CSN Lanka

CSN Lanka ඇත්තට පසු ඇත්ත | Truth after the Truth
(1)

වැස්ස නම් නැවැත්තුව...හතරේ සීමාව ආසන්නයේ හොඳටම තෙමිලා...හැබැයි වැස්ස මේ විදිහටම නවත්තලා තිබ්බොත් විනාඩි 90කින් ක්‍රීඩා ප...
12/06/2024

වැස්ස නම් නැවැත්තුව...

හතරේ සීමාව ආසන්නයේ හොඳටම තෙමිලා...

හැබැයි වැස්ස මේ විදිහටම නවත්තලා තිබ්බොත් විනාඩි 90කින් ක්‍රීඩා පිටිය තරගය සදහා සූදානම් කළ හැකි බව තරග තීරකයන්ට දැනුම් දී තිබෙනවා..

මැච් එක ඕවර් 05ක තරගයක් ලෙස හෝ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු වෙනවා. එතකොට ලංකාව පැර්දුනොත් අපේ උන් කියයි පොනිබාපු නිසා පැරදුනේ එකෙක්වත් කුඩයක් දුන් නෑනේ කියල 🤣😂

ශ්‍රී ලංකාව හා නේපාලය අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගය සඳහායි මේ බාධා එල්ල වී තිබෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ වන විට ක්‍රීඩා පිටිය පරීක්ෂා කිරීමේ නිරතව සිටිනවා..

නේපාල ප්‍රේක්ෂකයන් රැසක් මේ වන විටත් තරග නැරඹීම සදහා පැමිණ සිටියත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතලොස්සක් පමණයි දැකගත හැක්කේ.

Sri Lanka Cricket

මරා ගන්නව බං මුං 😂🤣😂
13/05/2024

මරා ගන්නව බං මුං 😂🤣😂

#උණුසුම්වුT20ලෝකකුසලානමාධ්‍යහමුව2024 ...

ලෝක කුසලානයට යන අපේ සෙට් එකට ජය වේවා කියල කමෙන්ට් එකක් දාමුද යාලුවනේ ❤️https://youtu.be/hSmQGl59QbM?si=EwJ8SgHghiEEhkX-
09/05/2024

ලෝක කුසලානයට යන අපේ සෙට් එකට ජය වේවා කියල කමෙන්ට් එකක් දාමුද යාලුවනේ ❤️
https://youtu.be/hSmQGl59QbM?si=EwJ8SgHghiEEhkX-

ගහයි නේද 🤫❤🔥🎈                    Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team
19/04/2024

ගහයි නේද 🤫❤🔥🎈

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

#ටී20ක්‍රිකට්ලෝකකුසලානයේදීවෙනදේ #...

අනේ කාලේ 😢 🤫🔥❤🫨                    Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team
09/04/2024

අනේ කාලේ 😢 🤫🔥❤🫨

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

#හඩපටසහිතක්‍රිකට්අලුත්මගඩිය2024 ...

සිරා මචං ඒ කාලේ 🤩🥰❤🔥🇱🇰                    Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team
06/04/2024

සිරා මචං ඒ කාලේ 🤩🥰❤🔥🇱🇰

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

#ලෝකෙටමමේවීඩියෝඑකවිතරයි🤩🥰❤🔥 ...

ජයග්‍රහණ පුරුද්දක් කරගන්න හැටි 🔥❤🇱🇰https://youtu.be/Xgpp0qE_iO0?si=x_TDsY6KWCtZh5C4                    Sri Lanka Cricket...
03/04/2024

ජයග්‍රහණ පුරුද්දක් කරගන්න හැටි 🔥❤🇱🇰

https://youtu.be/Xgpp0qE_iO0?si=x_TDsY6KWCtZh5C4

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා යන සම්මාන දිවිත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත් වුණේ ට...

අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා යන සම්මාන දිවිත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත් වුණේ ටෙස්ට් ක්...
03/04/2024

අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා යන සම්මාන දිවිත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත් වුණේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය අන්ත පරාජයකට ඇද දමමිනුයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 192කින් බංග්ලාදේශය පරාජයට පත් කිරීමට සංචාරයක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශ දෙවන ඉනිම සියලු දෙනා දැවී ලකුණු 318කට සීමා කිරීමත් සමගයි. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස පහසු ජයක් වාර්තා කළා. 🥰🤩🤗🇱🇰🔥❤

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වා තීරණය කළා. නායකයාගේ තීරණය නිවැරැදි බව සනාථ කරමින් ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී වාර්තා පිට වාර්තා පිහිටුවීමට සමත් වුණේ බංග්ලාදේශ පන්දු යවන්නන් අසරණ කරමිනුයි. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් 06 දෙනෙක්ම අර්ධ ශතකය පසු කළත් කිඩිවෙක් ශතක වාර්තා කිරීමට සමත් වුණේ නැහැ. කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් ලබා ගැනීමත් සමග ඔහු ක්‍රිකට් ලොව තරුවක් වන ජාවඩ් මියන්ඩාඩ්ව සමකිරීමට සමත් වුණේ සිය ටෙස්ට් ක්‍රිකට් පළමු ඉනිම හතරේදීම ලබාගත් ලකුණු සම කරමිනුයි. මේ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 531ක් ලබා ගත්තා. එය කිසිදු පිතිකරුවෙක් ශතකයක් රැස් නොකර කණ්ඩායමක් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා. 🥰🤩🤗🔥🇱🇰❤

අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී තරගයේ පාලනය ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමන් සතුවම තබා ගත්තා. එහි ප්‍රතිඵලය වූයේ පිලිතුරු ඉනිම ලකුණු 178කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වීමයි. එහිදී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර හා ප්‍රභාත් ජයසූරිය අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. මෙම තණතීරුවේ වැඩි වාසි දග පන්දු යවන්නන්ට හිමිවනු ඇතැයි මත පලවදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් මෙලෙස තරගය පාලනය කිරීම විශේෂ වනවා.❤

මේ අනුව ලකුණු 353ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 157ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කිරීමට නොහැකි වූ ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී අර්ධ ශතකය සමගින් ලකුණු 56ක් ලබා ගත්තේ මෙම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනුයි.

තරගයේ ජයග්‍රහණය සදහා බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක් හිමි වුණා. මොමිනුල් හක් සිය 18වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් තරගයේ හතරවන දිනය නිමා වන විට බංග්ලාදේශයට කඩුලු 07ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 268ක් පමණයි. පන්දු යැවීමේදී ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය හා කමිදු මෙන්ඩිස් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක හිමිකරුයි. 🤗🇱🇰🔥🤩❤🥰

අනතුරුව තරගයේ අවසන් දිනයේදී බංග්ලාදේශ බලාපොරොත්තු සුනු විසුණු කරමින් දෙවන ඉනිම ලකුණු 318කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ලහිරු කුමාර කඩුලු 04ක් හා කමිදු මෙන්ඩිස් කඩුලු 03ක් දවා ගත්තා. මේ අනුවයි ලකුණු 192ක ජයක් ශ්‍රී ලංකාවට හිමි වුණේ. තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයත් කමිදු මෙන්ඩිස් දිනා ගත්තා.🥰🤩🤗🔥❤🇱🇰

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශයට ජයග්‍රහණය සදහා කඩුලු 03ක් අතැතිව තවත් ලකුණු 243ක අසීරු ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍ර...
02/04/2024

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශයට ජයග්‍රහණය සදහා කඩුලු 03ක් අතැතිව තවත් ලකුණු 243ක අසීරු ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා දී තිබෙනවා. තරගයේ අවසන් දිනය වන හෙට පළමු වරුවේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය වාර්තා කරගත හැකි වනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් මේ වන විට මත පලකරනවා. 🔥🤗🤩🥰❤

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වා තීරණය කළා. නායකයාගේ තීරණය නිවැරැදි බව සනාථ කරමින් ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී වාර්තා පිට වාර්තා පිහිටුවීමට සමත් වුණේ බංග්ලාදේශ පන්දු යවන්නන් අසරණ කරමිනුයි. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් 06 දෙනෙක්ම අර්ධ ශතකය පසු කළත් කිඩිවෙක් ශතක වාර්තා කිරීමට සමත් වුණේ නැහැ. කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් ලබා ගැනීමත් සමග ඔහු ක්‍රිකට් ලොව තරුවක් වන ජාවඩ් මියන්ඩාඩ්ව සමකිරීමට සමත් වුණේ සිය ටෙස්ට් ක්‍රිකට් පළමු ඉනිම හතරේදීම ලබාගත් ලකුණු සම කරමිනුයි. මේ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 531ක් ලබා ගත්තා. එය කිසිදු පිතිකරුවෙක් ශතකයක් රැස් නොකර කණ්ඩායමක් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා. 🔥🤗❤🥰🤩

අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී තරගයේ පාලනය ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමන් සතුවම තබා ගත්තා. එහි ප්‍රතිඵලය වූයේ පිලිතුරු ඉනිම ලකුණු 178කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වීමයි. එහිදී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර හා ප්‍රභාත් ජයසූරිය අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. මෙම තණතීරුවේ වැඩි වාසි දග පන්දු යවන්නන්ට හිමිවනු ඇතැයි මත පලවදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් මෙලෙස තරගය පාලනය කිරීම විශේෂ වනවා.🔥❤

මේ අනුව ලකුණු 353ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 157ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කිරීමට නොහැකි වූ ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී අර්ධ ශතකය සමගින් ලකුණු 56ක් ලබා ගත්තේ මෙම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනුයි.🤗🔥❤🥰🤩

තරගයේ ජයග්‍රහණය සදහා බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක් හිමි වුණා. මොමිනුල් හක් සිය 18වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් තරගයේ හතරවන දිනය නිමා වන විට බංග්ලාදේශයට කඩුලු 07ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 268ක් පමණයි. පන්දු යැවීමේදී ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය හා කමිදු මෙන්ඩිස් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක හිමිකරුයි. 🤗🥰🤩🔥❤

හෙට තරගයේ ජයග්‍රහණය තීරණය වන අවසන් දිනයයි.❤🤗🤩🥰🇱🇰

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

ලකුණු 353 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගයේ තුන්වන දිනය නිමා වන විට දෙවන ඉනිමට ...
01/04/2024

ලකුණු 353 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගයේ තුන්වන දිනය නිමා වන විට දෙවන ඉනිමට කඩුලු 06ක් දැවී තවත් ලකුණු 102ක් ලබා සිටියා. ඒ බංග්ලාදේශය පන්දු යවන්නන් තරගයේ පාලනය කිරීම ආරම්භ කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 455ක් බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් සිටිනවා.🥰🤩🔥❤

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 531ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉදිරිපෙළ ක්‍රීඩකයින් 06 දෙනෙක්ම අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙනුනා. කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් හා කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් ලබා ගත්තා. මේ අනුව කමිදු ක්‍රිකට් ලොව තරුවක් වන ජාවඩ් මියන්ඩාඩ්ව සමකිරීමට සමත් වුණා. ඒ ක්‍රීඩකයෙක් තම පළමු ටෙස්ට් ඉනිම 04දීම වාර්තා කළ ලකුණු සංඛ්‍යාව අනුවයි. එමෙන්ම කිසිදු ක්‍රීඩකයෙක් ශතකයක් රැස් නොකර ටෙස්ට් ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 531 ඉතිහාසයට එක් වුණා.🥰🤩❤🔥

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 178ක් පමණයි. එකම සාර්ථක වූ පිතිකරු වෙමින් ආරම්භක පිතිකරු සකිර් හසන් ලකුණු 54ක් රැස් කළා. බංග්ලාදේශ පිතිකරුවන්ව එක පෙලට පිටියෙන් ඉවත් කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වීම කැපී පෙනෙනවා. ඒ මෙම තණතීරුව දග පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇතැයි බොහෝ විචාරකයන් මත පළකර තිබියදී වීම කැපී පෙනෙනවා. අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර හා ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙක බැගින් දවා ගත්තා. 🥰🤩❤🔥

මේ අනුව ලකුණු 353ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙවර සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව තරගයේ තුන්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය දෙවන ඉනිම සදහා කඩුලු 06ක් දැවී ලකුණු 102ක් ලබා සිටියා. කඩුල්ලේ නොදැවී රැදී සිටි ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 39ක් හා ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 03ක් ලබා සිටියා. ශ්‍රී ලංකා ඉනිම වැනසූ ඉනිමේ කඩුලු 04ක් දවා ගත් හසන් මහමුද් පළමු ඉනිමේදීත් කඩුලු 02ක හිමිකරු වුණා. මෙම තරගය ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයයි. කලිඩ් අහමඩ් මෙම ඉනිමේ අනෙක් කඩුලු දෙකේ හිමිකරුයි. 🥰🤩❤🔥

තරගයේ හෙට හතරවන දිනයයි.🔥❤🤩🥰

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

අහිමි වූ ශතකය 🔥🤩🥰❤🤗https://youtu.be/EZ9nV5_yJbc?si=LCGYy6pz7DdoYY86
31/03/2024

අහිමි වූ ශතකය 🔥🤩🥰❤🤗

https://youtu.be/EZ9nV5_yJbc?si=LCGYy6pz7DdoYY86

#බංගලිදෙවනටෙස්ට්තරගයේදීවාර්තාඅලුත්කළකමිදුමෙන්ඩිස්2024 ...

කිසිදු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ටෙස්ට් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 531ක් බංග්ලාදේශයට එරෙහිව දෙවන ට...
31/03/2024

කිසිදු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ටෙස්ට් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 531ක් බංග්ලාදේශයට එරෙහිව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. මෙලෙස වාර්තා අලුත් කිරීම සිදුවූයේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් ඉනිමේ පිතිකරුවන් 06 දෙනෙක්ම අර්ධ ශතක පසුකිරීමේ වාසිය සමගයි. ක්‍රීඩකයින් දෙදෙනෙක් ලකුණු 90වේ සීමාව පසු කිරීමත් කැපී පෙනෙනවා.🤩🥰❤🔥

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කළා. පළමු තරගයේ බංග්ලාදේශ කඩුලු 08ක් දවා ගත් කසුන් රාජිත ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක්ව සිටියා. ප්‍රධාන වෙනස්කම් දෙකක් වූ බංග්ලාදේශ කණ්ඩායමට ශකිබ් උල් හසන් හා සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් හසන් මහමුද් කැඳවා තිබෙනවා.🤩🥰❤🔥

පිතිකරුවන්ට වැඩි සහයක් ලබා දෙන තණතීරුවේ නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටු කිරීමට ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ නිශාන් මධුසංඛ සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 57ක් රැස් කර සිටියදී දුවද්දී දැවීයාමකට හසුවුනේ මුලු ලකුණු පුවරුව 96ක් ලෙස සටහන්ව තිබියදීයි. සිය 37වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 86 ලබා සිටි අනෙක් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 210දී දෙවන කඩුල්ලට දැවී ගියා. 🤩🥰❤🤗

අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සිය 18වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 93ක් ඉනිමට එක් කළා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23ක් ලබා සිටියදී දැවී ගියා. තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් හා නායක දනංජය ද සිල්වා ලකුණු 15ක් ලබා සිටියා. මේ අනුව පළමු දිනය නිමා වන විට කඩුලු 04ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 314ක් ලබා සිටියා.🤩🥰🤗❤🔥

තරගයේ දෙවන දිනයේදී දිනේෂ් චන්දිමාල් සිය 26වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 59ක් රැස් කළා. නායක දනංජය ද සිල්වා සිය ටෙස්ට් 14වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 70ක් ඉනිමට එක් කළා. කමිදු මෙන්ඩිස් සිය 2වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් හුදකලා සටහන නිරත වුණේ පසුපෙළ පිතිකරුවන්ගේ උපරිම සහය ඉනිමට ලබා ගනිමිනුයි. එහෙත් ඔහුට 3වන ටෙස්ට් ශතකය අහිමි වුණේ අවාසනාවන්ත ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමකට හසුවීමෙනුයි. ඒ වන විට කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් ලබා සිටියා. මේ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 531ක් ලබා ගැනීමට සමත් වුණා. 🥰🤗🤩🔥

දිමුත් පට්ට 😊🤩🥰❤🔥https://youtu.be/vttYJljFn-o?si=1NpmfgLlJUBVULBM                    Sri Lanka Cricket Sri Lanka Cricket...
30/03/2024

දිමුත් පට්ට 😊🤩🥰❤🔥
https://youtu.be/vttYJljFn-o?si=1NpmfgLlJUBVULBM

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

#බංගලිදෙවනටෙස්ට්තරගයේවැඩපෙන්වනදිමුත්2024 #...

වැඩි වාසි සමගින් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණේ කඩුලු 04ක් දැවී ...
30/03/2024

වැඩි වාසි සමගින් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණේ කඩුලු 04ක් දැවී ලකුණු 314ක් ලබා සිටිමිනුයි. මෙම තරගය ජය පැරදුමෙන් තොරව නිමා වනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් මේ වන විට මත පල කරමින් සිටිනවා. 🤩🥰❤🔥

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කළා. පළමු තරගයේ බංග්ලාදේශ කඩුලු 08ක් දවා ගත් කසුන් රාජිත ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක්ව සිටියා. ප්‍රධාන වෙනස්කම් දෙකක් වූ බංග්ලාදේශ කණ්ඩායමට ශකිබ් උල් හසන් හා සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් හසන් මහමුද් කැඳවා තිබෙනවා.🤫🤔🤐

පිතිකරුවන්ට වැඩි සහයක් ලබා දෙන තණතීරුවේ නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටු කිරීමට ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ නිශාන් මධුසංඛ සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 57ක් රැස් කර සිටියදී දුවද්දී දැවීයාමකට හසුවුනේ මුලු ලකුණු පුවරුව 96ක් ලෙස සටහන්ව තිබියදීයි. සිය 37වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 86 ලබා සිටි අනෙක් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 210දී දෙවන කඩුල්ලට දැවී ගියා. 🤩🥰❤

අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සිය 18වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 93ක් ඉනිමට එක් කළා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23ක් ලබා සිටියදී දැවී ගියා. තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් හා නායක දනංජය ද සිල්වා ලකුණු 15ක් ලබා සිටියා. මේ අනුව පළමු දිනය නිමා වන විට කඩුලු 04ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 314ක් ලබා සිටියා. 🤩🥰🤗❤
හෙට තරගයේ දෙවන දිනයයි.😊❤🔥

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

බංගලි මාධ්‍ය හොල්මන් 🥰❤🤗😊🤩https://youtu.be/Ry1EtiDBGxw?si=gxh4NKoo0SIV94EL                    Sri Lanka Cricket Sri Lank...
29/03/2024

බංගලි මාධ්‍ය හොල්මන් 🥰❤🤗😊🤩

https://youtu.be/Ry1EtiDBGxw?si=gxh4NKoo0SIV94EL

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

#දෙවනටෙස්ට්තරගයටකලින්නායකදනංජයඇවිලේ ...

මේක නම් බලන්නම ඕන එකක් 🤣😂❤🥰https://youtu.be/0aYMQK23g0M?si=hJhooXRIZ_gee8rk                      Sri Lanka Cricket Sri L...
27/03/2024

මේක නම් බලන්නම ඕන එකක් 🤣😂❤🥰

https://youtu.be/0aYMQK23g0M?si=hJhooXRIZ_gee8rk

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

#ශ්‍රීලංකාක්‍රිකට්තවත්දූෂණයක් ...

සංගව සිහියට නැංවූ නවකයා 🔥❤🥰🤗 කමිදුට කට්ටිය දාමුද ලයික් එකක් එක්ක සුභ පැතුම් කමෙන්ට් එකක් 🤗🥰❤🔥https://youtu.be/0Ybc7gA2wu...
25/03/2024

සංගව සිහියට නැංවූ නවකයා 🔥❤🥰🤗 කමිදුට කට්ටිය දාමුද ලයික් එකක් එක්ක සුභ පැතුම් කමෙන්ට් එකක් 🤗🥰❤🔥

https://youtu.be/0Ybc7gA2wug?si=3jt4bB3fOQnxZDH2

බංග්ලාදේශය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට සංචාරයක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්...
25/03/2024

බංග්ලාදේශය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට සංචාරයක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 280ක් ලබා ගත්තා. කමිදු මෙන්ඩිස් සිය මංගල ශතකය සමගින් ලකුණු 102ක් ලබා ගනිද්දී නායක දනංජය ද සිල්වාත් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුණා. කලිඩ් අහමඩ් හා නහිඩ් රානා කඩුලු 03 බැගින් දවා ගත්තා.🌟❤🔥🥰
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 188ක් පමණයි. විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගනිද්දී කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු තුන බැගින් දවා ගත්තා. මෙලෙස ප්‍රතිවාදී කණ්ඩායමේ පළමු ඉනිමේ කඩුලු 10ම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් කලකට පසු දවා ගත් අවස්ථාවක් වනවා.❤🔥🥰🌟

මේ අනුව ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගූරම වූයේ කමිදු මෙන්ඩිස් හා නායක දනංජය ද සිල්වායි. නායක දනංජය ලකුණු 108ක් ලබා ගනිද්දී බංග්ලාදේශ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ කමිදු මෙන්ඩිස් සිය පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 164ක් ලබා ගත්තා. අනෙක් සාර්ථක වූ එකම පිතිකරු වූ දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස් කළා. මේ අනුව ශ්‍රී ලංකාව දෙවන ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්තා. මහින්ඩි හසන් මිරාස් කඩුලු 04ක් දවා ගත්තා.❤🤗🥰🌟🔥

මේ අනුව බංග්ලාදේශයට ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 511ක්. එය හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව බංග්ලාදේශ ඉනිම ලකුණු 182කට සීමා වුණා. කසුන් රාජිත කඩුලු 05ක් දවා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 03ක් හා ලහිරු කුමාර කඩුලු 02ක් දවා ගත්තා. ඒත් සමගින් ලකුණු 328ක ජයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ සටහන් වූ මෙම තරගයේ ඉනිම දෙකේදීම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 20ම දවා ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව බවට මෙය පත් වුණා. තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වාට හිමි වුණා. ❤🔥🥰🌟🔥

වේග පන්දු යවන්නන්ගේ හැකියාව උරගා බලන තරගයක් බවට පත් වෙමින් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණ...
24/03/2024

වේග පන්දු යවන්නන්ගේ හැකියාව උරගා බලන තරගයක් බවට පත් වෙමින් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සදහා බංග්ලාදේශය කඩුලු 5ක් අතැතිව තවත් ලකුණු 464ක් ලබා ගත යුතුයි. මෙම තරගයේ පළමු ඉනිමෙන් ලකුණු 92ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශෙල්හිට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේ තුන් වන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව වැඩි ගෞරව දිනා සිටින්නේ ජයග්‍රහණ බලාපොරොත්තු සමග තරගයේ පාලනය සියතට ගනිමිනුයි. තරගයේ පළමුව ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280ක් ලබා ගනිද්දී බංග්ලාදේශය ලබා ගත්තේ ලකුණු 188ක් පමණි. ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් ඇරඹූ ශ්‍රී ලංකා දෙවන ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබා ගනිද්දී තරගයේ තුන්වන දිනය නිමාවන විට බංග්ලාදේශය දෙවන ඉනිමට කඩුලු 05ක් දැවී ලබා සිටින්නේ ලකුණු 47ක් පමණයි. 🔥🥰❤🤗

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමට බංග්ලාදේශ නායක නජ්මුල් ශැන්ටෝ තීරණය කළා. මේ අනුව උදෑසන පින්න හා තණකොළ සහිත තණතීරුවේ උපරිම ප්‍රයෝජන ගත් බංග්ලාදේශ වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉදිරිපෙළ කඩුලු 05ම ලකුණු 57කට දවා ගැනීමට සමත් වුණා. අනතුරුව පිටියේ එක්වූ නායක ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් කණ්ඩායමේ බර දෙවුර මත තබා වගකීමෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබුනා. ඔවුන් දෙදෙනාම ලකුණු 102 බැගින් ලබා සිටියදී දැවී ගියා. දනංජය නායකත්වයේ පළමු හා සිය 11 වන ටෙස්ට් ශතකය රැස් කරද්දී කමිදු සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා. පසුපෙළ පිතිකරුවන්ද අසාර්ථක වීමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 280කට සීමා වුණා. සිය මංගල තරගය ක්‍රීඩා කළ නහිඩ් රානා කඩුලු 03ක් දවා ගනිද්දී කලීඩ් අහමඩ්ද කඩුලු තුනක් සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වුණා. 🔥🥰❤🤗

දුවද්දී දැවීයාම් හේතුවෙන්ම මුදලට තරග පාවාදීම් චෝදනා එල්ල වූ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදීත් දුවද්දී දැවී යද්දී ලහිරු කුමාරද දුවද්දීම දැවීයාමකට හසු වුණා. 🔥🥰❤🤗

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉදිරිපෙළ පිතිකරුවන්ව තරග නරඹන්නන් බවට පත් කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු බල ඇනිය කටයුතු කළේ නව පන්දුවට තණතීරුවෙන් ලැබෙන සහය මනාව ප්‍රයෝජනයට ගනිමිනුයි. මේ අනුවයි තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට බංග්ලාදේශය පළමු ඉනිමට කඩුලු 03ක් දැවී ලකුණු 32ක් පමණක් ලබා සිටියේ. විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක් දවා ගනිද්දී කසුන් රාජිත එක් කඩුල්ලක හිමිකරු වුණා.🔥🥰❤🤗

තරගයේ දෙවන දිනය ආරම්භයේ තණතීරුවේ පැවති පින්න හා තණකොළ ස්වභාවය මනාව ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් බංග්ලාදේශ පළමු ඉනිම වැනසීමට වැඩි වේලාවක් ගත්තේ නැහැ. මේ අනුව බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 188ක් පමණයි. ටයිජුල් ස්ලාම් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් හුදකලා ලකුණු 47ක් රැස් කළා. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගනිද්දී කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 03 බැගින් දවා ගත්තා.🤫🔥❤🤗

මේ අනුව ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හුදකලා සටනක නිරත වෙමින් සිය 36වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 52ක් ඉනිමට එක් කළා. දිනය නිමා වන විට කඩුල්ලේ නොදැවී රැඳි සිටියේ ලකුණු 23ක් ලබා ගත් නායක දනංජය ද සිල්වා සමගින් ලකුණු 02ක් රැස් කළ විශ්ව ප්‍රනාන්දුයි. ශ්‍රී ලංකාව තරගයේ දෙවන දිනය නිමාවන විට කඩුලු 05ක් දැවී ලකුණු 119ක් ලබා සිටියා.🔥🥰❤🤗

තරගයේ තුන් වන දිනයේදීත් දෙවන ඉනිමට පිටියේ එක්වූ නායක දනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවන් බවට යලිත් පත් වුණා. දනංජය සිය 12වන ටෙස්ට් ශතකය සමගින් ලකුණු 108ක් ඉනිමට එක් කළා. යලිත් සාර්ථක වූ කමිදු සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව හා දෙවන ටෙස්ට් ශතකය සමගින් ලකුණු 164ක් ලබා ගත්තේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට ආක්‍රමණශීලී, වේගවත් හා ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කරමිනුයි. කමිදු මෙන්ඩිස් හා දනංජය ද සිල්වා ඉනිම දෙකේදීම ශතක ලබා ගැනීම කැපී පෙනෙනවා. මේ අනුව ශ්‍රී ලංකාව දෙවන ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්තා.🔥🥰❤🤗

ලකුණු 511ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ දෙවන ඉනිමේ ඉදිරිපෙළ වනසා දැමීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වුණේ සියල්ලන් මවිතයට පත් කරමිනුයි. තරගයේ තුන් වන දිනය නිමා වන විට කඩුලු 05ක් දැවී බංග්ලාදේශයට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 47ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තණතීරුවේ සහය මනාව ලබා ගනිමුන් බංග්ලාදේශ පිතිකරුවන්ව අසරණ කිරීමේ නියමුවා වූ විශ්ව ප්‍රනාන්දු කඩුලු 03ක් දවා ගනිද්දී කසුන් රාජිත හා ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා. 🤫🔥🥰🤗❤

හෙට තරගයේ හතරවන දිනයයි.❤🥰🤗

වේග පන්දු යවන්නන්ගේ හැකියාව උරගා බලන තරගයක් බවට පත් වෙමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන...
23/03/2024

වේග පන්දු යවන්නන්ගේ හැකියාව උරගා බලන තරගයක් බවට පත් වෙමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. මෙම තරගයේ පළමු ඉනිමෙන් ලකුණු 92ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශෙල්හිට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් අතැතිව ලකුණු 211ක් ඉදිරියෙන් සිටිනවා. 🥰🔥❤

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමට බංග්ලාදේශ නායක නජ්මුල් ශැන්ටෝ තීරණය කළා. මේ අනුව උදෑසන පින්න හා තණකොළ සහිත තණතීරුවේ උපරිම ප්‍රයෝජන ගත් බංග්ලාදේශ වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉදිරිපෙළ කඩුලු 05ම ලකුණු 57කට දවා ගැනීමට සමත් වුණා. අනතුරුව පිටියේ එක්වූ නායක ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් කණ්ඩායමේ බර දෙවුර මත තබා වගකීමෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබුනා. ඔවුන් දෙදෙනාම ලකුණු 102 බැගින් ලබා සිටියදී දැවී ගියා. දනංජය නායකත්වයේ පළමු හා සිය 11 වන ටෙස්ට් ශතකය රැස් කරද්දී කමිදු සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා. පසුපෙළ පිතිකරුවන්ද අසාර්ථක වීමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 280කට සීමා වුණා. සිය මංගල තරගය ක්‍රීඩා කළ නහිඩ් රානා කඩුලු 03ක් දවා ගනිද්දී කලීඩ් අහමඩ්ද කඩුලු තුනක් සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වුණා.❤🔥🥰🤗

දුවද්දී දැවීයාම් හේතුවෙන්ම මුදලට තරග පාවාදීම් චෝදනා එල්ල වූ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදීත් දුවද්දී දැවී යද්දී ලහිරු කුමාරද දුවද්දීම දැවීයාමකට හසු වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉදිරිපෙළ පිතිකරුවන්ව තරග නරඹන්නන් බවට පත් කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු බල ඇනිය කටයුතු කළේ නව පන්දුවට තණතීරුවෙන් ලැබෙන සහය මනාව ප්‍රයෝජනයට ගනිමිනුයි. මේ අනුවයි තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට බංග්ලාදේශය පළමු ඉනිමට කඩුලු 03ක් දැවී ලකුණු 32ක් පමණක් ලබා සිටියේ. විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක් දවා ගනිද්දී කසුන් රාජිත එක් කඩුල්ලක හිමිකරු වුණා.❤🥰🔥

තරගයේ දෙවන දිනය ආරම්භයේ තණතීරුවේ පැවති පින්න හා තණකොළ ස්වභාවය මනාව ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් බංග්ලාදේශ පළමු ඉනිම වැනසීමට වැඩි වේලාවක් ගත්තේ නැහැ. මේ අනුව බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 188ක් පමණයි. ටයිජුල් ස්ලාම් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ හුදකලා ලකුණු 47ක් රැස් කළා. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගනිද්දී කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 03 බැගින් දවා ගත්තා.❤🥰🔥🤗

මේ අනුව ලකුණු 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හුදකලා සටනක නිරත වෙමින් සිය 36වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 52ක් ඉනිමට එක් කළා. දිනය නිමා වන විට කඩුල්ලේ නොදැවී රැඳි සිටියේ ලකුණු 23ක් ලබා ගත් නායක දනංජය ද සිල්වා සමගින් ලකුණු 02ක් රැස් කළ විශ්ව ප්‍රනාන්දුයි. ශ්‍රී ලංකාව දෙවන දිනය නිමාවන විට කඩුලු 05ක් දැවී ලකුණු 119ක් ලබා සිටියා.❤🥰

හෙට තරගයේ තුන්වන දිනයයි.

Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka Sri Lanka national cricket team

Address


Website

Alerts

Be the first to know and let us send you an email when CSN Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share