සිනමා නිර්මාණයන්ගේ සහය භූමිකාවන් රඟ දැක්වීම සඳහාද, The Relic (1997), parts in Devil in a Blue Dress (1995), Bringing Out the Dead (1999),Witness Protection (1999), Saving Private Ryan (1998),Black Hawk Down (2001), Pearl Harbor (2001),Twin Peaks (2017) යන සිනමා නිර්මාණයන් වල ප්රධාන චරිත රඟ දැක්වීම වෙනුවෙන් මහත් ප්රසිද්ධියක් ඉසිලූ කෙනෙකුද වෙනව... ඒ වගේම The Bystanders ලෙසින් හැදින් වූ ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමේද මුල් සාමාජිකයෙක් වෙනවා Tom ගේ දක්ෂතා නිසා Best Actor, Best Supporting role වගේ Awards කිහිපයකුත් මොහුට ලැබී තිබුනා.
මොළයේ ඇනුරිසම් තත්වයක් නිසා කලක පටන් පීඩා විඳි Tom 2023 මාර්තු 03 වැනිදා සිය ජීවන රඟ මඩලට සමු දුන්නා.. මිය යන විට ඔහු 61 වන වියේ පසු වුනා..
GTA: Vice City ප්ලේ කරපු කෙනෙකුට සෝනි විසින් ටොමීට කියන මුලු ගේම් එකම උඩු යටිකුරු කරපු දෙබස අමතකත් නැතුව ඇති!
“ That was my money Tommy, MY MONEY!”
✍️Dilantha Jayasanka