අධික වර්ෂාපතනය තියෙන දවස්වලට ගංවතුර කළමනාකරණය කරන්න ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඒකාබද්ධ මධ්‍යස්තානයක් පටන් අරගෙනමේකෙන් කරන්නේ අධික වර්ෂාව තියෙන දිනවල ඩුබායි හි මාර්ග හැකි තරම් ආරක්ෂිත බව සහතික කරන එකත් ඒ වගේම ගමනාගමනය අධීක්ෂණය සහ කළමනාකරණය කරන එකත්අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා ප්‍රතිචාර සැලසුම් අධීක්ෂණය කිරීමටත් ගංවතුරේ බලපෑම මැඩලීමට සහ අවම කිරීමට කණ්ඩායම් යැවීමට බලාපොරොත්තු වෙනවාඩුබායි පොලිසිය, ඩුබායි මහ නගර සභාව, මොහොමඩ් බින් රෂීඩ් නිවාස ආයතනය සහ ප්‍රධාන සංවර්ධන ප්‍රදේශවල නියෝජිතයින්ගේ සහයෝගයෙන් තමයි මේ වැඩේ කරන්නේSource - The National
හිඟ මුදල් ගෙව්වට පස්සේ අරගෙන තියෙන අධිකරණ තින්දු අවලංගු කරන පද්දතියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හදුන්වා දි තිබෙනවාඅබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව දැනටමත් ගෙවීම් තත්ත්වය නිරීක්ෂණය කරන නව ක්‍රමය අනුගමනය කර වගඋත්තරකරුන් හිඟ ගෙවීම් සම්පූර්ණ කළ පසු එය මුල් අධිකරන තීරණය අවලංගු කරනවා මෙම නව ක්‍රමය හින්දා ගෙවීම් සහ අවලංගු කිරීමේ සාක්ෂිවලට අදාළ ලේඛන එක්රැස් කිරීමේ කරදරයක් පුද්ගලයන්ට ඇතිවෙන්නේ නැහැනොගෙවීම හින්දා සංචාරක තහනමක් තියෙනවා නම් ස්මාර්ට් යෙදුම හරහා අවලංගු කිරීමේ තීරණයේ පිටපතක් බාගත කර ගන්න පුලුවන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරලා නම් හෝ මුදලක් ගෙවීමට අපොහොසත් වීම හින්දා බැංකු ගිණුම් අත්පත් කර ගැනීමේ නියෝග සම්බන්ධයෙන් උනත් අවලංගු කිරීමේ පිටපත ඉදිරිපත් කරන්න පුලුවන්Source - Khleej Times
ජනවාරි 15 ඉඳලා, නොල් කාඩ්පත් සඳහා අවම ටොප්-අප් මුදල Dh20 දක්වා වැඩි කරලා තියෙනවාඒ උනාට මේක අදාළ වන්නේ ටිකට් කාර්යාලවලින් Nol කාඩ්පත් ටොප්-අප් කරගන්නා අයට විතරයිමෙහෙම ගනන් ඉහළ දාලා තියෙන්නේ මෙට්‍රෝ දුම්රිය ස්ථානවල කාර්යාලවල පෝලිම් අඩු කිරීම අරමුණු කරන්න කියලයි කියන්නේSource - Khleej Times