FactsFusion

FactsFusion Explore the Multiverse of Knowledge

25/12/2023
ඉදිරි වසර 5 (2023-2027) තුළ දී ලොව ප්‍රමුඛ ස්ථානය ගන්නා තාක්ෂණයන් 10 ලෝක ආර්ථික සංසදය මගින් ඉදිරිපත් කර තිබේ. මෙම තොරතුර...
24/12/2023

ඉදිරි වසර 5 (2023-2027) තුළ දී ලොව ප්‍රමුඛ ස්ථානය ගන්නා තාක්ෂණයන් 10 ලෝක ආර්ථික සංසදය මගින් ඉදිරිපත් කර තිබේ. මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ ලොව පුරා විවිධ ආයතන ගණනාවක් ඇසුරින් කළ අධ්‍යනයක් ඇසුරිනි.

මූලාශ්‍ර: https://www.weforum.org/agenda/2023/05/future-of-jobs-technology-skills-workplace/?utm_content=23%2F12%2F2023+03%3A00&utm_medium=social_scheduler&utm_source=linkedin&utm_term=Davos+Agenda

සටහන:FactsFusion
2023.12.24

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

Google යන වචනය නොදන්නා කිසිවෙකු වර්තමාන ලෝකය තුළ නොමැති තරම්‍ ය. Googleහි බලපෑම කෙතරම් ද කිවහොත් අද වන විට Search යන ක්‍...
22/12/2023

Google යන වචනය නොදන්නා කිසිවෙකු වර්තමාන ලෝකය තුළ නොමැති තරම්‍ ය. Googleහි බලපෑම කෙතරම් ද කිවහොත් අද වන විට Search යන ක්‍රියා පදය වෙනුවට Google යන්න ක්‍රියා පදයක් බවට පත් වී තිබේ.

1998 වර්ෂයේ දී අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් ලෙස, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරූ පරිගණක විද්‍යාඥයින් දෙදෙනෙකු වන ලැරී පේජ් සහ සර්ගෙයි බ්‍රින් සිදු කළ ව්‍යාපෘතියක් වූ Google, අද වන විට ලොව සුපතළ බහුජාතික තාක්ෂණික සමාගමක් දක්වා වර්ධනය වී තිබේ. මේ වන විට artificial intelligence, online advertising, search engine technology, cloud computing, computer software, quantum computing, e-commerce, සහ consumer electronics ආදි බහුවිධ තාක්ෂණික ක්ෂේත්‍රයන් ආවරණය කරමින් පුළුල් ආයතනයක් බවට පත්ව ඇති Google සමාගම හඳුන්වන්නේ “ලොව බලවත්ම සමාගම” ලෙසයි.

2023 වර්ෂයේ දී Google සමාගම තම 25 වන සංවත්සරය සමරන අතර මෙම කාලය තුළ Google සෙවුම් වල සටහන් වූ වාර්තාගත සෙවුම් කිහිපයක් එම සමාගම විසින් නිකුත් කර තිබේ.

මූලාශ්‍ර: https://www.youtube.com/watch?v=3KtWfp0UopM&pp=ygUXZ29vZ2xlIDI1dGggYW5uaXZlcnNhcnk%3D

සටහන:FactsFusion
2023.12.22

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

💃🏃‍♂️ව්‍යායාම: නැටුම්, ශරීර සුවතා ව්‍යායාම, යෝග හෝ ඔබ ප්‍රිය කරන ඕනෑම ශාරීරික ක්‍රියාකාරකමක නිතිපතා නිරත වන්න. ව්‍යායාම ...
08/12/2023

💃🏃‍♂️ව්‍යායාම:
නැටුම්, ශරීර සුවතා ව්‍යායාම, යෝග හෝ ඔබ ප්‍රිය කරන ඕනෑම ශාරීරික ක්‍රියාකාරකමක නිතිපතා නිරත වන්න. ව්‍යායාම මගින් එන්ඩොර්ෆින්, ඩොපමයින් සහ සෙරොටොනින් මුදා හැරීම උත්තේජනය කරයි. සතුට පිළිබඳ හැඟීම් වර්ධනය කරන අතරම ආතතිය අඩු කරයි.

🥗🍲🍝සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්:
Omega-3 මේද අම්ල, විටමින් සහ ඛනිජ ලවණ බහුල ආහාර පරිභෝජනය කරන්න. මාළු සහ වොල්නට්ස් වල ඇති Omega-3 මොළයේ සෞඛ්‍යය සහ මනෝභාවයන් (moods) නියාමනය කිරීමට සහාය වේ. මීට අමතරව, කෙසෙල් වැනි ආහාර සහ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්, සෙරොටොනින් නිෂ්පාදනයට උපකාරී වේ.

හිරු එළිය සහ පරිසරය☀️🍂:
ස්වභාවික ආලෝකයේ, එළිමහනේ කාලය ගත කිරීම සෙරොටොනින් මට්ටම් ඉහළ නංවයි. හිරු එළියට නිරාවරණය වීම ඔබේ ශරීරයේ අභ්‍යන්තර යහපැවැත්ම නියාමනය කිරීමට සහ මනෝභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

භාවනාව🧎‍♀️:
භාවනාව, ගැඹුරු හුස්ම ගැනීම වැනි පුරුදු මගින් සෙරොටොනින් සහ ඩොපමයින් මට්ටම් වැඩි කරන අතරම කෝටිසෝල් වැනි ආතති හෝමෝන අඩු කළ හැකිය. ඒවා සන්සුන් මනසක් සහ චිත්තවේගීය සමතුලිතතාවය ප්‍රවර්ධනය කරයි.

👩‍❤️‍👨👨‍👩‍👧සමාජ සම්බන්ධතා:
ධනාත්මක සබඳතා සහ සමාජ අන්තර්ක්‍රියා වර්ධනය කිරීමෙන් බන්ධන හෝමෝනය වන ඔක්සිටොසින් වැඩි කළ හැක. අර්ථවත් සංවාදවල නියැලීම, ආදරණීයයන් සමඟ කාලය ගත කිරීම හෝ ස්වේච්ඡාවෙන් සේවය කිරීම, සතුටුදායක හැඟීම් ඇති කිරීමට දායක වේ.

යහපත් නින්ද😴:
යහපත් නින්දක් ලබා ගැනීමට ප්‍රමුඛත්වය දෙන්න. හොඳින් විවේකීව සිටින ශරීරය සෙරොටොනින් වඩාත් ඵලදායී ලෙස නිපදවයි. එනිසා විවේකී නින්දක් ලබා ගැනීමට සුදුසු දින චර්යාවක් සාදාගන්න. වඩාත් යහපත් විවේකයක් සඳහා සුවපහසු නිදන පරිසරයක් සකසා ගන්න.

සිනහව ගෙනෙන ප්‍රීතිමත් ක්‍රියාකාරකම්😊😄🤗:
ප්‍රීතිය සහ සිනහව ගෙන දෙන ක්‍රියාකාරකම්වල නියැලීම, ස්වාභාවික වේදනා නාශක සහ මනෝභාවය වැඩි කරන්නන් ලෙස ක්‍රියා කරන එන්ඩොර්ෆින් මුදා හැරීමට හේතු වේ.

🙏🫂කරුණාව සහ කෘතඥතාවය:
කරුණාව ප්‍රගුණ කිරීම සහ කෘතවේදීත්වය ප්‍රකාශ කිරීම තුළින් සෙරොටොනින් සහ ඩොපමයින් මට්ටම් ඉහළ නංවයි.

🫀මෙම පිළිවෙත් ඔබේ දෛනික ජීවිතයට ඇතුළත් කර ගැනීමෙන්, ඔබට ස්වභාවිකවම ඔබේ ප්‍රීතිමත් හෝමෝන වර්ධනය කර ගත හැකි අතර වඩාත් ධනාත්මක සහ සමබර මනසක් සහිත දිවි පැවැත්මක් ඇති කර ගත හැකි වනු ඇත.🧠

මූලාශ්‍ර: අන්තර්ජාල ලිපි

සටහන:FactsFusion
2023.12.08

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

මෙගා වොට්192ක බලශක්තිය නිපදවන පාවෙන සූර්ය බලාගාරයක් Cirata නමින්, ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ, ජාකර්තා අගනුවර සිට 130...
06/12/2023

මෙගා වොට්192ක බලශක්තිය නිපදවන පාවෙන සූර්ය බලාගාරයක් Cirata නමින්, ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ, ජාකර්තා අගනුවර සිට 130km දුරින් පිහිටි ජලාශයක් මත ඉදි කර තිබේ. ඩොලර් මිලියන 100ක ආයෝජනයකින් ඉදිකරන ලද මෙම පාවෙන සූර්ය බලාගාරය අග්නිදිග ආසියාවේ විශාලතම සූර්ය බලාගාරය වන අතර එය ගිගා වොට් 1ක ජලවිදුලි ධාරිතාවකින් යුත් හෙක්ටයාර 200ක් වන ජලාශයක් මත ඉදිකර ඇත.

මෙම ව්‍යාපෘතිය නිර්මාණය සහ සංවර්ධනය සිදු කරන ලද්දේ Perusahaan Listrik Negara (ඉන්දුනීසියාවේ විදුලි බලය බෙදා හැරීමේ ඒකාධිකාරයක් ඇති සහ රටේ විදුලි බලයෙන් බහුතරයක් ජනනය කරන ඉන්දුනීසියානු රජයට අයත් සංස්ථාවකි) අනුබද්ධිත PLN Nusantara Power සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Masdar විසිනි.

Cirata පාවෙන සූර්ය බලාගාරය PV පැනල 340,000කින් බල ගැන්වෙන අතර එමඟින් පිරිසිදු විදුලිය මෙගාවොට් 192ක් ජනනය වේ. ප්‍රකාශ වෝල්ටීයතා ලෙසද හැඳින්වෙන සූර්ය විදුලි පැනල (PV පැනල), සූර්යයාගේ ශක්තිය ග්‍රහණය කර ඔබේ නිවසේ භාවිතා කළ හැකි විදුලිය බවට පරිවර්තනය කරයි. මින් නිපදවන විදුලිය ඉන්දුනීසියානු නිවාස 50,000 ක අවශ්‍යතා සපුරාලනු ඇත.

මූලාශ්‍ර: https://www.power-technology.com/news/cirata-floating-solar-indonesia/?cf-view
https://youtu.be/f2zH5KSR9Ow
https://www.youtube.com/watch?v=4de9nP3U7-8&pp=ygUGY2lyYXRh

සටහන: FactsFusion
2023.12.06

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

ගෝලීය නවෝත්පාදන දර්ශකය (GII) යනු කෝනෙල් විශ්ව විද්‍යාලය සහ INSEAD ආයතනය සමඟ සහයෝගයෙන් ලෝක බුද්ධිමය දේපල සංවිධානය (WIPO) ...
05/12/2023

ගෝලීය නවෝත්පාදන දර්ශකය (GII) යනු කෝනෙල් විශ්ව විද්‍යාලය සහ INSEAD ආයතනය සමඟ සහයෝගයෙන් ලෝක බුද්ධිමය දේපල සංවිධානය (WIPO) විසින් ප්‍රකාශයට පත් කරන වාර්ෂික වාර්තාවකි. එය ලොව පුරා රටවල නවෝත්පාදන හැකියාවන් සහ කාර්ය සාධනය ශ්‍රේණිගත කර විශ්ලේෂණය කරයි.

මෙම දර්ශකය මගින් ආයතන, මානව ප්‍රාග්ධනය සහ පර්යේෂණ, යටිතල පහසුකම්, වෙළඳපල සංකීර්ණත්වය, ව්‍යාපාර සංකීර්ණත්වය, දැනුම සහ තාක්‍ෂණ ප්‍රතිදානයන් සහ නිර්මාණාත්මක ප්‍රතිදානයන් ඇතුළුව නවෝත්පාදනයට අදාළ විවිධ සාධක තක්සේරු කරයි. ප්‍රතිපත්ති සම්පාදකයින්ට, ව්‍යාපාරවලට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට ඔවුන්ගේ නවෝත්පාදන උපාය මාර්ග ඇගයීමට සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට හැකි වන පරිදි විවිධ ආර්ථිකයන් හරහා නවෝත්පාදන පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම එහි අරමුණයි.

පර්යේෂණ සහ සංවර්ධන වියදම්, ගොනු කර ඇති පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව, අධ්‍යාපන මට්ටම් සහ වෙනත් දර්ශක වැනි නවෝත්පාදනයන් මැනීම සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්තවල එකතුවක් මෙම දර්ශකය භාවිතා කරයි. මෙම අංශ පරීක්ෂා කිරීම හරහා, නවෝත්පාදනයන් සම්බන්ධයෙන් රටවල ශක්තීන් සහ දුර්වලතා පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර ඔවුන්ගේ නවෝත්පාදන පරිසර පද්ධති පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් සපයයි.

2023 වසරේදීත් අඛණ්ඩව 13 වන වරටත්, ස්විට්සර්ලන්තය වඩාත්ම නව්‍ය ආර්ථිකය බවට පත්වී ඇති අතර පිළිවෙලින් ස්වීඩනය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව ප්‍රථම ස්ථාන 5 අතරට පත් වී ඇත.

මූලාශ්‍ර: https://www.wipo.int/global_innovation_index/en/2023

සටහන: FactsFusion
2023.12.05

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

03/12/2023

මොළයේ රුධිර නාල හරහා වෙහෙසකින් තොරව සැරිසැරීමට රොබෝවරයෙක්!

MIT ඉංජිනේරුවන් විසින් චුම්බක භාවිතයෙන් පාලනය කළ හැකි විශේෂ රොබෝ නූලක් නිපදවා ඇත. මොළයේ ඇති දරුණු රුධිර කැටි ගැසීම ඉවත් කිරීමට එය ප්‍රයෝජනවත් විය හැකි අතර, මොළයේ ආඝාත තත්ත්වයන්ගෙන් මිනිසුන් බේරා ගත හැකිය. මෙම රොබෝව නිර්මාණය කර ඇත්තේ නම්‍යශීලී, මෘදු සහ මොළයේ පටු රුධිර නාල හරහා ගමන් කිරීමට තරම් කුඩා ලෙසය. මෙය ලොව නිපදවා ඇති සිහින්ම රොබෝවරයා ලෙස සැලකේ.

මෙම පෙරළිකාර ජයග්‍රහණය වෛද්‍ය - රොබෝ විද්‍යා ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කරන අතර ස්නායු ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව ප්‍රබල බලාපොරොත්තු ඇති කරවයි.

මූලාශ්‍ර: https://youtu.be/INSyV4dgqu8

සටහන: FactsFusion
2023.12.03

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය හැදෑරීමට යන ශිෂ්‍යයින් සඳහා හොඳම නගර තෝරා ගැනීමේ දර්ශකයට අනුව පළමු ස්ථානය එංගලන්තයේ ලන්ඩනය හිම...
01/12/2023

ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය හැදෑරීමට යන ශිෂ්‍යයින් සඳහා හොඳම නගර තෝරා ගැනීමේ දර්ශකයට අනුව පළමු ස්ථානය එංගලන්තයේ ලන්ඩනය හිමි කර ගෙන තිබේ. ජර්මනියේ මියුනිච් සහ දකුණු කොරියාවේ සෝල් නගර දෙවන සහ තෙවන ස්ථාන හිමි කරගන්නා විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය පස් වන ස්ථානය හිමි කරගෙන තිබේ.

මෙම දර්ශකයට ඇතුළත් වීම සඳහා සෑම නගරයකම 250,000 කට වැඩි ජනගහනයක් සිටිය යුතු අතර, නවතම QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි ඇතුළත් විශ්ව විද්‍යාල දෙකක් අවම වශයෙන් තිබිය යුතුය.

තෝරා ගැනීම් සඳහා සලකා බලන ප්‍රධාන සාධක හයකි. එනම් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් (University rankings), ශිෂ්‍ය මිශ්‍රණය (Student mix), ශිෂ්‍ය කැමැත්ත (Desirability), සේවා යෝජකයින්ගේ ක්‍රියාකාරිත්වය (Employer activity), දැරිය හැකි මිල (Affordability) සහ ශිෂ්‍ය හඬ (Student voice) වේ.

මූලාශ්‍ර: https://www.topuniversities.com/city-rankings/2023...

සටහන: FactsFusion
2023.11.29

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

ඔබේ සිහින චිත්‍රපටයක් මෙන් පටිගත කර නැවත වාදනය කිරීමට ඔබ කවදා හෝ සිතුවා ද? නිසැකවම ඔබේ පිළිතුර "නැත" වනු ඇත. නමුත් දැන් ...
27/11/2023

ඔබේ සිහින චිත්‍රපටයක් මෙන් පටිගත කර නැවත වාදනය කිරීමට ඔබ කවදා හෝ සිතුවා ද? නිසැකවම ඔබේ පිළිතුර "නැත" වනු ඇත. නමුත් දැන් ඔබේ සිහින පටිගත කිරීම තවදුරටත් සිහිනයක් නොවනු ඇත.

සිහිනයක් යනු ඔබේ නින්දේ දී ඔබේ මනසේ ඇති වන සිතුවිලි හෝ රූප මාලාවකි. ජපන් විද්‍යාඥයින් විසින් චුම්බක අනුනාද පරිකල්පන ස්කෑනරය (MRI ස්කෑනරය) මගින් ඔබගේ සිහින පටිගත කිරීමේ ක්‍රමයක් සොයා ගෙන ඇත.

සිහින කියවන යන්ත්‍රයෙන් නින්දේ දී මනසේ ඇති වන රූප විකේතනය කිරීම සඳහා, සිහින ප්‍රතිනිර්මාණය කරන ඇල්ගොරිතමයකට දත්ත ඒකාබද්ධ කර ඇත. ඔවුන් මේ සඳහා භාවිතා කර ඇති සංසිද්ධිය වන්නේ අප නිදා සිටිද්දී සිහින දකින විට මිනිස් මොළය හෝමෝන නිපදවීමයි. මොළය මගින් නිපදවන හෝමෝන අපගේ නින්දේ දී අප සිහින මැවූ දෙයට සම්බන්ධ වේ. නිදසුනක් වශයෙන්, අපගේ සිහින තුළ මීයෙකු දුටු විට, අපගේ මොළය එය වෙන් කර හඳුනා ගැනීම සඳහා හෝමෝන නිපදවයි.

අධ්‍යයනයන්ට අනුව, සිහින කියවීමේ යන්ත්‍රයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා විද්‍යාඥයන් ශිල්පීය ක්‍රම දෙකක් භාවිතා කර ඇත. පළමු ක්‍රමයේ දී, පුද්ගලයෙකුට MRI යන්ත්‍රය තුළ නිදා ගැනීමට ඉල්ලා සිටි අතර යමක් ගැන සිහින දැකීමට ඉඩ ලබා දුන්නේ ය. පුද්ගලයා සිහින දකින අවධියකට පිවිසීමට පටන් ගත් විට හඳුනා ගැනීමට විද්‍යාඥයින් EEG කියවීම් භාවිතා කළහ. ඊළඟ ක්‍රමයේ දී, එම පුද්ගලයා ම අවදි වී ඔහු සිහින දකින දේ සිහිපත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙම ක්‍රියාවලිය එක් අයෙකු සඳහා 200 වතාවක් පමණ නැවත නැවතත් සිදු කර ඇති බව වාර්තා වේ. විද්‍යාඥයින් විසින් මෙසේ එකතු කරන ලද දත්ත බෙදා වෙන් කර විශ්ලේෂණය කර ඇති අතර, MRI ස්කෑනරය මගින් සටහන් කර ඇති පරිදි පුද්ගලයන්ගේ සිහින වල ඇති ඇතැම් පොදු වස්තූන් මොළයේ රටා සමඟ සම්බන්ධ විය හැකි බව සොයා ගෙන ඇත.

විද්‍යාඥයන් විසින් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් (internet search engine) භාවිත කර පුද්ගලයන්ගේ සිහිනවල ඇති වස්තූන්ට සමාන රූප සොයමින්, ආකෘතිය තවදුරටත් පිරිපහදු කළ හැකි ඉගෙනුම් ඇල්ගොරිතමයකට දත්ත ඇතුළත් කර ඇත.

ජපන් විද්‍යාඥයින් විසින් ක්‍රියාත්මක කරන ලද නිරන්තර අත්හදා බැලීම් සහ පර්යේෂණයන් "සිහින කියවීමේ යන්ත්‍රය" සොයා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

මූලාශ්‍ර: https://www.bbc.com/news/science-environment-22031074
https://kamitani-lab.ist.i.kyoto-u.ac.jp/

ඡායාරූප: අන්තර්ජාලයෙන්

සටහන: FactsFusion
2023.11.27

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

දුරස්ථ රැකියා (remote jobs) අවස්ථාවන් ව්‍යාපාරික ලෝකය ප්‍රතිනිර්මාණය කරමින් සිටින අතර Global Remote Work Index 2023, මෙම...
15/11/2023

දුරස්ථ රැකියා (remote jobs) අවස්ථාවන් ව්‍යාපාරික ලෝකය ප්‍රතිනිර්මාණය කරමින් සිටින අතර Global Remote Work Index 2023, මෙම පරිවර්තනය අවබෝධ කර ගැනීමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. ඩිජිටල් යටිතල පහසුකම්, සමාජ ආරක්ෂණය, ආර්ථික ස්ථාවරත්වය, සයිබර් ආරක්ෂාව සහ මෙම වසරේ සිට හඳුන්වා දුන් සමාජ ආරක්ෂණය යන නව නිර්ණායකය ද ඇතුළත් ව, ප්‍රධාන නිර්ණායක 5ක් මත මෙම දර්ශකය පදනම් වේ.

ඉහත නිර්ණායක සියල්ල ම සැලකීමේ දී, රටවල් 108ක් අතුරින් මෙම දර්ශකයේ හොඳ ම රටවල් ලෙස දැක්වෙන්නේ පහත රටවල් වේ.
1. ඩෙන්මාර්කය
2. නෙදර්ලන්තය
3. ජර්මනිය
4. ස්පාඤ්ඤය
5. ස්වීඩනය

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් 5 වන ස්ථානය ලබා ගනිමින් සෞදි අරාබිය ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන අතර ම යුරෝපීය රටවල් විසින් අනෙකුත් ප්‍රමුඛස්ථාන ලබා ගෙන තිබේ.

ආර්ථික සුරක්ෂිතතාවයේ ඉහළම රටවල් 5 වන්නේ මූලික වශයෙන් ඉංග්‍රීසි භාෂාව කතා කරන, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි යුරෝපා සංගමයට අයත් නොවන රටවල් වේ.

ඩිජිටල් සහ භෞතික යටිතල පහසුකම් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින්නේ ආසියාවේ පිහිටා ඇති සිංගප්පූරුව, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ය. එමෙන්ම ඉතා ගුණාත්මක අන්තර්ජාල පහසුකම් සහිත යුරෝපය සහ උතුරු ඇමරිකාව මෙහි දී ප්‍රබල තරගකරුවන් වෙයි.

සමාජ ආරක්ෂණ අතින් ඉහළම ස්ථාන 20 තුළ, ජපානය (10), දකුණු කොරියාව (12) සහ නවසීලන්තය (14), යුරෝපීය නොවන නියෝජිතයන් ලෙස සිටින අතර බහුතරය නෝර්ඩික් සහ යුරෝපීය රටවල් වෙයි.

මෙම සමස්ත දර්ශකය තුළ ශ්‍රී ලංකාව විසින් හිමි කර ගෙන ඇත්තේ 85 වන ස්ථානයයි. නිර්ණායක වශයෙන් සැලකූ විට සයිබර් ආරක්ෂණය සඳහා 89, ආර්ථික ස්ථාවරත්වය සඳහා 74, ඩිජිටල් යටිතල පහසුකම් සඳහා 84 සහ සමාජ ආරක්ෂණය සඳහා 71 වන ස්ථාන ලබා ගෙන තිබේ.

මෙම වාර්තා වලින් ඉදිරිපත් කරන දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්ත්වයන් යටතේ මෙවැනි ගෝලීය දර්ශකයක ලබා ඇති ස්ථානය පිළිබඳව විශ්ලේෂණාත්මකව සසඳා බැලීම සහ අත්‍යාවශ්‍ය අංශ තුළ සංවර්ධනයක් ඇති කර ගැනීමට උත්සහ කිරීම අනාගත ලෝකය සමග තරග කරමින් ඉදිරියට යන ගමනේදී ඉතා වැදගත් වනු ඇති බව පෙනේ.

මූලාශ්‍ර: https://nordlayer.com/global-remote-work-index/

සටහන: FactsFusion
2023.11.15

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ සහ ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව ග්‍රීන්ලන්ත...
13/11/2023

කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ සහ ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව ග්‍රීන්ලන්තයේ ග්ලැසියර දිය වීමේ වේගය ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී ඇත. Nature Climate Change සඟරාව තුළින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වූයේ ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් පසුගිය වසර 20 තුළ ග්ලැසියර දිය වීමේ වේගය පස් ගුණයකින් වැඩි වී ඇති බවයි.

ග්‍රීන්ලන්තයේ සියයට 80ක් පමණ ආවරණය වන ප්‍රධාන අයිස් තට්ටුවෙන් වෙන් ව ඇති ග්ලැසියර දහස් ගණනක් පිළිබඳ ව අධ්‍යයනයේ දී අවධානය යොමු විය. මෙම ග්ලැසියර මීට පෙර සිදු කළ පර්යේෂණ මගින් නො සලකා හැර ඇති නමුත් ඒවා එම දිවයිනේ අයිස් ගතිකත්වය සහ මුහුදු මට්ටම ඉහළ යාම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

මෙම පර්යේෂකයන් විසින් වසර 130ක් පුරා විහිදුණු ග්ලැසියර දහසකට වැඩි ගණනක චන්ද්‍රිකා ඡායාරූප සහ ඓතිහාසික ඡායාරූප විශ්ලේෂණය කර ඇත. එහි දී පසුගිය දශක දෙකක කාලය තුළ ග්ලැසියරවල භයානක දිය වීමේ වේගයක් පැවත ඇති බවත් 21 වන සියවසේ ග්ලැසියර දිය වීමේ වේගය 20 වන සියවසේ මෙන් දෙගුණයක් වේගවත් වී ඇති බවත් සොයා ගෙන ඇත. පසුගිය දශක දෙක තුළ ග්ලැසියර වසරකට සාමාන්‍යයෙන් මීටර් 25කින් හැකිළී ඇති අතර එය පෙර සියවසේ වසරකට මීටර් 5-6ක් විය.

ග්‍රීන්ලන්තයේ ග්ලැසියර දිය වීම පෘථිවියට දැඩි බලපෑමක් එල්ල කරයි. මන්ද එය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුවහොත් ගෝලීය මුහුදු මට්ටම අවම වශයෙන් අඩි 20 (මීටර් 6)කින් ඉහළ නැංවීමට ප්‍රමාණවත් ජලය එම අයිස් තට්ටුවේ අඩංගු වන බැවිනි.

පර්යේෂකයන් පවසන්නේ මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස නිසා ඇති වන උෂ්ණත්වය ඉහළ යාම මෙම වේගවත් දිය වීමට හේතු වූ බවයි. ලෝකය දැනටමත් පූර්ව කාර්මික මට්ටමට වඩා 1.2 ° C (2.2 ° F)කින් පමණ උණුසුම් වී ඇති අතර, යුරෝපා සංගමයට අනුව 2023, වසර 125,000කින් උණුසුම් ම වසර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2022 අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ආක්ටික් ප්‍රදේශය ලෝකයේ සෙසු ප්‍රදේශවලට වඩා හතර ගුණයකින් වේගයෙන් උණුසුම් වී ඇති බවයි. එම උණුසුම් වීමේ ප්‍රතිවිපාක ග්‍රීන්ලන්තයෙන් පැහැදිලිව පෙනේ. 2021 දී ප්‍රථම වරට අයිස් තට්ටුවේ මුදුනට වර්ෂාව පතිත වූ අතර කලක් ස්ථායි යැයි සිතූ උතුරු ග්‍රීන්ලන්තයේ දැවැන්ත ග්ලැසියර දැන් මුහුදු මට්ටම ඉහළ යාමට තර්ජනය කරමින් පවතී.

සටහන: FactsFusion
2023.11.13

මූලාශ්‍ර: https://www.nature.com/articles/s41558-023-01855-6, https://climate.nasa.gov/news/3062/warming-seas-are-accelerating-greenlands-glacier-retreat/

ඡායාරූප සහ වීඩියෝ: අන්තර්ජාලයෙන්

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

12/11/2023

ඇපල් සමාගමේ හිටපු නිර්මාණකරුවෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් Humane නම් වූ AI Pin එකක් නිර්මාණය කර තිබේ. එය AI තාක්ෂණය භාවිතයෙන් නිම වූ උපාංගයක් වන අතර තිරයක් නොමැතිව, ස්මාර්ට් ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරන, පැලඳිය හැකි උපකරණයක් ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙම උපාංගය ඇඳුම් හෝ වෙනත් මතුපිටකට චුම්බකව සම්බන්ධ කරන, පරිගණකයක් සහ බැටරි පැක් එකකින් සමන්විත වේ. මෙහි Live translation, calorie counting ආදී පහසුකම් ඇතුළත් වන අතර voice control, camera, gestures, සහ built-in projector ආදි වූ පාලන ක්‍රම යොදා ගනිමින් ක්‍රියාත්මක කළ හැකි වේ. සම්ප්‍රදායික apps මෙන් නොව, Humaneහි මෙහෙයුම් පද්ධතිය සංගීතය වාදනය කිරීම හෝ වෙබ්-මූලාශ්‍ර තොරතුරු සැපයීම වැනි services on demand සැපයීම සඳහා උපාංගයේ ම පවතින සහ cloud මත පදනම් වූ AI අත්දැකීම් භාවිතා කරයි.

AI Pin උපාංගයට පණිවිඩ යැවීමට, වැදගත් පණිවිඩ සාරාංශ කිරීමට සහ gate codes වැනි තොරතුරු සැපයීමට සහාය විය හැක. තව ද සැබෑ ලෝකයේ සාප්පු සවාරි සඳහා සහය දක්වමින් ගනුදෙනු විකල්ප සැපයීමට ද සහය දක්වයි (transaction options for products). එමෙන්ම ඡායාරූප සහ වීඩියෝ ග්‍රහණය කිරීම, දත්ත ගබඩා කිරීම, සහ පරිශීලකයාගේ මනාපයන් මත පදනම්ව නිර්දේශ ඉදිරිපත් කිරීම ද සිදු කරයි.

AI තාක්ෂණයේ භාවිතය නව මගකට යොමු කරමින් ඉදිරිපත් කළ මෙම උපාංගය අනාගත තාක්ෂණයේ දිශානතිය වෙනස් කරන නිමැවුමක් වනු ඇති බව තාක්ෂණ ලෝකයේ බලාපොරොත්තුවයි.

මූලාශ්‍ර සහ වීඩියෝ: අන්තර්ජාලයෙන්

සටහන: FactsFusion
2023.11.12

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

11.11 යනු බොහෝ විට විවිධ අධ්‍යාත්මික, පාරභෞතික සහ සංඛ්‍යාත්මක විශ්වාසයන් සමඟ සම්බන්ධ දිනයකි. බොහෝ අය විශ්වාස කරන්නේ අංක ...
11/11/2023

11.11 යනු බොහෝ විට විවිධ අධ්‍යාත්මික, පාරභෞතික සහ සංඛ්‍යාත්මක විශ්වාසයන් සමඟ සම්බන්ධ දිනයකි.

බොහෝ අය විශ්වාස කරන්නේ අංක 11:11 නැවත නැවත හමුවීම, විශේෂයෙන් ඩිජිටල් ඔරලෝසු වල, මෙවැනි වේලාවන් සටහන් වීම දැකීම පවා අහඹු සිදුවීමක් ලෙසයි. එය බොහෝ විට ඔබ එම අවස්ථාවේ විශ්වය සමඟ පෙලගැසී සිටින බවට ලකුණක් ලෙස හෝ යම් ආකාරයකින් ඔබට වැදගත් වන මොහොතක් බව දක්වයි.

විශ්ව ආකර්ශන නීතිය වැනි අධ්‍යාත්මික සහ පාරභෞතික විශ්වාසයන් තුළ, 11:11 ඉහළ සවිඥානක ක්ෂේත්‍ර හෝ අධ්‍යාත්මික පිබිදීමක් සඳහා විවෘත වන ද්වාරයක් ලෙස සැලකේ. එබැවින් මෙම දිනය තුළ ඔබ ඇති කර ගනු ලබන යහපත් ප්‍රාර්ථනාවන්ට, බලාපොරොත්තු වලට විශ්ව ශක්තියේ ප්‍රභවයන් විසින් ධනාත්මක බලපෑම් ඇති කරන බව විශ්වාසයයි.

සංඛ්‍යා ශාස්ත්‍රයේ දී, අංක 11 යනු බුද්ධිය, තීක්ෂණ බුද්ධිය සහ අධ්‍යාත්මික ඥානාලෝකය සමඟ සම්බන්ධ වූ ප්‍රධාන අංකයක් ලෙස සැලකේ. 11:11 දැකීම සමහර විට ඔබේ සිතුවිලි සහ අභිප්‍රායන් කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබව දිරිගන්වන දේවදූතයන් හෝ ආත්ම මාර්ගෝපදේශකයන්ගේ පණිවිඩයක් ලෙස අර්ථ දැක්වේ.

සමහරු 11:11 අධ්‍යාත්මික පිබිදීමේ සංකේතයක් ලෙස අර්ථකථනය කරති. එය විඥානයේ වෙනසක් හෝ තමාගේ ගැඹුරු පැතිකඩ ගවේෂණය කිරීමට කරන ආරාධනාවක් ලෙස සලකයි.

11:11 හි වැදගත්කම විවිධ පුද්ගලයන්ට අනුරූපව සහ ඔවුන්ගේ විශ්වාසයන් මත පදනම් වන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මිනිසුන් ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම්, අධ්‍යාත්මික විශ්වාසයන් සහ අර්ථ නිරූපණයන් මත පදනම්ව එයට විවිධ අර්ථයන් ආරෝපණය කරයි.

වර්තමාන ලෝකයේ ඉතා සාර්ථක ව්‍යාපාර මෙම දිනය ඔවුන්ගේ ව්‍යාපාර වල දියුණුව සඳහා ඉහත විශ්වාසයන් පදනම් කර ගෙන යොදා ගනී. එසේම ඔබටත් ඔබගේ යහපත් චේතනාවන් සාර්ථකභාවයට පත් කර ගැනීම සඳහා මෙවැනි සංකල්ප සහ විශ්වාසයන් වල පිටිවහලක් තිබේ දැ යි අත්හදා බැලීමට හැකි වේ.

සටහන: FactsFusion
2023.11.11

[කරුණාකර උපුටා ගැනීමේ දී කතෘ අයිතිය සුරකින්න.]

Address


Website

Alerts

Be the first to know and let us send you an email when FactsFusion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share