Buddhist Journal

  • Home
  • Buddhist Journal

Buddhist Journal බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය සමග බැඳුනු දේවල් අන්තර් ගත කෙරේ
(3)

චීනයේ Chongqing නගරයේ පිහිටා තිබෙන බෞද්ධ සංස්කෘතිය පිළිබඳ Dazu පාෂාණ කැටයම් සහිත මෙම ගුහා සංකීර්ණය එරට දෙවන ලෝක සංස්කෘති...
25/02/2023

චීනයේ Chongqing නගරයේ පිහිටා තිබෙන බෞද්ධ සංස්කෘතිය පිළිබඳ Dazu පාෂාණ කැටයම් සහිත මෙම ගුහා සංකීර්ණය එරට දෙවන ලෝක සංස්කෘතික උරුමයක් ලෙස පිළිගැනෙයි. මෙම ගුහා සංකීර්ණය තුළ පිළිම 50,000 කට අධික සංඛ්‍යාවක් දැකිය හැකි වෙයි.
( මූලාශ්‍ර/රූදසුන් cheena sinhala handa තුලිනි )

08/01/2023
මෙම අලංකාර හිදි බුද්ධ ප්‍රතිමාව නැගෙනහිර පළාතේ පිහිටි දීඝවාපි පුදබිමේ සංරක්‍ෂණ කටයුතු සඳහා, ගඩොල් සෑදීමට පස්‌ හාරමින් සි...
30/10/2022

මෙම අලංකාර හිදි බුද්ධ ප්‍රතිමාව නැගෙනහිර පළාතේ පිහිටි දීඝවාපි පුදබිමේ සංරක්‍ෂණ කටයුතු සඳහා, ගඩොල් සෑදීමට පස්‌ හාරමින් සිටියදී, අහම්බෙන් හමුවී තිබෙනවා.

එම ප්‍රතිමාව 35cm උසකින් සහ 30cm පළලකින් යුත් ඝන ලෝකඩ කෘතියක් වෙයි. පිළිමයේ බර කිලෝග්‍රෑම් 8ක් පමණ වේ. ශ්‍රී ලාංකේය ප්‍රතිමා කලාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකිය හැකි මෙය පුරාවිද්‍යාඥයන්ගේ මතයට අනුව ක්‍රි.වර්ෂ 7-8 ශත වර්ෂ වල අනුරාධපුර යුගයට අයත්වන බවට සැලකෙයි.

09/10/2022

අද වප් පුර පසළොස්වක පොහොය දිනයයි...

අවසාන කඨින පිංකම් පැවැත්වෙන පොහොය ලෙසත්,
මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීමෙන් පසු
බුදුරජාණන් වහන්සේ දඹදිව සංකස්සපුරයට වැඩම කිරීමත්,භික්ෂුනී සාසනය මෙරට ස්ථාපිත කරන ලෙස ඉල්ලා දේවානම්පියතිස්ස රජතුමන් විසින් ධර්මාශෝක මහරජතුමන් වෙත අරිට්ඨ කුමරා ඇතුළු දූත පිරිස යවන ලද්දේත්, එහිදි උතුම් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ සමග
මෙරටට වැඩම වීමට වැඩ සැලසුනෙත් අද වැනි උතුම් වප් පුර පොහොය දිනකදීය. සියළු ලෝකවාසි බෞද්ධ ජනතාවට අධ්‍යාත්මික සුවය සතුට දැනෙන උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා !!..

28/03/2022

උරුමය...

25/03/2022

" ජීවිතය කියන්නෙ අත් හරින්නවත් , අල්ලගන්නවත් ඕන එකක් නෙවි අවබෝධයෙන් යුතුව ජීවත්කරවන්න ඕන එකක් "

21/03/2022

හුස්ම දෙන
හුස්ම රකින දෙවිවරු
වනාන්තරයි..
අපේ ' හුස්මට හුස්මක් '
පාරිසරික සත්කාරය
ඒ දෙවිවරු උදෙසාමයි...

අද ලෝක වනාන්තර දිනය(World Forest Day)යි

19/03/2022

" ඇස් දෙකින් දකිනා දෙය මනසින් සිතන්නේ මිනිසුන්ගෙන් අල්ප දෙනෙක් පමණි "
- ඇල්බට් අයින්ස්ටයින් -

15/03/2022

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානු සාසනං..

10/03/2022

" සොබාදහමට හුස්ම ගන්න දෙන්න , එවිට සොබාදහම ඔබේ හුස්මට මග අහුරන්නේ නැත "

07/03/2022

සාධූ..සාධූ..සාධූ...

06/03/2022

කුසල් අරණ සෙනසුනට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම....

04/03/2022

සතර පෝයටම සිල් සුවදින් සුගන්ධවත් වන කුසල් අරණ පුණ්‍ය භූමිය ..

02/03/2022

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
2020 වසරේ ජුනි මාසයේ දී
මානා කැලේක නයි, පොලොගුන් මැද
ආරම්භ කළ කුසල් අරණ පුණ්‍ය භූමිය
අද තුරු වියනක් යට සතර පෝයට ම සිල්සමාදන් වෙන බුද්ධ භූමියක් බවට ගොඩ නැගී තිබෙයි.
දායක වූ සියළුම පින්වතුන්ට
ඒ අමා නිවන් මග බොහෝ දුර නොවේවා!
පින්වත් ඔබට මොන තරම් සතුටක් දැනෙනවාද
සාධූ සාධූ...ගොරභීර භයානක සසර කතරින් මිදේවා!

28/02/2022

ලොව බොදු උරුමය...

27/02/2022

එක්තරා දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ අසන ලදි.

“අරණ්‍යයේ වාසය කරමින්, උදේ වරුවේ විතරක් දන් වළඳන, ශාන්ත විහරණ තියෙන මේ බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ හැඩරුව මෙච්චර ලස්සන මොකද?”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ

" උන්වහන්සේලා අතීතය ගැන ශෝක කරන්නෙ නෑ. අනාගතේ ගැන ආශාවෙන් පතන්නෙ නෑ. වර්තමානයේ ලැබෙන දේකින් යැපෙනවා. ඒ නිසයි උන්වහන්සේලා එච්චර ලස්සන. අනාගතේ ගැන ආශාවෙන් පත පතා, අතීතය ගැන ශෝක වෙවී, දුක් විඳින බාල ජනයා මැලවිලා යන්නෙ ළපටි උණබට කපලා අව්වේ දැම්මා වගේ.”

26/02/2022

ලොව උසම අමිතාභ බුද්ධ ප්‍රතිමාව ...

25/02/2022

2020 පෙබරවාරි 24 වෙනිදින අනුරාධපුර පැවති ලේ දන්දීමේ පින්කමට පැමිණි සියළු දෙනාට කුසල් අරණ 'හුස්මට හුස්මක් පැල ලක්ෂයක් ' රෝපණය කිරීමෙ ව්‍යාපෘතිය යටතේ කොස් පැලය බැගින් ලබාදීම සිදුකෙරිණි.

24/02/2022

උරුමය - කලාවැව ...

23/02/2022

අවුකන ප්‍රතිමා වහන්සේ ...

22/02/2022

තායිලන්තයේ සාම්ප්‍රදායික බුදුන් දස දහසක් මංගල්‍යය...

21/02/2022

"ක්‍රීඩකයාට පිට්ටනිය මෙන්,කිමිදුම් කරුවාට තටාකයක් මෙන්,සියළු සත්වයාට මහපොළොව මෙන්, උතුම් මිනිසත් බවට ශීලය තරම් වටිනා දෙයක් ලොව නැත. දුර්ලභ ව ලැබුනු මිනිසත් බව ආරක්ෂා කරගන්න දැඩිව අධිෂ්ඨානය කර ගනිමු.සියළු සත්වයාට පිහිට වෙමු.ශාන්තව සතුටින්ම හුස්මක් ගානෙම සිහිය පිහිටවමු "

පූජ්‍යපාද මහියංගනේ ධම්ම කුසල හිමි

20/02/2022

අතක් වැනි අත්තක් මතුවූ බෝධිය
------------------------
ජනතාවගේ භක්ත්‍යාදරයට පාත්‍රවන වසර වසර දහස් ගණනක් තරම් ඉපැරණි යැයි සැලකෙන මෙම බෝධි වෘක්ෂය චීනයේ Yunnan පලාතේ Shangri-la ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. විශේෂ බෝධියකි. මෙම වෘක්ෂය චීන ශිෂ්ටාචාරයේ ආරම්භය හා වර්ධනය පිළිබඳ සාක්ෂියක් ලෙසින්ද සැලකෙන අතර මෑතකදී මෙම බෝධිය සමීපයෙන් පර්වතය තුළින් මතු වූ මිනිස් හස්තයක් වැනි අත්තක් තිබෙනු දැකිය හැකිවී තිබෙනවා. එය බෝධිය කෙරෙහි පවතින මානව භක්තිය පිළිබඳ කිසියම් සංකේතයක් ලෙසින් මත පලවී තිබෙනවා.

18/02/2022

අපේ උරුමය...

16/02/2022

අද නවම් පුර පසළොස්වක පොහොය දිනයයි..

ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් සම්මා සම්බුදු රජාණන්වහන්සේ වෙතින් අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේත්, ගෞතම බුදු සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේත්, භික්ෂු සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත්, පන්සාලිස් වසක් පුරාවට ශ්‍රී සද්ධර්මයෙන් තුන්ලොව නිවා සනසාලූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ, පිරිනිවන් පෑවැදෑරීමට ආයු සංස්කාරය අත් හළේත් අදවැනි උතුම් නවම් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Buddhist Journal:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share