විප්ලවය

  • Home
  • විප්ලවය

විප්ලවය our mistec

28/03/2024
ආව්! ආව්! කොහොමද ඒක 😃😃හැංගි හැංගි වෙස් බැන්දට අන්තිම සටනෙදි  ජාතික ජනබලවේගයට එරහිව  සාම්ප්‍රදායික ප්‍රතිගාමී කඳවුරේ   ඔක...
15/08/2023

ආව්! ආව්! කොහොමද ඒක 😃😃

හැංගි හැංගි වෙස් බැන්දට අන්තිම සටනෙදි ජාතික ජනබලවේගයට එරහිව සාම්ප්‍රදායික ප්‍රතිගාමී කඳවුරේ ඔක්කටොම එකම වේදිකාවෙ එකට එලිපිටම තමුන්ගෙ අවසාන නැටුම නටන්න වෙන බව අපි නම් කලින් ඉඳන්ම කිව්වා..

එක් සත්‍ය කතාවක්..! චන්ඩින්ට යන කල..!-කාංචනටත් කියවීම පිණිස මාණ්ඩලික ලේඛකයෙක් ලියයි දිනය හරියටම මතක නැති නමුත් වකවානුව ර...
09/08/2023

එක් සත්‍ය කතාවක්..! චන්ඩින්ට යන කල..!
-කාංචනටත් කියවීම පිණිස මාණ්ඩලික ලේඛකයෙක් ලියයි

දිනය හරියටම මතක නැති නමුත් වකවානුව රනිල් වික්‍රමසිංහ අගමැතිව, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටි සමයයි. එකල එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ධීවර ඇමැතිවරයා වූයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද විජේසේකර ය. උන්නැහේ වත්මන් පාර්ලිමේන්තුවේ කාංචන විජේසේකර මන්ත්‍රීවරයාගේ පියාණන් ය.

සෙනසුරාදාත් ඉරිදාත් සමග පුර පොහොය දිනයක් යෙදුනු දිගු සති අන්තයක එකල 'නිජබිම' පුවත් පතේ සේවය කළ අප කිහිප දෙනෙකු දකුණට ගියේ දකුණු අධිවේගී මාර්ගය තැනීම සම්බන්ධයෙන් පැවැති වංචා දූෂණ පිළිබඳ ගවේෂණාත්මක විශේෂාංගයක් ලියනු පිණිස ය. එම වංචා දූෂණ වල චුදිතයා බවට පත්ව සිටියේ එවක ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයෙක් වූ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනය. අපගේ සංචාරයේ පළමු දිනය ගාලු දිස්ත්‍රික්කය පුරා සැරි සරමින් තොරතුරු රැස් කර ගත් අප රාත්‍රිය ගත කිරීමට තීරණය කෙළේ මාතර රුවන් ෆර්ඩිනැන්ඩස් ගේ නිවසෙහි ය. අල්ලාප සල්ලාප සංවාද විවාද මැද පුරා හඳපානේ පොල්හේන වෙරළේ කමින් බොමින් නාමින් සිටි අප නින්දට ගියේ බොහෝ රෑ බෝ වීය.

"ඒයි නැගිටපල්ලා..."
හිමිදිරි පාන්දරම රුවන් පැමිණ අපගේ දොරට තඩි බෑවේ ය. "ඒයි නැගිටපල්ලා. අන්න මරු නිව්ස් එකක් පත්තු වෙලා..!" ඔහු කීවේ ය. යන්තම් දත කට මැදගෙන මුහුණ සෝදාගෙන ඉක්මනින් අප ගියේ මාතර කොටුව වෙත ය. ඒ වන විටත් මාතර නගර වාසීහු සියයක් දෙසියයක් පමණ පිරිසක් එහි රැස්ව සිටියහ. මාතර කොටුව තුළ ඇති අධිකරණ සංකීරණය ඉදිරිපිට වසර ගණනක් පැරණි වනස්පතීන් තුන හතරක් මහ පොළොව බදාගෙන ඇද වැටී සිටියහ. ඒ වන විටත් කම්කරුවන් කිහිප දෙනෙකු ඒ මහා ගස්වල අතු කපා ඉවත් කරමින් සිටියහ. වටේට නවතා ගත් ලොරි ආදී බර වාහන කිහිපයක් ද නවතා තිබූ අතර කටයුත්තට ආරක්ෂාව දෙමින් මහින්ද විජේසේකරගේ මැර කණ්ඩායමක් ද රැකවලෙහි යෙදී සිටියහ.

රාත්‍රියේ සිදුව තිබුනේ අභාව්‍ය සිදුවීමකි. වාහන ද ගස් කපන යන්ත්‍ර ද මිනිසුන් ද පිරිවරා ගත් ඇමැති මහින්ද විජේසේකර හදිසියෙන්ම පැමිණ වාහන වල ලාම්පු එළි දක්වා එම එළියෙන් ගස් කපන්නට පටන් ගත්තේ ය. කිසිදු හේතුවක් නැතිව, බලධරයන්ගේ කිසිදු අවසරයක් නොලබා මේ කරන හිතුවක්කාර අලුගුත්තේරුකම ගැන ප්‍රශ්න කරන්නට කිසිවෙකු එහි සිටියේ නැත. ඊට මඳක් ඔබ්බෙන් පිහිටි තැනක තම හිතවත් නීතිඥ පිරිසක් සමග අඩියක් ගසමින් සිටි නීතිඥ ශිරාල් ලක්තිලකට මේ බව ආරංචි විය. ඔහු එතැන සිටි මාතර නීතිඥයන් ද සමග එහි ගියේ ය. එවකට ශිරාල් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අයෙක් වූ නිසා ඔහුට යමක් කළ හැකි යයි නීතිඥ පිරිස සිතූහ. එහෙත් සිදුවූයේ ඔවුන් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. මහින්ද විජේසේකරගේ කුණු හරුප වරුසාවකට සහ ඔහුගේ මැරයන්ගේ තර්ජනයට මුහුණ දීමට නීතිඥ පිරිසට සිදුවිය.

"තොපි දැනගනියව්..."
"තොපි දැනගනියව් මේ මාතර මට කරන්න බැරි දෙයක් නෑ. පේනවනේ..?" කියමින් මහින්ද විජේසේකර ගුගුරමින් ඒ මේ අත ගියේ ය.

නිරායුධ නීතිඥ පිරිස පසුබැස ගොස් නගරයේ පොලිසියේ පැමිණිල්ලක් දැමූහ.

ටික ටික එළිය වැටෙද්දී මාතර නගරය පුරා මේ ආරංචිය විදුලි වේගයෙන් පැතිර ගියේ ය. නාගරිකයෝ කොටුව වෙත වැල නොකැඩී එන්නට පටත් ගත්තෝ ය. පෙර දා රාත්‍රියේ අහංගම ප්‍රදේශයේ තම හිතවතෙකුගේ නිවසේ සති අන්තය ගත කරමින් සිටි එකල පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද කඩිනමින් එහි පැමිණියේ ය. මාතර එජාප නගරාධිපති නිමල් සිල්වා සහ ජවිපෙ නාගරික මන්ත්‍රී පතිරණ ද එහි පැමිණ සිටියහ. එහෙත් කිසිවෙකුට කරන්නට දෙයක් නැත. මුළු කොටුවම මහින්ද විජේසේකර සහ ඔහුගේ මැර බලයට යට වී තිබිණ. වෙනකක් තබා එකල එජාප මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද එදින මාතර කොටුවේ පිහිටි තම කාර්යාලය තුළ සිටිය ද එළිපත්තට අඩිය තබා පිටතට බැස්සේ නැත. ඔහු ඉන් පිටතට ආවේ මංගල සමරවීර ජනකාය පිරිවරා එහි යාමෙන් පසුව ය. අඩුම තරමින් ඉන් පසුව හෝ සිද්ධිය වූ තැනට නොඑන්නට ලක්ෂ්මන් යාපා ප්‍රවේශම් විය.

"ලියලා තියාගන්න මහත්තයෝ.."
මේ ජවනිකාව මෙසේ දිග හැරෙද්දී වයෝවෘද්ධ නාගරිකයෙකු බිම පෙරලා දා තිබූ මහා රුක් කඳක් දෙස කම්මුලට අත ගසා ගෙන බලා සිටියේ ය. මෙම ලියුම්කරු ඔහු වෙතට ලං වී "මාමණ්ඩි... මොකද මේ වැඩේ ගැන හිතන්නෙ..? " කියා විමසන ලද්දේ ය. ඔහු මෙසේ පිළිතුරු දිනි.

"මහත්තයෝ මේ ගස් පන්තිය අවුරුදු සිය ගානක් මේ කොටුවට, උසාවියට යන එන මිනිස්සුන්ට සෙවණ දුන්නා. මේ ගස් අපේ අනන්තවත් දුක් අඳෝනා අහන්න ඇති. ඒවායෙහි හිටපු රුක් දේවතාවුන් වහන්සේලා අපට පිහිට වෙන්නත් ඇති. දැං ඉතිං ඒ ඔක්කොම ඉවරයි. මං අද කිව්වයි කියලා ලියලා තියාගන්න. මේ අපරාදයට නම් දේව දඬුවමක් ලැබෙන එක සහතිකයි ඕං..."

ඉන් වසර කිහිපයකට පසු මහින්ද රාජපක්ෂ පාලනයට සම්බන්ධ වූ මහින්ද විජේසේකර අකුරැස්ස ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකට ලක්ව සදාකාලික කායික මානසික අබාධිත තත්ත්වයට පත්ව තවමත් ප්‍රතිකාර ලබමින්, පව් ගෙවමින් සිටියි.

-මාණ්ඩලික ලේඛකයෙක් විසිනි

Contact LEN

17/07/2023

1721 likes, 75 comments. “අනේ ඒක ඔතලා . . .”

මේ රටේ වැඩකරන ජනතාවගේ ලේ දහදිය කඳුළුවලින් ගොඩනැගුනු පුද්ගලික අංශයේ සේවකයගෙ වැටුපෙන් කපලා ඒ සේවකයන් අවුරුදු 55 න් පස්සෙ ජ...
09/07/2023

මේ රටේ වැඩකරන ජනතාවගේ ලේ දහදිය කඳුළුවලින් ගොඩනැගුනු පුද්ගලික අංශයේ සේවකයගෙ වැටුපෙන් කපලා ඒ සේවකයන් අවුරුදු 55 න් පස්සෙ ජීවත් වෙන්න තියෙන EPF අරමුදලින් තමුන්ගෙ හෙන ගහන වංචා දූෂණ නාස්තිවල පව් වහගන්න තීන්දු ගන්න මේ පාලකයන්ට යන්න වෙනම අපායවල් හදන්න වෙනවා.
බඩගින්නෙ ඉන්න රටේ ජනතාවට බදු ගහලා බෙල්ල මිරිකලා හූරගෙන කන මේ නරුම රනිල් රාජපක්ෂ පාලනය විසින් මේ රට බංකලොත් කරන්න බලපානු ලැබූ මහාපරිමාන ලෙස මහජන මුදල් අවභාවිතා කල දේශපාලන මහා හොරුන්ගෙ අල්ලස් නඩුම විතරක්.අවුරුදු හතරට 95 ක් ඉල්ලා අස්කරගෙන .
අද මේවනවිට මෙ රටේ ජනතාවට තියා හැදෙන දරුවෙකුටත් මස් කෑල්ලක් මාළු කෑල්ලක්, බිත්තරයක් තියා කිරි වීදුරුවක්වත් දීනට නොහැකි කිසිම පෝෂ්‍යදායී ආහාරයක් නැති දරුපරපුරක් රටට උරුම කරපු පව්කාර රටක් හදපු මේ දූෂිත පාලකයන් තමුන්ගෙ සියලුම පව් රටේ ජනතාවගේ ජීවිත මතට හෙනගෙඩි සේ අත අරමින් ඉන්නවා.
මහා බැංකුව මහදවල් හොරා කාපු රටේ ජනමතයෙන් ගෙදර එලපුව පල් හොරා රනිල් වික්‍රමසිංහ අද රාජපක්ෂ පල්හොරුන්ගෙ පිහිටෙන් පිනට ජනාධිපති පුටුවට ඇවිල්ලා මැතිවරන කල්දාන ගමන් මේ රටේ වැඩ කරන ජනතාවගෙ EPF අරමුදලෙන් බිලියන 3100 ක් හෙවත් ට්‍රිලියන 3.1 ක් කොල්ල කන තීන්දුව රූකඩ මහබැංකු අධිපතිත් සමග එකතුවෙලා අරන් ඉවරයි.
මේ වනවිත් ඒක නිල වශයෙන් ඔවුන් විසින්ම තහවුරු කරලාත් ඉවරයි.

( අනුරාධා හේරත්, ඉරිදා මව්බිම

රනිල් ගේ මාමා රට ව්නාශ කරපු හැටි😂😂😂
22/06/2023

රනිල් ගේ මාමා රට ව්නාශ කරපු හැටි😂😂😂

එන්න අපි සමග එකතු වී රට වෙනුවෙන් හඩක් නගන්න ව්ප්ලවය සමග එකතු වෙන්න
10/06/2023

එන්න අපි සමග එකතු වී රට වෙනුවෙන් හඩක් නගන්න ව්ප්ලවය සමග එකතු වෙන්න

10/06/2023

අපි ජිවත් වෙන්නේ ගිනි කන්දක් උඩ රට බංකොලොත් කරපු රාජපක්ෂ ලා සාපයක් මේ රටට

සැවෝම එකතු වේමු
07/06/2023

සැවෝම එකතු වේමු

😂😂😂😂
25/05/2023

😂😂😂😂

30/03/2023
නිර්දෝශි බුද්දිමත් මිනිසුන් සමග එක්ව රට ගොඩ නගමු
20/09/2022

නිර්දෝශි බුද්දිමත් මිනිසුන් සමග එක්ව රට ගොඩ නගමු

19/09/2022

රට ගොඩ නගන්න පුලුවන් ජාතික ජනබලවේගය ට පමණි දැක්මක් තියෙන්නේ ඔවුන් ට පමණි

අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු සභාපති බොබ් මෙනෙන්ඩෙස් (Bob Menendez) ප්‍රමුඛ එක්සත් ජනපද සෙනෙට් සභිකයින්, ...
19/09/2022

අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු සභාපති බොබ් මෙනෙන්ඩෙස් (Bob Menendez) ප්‍රමුඛ එක්සත් ජනපද සෙනෙට් සභිකයින්, රාජපක්ෂ පවුලේ පාලනය යටතේ පැවති දුර්වල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් ඉල්ලා සිටින සෙනෙට් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. සෙනෙට් සභික බොබ් මෙනෙන්ඩෙස්, සමඟ සෙනෙට් සභිකයින් වන ඩික් ඩර්බින් (Dick Durbin), පැට්‍රික් ලීහි (Patrick Leahy) සහ කෝරි බුකර් (Cory Booker) මෙම සෙනෙට් යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා එක්ව සිටිනවා.

“ශ්‍රී ලංකාවේ ජනතාව පීඩාවට පත් කර ඇති විනාශකාරී දේශපාලන හා ආර්ථික ව්‍යාකූලත්වය කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන අපගේ යෝජනාව ඉදිරිපත් කිරීමට මගේ සගයන් එක්වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි. සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු රට එහි දරුණුතම දේශීය අර්බුදය සමඟ පොරබදමින් සිටින විට, ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව ශක්තිමත් සහයෝගයක් ලබා දිය යුතු අතර ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් වගවීම සහ මානව හිමිකම්වලට ගරු කිරීම ප්‍රමුඛත්වය ලෙස පවතින බව සහතික කළ යුතුය. බයිඩන් පරිපාලනය, අපගේ හවුල්කරුවන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණාත්මක මානුෂීය සහ ආර්ථික ආධාර සැපයීමේ ප්‍රයත්නයන් මම අගය කරන අතර ශ්‍රී ලංකාවේ සහ පුළුල් කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාමට මගේ සගයන් සමඟ දිගටම කටයුතු කිරීමට මගේ කැපවීම තහවුරු කරමි.

සෙනෙට් සභික ඩික් ඩර්බින් කියන්නේ “දශක ගණනාවක ගැටුම්, දේශපාලන අවභාවිතය සහ ආමන්ත්‍රණය නොකළ අසමානතා වලින් පසුව, ශ්‍රී ලාංකික ජනතාව වඩා හොඳ දෙයක් අපේක්ෂා කරන බව පැහැදිලි කර ඇත. යෝජනාව හඳුන්වා දීමෙන් පෙන්නුම් කරන්නේ මෙම දිගුකාලීන නොසලකා හරින ලද අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා එක්සත් ජනපද සෙනෙට් සභාව සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උත්සාහයන් සමඟ සිටියි” යනුවෙන් බවයි.

“රාජපක්ෂ පවුල ශ්‍රී ලාංකීය ජනතාවගේ වියදමින් පොහොසත් වූ අතර ඔවුන්ගේ විරුද්ධවාදීන් නිර්දය ලෙස නිශ්ශබ්ද කර, වාර්ගික ආතතීන් අවුස්සමින් සහ රට ආර්ථික වශයෙන් කඩාකප්පල් කිරීමට ඉඩ හැරියේය. වසර ගණනාවක සිවිල් යුද්ධයෙන් සහ රජයේ වැරදි කළමනාකරණයෙන් සහ අපයෝජනයන්ගෙන් පසු, ශ්‍රී ලංකාවට වාර්ගික ඉවසීම, සාධාරණ ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් සහ යුක්තිය සඳහා කැප වූ රජයක් අවශ්‍යයි. එය එක්සත් ජනපද ප්‍රතිපත්තියේ අවධානය ද විය යුතුය”යි සෙනෙට් සභික පැට්‍රික් ලීහි පැවසීය.

සෙනෙට් සභික කෝරි බුකර් පැවසුවේ “තම රට පීඩාවට පත් කරන දරුණු ආර්ථික හා මානුෂීය අර්බුදවලට විසඳුම් සෙවීමට තම රජයට අවශ්‍ය බවට ශ්‍රී ලාංකික ජනතාව ස්ථිර පණිවිඩයක් යවා ඇත. මම ශ්‍රී ලාංකීය ජනතාව සමඟ සිටින අතර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ සාමකාමී ප්‍රයත්නයන්ට සහාය දෙමි. තවද, ශ්‍රී ලංකාවේ ජනතාවට ඉදිරියට යාමට උපකාර කිරීම සඳහා සිවිල් යුද්ධයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුක්තිය, විනිවිදභාවය සහ වගවීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව තල්ලු කළ යුතුය”යි යනුවෙන්.

ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය ප්‍රශංසා කරන අතරම, සෙනට් සභිකයන්ගේ මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සිය යුධ අපරාධ වගවීමේ යෝජනාව දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිනවා. සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව ඔවුන් සඳහන් කරනවා. අර්බුදය විසඳීමේ උත්සාහයන්හි දී විරුද්ධ පක්ෂ සහ වාර්ගික සුළුතර කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලපෑම් කරමිනුයි මෙම පිරිස තම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

Address


Alerts

Be the first to know and let us send you an email when විප්ලවය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share