ආදරයට ආදරෙන්

  • Home
  • ආදරයට ආදරෙන්

ආදරයට ආදරෙන් ~~~~ ආදරයට ආදරෙන්~~~~

~~~~ ආදරයට ආදරෙන්~~~~
අපේ දේවල් බලන්න එන්න අප හා එක්වන්න.
අපට |█|Like|█| එකක් දාන්න
යාලුවන්ටත් බලන්න |█|Share|█| පාරකුත් දාලම යම යන්න
~~~~ ආදරයට ආදරෙන්~~~~

26/02/2023

නෙලා ගැනුමට නොහැකී වුවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවට හිර කිරීමය...

18/12/2022

පෙම්වන්තයින් සේ සිනාසී💕❤️

17/12/2022

බලෙන් කවදා වත් ලබනු බැරි දේ ආදරයයී❤️

දවසක් රට ඉඳලා ආපු යාලුවෙක් හම්බ වෙන්න ගියා. ඉතිං ඔහු රට ඉඳන් ගෙනාපු දේවල් ගැන වර්ණනා කරනවා.ඔහු ඉතා වටිනා Washing machine...
27/11/2022

දවසක් රට ඉඳලා ආපු යාලුවෙක් හම්බ වෙන්න ගියා. ඉතිං ඔහු රට ඉඳන් ගෙනාපු දේවල් ගැන වර්ණනා කරනවා.

ඔහු ඉතා වටිනා Washing machine එකක් ගෙනත් තිබුණා. එය සාමාන්‍ය Washing machine එකකට වඩා හතර පස් ගුණයක් මිලෙන් වැඩි.

" මචං මේකෙ උණුවතුර දාලා රෙදි හෝදන්න පුළුවන්. ඒකමයි මම ගත්තෙ "

අවුරුද්දකට විතර පස්සෙ නැවතත් මම ඔහූගෙ ගෙදර ගියා. මට ඔහුගෙ Washing machine එක මතක් උනා.

" කොහොමද මචං Washing machine එකේ උණු වතුරෙන් හෝදන වැඩෙන් ප්‍රතිඵලයක් තියෙනවා ද...? "

" උඹට කියන්න මචං ගෙනාවට පස්සෙ ඒක පාරක්වත් උණු වතුරෙන් හේදුවෙ නෑ "

තව එක චූටි කතාවක් කියන්නම්..

තවත් යාලුවෙක් හිටියා ලස්සනම ලස්සන ගෙයක් හැදුවා. එය තුන් මහල් නිවසක්. හැමෝම කිව්වා තට්ටු දෙකට හදමු කියලා. නෑ මොහුට ඕන උනා තට්ටූ තුනට හදලා Roof top එක නිදහසෙ ඩ්‍රින්ක් එකක් දාන්න, පාර්ටි දාන්න හදන්න.

දැන් ගේ හදලා වසර 04 ක් විතර වෙනවා. මාත් සෑහෙන සම්භාෂණ වලට ගිහින් තියෙනවා ඒත් කවදාවත් Roof top එක පාවිච්චි කරේ නෑ.

" ඇයි මචං Roof top එකේ set වෙන්න තිබුණානෙ."

" පිස්සුද බං උඩම තට්ටුවට බෝතල්, බයිට් අදින්න ගියාම පන යනවනෙ. කාලෙකින් තුන්වෙනි තට්ටුවට ගිහිනුත් නෑ. ඒකට යන්නෙ අතුගාන්න, අස්පස් කරන්න විතරයි "

තව උදාහරණ ඕන තරම් තියෙනවා. අපි අපේ ජීවිත වලට ආපහූ හැරිලා බලපුවාම මේ වගේ අනවශ්‍යය දේවල් වලට කොච්චර වියදම් කරලා ඇද්ද.

තමන් දෙයක් ආශාවෙන් ගන්න යද්දි, කරන්න යද්දි එහි අනාගත යථාර්ථය ගැන කල්පනා කරන්න.

අපි ලක්ෂ ගාණක් දීලා Phones ගන්නවා. සමහරවිට ජීවිත කාලේම අපි කරලා තියෙන්නේ Calls ගන්න එක විතරමයි.

සමහර වෙලාවට අපි Fully option කියලා ගන්න වාහනේක ජීවිත කාලේම පාවිච්චි නොකරපු Options තියෙනවා. සමහර Options අපි දන්නෙත් නෑ.

ඒත් අපි ජීවිතේට පාවිච්චි නොකරපු Options වලට වැඩිපුර හෙන ගානක් ගෙවලා තමයි අරගෙන තියෙන්නේ.

අද ඉදන්ම ජීවිතේ අලුතෙන් හිතන්න පටන් ගමූ. ජීවිතේ අනවශ්‍යය දේවල් වලට නාස්ති කරන එක නතර කරමු. බඩූ භාණ්ඩ විතරක් නෙවේ ජීවිතේට ලං කරගෙන ඉන්න ඒත් මෙලෝ වැඩක් නැති පුද්ගලයන්ව පවා ජීවිතෙන් අයින් කරමු.

©️නිලන්ත සත්සර

16/11/2022
15/11/2022

දුක දැනෙන ඇඩෙන මේ ඇස් දෙකට...
ආදරේයි කිවේ ඇත්තට නොවෙද...

පුංචි කතාවක්, කියවලාම බල්න්න. " මම ලබන මාසෙ marry කරනවා " 🥀මහ රෑ දොලහයි ගානකටWhatsapp එකෙ උඩම පින් කරලා තිබුනු chat එකෙන...
12/11/2022

පුංචි කතාවක්, කියවලාම බල්න්න.
" මම ලබන මාසෙ marry කරනවා " 🥀

මහ රෑ දොලහයි ගානකට
Whatsapp එකෙ උඩම පින් කරලා තිබුනු chat එකෙන්
මාස ගානකට පස්සෙ එකම එක මැසෙජ් එකක් ඇවිත් තිබුනා..♥️

මන් හිතුවෙ නෑ
කවදාවත් එයා මාව අන්බ්ලොක් කරයි කියලවත්,
අඩුම මෙහෙම මැසෙජ් එකක් එවයි කියලවත්..☺️

එච්චර ඉක්මනට 🙂
අවුරුදු ගානක් අපි ආදරේ කරපු කාලෙ
මම වැඩියෙන්ම ඔයා එක්ක ඉන්න
හීන දැකපු
ජීවිතේ ලස්සනම මොහොත,

තව මාසෙකින් ඒ අතම
වෙන කෙනෙක් අල්ලන් ඉන්නවා කියලා
දැනගන්න ලැබුන එක..😫

මැසෙජ් එක unseen නොකරම නිදාගන්න කියලා හිතන්
ඇස් පියාගත්තත්
ඇස් අස්සෙත් මගෙ කරුමෙටම මැවුනෙත්,
ඔයා එදාට ඒ මනුස්සයා එක්ක හරි ආදරේන් ඒ අත අල්ලන් ඉන්න එක..🙂

- ම්ම් ♥️
කොච්චර හොදද

- Wish කරනවා ඔය දෙන්නට මන් ♥

මට වෙන කියන්න දෙයක් තිබුනෙ නැහැ
මුලු අතම වෙව්ලනවා
ඇස් වල කදුලු පිරිලා
හරි අමාරුවෙන් මම එහෙම යැව්වා..

+ ඔයා එනවද

- ආ මන් බලන්නම් ☺️

+ රිද්දන්න හිතාගෙන කිව්වෙ නැහැ.
ඔයා තවත් බලන් ඉදී කියලා හිතලයි කිව්වෙ.
කැමැතිනම් විතරක් එන්න.☺️
මම බල කරන්නැහැ ඔයාට.

එහෙම්ම ලස්සනට Design කරපු
Invitation card එකත් එයා මට එවලා තිබුනා..

- හරි ☺️

තවම ඔයාව මතක් වෙනවා
තවම ඔයාව ඕනෙ හිතෙනවා
ඇයි මෙහෙම ඉක්මනට වෙනස් වුනෙ
ඇයි මෙච්චර ඉක්මනට ඈතට ගියෙ

කියලා දාහක් මැසෙජ් දාන්න හිතුනත්
තවත් එයාගෙ අනාගතේට
බාධාවක් කරලා
එයාගෙ හිත මගෙ තැන තියන්න ඕන කමක් නැති නිසාම,

මන් ඒ මැසෙජ් ටික ටයිප් කරලා එහෙමම මකලා දැම්මා..

ඔයා එදාට
අපි එ දවස්වල හීන දැක්ක වගෙ
එයා එක්ක ඉදී
මාත් එක්ක උන්නට වඩා
එයා එක්ක ආදරේන් එදාට හිනාවෙලා ඉදී

ඉතින් මට සමාවෙන්න ,

එ හිනාව දකින්න
මට එදාට ඔයාව බලන්න එන්න තරම් හයියක් නැතිවෙයි..!🤍✨

පරිස්සමින් සතුටින් ඉන්න

#විහා

නුබව ගන්න මා
මැව්ව හීනේ බොද වී ගියා...
පින් මදි උනාද සසරේ
මගෙ වෙනු සදා...
දුක් එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා..
මේ සුභ පැතුම් ඔබටයි ලදේ...

Crpd විහා

11/11/2022

හිත රිදුන හැමදාම සැනසූවෙ මං නේද
කවුරුත් නැතිදාක තනි මැකුවෙ වෙන කවුද..🥺♥

කුඩා පිරිමි ළමයෙක් කුඩා දැරියකට මෙසේ කීවේය.- මම ඔබේ BF!කුඩා දැරිය මෙසේ ඇසුවාය.- BF යනු කුමක්ද?පිරිමි ළමයා සිනාසෙමින් මෙස...
10/11/2022

කුඩා පිරිමි ළමයෙක් කුඩා දැරියකට මෙසේ කීවේය.
- මම ඔබේ BF!
කුඩා දැරිය මෙසේ ඇසුවාය.
- BF යනු කුමක්ද?
පිරිමි ළමයා සිනාසෙමින් මෙසේ පිළිතුරු දුන්නේය.
- ඒ කියන්නේ හොඳම මිතුරා. Best Friend !
පසුව ඔවුන් පෙම් සබඳතාවක් පැවැත්වූ අතර තරුණයා දැරියට මෙසේ කීවේය.
- මම ඔබේ BF!
දැරිය තරුණයාගේ උරහිසට සැහැල්ලුවෙන් හේත්තු වෙලා ලැජ්ජාවෙන් ඇහුවා.
- BF යනු කුමක්ද?
පිරිමි ළමයා පිළිතුරු දුන්නේ:
- ඒ පිරිමි මිතුරා! Boy Friend !
වසර කිහිපයකට පසු ඔවුන් විවාහ වී, ආදරණීය දරුවන් සිටි අතර, ස්වාමිපුරුෂයා නැවතත් සිනාසෙමින් තම බිරිඳට මෙසේ කීවේය.
- මම ඔබේ BF!
බිරිඳ සිය සැමියාගෙන් මෘදු ලෙස මෙසේ ඇසුවාය.
- BF යනු කුමක්ද?
ස්වාමිපුරුෂයා ඔවුන්ගේ ආදරණීය හා ප්‍රීතිමත් දරුවන් දෙස බලා මෙසේ පිළිතුරු දුන්නේය.
- ඒ බබාලගේ තාත්තා! Babies' Father !
ඔවුන් මහළු වියේදී, එකට වාඩි වී ඉදිරිපස ආලින්දයේ සිට හිරු බැස යන ආකාරය දෙස බලා සිටින අතරතුරේ, මහලු මිනිසා තම බිරිඳට මෙසේ කීවා.
- මම ඔබේ BF!
මහලු කාන්තාව ඇගේ රැලි වැටුණු මුහුණ ඔහු දෙසට හරවා සිනාසුණාය:
- BF යනු කුමක්ද?
මහලු මිනිසා සතුටින් සිනාසෙමින් අද්භූත පිළිතුරක් දුන්නේය.
- සදාකාලික වන්න! Be Forever !!
මරණාසන්නව සිටි මහලු මිනිසා මෙසේ පැවසූවා
- මම ඔබේ BF.
මහලු කාන්තාව දුක්බර හඬකින් පිළිතුරු දුන්නා.
- BF යනු කුමක්ද ??
මහලු මිනිසා පිළිතුරු දුන් අතර පසුව ඔහුගේ ඇස් වසාගත්තේය.
- එය සදහටම ආයුබෝවන්! Bye Forever
දින කිහිපයකට පසු මහලු කාන්තාව ද මිය ගියාය. ඇස් වසා ගැනීමට පෙර, මහලු කාන්තාව මහලු මිනිසාගේ සොහොන දෙස බලා මෙසේ කීවාය.
සදහටම ඔබ අසල ! Beside Forever !!
****************************************************

පරිවර්තනකි
උපුටාගැනීමකි❤

06/11/2022

ආදරේ.... හැමදාමත් එකවිදිහටම තියෙන්න ඔනි

"මාව දරාගන්න පුලුවන්ද....?""හ්ම්ම්ම්....""මම අනික් කෙල්ලෝ වගේ නෙවි....""අපොයි ඔව්. මං ඒක හොඳටම දන්නවා. ඒකනේ ඔයාව තෝරගත්ත...
26/10/2022

"මාව දරාගන්න පුලුවන්ද....?"

"හ්ම්ම්ම්...."

"මම අනික් කෙල්ලෝ වගේ නෙවි...."

"අපොයි ඔව්. මං ඒක හොඳටම දන්නවා. ඒකනේ ඔයාව තෝරගත්තේ...."

"ඔයාට ලේසි වෙන එකක් නෑ...."

"මං ආසයි අමාරු දේවල් කරන්න...."

"එපා වුණොත් මාව....?"

"එපා වුණොත් ආයේ මාව පොළඹවගන්න. ඒත් එහෙම වෙන එකක් නෑ. ඔයාගේ මේ වෙනසට මං මාරම කැමතියි...."

"මට වෙලාවකට ට්‍රැක් අවුට් වෙනවා...."

"ට්‍රැක් අවුට් ගෑණු තමයි ට්‍රැක් අවුට් පිරිමින්ව හරියටම දන්නේ...."

"මං වෙලාවකට ඔහේ කියවනවා...."

"ඒක හොඳයි. ඔයා ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ මගෙත් එක්ක...."

"මං වෙලාවකට සයිලන්ට් වෙනවා...."

"මරුනේ.... ඒ වෙලාවට අපි දෙන්නම නිහඬතාවයේ අපූර්වත්වය අත්විඳිමු...."

"මං උයන්න බෑ කිව්වොත්....?"

"බයවෙන්නෙපා. මට උයන්න පුලුවන්. බඩගින්නේ තියන්නෑ ඔයාව මං...."

"මං අවුලෙන් නම්....?"

"එන්න මා ගාවට...."

"මට කේන්ති ගියොත්....?"

"දන්නවා යක්ෂණියක් වගේ කියලා. මං චුට්ටක් ඉවසන්නම්. මොනා කරන්නද....?"

"ඔයාට ඇති වුණොත්....?"

"ඇතිවෙන එකක් නම් නෑ මදිවුණොත් මිසක්...."

"ඇත්තටම මාව දරාගන්න පුලුවන්ද...?"

"පුලුවන් මැණික.... ඔය හැමදේම දැනගෙනයි මං උ ඹ ට ආදරෙයි කිව්වේ..! 🤍🌻💫

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ආදරයට ආදරෙන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share